Popular Posts

2014-07-23

පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්


'' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල ''

''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට ගිහින් බාස්කට් ටික වාහනේට දාගත්තනං''

'' අපේ හාමුදුරුවනේ හත් නමක් සම්පූර්නයි නේද ''

'' හත් නමට දහ නමක් ඉන්නව මහත්තයෝ ''

'' එහෙමයි හාමුදුරුවනේ ''

'' ‍අපේ පොඩි උන්නාන්සෙල තුන්නමයි මමයි හතර නමයි , අනිත් උන්නාන්සෙල පිටින් තමයි වැඩමෙව්වේ , පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත් පිලිගන්වන්ඩ වෙයි ගමං ගාස්තුවට ''

'' එහෙමයි හාමුදුරුවනේ ''

'' ඒක ඔය සබේ මැද්දේ දික් කොරන්ට ඕන නැ , ආපහු වඩම්මනකොට දුන්නහම ඇති ''

'' එහෙමයි ''

යැයි කියු සමන්තිලක තමන් සේවය කරන රජයේ කාර්යාලයේ තමන් පදවන වැන් රථයට නැගි රියැදුරු අසුනින් හිදගත්තේය , දානේ බාස්කට් රැගෙන පැමිනි ජගත් පසු පස දොර හැර සියල්ල පටවා . ඉදිරිපස පැති දොර හැර බලා සිටියේය.ධාතු  කරඩුවද රැගෙන වැන් රථයේ ඉදිරි අසුනට ලොකු හාමුදුරුවන් නැගුනු පසුව විඩින් විඩ ඉතිරි හිමිවරුන්ද නැගුන පසුව.

'' අවසරයි හාමුදුරුවනේ ''

'' එකොලහයි යං යං ''

තම නිවහනේ මිදුලේ රථය නවත්වා දානයට වැඩම කල හිමිවරුන් බිමට බහින්නටත් පෙර නිවස තුලට දිව ගිය සමන්තිලක

'' තව ටිකක් ලංකරල තව අසන තුනක් හරිගස්සහල්ලා තව තුන්නමක් වැඩියා ''

'' එතකොට ....ඒයි .....පිරිකර .....''

'' කාවහරි කඩේට ඇරල මොනවහරි පාර්සල් කරල ගෙන්න ගම්මු ''

'' මොනවහරි .... කියන්නේ පිස්සුද අනේ පිරිකරට ගැලපෙන දෙයක් වෙන්ඩ එපැය ''

'' දැන් ඉතින් වෙන මොනව කරන්ඩද ''


'' මොනවද අනේ..... ඔයාට තිබුනේ ලොකු හාමුදුරුවන්ගෙන් පස්සේ සල්ලි දෙන්නං කියල හරි තව අටපිරිකර තුනක් ඉල්ලං එන්ඩ , .....තේරෙන්නේ  නැද්ද තුන්නමකට වෙන මොකවත් දෙන ඒක හරිනැ කියල . ...අනික ලොකු හාමුදුරුවන්ටත් තිබ්බා කලින් ඔය ගැන කියන්ඩ ''

'' හරි හරි ...අන්න ලොකු හාමුදුරුවෝ දෙපා දෝවල ඇතුලට වැඩිය , තමුසේ කුස්සිය පැත්ත බලල දුහල එනව , මං කාවහරි  ටවුමට අරල එන්න ''

තවමත් සාමනේර හිමි වරුන්ගේ දේපා දෝවන ඉදිරිපස උළුඅස්සෙන් එලියට යාගත නොහැකි නිසා , සුදු සරම දෙපසින් ඔසවාගන උස ජනේලයෙන් එලියට පහසුවෙන් පය තැබු සමන්තිලක තම ජංගම දුරකතනය ගෙන අංකයක් ඇමතුවේය

'' ...හෙලෝ ....ප්‍රසන්න මල්ලි ............මම............තිලක්අයියා .........අනේ මල්ලි මට  ලොකු උදව්වක් කරහං ......මං අපේ මස්සිනාව එවන්නං . උඹ දන්නවනේ උෟව ...ජගත ....ජගත ...අනේ කොල්ලෝ ..ඔය පිරිකරට හරියන මොනවහරි පාර්සල් තුනක් ඔතල , පන්සීයේ කොල දහයක් ලියුං කවරවලට දාල ....ජගත අතේ එවහං මචෝ , මං උඹට අරගත්ත බඩු වල බැලන්ස් එක දෙන ගමං දෙන්නං , අනේ කරදරයක් කියල හිතන්ඩ නං එපා රත්තරනේ ... මං හෙන අමාරුවක වැටිලයි ඉන්නේ .............හා හා .....එහෙම හොදා ........උඹ  දන්නවනේ ඉතින් මට වඩා ඔව්වට දෙන ඒවා ......හා මල්ලියේ හා ..........මේ ඒක නෙමෙයි  කාවහරි ඔතනට පට්ටල් කරල වරෙන්කෝ දවල්ට බත් කටක් කාල යන්ඩ
..................ඒකත් එහෙමයි නේද හා හා එහෙනං ...කඩේ දාල එන්ඩත් බැනේ .... මං එහෙනං තියන්නං .............හාමුදුරුවෝ වඩම්මල මේ ගත්තේ .... එහෙනං බුදුසරනයි .......හරි හරි  , .....බායි ''

ඇමතුම අවසන් කරමින් කමිස සාක්කුවට දුරකතනය රුවාගත් සමන්තිලක බිරිදගේ මලනුවන් කඩයට පිටත් කොට පැමින ආගමික වතාවත් වලට හිදගන සිටියද හිත එක් තැනක නොරැදුන සමන්තිලක වදින්නං වාලේ ඔහේ වැදගන සිටියේය , දන් පිලිගන්වන අවස්තාවේ නැගීසිට සපයාගත හැකිවු වැඩිම මිලක් නියම කල සහලෙන් පිසු බත්  පිරවු බන්දේසිය රැගෙන නායක ස්වාමීන්වහන්සේට බත් හැදි දෙකක් බෙදන විට අත්ල පිගාන උඩට ගෙන ඒමෙන් පසුව , අනිත් හිමිවරුන්ටත් බෙදන අතර ග්‍රීන් පීස් නොයොදා පිසින ලද කජු  වැංඡනය අතැතිව සිටි බිරිදට හිසින් සං කරමින් බත් බෙදීම අවසන් කොට මුඩියකිං වසාතිබෙන භාජනය අතට ගෙන නායකහිමිනම අසලට පැමින.

'' අපේ හාමුදුරුවනේ අවසර , ..............මේ අර ඔබ වහන්සේ කැමතිම මාන්ස ටිකක් ලැබුනා ටිකක් පිලිගන්වන්ඩද ''

'' හම් ..හම් ...මහත්තයෝ ......මේ  ..මට තියන අර්සස් අමාරුවට පංකාදු අවුසදේ . අපේ ඔය බංගලි හාමුදුරුවොත් මනාපයි මයේ හිතේ අහල පිලිගන්වමු ''

'' එහෙමයි ''

'' මහත්තයෝ......අර........ අපේ .... බුදුගේ රෙපයාර් කරන  බාසුන්නැහෙලයි , ඩයිවර් ළමයයි  එක්ක තව දහයක් දොලහක් ඔක්කොම ඉන්නව , බාස්කට් ටිකත් පුරවන්ඩ කියල කාටහරි කියුවනං ''

'' එහෙමයි ''

දන් පිලිගැන්වීම අන් අයට පැවරු සමන්තිලක ජගත්ට  පසෙකට අඩගැසුවේය.

'' ප්‍රසන්න මොකද කියුවේ ''

'' මොකවත් නැ අයියේ , අන්න මං පිරිකරටික අනිත්වා ලගින් තිබ්බා, මෙන්න ලියුං කවරටික ''

'' ඔය ටික ලග තියාගන වාහනේට නැග්ගහම දෙනවකෝ , මං යනව ඇතුලට ........ ආ මේ අර දානේ භාජන වලට පහලවකට විතර කන්ඩ කැම ඕන කියුවා  . පොඩ්ඩක් බලල ඒකත් පටවගන්නව හරිද මල්ලි ''

යැයි කියු සමන්තිලක නැවතත් නිවස තුල‍ට පිවිසියේය

'' තිලක් මහත්තයෝ... සුප් එහෙම තියනවනං මෙහෙම්ම පිලි ගැන්වුවානං ''

'' අවසර අපේ හාමුදුරුවනේ .......සුප් පිලියෙල කරන්ඩ අතපසු උනා ''

'' හා හා ඒකට කමක් නැ , එහෙනං අරව පොඩ්ඩක් ගම්මුකෝ තව ''

''එහෙමයි .....එහෙමයි''

කියමින් පියනින් වසා පරිස්සමින් පැත්තක තැබු භාජනය රැගත් සමන්තිලක නැවත වරක් අතින් පිගාන වසනතෙක් පිගානට බෙදුවේය , තව තවත් හඩ බාල කල ලොකු හාමුදුරුවෝ .

'' මෙව්වා නොම්මර එකේ කෑම මහත්තයෝ , දැං මෙව්වයේ ඇහැටවත් දකින්ඩ නැ ''

'' එහෙමයි හාමුදුරුවනේ .......ගිය සතියේ මං මන්නාරං ගියා එහෙදි හම්බුනේ ඔබ වහන්සේ මතක් වෙලා තියාගත්තා ''

'' හොදා හොදා මහත්තයෝ ''

අටපිරිකර හත පිලිවලින් පුජාකොට කුඩා හිමිවරුන්ට අනෙක් පිරිකර තුන පූජාකර , මතකපැන් වක්කොට දානයේ වැඩකටයුතු අවසන්කර නැවතත් ජගත් සමග පන්සලට වඩම්මන අතර තුර , පාර නිදහස් තැනකදී පසු පසට හැරුන සමන්තිලක

'' මල්ලි කෝ අරක ''

අසුන් අතරින් ඉදිරියට රිංගා ජගත් දික්කල ලියුම් කවර ටික තනි අතින් ලොකු හාමුදුරුවන්ට දික්කල සමන්තිලක

'' හාමුදුරුවනේ ගමං ගාස්තු ''

'' අපිටත් එක්කද,  මක්කටෙයි මහත්තයෝ අපට''

කියු ලොකු හාමුදුරුවන් වහන්සේ . එක් ලියුං කවරයක් රැගෙන අනෙක් සියල්ල පිටිපස සිටින හිමිවරුන්ට පසු පසවත් නොබලා දික්කලේය.

වේගයෙන් පැමිනි වැන් රඡය පන්සල් වත්තට පිවිසුන පසුව කට හඩ අවදිකල ලොකු හාමුදුරුවෝ

'' පොඩි උන්නාන්සෙල බස්සල . පොත්තේකන්දේ දෙනම එහෙට බස්සගනම දෙවෙක්කදු යං මහත්තයෝ , අපේ ඉස්කෝලේ හාමුදුරුවන්ව ඉන්ටර්සිටියට දාගන  එන ගමං බැරියැ  ධර්මරත්නව යටිපිලින් බස්සගන එන්ඩ , කරඩුව තියල මං දුහල එන්නං ටවුමේ ෆෝන් කඩයට යන්ඩ ඕන දැං හදන්ඩ දිලා සති ගානක් ''

මුවින් කිසිවක් නොකියා නිහඩව සිටි සමන්තිලක සියල්ලන්ව කියනා තැනකින් බස්සා අවසානයේ සැතපුම් පහලවකටත් වඩා පැමින ප්‍රධාන මාර්ගයේ දිවෙන ඉන්ටර්සිටි බසයක් ජගත් ලව්වා  නවත්වා ඉස්කෝල ගුරු හිමිනම එයට නග්ගවා පැමීන , පැයකටත් වැඩි කාලයක් දුරකතන අළුත්වැඩියාකරන තැනකත් කාලය කාදමා ,පන්සල් මිදුලෙන් ලොකු හාමුදුරුවන්ව බැස්සුවේය.

'' එහෙනං මහත්තයෝ බොහොම ස්තුතියි ''

'' තරහ අවසර අපේ හාමුදුරුවනේ , අර ගුරු හාමුදුරුවෝ කොහොමටත් සිකුරාදා ඉස්කෝලේ ඇරිලා තමුන්ගේ පන්සලට වඩින මනුස්සය මිසක් මගේ වැඩේට ආවා නෙමෙයිනේ , කොහොමින් කොහොමහරි  දැන් වෙලාව තුනහමාරත් පැනල , දානේ තිබ්බේ මගේ ගෙදර , කාලෙකින් ආපු නෑදැයෝ , යාලුවෝ , වැඩපලේ මිනිස්සු ඔක්කොම අපේ ගෙදර , ගමංගාස්තු දිලත් අන්තිමට මට උනේ පැයගානක් වටේ කැරකෙන්ඩ , මං ඩීසල් එක්ක වාහනයක් උස්සං එන්ඩ පුලුවං ආණ්ඩුවෙ තැනක ඩයිවර් කෙනෙක් වෙච්ච හන්දා හොදයි , නැති බැරි අහිංසකයෙක් දානයක් දෙන්ඩ ගියානං ..............අම්මට  %^*&^%$%^  නේද ''

2014-07-15

මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද



'' කීර්ති අයියේ කෝල් එකක් ''

වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින් සියල්ල හොදින් සිදුවන බව සන් කරමින් රාත්‍රී කාර්යබාර නිලධාරියා දෙසට හැරුනේය

'' කාගෙන්ද ලලිත් ''

'' ජයතුංග කියල ‍හාදයෙක් අයියව දන්නව කියුව හන්දා විස්තර ඇහුවේ නැ ''

'' ජයතුංග ...... හිටහං බලන්ඩ ''

'' හෙලෝ...ඔ..''

'' කීර්ති රත්න මහත්තයද.......මහත්තය මං ජයතුංග ... අර එදා ගම්මඩුවට  ඇවිත් හම්බුනේ''

'' ආ මතකයි කියන්ඩ ''

''මහත්තය එදා කියුවනේ  මහත්තයට  රහසේ කරන ගුර‍ැකමක් බලන්ඩ ඕන කියල ''

'' ඔව් ඉතින් ''

'' මහත්තය මේක ලේසි පාසු කෙරුවාවක් නෙමෙයි මීනි වලක දපල කරන වැඩක් ''

'' ඉතින්''

'' මං මේ රෙස්හවුස් එකේ මහත්තයට කියල ටැලිපොං කරේ . කරුවල වැටෙනකොට පිටත් වෙමු ''

'' හරි තමුසේ එනවකෝ  ''

'' මහත්තය කලිසං ඇදං එන්ඩ එපා , සරමක් හොදා ''

'' හරි හරි තමුසේ දැං ගේට්ටුවට කියල ඇතුලට එනව . මම ඉන්නේ ඇතුලෙ''

'' ඔන්නැ මහත්තය මං එනකං එලියෙන් ඉන්නං ''

'' කැමැත්තක් ..එහෙනං හය හමාරට ගේට්ටුව ගාවට එනව''

යැයි කියු කීර්තිරත්න රිසිවරය ටෙලිපෝනය මතට අත හැර

'' ලලිත් සෝමපාලට කියන්ඩ ජිප් ඒක අරගන හයයි කාලට ක්වාටර්ස් එකට එන්ඩ කියල , එනකොට මිනිහ අතේ එවන්ඩ අවුට්ඩෝර් රෙකෝඩර් එක  ටේප් එකක් ලෝඩ් කරල , ..අනේ කොල්ලෝ මතක ඇතුව අළුත් ටේප් දෙකකුත් එවපං''

කීර්තිරත්නගේ මුහුණ දෙස මොහොතක් බලාසිටි ලලිත් අමාරුවෙන් වචන ගැට ගසන්නට විය

'' කීර්ති මහත්තය ......අනුමැතිය ''

'' අනේ මන්දා බං උඹලත් වෙලාවකට බබ්බු වෙන්ඩ හදනවනේ , මම හෙට ලොක්කට කියන්නං ''

'' ඒ උනාට අයියේ .....ගමගේ මහත්තය කියල තියෙන්නේ එයාගේ අනුමැතියකින් තොරව මොකුත් එලියට ගෙනියන්ඩ එපා කියල ''

'' හරි හරි බං මම හෙට උදේට ලොක්කට කියල සයින් එකක් දාලා දෙන්නං ,  උඹ එන්ට්‍රීය ගහපන්කෝ පාරම්පරික ශාන්තිකර්ම පටිගත කිරිමකට අහවලා පිටතට ගෙන ගියා කියල ''


'' අනේ මන්දා ''

'' මල්ලි අමතක කරන්ඩ එපා , ලොක්කා නැති වෙලාවට ලොක්කා මං ''

'' හරි අයියේ මං එවන්නං ''

නැවතත් විකාශන මැදිරිය වෙත ගිය කිර්තිරත්න ගීතයක් ධාවනය විමට සලස්වා හෙඩ් ෆෝනය පැලදගෙන අත රැදි සටහන් යෙදු ‍ෆුස්කැප් කොල පිරික්සමින් සිටින මොරායස් දෙස බලා  , සජීවී විකාශන පිරික්සුම් මාර්ගය අවහිර කරමින් මයික්කෆෝනයට මුව ලං කලේය .

2014-07-06

ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය



පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක් ආච්චිල කියනව මං අහල තියනව

'' අර නැටිච්චියන්ගේ මහ උන්ගේ ඇස් වලට හෙන ගහලද අර කෙල්ලන්ට අරහම අන්දගන යන්නේ ''

අනේ අර දරුවා ඇදගන යන්නේ ටයිඩ් ඩෙනිමක් , ඒක නරකයි කියන ආච්චි අම්මගේ කැබිනට් එක උඩ තියනව කළු සුදු  ෆොටෝ කෑල්ලක්  , උන්දැ ඒක හරි උජාරුවෙන් දූවිලි පිහදාල එහෙම තියාගන ඉන්නේ, අනේ ඒ පොටෝ එකේ උන්දැ ඉන්නේ තව කෙල්ලෝ සැට් එකකුත් එක්ක කොට ගවුමක් ගහගන , ඒක දැක්කහම මට නං හිතෙන්නේ , අපේ සීයලගේ තාත්තලගේ තරං මගේ ඇස් පිං කරල නැ කියල . ඇයි හත් දෙයියනේ අර ආච්චිගේ පස්සත් පේන නොපෙනෙන ගාන.

සීයල ඊටත් හපං , උන්ගේ කලිසං වල යට වාටිය ඉනටත් ‍වඩා ලොකුයි , ඕකත් ඇදගන කොන්ඩය කාක් කුඩයක් වගේ වවාගන අවුල් කරගන , කකුලක් පිට කකුලක්  එහෙම දාගන නැයිකට් එකක් ෆෝඒස් එකක් ගහගන එහෙම තමා පොරවල් ෆොටෝ අල්ලල තියෙන්නේ ,

තව ඔය ඉටියා බජාර් පොරවල් ගංවල චන්ඩි , කසිප්පු මුදලාලිලා ඒම , බලන්ඩ එපැය පොරවල්ගේ ඉට්ටැයිල් , සුදු සරමක් හරි , වටින රට සරමක් හරි ඇදල , දැල් බැනියමක් සරමට යට කරල , ඒකට උඩින් සුදු යකඩ බොත්තං වලින් පොඩි පර්ස් කෑල්ලක් එහෙම අල්ලපු පටියක් බැදල , දුහුල් නයිලොන් ෂර්ට් එකේ යට බොත්තං තුන විතරක් දාලා සාක්කුවට දෙකට නමාපු සීයේ කොලයක් එහෙම දාගන අත්නමාගන එක පැත්තකින් සරම උස්සගෙන පාරේ ඇවිද්ද ලස්සන ,

කරුමේ කියන්නේ ඒ පරම්පරාවට අපේ කාලේ මෝස්තර දිරවාගන්ඩ බැරි වෙච්ච එක තමා , දැං තත්වය එන්ඩ එන්ඩම දරුණුයි.

මේ කාලේ නිතරම අහන්ඩ ලැබෙන දෙයක් තමයි අපේ වැඩිහිටියෝ කියනව

''අර හුජ්ජ කොල්ලගේ පුදුම ඉලන්දාරි කමක්නේ තියෙන්නේ''

''අර කෙල්ලගේ තියන නැටිල්ල , ඇටෙන් පොත්තෙන් එලියට එන්ඩ කලින් ලමිස්සි වෙන්ඩ හදනව''

ඒ උනාට අප්පා දැං හැදෙන කොල්ලෝ ඒ කාලේ තරං නරක නැ , අපේ කාලේ කොල්ලෝ කරපුව ( මං නෙකෙරුවට ) කොටු පැනිලිද , ගල් කැපිලිද , වතුවලට පැනල වතු පාලු කෙරිලිද , චැලෙන්ජ් කරල එකෙක් වැටෙනකං ගහ ගැනිලිද . ගෑණු නාන වෙලාවටම ඇලේ ,දොලේ , ලිදේ, නාන්ඩ යෑම්ද , ( කොල්ලෝ කුලප්පු කරන්ඩම හිතා මතාම එලියේ දාගන කුණු අතුල්ලපු කෙල්ලො , ගෑණු එහෙමත් හිටියා ) , ඔහොම එව්වා කොහෙද දැන් හැදෙන කොල්ලන්ට.


ඒ කාලේ කෙල්ලෝ ඔයිට හපං , දැං ඔය කෙල්ලංව කෝටු මස් කරන්ඩ කතා කරන නාකි හුචක්කු  පදුරු හත අටකුත් තලල අවුරුදු  පහලවක් දාසයක් වෙන කොට ළමයි එකෙක් දෙන්නෙකුත් හම්බ කරල ,

දැං ඔය හෙන ලොකුවට කතා වෙන එකක් තමා පුක පල්ලට එල්ලෙන්ඩ කලිසම අදින එක , දැං ඉතින් හැම ළමයම වාගේ අදින්නේ එහෙම , කොටින්ම මගේ අර ඇබිටිල්ලං ලොකු කෙල්ලත් කලිසමක් අදින වෙලාවට පාත් කරගන්නව කලිසම ඉනෙනුත් පහලට , අපේ පවුල නං කෙල්ලට කැගහනව උනාට මං නං හිනාවෙල අහක බලාගන්න.

මට මතක විදිහට ඕක ලංකාවේ මැද පන්තියේ සහ පහල පන්තියේ තරුණ කොටස් අතරේ ජනප්‍රීය උනේ අනුව දශකය අගභාගේ අපේ ගන්දබ්බ කාලේ ,  ගල්ෆ් යුද්දෙට එහෙම ගිහිං ඇවිත් සින්දු කියපු Shaggy  ලංකාවේ ජනප්‍රීය උනේ අන්න ඒකාලේ . ඔය මෝස්තරය ලංකාවේ ජනප්‍රීය වෙන්ඩ ආසන්නතම හේතුව විදිහට මටනං මතක ඔය Shaggy ගේ අමුතුම තාලේ Reggae ඉට්ටයිල් එක අපේ කොල්ලො කෙල්ලෝ අතරේ ජනප්‍රීය වීම සමග ඇති වෙච්ච Shaggy ගේ විලාසීතා අනුගමනය කිරිම කියලයි මට හිතෙන්නේ.


ඔය මෝස්තරේට

2000 ඉපදුන උනුත් අදිනව
90 ඉපදුන උනුත් අදිනව
80 ඉපදුන උනුත් අදිනව
70  ඉපදුන උනුත් අදිනව
60 ඉපදුන සමහරක් පොරවලුත් අදිනව
50 හේ 40 හේ ඉපදුන උනුත් ඔය මෝස්තරෙන් ඉන්නව බෙල්ට් එකක් ඇදලා නැති වෙලාවට දෙකක් දාගත්තහම , එහෙම වෙලාවට බැහැපු කලිසම උස්ස ගන්ඩ කියල ‍පෙන්නුවහම හරිම ලස්සනයි උස්ස ගන්න විදිහ , කලිසමේ දෙපැත්තේ ලූප් වලින් අල්ලල ගස්සල ආයේත්  කලිසම අස්සට බහින විදිහ බලාගන ඉන්ඩ ආසයි.

තුන් හාරදාහක ජොකෙක් ඇදල , හත් අටදාහක කලිසමකට තව දෙතුන් දාහක බෙල්ට් එකක් දාලා හත් අටදාහක සෙකරපත්තු දෙකකුත් ඇදගන , හාර පන්දාහක කමිසයක් දාලා ඉන්න කොට නං පොඩි ගතියක් තියනව තමා ,

හැබැයි ඉතින් වර්ල්ඩ් මාකර්ට් එකෙන් ගත්ත එක්දාස් පන්සියේ ඩෙනිමට යටින් ඕල්කට් මාවතෙන් ගත්ත එකසිය දහයේ  ජොකෙක් ඇදගන ඉන්නකොටනං ඉතින් අපෝ කියල හිතෙනව තමා.

අනික් කාරනාව තමයි සංගීතේ . හයියෝ මේ දැන් හැදෙන උන් බැනුම් අහන තරමක් උන් අහන සින්දු හන්දා , අපේ කාලෙත් ඔය කතන්දරය තිබුනා , අපි ආත්මලාගේ , නාමල්ලගේ , කුමාරසිරිලගේ , දොලමුල්ලලගේ , ප්‍රීන්ස්ලගේ සින්දු අහනකොට , අපේ තාත්තල ඒ කැසට් එක එලියට දාලා මිල්ටන් පෙරේරලගේ , ක්ලැරන්ස්ලගේ , ජෝතිලගේ , ඇනස්ලිලගේ කැසට් දැම්මා ,

හැබැයි තාත්තලට දැනුනේ නැ අපි කැමති සින්දු වලට එයාල කැමති නැති උනාට , එයාල කැමති ඒවා අපිත් රසවිදින බව ,

ඒ වාගෙම තමා   අමරදේවලගේ ,  කපුගේලගේ , වික්ටර්ලගේ සින්දුවක් යනකොට එයාලවත් අපිවත් වහල දැම්මේ වත් සද්දෙ අඩු කලේවත් නැ , ඒ ගැන අපේ අතරේ තිබුන නිහඩ අත්සං නොකල සම්මුතියක් , ගිවිසුමක් . අපේ මිනිස්සුන්ගේ ඒ ගුණය නැති වෙන්ඩ ගත්තේ , බත් එකක් , සීනි කාලක් , කරවල සීයක් ඔතාගන ආපු කොළ කෑල්ල හරි කියවන එක අත ඇරිච්ච දා ඉදං , එහෙම බලන කොට අපි හරිම වාසනාවන්ත මිනිස්සු.

හොද රසවින්දනයක් තියන මිනිහෙකුට පුලුවං අමරදේවගේ , එඩ්වඩ්ගේ , ක්ලැරන්ස්ගේ , කසුන්ගේ , ජොලි සීයගේ , පොඩි ළමයගේ , චින්තිකගේ ඔය කාගේ උනත් සින්දුවක් රස විදින්න , හැබැයි ඉතින් ඒ  ගීතයට අදාල  ඉට්ටයිල් එකට අනුකුලව ඒක නිර්මානය වෙලා තියෙන්න ඕන සහ නිර්මාණයට දායක වෙච්ච සියල්ලන් සින්දුවට සාදාරණයක් ඉෂ්ඨ කරල තියෙන්න ඕන .

තවත් පට්ට ගහන කාරනාවක් තියනව ඒක තමයි කණ්ඩායම් සංගීතය ,  සංගීතය කණ්ඩායම් , භාවිතා කරන සංගීත භාංඩ , සහ සංගිත භාංඩ භාවිතා කරන ආකාරය ,

අටමත් කාලයක් ඔය බෑන්ඩ් උණ හැදිලා කනට කරාබුවක් එහෙම දාගන කොන්ඩෙත් පෝනි ටේල් එකක් දාගන , බේස් ගිටාර් එකක් කරේ දාගන ෆ්රැක්ටිස්  කොලා

ජීම් පප්පා ....ජීම් පප්පා .....ජිම්පප්පගේ ..ලොකු අක්කා .....ජිම්පප්පා   ජිම් පප්පා ....ජිම් පප්පගේ ලොකු අම්මා කියල .

කාලයක්  ෆ්රැක්ටිස්  කොරනකොට ඒක එපාවෙලා බැස්සා ඔක්ටපැඩ් ගැහිල්ලට අන්න ඒකනං නැගල ගියා , මටනං හිතෙන්නේ ඔය බෑන්ඩ්වලින් ස්ටේජ් එකේ ගහන හොදම භාන්ඩේ තමා ඔක්ටපැඩ් ඒක , බෑන්ඩ් එකක් ජනප්‍රීය වෙන්ඩ ලොකුම සාධකයක් තමයි එයාල පාවිච්චි කරන ඔක්ටපැඩ් ප්‍රමාණය , ඔක්ටපැඩ් වර්ගය සහ වාදන ශීල්පියා .

බැන්ඩ් වල ඔක්ටපැඩ් ගහන කොල්ලන්ට බයින තරමක් , ටකරං සංගීතේ කියයි , සින්දු කනව කියයි , අනේ එහෙම පරමාර්ථයක් උන්ට නැ , උන් හරිම ආසාවෙන් , ආදරෙන් , භක්තියකින් ඔය රස්සාව කරන්නේ,

ඩ්‍රම් සෙට් එකක් අවශ්‍ය නැති , අටවන්ඩ විදිහක් නැති තැනකට ඩ්‍රම් සෙට් එකේ ජොබ් එක ගොඩ දාන්ඩ කියල ජපානේ හදාපු ඔක්ටපැඩ් එකෙන් තබ්ලා ටෝන් , තබ්ලා බීට් හදාගන මවාගන දාන සෙල්ලං වලට අපේ කොල්ලන්ට මල් තියල වදින්ඩ ඕන කියලයි මට හිතෙන්නේ...................................................................................................................

ඔව්වා ඔහොම වෙද්දි දැං හැදෙන කොල්ලන්ට නං දරාගැනීමේ හැකියාව ඉස්සර කොල්ලන්ට තරම් නැද්ද කියල වෙලාවකට හිතෙනව , ඇයි හත් දෙයියනේ කෙල්ල දාලා ගියා කියල මේ යක්කු මල් ගහගන , පෙති ගහගන , කුඩු ගහගන කෙලින පිස්සු දැක්කහම මටනං අපෝ කියල හිතෙනව.

2014-07-01

අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)

අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල්

කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි
ගොරක බික් 8යි
ලුණු තේ හැදි 3යි
ගම්බිරිස් කුඩු තේ හැදි 6යි
කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි
එනසාල් ගෙඩි 4යි
කරාබු නැටි 6යි
අමුමිරිස් කරල් 3යි ( පවුලගෙ රික්වෙස්ට් )
රම්පේ සුට්ටං කෑල්ලයි ( පවුලගෙ රික්වෙස්ට් )
කරපිංචා අහුරක් ( ගොං කරපිංචා එපා , පට්ට කොල  රහයි )

ඉස්සෙල්ලම පවුලට නොපෙනේන්ඩ එකපාරක් මාළු හෝදනව

ගොරක ටික වතුර ජුන්ඩක් දාල ටිකක් තම්බනව ( එහෙම කරහම ගොරකවල තියන අමිහිරි ගතිය නැති වෙනව )

ඊලගට වතුර අයින් කරගත්ත ගොරක බික් 8යි, ලුණු තේ හැදි 3යි ,කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි, එනසාල් ගෙඩි 4යි , කරාබු නැටි 6යි ‍බ්ලෙන්ඩරේට දාල අඹරගන්නවා අන්දෝසංසාර කුඩු  සම්බෝල වෙන්ඩ

දානව පැතලි හට්ටියකට කරපිංචා අහුර ස්පෙඩ් කරල


එලනව මාලු ටික කරපිංචා උඩින් ( ඔතනදි කරපිංචා රසකාරකයක් විතරක් නෙමෙයි ) මාළු ටික අඩිය නොඅල්ලා ඉන්ඩත් හෙල්ප් එකක් දෙනව

ඊලගට අර අමුමිරිස් කරල් 3 පළල දානව අර මාළු වලට උඩින්

ඊලගට අර අන්දෝසංසාර කුඩු  සම්බෝල වෙන්ඩ අඹරගත්ත එකට වතුර අඩු කෝප්ප එකක් දාලා දිය කරගන අර මාළු ටික උඩින් වක්කරල ගෑස් කුකර් එකේ ගින්දර පුලුවං තරං අඩු කරල ගින්දර දාලා වාෂ්ප එලියට නොයන විදිහට වහලා දානව

ඊලගට පවුලට ඒ අහලකටවත් එන්ඩ තහනං කරනව ( නැත්තං සැරින් සැරේ ඇරල බලල උන්දැ ඕකට කෙලවල දානව )

ඊලගට තියෙන්නේ බ්ලොගක් දෙකක් කියවල කමෙන්ට් එකක් දෙකක් දාන එක ( ඇනෝ නෙමෙයි මනුස්සයෝ ෆෝපයිල් එකෙන් )

වැඩේට යන වෙලාව හරියට කියන්ඩ බැරි   හුළංවල ස්වභාවය , වළංවල ස්වභාවය , මාළු වල ස්වභාවය , ගින්දර හන්දා වෙනස්වෙන හන්දා . නහය ටිකක් ඇරගන ඉදලා ලාවට අඩිය අල්ලාගන එනකොට ලිප ඕෆ් කලහම හරි.

වැඩේට අල්ල යන්නේ මැටි හට්ටියක් තමා , දර ලිපක  කරනවනං උඩින් තව හට්ටියක් තියල ඒකට ගිනි අගුරු දානවනං පංකාදු පහයි , අනික තමා එතකොට ගිනි පෙල්ල එලියට ඇදලා අගුරු වලින් ගේම දෙන එක

නැ නැ අපි බෙන්තර ගගෙන් එහේ නෙමෙයි , කැලණි ගගෙන් එහා පැත්තේ සබරගමුවේ