Popular Posts

2012-12-19

දරුවෙකුට වාගේ සලකන්නං





ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න හින්දද , මම මජං නාගන ඉන්න හන්දාද මන්දා ''එන්නං මචං යන්නං මචං'' වෙලා.
 ඒ උනාට ඉස්සර එහෙම නැ . 
මම අදුරන ගෙදරක් හිතවත් කමට වයරින්ග් කරලා දිලා . ඒ මනුස්සයා මට දුන්න රුපියල් දාහෙන් හොද කලිසමක් නෑනේ  කියලා හිතලා මම මහගත්ත කලිසමත් , ගෙදර අරගන එන ගමන් ඕකට දුන්නා, 

''කොහෙද බං ගියේ''

''කලිසමක් මහන්ඩ දුන්නා ඒක ගේන්ඩ''

''උඹ දෙයියෙක්නේ බං මම මේ කාගෙන්ද කලිසමක් ඉල්ලා ගන්නේ කියලා හිත හිතා උන්නේ''

''අනේ පල ඩෝ යන්ඩ , මටත් අදින්ඩ කලිසමක් නැති හන්දා මේක මැහුවේ , මම එක දවසක් වත් අදින් නැතුව උඹට දෙන්ඩ . එහෙනං නාලා වරෙන්''

''එහෙම කරන්ඩ එපා බං මම දැන් දවස් ගානක් එකම කලිසම ඇදගෙන ගියා අරකිව බලන්ඩ, ඔය කලිසම හෝදන්නේ නැද්ද කියලත් ඇහුවා, මම ඒ කලිසමට කැමතියි කියලා ෂේප් උනා, මම හෙට විතරක් ඇදලා දෙන්නං දියංකෝ''


කියලා උදුරා ගත්ත කලිසම මාස හයකට විතර පස්සේ මට දුන්නා පස්ස පැත්ත පළලා,  ෆෝල්ට් එක පාගලා ඉරලා දාලා එහෙම . මම ඉතින් ඌට මොකවත් නොකියා කලිසම ගෙදර අරගන ගිහිල්ලා ගෙදර උන්ගෙන් හොදට අහගත්තා.

සටන් සාත්තරේ ඉගන ගන්ඩ පන්ති යනවා ඇරුනහම ,ගෙදරින් දෙන දෙයක් කාලා ඊට අමතරව ගෙදර උන්ව කකා හිටපු ලසන්තයා එක පාරට රස්සාවකට යන්ඩ තීරණය කරලා අපිටත් කියුවා,

''දැන් නිකා හිටියා ඇතිබං මට ජොබ් එකක් සෙට් උනා රෙස්ටුරන්ට් එකක මම ඒකටවත් යනවා''

''එළ..එළ කොහෙද බං ''

''  ---වේ බං , රූම් එහෙමත් තියන ටිකක් ලොකු එකක් ලු , අජිත් අයියා තමා සෙට් කරේ . බර තියන පොරවල් ඩ්රින්ක් එකට එහෙම සෙට් වෙන හන්දා ටිප් එක එහෙම හම්බෙනවලු''

''අඩේ එහෙනං උඹට හොද ගානක් කපාගන්ඩ පුළුවන් , පලයං පලයන්''


කොහොමින් කොහොමින් හරි ලසන්තයා රස්සාවට ගියා කියමුකෝ , 

දවස් පහලවකට විතර පස්සේ දවසක බුවා  ආවා නත්තලට ගෙදර ඇවිත් යන්ඩ , ‍ඒ ටික දවසට සැලකිය යුතු මුදලක් ටිප් එක විදිහට ලැබිලත් තිබුනා . 


'' එහෙනං ගෙදර ගිහිල්ලා අනිද්දා උදේට එන්ඩ , නෑවිත් ඉන්ඩ එහෙම එපා''

කියලා එන්ඩ ලෑස්ති වෙන කොට ‍ඒ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා ගමන් වියදමට කියලා වැඩ කරපු දවස් ගානට හරි යන මුදලකුත් මිට මොලවලා තිබ්බා, 

අපේ නත්තල් පාටියේ , දැන් ලසන්තයාට වෙන කතා කොරන්ඩ දෙයක් නැ .

''අඩෝ... පට්ට වන්ඩි වලින් පොඩි කෑලි පන්නගෙන එනවා බං හම්පඩ  නාකි
 -ත්තලා , උන්ට පාරේ යන්ඩ පණ නැ . කොහොම
-කනවද දන් නැ . සල්ලි බලේ බොල''

(අපේ එකෙක්)  ''එතන බඩුත් ඉන්නවද බං''

''අපේ හොටේල් එකේ නෑ මචං පිටින් අරගන එනවා සමහරක් උන්,
 බොසාට හොරෙන් වැඩ කරන එකෙක්  නිතරම එන  උන්ට ගෙන්නලා දෙන කෑලි දෙකක් ඉන්නවා ,ඒ දෙක අමු චා බං , උන් දෙන්නා අරූට ගානක් දෙනවා සෙට් කරලා දෙනවට''

''බයිට් නං තියනවා බං , පට්ට රහයි , අපිට නං එව්වා කන්ඩ හම්බෙන් නැ ජීවිතේට, සුද්දන්ට එහෙම ‍ටෝක් කරලා දෙනවා බං දඩමසුත් , දඩු ලේන්නු හිටං  සප්ලයි කරන උන් ඉන්නවා''

''දවස තිස්සේ ඉතුරු වෙන කොටටික ඇති බං සමහරක් දවසට අපි එකොලොස් දෙනාටම , මදි උනොත් එකතු කරලා කැෂියර් එකට සල්ලි දාලා . ගල් එකක් ගන්නවා''

(අපේ එකෙක් )  '' ගලුත් තියනවද බං''

''ලයිසන් නැතුවට ඕනම දෙයක් තියනවා බං, ගල්වල ඉදන් හත් අට දාහටත් යනකං බෝතල් තියනවා''

''උඹලත් දවසක වරෙල්ලා තව මාසෙකින් දෙකකින් , ෆන් එකක් අරගන යන්ඩ . කුකත් මාත් එක්ක ෆිට් , දෙන්නං කන්ඩ බොකු දිගඇරෙන්ඩ''

'' මේ විදිහට හම්බ කරන්ඩ තිබොත් මාස හත අටකිං බයික් එකක් ගන්න එක නතිංග් මචං''

(අපේ එකෙක්) ''මේ ඔය අයිති කාරයා කොල්ලෙක්ද බං''

''පිස්සුද ..තුත්තුවෝ හෙන වයසයි , පොර වැඩිය ගෙදර යන්නෙත් නැ ,හෝටලයේම කාමරයක ඉන්නවා, දුවලා  දෙන්නේ ඉන්නවා බං මාර ලස්සනයි , පොරගෙ පවුල ඊටත් ලස්සනයි, හැබැයි බං බොසා වාගෙම තමා උන්ගෙත් ලොකු කමක් නැ , අපි හැමෝටම අයියා ,කියලා තමයි කතා කරන්නේ''

''අපේ රූම්වල නිදාගන්න එක තමා බං අමාරුයි හෙන රස්නෙයි, අපි නිදාගන්නේ රෙස්ටුරන්ට් එකේ පුටු අයින්කරලා , මේස දෙකක් ලංකරලා එකට දාගන , ඔච්චර තමා අවුලකට තියෙන්නේ''

ඔය විදිහට ඉතින්  නත්තලත් සතුටින් ගතකරලා ලසන්ත ආයෙත් වැඩට ගියා

ඊට දවස් හතරකට පහකට පස්සේ විතර පස්සේ දවස උදේ පාන්දර මමත් කොහාටදෝ යන්ඩ ආවා ඒ කාලේ හිටපු  ගෙවල් ලග ගමනාන්තය තියන බස් එකට.
ටික වේලාවකින් බස් එක ආවා, මෙන්න යකෝ ලසන්තයා බස් එකෙන් බහිනවා, මූණත් හරි නැ.

''ලසා මොකෝ බං''

''වැඩන් නැ ඕයි ජොබ ඉවරයි මම ගෙදර ආවා''
''ඇයි මොකද උනේ''

''ඊයේ රෑ අර  -රියා ආවනේ මට  -රින්ඩ, දුන්නා කික් එකක් , පුටු අට්ටියක් පෙරලගෙන වැටෙන්ඩ , ගත්තා බෑග් එක , ආවා ගෙදර''
''කව්ද බං උඹට  -රියේ''
'' -රියේ නෑ  -ත්තෝ ...හම්.....මට අරින්ඩ මරණවා  -රියා''

ලසන්තයා පාර මැද්දේ ඉදගන දත්මිටි කනවා

''කව්ද බං මොකද උ‍නේ''

''  බොසා බොල , මම නිදාගන ඉන්න කොට මූ ඇවිල්ලා මාව අත ගෑවා බං,  මම ගැස්සිලා ඇහැරුනා , ඌ මට කියනවා 

''බය වෙන්ඩ එපා පුතා මම ...මේ මම  කෑගහන්ඩ එපා , චුට්ටක් මම කියන එක අහන්ඩකෝ කියලා''

''ඉතින්''

''මම නිදාගන හිටපු මේසයේ නිදාගන මාව අත ගගා ඌ කියනවා''

'' අනේ වස්තුවේ මම උඹ  කියන ඕන දෙයක් දෙන්නං මම කියන විදිහට හිටහං''

''අනේ බොස්  මම ඔව්වට කැමති නැ කරුණාකරලා අත අහකට ගන්ඩ , මට පාඩුවේ ඉන්ඩ දෙන්ඩ , අච්චර ලස්සන නෝනා කෙනෙක් ඉන්ඩැද්දි මොනවද මේ කරන වැඩ''


''වයිෆ්ගෙන් මට කිසි සතුටක් ලැබෙන්නැ මම කැමති ඔයා වගේ ලස්සන කොල්ලන්ට , මම කියන විදිහට හිටහං රත්තරන් කොල්ලෝ''
''සර් කරුණාකරලා වද නොදි යනවද , මම ආවේ වේටර් කමට මිසක්  -ක දෙන්ඩ නෙමෙයි , හෙට උදේම ගෙදර යනවා මම ''

''අනේ එහෙම කරන්ඩ එපා පුතා , මම කියන එක අහගන හිටපං මම උඹට මගේ දරුවෙක්ට වාගේ සලකන් නං''  කියලා මාව ඉම්ඹනේ බං ඌ

( මම ) '' ඉතින්....... ඉතින් ''

( ලසන්තයා ) කෙලලා ඇරියා පයිං දෙකක් පුටු අට්ටියක් පෙරලාගන බිමට වැටෙන්ඩ , බිම වැටිලා  කොන්ද අල්ලාගන කෑගහද්දි ගියා ලගට , අල්ලා ගත්තා බෙල්ලෙන් 

'' තමන්ගේ දරුවන්ට   -කේ  -රිනවද  -රියෝ ''

2012-12-11

දැන් කාලේ හැදෙන එකාලා




මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා විශ්වාස කරපු කෙනෙක් තමයි අපේ ලොකු අක්කා , දැන්නං එයා අකාලේ මියගිහිල්ලා ගොඩක් කල් ,

එයාට ඉන්නේ කොල්ලොම දෙන්නෙක් , අම්මා මැරෙනකොට උන් දෙන්නා පොඩි කොල්ලෝ , දැන්නං ලොකු කොල්ලො , එකෙක් නං තාම ඉස්කෝලෙත් යනවා . නෑදෑයෝ නං උන් දෙන්නට එක එක එව්වා කියුවා උනත් මම නං හිතන් නැ උන් නරක එවුන් කියලා .හැබැයි දෙන්නගේ සමගියක් නැති එකනං මට දිරවන්නේ නැ , අම්මා නැති උනාට පස්සේ දෙන්නට ඕනවටත් වඩා නිදහස නං ලැබුනා ,

උන් දෙන්නම අටම්පහුර බලනවා . , තැන් කිහිපයක කමෙන්ට් කරලා තියනවත් මම දැක්කා , අක්කා උන්ව හදපු විදිහ හොදද නරකද කියලා ම‍ට තේරෙන් නැ, හැබැයි උන්දෙන්න නැවුම් විදිහට හිතන  හැමෝ එක්කම කතා බහ කරලා ඉන්න,  ඕනම දෙයක් ගැන නොසගවා කතා කරන මම කැමති විදිහේ පොරවල් වෙලා කියලනං මට හිතෙනවා ,

පොඩි අක්කගේ කොල්ලත් හොද එකා ,
 ඌත් පුල් ඕපන් බුවා , මිනිහා දැම්මම ඉදන් සිරාවට හිතන්ඩ අරගන කියලා මට හිතෙනවා ,

කොහොම උනත් උන් තුන් දෙනාම ආතල් පොරවල් , ගමේ ඉස්කෝලේ ඉගන ගෙන සිස්සත්තෙන් පාස්වෙලා කොළඹ ප්‍රධාන  පෙලේ ඉස්කෝලවලට යන්ඩ වාසනාව ලැබුන හන්දද මන්දා උන් ඒ විදිහට හැදුනේ . කොහොම උනත් උන් තුන් දෙනා ගැනම මට හෙන ආඩම්බරයි.

ලගකදි දවසක් ඔය ලොකු එකා මට කෝල් එකක් දිලා කියනවා 

'' ලොකුමාමේ මම දැන් ඉන්නේ රාගම  ඔයා ඉන්නේ කොහෙද ''

''මම තවම වැඩ පුතේ තව ටිකකින් ගෙදර එනවා , ඔයා අපේ ගෙදර එනවද  අද''

''ආ..ආ... මම එහෙනං තව ටිකකින් කෝල් එකක් දෙන්නං කෝ එහෙනං''

මම ගෙදරටත් ඇවිත් පැයකට විතර පස්සේ ‍මූ කොල් කරනවා

''ලොකු මාමේ මම මේ කාසා එකේ ඉන්නේ යාළුවෙක් එක්ක , මට අද ඔහේ එන්ඩ වෙන් නැ , ඔයා එන්ඩකෝ මෙහෙට ''

'' මට බැ පුතේ , ඔයා එහෙනං වෙන දවසක එන්ඩකෝ , මම තියනවා ඇ''

'' මෙ මේ ලොකු මාමේ කාටවත් කියන්නේ එහෙම නැ හරිද''

'' නැ නැ මම කියන් නැ''

මම තාම බීලා ඉන්න වෙලාවට අපේ මාමලට කිට්ටු වෙන්නෙවත් නැ. 


ආයෙත් දවසක් මු ආපු වෙලාවේ ඉදන්ම කෝල් කරනවා එස් එම් එස් කරනවා ඉවරයක් නැ , ෆෝන් එකේ කී පෑඩ් එකේ එක අකුරක්වත් නැ , ඔබලම මැකිලා ,

'' ඇ බං කෝ ඔය කි පෑඩ් එකේ අකුරු ''

'' කොටලම මැකිලා ලොකු මාමේ''

'' කාටද බං ඔච්චර කොටන්නේ''

'' දන් නැද්ද ඉතින්''

මාත් එක්ක කතා කරකර ටිවී එකත් බල බලා ෆෝන්එක පැත්තවත් නොබලා මූ තවත් කොටනවා.

''ඔච්චර එකියෙකුටනං  වෙන්ඩ බැ''

'' හික් ...හික්...''

'' ඇත්තටම දැන් තමුසේ කී දෙනෙක් එක්ක විතර යාළුද''

'' හය හත් දෙනෙක් විතර ''

'' දැන් ඔව්වවා කරන්නේ සිරාවටද''

'' හයක් හතක් සිරාවට කෙරිය හැකිද''

'' පව්නේ බං ''
''පව් කියලා මක් කොරන්ඩද ඉතින්''

'' ඉතින් බලහංකෝ උඹටත් අක්කලා නංගිලා ඉන්නවනේ , ඒ වාගෙනේ ඒ ළමයිනුත්''

මෙච්චර වෙලා ඌගේ ලගට වෙලා කැරකි කැරකි උන්න අපේ කෙල්ලව ඔඩොක්කුවට අරගන තියාගත්ත මූ

'' මේ ඉන්නේ මගේ නංගිලානේ උන් මගේ නංගිලා යැ''

මගේ කටට දැන් කුණුහරපත් එනවා

'' දැන් එතකොට එකක් වත් සිරා කරන් නැ''

'' එහෙමත් නැ එකක් ඉතින් ඔය ලාවට වගේ සිරා''

අපේ ගැණිත් දැන් මෙහෙමත් මාමලා බෑනලා කියන්නා වාගේ හැගීම කින් මුව සරසාගන බලාගන ඉන්නවා පිටි පස්සට වෙලා කොල්ලට  නොපෙනෙන්ඩ

'' කොහේ එකක්ද''

'' ඔයා එයාව දන්නවා ''

'' කවුද''

'' අහවල් තැන අහවල් ගෙදර''

මාව පුටුවෙන් ඉබේම නැගිට්ටුනා

'' යකෝ උන් මුස්ලිම්නේ''

'' ඒකට මක් වෙනවද''

''  උඹේ කොන කපයි''

'' එව්වා කොහෙද එයා මුස්ලිම් අත අරින්ඩ කැමතියි''

''ඒකත් එහෙමද , ඒ උනාට පුතේ උඹලගේ අම්මා හිටියනං උඹට වහ දෙනවා අනිවා''

'' ඒකන එහෙම තමා''

'' ඔය මගුල හරියන් නැ පුතේ , ඔය හයෙන් වෙන එකක් සිරා කරහං . ඕක අත ඇරහං''

''එහෙම කරන්ඩත් බැ නේ ලොකු මාමේ  හරි නැනේ , අට වසරෙ ඉදන් කොරපු එකනේ ''

'' එහෙනං උඹ ඕන මගුලක් කර ගනින්''

'' හිහ් ...හික් ..හික්ස්''

'' ඇ බං එතකොට උඹ දැන් ඔච්චර කෝල් ගන්ඩ , එස් එම් එස් කරන්ඩ , මාසෙකට කොච්චර විතර රීලෝඩ් කරනවද''

'' මම ඕන්නං බැරිම අවස්ථාවක  රුපියල් පනහක් දායි නැත්තං මම මොකටද රීලෝඩ් කරන්නේ''

'' යකෝ පනහකින් ඔච්චර කෙලියක් කරන්නේ කොහොමද''

'' ඒකිට කියලා රිලෝඩ් එකක් දාගන මේකිට ගන්නවා , මේකිගෙන් දාගන්න එකෙන් අනිකට . කවදාවත් ෆෝන් එකට සල්ලි මදි පාඩුවක් නං වෙලා නැ ''


ඔන්න දැන් හැදෙන ළමයි


ප.ලි// 
ලිංගික ජීවිතය ගැනත් අහන්ඩ හිතුනා උනත් මම පොරගේ මාමා හින්දා නිකා හිටියා

2012-12-01

කාටවත් හිල් කරන්ඩ දෙන්ඩ එපා


මේ මට ගිය සතියේ සිද්ධ උන  සිද්ධියක් , මිට කලිනුත් කිහිපවිටක් මේවාගේ දේවල් වෙලා තියන හන්දා මේ ගැන ලියුවොත් හොදයි කියලා හිතුනා ,

මහන මෙෂින් ගැන ලියන එව්වා අටම්හරුප බලනවා වාගේ දාහක් හමාරක් නොබලන බව නං මම හොදට දන්නවා , සමහරක් රසිකයෝ

....... මගුලක් ලියනවා  ඉදගන  ආතල් කතාවක් ලියන්නේ නැතුව ''

කියලත් කියනවා කියලා මම දන්නවා

ඒ උනත් අටම්පහුර ලියන්ඩ පටන් ගන්න කොට මම මෙෂින් ගැන ලියනවා කියලා මගේ හිතේ තිබුනා , ඉස්ඉස්සෙල්ලා ආතල් කතන්දර ලිය ලියා ඉන්න කොට හිතපු නැති විදිහට මම ලියන එව්වා බලන්ඩ කට්ටිය ආපු හන්දා එව්වාම ලිය ලියා හිටියා ,

ඊට පස්සේ මහන මැෂින් ගැන ලියන්ඩ නේද මම මේක පටන් ගත්තේ කියලා මතක් උනා . පස්සේ මෙෂින් ගැනත් ලියන්ඩ පටන් ගත්තා,

මුලදිනං

'' අටමෝ මේක නං හොදයි මෙව්වා නැන්දම්මට ,මට . අම්මට , අපේ ආච්චිට වටිනවා, දැනුම බෙදාගන්න එක වටිනවා , අරකද මේකද ''

කියලා කමෙන්ට් වැටුනා

දැන්නං මෙව්වා බලන කට්ටි හරිම අඩුයි

ඒ උනාට අටමා මෙව්වා දිගටම ලියනවා , මොකද දන්නවද , මහන මෙෂින් ගැන ලියන වෙන කව්රුවත් සීංහල බ්ලොග් ලෝකයේ නැති හන්දා


මේ  තියන අටංහරුප අස්සට හෑමෝටම එන්ඩ කියන්ඩ , එන්ඩ බැරි හන්දා තමා මම මහන මැසිම   කියන බ්ලොග් එකට අටම්පහුරේ මෙෂින් ගැන ලියවෙන ලිපි එකතු කරන්නේ, එතකොට ඉතින් මට කෝල් කරලා නූල් දාගන්ඩ දන්නෑ ඇවිත් දාලා දෙන්ඩ කියන කට්ටියට එහෙම කියන්ඩ පුළුවන්නේ මෙන්න මෙතන තියනවා ගිහිල්ලා බලා ගන්ඩ කියලා,

මහන මෙෂින් ගැන මම දිගටම අතරින් පතර ලියනවා ඉඩක් ලද විටක , දැනට වැඩිදෙනෙක් නොබැලුවාට තව කාලයක් යනකොට ප්‍රයෝජනයක් තියන අය එකා දෙන්නා එකතුවෙයි කියලා හිතනවා,

කොහෙද මේ ලොකු සින්ඩි වලට රීංගවා ගන්න එකනේ අප්පා අමාරු

අයියෝ මල්ලේ පොල් උනානේ

හාහා බලමුකෝ ලිපිය ඔන්න දැම්මා'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


අපේ බොස් සෙනසුරාදා දවසක උදේ මට කියනවා

'' ලක්මාල් මෙන්න මේ මහත්තයට කැරියර් ටයිමින්ග් තියන හැටි පොඩ්ඩක් පෙන්නන්ඩකෝ , ගියර් වීල් එක ගිහිල්ලා ගියර් වීල් එකක් ගත්තා , එයාට දාගන්ඩ පුළුවන්ලු , අහවල් සංස්ථාවේ ඉංජිනේරු මහත්තයෙක් මේ ඉස්සර ඉදන් අපේ හිතවතෙක්''


''ආ ඇත්තද , එන්ඩකෝ''

බලුබෙට්ටක්  දැක්කාවාගේ බැල්මක් මිනිහා දිහාට දාලා , මම කියුවා
( ඇයි යකෝ මෙච්චර වැඩ තියෙද්දි දාහංකෝ මූට දැන් පංති)

ටයිමින්ග් තියන විදිහත් කියලා දීලා

'' මහත්තයා ගියර් වීල් එක ගලවනකොට මෙන්න මෙහෙ.........................''

'' ආ හරි හරි මම දන්නවා මට පුළුවන්''

මිනිහා මම කියන්ඩ හදපු එක අහන්නේවත් නැතුව 'ලොකුඑක' දාලා ගියා
.............................................

ඉරිදා දවල් එනවා පොර මැසිමත් උස්සගන , නයා මැරිච්ච  පනික්කියා වාගේ

'' වීල් එක නං දැම්මා තව මොකක් හරි අවුලක් තියන පාටයි . මේක මට බලලා දෙන්ඩ''

'' දැන්නං බැ ආපු වැඩ වාගයක් තියනවා , හෙට හවසට දෙන්නං''

'' පොඩි වැඩක් තියෙන්නේ දැන් කරන්ඩ''

''ලෙඩෙත් දන්න එකේ , වැඩෙත් පොඩි එකේ ඔයාටම කරගන්ඩ තිබ්බා අපරාදේනේ උස්සගන ආවේ''

එතකොට කතා නෑ , ඇටිකෙහෙල් කාපු රිලවා වාගේ

ගත්තා මැසිම මේසය උඩට , අප්පට සිරි මූ මැසිම කාලා

ගියර් වීල් එක දාන්ඩ නටලා තිබ්බ නැටුමක්




මෙෂින් එකේ හිලකුත් විදලා


එහෙම කරලත් දාගන්ඩ බැරිම තැන ඔක්කොම ටික ගලවලා ( මේන් ෂාෆ්ට් එක පවා )

විනාඩි පහකින් විතර කරන්ඩ තිබ්බ වැඩේට මිනිහා දවසක්ම ගත කරලා තිබ්බා , බෙවල් වීල් , පීඩීන්ග් බෙයාරින්ග් , පීඩ් රෙගියුලේටර් එහෙමත් ඩැමේජ් කරගන

''ඇයි මේ මැසිම හිල් කරේ ''

'' වීල් එකේ ඇණය ගලවන්ඩ ''

'' ඉතින් බොස් කල්පනා කරේ නැද්ද මෙෂින් එක හයි කරාපු එකා කොහොමද හයි කරේ කියලා ''

'' ප්ලැට් එක ඇතුලට දාලා රෙගියුලේටර් ලොක් එක තල්ලුකරලා . රෙගියුලේටර් එක දකුණට කරකවලා 'ටුක්' ගාලා පැන්නුවා , පීඩීන්ග් රෙගියුලේටරය එළියට''

මහත්තයා සද්ද නැතුව වාහනයේ යතුරෙන් ඇහිබැම කහනවා

'' මේන් ෂාෆ්ට් එක ගලවන්ඩ ඇයි බොස් තට්ටු කලේ , බලන්ඩ මෙව්වා ඔක්කොම , තැලිලා , හීරිලා ගිහිල්ලා අපරාදේ , කැලි ටිකටම තුන්දාහක් විතරයයි''

'' ආ එහෙනං මම ලබන සෙනසුරාදා එන්නං 'හොදට හදලා' තියන්ඩකෝ''

ඔය රෙගියුලේටරය ක්‍රම තුනකට හයිකරලා එනවා , මෙන්න ගුරුමුෂ්ටි නැතුව ක්‍රම තුනම





මෙන්න මෙව්වායේ තියෙන්නේ රිවස්නොබ් එක ඇණයෙන් ගලවලා , රෙගියුලේටරයේ ප්ලාස්ටික් මුහුණත ප්ලැට් එකක් දාලා ලිවර් කරන්ඩ , ඊට පස්සේ ඇණ තුන ගලවලා රෙගියුලේටරය එළියට ගන්ඩ



මෙන්න මේ අළුත් මෙෂින් වලනං ඇණ ගලවන්ඩ රෙගියු ලේටරයේ පොඩි සිදුරක් තියලා , ඒ සිදුර පොඩි බොත්තමක් වාගේ කප් එකකින් වහලා තියනවා , ඒ සිදුරෙන් ප්ලැට් එක දාලා ඇන තුන ගලවා ගන්ඩයි තියෙන්නේ


අර මහත්තයා අනාගත්තේ මේ ජාතියේ එකක්



මෙන්න මේ විදිහට ප්ලැට් එක දාලා


ඔය පේන්ඩ තියන ස්ප්‍රින් එකක් එක්ක තියන පින් එක



  ඔය විදිහට එළියට තල්ලු කරන්ඩ


උඩින් දාපු ප්ලැට් ඉස්කුරුප්පු නියනෙන් ලොක් එක එළියට තල්ලු කරන ගමන් , අනිත් අතින් පීඩ්රෙගියුලේටරය දකුනට කරකවමින් එළියට අදින එකයි තියෙන්නේ

අර ඉංජීනේරු මහත්තයා මම ඕක කියලා දෙන්ඩ හදනකොට අහගන ගියානං , ඒ මනුස්සයට කරදරයකුත් නැ , මට කරදරයකුත් නැ

2012-11-26

යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට




අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය සම්බන්දයෙන් අටමගේ මතය තමයි , ඔව්වා කොරලා පලක් නැ කියන එක, 

අටං ගොයියා ඉතින් බුද්ධාගං කාරයනේ, බොහොම ආසාවෙන් දහම් පාසල් එහෙම ගිහිං බණ දහං එහෙම ඉගන ගෙන තියන එකා , අවසාන විභාගෙට නං ඉද ගත්තේ නැ , 

දහම් පාසල් ගුරුවරයෙක් වෙච්ච බෝතල් පත්තර කාරයෙක් හන්දා , ( ඕකට කියන්ඩ නමක් මට හිතා ගන්ඩ බැ) වල් බල්ලා මගේ කෙල්ලව රවට්ටලා උදුරා ගත්ත හන්දා මම අන්තිම මාස කිහිපය දහම් පාසල් නොගිහිං අත ඇරියා, ‍

අටමා කරුමෙ තදින්ම විස්වාස කරනවා, අපි පෙර ආත්මවලදි කල  කුසල් සහ අකුසල  නිසා තමයි  අපිට මේ ආත්මයේ ලැබෙන දුක් සැප තීරණය වෙන්නේ , 

එහෙම තියෙද්දි  යන්තර මන්තර සෙත් ශාන්ති කොරලා බෝධි පූජා කොරලා මොකටද නිකං පව ඇරියස් කොරගන්නේ අපේ අලේ අංකල් කියුවා වාගේ,

අපි කොරපුවා අපේ පස්සෙන් එනවා ආත්මයක් ආත්මයක් ගානේ , ඉතින් එහෙම තියෙද්දි මොකටද ඔව්වා කරලා  මේ ආත්මයට විතරක් ඇපයක් දාගන නිකං ඊලග ආත්මේ ඇරියස් එක්ක ගෙවන්නේ
අධික කාම ආසාව හන්දා  අහල පහල බැදපු මිනිහෙක්ට  වශී ගුරුකමක් කොර ගන්ඩ හදපු දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට වෙච්ච සිද්ධියක් තමයි අද මම කියන්න යන්නේ

ඉස්සර කාලයක මට හිටියා මිත්තරයෙක් , මිනිහා මට වඩා වසර කිහිපයක් වැඩිමහල් , රස්සාව විදිහට කලේ යන්තර මන්තර ගුරුකං , මිනිහා අද හිතා ගන්න බැරි තැනක ඉන්න හන්දා මම ඌ ගැන වැඩිය කතා නොකර ඉන්නං ,  කතාවනේ අපිට වටින්නේ ඒ යකාගේ අල ගිය මුල ගිය තැන් මොකටද නේද,


මං ඒ කාලයේ අධික ලෙස ගංජා පානයට හුරුවෙලා හිටියා , (දැන් නං නැ , නවත්තලා ගොඩක් කල්) , ඔය යාළුවගේ ගෙදර හිටියේ අයියා සහ ඌ විතරයි , අයියා සිකරට් එකක් වත් නොබීවාට මොකද , මල්ලි සියලු දුරාචාර අයියාටත් එක්ක ඉෂ්ඨ සිද්ධ කොලා ,

වැඩිහිටියෝ නැති ඒ ගෙදර අපිට දවල් වරුවට මලක් ගහන්ඩ කියාපු පොට් එකක් වෙලා තිබ්බා ඒ කාලේ ,  අතේ සල්ලි නැති වෙළාවට මලක් අරගන නොගියත් යාළුවාගේ ගබඩාවේ තිබ්බ බාගෙට වේලිච්ච කොළ පාට ඉස්තරම් එව්වායෙන් සංග්‍රහ කරලා වැඩි සීනි ප්ලේන්ටියකුත් අනු පානයට දෙන තරමටම ආගන්තුක සත්කාරයේ කෙල පැමිණි පොරක් තමයි ඔය කියන යාළුවා,


දවසක් මම රුපියල් 25ක්ද කොහෙද දිලා මලක් අරන් බයිසිකලේ හැඩල් එකේ කොපුව ගලවලා ඒක අස්සට දාගන දවල් 2ට විතර ඒ පැත්තට පැද්දා, මම යනකොට යාළුවා දාඩිය දාගන වත්ත උදළු ගානවා , මාව දැකලා උදැල්ල පැත්තකින් තියාපු පොර
'' මම මේ උඹව හොයන්ඩ යන්ඩ හිටියේ , උඹ ආපු එක හොදයි බං,  බලහන්කෝ තාත්තා කොහෙන්ද මන්දා පරණ හින්දි පීස් කෑල්ලක් අරගන ඇවිත් හිරකරානේ ඩෙක් එක ඇතුලේ''

''මොන  -ත්තක්ද බං හැමදාම හිරකරගන්නවනේ''

''රෙස්ලිං කෑල්ලකුත් තියනවා බං බලන්ඩ ගලවලා දියන්කෝ''
''මදෑ ආතල් එකක් ගන්ඩ ආවා මලවදයක්නේ බං .....හා  හා අරගන දෙන්නං , හදහන්කෝ ප්ලේන්ටියක්''

කියලා ජනෙල් උළුඅස්සේ මල් කැටයම අස්සේ ගහලා තිබ්බ පොඩිකතුරත් අරගන වාඩී උනා බිමින් , මල් ටික දිග ඇරලා නටුටික අයින් කරලා , හීනියට කපලා සිකරට් බාගයක් කඩලා ඒකටම කලවම් කරලා , සිකරට් පෙට්ටියෙන් කෑල්ලක් කපලා අරගන , ඩාබියකුත් නමලා , පේපර් තුන කෙල ගාලා අලවලා , බඩු ටික ඔක්කොම හිර කරලා එතුවා මෝල්කයක්.

ඒක පත්තු කරලා පාරවල් හත අටක් අදිනකොට යාළුවා තඩි ප්ලේන් දෙකකුත් හදාගන ඇවිත් ඉදගත්තා ලගින්,

අතේ තිබ්බ මල ඌට දීලා , සිකරට් බාගේ පත්තු කරගන බීලා , ප්ලේන්ටි  උගුරු දෙක තුනකුත් බඩට දාගත්තා.

දැන් ඉතින් දෙන්නා එක්ක එක එකාගේ රෙදි අහක් වෙච්චා කතා කර කර , මලත් ගහලා . ප්ලේන්ටි  දෙකත් බීලා . ඩෙක්එක ගලවලා  vhs එක එලියට අරගන  . පොර ගෙනාපු vhs එක දාගන උස්සලා පොලවේ ගහනවා බල බලා ඉන්නවා.

'' ගෙදර කව්ද ....ගෙදර ...කව්ද .....මහත්තයා ...මහත්තයා  ....කෝ ගෙදර නැද්දෝ ''

ඕන්නං තව තත්පර 20ක් යන්ඩ ඇති 

''කපු මහත්තයෝ  කපු මහත්තයෝ''

''ආතල් කඩාගන මූණ පුක කරගන යාළුවා නැගිටලා ගියා ඉස්සරහට''

'' ආ මේ නෝනනේ  ඇවිත් තියෙන්නේ , ඒත් මම බැලුවා මේ වෙලාවේ කවුද කියලා''

'' මගේ වැඩේ ඉවර කරලා තියන්නං කියලා . මහත්තයා මට අද එන්ඩ කියුවානේ''

'' බෙහෙත් අවුසදේ අද උදේ තමා එක්දාස් අට  ජීවං කොරලා ඉවර කොලේ, ඔහොම ඉදගන ඉන්ට මම ගෙනත් දෙන්නං''
එහෙම කියාගන ඇතුලට ආපු යාළුවා මා දිහා බලලා  දඹරගිල්ල තොල් දෙක උඩට තියලා කට වහගන ඉදපන් කියලා දැනුවත් කරලා 

මේසයට දාලා තිබ්බ ඉටි කොලය යටට දාලා තිබ්බ , වේලිච්ච බුලත් කොලයක් අරගන මේසය උඩින් තියලා , මේසය උඩ තිබ්බ වතුර නැති උස වීදුරුවක් ඇතුලට දාලා තිබ්බ කහ නූලකින් කෑල්ලක් කඩලා පැත්තකින් තිබ්බා

බෙල්ල දෙපැත්ත, පපුව දෙපැත්ත , බඩ , පපුවයි බඩයි අතර  අත් දෙකේ ඇගිලි වලින් හොදට පිරිමැදලා   , දාඩිය , කුණු , මැරුනු හම අඹරලා ඇරගන පුංචි ගුලි තුනක් හදලා . අර බුලත් කොලයට තියලා ඔතලා අර කහ නුලෙන් ගැට ගහලා ,  කින්ඩි හිනාවකුත් දාගන ආයෙත් ඉස්සරහට ගියා

'' මෙන්න නෝනා බෙහෙත් අවුසදේ ගුලි තුනක්ම තියනවා , කිල්ලට අහු කරගන්නවා එහෙම නෙමෙයි , මතකනේ මම කියුවා , උම්බලකඩ කෑල්ලක්වත් කන්ඩ බෑ, 

'' මතකයි .. මතකයි ,  දැන් ඔය ගුලි තුනම දෙන්ඩ  ඕනද මහත්තයෝ ''

''නෑ....නෑ... එකක් දුන්නත් ඇති, මම ඔය වැඩි හොදට එකක් අතපසු උනොත් කියලා , ඒ නමට ගුලි තුනක්ම ජීවං කරා , කෑමට බීමට කලවම් කරාට පස්සේ දීගන්ට බැරි උනොත් සත්තුන්ට එහෙම දෙනවා නෙමෙයි ''

'' අනේ පින් සිද්ධ වෙනවා මහත්තයෝ''

'' අද ආවේ මාස් කිල්ල පන්නලනේ''

'' ඔව් මහත්තයෝ''

''ඊලග සුද්ධියට තව කොච්චර දවස් තියනවද''

'' තව දවස් දහයක් දොලහක් ''

'' හොදටම ඇති හොදටම ඇති , දවස් හතක් ඇතුලත කොහොම මේක හරි  දෙන්ට ඕන , පහුකරගන්ට නං එපා ''

'' හා මහත්තයෝ හා''

'' හා හොදා .... ආයේ ඇවිත් ගුණදොස්  අපිටත් කියන්ට ඕන එහෙනං . දෙවි පිහිටයි ගිහිල්ලා එමුකෝ''

'' මහත්තයෝ පඩුරු එහෙම ''

'' එදා පූජාවට මේ නෝනා කියද පඩුරුතිබ්බේ ''

''දෙදාස්  එකසිය දහ තුනයි කපු මහත්තයෝ''

'' හා එහෙනං තව තුන්දාහක් දෙමුකො , තව කැමැත්තෙන් දෙන දෙයක් වැඩේ හරි ගියහම බැරියැ''

2012-11-11

මහත්තයට කියන්නැ, කමල් ඇවිත් තෙමලා යන්ඩ



අද කතාව මම දන්න ( තරමක් මිතුරු ) කමල් කියලා මේසන් බාසුන්නැහේ  කෙනෙක් තමයි කියුවේ . මිනිහට ඉතින් නිකම්ම බාස් කියලා කියන්නත් බැ, බාස් මුදලාලි කනෙක් , කොන්තරත් වැඩ තමා කරන්නේ, කොන්කීට් මික්ස්චර් , වයිබ්රේටර් . පලංචී සෙට් , පොළව තලන අර පැන පැන යන එව්වා , කැන්ටර් ලොරියක් එහෙම තියන ටිකක් විතර පෝසතා,  මිනිහා ගාව වැඩ කරන අය ගොඩ දෙනෙක් මිනිහාගේම නෑදෑයෝ , මිනිහගේ වැඩබිම්වලට ගියහම නොදන්න උන්ට හරි අමුතුයි ,


''බාප්පේ  බුලත් කොලයක් දෙන්නඩකො''
                                                  
                                                   ''උක්කුං පුතේ තව කොට්ටයක් අනන්ඩද''

''හිච්චි මලේ මොකද බං මේ බදාම වේලිලා''

''ලොකු අම්මට කොන්ද රිදෙනවා කියලා උයන්ඩ බැ කියුවා බං , අද ඉතින් කඩෙන් තමා''

'' කමල් අයියා එන්ඩ අදත් පරක්කු උනොත් රැට ගෙදරටවත් ගිහිල්ලා වියදං සල්ලි ගන්ඩ වෙනවා මාමේ , කොල්ලගේ පොත් වාගයක් ගන්ඩත් තියනවා''

ඔන්න ඔහොමයි වැඩේ යන්නේ , හරියට පවුලේ වැඩක් අත්තමට කරනවා වාගේ 

ටික කාලෙකට කලින් කමල්ට සෙට් උනාලු  රට ගිහිල්ලා ඇවිත් වෙන්දේසි ඉඩමක ගෙයක් හදන පොරකගේ වැඩක් කරන්ඩ . මේ නෑදෑ පරපුර දක්ෂයෝ හන්දා ගෙදර මහත්තයත් හරියට සන්තෝෂ උනාලු  කමල්ලා මේ වැඩේ කරගන යන විදිහ ගැන , 

කොහොම හරි ස්ලැබ් එක දාලා . ජනෙල් දොරවල් හයි කරලා , ඇතුල කපරාදු කරනකොට මහත්තයාගේ සන්තකයේ තිබිච්ච සල්ලි ඉවර උන හන්දා ගෙදර වැඩ නවත්තපු මහත්තයා , නෝනවයි , පොඩි දරුවෙක් වෙච්ච පුතාවයි ඒ ගෙදර නවත්තලා , රට යන්ඩ තීරණය කරාලු .

ඒ යන්ඩ දවසකට දෙකකට කලින් කමල්ට එන්ඩ කියලා පොඩී ඩීන්ක් එකක් එහෙමත් දුන්නාලු, පොඩි කියුවට ඕකා ඇදලා අරින්ඩ ඇති අෂෝක ෂෝට් හත අටක්වත් , සල්ලි වියදං කොරලා නොබිව්වට  නිකන් දුන්නොත් කසිප්පු හරි කෙලලා අරින එකානේ, ( කමලා මේ ආත්මෙට ඉන්ටර්නෙට් එයි කියලා හිතන්ඩ බැරි කොට මම මොකටද භය වෙන්නේ )

''කමල්  මම ගිහිල්ලා සල්ලි එවන්නං , ඔයා මැදිහත් වෙලා හොයලා බලලා මට මේ වැඩ ටික ඉවර කරලා දෙන්ඩ ඕන හරිද''


''හරි හරි මහත්තයා භය වෙන්ඩ එපා , දන්නවනේ මම මොන කාගේ වැඩක් කලත් ඉතින් මගේ වැඩක් වාගේ ඉවර කරලා දෙනවනේ'' 

''ඔය ඉතින් උඹ ආයෙත් මහත්තයා කියනවා , නම කියහං බං , නම කියහං''
'' එහෙම කියන්ඩ දිව නැවෙන්නැ  මහත්තයා , මහත්තයා හිතේ සතුටෙන් ගිහිල්ලා එන්ඩ. මහත්තයා මෙහෙ හිටියා වාගේ මම වැඩේ කරලා දෙන්නං''

ඔහොම කාලයක් ගියාට පස්සේ දවසක එනවලු කමලට පිටරට කෝල්එකක් 

''කමල් මම මීගොඩ කතා කරන්නේ ,ඉතින් කොහොමද , මම මොකද දන්නවද කතා කලේ,  අර ඔයාලා පඩි පෙලෙන් ස්ලැබ් එකට නගින තැනට ගහපු තහඩුවලින් ගේ ඇතුලට වැහි වතුර එනවා කියලා අපේ නෝනා කියෝනවා මොකද ඒකට කරන්නේ''

'' ඒකනේ මහත්තයා මම මහත්තයට කියුවේ ආරස්සාවටත් හොදා , එතනට බොරු බිත්තියක් බැදලා , ෂීට් දෙකක් වහලා . දොරක් දාමු කියලා, එහෙම කරානං කිසි අවුලක් නෑ, කොහෙද මහත්තයා මම කියන එක ඇහුවේ නෑනේ''

'' අනේ මම මේ කමල්ට දොසක් කියන්ඩ කතා කරා නෙමෙයි, මොනවා හරි කරලා දෙන්ඩ කමල් , අපේ ගෑණි මගේ ඔලුව කන්ඩ හදනවා''

'' අර මම කියාපු විදිහට කරමු මහත්තයා''

'' ලොකු ගාණක් යයිද කමල් , මෙහෙට ආපු ගමන් හන්දා මගේ අතේ එච්චර සල්ලිත් නැ''

''ගල් වැලි ටිකත් තියන එකේ එච්චර සල්ලියක් යන් නැ මහත්තයා '' 

''අනේ එහෙනං කමල් අද හෙටම ගිහිල්ලා බඩුටික ගෙනල්ලා කරලා දෙනවද ''

'' මේකයි මහත්තයා මම මේ දවස්ටිකේ වැඩ පොලවල් දෙකතුනක්ම කරනවා , මටනං යන්ඩ වෙන් නැ , මම අපේ උක්කූංව එහාට පිටත් කරන්නං තව  කවුරුහරි එක්ක''

''අනේ කමල් වෙන කාව වත් අරින්ඩ එපා ඔයාම ගිහිල්ලා කරලා දෙන්ඩ , දන්නවනේ අද කාලේ , පොඩි එකයි අරයයි විතරනේ ගෙදර''

''අයියෝ බය වෙන්ඩ එපා මහත්තයා පිට එකෙක් නෙමෙයි . අපේ ඉස්ටීවන් මාමගේ පුතා උක්කුං මල්ලී , උක්කුවා.... උක්කුවා . අර මහත්තයා එක්ක ස්ලැබ් එකට යකඩ කම්බ් ගේන්ඩ ගල්වලට ගියේ ''

'' ආ මිනිහද එහෙනං කමක් නැ , ඒත් ඉතින් මම නං කැමති ඔයාම වැඩේ කරනවානං''

( අනේ ඕකා කරන වැඩ අනිත් උන්ව මරවණවා මිසක් බදාම ටිකක් අතක පයක ගා ගන්නවද කමලා )

ඔන්න ඉතින් පහුවදා උදේම  උක්කුව ඒ ගෙදරට පිටත් කරපු කමලා ගියාලු වෙන ගෙයක් හදන තැකට , පැයකට හමාරකට පස්සේ අර මීගොඩ මහත්තයගේ නෝනාගෙන් කෝල් එකක් එනවලු  කමලට.

'' අනේ කමල් අයියේ මම අර ඔයා එවාපු මනුස්සයාව හරවලා ඇරියා . මම මේ වෙච්ච දේවල් මහත්තයට කියුවෙත් නැ , මට වෙන බාස්කෙනෙකුට කතා කරන්නත් බැ , මහත්තයට කතා නොකර ,කරුණාකරලා ඔයාම ඇවිත් වැඩේ කරලා දෙන්න''

'' ඒ..ඒ.....ඇයි නෝනා මොකද උනේ''

'' මිනිස්සු හැරෙනකොට කියුවැහැකිනේ කමල් අයියේ , එයාගේ කතාව මට ඇල්ලුවේ නෑ''

'' ඇයි නෝනා ඌ මොනවද කියුවේ''

'' කියපුවා මට ඔයත් එක්ක කියන්න බෑ ''
''මමත් දැන ගන්න එපැය නෝනා , කියන්ඩකෝ මම අද ඕකගේ අතක් පයක් කඩලා තමයි පස්ස බලන්නේ''
'' ගහන්ඩ බයින්ඩ යන්ඩ එපා කමල් , මිනිහා මට කුණුහාරප කියුවා''
''ඒ මොකටද නෝනට බනින්නේ ඌ''

'' බැන්නා නෙමෙයි , නිකන් තේරෙන නොතේරෙන විදිහට කියුවා, මේ මම තියනවා කමල් අයියේ , ඔයා ඉක්මනට ඇවිත් මේ වැඩේ මට කරලා දෙන්න''

''හා නෝනා මම අනිද්දට එන්නං ''

'' එහෙනං වරද්දන් නැතුව එන්ඩ . මම තියනවා''

නෝනා ෆෝන් එක තිබ්බ ගමන් කමල් ගත්තා කෝල් එකක  උක්කුවට , රීන්ග් වෙන්ඩත් කලින් ඌ ෆෝන් එක ඉස්සුවා''
''මොනවද    --තෝ තෝ අර ගෑණිට කියුවේ ''
'' මම මොකවත් කියුවේ නැ , එයා මාත් එක්ක ස්ලැබ් එක උඩට නැගලා වැඩේ කරන විදිහ කතා කරල ,. වැඩේ කරන  දවසට ඔයාට කෝල්  එකක් දෙන්නං කියලා කියුවා''

'' එහෙනං එයා කියන්නේ උඹ කුණුහාරප කතා කරා කියලා''

'' කුණුහාරප කියනවා තියා මම ඒ ගෑණිත් එක්ක වචන දෙක තුනකට වඩා කතා කලෙත් නෑ''

'' මේ තො මට පොත දාන්ඩ එපා හරිද . ගහනවා උස්සලා පොලවේ   --යා , කියපිය තෝ මොනවද කියුවේ කියලා''
'' ‍ස්ලැබ් එකට වතුර ටිකක් දාලා තෙමලා නැතුවද කොහෙද , හැම තැනම පුපුරලා හන්දා මම ඇහුවා''

'' අයියෝ නෝනා කොන්ක්‍රීට් තැනින් තැන කරවෙලා  පුපුරලනේ දැම්මේ නැද්ද වතුර ටිකක්''

'' අනේ අපේ මහත්තයත් ගෙදර නෑනේ මල්ලි  තනී මම කොහොමද ඔව්වා  කරන්නෙ''

'' මහත්තයා ගෙදර නැ කියලා නිකං , වේලෙන්ඩ අරින්ඩ එපා නෝනා,  අපරාදේ නිකං සවුත්තු වෙලා යනවා , අපිට කෝල් එකක් දුන්නානං   අපි ඇවිත් තෙමලා දීලා යනවනේ''

** ඔන්න ඔච්චරයි අයියේ මම කියුවේ **

2012-10-20

ඇස්වහ කටවහ



දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො මල්ලො ඉන්නවා කියල යෑ , පෙගිච්ච හුළං විස්කෝත්තක් උස්සගන ආවත් රසයි කියන කාලෙනේ, දෙන්න එක්ක දෙකට බෙදාගන  අඹරල දානවා ඉතින්. ගෙනාවේ නැතත් අවුලක් නැ ඉතින් , කරදරයක් නැති ගෑණිනේ .



දැන්නං ඉතින් උන්දැට රස කෑමක් , පලතුරක්  කන්ඩ ලැබෙන්නැ , පොඩි උන් දෙන්නටම ගිල්ලන එක තමා වැඩේ . උන් දෙන්නා කෑවේ නැතත් ඔහේ මේසය උඩ වේළි වේලි තිබිලා විසික් කරත් මේ ගෑණි නෙමෙයිනේ කන්නේ. 



බත් කන කොටත් ඔය සෙතේම තමා ඉතින් , ලොකු කෑලි දෙක තුනක් කෙල්ලෝ දෙන්නගේ බතට පොඩි කරන්ඩ තියලා , ඊ ලගට හොද ලොකු කෑලී දෙකක් මට බෙදලා , බත් එකට ඇබින්දං හං  කෑල්ලක් බෙදාගන කනවා දකින කොට තමා මම කාපුවා පිච්චිලා යන්නේ. ඒ මදිවට පහුවදා වැඩට ගිහින් මට ගැට ගහලා දෙන බත් ගෙඩිය දිග ඇරියහම තමා ඉතින් කුණුහාරප එන්නේ මගේ කටට. ඇයි යකෝ තව තඩි මාළු කෑල්ලක් බත් එකේ .



කතා කරලා බණින කොට ඉතින් හම්බෙනවා හොද උත්තරයකුත් 



'' නැ ලොකු මේ දෙන්නට බත් කවලා මටත් කෑල්ලක් ඉතුරු උනා , මම බත් කාලත් දැන් ගොඩක් වෙලා ඔයා දැන්ද බත් කන්නේ''



ඇ ඕයි තලපත් පන්සීයක කොහෙද ඔච්චර කෑළි කියලා අහන්ඩ හිතුනත් මම එහෙම කවදාවත් ඇහුවේ නැ , 



මොකද දන්නවද , මම දන්නවා මේකි මටයි මගේ දරු දෙන්නටයි කොච්චර ආදරෙයිද කියලා.



අපේ අම්මවත් මට මෙච්චර ආදරේ නැද්ද කොහෙද



‍ඉදලා හිටලා ගෙදර ඉන්න දවසටත්  ඔය සෙතේම තමා



''මොනවද චුටී අපරාදේ මෙව්වා නිකං වේලිලා විසික් කරනවා ඔයාවත් කන්ඩකෝ''



''අනේ මේ කෙල්ලෝ දෙන්නා කන්නැ ලොකු මම කොහොමද තනියම කන්නේ''



ඔන්න ඉතින් මේ මනුස්සයා මට තව මළ පන්නවා





''එයාල කන්නේ නැත්තං නිකා ඉන්ඩ කියලා කනවකෝ''



''අනේ මට එහෙම කන්ඩ බැ ලොකු''



''කිව්වහම අහලා කනවා මගේ යකා අවුස්සනේ නැතුව''



''ඉතින් මට කියන්නේ ඔයා කන්නෙත් නැනේ''



''ඇයි මම කන්නේ''



''අනේ නිකං ඉන්ඩ ලොකු , පිරිසියට දාලා ලගට ගෙනත් දුන්න අඹ කෑල්ලවත් කෑවද ඔයා , ගෙදර ආපු වෙලාවේ ඉදන් ඕක බදාගන ටොක ටොක ගගා ඉන්නවා මිසක් ඔයාට ‍කන්ඩවත් සිහියක් තියද''



''හරි හරි කට පියාගන කනවා මේක . ....මගුල''



වේලිලා ඇද වෙච්ච දෙළුම් බෑය මම දික්කරනවා ‍අටමිට



ඒකවත් තනියම කන්ඩ ගැණී



කළු වෙච්ච පැත්ත ඒකිට තියාගන මට දෙනවා හොද පැත්තෙන් ලොකු කෑල්ලක් 



( අයියේ කතාව පැන්නා කැලේ , යන්නේ කොහෙද මල්ලේ පොල් , මේ වෙලාවට තමා ඉතින් අර හැරියගේ මෑණියන්වත් සිහිවෙන්නේ)





ඉතින් ඔය වාගේ ඉස්සර දවසක මම ගෙනාවා අර කහපාට රට දොඩං ගෙඩි දෙකක් , පොඩ්ඩක්වත් ඇඹුල් නැති කහම කහපාට එව්වා. ඒ වායේ ඇටත් ඇත්තේ නැනේ . තිබ්බත් ඉතින් ඇබිත්තං පුස් ඇටයක් දෙකක් නේ, ඒත් ඒ එක ගෙඩියක තිබ්බා පත සයිස් ඇට පහක්ද කොහෙද ,



''හානේ ලොකු මේ බලන්ඩ , මේ ගෙඩියේ ඇට තියනවා''



කියපු  අපේ උන්දැ ඔය ඇට ටික දැම්මා මල් පෝච්චියකට 



''අපි ගහක් හදාගම්මු''



''ඔව්වා පැල වෙන්නැ, ජාන වෙනස් කරලා හදපු පළතුරු ඔව්වා, පැල හදාගන්නෙත් ඇට වලින් නෙමෙයි , පටක රෝපණය කරලා''



''එහෙනං මේ ඇට තියෙන්නේ''



''තිබුනට පැල වෙන්නැ''



''නැත්තේ මොකද මේ ඇට පුපුරලත් එක්ක''



''එහෙනං බලාගන ඉන්න‍වකෝ''



ඔහොම ඉතින් සතියක් දෙකක් ගියා, දවසක් අටමී මාලගට ඇවිත් කියනවා

''ඔයා කියුවා නේද අර දොඩම් ඇට පැල වෙන්නේ නැ කියලා , අන්න ගස් දෙකක්ම හැදිලා''

අපොයි මට සරමේ රෙවුනසේක 



''ඔව්වා ඔය පැල උනාට හරි යන්නැ , බිම හිටෝපු ගමන් මැරිලා යනවා , අනික ගෙඩි හැදෙන්නේත් නැ, මෙහේ දේසගුනේ ඔව්වට හරි යන්නැ , සීතල රටවල හැදෙන ගස්''



''ඒ උනාට කමක් නැ මට ඔය පැලයක් බිම ඉන්දලා දෙන්න''

බේරෙන්ඩ බැරිතැන මම ඉතින් , ටිකක් ලොකු වලක් කපලා ඒකට කුණු පුච්චන තැනින් කළු පස්ටිකක් එහෙම අරගන දාලා , අර එක පැළයක් හිටවලා දැම්මා



(අනිත් පැලය අපේ නැන්දම්මා අරගන ගිහිල්ලා හිටෙව්වට ගෙඩි හැදුන්නැ) 



ඒකට එක්ක අපේ පැලය මගේ අත් ගුණයටද කොහෙද ඒක බස බස ගාලා හැදුනා කියන්ඩකෝ, 



අවුරුද්දක් දෙකක් යනකොට පත සයිස් ගහක් උනා කියන්ඩකෝ, කොළ නං ඉතින් සිදරං කොල වාගේ , දවසක් අටමී මිදුල අතු ගගා ඉදලා දුහගන ඇවිත් මට කියනවා 



'' ලොකූ ලොකූ අන්න දොඩං ගහේ ගෙඩි හැදිලා ''



මමත් ඉතින් ගිහිල්ලා බලන කොට දොඩං තමා , ගෙඩි දහයක් දොලහක්ම තිබ්බා , මම ගෙඩියක් කඩා ගන්ඩ හදනකොට අටමී කෑ ගහනවා



''කඩන්ඩ එපා මෝඩයෝ ඔව්වා කහ උනහම කඩමු''



''මෙව්වා කහ වෙන්නේ නැ''



''දන්න එක තමා , මහ ලොකුවට මට කෑගැහුවේ ඔව්වා හැදෙන්නෙත් නැ කියලා , දැන් එනවා ගෙඩි කඩන්ඩ ''



''ඉතින් මමනේ හිටෙව්වේ''



මං භයවෙයි අටමිගේ කටට , කොහොම හරි අත්ත පාත් කරලා හොදට මෝරපු ගෙඩි දෙකක් කඩා ගත්තා, ඒ වෙන කොට අපේ ලොකු කෙල්ලත් හම්බෙලා, අපි තුන්දෙනා ඉතින් ඔය ගෙඩි දෙක හදාගන බිව්වා , ගෙඩිය පැණි දොඩං ගෙඩියක් වාගේ උනාට , ඇඹුල් ගතියක් තිබ්බා ටිකක් , පට්ට රහයි. කොහොම හරි අනිත් ගෙඩි ටික කහ වෙනකං අටමී බලාගන උන්නට එව්වා කහපාට උනේ නැ, ගෙඩියක් දෙකක් ඉදිලා බිමට වැටෙනකොට උන්දැටම වැඩේ තේරිලාද කොහෙද , ගෙඩි හතරක් පන්සලේ හාමුදුරුවන්ට ගිහිල්ලා දීලා , අනිත් ටික කෙල්ලට පොවලා වැඩේ චප්පාක්ලොස් කරලා දැම්මා, ඊට පස්සේ ඉතින්අවුරුද්දක් විතර යනකං ගෙඩියක් නං හැදුන් නැ, ටික දවසකින් ආයේ අපිට දොඩං ගහ අමතක වෙලා ගියා, ඒ වෙන කොට අපේ ලොකු කෙල්ල එළිපහලියේ  ඇවිදින්ඩ ගත්ත කාලේ .‍ හොදට කතා කරන්නත් පුළුවන් , කුරුල්ලෝ පෙන්න පෙන්නා කෙල්ලට බත් කවන වෙලාවක අපේ උන්දැ ආයෙත් දැකලා ඇබින්දං ගෙඩි වාගයක් හැදිලා තියනවා, වැඩට ගිහිල්ලා උන්න මට ටුංගාලා දුන්නා කෝල් එකක් .



''ලොකු දොඩං ගහේ ආයෙත් ගෙඩි ඇවිත් , ගොඩාක් තියනවා අනේ''



''හා හා ඇවිත් බලන්නං මම වැඩක් ''



මේ වැඩ අස්සේ මේ ගෑණි දොඩමක් කියවනවා කියලා මම තිබ්බා ෆෝන් එක



හවස ගෙදර ඇවිත් බැලුවට පස්සේ  අටමටත් මාර චූන් එකක් ගියේ , ඇයි යකෝ පුංචී පුංචී ගැට තුන් සියකටත් වඩා හැදිලා , දැන් ඉතින් අපි හරි ආසාවෙන් දවස ගානේ ගෙඩි පැහෙනකං බලාගන ඉන්නවා, ටික දවසක් යන කොට ගෙඩි බිත්තරයක් විතර සයිස් එකට හැදිලා , උදේට ගැට දෙකතුනක් බිම වැටිලා තිබුනට ඒක ඉතින් ඔය දෙහි කූලේ ගස්වල හැටියක්නේ, ගහේ අතු බරවෙලා ගෙඩි අතින් අල්ලන්ඩ හැකි මට්ටමටත් ආපු හන්දා අටමට අමාරුවෙන් හොයාගන අතු දෙකකට කරු තියන්ඩත් උනා , ලාවට මේරලා තිබ්බ ගෙඩි දෙකතුනක් අපි ආතල් එකට හදාගන බිව්වත් එක්ක . ඔන්න ඔහොම වැඩේ යනකොට දවසනක් උදේ පාන්දර දහයට විතර මම වැඩට යන්ඩ එළියට බහින්ඩ හදනකොට ආවා අපේ උන්දැගේ නැන්දා කෙනෙක් , දුර තියාම මම බලාගන ඇස්දෙක තිබ්බේ දොඩං ගහ දිහාට , ගෙට ගොඩ වෙන්නෙත් නැතුව දොරකඩ හිටගත්ත උන්දැ දොඩං ගහට අත දික් කොරලා අටමිගෙන් අහනවා



''ඇ කෙල්ලේ මේ මොනවද මේ''



''කන්ඩ ගෙනාපු දොඩං ගෙඩියක ඇටයක් පැලවෙලා නැන්දේ''



''ඇඹුල් දොඩංද ළමයෝ''



උන්දැ මයේ දිහාට හැරිලා අහනවා



'' හම්ම් ''



ගහ යටටත් ගිය නැන්දා බිම තිබ්බ ගෙඩියක් අහුලාගන කරකවලා බලලා



'' පැණි දොඩං වගේ , මේ පෑවිල්ලට හරි යන්නැ ගස් වේලිලා යනවා''



ගෙට ගොඩ වෙලත් දැන් දොඩං ගැන තමා කතාව , ළමයින්ට හොදයි කියයි , ලෙඩ්ඩුන්ට හොදයි කියයි , දේව පුජාවකට පැණි දොඩං ගෙඩියක් රුපියල් සීයිය ගානේ හතක් ගෙනාව කියයි.



'' නැන්දට ගෙඩියක් දෙකක් කඩලා දෙන්ඩද , හැබැයි තවම හරියට පැහිලා නැ''



'' එපා ළමයෝ ඔය ගැට කඩන්ඩ , මම පස්සේ එන්නංකෝ ''



කියාගන උන්දැ එළියට බැස්සා , ඒ පස්සෙන් කෙල්ලවත් වඩාගන යන අටමි දොරකඩට ගිහිල්ලා



''මම ගෙඩි කඩපුවහම නැන්දගේ පංගුවත් ගෙනත් දෙන්නංකෝ''



යන ගමනුත් උන්දැ ගහ දිහා බල බලා තමයි ඉතින් ගියේ



පහුවදා හවස මම බලනකොට ගහේ කොල ඔක්කොම මැලවිලා , පෑවිල්ලට කියලා හිතපු මම හෝස් එක අරගන ගහ මුලටයි හොදට වතුර දාලා අතු වලටත් ඉස්සා



ඊලග දවස වෙනකොට කොළ , ගෙඩී  එක එක වැටෙන්ඩ ගත්තා , දවස් දහයක් විතර යනකොට ගහේ කෝටු විතරයි ඉතුරු උනේ , අපි දෙන්නට දැන් හෙන දුකයි , ඊ ලගට මම වැඩට නොයා ගෙදර උන්න දවසේ  මුල හරියෙන් අඩි දෙකක් විතර ඉතුරු කරලා කපලා ගේ පිටිපස්සේ තියන වගුරට ( පුරං වෙච්ච කුඹුරක් ) විසික් කරලා දැම්මා , ( ඕක දකින කොට අපි දෙන්නටම හිතට දුක හන්දා ) , ඒ ගහ කොච්චර ශක්තිමත්ද බලන්න දැන් අවුරුදු තුනකටත් වැඩියි එක අත්තක් තාම එහෙම්ම වෙලේ තියනවා .



මාසෙක් විතර මුලින් ලියලයිද කියලවත් බලාගන ඉදලා . එහෙම උනේ නැති හන්දා , මුලත් ගලවලා බැලුවා මුල කූණුවෙලාවත් ගහ මැරිලද කියලා , නෑ මුලත් කට්ට වෙන්ඩ වේලිලා තිබ්බා.




මට තියන ප්‍රශ්නය තමයි එහෙම වෙන්නේ ඇයි

2012-10-05

අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්



''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්''


මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා
මේ ගැන ටිකක් ලියන්ඩ ඒන කියලා හිතුනා
මගෙන් අහන ප්‍රශ්න සහ ගොඩක් වෙලාවට මම  දෙන  උත්තරය තමයි මම මේ අද ලියන්ඩ යන්නේ
හැල්ලක් වාගේ ලියාගන යනවට වඩා හොදයි කියලා හිතෙනවා කරුණු එකින් එක ලියුවානං
එතකොට කියවන අයට ලේසිවෙයි

දැන් ඔය තඩී මෝටරයක් තියන පත මැෂින් ඔක්කොම මෙෂින් ජුකි ඒවද

අධිවේගි මහන යන්ත්‍ර සියල්ලම ජුකි නොවේ. ජුකි යනු වෙළද නාමයක් පමණි
බ්‍රදර් . සන්ස්ටාර්.පැප්.ටොයොටා. වැනි වෙළද නාම ගණනාවකින්ම ජපානයේ නිෂ්පාදනය කරන ලද පරණ මෙෂින් දකින්න පුළුවන්

චයිනීස් එව්වායෙත් එක එක ජාත් තියනවද
නැතුව, අළුත් චයිනීස් මෙෂින්නං වෙළද නාම හැටහුටහමාරකින් දකින්නට පුළුවන්

මොකක්ද ඔව්වායේ තියන සාමාන්‍ය මෙෂින් වලට වඩා වෙනස
අතින් ඔයිල් දැමීමක් සිදු නොකරන මෙව්වායේ , තෙල් මහන යන්ත්‍රයේ අවශ්‍ය තැන් කරා ගෙනයාමට පොම්පයක් සවිකොට ඇත.වේගයෙන් මැසීම සිදුකල හැක.මහන තැනැත්තාට පහසුවෙන් හැසිරවිය හැක.  තම කාර්ය්‍යයන් පහසු කර ගැනීමට අවශ්‍ය අතර උපකරණ , උපාංග සිය ගනනක් ඇති අතර ඒවා පහසුවෙන් සවිකල හැක


ඉතින් ඔය එක එක ජාතිවල ජපන් මෙෂින්වල පාට්ස් එක සමානද
මේ මෙෂින්වල නිතරම අවශ්‍ය වන කොටස්   බොහෝ දුරට එක සමානයි, (උදාහරණ, ෂටල් බොබින් , කැරියර්, පීඩොක් , නිඩ්ල් ප්ලේට්,ස්ලයිඩ් ප්ලේට්, නිඩ්ල් බාර් වාගේ එව්වා)

ඒ කියන්නේ වෙනස්කම් තියනවා
අපිට මිලදි ගන්න ලැබෙන පාවිච්චිකල ජපන් මෙෂින්වල වර්ගය සහ මාදිලිය වෙනස්වන විට බොහෝ වෙනස්කම් දකින්න පුලුවන්

චීනයේ හදාපු එව්වාට අවුලක් නැ ඒ කියන්නේ 

පරණ ජපන් මෙෂින්වලට පාට්ස්  නිෂ්පාදනය කිරිම නවත්තලා හන්දයි ඔය අවුල .මැත කාලයේ ජපානයේ නිෂ්පාදනය කල වෙළද නාම ,මෙෂින් වර්ග , මාදිලි කොපි කරමින් චින නිෂ්පාදනයන් එළි දක්වා තියන නිසා එව්වාට පාට්ස් එයාලා නිෂ්පාදනය කරනවා. අනික නම වෙනස් උනාට බොහෝවිට ඒ ‍මෙෂින් එකින් එකකට සමානයි

ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරපු මෙෂින් වර්ග ඔක්කොම එයාලා කොපි කරනවා

බොහෝ විට චීන නිෂ්පාදනයන් කොපි කොට ඇත්තේ ජපන් ජුකි සහ , කොරියානු සන්ස්ටාර්      මහන යන්ත්‍රයන්ය,

දැන් ලංකාවේ අළුතින් නිෂ්පාදනය ජපන් මෙෂින් ගන්න තැනක් නැද්ද

මා දන්නා තරමින් දැනට . ජපානයේ නිෂ්පාදනය කරනු ලබන අළුත් මහන යන්ත්‍ර කිසිවක් ශ්‍රීලාංකීය වෙළදපොලේ දක්නට නොමැත, ජපන් යැයි කියන එව්වායේද ඇත්තේ චීනයේ නිෂ්පාදනය කල අමතර කොටස්ය (එහෙම ජපන් එකක් තියනවානං කමෙන්ට් එකක් දාන්න  මං කැමතියි දැනගන්න , ගන්න කියනවා හැමෝටම)

2012-09-23

අනේ යං මෙයා යන්ඩ

මෙව්වා රියල් සිද්ධි හරිද , අටංතුමා හදලා ලියනවා නෙමෙයි, 

අපිට වෙන හැම සීන් එකකම හිනායන කෑල්ලක් තියනවා , කාට උනත් ඒ කෑල්ල හරියට අල්ලා ගන්න පුලුවන්නං එච්චරයි, අනේ අපොයි අපරාදේ නොකියා ඉන්න ටිකේ හොදට ඉදලා මැරිලා යන්න  ගේමක්ම නැ එහෙම හිතන එකාට.


ඒ දවස්වල මාත් එක්ක වැඩකරපු මිත්තරයෙක් ඉන්නවා අමල් කියලා.ඇත්තටම එළකොල්ලෙක් , ධාතූ වැඩ නෑ , අවංකයා.


මමත් කොල්ලට දන්න සබ්බ සකල මනාවම කියලා දුන්නා. අදටත් ඌ කෙලවා ගත්තහම මට කෝල් එකක් දෙනවා.( ඌට එහෙම හරි මාව මතකයි ඒකත් මදෑ නේද )


ඉස්සර එක දවසක් අපි දෙන්නා අතරේ මෙහෙම කතා බහක් ඇති උනා.


!! ගොඩ දවසකින් අරක්කු ටිකක් බිව්වේ නැ නේද බං අයියේ !!


!! මං නං ඊයෙත් බිව්වා !!


!! බොට මොකද ඉතින් , මොකද කියන්නේ හවසට බොමුද !!


!! හම් !!


!! මම හතට විතර ඉස්ටේසමට එන්නං , උඹ මම එනකොට ඇවිල්ලා හිටහං , කොහාටද යන්නේ !!


!! වෙන කොහෙද ඉතින් "හේෂාන්"' යමං  !!

( මේ කියන කාලේ "කාසා" ඇටෙත් නැ)


ඔහොම කතාකරගන දෙකට ඕෆ්වෙලා ගෙදර ආව කියමුකෝ , හවස මට යන්ඩ ටිකක් පරක්කූ උනා, ඉස්ටේසමට ගිහිල්ලා බලනකොට මූ නැ, පොරත් මම වගේම මූලග්ගිණි කාරයා හන්දා මළ පැනලා ''හේෂාන්''  එකට ගිහිල්ලා ඇති කියලා හිතාගන මමත් ඒ පැත්තට ගෑටුවා.

( දැන් ඉතින් කියාපියව් අනේ මේ අටමා වගේ බූරුවෙක් කෝල් එකක දුන්නනං ඉවරනේ කියලා, ඒ කාලේ කොල්ලටයි  බල්ලටයි ෆෝන් තිබ්බේ නෑ , සල්ලි තියන පට්ට සෝබන කාරයෙක්ට විතරයි ෆෝන් එකක් තිබ්බේ, 8210, 8250, 3310, ඔන්න තිබ්බ ෆෝන් මොඩල් )


මම ‍හේෂාන් එකට යනකොට අමල් කොලුවා බෝතලයක් ගෙනත් තනියම ගහනවා, දැක්ක ගමන් තේරුනා මල් වත්තක් පැනලා කියලා


!! කොහෙද මක බෑ උනේ -කෝ !!


!! සොරි සොරි බං.... උඹට මම එනකං ඉන්ඩ තිබ්බනේ චුට්ටක් ස්ටේසමේ !!


!! ඉස්ටේසමේ ඉන්නේ කොහොමද  හු--   තොපේ ගමේ ඉන්න තෝ වගේ පොන්නයොත් එක්ක !!


!! ඇයි බං මොකද උඹට උනේ !!


!! උනේ...... උන එක කියන්නැ ...මම තොට ......., දැන් ඉතින් කටවහගන බීපිය !!


දැම්මම මූ කියන පාටක් නැ, තරහා වෙලා හන්දා කතාබහකුත් නැ , අදුරන්නේ නැති උන්දෙන්නෙක් වාගේ ටේබල් එකේ දෙපැත්තට වෙලා මමත් දෙකක් තූනක් දාගත්තා , ටික වේලාවකට පස්සේ සිකරට් භාගයක් අමලට දික් කරපු මම


!! මොකද උනේ කියහං කෝ ඉතින් !!


මාව කන්ඩ වාගේ ටික වේළාවක් මූණ දිහා බලාගන හිටපු පොර හිමිහිට කට ඇරියා


මෙතන ඉදන් තියෙන්නේ අමල් මට දුන්න උත්තරය


උඹ පරක්කූ හන්දා මම ෆ්ලැට්ෆෝම් එකේ එහා කොනට ගිහිල්ලා සිකරට් එකක් පත්තු කරගත්තා, එතන බැම්ම උඩ වාඩිවෙලා හිටපු කොල්ලෝ දෙන්නෙක් මාත් එක්ක හිනා වෙලා මාලග ඇවිත් හිට ගත්තා, උන් දෙන්නා මාරුවෙන් මාරුවට මා එක්ක හිනා වෙන හන්දා මම හිතූවේ සිකරට් භාගෙට අරින්ඩ තමයි කියලා, ටික වේලාවකින් එකෙක් කියනවා


!! කෝච්චිය පරක්කුයි නේද අයියේ !!


!! ඔව් නේද !!


!! මේ දවස් ටිකේම පරක්කුයි !!


!! ඇත්තද !!


!! අයියා කොහාට යන්ඩද !!


!! මම කොහෙවත් යන්ඩ නෙමෙයි !!


!! කොහෙවත් යන්ඩ නෙමෙයි නං ඇයි ඉස්ටේසමට ආවේ !!


!! යාළුවෙක් එනකං ඉන්නවා !!


!! ෂා එහෙනං ෂෝක් , අපිත් අයියා වාගේ යාළුවෙක් එයි කියලා තමයි මේ බල බලා උන්නේ !!


!! අර ඉස්ටෝරුව එහාපැත්තට ගිහිල්ලා "ෆන්"  එකක් ගම්මුද අයියේ , මේ වේළාවට ඒ පැත්තට කව්රුත් එන්නේ නැ !!


!! මම ගංජා බොන්නෑ !!


!! ඉකේ.....ඒ...  කව්ද අයියේ ගංජා බොන්ඩ කතා කලේ , අයියෝ ඔයා ආතල් ගැන දන්නෙත් නැද්ද , මම හිතූවා ඔයා අපේ යාළුවෙක් කියලා !!


!! මොනව ගැනද දැන් උඹ ඔය කියවන්නේ !!


!! දන් නැද්ද ....ආතල් එකක්  අයියේ...... , ....සෙක්ස් .....ආතල් එකක් එකක් !!


!! කොල්ලොත් එක්ක මොන සෙක්ස්ද බං , පලයන් පැත්තකට ,   ආතල් ගන්ඩ මට කෙල්ලෙක් ඉන්නවා !!


!! අයියෝ....ගෑණු දන්නවද  අයියේ ආතල් දෙන්ඩ , ඔයා අපෙන් ආතල් එකක් ගත්තොත් ආයේ ගෑණියෙක් දිහා බලන්නෙක්වත් නෑ !!


!! කිව්වම අහලා පාඩුවේ පලයන් දෙන්නා එක්ක පැත්තකට !!


!! තරහා ගන් නැතුව අහන්ඩකෝ අයියේ , කෙල්ලො ඔයාට ආතල් දෙන් නැ ඔයාගෙන් ආතල් ගන්නවා , ඔයා ඔක්කොම ජාතී  කරනකන් උන් ආතල් එකේ ඉන්නවා , එහෙමද අපි අපි දෙන්නේ දිවිය ලෝක සැප !!


!! මම ආයේ කියන්නැ පලයව් අහකට !!


!! අනේ එන්ඩකෝ අයියේ එක පාරකට , අපි දෙන්නා පව්නේ !!

   කියලා එපාර ඒ හු--නා අමලගේ පරම්පරා කූට්ටම අතගැවාලු


!! අ--ට  හු--ඩ  කැ-  පොන්නයෝ දෙන්නා, මම තොපි දෙන්නට කියුවා නේද , මට පාඩුවේ ඉන්ඩ දෙන්ඩ කියලා , දුහපියව් වේ-- පුතාල දෙන්නා !!


උග්.. ආ..අම්මෝ ඩිෂුම් ඩක් චටාස් පටාස් ...පහ් පග් .....


* අමලා අරුන් දෙන්නට හොදටම ගහලා , මෙච්චර වෙලා කතා නොකර හිටපු ''නංගි මල්ලියා'' වැටිලා හිටපු  තැනින් වැලි පිහදදා නැගිටලා මෙහෙම කියුවලූ *


*!!   යමු මෙයා  අපි යන්ඩ.. ,  මොකටද මේ මූසලයට බලෙන් ආතල් දෙන්නේ ,  නිකං හම්බෙන ආතල් එක ගන්ඩ දන්නේ නැති බූරුවෙක්‘‘