Popular Posts

2016-11-25

ඉතිං ඔය තමා යහපාලනේ දැං රහ බලහං



අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා
වාහන ගාන වැඩිකලාටත් බනිනවා
වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා
රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා
අදායම් බදු එකෙන් වටලනවටත්  බනිනවා
සේවක අර්ථසාදකෙන් වටලනවටත් බනිනවා
කොටි ආයේ නැගිටිනවා කියල බනිනවා
හම්බයන්ට ඕන විදිහට නටනවා කියල බනිනවා
තීරුබදු සහන ගන්නවට බනිනවා
දියමන්ති වලට බදු සහන දෙනවයි කියලත් බනිනනවා
උන් පඩි වැඩිකර ගන්නවා කියල බනිනවා
හොරු අල්ලන්ඩ ඇවිත් හොරු බේරල අරිනවා කියල බනිනවා
හොරු අල්ලන්ඩ ඇවිත් මුනුත් හොරා කනව කියල බනිනවා
මුලින් හොරු කියපු උන් එක්ක එකතු වෙලා කියල බනිනවා
පැරදිච්ච උන්ට මංතිරිකං ඇමටි කං දුන්නා කියල බනිනවා
සංවර්ධන වැඩ නවත්තල කියල බනිනවා
අලුතිං සංවර්ධන වැඩක් පටංගත්තේ නැ කියල බනිනවා
අරුං කරපුවා හරි නැ හරි නැ කියල ඒවම කරනව කියල බනිනවා
හැම බඩුවම ගණන් කියල බනිනවා
අමතර දෙයක් ගන්ඩ තියා මිනිස්සුන්ට කන්ඩ නැ කියල බනිනවා

ආංඩුව ඇතුලේ ඉන්න උන් හොරකං කරනව කියල බනිනවා
තමන්ගේ උන්ගේ හොරකං දැක්කේ නැ වාගේ ඉන්නවා කියල බනිනවා
බැංකු හොරකම යාළුකමට ලොක්කා දැක්කේ නැ වාගේ ඉන්නවා කියල බනිනවා
ඉන්දියාවත් එක්ක ගිවිසුං ගහනවා කියල බනිනවා
පලාත් සභා  ප්‍රාදේශිය සභා චන්දය තියන්නේ නැ කියල බනිනවා


අනේ අම්මේ දවස තිස්සෙම බනිනවා
එක එක ඒවා කිය කියා බනිනවා
හිටපු කට්ටිය ඊට ඉස්සර හිටපු කට්ටිය සංසංදනය කර කර බනිනවා
ඊටත් කලින් හිටපු අයගේ හොද කියකියා බනිනවා
ඉපදෙන්ඩ කලිං හිටපු අයටත් හොද කියල තමන්ට ඕන උන්ට බනිනවා

අහං ඉදලා බැරිම තැන
ඔයාල නේද දුන්නේ
අපි ඉතින් අලියට ඇර වෙන කාට දෙන්ඩද
ඉතිං ඔය දුන්නේ අලියටද
ඔන්න ඉතින් ටිකක් ඇඹරිලා එහෙම
අපි දුන්නේ යහපාලනේට
රටේ යහපාලනයක් ඇති කරන්ඩ

ඉතිං ඔය තමා යහපාලනේ
දැං ඉතින් රහ බලහං






2016-11-22

ලැජ්ජා වෙන්නේ මොකටද




ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ චූටි මෙන්න  ෆෝන් එක රින්ග් වෙනවා ‘‘

‘‘ ඇයි තාත්තේ ‘‘

‘‘ ඔයාට නෙමෙයි අම්මට ‘‘

‘‘ මං කියල තියනවා නේද එයාට චුටි කියන්ඩ එපා කියල...මම තමයි චූටි ....එයා අම්මිච්චා ‘‘

‘‘ හරි හරි අම්මට කතා කරන්ඩකෝ ‘‘

‘‘ අම්මා මෙන්න ඔයාගේ ....අලියා..... කතා කරනවෝ ‘‘

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ හයියෝ කවුද දන්නැ ‘‘

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ කවුද දන්නැ කිය කියා ඉන්නේ ගන්ඩකෝ මේක ‘‘

‘‘ හරි හරි ..ඉන්ඩ අනේ ..අතේ වතුර ‘‘

‘‘ හෙලෝ ‘‘

දැං මට අනිත් පැත්තෙං කියන ඒවත් ඇහෙනවා ....අපේ උන්දැ කම්පියුටරයට චාජ් වෙන්ඩ ගහල තිබුන ෆෝන් එක ගලවන්නේ නැතුව එහෙම්මම අරං කනෙන්  තියාගත්ත හන්දා ... වැඩිපුරම ෂොප් එකේ ඉන්න හන්දා පාරේ වාහන සද්දේ පරද්දන්ඩ හොදටම සද්දේ වැඩි කරලයි තියෙන්නේ

‘‘ මේ ඔයා අර බ්ලවුස් එක හැදුවද ‘‘

‘‘ කවුද මේ   ඒ   ..කොයි බ්ලවුස් එකද ...අ...‘‘

‘‘ අර ලානිල් පාට එක ...හිර මදි කියල දෙපැත්තෙං පොඩ්ඩ පොඩ්ඩ ගහල දෙන්ඩ කියුවේ ‘‘

‘‘ ඒක මං අද හදලා දෙන්නං කියුවද ‘‘

‘‘ නැතුව... මං ඔයාට කියුවනේ අද ඕන කියල ‘‘

‘‘ නැ නැ... මම බැ කියුවා ...පුලුවං වෙලාවක හදල දෙන්නං කියලනේ කියුවේ ‘‘

‘‘ ඉතින් අද මට ඕනනේ ...‘‘

‘‘ ඉතින් මම කියුවනේ අද දෙන්ඩ බැ කියල ‘‘

‘‘ එහෙනං ඔයා ඇයි ගත්තේ ‘‘

‘‘ මම ඔයාට බැ කියුවනේ ....ඔයානේ බලෙන්ම දාලා ගියේ ...කමක් නැ එහෙනං පුලුවං වෙලාවක හදලා දෙන්ඩ කියල ‘‘

‘‘ ඉතිං ඔයා ...බැ කියල ආයෙත් ගත්තනේ ‘‘

‘‘ ඒ උනාට මං ඉස්සෙල්ලම කියුවනේ ඔයාට ..මං කඩෙං ගත්ත ඇදුං හදන්ඩ ගන්නේ නැ ....මට බැ කියල ‘‘

‘‘ මම තව ටිකකිං ගමනක් යනවා ...මට ඒක ඇදගන යන්ඩ ඕන ‘‘

‘‘ බැ ..බැ ..මට දැං එන්ඩ බැ ....සනීපත් නැතුව ඉන්නේ ....හරියට ඔලුව කැක්කුමයි ....බබාටත් සනිප නැ .....හොද්ද කර වෙනවා ....මං ෂොප් එකට ආපු ගමං ඔයාට කෝල් එකක් දෙන්නං .....තියනවා එහෙනං ‘‘

‘‘ ....කවුද අනේ ඔය.... ‘‘

‘‘ මල වදේ අනේ .... මෙච්චර කල් ඇදුං නැතුව හිටියා වාගේ .....මහන්ඩ එන අයනං කමක් නැ .....ඔය ආවාමයි  .....කඩේං ගත්ත එකක් හදන්ඩ ඇරං ඇවිත් ....තාම චාජ් වෙලත් නැ .....මෙන්න මේක ඔහොම්මම තියන්ඩ ලොකු .....ගලවන්ඩ එපා .. ‘‘

‘‘ ඉතින් එහෙම කියල හරියනව යැ ...ගත්තා නං දෙන්ඩ එපැ ‘‘

‘‘ මං ගත්තේ නැ අනේ ...ඒ හොල්මන බලෙං දාල ගිහිං .... වද දෙනවා ‘‘

‘‘ හාකෝ   හාකෝ ....කොහෙද ඉතින් කියන එක ගැන නෙමෙයිනේ ...කියවන්නේ ‘‘

‘‘ හපොයි මගේ ..කරවල හොද්ද ....‘‘

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...


‘‘ මෙන්න ආයෙත් රින්ග් වෙනවෝ ....කලිං නොම්මරේමද කොහෙද ‘‘

‘‘ ඇහෙනවෝ ...මේ එනවෝ ‘‘

‘‘ උස්සලා ස්පිකර් ෆෝන් දාන්ඩ හරිද ‘‘

‘‘ හෙලෝ ‘‘

‘‘ මේ ඔයා එතකොට ඒක හැදුවේ නැද්ද ‘‘

‘‘ නැ නැ ...හදලා තියෙන්නේ ‘‘

‘‘ ඉතිං එහෙනං ඇවිත් කඩේ ඇරලා ..මට ඒක දෙන්ඩකෝ ‘‘

‘‘ අපි ෂොෆ් එක අරින්නේ  දහයට ‘‘

‘‘ ආ එහෙමද  ඉතින් එතකොට වහන්නේ කීයටද ‘‘

( ......අහන්ඩ කඩේ වහන්ඩ උදව් වෙන්ඩ එන්ඩද අහන්නේ කියල.....  )

‘‘  මේ කට වහගන ඉන්ඩ අනේ ‘‘

‘‘ මොකක් ....  මොකක්ද කියුවේ ‘‘

‘‘ නැ නැ වෙන කතාවක් ..මේ අපේ ..එක්කෙනාට කියුවේ ‘‘

‘‘ ආ ඒක මිසක් ... එතකොට කඩේ වහන්නේ කීයටද ‘‘

‘‘  වහන්නේ  අටට ‘‘

‘‘ ඔයාල කොහෙද ඉන්නේ ‘‘

‘‘ නවලෝකගම ‘‘

‘‘ එහෙනං ඇවිත් කඩේ ඇරලා බ්ලවුස් එක මට දෙන්ඩ ‘‘

‘‘ බැ දැන්නං එන්ඩ බැ .....අද තවත් ටිකක් පරක්කු වෙයි ‘‘

‘‘ ඉතිං ලගනේ ...ඇවිත් මට මේක ඇරං දීලා ආයෙත් යන්ඩ ....‘‘

‘‘ බැ බැ පුලුවං කමක් තිබුනනං එනවා ...අමාරු හින්දයි මං කියන්නේ ....මට සනීප නැ ‘‘

‘‘ ඉතිං මට ඒක ඕනනේ ‘‘

‘‘ අනේ මට කතා කරන්ඩත් අමාරුයි ...ඇත්තටම සනිප නැ ... තියනවා එහෙනං ‘‘


...... මල කරදරේ මං මේක ඔෆ් කරල දානවා .....


‘‘ මොකක්ද අනේ ඔය ..ඔයා හරියට මිනිස්සුන්ට පැහැදිලිව නොකියන එකේ වරදනේ ....ඇඹරි ඇඹරී ඉන්ඩ එපා ......පලවෙනි පාරම කියන්ඩ තියන දේ කෙලින්ම ..කියන්ඩ ...එහෙම නැතුව ...නලවන්ඩ ගියහම  තමා ඔහොම වාත වෙන්නේ ...සැරින් සැරේ කෝල් කරකර ‘‘

‘‘ කියනව ලොකූ ....මේ මිනිස්සුන්ට  කියනදේ තේරෙන්නේ නැනේ ‘‘

‘‘ තේරෙන්නේ නැතුව නෙමෙයි ..අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතිකම ..තමන්ගෙ වැඩේ විතරයි ‘‘

‘‘ ඉන්ඩකො මං කරන්නං හොද වැඩක් බ්ලවුස් එක හැදුවට සීයක් නෙමෙයි දෙසීයක්ම ගන්නවා ‘‘


ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං


‘‘ මොන හුයන්නක්ද  මේ ඒ පාර මගේ ෆෝන් එකට ගන්නවා‘‘

‘‘ ඉන්ඩකෝ  හොදවැයිං දෙකක් කියනවා මං මේ පාර නං ‘‘

ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං


‘‘ එපා ඕක ගන්ඩ ...ඔහේ රින්ග් වෙච්චාවේ ‘‘

‘‘හෙලෝ ‘‘

‘‘ මං මේ ඇවිල්ලා කඩේ ඉස්සරහයි ඉන්නේ ‘‘


‘‘ හෙලෝ ....නංගි මේ .....අනේ කරදර කරන්ඩ එපා .......ඔතන දොරේ අපි ගහල තියනවානේ ෂොෆ් එක අරින්නේ උදේ දහයට වහන්නේ රෑ අටට ...ඒ ඇරුනහම පෝයටයි ...හැම මාසෙම හය වෙනිදටයි විතරයි වහන්නේ .....ඇරල තියන වෙලාවක එන්ඩ ‘‘

‘‘ ඉතින් සමහරක් දවසට ඔයා උදෙම්ම කඩේ අරිනවනේ ‘‘

‘‘ ඔව් සමහරක් දවසට හයට හතටත්  එනවා තමයි ...ඒත් අද බැ ‘‘

බීප් ....බීප්

‘‘දැං ඉතිං ඔය හොදවයින් දෙකක්ද ඔය කියුවේ ‘‘

‘‘ ඔහොම නැතුව   ඔයා වගේ මිනිස්සුන්ට සැරෙං කතා කරන්ඩ කියලද මට කියන්නේ ‘‘

‘‘ අනේ මේ ඕක පැත්තකට දාල ඇදට ගිහිං ඇස් දෙක තදකරල වහගන ටිකක් ඇලවෙලා ඉන්ඩ ..එතකොට ඔලුව කැක්කුම අඩුවෙලා යයි ....‘‘

‘‘ එහෙනං ඔයා ගොටු කොල සම්බෝලයක් හදනවද ‘‘

‘‘ අප්පා ගොටුකොලනං ලියන්ඩ බැ ...කංකුං මිටියක් තිබ්බා නේ ඒක තෙල් දාන්නං ‘‘

‘‘ හා එහෙනං ....ඔන්න ඔය ඔයාගේ ෆොන් එකත් ඔෆ් කරල දාන්ඩ ‘‘

‘‘ පිස්සුද මනුස්සයෝ මෙෂින් හදන්ඩ කවුරු හරි කතා කලොත් ‘‘

ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං

අපේ උන්දැ ඇදට ගිහිං විනාඩියක් ගියේ නැ ආයෙත් රිංග්  වෙනවා .....ගොඩ දවසකින් ආතල් එකක් ගත්තෙත් නැ .....වම් කම්මුල ඇගිලි දෙකෙන් එලියට ඇදලා ....නාකි ලොඔු මෝඩ් එකට වොයිස් එක චේන්ජ් කරලා ..ඉස්සුවා ෆෝන් එක

‘‘ හලෝඔඔ....‘‘

‘‘ මේ..... මේ .....අර ඇදුං මහන කෙනා ඉන්නවද ‘‘

‘‘ ඉන්නවා නෝනේ ....ඒ අපේ ලොකු කෙල්ලගේ දෝණියැන්දා නේ ‘‘

‘‘ එයාට ෆෝන් එක දෙන්ඩ ‘‘

‘‘ දැං නං ෆෝං එක ළමයට දෙන්ඩ හැටියක් නැ ...නෝනේ ‘‘

‘‘  දැං ටිකකට කලිනුත් මං කතා කලා ...අංකල් එයාට ෆෝන් එක දෙන්ඩකෝ ‘‘

‘‘ නෝනෙට කියන්ඩ නෝනේ ....ඔය මැහුං සාප්පුවක් දාගන,  මේ කෙලීට ......කන්ඩද ...බොන්ඩද...වතුර ටිකක් ඇගට දාගන්ඩ ඉස්පාසුවක් නැ  ...යකා බැදගත්තා වාගේ ,.... උදේ  හිටං ෆෝං එක කෑගහනවා කෑගහනවා ඉවරයක් නැ , බෙට්ට පුක මුලට තද කරගන ඇඹරි ඇඹරි ගෙයි වැඩ කරකර ඉදලා .... ඔන්න දැං බෙට්ට බාන්ඩ දිහුවා ‘‘



2016-11-21

මං අදි මදි කරනවා



‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘

කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ...

‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො දෙන්නාවත් එක්කගන වරෙං මෙන්න මෙහේ ‘‘

‘‘ ..හ ..හ ...හරි වැඩක්නේ ..එයාලට විතරද සෙල්ලං කරන්ඩ හොද ....මට බැ මං එන්නේ නැ ‘‘

‘‘ කිව්වම අහලා වරෙන් මගෙන් ගුටි කන්නේ නැතුව ,  මම කියල තියනව නේද ..ඉස්සර වගේ උඩදාගන නටන්ඩ එපා කියල ‘‘

‘‘ මට බැ ..හ...හ...ඇයි ..වදේ ..මට තමා ඔක්කොම ...ගේ අස්සටම වෙලා ඉන්ඩ ඕන ...චම්පක්කලැ දිහා යන්ඩ දුන්නෙත් නැ ‘‘

‘‘ පක්කලැ දිහා යන්ඩ අරිනවා මං උඹව ....වේසා කෙල්ලො එක්ක පෑහෙන්ඩ ...උඹ මහ ලොකු ලමිස්සිනේ ....මහ මිනිස්සු නැති අතරේ කොල්ලෝ ගෙවල් අස්සේ දාගන නෙයි නාඩගං නටන පදුරියෝ එක්ක ..පෑහෙන්ඩ ...අරිනවා මං උඹව ....මේ මං උඹට දැනගන්ඩයි කියන්නේ ....මේ අම්මා එක්ක නං කවරමදාවත් ඔව්වා හරියන්නේ නැ  ..කියල  මතක තියාගනිං .... පල පල තෝ...රිංගන්ඩ ..ඔය ගුබ්බැයං අස්සේ ... ඔකුන් තුන් දෙනා තොටත් මිනිහෙක් හොයල දෙයි ‘‘

‘‘ හීඊඉඉඉඉඊඊඊඊඊඊ..........ඇඈ...ඉහි ඉහි .....,,‘‘

‘‘ මොකද පරට්ටි දත්කූරු කන්නේ .....ගලවනවා මං තොගේ දත් ඇන්ද ‘‘

‘‘ ඔහොම මට කියන්නේ ..ඇයි ....මං යන්නේ පත්තර බලන්ඩ ‘‘

‘‘ පත්තර බලන්ඩ ....පත්තර බලන්ඩ .....කිවයපියකෝ ගෙට වෙලා ඉස්කෝල පොතක් ......දහයේ විභාගෙට මාස දෙකයි .... මගුල් කතා පත්තර බලන්ඩ ....ඉස්සෙල්ලා ඉගනගන හිටපිය පස්සේ පුලුවං මගුල් කතා බලන්ඩ ..‘‘


‘‘ හරි හරි ...යනවා මං යනවා ...‘‘

‘‘ ඉතිං පල ..‘‘

‘‘ ඉතින් යන්ඩ අහක්වෙන්ඩ ..... ඔතනට වෙලා ඉන්නේ මට ගහන්ඩනේ ..ඔතනින් අයින් උනහම මම එන්නං ‘‘

‘‘ මෙහේ වරෙන් ..මම උඹට කියන්නේ අන්තිම වතාවට ‘‘

‘‘ ඉතින් ඔයා  වැට ගාවිං අයින් වෙන්ඩ ...මං ගේට යන්නං ‘‘

‘‘ ඒයි ..තොපි දෙන්නට දැං මං වෙනම කියන්ඩ ඕනද ....පොල්ලක් අරගන දෙන්ඩ කලිං වරෙව් ගෙට ‘‘

‘‘ ඕයි ලොකු මල්ලි ..පොඩිත් එක්ක එනවා යන්ඩ.... අම්මා ..ගෙට ගියා ....දැං නං ගහන එකක් නැ .....තමුසෙල දෙන්නා හින්ද තමයි මාත් බැනුම් අහන්නේ .....‘‘

‘‘ අනේ යනවා ඕයි  යන්ඩ ... අපිට යැ අම්මා බැන්නේ .....තමුසේ ..චම්පක්කට ප්‍රීයන්ත අයියගේ ලියුං ගෙනිහිං අහු උන හන්දනේ ...අම්මා තමුසෙට බනින්නේ ....අපි කොල්ලෝ ...අපිට ඕන තැනක සෙල්ලං කරන්ඩ පුලුවං ....අර එදා තමුසෙගේ මගුල් ගෙදරදිත් කියුවේ .... ආච්චි අම්මලා , පුංචිලා ...එහෙම ඉස්සර වගේ කොල්ලො එක්ක නටන්ඩ යන්ඩ එපා කියල ‘‘

‘‘ ඕන එකක් කරගන්නවලා ....මං ගිහිං අම්මට කියනවා ..තමුසෙලා ආවේ නැ කියල ‘‘

‘‘ ඔන්න මං නං ආවා අරයලා කියුවට ආවේ නැ ..අම්මේ ...ඔන්න මටනං බයින්ඩ එපා ‘‘

‘‘ දැං උඹ ඔය උදේට මූණ එහෙම හේදලාද  ‘‘

‘‘ නැතුව ..මං ඉන්නවයැ හඩුවට ‘‘

‘‘ එකෙං කමක් නැ ...ආයෙත් ගිහිං නාගන එහෙම ලැස්ති වෙයං ගමනක් යන්ඩ ‘‘

‘‘ කොහේ යන්ඩද  අම්මේ ...‘‘

‘‘ යන්නෙද ...යන්නේ වල පල්ලට ‘‘

‘‘  කියන්ඩකෝ ...අප්පා ..‘‘

‘‘ අප්පා ..අප්පා තමා අප්පා ....කියුවහම ගිහිං ලෑස්ති වෙයං ‘‘

‘‘ කොහේ යන්ඩද කියන්ඩකෝ .....අනික මට බැ මෙච්චර උදෙං   නාන්ඩ ...ගිහිං ආවහම දාඩියේ බැ ...මං යන තැනක ගිහිං ඇවිත් දවල්නාට කාල එහෙම නානවා ‘‘

‘‘ උඹට බඩගිනිද පුතේ ‘‘

‘‘ නැ මට බඩගිනි නැ ‘‘

‘‘ කොල්ලෝ දෙන්නට නං බඩ ගිනි ඇති නටල නටලා ...පාං අරික්කාලක් කාලා ඇතැ කොල්ලන්ට ‘‘

‘‘ කොහෙද අම්මේ අපි යන්නේ ‘‘

‘‘ රත්නා නැන්ද  ලැ දීහා ‘‘

‘‘ ඒ මොකැ හදිස්සියේ ‘‘

‘‘ කිව්වහම ගිහිං ලෑස්ති වෙයං ......ඒ පාර යක් පැටව් දෙන්නා ..ගේ අස්සෙත් නටන්ඩ ගත්තද .. පලයල්ලා ගිහිං වහල්ල මැදගන නාගන වරෙල්ලා ‘‘

‘‘ මේ දැම්ම ‘‘

‘‘ ඔව් දැම්මම ‘‘

‘‘ අප්පෝ මට බැ සීතලම සීතලයි ‘‘

‘‘ මොන සීතලක්ද දැං දහයත් පැන්නා ‘‘

‘‘ අනේ මට බැ මං මූන විතරක් හෝදන්නං ‘‘

‘‘ චුටි පුතා ..උඹ මගෙන් කන්ඩමයි හදන්නේ .....හොදට කුණු අතුල්ලලා නාපං දෙන්නම ... නැත්තං මං පොල්ලෙල්ලක් ඇරං හම ගහනවා , බලපං උඹල දෙන්නගේ කටේ හැටි විදුරු මහත් සුදු මැලි වෙලා ....කොහෙද දතක් කටක් මදින්නේ නැ මනුස්සප්පෙරේතයෝ වාගේ ‘‘

‘‘ ඔය උඔ ඒ ටිකට හෝදගන ගෙටත් ආවද ‘‘

‘‘ අනේ දැං නාන්ඩ බැ අම්මා ‘‘

‘‘ උඹ ගාව සල්ලි තියනවද ‘‘

‘‘ මාගාව කොහෙමද සල්ලි ‘‘

‘‘ මං දැක්කා පැන්සල් පෙට්ටියේ කාසි වාගයක් තියනවා ‘‘

‘‘ අනේ එක මං එකතු කරන සල්ලි ...හතලිහද කොහෙද තියෙන්නේ ‘‘

‘‘ ඒකට කමක් නැ ... ඒක මට දියං හම්බුනහම  දෙන්ඩ බැරියැ ‘‘

‘‘ ඔය කියුවට දෙන්නේ නැ ‘‘

‘‘ නැත්තං ඉතින් අරහේ යන්ඩ එන්ඩ වෙන්නේ පයිං තමා , කොල්ලො දෙන්නටනං ටිකට් ගන්ඩ ඕන නැ ‘‘

‘‘ ලොකු පුතා ...මොකද උඹ ඔය කොන්ඩෙට කරන්නේ ....බම්ප් එක තියන්ඩ ...තෙල් ටිකක් ගාල පැත්තට පීරපං ..‘‘

‘‘ ඈ ..අම්මේ ..කොහෙද අපි යන්නේ ‘‘

‘‘ රත්නා නැන්ද  ලැ දීහා ‘‘

‘‘ තාත්තා ඒදත් බැන්නානේ අම්මට එහේ යන්ඩ එපා කියල ‘‘

‘‘ අනේ එයාට නටාගන්ඩ කියහං ...ගියා ගියාමයි ...සතියකටත් වැඩියි ...ගෙවල් වල ගෑණු ළමයි ඉන්නවා කියල මතකයක් තියනවනං ..මං ගම වටේ ඇවිදින්ඩ ඕන යැ ‘‘

‘‘ අම්මේ යතුර ගන්ඩද ...හුලං කව්ලුවෙං තියන්ඩද ‘‘

‘‘ පොඩි බෑග් එක අරං ඒකට දාගන එලියට බහිනව ළමයෝ .....කෝ චූටි පුතා  ... ඔය ෂර්ට් එක පැත්තක් එලියේ .......හැමදාම කියනවා ඔහොම පවුඩර් දාන්ඩ එපා කියල ....බක්කරේ වාගේ ......හාහා ඉක්මනට යමල්ලා .... ඉර හැරුනට පස්සේ ගෙවල් වලට ගිහිං වැඩක් ඇතැ ‘‘

‘‘ අම්මේ එතකොට තාත්ත ආවොත් ‘‘

‘‘ ඒකත් ඇත්ත බාගදා ඒ මනුස්සයා ආවොත් කොහොමද ගෙට යන්නේ .... එහෙනං යතුර හුලං කවුලුවෙං තියහං ‘‘

‘‘ එය ඉතින් අස්සයා වාගේ දුහන්ඩ තියාගත්තා ...අක්කගේ අත අල්ල ගන්නවා චූටි පුතා .....එතන ගිහිල්ලත් මර විසේට නටන්ඩ ගන්නේ නැ ....උඹල දෙන්නා .....ලොක්කි උඹ යන්නේ එහෙම නැ ...අර කොල්ලගේ කාමරේ අස්සට රිගන්ඩ දැං උඹ පොඩි ළමයෙක් නෙමෙයි ‘‘

‘‘ අනේ මට බැ අම්මා මෙයාව අල්ලං යන්ඩ ...උඩ පැන පැන යන්නේ ....වැලියි මඩයි දෙකම මගේ ඇගට ඉහෙනවා ‘‘

‘‘ චුටි පුතා හොදට අහගනීන් මම මේ කියන දේ ....උඹල දෙන්නටත් එක්කයි මේ කියන්නේ ....එහෙට ගියාට පස්සේ ...ඕන නැති දේවල් කියවන්නේ නැ , ....තාත්ත ආපු නැති කතා ......උදේට පාං කාපු කතා ...ඊයේ රෑට කෑවේ නැ කියල එහෙම කියන්නේ නැ , ... දවල්ට කන්ඩ කතා කරොත් එහෙම මං අදි මදි කරනවා ....  ඔයාල හොදට කන්ඩ ඕන බඩ පිරෙන්ඩ ...බෙදා ගන්න ඒවා ඉතුරු කරනවා එහෙම නෙමෙයි ‘‘




2016-11-17

නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives


යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ වාගේ මලු , ඔය පිටින් තද නිල්පාට උනාට ගෙඩිය පොඩිකරහම සාමාන්‍ය වෙරළු වාගේම කොලපාටයිලු , මේ ගහ තියෙන්නේ කොළඹ නගරයේමයි, ඒ ගෙදර අය දන්න තරමට තව මේ ජාතියේ ගහක් තියනවලු පේරාදෙනියේ , මයේ හිතේ මල්වත්තේ වෙන්ඩ ඇති ,

ඒ ගෙදර අය දන්න දවසේ ඉදං ඔය ගහ මිදුලේ තියනවලු හැබැයි ඇටයක් පැලවෙන්නේ වත් , මුලකිං පැලයක් දාන්නේවත් නැලු , කිහිප විටක්ම විදුලි බල මණ්ඩලයෙන් ගහ කපන්න  කියලා බල කලත් අතු ටිකක් විතරක් කපලා ගහ බේරාගත් බවත් , එන්න එන්නම ගහ ලොකුවෙන හන්දා ඉදිරියට මුලින්ම කපන්න වෙයිද දන්නැ කියලත් කියුවලු ,


මේ ෆෝටෝ එක අරගන තියෙන්නේ 2011 අවුරුද්දේ , සමහරක්විට දැං ගහ කපලද දන්නෙත් නැ , යාළුවගේ  පරණ හාඩ්ඩිස්ක් එකේ තව ගහේ සහ ගෙඩිවල ෆෝටෝ තිබිලා තිබුනත් , රිකවරි කරද්දි අස්ථාන ගතවෙලා , මට හොයාගන්න ලැබුනේ මේ ෆොටෝ  දෙක විතරයි , මං කවදාවත් දැකලා තිබුනේ නැති නිසාත් , කියවන අය මේ ශාකය ගැන දන්නවානං ඒ තොරතුරු දැනගන්නත් , මං වගේ නොදන්න අයට දැනගන්නත් මේක මෙහෙම ලියලා දාන්ඩ හිතුවා . ( කමක් නැ නේ..ඒ.. )






2016-11-10

මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං



‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘

‘‘ නැ .....එපා ‘‘

‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘

‘‘ උගුර කසනවා ...සෙම වැඩි වෙලා ‘‘

‘‘ ඇයි එහාට යන්නේ ....ඔලුව කසන්ඩ එපාද ‘‘

‘‘ අතේ තෙල් ......මුනේ ගෑවෙනවා ‘‘

‘‘ මං අද  තෙල් ගෑවේ නැ‘‘

‘‘ ඒ මොකද ...කැලැල් ටික ටික මැකෙන හන්දද ‘‘

‘‘ කැලැල් මැකුනට වැඩක් යැ .....අත් දෙක හරියයිද මගේ ....  ඉස්සර වගේ වැඩ කරන්ඩ ‘‘

‘‘ කාලයක් යයි ‘‘

‘‘ අර රංජන්ගේ වාගේ මගෙත් අත පය හැමදාම වකුටු වෙලා තියෙයිද ‘‘

‘‘ දෑන්ද ඔව්වා හිතෙන්නේ ....  අරකට හලාගත්ත වෙලාවේ  භුමිතෙල් කෑන් එක මගේ ඔලුවට හලන්ඩයි තිබ්බේ ... උදේ ඉදං ගැස්සි ගැස්සී ටැට්ටරේ උඩ ඉදල සරුවාගෙම කෙඩෙත්තු  වෙලා ......කෝ කෝ අහකට යනවා ...මට නිදිමතයි  ‘‘


‘‘ ඉහි ඉහි ...හි .....‘‘

‘‘ මේ කනක් ඇහිල බුදිය ගන්ඩ ඔය $ත්ත වහගන්නවද ‘‘

‘‘ ඉහි ...ඉහි ....මට බයින්ඩ එපා  දෙයියනේ ‘‘

‘‘ මේ ...මේ ...මේඅහනවා ...  තමුසේ දැං කරන්ඩ ඕන හරිය මට කරල ඉවරයි ......  රත්තරං ටිකට කරපු  රස්සාත් ගැහිල ගිහිං  ආයෙත් ටැට්ටරේටම වැටුනා .....  ගමේ යන කයිකතන්දර එක්ක යන්ඩ ඇරල පස්සට හිනාවිලියි  , ආඩපාලි ඇනුං පද අහන එකයි  , මූණට අහන උන්ට උත්තර දීමයි මට දැං ඇති වෙලා .....මං මේ ගෙයි වසන්නේ අර දරු දෙන්නා හන්දා ......මාස හය හතක් නැතුව අද මේ ඇදට නැග්ගේ  %රි වාතේ ඉහට ගහල නෙමෙයි , මගේ ඇගට අමාරු හන්දා‘‘

‘‘ අනේ කෑගහන්න එපා ......මතු උපදින උපදින ආත්මේ බැලමෙහෙවර කරන්නං ....මට සමාවෙන්න  රත්තරනේ ‘‘

‘‘ මේ අහනවා .....මං තමුසෙට ආදරේ නැතුව නෙමෙයි , ඒකයි එලියට බැහැල නොගිහිං තවත් මෙතන ඉන්නේ ,  ....... ඒත් තමුසේ මට කරපු දේට මට සමාව දෙන්ඩ බැ ‘‘

‘‘ මං එහෙම කරේ නැ අයියේ  ....  එදා ඉදං හැමදාම ඔයා මට සාත්තු කරනකොට කොච්චර මං ...කියන්ඩ හැදුවද ...එත් බැරි උනා .... ජයන්ත අයියා අදක ඊයෙද මට ලෙංගතු  .......  ඔයා දන්නවද   ඉස්සර පොඩිකාලේ දවසක ...ඉස්කෝලේ හෝඩියෙදි මට කක්කා ගිහිං ..... මං හැංගිලා ඉන්නකොට වැවට එක්කාගන ගිහිං කක්කා හෝදවලත්   තියනවා ,   හැමදාම අපි හිටියේ එකට ......  දවසක් අපේ අප්පච්චි ...හොදටම රා බීලා   බැනල එලව ගත්තා   , ජයන්ත අයියව ....  යකෝ ඇවැස්ස කියලද තෝ හිතං ඉන්නේ ...  තෝ ජාතක උනේ අපේ ගෑණිගේ අප්පොච්චිට කියල .....ජයන්ත අයියා      සේකර මාමගේ නෙමෙයිලු   . අපේ අම්මලැ සීයලු එයාගේ තාත්ත ‘‘

‘‘ යකෝ මාර වේසා පරම්පරාවකටනේ මං අලගුතිබ්බේ ‘‘

‘‘ මං වේසාකං කෙරුවේ නැ අයියේ ...  මං එහෙම කරානං ඔයාලගේ අම්මල නැන්දල රෙදි නැන්ද එක්ක එළල අකුලං ගිය රෙද්ද රතු උනේ කොහොමද .... ඔයා වාගේම ජයන්ත අයියත් හැමදාම මා බලන්ඩ ආවා ,ඉස්පිරිතාලෙට , හැබැයි ඔයාට හොරෙන් ,    තවත් අලකලංචියක් වෙයි කියන බයට ‘‘

‘‘ ඒකත් දන්නෙත් දැන්නේ ‘‘

‘‘ ඇයි මේ අපාගත වෙන්ඩම හදන්නේ ....ඔයා දන්නවද    මට ඔයා ගැන කියුව දේ ඉස්සර ඉස්සෙල්ලම ....  ‘‘‘‘‘     අන්න ජයනාතයට තමුසෙව කසාද බදින්ඩ ඕනලු ....මං කියුවා  අම්මලාගෙං   .... අහන්ඩ කියල ..... ගිණිපුක්ගාය   තිබුනට ඌ හොද   ඒකා ......‘‘‘‘‘  

‘‘ ඒ බයිලා දැං ඕන නැ ‘‘

‘‘ ඔයාට කහට එකක් හදලා දෙන්නද ‘‘

‘‘ එපා ‘‘

,. මගේ කුක්කු කැත වෙලා නේද ‘‘

‘‘ දන්නැ ‘‘

‘‘ මේ බලන්න   , කුක්කු පුඩුවක් නැ නේද .....  පව් චුටි   පුතා ,   මගේ කිරි බොන්ඩ කොච්චර පෙරේතද ‘‘

‘‘ ඇයි  ,  මොකද උනේ ‘‘

‘‘ තුවාල හොදටම හොද උනහම මං දුන්නා කිරි බොන්ඩ කියල ..... මගේ කොල්ලත් මාව අප්පිරියා කලා ..‘‘

‘‘ ඔය   ... ඔය   ,.. ඔයා අල්ලන තැන කුක්කු පුඩුව ....  මිරිකල බලන්න   මට තාම කිරි එරෙනවා .....පේනවද ‘‘

‘‘  හම් ‘‘

‘‘ ඔයාටත් හිරිකිතයිද ‘‘

‘‘ නැ ...නැ ‘‘

‘‘ නැත්තේ නැ ..... පල්ලෙහා ...අගුරු   වෙලා   කැත වෙලා   කියල මම දන්නවා .....ඒ උනාට    මට තාම එතන දැනෙනවා ......ගොඩ කාලෙකට පස්සේ සනීප නැතිවෙලා හොදවෙලා ......මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං

දළු බුලත්



‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘

‘‘ මට ඇති ගිණියමක් නැ වාහේ ...මෙන්න මේ මීහරකි ගිනියම නිමාගන .....සිවරං දෙයියනේ මේ පරට්ටිට කියපු කට බලු පුකේ උලාගත්තානං මීට හොදා..... මෙච්චර  රැකබලාගනත් මේකි දැලිගාගත්තනේ ඇයි බොල තොට බැරි උනේ ...කෑගහගන එලියට දුහන්ඩවත් ...පල තෝ මගේ දෑහෙට නොපෙනී පල ‘‘

‘‘ හා හා අත ඇරපං ඔය කෙල්ලව ..... වෙච්ච දෙයක් කියලා හිටපං කලින්ම ... උඹ පලයං මා කෙල්ල ගෙට ‘‘

‘‘ ගෙට ගන්ඩ නෙමෙයි මනුස්සයෝ ...විසුමක් වෙන්නැ   ගමේ ..........ඔලුව හැරුන අතේ යන්ටයි වෙන්නේ ‘‘

‘‘ මගෙං කුණුහබ්බ නාහා කියනවද  වෙච්ච දේ .......  බෑගිරී ගහන්ට තියාගත්තා මිරිකනවා තොගේ බොටුව ‘‘

‘‘ මගේ නෙමෙයි මීරිකාපං අරකිගේ බොටුව , උඹ හැමදාම කලේ මිරිකන්ඩ ඕන එකා ඉන්දැද්දි මගේ බොටුව කාපු එකනේ ‘‘

‘‘ දෙයියන්ගේ නාමෙට කියාපං යකෝ වෙච්ච දේ .....‘‘

‘‘ හැන්දෑ කොරේ කුඹුරට තේ අරං යනකොට මේකී වලව්ව පිටිපස්ස මඩුවේ කෝපි ඇට සුද්ද කරනවා ....මැණිකෙයි ....පුංචි මැණිකෙයි දෙන්නම ඉන්න හන්දා මං ....මං මේකිව තියල කුමුරට යන්ට එලියට බැස්සා .....රුක් ලිදත් එහාට ගිහිං පුවක් ඕවිටේදි තමා මං දැක්කේ මැණිකෙලත්  වෙලට යන්ඩ එනවා කියල.  මැණිකෙල වෙදහාමුලැ ගෙදරත් ගිහිං එනව කියාපු හන්දා ..මං හනිකට දුහාන එනකොට මේකි මඩුවේ නැ ....ඉස්තෝප්පු කාමරේට එබෙනකොට මේකි ඇගේ නුල් පොටක් නැතුව ගවුං කොටේ බදාන අඩනවා ....අර නරි බල්ලා ....මේකිගේ ඔලුව අතගගා මූන ඉබිනවා‘‘


‘‘ කාළකන්නි හාමුවා ..... ‘‘

‘‘ නැ නැ මනුස්සයෝ ....බේබි මහත්තයා ‘‘

‘‘ හත්දෙයියනේ ...අර රහතුං වහන්සේ කෙනෙක් වාගේ ඉන්න කොලුවා ‘‘

‘‘ අනේ ඒකාගේ රහත් කං එල්ලුං ගස් හතක යන්ට හරි ..මං හොදට තඩි ගහලයි ආවේ ...... ‘‘

‘‘ අම්මපා මං මේකිව ඇලේ එබුවේ   වස්තරේවත් යටිබඩේවත් තියන  ලේ හෝදන්ට නෙමෙයි  .....හුස්ම හිරවෙන්ටමයි ....වදනකොට ඉරිච්ච අමාරුව හන්දම තමා හෝදල ගෙට ගෙනාවේ ‘‘

‘‘ හරි බං දැං උඔ මෙතන ගිරිය පිප්පුවා කියල වරද හරිගැස්සෙන්නේ නැ .... පෙර කල අකුසල හන්දා අපිට මෙහෙම වහල් කං කරන්ටයි ....අපේ උන්ට කෙලිබඩු වෙන්ට උනා ....අපි මක්කා කරන්ටද ....එල්ලෙන්ටද  ....නියගලා කන්ටද ‘‘

‘‘ හයියෝ උඩ ඉන්න දෙයින්ටවත් මේක පේන්නේ නැති හැටියක් ......මිනිහෝ  උඹේ තියන නෝන්ජල් කම හන්දම නෙමෙයිද මේ ....මං කොච්චර කියුවද ........මාව සල්ලං කරල උඹේ ඇගේ ගහපු දා ඉදන්ම වෙන කොහේ හරි යං කියල .......කොහෙද බොටත් මේ මුර වැඩේ ඇරෙන්ඩ වෙන අහක් තිබ්බද .......පිච්චි පිච්චි මං ගෙවපු කාලයක් ...අන්තිමට අළු වෙලාම ගියා ...... මාස් පොයටත්  කෙල්ල අමුඩ ගහන්....  තාම අමාවක ආවෙත් නැ .....මොන පව්කාරකමක්ද මේ ... බුදු මැණියනේ මුං දෙන්නා අක්කා මලෝද කියල දන්නවද ...මේවා දකින්ඩ මම ජීවත් වෙනවනේ දෙයියනේ ‘‘

‘‘ ඈ  බොල   වේසාවියේ   මොකක්ද ඒ හරුපේ .....මං තෝ මේ මුරගෙට එක්කං ආවේ හාමුවා කියාපු හන්දම නෙමෙයි තොට තියන ආලවන්ත කමට ... තෝ මාව එතකම්ම මායිං නොකලට ‘‘

‘‘ මට මේ සම්මක්ජාතියේ ගැලවිල්ලක් නැ කියල දන්න කොට තමා උඹට එහෙම කියුවේ ....කොහෙද  කනකට   ගත්තද ... ලොකු හාමු උඔ එහෙට මෙහෙට වෙනකං ඉදල කොච්චර   මේ පැලැල්ල වහනවද ....උඹ ඒවා නොදැන හිටියා නෙමෙයිනෙ ‘‘

‘‘ වල් වේසාවි වහපිය තොගේ අප්පල්ලේ ‘‘

‘‘ වහලෙන් ඔය උල් පිහිය ඇදලා ගත්තේ මට අයින්ටද .....ඉතිං   ඇනපං ...මගේ කොළ බොක්ක ඇදගන කාපං ‘‘

‘‘ තොගේ ඔය පුක වහගන පැත්තකට පල පදුරු වේසී ‘‘

‘‘ ඉතින් ඔය උල් පිහියත් උලුක් කරං කොහෙද මිනිහෝ යන්නේ ‘‘

‘‘ ඉතිං කට පියාගන හිටපිය ....ඔය කෙල්ලට එහෙම අඩං තේට්ටං කරනවා නෙමෙයි .......  මං නටු එක්ක දළු බුලත් ටිකක් කපාගන එන්නං .... ඇලේ ඔබලා හේදුවට කාරියක් යැ ....  කොටල ඉස්ම ටිකක් ඇන්න ගාත් දෙක උස්සලා යටිං දාහං ‘‘

2016-11-09

How to write a Sinhala blog ( 10 ) බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර


 බ්ලොග් එක ඕපන් කරගන්න




දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න





ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න.



දැං ඇඩ් ගැජට් ක්ලික් කරන්න ,




පහල තියන විදිහට සෙටින්ග් සිලෙක්ට් කරල සේව් කරන්න




දැං සේව් බට්න් එක ඔබලා සේව් කරගන , ආයෙත් ඕපන් කරගන්න ඒකම ,





දැං එතනට ඔයාට කැමති නමක් දෙන්න . දැං ඇඩ්ටු ලිස්ට් සිලෙක්ට් කරන්න

                                      




දැං ඇඩ්ටු url කියන එක සිලෙක්ට් කරල බ්ලොග් එඩ්රස් එකින් එක හරි , එහෙම නැත්නම් බ්ලොග් අයැම් ෆලෝවින්ග් සිලෙක්ට් කරල ඔයා දැනට ෆලෝකරල තියන බ්ලොග්  ලිස්ට් එකේ කැමති ඒවායේ ඉස්සරහින් හරියක් දාල ඔක්කොම එකපාරින් හරි , බ්ලොග් රෝලට එකතු කරගන්න පුලුවන්


දැං ඔය ඔයා එකතු කරපු ගැජට් උඩට මවුස් එක ගෙනිහින් වම් පැත්ත ක්ලික් කරල ගැජට් එක  ඇදගන ගිහින් ඔයාට ඕන තැනකින් තියන්න , ඔක්කොම ටික ඔයාට ඕන විදිහට හදල හකලා සේව් ඇරෙන්ජ් මන්ට් ක්ලික් කරල සෙව් කරගන එක්සිට් වෙන්න




පස්සේ ඕනනං බ්ලොග් පිටුවේ ඉන්න ගමං ගැජට් එකේ යට තියන සෙටින්ග් අයිකන් එක ක්ලික් කරල , කෙලින්ම බ්ලොග් එකතු කරන එක කරන්න පුලුවන්


දැං ඉතින් හරි ඔය වැඩිපුර ගැජට් බැජට් ඕන නැ , ලියන්ඩ පටන් ගම්මු ඉක්මනට , ටික දවසක් ලියාගන යනකොට ඔයාටම අවබෝදවෙයි මොනවද  තව  එකතු කරන්න ඕන , කොහොමද කරන්නේ කියල



මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර


How to write a Sinhala blog ( 9 ) ක්මෙන්ට් පලවන , පෙනෙන ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම


අටවෙනි කොටස මෙතැනින්




හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග් එකේ පලවෙනි පිටුවේ බ්ලොග් පොස්ට් කියක් පේන්න ඕනද කියල හදන්න , මං හිතන්නේ අන්තිමටම  දාපු එක විතරක් පෙනුනහම ඇති , එතකොට පේජ් එක ඉක්මනට ලෝඩ් වෙනවත් එක්ක.



ඊලගට කමෙන්ට්  ,  ඒක ඉතාමත් වැදගත් , කමෙන්ට් ලොකේෂන් එක embedded විදිහට තියන එක තමයි හොදම ,


ඊලගට who can comment    අනේ ඉතින්  anyone තමා ,  මෙහෙම නැත්තං ඉතින් බ්ලොග් වලින් වැඩක් නැ , මොකද ඔය ඇනෝල වැඩි හරියක් හෙන ඇරියස්කාරයෝ , වැඩියක්ම කරන්නේ ලියන උන්ට අරින එකම තමා , උන්ගෙන් වැඩක් නැ තමා , ඒ උනාට හොද ඇනෝල ඉන්නවා , එයාලට අපි ඉඩ දෙන්න ඕන , අනික තව ඇනෝල ඉන්නවා ඔය බ්ලොග් ලියන අයම තමයි ,  සමහරක් වෙලාවට ඇනෝදානවා , ගොඩක්ම කෙලවන්ඩ , සමහරක් වෙලාවට ආදරේට , අරමුන මොකක් උනත් අපි එයාලට ඉඩ දෙන්න ඕන , මොකද දන්නවද ඇනෝල තමයි බ්ලොග් රස කරන්නේ , සමහරක්විට ඒක ඔයාට රස නැති උනාට තව කෙනෙකුට රස වෙයි , ඒක හින්දා එයාලට ඉඩ දෙන්න

ඇනෝ වහල බ්ලොග් ලියනවා කියල හිතාගන නං ඔයා බ්ලොග් ලියන්නේ , ප්ලීස් .....ඩයිරියක් ලියන්න ....එහෙම නැත්තං ....කොල කෑලිවල ලියලා   කමඩ් එකට දාල ප්ලෂ් කරන්න

වැඩිය ඉන්නේ කැරි ඇනෝල තමා , ඒහෙම කියල චෝයි ඇනෝලට පාර වහල බ්ලොග් ලියන්න එපා





අටම කියුවට අපිට පුලුවන්ද ගු නාන්ඩ

හරි හරි ඒක තමයි කියන්ඩ යන්නේ

දැං බලන්න උඩ පීන්තුරය බලන්න

comment moderation

sometimes

for posts older than 3 days

කියල දෙන්න , එතකොට අළුත් පොස්ට් එකක් දිහා ඇහැ ගහගන ඉන්න ඕන දවස් තුනයි , ඒ ටිකේ වැටෙන කමෙන්ට් ඔයාගේ හිතට එකඟව වැරදියි හරි , තුන්වෙනි පාර්ශවයකින් ඉල්ලීමක් කලොත් හරි මකලා දාන්න

දවස් තුනට පස්සේ ඉතින් ඒ පොස්ට් එකට වැටෙන කමෙන්ට් ඔටෝ පබ්ලීෂ් වෙන්නේ නැ , ඔයා කැමතිනං විතරක් පබ්ලීස් කරන්න පුලුවන් , ඔය කියුවට දවස් තුනකට පස්සේ කමෙන්ට් වැටෙන්නේ කැස්බෑවා මොකක්ද එකෙන් මොකක්ද එක දකිනවා වාගේ තමා

අනික තමයි ඔය උඩ පින්තුරේ යටම තියන ගූගල් මංගල්ල දෙකට යන්ඩ එපා , බ්ලොග් කාරයෙකුට ඕකෙන් වැඩක් නැ




මෙතන කමෙන්ට් නොටිකේෂන් ඊමෙල් එකට ඔයා බ්ලොග් එකට ලොග් වෙන්න පාවිච්චි කරන ඊ මේල් එක දෙන්න , එතකොට වැටෙන කමෙන්ට් ඔයාට ජීමේල් උඩ ඉදගන බලන්න පුලුවන්


දහවැනි කොටස මෙතැනින්


මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර

How to write a Sinhala blog ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය


හත්වෙනි කොටස මෙතැනින්

දැං බ්ලොග් එක ඕපන් කරගන්න




දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න





ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි ගැජට් හයි කරන්නයි යන්නේ



දැං ඇඩ් ගැජට් ක්ලික් කරන්න , 




දැං උඩට මතුවෙන කොටුවේ මොර් ගැජට් ක්ලික් කරන්න , දැන් එන ස්කෝරල් මෙනු එකේ යටම තියන ,  followere සිලෙක්ට් කරන්න ,




දැං ඩීපොල්ට් ස්ටයිල් සිලෙක්ට් කරල සේව් කරන්න




දැං ආයෙත් ඇඩ් ගැජට් සිලෙක්ට් කරන්න , ලේබල් කියන එක මෙනු එකෙන් තෝරල ඒක සිලෙක්ට් කරන්න




දැං ඕපන් වෙන කොටුවේ , මං ඔය කරල තියන විදිහට ඔප්ෂන් සිලෙක්ට් කරල , සේව් කරන්න




ආයෙත් ඇඩ් ගැජට් යන්න , බ්ලොග් ලිස්ට් කියන එක සිලෙක්ට් කරන්න ,




පහල තියන විදිහට සෙටින්ග් සිලෙක්ට් කරල සේව් කරන්න




දැං ආයෙත් ඇඩ් ගැජට් වලට ගිහින් ෆෝපියුලර් පෝස්ට් සිලෙක්ට් කරන්න



පහල තියන විදිහට සෙටින්ග් හදලා සේව් කරන්න



දැං ඔය ඔයා එකතු කරපු ගැජට් උඩට මවුස් එක ගෙනිහින් වම් පැත්ත ක්ලික් කරල ගැජට් එක  ඇදගන ගිහින් ඔයාට ඕන තැනකින් තියන්න , ඔක්කොම ටික ඔයාට ඕන විදිහට හදල හකලා සේව් ඇරෙන්ජ් මන්ට් ක්ලික් කරල සෙව් කරගන එක්සිට් වෙන්න




දැං ඉතින් හරි ඔය වැඩිපුර ගැජට් බැජට් ඕන නැ , ලියන්ඩ පටන් ගම්මු ඉක්මනට , ටික දවසක් ලියාගන යනකොට ඔයාටම අවබෝදවෙයි මොනවද එකතු කරන්න ඕන , කොහොමද කරන්නේ කියල


නමවෙනි කොටස මෙතැනින්


මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර

How to write a Sinhala blog ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි


ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න




ඊට පස්සේ ටෙම්පලේට්





ඊටපස්සේ කස්ටර්මයිස්





ඊටපස්සේ ඇඩ්වාර්න්ස්





page සිලෙක්ට් කරල , මැද්දේ කොල පාටින් රවුම් කරපු තැන 20px කියල වෙනස් කරල , දකුනු පැත්තේ උඩ තියන ඇප්ලයිටු බ්ලොග් කියන එක ඩබල් ක්ලික් කරල , තප්පර තිහක් විතර ඉදලා , වීව් බ්ලොග් ක්ලික් කරල බලන්න



ඔය විදිහටම ඔතනින් සයිඩ් බාර් ගැජට්ව සහ කමෙන්ට් බොක්ස් එකේ ඇතුලු සියලුම අකුරු ලොකු පොඩ් කරන්න පුලුවන්


අටවෙනි කොටස මෙතැනින්


මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර