දෙවැනි කොටස මෙතැනින්
සල් ලිඳට බැහැලා නාපු කෂ්ටියට පෝරියල් සෙට් කරල එහෙම ඔන්න ඉතින් සතියක් දෙකක් ගියා , ඔය අතරේ ඉතින් අර අයියලා කට්ටිය පාරෙදි එහෙම හමුබුනහම මං අහක බලාගන යනවා ,
‘‘ අඩෝ දෙන්නං තොට ..ඉදපන්කෝ ‘‘
‘‘ පොල් කෝම්බයා ‘‘
‘‘ මීනි ඔලුවා ‘‘
‘‘ රොයිටර් ‘‘
ඔහොම එක එක නං කියනවා , මං ඉතින් නෑහුනා වාගේ යනවා , ඔය පලවෙනි නං දෙකනං කියන්නේ මං ඒ කාලේ හෙන කෙට්ටුයි , ඔලුව විතරයි ලොකුවට පේන්නේ , මංගලයත් හෙන කෙට්ටුයි , මංගලයා මටත් වඩා උසයි. ඇවිදිනකොට දනිස් දෙක එකට වදින හන්දා ඌ පුට්ටුවා.
අනිත් නම නං මට පටබැන්දේ පැටි කියල උක්කන්නෙක් , ඔය මොනවහරි දෙයක් ගැන කතා කරන්ඩ ගියහම කරුමෙට මං ඒ ගැන මොකක හරි කියවලා හරි , කාගේ හරි කටක් දිහා බලාගන ඉදල හරි දන්නවා , සමහරක් දේවල් එහෙම දැනගනත් නැ .....කරුමේ කියන්නේ මං ඒක දන්නවා , ඉතින් මං කියනවා
ඕක වෙලා තියෙන්නේ මෙහෙමනේ , නැ නැ ඒක වෙන්නේ මෙහෙමයි , ඕක වෙන්නේ අහවල් එකට අහවල් එක කලවං උනහම අරහෙම වෙලා
ඉතින් අර උක්කන්නා ඕක අල්ලාගන මට මුනං මාර රොටර් කෙනෙක් කියල , හැම තැනම ඕක කියල මට රෙජිස්ටර් කරල දැම්මා , අදටත් මට හිතෙන්නේ ඌ මහම මහ මෝඩයෙක් ......මගේ ඒ නුහුගුනේට දාන්ඩ තිබුනේ වෙන මොකක්හරි නමක් ..රොයිටර් කියන පුවත් සේවයක නම නොදා .
ඔන්න ඉතින් ඔහොම ගිහින් එකදවසක් පිට්ටනියේ මොකක්හරි මගුලක් තිබුනා , මට මොකක්ද කියල හරියට මතක නැ ( ඒ දවසේ ඊටවඩා කටුක මතක ගොඩක් සේව් වෙච්ච හන්දද කොහෙද ) , මමත් ඉතින් මගේ ෆොනැක්ස් ස්පෝට් රාජයාගේ නැගිලා එතනට ගියා , අරලිය ගහකට තියල කේබල් ලොක් එක එහෙම දාල පිට්ටනියට ගියා , ආ හරි මතක් උනා .....ඒත් එකට කියන නම මතක නැ ...ඔය ග්‍රම සේවා වසම් මට්ටමෙන් පවත්වන මළල ක්‍රීඩා තරගයක් ...තමා තිබුනේ ...මම ඉතින් අයිනක් අල්ලාගන අක්කලා රනින්ග් සෝට් දාගන දුහනවා බලාගන ඉදලා , ..ඊටත් හොදයි කියල දුර පනින වල ලගට ගියා ...
ඔව් ඔව් යකෝ අක්කලා තමයි ඒ වෙලාවේ දුර පැන්නේ , අනේ ඉතින් ටික වෙලාවක් බලාගන ඉන්නකොට ඔන්න ඒකත් ඉවර වෙලා කට්ටිය එතනින් අහකට යනකොටම අර මදාවියෝ ටික මගේ ලගට ආවා කොහෙන් ආවාද මන්දා ......ලිදට බැහැපු සැට් එකයි .. තව උන් හිටිය ... ඒ මදිවට මංගලයත් ඉන්නවා
‘‘ ආ දැං උඹ මුට බය නැ කියුව නේද .. එහෙනං කනෙන් අල්ලහං ‘‘
මට මොකවත්ම හිතාගන්ඩ බැරි හිස් වෙච්ච හිතක් විතරයි ඉන්නේ .......ලගින් හිටිය මංගලයත් නැ .........
‘‘ ඒයි පුට්ටුවා අල්ලපං නහයෙන් ‘‘
මංගලයත් මා දිහා බලාගන ඉන්නවා මිසක් ඉස්සරහට එන්නෙත් නැ ...අර කාලකන්නි ටික වටේ..........
‘‘ අඩෝ පුලුවන්නං මුට ගහපං ‘‘
දැං මට ටික ටික සිහිය එනවා ........මට ගැහුවොත් වට පෝරිල් හම්බෙන හන්දා මුන් හදන්නේ මංගලයට කියල මට ගස්සන්ඩ .....මට හිත යටින් හිනා ...මොකෝ මංගලයට ගහන එක මට ගේමක් නැ .....හැන්ඩ් පයිට් පරාදයි , අපි ඒකාලේ දන්න රෙස්ලින්ග් , ගුටි නොගහ අනිකට බැරි වෙනකං පොර බැදිල්ලෙත් උෟ මට පරාදයි , අනික ඌ හොකි අනං මනං කිරිඩා කොළඹ ඉස්කෝලේ කලාට .....මං ...වදෝකායි ......කරාටි කාරයා ...මාස එකොලහක් ඒ වෙනකොට .....කොහොමද ..මොරාල් එක ...හැක් හෙක් ....
‘‘ වලල්ල හදපං වලල් හදපං .....එලියට යන්ඩ බැ .... එකෙක් අත අරිනකං ‘‘
%රි සාරදයා කියනවා ( එදා ලිදට නොබැස්සට ලොකු දෙවනි සෙට් එකේ දස %රියා ) මෙහෙමයි එතකොට කොලු සෙට් තුනක් හිටියා හරියටම
ඒකක් ලොකු සෙට් එක..... රස්සා එහෙම කරන හිරගෙදරට අලුතෙන් වැඩට එන කොල්ලන්ගේ වයසේ ලගට ඉන්න නිළදාරින්ගේ ළමයි , ඒ සෙට් එකේ වල බහින උන් වැඩි හරියක් පැන්සොන් ඇරගන ක්වාර්ටස් වලින් එලියටත් ගිය අංකල්ලැ ...ලොකු පුතා අයියලා
ලොකු දෙවනි සැට් ඒක ....ඔලෙවල් කරල ඇනගෙන ඒලෙවල් නොකර ගෙදර ඉන්න සැට් එක සහ එක එක කෝස් කරන සහ ඒලෙවල් කරන සැට් එක ( උන් තමයි මට මේ අරින්ට තනන්නේ )
තුන්වැන්නෝ අපි ( පවුකාර සැට් එක )
අපේ මල්ලිලැ වයසේ ගැන්සියකුත් හිටියා , ලොකු ගැන්සි හිටියට උන්ගේ සැට් එක තමා වැඩි , හැබැයි වැලියුව් එකක් නැ , හැබැයි චාන්ස් කාරයෝ ....ඔය කොලු දෙවනි පරම්පරාවේ වයසේ කෙල්ලන්ගේ සමහරක් වෙලාවට සෙක්ස් ටෝයි , එහෙම නැත්තං පියුං මහත්තුරු
දැං ඉතින් උක්කන්නලා වලල්ල හදනවා ‘‘එකදාවැහි ‘‘ ෆිල්ම් එක වගේ ......ඔට්ටුත් අල්ලයි %$තිගේ පුතාල ගාව සල්ලි තිබ්බානං
ඒ අවුඅස්සේ මට හිතෙනවා ... මු මගේ යාලුවා ...ටික කාලයක් මට කෙනෙහෙලි කං කරාට ....අනික මං පිච්චිලා ඉන්නකොට මට වෙදකං කලේ උන්ගේ තාත්ත .... මං ඒ ගුනේ තියන්ඩ ඕන ....උඹ මට ගැහුවත් මං උඹට ගහන්නේ නැ
අරුන් වටේ ඉදන් කැ ගහනවා ...එක පාරටම මංගලයා ...උගේ දිග අත් දෙක පොලවට දික් කරල දරදඩු කරගන උඩ පනින්ඩ පටන් ගත්තා ........මං ඉතින් .....හැලපයාවාගේ ...ඉන්නවා......මොකක් කරන්ඩද කියල ................. ඔන්න මංගලයා එකපාරටම ... අත් දෙක මිට මොලවලා නහය ලගට ඇරගන උඩට පල්ලෙහාට මිට මොලවගන වනනවා .......
‘‘ මංගල ‘‘
‘‘ වරෙන් ‘‘
මු අත් දෙකේ මිට මොලවපු දඹර ඇගිලි දෙකෙන් නහයට ගහගන මට ඔලුව වනන ගමං කියනවා .....ඒ අතරේ එක්තරා තාලයකට ඇගිලි තුඩු බිම ගගහා උඩ පනිනවා
අර උක්කන්නල හිනා වෙනව ...ගහපිය ගහපිය කියල කෑ ගහනවා ....මම වට පිට බලනවා ....මේක නවත්තන්ඩ හරි ...මට උදව් කරන්ඩ හරි කෙනෙක් ඉන්නවද කියල දුර පනින වල තියෙන්නේ කොරිය කොනේ දැන් අර හිටපු ජන සන්නි පාතෙම පැවිලියන් එක පැත්තට ගිහින් ...දුහන තරගත් නැ ........මං ආයෙත් මංගල දිහා බලනවා .....දැං මට පේන්නේ මංගලයව විතරයි .... මං ඌගේ ඇස් දිහා කෙලින් බලාගන ඉන්නවා .....සටන් කරනකොට සතුරගේ ඇස්දිහා බලාගන ඉන්න ඕන කෙලින්ම වෙන මොකවත් නොබලා.
ඔන්න එතකොටම කවුද එකෙක් මාව මංගලගේ ඇගට තල්ලු කරනවා.....ඒත් එක්කම මංගලයා අත් දෙකෙන්ම හතරක් පහක් ඇරල දානවා ...ගෑවි නොගැවි යන්ඩයි ලාවට වදින්ඩයි කවර් කරගන්න මං
‘‘ මංගල නිකං හිටපං මට උඹත් එක්ක ගහගන්ඩ බැ ‘‘
කියනවත් එක්ක ඌ යටින් අත දාල ඇරල දානවා එකක් මගේ නිකටට ..දත් ටික ටකස් ගාල එකට වදින ගමං කම්මුල් දෙපැත්තෙන් වදින කරන්ට් එක කන්දෙකෙන් පිට වෙලා යනවා...දැං ඉතින් කරාටි මතක නැ ...මං ඇරල දානවා හොද පොල් ගුටි හතරක් පහක් .......ඒ එකක් තදටම වදිනවා මංගලයගේ ඇහැට ඌ වම් අතින් ඇහැ අල්ල ගන්නවා....ඔන්න මට ආයෙත් කරාටි මතක් වෙනවා....උගේ වං අතින් අල්ලගන්න මං අත අඹරවලා පස්සට කරකවල ....මුනින් අතට බිම පෙරලගන දකුනු අතිනුත් අල්ලගන ...දකුනු දනිස්ස පිට උඩට තියලා මගේ ඇගේ තියන මුලු හයියම අත් දෙකටයි දනිස්සටයි දෙනවා.
මංගලයා බෙරිහං දීල කෑ ගහනවා
‘‘ මං කියුව නේද තොට තොඑක්ක ගහගන්නේ නැ කියල ‘‘
දැං වටේ ඉන්න උන්ගේ සද්දේ ටිකක් අඩුවෙලා
මංගලය .....ආව් ආ ...අත අත කියල කැ ගහනවා ....ඇස් වලින් කඳුළුත් එනවා ...ඌව අත අරින මම කාදිහාවවත් නොබල අඩියක් දෙකක් ඇවිදගන යනවා ....දැං අර උක්කන්නලා මට නෙලයිද ....පස්ස හැරිල බලන්ඩත් බැ .....එක පාරටම දුහන්ඩ ගන්න මම සාක්කුවට අතදාල බයිසිකලේ යතුර අතට ගන්නවා , සෙනිකයෙන් ලොක් එක පන්නලා වෙනදා වගේ වට දෙකක් කරකවන්නෙම නැතුව නිකං ෂීට් එක වටේ දාන ගමං දුර පනින වල පැත්ත බලනවා ...අරුන් මංගලත් එක්ක පඩිපෙල පැත්තට ඇවිදගන යනවා.
මං දැම්මම ගියොත් මුං පඩිපෙල නැගල කන්ද උඩදි ආයෙත් මූනටම හම්බෙනවා .....මෙතන හිටියෝත් ආයේ අරුන් එන්ඩත් පුලුවං ....කල්පනා කරකර ...කම්මුල් දෙකයි නිකටයි අතගාන මං හති ඇර ඇර කල්පනා කරනවා...කෝකටත් නැලිගම පැත්තේ වටයක් ගහලම ගෙදර යනවා
තව පැය බාගයක් විතර ඉබාගාතේ බයිසිකලේ පැද්ද මං බැරියර් එක පන්නලා ගෙදර එන්ඩ හැරෙනවා , පොලිස් ක්වාර්ටස් හරියේ පොඩි කන්ද හිටගන පදින මට පේනවා මංගලයා ඉන්නවා මහ තාප්පෙට හේත්තු වෙලා .....ඔකගේ දිහා බලන්නෙවත් නැතුව යනවා .....ආයේ එන්නේ නැ ඕකා මා එක්ක පැටලෙන්ඩ ...දුන්නනේ රිදෙන්ඩ කියල ...හිතන මං ...කෙලින් බලාගන බයිසිකලේ පදිනවා.....ඌව පාස් වෙනවත් එක්කම ...ඩකස් ගාල බයිසිකලේ හිරවෙලා මාව උඩින් විසික්වෙලා වැටෙනවා ......තොක් ගාල තලකොල ගොල්ලට මුලු සරුවාගෙම වැදුන හින්දා ....තුවාලයක් සීරිමක් එහෙමට නැතුවට ...මුළු ඇගම රිදුම් දෙන අස්සේ නැගිටින මං බයිසිකලේ දිහයි මංගල දිහායි බලනවා.
ඉස්සරහ රෝදය අස්සේ වැටමාර පොල්ලක් , ඉස්පොක් තුනක් කැඩිලා ....තව පොල්ලක් මංගලයගේ අතේ ....මට දැං ඕනනං මුව මරන්ඩත් පුලුවං ....ඊඊඉඉඊඊඊඊඊඊඊඊ......ඒත් ඕන නැ ...ගෙදර උන්ට කියුවට වැඩකුත් නැ හරි වැරද්ද කොහොම උනත් මහ ජෝඩුව කන්නේ මාවනේ , දැං පෙන්නන්ඩ දෙයකුත් තියන එකේ ......මුන්ගේ ගෙදරට කියල ..ඉල්ලලා දෙන්නං.....පොල්ල ගලවලා පැත්තකින් තියන මං කැඩුන ඉස්පොක් තුන ගලවලා ඉනේ ගහගන ....පොල්ලත් අරං බයිසිකලේ උන්ගේ ගෙවල් පැත්තට පදිනවා , ඇදවෙච්ච රෝදය .....බරස් .....බරස් ....ගාල බ්රේක් පලුවේ වදින වාරයක් වාරයක් ගානේ මට දත්මිටි කැවෙනවා.
ඇරල තියන ගේට්ටුවෙන් ඉස්තෝප්පුව ගාවට පදින මං
‘‘ අංකල් ....ඇන්ටි .....අංකල් ...අංකල් ‘‘
‘‘ ඇයි ...මංගල නැ ‘‘
‘‘ ඇන්ටි මංගල පිට්ටනියෙදි ලොකු අයියල එක්ක එකතුවෙලා මට ගැහුවා ....ඒකරල ...මං එනකොට මගත් රැකල ඉදලා බයිසිකලේ අස්සට මේ පොල්ල දාල ..මාව වැට්ටුවා....මේ ඉස්පොක් තුනත් කැඩුනා .....මං ..ඇන්ටි දිහාට පොල්ලයි ඉස්පොක් තුනයි දික්කරා ‘‘
‘‘ ඉතින් තමුසේ කියන්නේ ඔය පොල්ලෙන් මංගලට ගහන්ඩ කියලද ‘‘
ගුරු හොරියක් වෙච්ච ඒ වේසි මගෙන් ඇහුවා .......මේ උක්ත හරියන්නේ නැ , ඉස්පොක් තුන පොලවේ ගහන මම පොල්ලත් අරගන ආපහු හැරිලා මගට එනකොට අරූ ඇවිදගන එනවා , කිසිත් නොවුන ගානට ලගට බයිසිකලේ පැදගන එන මං බයිසිකලේ පාරේ අතඇරල දාල මොංගලයා දිහාට පනිනවා ...ඒත් එක්කම මොංගලයා දුහන්ඩ ගන්නවා .
ටිකක් ඉස්සරහට එලවගන යනකොට අතදිග ඇරලා පිට මැද්දට පතබාවන්ඩ පුලුවන් වෙනවා , ඒත් එක්කම උගේ වේගය අඩු වෙනවා මම තව පාරවල් දෙකක් තුනක් ගහනකොට ඌ නවතිනවා .....කොච්චර ගැහුවද දන්නේ නැ , ලාඩප්පා පොල්ල ඉස්සරහ පැලිලා පාරවල් දෙක තුනක් වදිනවා එක පාරට ....බිම පෙරලි පෙරලි ඌ මගෙන් බේරෙන්ඩ හදනවා . සමහරක් පාරවල් බිමටත් වදිනවා ...ටික වෙලාවකින් පොල්ලෙන් ගහන්ඩ බැරි තරමට කෙටි වෙනවා ....ඒක පැත්තකට දාන මං ..හති ඇර අැර බසිකලේ කෙලින් කරගන ගෙදර එනවා.
ඇදට පෙරලෙන මගේ ඇගේ වේදනාවට වැඩිය හිතේ වේදනාව වැඩියි , ඊටත් වැඩිය බයයි , අරූ මැරෙයිද , ඉස්පිරිතාලේ ගෙනියයිද , .......ඒ කොහොම උනත් ....අපේ මහ ජෝඩුව මාව මරල ...එල්ලයි .....ඕන එකක් දැං වෙන වෙන්ඩ දෙයක් නැ ....මං හිතහාගන්නවා ....මීක් නොකියා මරණයට මුහුන දෙන්ඩ....ඇගෙන් දාඩිය ගලනවා ......නැගිටලා ගිහින් වතුරටිකක් බොනවා ...ආයෙත් ඇවිත් ඇදට වැටෙනවා .....කොච්චර වෙලා ගියාද ....වෙලාව කීයද මතක නැ ....
නින්දකුත් ....නිදි නැත්තේත් නැ අවස්තාවක මං ඉන්නකොට තාත්ත ඇවිත් බෙල්ලෙං අල්ලලා උස්සල බිමට ගත්තා .....පාරවල් දෙක තුනකුත් වැදුනා ......මට කියපු ..දේවල් නං මතක නැ ....මාවත් ඇදගන එලියට එන ගමං මේසය උඩ තිබුන පිහියත් ගත්තා .......අම්මත් මොන මොනවදෝ කිය කියා මට බැන බැන පස්සෙං ආවා ....ගේ ගාවම වැටෙන් තඩි පාවට්ටා ගහක් කපාගත්තා ඒකෙන් පාරවල් හත අටක් වැදුනා .....අත පය පුපරලා ලේ ගලනවා , ගහනකොට අත දාපු පාර ඇගිල්ලක් කැඩුනද මන්දා ....බැරැක්කේ හරියට යනකොට ඒ පොල්ලේ එල්ලිලා අල්ලගන දෙකට කඩලා විසික් කරා ......ඒත් මං ඒක කරේ වැරදි තැනක ....වැටේ වදමල් ගස් සරුවට වැවිලා තිබුනා ........මොන මොනවදෝ කිය කියා අරකට නොදෙවෙනි පොල්ලක් කපාගත්තා........මට දැං රිදෙන්නෙත් නැ එහෙමට ......අනේ තාත්තේ ගහන්ඩ එපා කියල නං කියුවේ නැ .....ගහන ගහන පාරට කෑගගහ අරුන්ගේ ගෙවල් පැත්තට යනවා. ගේ ඉස්සරහට යනකොට ඒ පොල්ල කැඩිලම ඉවර උනා .
මාව වත්තට තල්ලු කරගන යනකොට ම අර හුත්තිත් එලියට ආවා , අම්මා හිටියද නැද්ද මතකත් නැ , මොන මොනවදෝ කියුවා ...දෙන්නා දෙපැත්තට ....අපේ තාත්තට අරකිගේ කටත් එක්ක හැප්පෙන්ඩ බැරුව පච වෙනවා කියල නං මට දැනුනා .....කොහෙද වෙච්ච දේ සහසුද්දෙං මගෙන් දැනගත්තෙත් නැනේ....අන්තිමට කතාව ඉවර උනේ .....මගේ කොන්ඩයෙන් අල්ලලා බෙල්ලට පිහිය තියල
‘‘ මං මුගේ බෙල්ල මෙතනම කපන්ඩද ‘‘
කියල අහලයි , මං ඇස්දෙක පියාගත්තා .....ටිකක් වෙලා ගියා ....බෙල්ල කැපිල ගියේ නැ .....ඒත් තව ටිකකින් මට හිතුනේ එහෙම උනානං හොදයි කියල. උන්ගේ වැටේ සරුවට පැලවෙලා තිබුන සයිස් අඹ පැලයක් කපා ගත්ත තාත්ත මම අරුට ගැහුවා වගේ බිමදාගන ගැහුවා ...මම නැගිටලා ගේ පැත්තට දුහනවා ....ඒත් කලින් පාරවල් වල සැරට කකුල් ඇදුං දෙනවා .හයියෙන් දුහන්ඩ බැ , .ඔලුවත් ටිකක් පැලිලා ...ඇගපුරාම තුවාල .....මම අඩනවා ..කෑ ගහනවා ....ඒත් ගහන්ඩ එපා කියුවේ නැ .....බේරගන්ඩ කියුවෙත් නැ ...කවුරුවත් බේරන්ඩ ආවෙත් නැ , ..අතරින් පතර පාර දිගේ පස්සෙං ඇවිදගන එන තාත්ත තව තට්ටුවක් දෙකක් දැම්මා , ගෙදරට ආවට පස්සේ නං එක පාරක්වත් ගැහුවේ නැ.