Popular Posts
2012-08-31
2012-08-21
ලල්ලයි පූසී පැටියයි
ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක් තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ දෙපාර්තමේන්තූවෙනේ,දැන් ඉතින් අහපල්ලා මොකක්ද ඒකියලා.
(ඉස්සර රජයේ වැඩ දෙපාර්තමේන්තූවෙන් තමයි රටපුරාම තියන රජයේ ඉදිකිරිම් වැඩ කොරලා තියෙන්නේ.ඒ දෙපාර්තමේන්තූවේ ප්‍රධාන කර්මාන්තශාලාව තමයි දැන් ඔය රජයේ කර්මාන්ත ශාලාව කියලා කොලොන්නාව තෙල් බෙදාහැරිමේ මධ්‍යස්ථානය ඉස්සරහා තියෙන්නේ)
අපේ ආතා ඔය වැඩබිමකින් අරගනආපු පාවිච්චි කරපු ලොකු රේසර්රෝද (රෝලර් බෙයාරින්ග්) හතරක් , 2*2 පොලු කෑලී දෙකකට ගහලා, ඒ රෝදවලට පොඩි ලෑලී තට්ටුවකූත් ගහලා, රෝද තියන එක පොලු කෑල්ලකට දිග සිහින් පොල්ලක් ගහලා , රෝද හරවන්ඩත් පුළුවන් විදිහට කරත්තයක් හදලා දීලා තිබුනලූ.
ළමයින්ට සෙල්ලම් බඩු කියලා ජාතියක් නැති අනිත් ළමයි පොල්කොට කරත්ත පදින කාලේ ඒ වාගේ භාංඩයක් තියනවා කියන්නේ පට්ටම සීන් එකක් තමයි.
අපේ ලල්ලා ඉතින් ඔය අටමගලත් එක්ක තමයිලු මුළු දවස තිස්සෙම කාලය ගත කොරන්නේ.කට්ටිය ටොකු අනින හන්දා නොකර හිටියට බුදියන පැදුරට හරි අරගන යන තරමට ලල්ලට මේ කරත්තය නැතූව බැරි බඩ්ඩක් බවට පත් උනාලු.
ඔහොම ඉන්න අතරේ දවසක් පූස් පැටියෙකුත් කොහෙන්දෝ මන්දා කරත්තයට පටවාගන ලල්ලා ගෙදර ආවාලු. බත් මුට්ටියක් පැත්තක තියන කොට තව බත් මුට්ටියක් ලිපේ ඉදෙන ඒ කාලේ අපේ ගම්වල කොයි කූස්සියත් එකයි. බඩගීනි වෙනකොට අනුන්ගේ කූස්සියක් ඇතූලට රීංගලා
!! නැන්දේ බඩගීනියි, මොනවද තැම්බුවේ !!
කියලා බත් ඩීංගක් බෙදාගන කන ඒ කාලේ පූස් බඩක් ගැන කවර කතාද, කට්ටියත් ඕන මගූලක් කොරගනීන් කියලා කරබාගන හිටියාලු.
ඒක දවසක් අපේ අම්මා එක්ක හුරතල් වෙවී හිටපු ලල්ලා (අක්කා මල්ලී උනාට දෙන්නගේ වයස් පරතරය අවුරැදු 20ක්) දෙන්නගේ ලගට ආපු පූස් පැටියා අල්ලගෙන කරත්තයට පටවගෙන ලොවී ගහමුලින් පල්ලම බැස්සලු.
පැයකට දෙකකට පස්සේ ලල්ලගේ බත් එකත් බෙදාගන අපේ අම්මා ගිල්ලවන්ඩ හොයනවාලු. ගිරියපුප්පගෙන කෑ ගැහුවත් (කොහොමත් එහෙමනේ) මේකා නැති හන්දා මැටි කෝප්පය පැත්තකින් තිබ්බ අම්මා මැංගූස් ගස් , දිය උල්පත්, රබර්වතු, අහල පහල ගෙවල්, බට අකුල්, දංපදුරැ, ගස්ගල්,පෙරල පෙරලා හොයලත් ලල්ලව හම්බුන් නැති හන්දා වරකෝ තෝ ගෙදර කියලා , ආවාලු ගෙදර.
මෙන්න මූ ගෙදර මිදුලට වෙලා නාරං ගහට පොලු ගහනවා
!! මම ගම වටේම උඹව හොයනවා, කොහේද යකෝ උඹ ගියේ, ඉදපිය දාන්ඩ දුමට !!
*** දුමට දැමීම අපේ අම්මගේ ආසම දඩුවම් ක්‍රමයලු , හොද වේළාවට අපේ තාත්තා අම්මා එක්ක පවුල් කාපු එක ගෙදරකවත් (අපි ගෙවල් ගොඩක ඉදලා තියනවා) දුමක් තිබ්බේ නැ ***
!! අද නං මාව දුමට දැම්මොත් මම කොරවන්නං අම්මට කියලා උඹට මම ගියේ ඔයට !!
!! ඔයට යන්ඩ එපා කියලා උඹට කියලා තියනවා නේද , එපා කියද්දී ගියේ අහවල් මගූලකටද යකෝ !!
!! ''ඉසේ '' හොදටම නාවර පෙරාගන හන්දා හෝදන්ඩ ගියේ !!
!! මොකක් බූරුවෝ....කෝ දැන් පූසී පැටියා !!
!! ඔයේ ඔබලා පොගවලා ගලේ ගහලා වැල්ලේ වැනුවා , දැන්නං වේලිලත් ඇති . කවහං මට බත් ටිකක් ඉක්මනට ගිහිල්ලා අරගන එන්ඩ. !!
2012-08-08
ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්
දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර තෙමීලා.සුපුරුදු ලෙසම ලොක්කා තාම ඇවිත් නෑ.මගේ සහෝදර සේවකයාත් මම වගේම තෙමිලා.
!! ෂික් බලහන්කො අපිට එන්ඩ කියලා ලොක්කා තාම නැ,තෙමුනා මදිවට මේ අගූපිලට වෙලා හිරිකඩ කන්ඩත් එපැය දැන් !!
!! බැරි වෙලා හරි අපි පරක්කූ උනොත් තමා ගිරිය පුප්පගෙන කෑ ගහන්නේ !!
!! දැන් ඇවිල්ලා බයිලා ගොඩක් ගහයි !!
ඔහොම ලොක්කගේ පතුරු ඇර ඇර අපි දෙන්නා ඉන්න කොට එතනට ආවා බජාර් එකේ කකූලක්
!! ආ මල්ලිලා මොක්කද හීතලද , කාලා බීලා පුල් පිට් එකේ බෝල ගෙඩි දෙක වගේ ඉන්න එකේ නරකද ලේ ඩිංගක් දීලා පින් ඩිංගක් ගත්තනං යන තැනක් ඒකාලෝක වෙන්ඩ කියලා , නිකන්ද පෙරිය සයිස් පට්ට කූඩයකූත් දෙනවා බඩු මල්ලක් එක්කම , බෙරලියන්තූ මිසීලා පන්තියක් කට්ට ගහන්නෙ !!
(අනේ මුගේ අම්මට අපිනේ දන්නේ අපි කන හැටි)
!! කොහෙද අයියේ කූඩයක් දෙන්නේ !!
!! අයියෝ මල්ලි ඩේලි බජාර් බහිනවටත් ණයයිනේ , දන්නැද්ද වේළද සංගමේ දන්ෂැල , ලේ මල්ලට බඩු මල්ලක් ,මේ තියෙන්නේ ආතල් කූඩ පොඩ්ඩ !!
!! කො අයියේ බඩු මල්ල !!
!! පිටි පැකට් ,හාල් ,සීනි, පරිප්පු දහයේ බෑක් එකක් කපලා !!
!! කෝ ඉතින් මල්ල !!
!! චැ චැ මල්ලි බණ කියුවහම සුත්තරේත් අහනවනේ, පොඩි ගානකට තට්ටු කරලා සෙන්ටි මෙන්ටල් වෙන්ඩයි යන්නේ !!
!! මේ උදේ පාන්දර !!
උත්තරයක් නොදීම කහපාට රතූපාට කූඩයත් ඉහලගෙන අයියා මාරු
!! අටමෝ අපිත් යමං, කූඩේම වටිනවා බර ගානක් !!
!! පිස්සුද බං ලොක්කා ඇවිත් ලබ්බ පොලවේ ගහගන කෑගහයි , ආවට පස්සේ කියලා යමං !!
ආවට පස්සේ යන තෑන මේ තියෙන්නේ කියලා යාළුවා ඇගිලි දෙකක් එකතු කරලා ඔක්කොටම මුල් වෙච්ච එක ලස්සනට මවලා පෙන්නූවා
ලොක්කා ආවට පස්සේ හිමිහිට ලොක්කට කිට්ටු කරපු යාළුවා
!! බොස්... හුගදවසකින් මට ලේ දෙන්ඩ බැරි උනා ගිහිල්ලා එන්නං !!
!! දැන් ලේ බැංකූ යන්ඩ පිස්සුද !!
!! නෑ බොස් වෙළද සංගමයෙන් කරන්නේ , රණවිරුවන්ට සෙත් පතලා රණවිරැවන්ටම ලේ දන්දීමක්, එහා ලේන් එකේ තියෙන්නේ !!
මුළු රටම දන්න පින්කම අපි නොදන්නේ මොකද දන්නවද අපේ ලොක්කා ගාණකට තට්ටු වෙන හන්දා ඒ වෙළද සංගමයට නොබැදීම
!! ආ ගිහිල්ලා එනවා !!
!! බොස් මමත් යන්නං !!
!! ඔක්කොම ගියහම මෙතන කව්රුවත් නෑනේ !!
!! මරු කූඩයක් දෙනවලු බඩු මල්ලක් එක්ක . දවල් වෙන කොට ඉවර වෙයි !!
2012-08-05
බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ උන්දෑ ඔක්කොම දන්නවා කියලා. ඒ උනාට නොදන්න මනුස්සයෙක්ට උනත් වචනයක් දෙකක් කතා කරහම තේරෙනවා මෝඩ ගෑණියෙක් කියලා. ඒ මනුස්සයත් එක්ක කතා කරහම අපේ ලේ රත්වෙනවා විතරයි, මේ කියන එක මේ නෑ කියනවා, එක එක තැන්වල එකක කියලා කොටවනවා, මහ ලොකු පම්පෝරි ගගහ ගමවටේ ඇවිදින එක තමයි උන්දැගේ රස්සාව
දැන් ටික දවසකට කලින් වැඩකට නැති වැඩකට හෙණ සල්ලි ගොඩක් පොලීයට අරගන (ඒ මෝඩකම කරන්ඩ එපා කියලා උන්දැව දැනුවත් කරන්ඩ ගිහිල්ලා මමත් හොදට අහගත්ත නිසා මමත් ඒඋන්දැත් එක්ක කතා නොකර හිටියේ) ගෙවා ගන්ඩ බැරුව අන්ත අසරණ තත්වයකට පත්වෙච්ච මේ මනුස්සයට ඒක දිගට කරදර ගොඩක් සිද්ධ උනා. හැබැයි ඒ හැම කරදරයක්ම එයාම විහින් දාගත්ත ලෙඩ නිසා අන්තිමට දරුවන්ටත් උන්දැව එපා උනා. ( ඇත්තටම උන්දෑ දරුවන්ට හරියට වදදෙනවා) අන්තිමට කව්රුවත් උන්දැව ගනන් නොගන්න . හොයානොබලන තත්වයට විහින් පත්උනා. පව් ඉතින්.....
මේ ලගකදි දවසක ඒ ගෙදර පැත්තේ හෙන සද්දයක්, මොකක්ද කලබලය කියලා බලන්ඩ මමත් ඒ පැත්තට ගෑටුවා. ඒ මහ උන්දැව ගෙදර කට්ටියම එකතූවෙලා අල්ලගන ඉන්නවා, මහ උන්දැ අතපය දරදඩු කොරගන පිස්සු කියවනවා, ටික වේලාවක් සීන් එක රසවිදපු මං
!! ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ !!
!! බලන්ඩකෝ අයියේ අම්මා බත්කකා ඉදලා එකපාරටම වැටුන දැන් හරියට සිහියක් පතක් නෑ !!
( මෙන්න යකෝ සිහියක් පතක් නැති ගෑණි හොර ඇහිං මා දිහා බලනවා )
Subscribe to:
Posts (Atom)



