2014-05-31

how to replace sewing machine cabinet table

මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග 





ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක් සහිතය. දැව නිමාවෙන්  තීන්ත ගල්ව‍ා පොළිෂ්කොට ඇත.

2014-05-30

මම දන්න ගුණයහපත් බල්ලෝ


මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට බයයි.
කුණුහබ්බ ලියුවොත් මටයි අපේ අම්මටයි අහවල් එක කොරනවා කියලා   කොමෙන්ටු  ගොඩක්  කොටලා තිබ්බා පහුගිය දොහක.
 ඇස් ඇම් ඇස්    එහෙමත් සැල්ටැල් එකට ඇවිත් තිබුනා . එව්වා ඇවිත් තිබුනේ සුවිඩැන් රටෙන් එන විදිහට.මම ඉතින් නුගත් බාසුන්නැහේ කෙනෙක් හන්දා එව්වා එහෙම එවන විදිහ එහෙම දන්නැ .ඒ හන්දා මට ස‍රමේ කක්කත් ගියා.
ඒ හන්දා මම තීරණය කොලා ආයේ එව්වා නොලියන්න.ඒත් හත් දෙයියනේ මම මොනවද ලියන්නේ.කූණුහබ්බ නැතූව ලියන්ඩ දෙයක් හිතන කොට තමයි මට මේ අදහස හිතට ආවේ

2014-05-28

දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ


දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ එක ගෙදරක හිටියා ''කුසුමා'' කියලා   ගැමී කෙල්ලක් , ලස්සන හින්දමද මන්දා වයස විස්සක් වෙන්නත් කලින් දහ දොලොස් දෙනෙක් අතින්ම සල්ලං  වෙන්ඩ තරම් කෙල්ල අවාසනාවන්ත උනාද වාසනාවන්ත උනාද මන්දා, කොහොම උනත් ඒකී හැබැම හැඩ කාරී , දවසක් ජේමිසාගේ කඩපිල ඉස්සරහින් කුසුමා කෙල්ල යන කොට  ගමේ නඩලංකාර කොල්ලොත් එක්ක දාං අදිමින් උන්න පංසලේ ඇබිත්ත කං කොරන පුංචී අප්පු මාමා ලොකු හුස්මක් පිට කොරලා මෙහෙම කියුවා.

// අරකි කොල්ලෑව වගේ නලව නලවා යන හැටි බලාපියවු කොල්ලනේ , අම්මපා මට තොපිට වාගේ හයිය හත්තිය තිබ්බානං රිංගනවා ඕකිව උස්සගෙන බැද්දට //

මේ කතාවෙන්ම හිතාගන්ඩ පුළුවන්නේ ගමේ ඇතිවෙලා තිබ්බ තත්වය ඒ වෙනකොට , ඔය අල්ල පනල්ලෙම කූසුමගේ අප්පොච්චගේ දුරින් නෑදෑ නංගි කෙනෙකුගේ  ලොකූ කොල්ලා වෙච්ච තූංගදාසයාව කෙල්ල සහෙට දෙනවා කියලා ගෙන්නාගන තිබ්බා මහ උන්දලා දෙන්නා.  මහගෑණි තම්බලා දෙන දෙයක් ගිලලා කුඹුරට යන තූංගදාසයාව  හවස් කොරේට මොනවා හරි කොළපත් ගහලා දීලා හේනට දක්කනවා,

අනේ ඉතින් අසරණ තූංගයත් එළුවගේ ඇට දෙක වැටෙනකං පස්සෙන් ගෑටුව නරියා වාගේ , කුසුමගේ චීත්ත රෙද්ද තමන්ගේ දෙපතුල් ලග ගැලවිලා වැටෙනකං හීන දැක දැක කූඹුර පාරෙයි , හේන පාරෙයි ගාටනවා.

ඔන්න ඔය අතරේ  තමයි ගමේ තිබ්බ මුහන්දිරම් වළව්වට කොළඹ රටේ ඉදන් බයිස්කෝප්කාර නඩයක් කඩං වැටුනේ.   ලොකූ හාමුදුරුවෝ, ලොකු ඉස්කෝලේ මහත්තයා , විදානේ මාමා , පොඩි මහත්තයා , වගේ කිහිප දෙනෙක් මේ හුට්ටලංකාරයෝ ගමට පය තිබ්බ එකට විරුද්ධ උනත් මුහන්දිරම් වළව්වේ පොඩි හාමු මහත්තයා  ( ඉස්ටිවන් මහත්තයා ) ට තිබ්බ බලපුළුවන් කාරකං හන්දා කොරගන්ඩ දෙයක්  නැතුව , රකින කිකීළියෝ වාගේ කෙකරගගා නිකං හිටියා.

දැන් ඉතින් ගමේ බඩවැටියක් , රුස්ස ගහක් , ගල් තලාවක්,  ගානේ  පින්තූර ඇල්ලිල්ල ජයටම කෙරිගන යනව. කුසුමා කෙල්ලත් ඉතින් බයිස්කෝප්කාරයෝ යන යන තැනට පස්සෙන්යනවා, ඒකි කොහොමත් ඔයවාගේ සුකුරුත්තං වැඩවලට මනාප ගෑණි නෙවෑ.
ඒ බයිස්කෝප් එකේ හිටපු නෝනා පුටුවක ඉන්දවලා , ගෑණුකෙනෙක් වාගේ පද්ද පද්දා යන මහත් තැන් කෙනෙක් අර නෝනගේ මූණේ සායම් උලනකොට කූසුමට මෙහෙම හිතුනා

" ජාති ගවුමක් අන්දවලා සායම් ටිකක් මූනේ උලලා ගත්තානං මං ඒ ගෑණිට වඩා ලස්සනයි "

2014-05-19

සදේ නුඹ කොතැනා ( මනා කියන මගේ කවිය 1 )

සිතේ රැදුනා හදේ ඇඳුනා ඔබේ රුව මා
දුරක ඇදුනා තනිය දැනුනා අදුරු ලොව මා
අදුර බිදිනා රැයේ නැගෙනා සදේ නුඹ කොතැනා
සදේ නුඹ කොතැනා

ශිල්ප කරනා කලකපෙරදා සමග ඔබ මා
සෙනෙහෙ දැනුනා තනිය මැකුනා ලගින් ඔබ රැදුනා
ලොවක් දිනුවා ලෙසට දැනුනා සෝතැවුල් නිවුනා
සෝතැවුල් නිවුනා

ශිල්ප පුදනා ඔහුට බැඳුනා මුලාකර මා
හදේ නැගෙනා ලසෝ ගිනීදැල් දවන සියොලග මා
ඔබට උනුසුමවේ සිසිල් කතරේ යනෙන ඔහු සමගින්
යනෙන ඔහු සමගින්

මනා හදාපු සින්දුව අහල බලන්න මෙතනින්

2014-05-11

සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින් මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට

 , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front'





ඇයි අවුල්ද .

හිනාවෙන්ඩ එපා ,

දැන් බලන්ඩකෝ රටේ මොන ප්‍රශ්නයක් උනත් එව්වට උත්තර තියනවනේ බ්ලොග් කාරයෝ ලග , නැ නිකමට හිතන්ඩකෝ අපිට එදිනෙදා අහන්ඩ දකින්ඩ ලැබෙන මොන ප්‍රශ්නයට ගැටලුවට උනත් උත්තරය තියනවනේ සිංහල බ්ලොග් වල , ආයේ ඉතින් රට කරවන , නීතිය කොරවන එකාලටවත් තියනවද රටේ ප්‍රශ්නවලට එහෙම නිර්මාණශීලි උත්තර , අපේ උන්ට රට බාර දුන්නානං ආයේ ඉතින් පණ ගහල සුරපුරයක් කොරල ගත්තහැකි එක අවුරුද්දට , නිකම්ම නෙමෙයි රට සංවර්ධනය කරල මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් කරල නවීන ලෝකයට ගැලපෙන විදිහට.

අනික තමයි සිංහල බ්ලොග් කාරයෝ අතරේ නැනේ ඔය ටෙන්ඩර් මගඩි කරන කොමිස් ගහන අඩුම තරමේ පාරේ වැටිලා තියන රුපියල් පහක්වත් සාක්කුවට දාගන්න එකෙක්වත් , ඒ විතරක් යැ පොඩි කාලේ බිජු කොටෝපු , කෙල්ලන්ව දං කඩන්ඩ එක්ක ගිය එකෙක්වත් නැ , සත්තු මරණ උන් නැ , කුණුහාරප කියන උන් නැ , ගහමරාගන්න උන් නැ , කොටින්ම ඩබල් ඉරි කපල ඉස්සර කරන , කන්තෝරුවෙන් ඒෆෝ කොලයක් ගෙදර ගෙනියන එකෙක්වත් නැ , රට ජාතියට පට්ට ආදරෙයි , පාරේ ඉන්න හිගන පැටියටත් උම්මා එකක් දීලා යන පොරවල් ඉන්නේ .

ඔය කාරනාව ජනතාව හොදට තේරුම් අරන් ඉන්න හන්දා තමයි මේ තරම් සිංහල බ්ලොග් කියවන්නේ , මගේ අම්මෝ කෑමක් හැදුව එකක් , වෙහෙරක් වදින්ඩ ගිය එකක් , බස් එකක් ජැක් ගැහුව එකක් , රෙද්ද අහක් වෙච්ච එකක් උනත් දැම්මහම තියන පේක්ෂක ප්‍රතිචාරේ , වෙන කවුරුවත් නෙමෙයි රටේ ජනතාව තමා ඔය එන්නේ බොගදාපුවා බලන්ඩ ,

ඒකනේ ඔච්චර ඇනෝල ඉන්නේ . ගුගල් ෆෝපයිල් එකක් , බ්ලොගර් ෆෝපයිල් එකක්වත් නැ , සර්වසුභවාදි , ජාතිකවාදි ( ජාතිවාදි නෙමෙයි ) පරමාදර්ශි ජනතාව තමයි ඔය කමෙන්ට් කරන්නේ ,

( මොකක්ද ..... ඔය එන්නේ බ්ලොග් කාරයෝමයි )

2014-05-05

කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට


බින්දු බින්දු වැහිපිණිකැට පොලව සිබින හැන්දැවක
ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක
වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක
අද තනියම මං යනවා නුඹ නැතිමුත් පෙරවාගෙම

වෙල්යායෙන් එගොඩවෙලා වැව් ලන්දේ දුර ඇතක
මිහිරසෙවු ඔබේ දෙතොලේ හැමවේලෙම කියුවා මට
නැවෙන්නේ කාගේවත් මා ඔබෙමයි හැමදාටම
සිහින ලොවක රස වින්දා සැබැ ලොවක් නැති ගානට

වැලි පාරේ ඇත කොනෙන් දුහුවිලි රැලි නංවාගන
පසුකරමින් නුඹ යන්නේ අතිතයක් නැති ගානට
කවුලු දොරන් එබීබලා නොදුටුව සේ දුහනාවිට
කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>