2012-09-23
අනේ යං මෙයා යන්ඩ
Labels:
නම දාන්ඩ බැරි කතා
2012-09-14
පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද
මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර, අපේ අර පොඩි මල්ලි අන්න පොර ගැන තමයි අදත් ලියන්නේ. ඔයාලට ආතල් එකක් දෙන්ඩ මම මේ ආයෙත් ඌ ගැන ලියුවට මොකද , මම මේක ලියන්නේ ඇත්තටම හෙණ බයේ. මොකද දන්නවද දෙකක් දාගත්ත වෙළාවට අර අපේ චන්ඩී මල්ලි විකී එක්ක එකතුවෙලා මට මෙන්න මෙහෙම කියනවා.
" උඹට පුලුවන්නං අපි දෙන්නා ගැන තව එක කතාවක් හරි ලියපන්කෝ "
" ඇයි තොපි මට මොනවා කොරන්ඩද "
" කරන එක බලන්ඩ ලියපන්කෝ "
" කොරයි මට මේක "
මම එහෙම කියුවට ඕකුන් දෙන්නගේ ඉතිහාසය ගූබෝලය දෙකම දන්න හන්දා ඇත්තටම මම ඉන්නේ ටිකක් මෙව්වා වෙලා කියන එක තමයි ඇත්තම ඇත්ත. එහෙම අවධානමක් අරගන මම ලියන එකට සලකලා ඉස්සෙල්ලම ඔය පරණ කතන්දර තූන බලලා එන්නකෝ.
දැන් ඉතින් කතන්දරය
ඒ දවස්වල පොඩි මල්ලි පොඩි කොල්ලා , (ඌ ලොකුවට හිතාගන හිටියට මටනං තාමත් හුජ්ජ කොල්ලා) ඉතින් දවසක් අපි දෙන්නා පුටාර්එකේ ටවුමට ආවා මොනවා හරි උවමනාවකට.ආයෙත් අපි ගෙදර යන ගමන් මම කඩයකට ගිහිල්ලා රිංගා එළියට එනකොට . ඒ කඩය ඉස්සරහා හැමදාම නවත්තන බස්එක ඇවිත් එතන නවත්තලා තිබ්බ හයික්ලාස් වාහනයකට හෝන් එක ගහනවා නෙමෙයි , හෝන් එක උඩ නගිනවා. ඒ වාහනයේ හිටපු තඩියා වීදුරුව පාත් කරලා
" ඇයි ඕයි මොකද "
කොන්දොස්තර මහත්තයා ආවා ලගට
" මහත්තයා අපේ බස් එක නවත්තන්නේ මෙතන , චුට්ටක් ඉස්සරහට ගන්නවද වාහනය "
" මෙතන බස් ගහන්ඩ ඉස්ටෑන්ඩ් එකක්ද ඕයි මෙතන "
" මේ ----පිටිය බස් එක මහත්තයා අපි ඉස්ටෑන්ඩෙකේ බස් එක ගහන්නැ මෙතන තමයි හැමදාම ගහන්නේ"
" ඕන --තක ගිහිල්ලා ගහගනින් --තෝ, මම වාහනේ ගන්නැ "
කොන්දොස්තර මහත්තයා ආයේ හැරුනා විතරයි ඩැයිවර් මත්තයා ගහපි ආයෙත් හෝන් එක
" තොගේ ---ට ---ඩ --යා තෝ මොනවද දැන් කියන්නේ, තොට මොනවද ඕන -රි ---යා "
කියාගන අර මහත්මයා බස්එක දිහාවට ඇවිත් බස්එකට නගින්ඩ හදන කොට , හැදිච්ච කක්කා බරට ඩැයිවර් මහත්තයාට නොදැනිම ජැක් පොල්ල ඩැයිවර් මහත්තයගේ අතට ආවා.
මෙච්චර වෙලා කතාවක් නැතුව බලාගන හිටිය පොඩි මල්ලි.
" එළ එල ගොඩ දවසකින් වලියක් බැලුවේ නැ "
දඩස් .බඩස් . දඩ බඩස් , චටාස් , පටස් , උග් , ආ , අතරින් පතර මහත්තයාගේ අම්මට අප්පට කෑලි
කොන්දොස්තර මහත්තයා කාල් ලුවිස්ට ඇදලා
" ඇයි ඇයි මහත්තයා මොකද සීන් එක "
අහල පහල වටපඩයි මහත්තයට අල්ලනවා
" තමුසේ දන්නැද්ද ඔයි මල්ලි මේ අපේ ලොකු මහත්තයාව "
" එකනේ --තෝ උඹලා සත්තම දාන්ඩ කලින් බලපල්ලා කව්ද කියලා, අපේ මහත්තයට කොරන්ඩ බැරි දෙයක් තියනවද මේ රාගම "
දැන් -කේ මහත්තයා තව ෆෝම්
" තෝ කව්රු කියලා හිතාගනද --යා මට ගහන්ඩ යකඩ පොල්ලක් ගත්තේ, බස්සනවා --යා යකඩ පොල්ල -ක දිගේ "
මට නං දැන් මේක බලාගන ඉන්න බෑ, කතාකරන්ඩ ගිහිල්ලා ඇරෝ ගන්ඩත් බෑ. මම කියුවා පොඩී මල්ලිට මෙහෙම
" අපි යමං බං යන්ඩ "
" තව පොඩ්ඩක් හිටහං අයියේ , කවදා දකින්ඩද බලලාම යමු , දැන් අර තඩියා යකඩ පොල්ල අරුගේ පු-ට බස්සයි ‘‘
2012-09-08
අයියා මාව බඳිනවද?
ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ.
මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු , අපේ ආයතනයෙන් උපකරන සපයපු , චිත්තර පටියක වැඩ කෙරුවා.
මාසයක් විතර අංගොඩ රූපගතකිරීම් කෙරුවත් මට වාසනාව ලැබුනේ දවස් කිහිපයක් වරින් වර වැඩ කරන්න විතරයි.
මේ කියන දවසෙත් මට වැඩකරන්න අවස්ථාව ලැබුන්නෑ. එදා අපේ ආයතනයේ වෙනත් අංශයක වැඩකරපු මීත්තරයෙක් ෂූටින් බලන්න ගිහිල්ලා.
ටික වේළාවක් කට්ටියත් එක්ක කයියගගහ හිටපු පොරට පිස්සන් කොටුවේ සිරි නරඹන්ඩ හිතිලා , තනියම වාට්ටුවක් වාට්ටුවක් ගානේ විසිට් එකක් දැම්මාලු.
පොර වාට්ටු දෙකක් අතරේ තිබ්බ කොරිඩො එකක ඇවිදගන යනකොට කණුවකට පිට හේත්තූව දාගන හිටපු කෙල්ලක් හීනියට හිනාවක් දැම්මාලු.
පොරත් ලාවට හිනා පාරක් දාගෙන ගිහින් ආයෙත් හැරිලා බලන්ඩත් හිතිලා එහෙම බලන එකත් හරි නැ කියලා හිතලා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලම බලනවා කියලා හිතූවා විතරයි.
" ෂ්... ෂ් ..... අයියා මේ..... ටිකක් ඉන්ඩකො "
" ඇයි නංගී "
" අයියා ඔයා ගඩලාදෙනියේ නේද "
" නෑ..... නෑ මම මාතර "
" අනේ හරි නරකයි දන්න අපිටත් බොරු කියනවා , ඇයි අනේ ඔයාට මතක නැද්ද මම මදුමාලී අර ශීරන්තිකාගේ යාළුවා , අර සුමේධ අයියා එක්ක යාළුවෙලා හිටපු ශිරන්තිකා එක්ක හැම වේළාවෙම හිටියේ , ඔයාලා මට නැට්ට කියලා කේන්ති ගස්සනවා මතක නැද්ද "
" අනේ නංගි ඔයාට වැරදිලා ඒ මම නෙමෙයි "
" අනේ සොරි අයියේ මම හිතූවේ ඒ අයියාමයි කියලා , ඇත්තනේ ඒ අයියාගේ කොන්ඩේ ඉත්තෑකූරු වගේනේ , අනේ සමාවෙන්න අයියේ වැරදීමක් උනේ "
" ආ ඒකට කමක් නෑ , ඒක නෙමෙයි ඔයා මොකද මෙතනට වෙලා කරන්නේ , කාවහරි බලන්න ආවද "
" අනේ ....නෑ ..... අයියෝ .... බලන්ඩකෝ අපේ අම්මලා මාව කල්පනා කරනවා වැඩියි කියලා මෙහෙට්ට ගෙනත් දැම්මනේ "
" ආ...ආ... ම...ම ගිහිල්...ලා එ..එ..ඒන්නං නංගී...."
( අනිත් පැත්ත හැරිලා දුහමින් )
" අනේ අයියා දුහන්ඩ එපා , අයියා මාව කසාද බදින්ඩ
මම අයියට හොද සැපක් දෙන්නම් "
Labels:
අහපු කතා,
නම දාන්ඩ බැරි කතා
2012-09-04
'' පටි සෙරෙප්පු ''
''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු''
''අප්පේ මට බෑ. මට මහන්සියි.''
''නැත්තං තනියම ගියා කියලා උඹලගේ තාත්තා ඇවිත් මට කෑගහයි.''
''ඉතින් අම්මත් කෑගහන්ඩ.''
''ආවොත් මම උඹට ගල්සියඹලා රුපියල් දෙකක අරන් දෙනවා.''
''මම ගෙදර ඉන්නං. අම්මා එනකොට ගල්සියඹලා ගේන්ඩ.''
''මම නාගන එනකොට ලෑස්තිවෙලා හිටියේ නැත්තං බලාගනින් මම උඹට කරන දේ. මහ
මිනිහා වාගේමයි මා ගැන අනුකම්පාවක් නැ උඹගෙත්.''
බෙරි කරගත් මුහුණින් යුතු උක්කුං විසින් ගෙනවිත් දුන් කලිසම සහ කමීසය තරහින් උදුරාගත් සිරිමාවතී, කිලිටි රෙදි දැමු තහඩු බේසමට එයද ඔබා උකුලට ඔසවා සිර කරගෙන , කුස්සිය පිටිපස තිබු කොහු ලණුව ගැට ගැසු බාල්දිය රැගෙන හනිකට ගල් ළිදට පිය මැන්නාය.
බේසම ලිං මිදුලේ තැබු සිරිමාවතී බාල්දිය තුළ තිබු සල් බාර් සබන් පොත්ත සහ සිරිතුංගගේ කිලිටි සරම ලිං ගැට්ට උඩ තබා , බේසම තුළ තිබු රෙදි මතට වතුර බාල්දි කිහිපයක් ළිඳෙන් ගෙන හෙළුවාය.
තවත් වතුර බාල්දියක් රැගෙන පසකින් තැබු ඈ, සිරිතුංගගේ සරම ඔළුවෙන් ඇඟට රුවාගෙන සරමේ ඉහළ කොන කටින් සපාගන, හැඳ සිටි බාච්චු ගවුම් කඩමාල්ල උරහිසින් පන්නා බිමට හෙළුවාය. හපාගන සිටි සරම කටින් ගෙන පපුවට ගැට ගැසීමට පෙර, හිස බීමට හරවා සරම තුළින් පෙනෙන තම වැහැරුණු සිරුර සහ ගලවා දැමු වැරහැල්ල දෙස මොහොතක් බලා සිටි සිරිමාවතීගේ සිත අතීතයට දිව ගියාය.
සිරිතුංග සමග හාදව නිවසින් පලා ඒමට පෙර, මාපිය සෙවණේ ලද සියලු සුඛවිහරණයන් සිහිවන විට ඇගේ නෙතගට කඳුළක් නැගෙනුයේ තමා ගැන ඇතිවන ආත්මානුකම්පාවකින් නොව, තම දියණිය සහ පුතණුවන් ගෙවනාවූ දුක්ඛිත ජිවිතය හේතුවෙන් තමා ගැනම ඇතිවන වරදකාරී හැඟීම් නිසාය.
දියණිය උපන් විගසම වාගේ දිනයක, එවකට සිරිතුංග සමග තමන් විසු නිවසට හදිස්සියේම පැමිණි තම මව විසින් හැඳ සිටි සාරි පොටින් දෑස් පිස දමමින් පැවසූ වදන්, ළිඳ අසල සරුවට වැවුණු බට පදුරු වල සිරි සිරියට මුසුව නැවතත් දෝංකාර දෙමින් ඇසෙන්නා සේ සිරිමාවතිට දැනෙන්නට විය.
Subscribe to:
Posts (Atom)