2014-07-26

යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ




මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ. සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු, දක්ශ වගේම කාර්‍යක්ශම හමුදාවක් බවට පත් වෙනවා.

රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා.ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා. මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා. කියන්නෙ මේ රට මුළු ලෝකෙන්ම වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා. වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබාගන්නවා. දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා. දැනට මේ ඇති.. මේ ලිස්ට් එක ගොඩාක් දිගයි ……..ඉතිං මේ රටෙන් තමයි පස්සෙ කාලෙක මුස්ලිම් අන්තවාදීන්ට නෙළන හැටි මුළු ලෝකෙම ඉගෙන ගන්නෙ.

ඊශ්‍රායලයේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ. මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ. මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට ලක්වෙන්න ගත්තා.

මුස්ලිම් අය දැනගෙන හිටියෙ නෑ තමන් වලියට ගියේ වැරදි ජාතියක් එක්ක කියන එක ! මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය. ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්‍රමණය කරනවා.

මේ වෙද්දි රටේ වැඩිහරියක් හිටියෙ හිට්ලර් ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියො. ඒ කාටවත් හරි හමං හමුදා පුහූණුවක් තිබුනේ නෑ.

අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්‍රායලය සති දෙකක් වත් තියේවි කියලා.

ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්‍රායලය වැසියන්, සියළුම අරාබි හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට !

2014-07-23

පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්


'' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල ''

''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට ගිහින් බාස්කට් ටික වාහනේට දාගත්තනං''

'' අපේ හාමුදුරුවනේ හත් නමක් සම්පූර්නයි නේද ''

'' හත් නමට දහ නමක් ඉන්නව මහත්තයෝ ''

'' එහෙමයි හාමුදුරුවනේ ''

'' ‍අපේ පොඩි උන්නාන්සෙල තුන්නමයි මමයි හතර නමයි , අනිත් උන්නාන්සෙල පිටින් තමයි වැඩමෙව්වේ , පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත් පිලිගන්වන්ඩ වෙයි ගමං ගාස්තුවට ''

'' එහෙමයි හාමුදුරුවනේ ''

'' ඒක ඔය සබේ මැද්දේ දික් කොරන්ට ඕන නැ , ආපහු වඩම්මනකොට දුන්නහම ඇති ''

'' එහෙමයි ''

යැයි කියු සමන්තිලක තමන් සේවය කරන රජයේ කාර්යාලයේ තමන් පදවන වැන් රථයට නැගි රියැදුරු අසුනින් හිදගත්තේය , දානේ බාස්කට් රැගෙන පැමිනි ජගත් පසු පස දොර හැර සියල්ල පටවා . ඉදිරිපස පැති දොර හැර බලා සිටියේය.ධාතු  කරඩුවද රැගෙන වැන් රථයේ ඉදිරි අසුනට ලොකු හාමුදුරුවන් නැගුනු පසුව විඩින් විඩ ඉතිරි හිමිවරුන්ද නැගුන පසුව.

'' අවසරයි හාමුදුරුවනේ ''

'' එකොලහයි යං යං ''

තම නිවහනේ මිදුලේ රථය නවත්වා දානයට වැඩම කල හිමිවරුන් බිමට බහින්නටත් පෙර නිවස තුලට දිව ගිය සමන්තිලක

'' තව ටිකක් ලංකරල තව අසන තුනක් හරිගස්සහල්ලා තව තුන්නමක් වැඩියා ''

'' එතකොට ....ඒයි .....පිරිකර .....''

'' කාවහරි කඩේට ඇරල මොනවහරි පාර්සල් කරල ගෙන්න ගම්මු ''

'' මොනවහරි .... කියන්නේ පිස්සුද අනේ පිරිකරට ගැලපෙන දෙයක් වෙන්ඩ එපැය ''

'' දැන් ඉතින් වෙන මොනව කරන්ඩද ''

2014-07-15

මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද



'' කීර්ති අයියේ කෝල් එකක් ''

වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින් සියල්ල හොදින් සිදුවන බව සන් කරමින් රාත්‍රී කාර්යබාර නිලධාරියා දෙසට හැරුනේය

'' කාගෙන්ද ලලිත් ''

'' ජයතුංග කියල ‍හාදයෙක් අයියව දන්නව කියුව හන්දා විස්තර ඇහුවේ නැ ''

'' ජයතුංග ...... හිටහං බලන්ඩ ''

'' හෙලෝ...ඔ..''

'' කීර්ති රත්න මහත්තයද.......මහත්තය මං ජයතුංග ... අර එදා ගම්මඩුවට  ඇවිත් හම්බුනේ''

'' ආ මතකයි කියන්ඩ ''

''මහත්තය එදා කියුවනේ  මහත්තයට  රහසේ කරන ගුර‍ැකමක් බලන්ඩ ඕන කියල ''

'' ඔව් ඉතින් ''

'' මහත්තය මේක ලේසි පාසු කෙරුවාවක් නෙමෙයි මීනි වලක දපල කරන වැඩක් ''

'' ඉතින්''

'' මං මේ රෙස්හවුස් එකේ මහත්තයට කියල ටැලිපොං කරේ . කරුවල වැටෙනකොට පිටත් වෙමු ''

'' හරි තමුසේ එනවකෝ  ''

'' මහත්තය කලිසං ඇදං එන්ඩ එපා , සරමක් හොදා ''

'' හරි හරි තමුසේ දැං ගේට්ටුවට කියල ඇතුලට එනව . මම ඉන්නේ ඇතුලෙ''

'' ඔන්නැ මහත්තය මං එනකං එලියෙන් ඉන්නං ''

'' කැමැත්තක් ..එහෙනං හය හමාරට ගේට්ටුව ගාවට එනව''

යැයි කියු කීර්තිරත්න රිසිවරය ටෙලිපෝනය මතට අත හැර

'' ලලිත් සෝමපාලට කියන්ඩ ජිප් ඒක අරගන හයයි කාලට ක්වාටර්ස් එකට එන්ඩ කියල , එනකොට මිනිහ අතේ එවන්ඩ අවුට්ඩෝර් රෙකෝඩර් එක  ටේප් එකක් ලෝඩ් කරල , ..අනේ කොල්ලෝ මතක ඇතුව අළුත් ටේප් දෙකකුත් එවපං''

කීර්තිරත්නගේ මුහුණ දෙස මොහොතක් බලාසිටි ලලිත් අමාරුවෙන් වචන ගැට ගසන්නට විය

'' කීර්ති මහත්තය ......අනුමැතිය ''

'' අනේ මන්දා බං උඹලත් වෙලාවකට බබ්බු වෙන්ඩ හදනවනේ , මම හෙට ලොක්කට කියන්නං ''

'' ඒ උනාට අයියේ .....ගමගේ මහත්තය කියල තියෙන්නේ එයාගේ අනුමැතියකින් තොරව මොකුත් එලියට ගෙනියන්ඩ එපා කියල ''

'' හරි හරි බං මම හෙට උදේට ලොක්කට කියල සයින් එකක් දාලා දෙන්නං ,  උඹ එන්ට්‍රීය ගහපන්කෝ පාරම්පරික ශාන්තිකර්ම පටිගත කිරිමකට අහවලා පිටතට ගෙන ගියා කියල ''


'' අනේ මන්දා ''

'' මල්ලි අමතක කරන්ඩ එපා , ලොක්කා නැති වෙලාවට ලොක්කා මං ''

'' හරි අයියේ මං එවන්නං ''

නැවතත් විකාශන මැදිරිය වෙත ගිය කිර්තිරත්න ගීතයක් ධාවනය විමට සලස්වා හෙඩ් ෆෝනය පැලදගෙන අත රැදි සටහන් යෙදු ‍ෆුස්කැප් කොල පිරික්සමින් සිටින මොරායස් දෙස බලා  , සජීවී විකාශන පිරික්සුම් මාර්ගය අවහිර කරමින් මයික්කෆෝනයට මුව ලං කලේය .

2014-07-06

ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය



පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක් ආච්චිල කියනව මං අහල තියනව

'' අර නැටිච්චියන්ගේ මහ උන්ගේ ඇස් වලට හෙන ගහලද අර කෙල්ලන්ට අරහම අන්දගන යන්නේ ''

අනේ අර දරුවා ඇදගන යන්නේ ටයිඩ් ඩෙනිමක් , ඒක නරකයි කියන ආච්චි අම්මගේ කැබිනට් එක උඩ තියනව කළු සුදු  ෆොටෝ කෑල්ලක්  , උන්දැ ඒක හරි උජාරුවෙන් දූවිලි පිහදාල එහෙම තියාගන ඉන්නේ, අනේ ඒ පොටෝ එකේ උන්දැ ඉන්නේ තව කෙල්ලෝ සැට් එකකුත් එක්ක කොට ගවුමක් ගහගන , ඒක දැක්කහම මට නං හිතෙන්නේ , අපේ සීයලගේ තාත්තලගේ තරං මගේ ඇස් පිං කරල නැ කියල . ඇයි හත් දෙයියනේ අර ආච්චිගේ පස්සත් පේන නොපෙනෙන ගාන.

සීයල ඊටත් හපං , උන්ගේ කලිසං වල යට වාටිය ඉනටත් ‍වඩා ලොකුයි , ඕකත් ඇදගන කොන්ඩය කාක් කුඩයක් වගේ වවාගන අවුල් කරගන , කකුලක් පිට කකුලක්  එහෙම දාගන නැයිකට් එකක් ෆෝඒස් එකක් ගහගන එහෙම තමා පොරවල් ෆොටෝ අල්ලල තියෙන්නේ ,

තව ඔය ඉටියා බජාර් පොරවල් ගංවල චන්ඩි , කසිප්පු මුදලාලිලා ඒම , බලන්ඩ එපැය පොරවල්ගේ ඉට්ටැයිල් , සුදු සරමක් හරි , වටින රට සරමක් හරි ඇදල , දැල් බැනියමක් සරමට යට කරල , ඒකට උඩින් සුදු යකඩ බොත්තං වලින් පොඩි පර්ස් කෑල්ලක් එහෙම අල්ලපු පටියක් බැදල , දුහුල් නයිලොන් ෂර්ට් එකේ යට බොත්තං තුන විතරක් දාලා සාක්කුවට දෙකට නමාපු සීයේ කොලයක් එහෙම දාගන අත්නමාගන එක පැත්තකින් සරම උස්සගෙන පාරේ ඇවිද්ද ලස්සන ,

කරුමේ කියන්නේ ඒ පරම්පරාවට අපේ කාලේ මෝස්තර දිරවාගන්ඩ බැරි වෙච්ච එක තමා , දැං තත්වය එන්ඩ එන්ඩම දරුණුයි.

මේ කාලේ නිතරම අහන්ඩ ලැබෙන දෙයක් තමයි අපේ වැඩිහිටියෝ කියනව

''අර හුජ්ජ කොල්ලගේ පුදුම ඉලන්දාරි කමක්නේ තියෙන්නේ''

''අර කෙල්ලගේ තියන නැටිල්ල , ඇටෙන් පොත්තෙන් එලියට එන්ඩ කලින් ලමිස්සි වෙන්ඩ හදනව''

ඒ උනාට අප්පා දැං හැදෙන කොල්ලෝ ඒ කාලේ තරං නරක නැ , අපේ කාලේ කොල්ලෝ කරපුව ( මං නෙකෙරුවට ) කොටු පැනිලිද , ගල් කැපිලිද , වතුවලට පැනල වතු පාලු කෙරිලිද , චැලෙන්ජ් කරල එකෙක් වැටෙනකං ගහ ගැනිලිද . ගෑණු නාන වෙලාවටම ඇලේ ,දොලේ , ලිදේ, නාන්ඩ යෑම්ද , ( කොල්ලෝ කුලප්පු කරන්ඩම හිතා මතාම එලියේ දාගන කුණු අතුල්ලපු කෙල්ලො , ගෑණු එහෙමත් හිටියා ) , ඔහොම එව්වා කොහෙද දැන් හැදෙන කොල්ලන්ට.

2014-07-01

අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)

අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල්

කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි
ගොරක බික් 8යි
ලුණු තේ හැදි 3යි
ගම්බිරිස් කුඩු තේ හැදි 6යි
කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි
එනසාල් ගෙඩි 4යි
කරාබු නැටි 6යි
අමුමිරිස් කරල් 3යි ( පවුලගෙ රික්වෙස්ට් )
රම්පේ සුට්ටං කෑල්ලයි ( පවුලගෙ රික්වෙස්ට් )
කරපිංචා අහුරක් ( ගොං කරපිංචා එපා , පට්ට කොල  රහයි )

ඉස්සෙල්ලම පවුලට නොපෙනේන්ඩ එකපාරක් මාළු හෝදනව

ගොරක ටික වතුර ජුන්ඩක් දාල ටිකක් තම්බනව ( එහෙම කරහම ගොරකවල තියන අමිහිරි ගතිය නැති වෙනව )

ඊලගට වතුර අයින් කරගත්ත ගොරක බික් 8යි, ලුණු තේ හැදි 3යි ,කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි, එනසාල් ගෙඩි 4යි , කරාබු නැටි 6යි ‍බ්ලෙන්ඩරේට දාල අඹරගන්නවා අන්දෝසංසාර කුඩු  සම්බෝල වෙන්ඩ

දානව පැතලි හට්ටියකට කරපිංචා අහුර ස්පෙඩ් කරල

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>