2014-02-26

උඹ වෙලාවට නාව නං


ඒ කාලේ අපි හිටියේ බන්ධනාගාර නිලනිවාසයක , ගෙදර හිටියේ මමයි මල්ලියි චුටි අක්කයි තාත්තයි අම්මයි , තාත්ත ඉන්නවා කියුවට ඉතින් ගෙදර ඇත්තෙම නැ , එයාට නියමිත රාජකාරියට අමතරව ලැබෙන වෙන මොකක් හරි ඕටි එකක් බටා ලැබෙන ක්‍රමයක් පස්සේ දුහන හන්දා උදේට ගෙදරින් ගියහම එන්නේ මහ රෑ වෙලා . එහෙමත් දවසක තමා ඉන්නෙ ගෙදර , සමහරක් දවසට රැට අටට නමයට නයිට් එකට යනවා දවාලෙත් වැඩ කරලා , රැ කෑමවේල මිස් වෙච්ච හන්දා දහයට එකොලහට ආයෙත් ගෙදර ඇවිත් දොරට තට්ටු කරනවා .අම්මා දොර ඇරපු ගමන් .

''සුදු හාමිනේ ටක් ගාලා බත් ටිකක් දෙන්ඩ අද ඉන්නේ මායි කුලසේන මහත්තයයි , අතුකෝරලයි , සේනකයි විතරයි , ටක් ගාලා යන්ඩ ඕන ''

'' දෙයිියනේ අද ඉන්නේ ඔය තුන්දෙනා විතරද ''

'' නැ නැ තව අළුත් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා , එක්දාස් හයසීයකට පස් දෙනෙක් බම්බු ගහන්ඩද ''

'' ඉතින් නාගන ඉන්ඩකො''

'' බැ බැ යන්ඩ ඕන "'

අනේ ඉතින් තාත්තා බත් කාලා යන්ඩ හදනකොට අම්මා කියනවා ,

'' එහෙනං ඔය දාඩිය ඇදුම ගලවලා මේකවත් දාගන යන්ඩ''

'' ඕක තියන්ඩ හෙට උදේට , මං හෙට ගල්කිස්ස උසාවි ''

ඉතින් තාත්ත ඔහොම කියලා නිදාගන ඉන්න අප දිහා දොර රෙද්ද ඇත් කරලා බලලා යන්ඩ යනවා . අපි උදේට නැගිටිනකොට ඇද පත්ත උඩ තාත්තගේ දාඩිය ගද ගහන , කාකි කලිසමයි කමිසයයි විතරයි ,

එහෙම බලනකොට අපි හරි වාසනාවන්තයි , අපේ දරුවොත් වාසනාවන්තයි ,

අපි හිටපු ක්වාටස් එකට අපි ඉස්සෙල්ලම ආව දවසේ ගෙදර ලයිට් එකක්වත් වැඩ කලේ නැ , පස්සේ තාත්තා හෙන ‍ගේමක් දිලා මොකක්ද මගුලක් කරලා වයර් එහෙට මෙහෙට ඇදලා කරන්ට් එක ගත්තා ,

2014-02-16

100 randam posts widget with image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය



ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන් ටික දවසක ඉදන් වැඩ කරන්නේ නැ. මොන රෙද්දක් වෙලාද මන්දා.

මම මෙහෙම එව්වා හෙන ගොඩක් බාගන බොගට දාලා බැලුවත් මට ඕන විදිහට තිබුනේ නැ , ඉංගිරිසිත් හරියට බැරුව HTML/JavaScript නිකං ග්‍රීක් වාගේ කේස් එකක් උනාට මාත් ඉතින් ටිකක් දිග ඇරගන බැලුවා එඩිට් පාරක් දාන්ඩ ,

ගන්න ගන්න හැම  එකේම මොකක් හරි අල්ලන්නේ නැති කෑල්ලක් තියන හන්දා මම බැලුවා එඩිට් පාරක් දාලා මට ඕන විදිහට හදාගන්ඩ , ඔය අතරේ මට  සැට් උනා මෙන්න මේක,

2014-02-01

ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය


වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ
නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ
ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ
මතකය හාර හාරා බොග කොටමින්නේ

කඩදාසියක් කියවන්නට වෙලා නැති
සෙල්ලමකටත් යන්නට දැන් හිතක් නැති 
මිතුරු ඇසුරෙනුත් ටික ටික ඈත් වෙති 
රස්සාවත් දැං පෝලිමේ දෙකට ඇති

ගෙට ගොඩ උන ගමං කමිසය ගලවන්නේ
කෙල්ලො දෙන්න එක්කල හුරතල් වෙන්නේ
අටමිත් එක්ක වචන දෙකක් කියවන්නේ
යටි හිත කියන්නේ මෙතනින් ඉදගන්නේ

කව්ද දන්නේ නැ මට අදහස් දුන්නේ
කව්ද යකෝ මේ පස්සෙං එල වන්නේ
ඊයෙත් ඇවිත් ගු ටෝක් නේ මු දුන්නේ
කවුද කියල දන්නව නං $*%$ වන්නේ

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>