බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික වෙලාවක් වාඩිවෙලා උන්න කතන්දරේ තමා , අද කියන්ඩ යන්නේ අපේ අම්මා ජීවිතේට කරපු ලොකුම ගොංකම ගැන .
ඔන්න ඉතින් ඒකාලේ මට ඔය මොනවහරි ගලවන්ඩ හදන්ඩ නිර්මානේ කොරන්ඩ තියනවනං වෙන මොකවත් ඕන නැනේ , කාලෙන් කාලෙට එන වසන්ගත මං ඕනවටත් වැඩිය බදාගන හැල්මේ දුහනව , ආයේ ඉතින් කෑමක් බීමක් නින්දක් නැ . මොකක් හරි කොරනකොට පුරස්නයක් ආවද ඒක විසදගන්න කං මං නෙමෙයි පස්ස බලන්නේ ,
ආයේ ඉතින් බයිසිකලේ ගලවල කෙලව ගත්තනං විංකලේ අංකලයත් එක්කම දවසම එතන ඉදල හරි හදන විදිහත් බලාගන අයින් කරපු කෑල්ලක් ඉල්ලගන ඇවිත් ගොඩදාල මිසක් පස්ස බලන්නේ නැ , ඒ කාලේ සමහරක් කාර්මිකයෝ , මේසන් බාස්ලනං මම වැඩ පොලක් කරන තැනකට එනවටත් කැමති නැ , ඇයි ඉතින් ඒකල වැඩක් කොරගන්ඩ යැ , මම අහන එව්වට උත්තර දෙනව ඇර ,
හිතමුකෝ කොහේහරි පොල් ගහක් කපනව කියල , ගහ කපන්ඩ ඒ මනුස්සය දාන කට් එකත් මට හෙන පුරස්නයක් ,
‘‘ අංකල් ඇයි මේ පැත්ත ඉස්සෙල්ලා කැපුවේ ‘‘
ඔන්න ඔහොම ඉතින් මගේ විමසිලිමත් දැස්
අද කාලේ කොල්ලො ගත කරන්නේ මොන ජීවිතද කියල වෙලාවකට මට හිතෙනව ඉස්සර කොල්ලො කාලේ කරපු කියපු දේවල් මතක් වෙනකොට , මොනතරම් නිදහස් සුන්දර ජීවිතද අපි ගතකලේ , අනික ඒ නිදහස හින්දම එක එකා ඇතුලේ එක එක ප්‍රයෝගික දක්ෂතා මතුවෙච්ච හැටි , ජීවන කුසලතා වර්ධනය වෙච්ච හැටි මතක් වෙනකොටත් හරිම ආශ්වාදජනකයි.
ගහකට නැගගන්ඩ , පැලෙන්නේ නැතුව කුරුම්බයක් බිමට දාන්ඩ , දර කෑල්ලක් පලාගන්ඩ , ස්පාක්ප්ලග් එකක් ගලවල සුද්ද කරල හයිකරගන්ඩ , ඇන්ටනාවක් හයි කරගන්ඩවත් බැනේ දැන් ඉන්න එකාලට .
ඇයි ඉතින් ගහක් කපන තැනක , ගෙයක් හදන තැනක බලාගන ඉන්නව බැහැල ඉන්න කෑල්ල දැක්කොත් චාටර් කියලනේ හිතාගන ඉන්නේ. අනේ ඉතින් තමන් ගෙයක් හදන දාට තමා කොල්ලටයි , කෑල්ලටයි දෙන්නටම කෙලවෙන්නේ . අවුරුදු විසිපහක් හම්බකරකර ගෙවන්ඩ ගත්ත ඉඩමේ දෙන්නම ගන්ඩ පුලුවන් ඔක්කොම ණය අරගන පොදි ගහපු සල්ලි මල්ල දියකරල බාසුන්නැහේ බාසුන්නැහේ සීහින මාලිගාව ඉදි කෙරුවට පස්සේ තමයි නුවන පෑදෙන්නේ .
ඊට පස්සේ බාසට හෙන ඉල්ලනව සල්ලි කැවා කියල , ඇයි හත්දෙයියනේ එකෙන් දෙකෙන් කෙලවනකොට වැරැද්ද පෙන්නන්ඩ දැනුමක් තිබ්බනං වැඩේ ගොඩ දාගන්නවනේ . කොහෙද එහෙම දෙයක් දැනගන්ඩ වැඩක් කරන පිලිවල දන්න එකක් යැ විභාග පාස් කලාට , එහෙම දැනගන්ඩ ඉතින් තමුන්ගේ මහරාල ගෙවල් හදන කොට වැලි ටිකක් හලල දීලා , බදාමයක් , කොන්කිරිට් එකක් අනල තියෙන්ඩ එපෑය.ඉතින් තමන්ගේ ගේ හදනකොට බාස් කියනදේ දේව වාක්කිය වාගේ අදහල , කරන නිරපරාද කාලකන්නි වැඩ දිහා කට ඇරගන බලාගන ඉදලා , පස්සේ හුල්ලනව ,
අඩුම තරමේ තමන්ගේ ගෙට ගාන්ඩ තීන්ත ටිකවත් මැච් කරල ගන්ඩ තරම් දැනුමක් නැ , ගේන බඩුවක මුට්ටුවක ගූණාත්මක බව පිරික්සල බලන්ඩ තරමටවත් මොලයක් නැ , කඩේ මුදලාලිය හොදයි කියන ඒ යකාට ලාභය වැඩි බඩුව උස්සගන ඇවිත් කෙල උනාට පස්සේ කඩේ අයිතිකාරයගේ මැනියන්ට මතක වස්තර පූජා කොරන එකනේ කොරන්නේ , කඩ දාන්නේ ලාභ ගන්ඩනේ දෙයියනේ , අපි දැනගන්ඩ ඕන හරිදේ තෝරල බේරල ගන්ඩ .
වැඩිය ඕන්නැ සමහරක් කොල්ලො ඉන්නවා ,..මේ හොද තානාන්තර දරන අයෝම පුරුසයෝ , හොල්ඩරේට දාගන්ඩ ගිහින් සී එප් එල් බල්බ් එක බිදගන්නවනේ ,.අනේ ඉතින් අන්තිමට ගෙදර එකාට බැරි හන්දා ඊලග දවසේ ගෙදර ගැනි අහල පහල එකෙක්ට කියල බල්බ් එක මාරු කරගන පස්සෙං පහු අහවල් එකත් කරගන ජිවිතේ එලිය කරගන්නව , කොල්ලට වෙන්නේ සි එප් එල් එක අතේ තියාගන හූල්ල කන්ඩ.
වෙන මොකවත් නෙමෙයි හේතුව මනුස්සයෙක් වැඩක් කරනකොට බලාගන ඉන්ඩ , නොදන්න දෙයක් අහගන්ඩ තියන ලැජ්ජාව , ටැස් කොරල බලන්ඩ තියන බය , නැත්තං ඔය පරණ එකක් පාවිච්චි කරපු එකක් හරි හොයාගන ගලවල කරල වැඩ සටහන බලාගන පරතිකර්මෙකුත් කෙරුවනං එහොම වෙනවද , එහෙම වැඩක් බලාගන ඉන්න එක මදි පුංචි කමක් කියල තමා හිතාගන ඉන්නේ.
ආ ඉතින් එව්වා වැඩක් නැ බහිමුකෝ කතාවට , ඔන්න ඉතින් මං ඒ දවස්වල මයේ හිතේ අටවසරෙද කොහෙද , වෙසක් එක ලංවේගන එනකොට තැන් තැන් වල කැරකෙන කූඩු එහෙම ගහනව මං ඉතින් ඉස්කෝලේ ඇරිල දුරම පාරෙන් ඉක්මනට ගෙදර එන එකානෛ් . ආයේ ඉතින් හතරට පහට බත් කෑවට මොකැ , ගස්වල ගඩාගෙඩි එහෙම තියෙන්නේ .ඒ දවස්වල අපි උන්න ඉසව්වේ පත සයිස් කැරකෙන කුඩු දෙකක් තුනක් , ගල්වල හන්දියේ තඩි තොරණක් එහෙම ගැහුවා , තව ඉතින් තැන් තැන්වල එක එක කූඩු , නැලිගමත් හොද කුඩුවක් ගැහුවා ,නැලිගම තොරණ ගහන්ඩ පටන් ගත්තට පස්සේ ඒක නැවතුනා . පස්සේ තොරණත් නැතුව ගියා , දැන්නං ඒ පැත්ත පලාතේ වෙසක් ආතල් එකක්වත් නැ ,
රටේ හැම තැනම එහෙමයි , දැන් ඉතින් එව්වා කොහේ කරන්ඩද , අපි පොඩි කාලේ උන්න ඒවට ඇල්මක් ආසාවක් උනන්දුවක් තිබුන වැඩිහිටියේ බාගයක් මැරිලා , ඉතිරුවෙච්ච අනිත් උන්ට කරගන්ඩ උවමනාව තිබුනට ඇගේ හයියත් නැ . සාක්කුව බරත් නැ , අතරින් පතර එකෙක් දෙන්නෙක් නං බිසිනොස් එකට කොරගන යනව , ඒ ඇරුනහම ඔව්වයේ පසුපෙලේ හිටපු ඇල්මක් ආසාවක් ආදරයක් ඇම්මක් තිබුන අපි වගේ හැත්තැව දසකේ උන් දෙමන්දර අතරමං වෙලා .
මේ රෙද්ද හරි යන්නැ බොලව් කාණු පනිනව , .........ඔන්න ඉතින් මටත් හිතුනා කියමුකේ කැරකෙන කුඩුවක් ගහන්ඩ , සැහෙන කාලෙක ඉදන් හිතේ තිබුනට කරගන්ඩ බැරි වෙච්ච හන්දා මම හිතුවා මේ පාරනං පොඩියට හරි කුඩුවක් කැරකෙන්ඩ ගහන එක ගහනවමයි කියල , අනික ඕකට තක්කෙටම හරියන මෝටරයකුත් මං ලග තිබුනා , ඒක දෙසිය තිහෙන් වැඩ කරන කොහෙන්ද මන්දා හම්බුන පොඩි මෝටරයක් . ආයේ දගලන්ඩ දෙයක් නැ වේගය අඩු කොරන්ඩ . බොහොම හිමින් තමා කැරකෙන්නේ , මයේ හිතේ අර බොක්ස් පැන් එකක හුලං කරකවල හරවල අරින ඉස්සරහ රවුමේ මෝටරයක්ද කොහෙද , ආයේ තව තිබුනා අඩියක් එක හමාරක විතර බයිසිකල් රෝදයක් ඇක්සල් , බෝල කෝන් නට් එක්කම , තව වෙන මොනවද , හොයන්ඩ අමාරුම දෙක තියනවනේ , ලී මඩුවෙන් අහක යන වීදුරු කෝටු වාගේ ලී කැලි ඉල්ලගන ඇවිත් ඇණ ගහල හැදුවා රිම් එකේ සයිස් එකට මහ කුඩුව , වහලේ පල හයක් තියල දලදා මාලිගාව වාගේ එකක් , ඕන්නං අඩි එකහමාරක් දෙකක් ඇති . ඔන්න වහලේ පලකෝටු හය එලියට පන්නල ඒ හැඩේම පැටවු කුඩු හයක් ගහන්ඩ ගියහම තමා පුක ඉරුනේ .
මහ කුඩුවත් එක්ක ගත්තහම ඒකට ගැලපෙන සයිස් එකට පැටව් කුඩු ගහන එක තමා කෙලිය, ඒ සයිස් එකට ඇණ ගහල හදන එක පට්ට ගේමක් , කෝටු රැහැල පොඩියට සයිස් කරහම ඇන ගහනව බොරු , පස්සේ මොකද කරන්නේ , කොළඹ ඉස්කෝලෙකට යන ඒ ලෙවල් අයියා කෙනෙක්ගෙන් ඉල්ලගන ආවා පොර p c b බෝඩ් විදින්ඩ කැසට් මෝටරයකට එස්ලොන් බටයක් ගහල හැඩල් එකකුත් හදල , හීනිම හීනී ඩ්රිල් කට්ටක් දාන්ඩ ‘‘හුකුංප්ලාන්ට්‘‘ එකක් ( පොර මොකක් හරි වැඩක් කරගන්ඩ අටවන අටම්පහුරු වලට කියුවේ එහෙම ) දාපු හෝම් මේඩ් ඩ්රිල් මෙෂින් එක , එකෙන් විදල කම්බි කෑලි බස්සල ඒ කම්බි බැදල එකට අඹරල යාන්තං පැටව් කූඩු ටිකත් හදාගත්තා කියමුකෝ.
අපේ ගෙදර තිබුනා ටිකක් දිග මිටි බංකුවක් ඕකේ එක පැත්තක හිලක් හදල රිම් එකේ ඇක්සල් එක පහලටම කරකවල උඩ නට් එක තද කරල ලෑල්ලට යටින් අනිත් නට් එක දාල මහ කුඩුව හයි කලා බංකුවට . මෝටරය හයි කරල අනිත් පැත්තට දැම්මා පටියක් , කරන්ට් එක දීලා බලපුවහම ගානට කැරකෙනව , දැන් ඉතින් තියන පුරස්නේ තමට කුඩුව ඇතුලට කරන්ට් එක ගන්න එක , තහඩුවක් පටි කපලා කුඩුවට යටින් රවුම් දෙකකට බංකුවට ගහල කම්බි තුන හතරක් තහඩුවට ගෑවෙන විදිහට තියල ස්ප්‍රීන් වලින් ඇදල තද කෙරුවා ,
මගේ ලග තිබුනා ටුවෙල් වෝල්ට් සික්ස් වෝල්ට් දෙකම ගන්ඩ පුලුවන් ට්‍රන්ස්පෝමරයක් ඒ දවස්වල හැටියට ජාතිභාන්ඩේ , පත සයිස් ඇම්පියර් දෙකතුනක අවුටුපුට් එකක් තිබුනා ඒකට , කුඩුව ඇතුලට ගල් වලෙන් අහුලගන ආපු වෙඩි වයර් පටලල දැම්මා පැටවුන්ට ටෝච් බල්බ් , මහකුඩුවට දැම්මා එක පැත්තක් පිච්චිච්ච මෝටර් සයිකල් බල්බ් එකක් , බංකුවට ගහපු තහඩු දෙකට කොච්ච ඇණ දෙකකින් ට්‍රන්ස්පෝමරය අමුනපුවහම මහ එලියක් නැතුවට තරමකට පත්තු වෙනව මහකුඩුවේ බල්බ් එක , යකා දත් හිටෙව්වා වාගේ පිලිවලට ගහපු තහඩු ටික හන්දා , සැරින් සැරේ කලා මැදිරියෝ වාගේ පත්තු වෙනව පැටවු ටිකත් ,
පස්සේ ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගන රෝසපාට කොල ගෙනල්ල ඇලෙව්වා කුඩු ටික , අනේ ඉතින් අර බල්බ් වල එලිය මදි , පස්සේ මොකද කලේ මහකුඩුවේ බල්බ් එක ගලවල , පොඩි බල්බ් තුන තුන පේලි දෙකකට අමුනල දුන්නා ටුවෙල් වෝල්ට් , අන්න එතකොටනං ගානට එලියයි කුඩු ටික, දැන් කොහොමද මහ කුඩුව එලිය කරන්නේ , යටින් විතරක් රිම් එකට බැදල තියන හන්දා කුඩුව උඩින් මොකවත් පැටලෙන්ඩ විදිහක් නැති එකේ වාසිය අරගන වහලෙන් වයර් එකක් බස්සල දැම්මා කුඩුව මැද්දල වොට් සීයේ පත බල්බ් එකක් , දැන් වැඩේ හරි වෙසක් එකට තව දවසක් දෙකක් තියන හන්දා , සැරින් සැරේ එක එක එව්වා කරකර ඉදලා වෙසක් දවසේ උදේම නැගිටල වඩිමුබුවට ඇණ ටිකක් ගහල , තාත්ත කලින් පාර මායාදුන්නෙන්ද කොහෙදෝ ගෙනා සීරිස් බල්බ් වැල එල්ලුවා , ඒ කාලේ එහෙමත් එකෙකුට තමයි ඔව්වා තිබ්බේ , ඒ තිබ්බත් අපි වගේ උන්ට නෙමෙයි , කලර් ටීවි එහෙම තිබුන සල්ලිකාර ගෙවල්වල තමා , ඇයි ඉතින් මගේ මතකේ හැටියට ඒ දවස්වල ඕකක් රුපියල් හත් අටසීයක් උනා , අපි කියුවේ ඔටෝ මැටික් බලුප් වැල් කියල , බලුප් දෙලහකටද විස්සකටද සැරයක් තිබුන තිබුන එක බල්බ් එකක පිලමන්ට් එක රත් උනහම ඩිස්කනෙක්ට් වෙන කොට ඒකටම අමුනල තියන අනිත් බල්බ් ටිකත් ඕෆ් වෙනව , යලට මහට තැනින් තැන ඕප් වෙනකොට කියල වැඩක් නැ අලංකාරේ . දැන් ළමයි ඔව්වා දැකල තියන එකක් යැ. එකසිය පනහට කොටුවෙ විකුනන්ඩ තියන බලුප් වැල් වල තින්ත බින්දුවක් වාගේ චිප් එකකින් මැවෙන රටා දැක්කහම ඇඩෙනව අප්පා.
පස්සේ ඉතින් ඔන්න හවස් වෙනකොට එකා දෙන්නා එලියට බැහැල පන්සල් යනව , වෙසක් බලන්ඩ යනව මගේ කුඩුවට තියන ප්‍රතිචාරත් නරක නැ , ඒ උනාට එකෙක්වත් සත පහක් දෙන්නැනේ යකෝ , මං හිතාගන හිටියේ මහ කුඩුවලට වගේ කීයක් හරි හම්බෙයි කියල , ම්..හු....සත පහක් නැ , ඔය අතරේ වැහැපං අම්මා එක පාරටම වැස්සක් , පායනකං ගෙටවෙලා ඉදල , ලී පුටුවක් අරන් එලියට ආව මං මිදුල මැද්දේ පුටුව තියාගන කුඩුව දිහා බලාගන ඉන්නව.
ඔන්න එතකොට තමයි මං දැක්කේ වැස්සෙන් පස්සේ බලුප් වැලේ එක පැත්තක් වැඩ කරන්නේ නැ කියල , ගෙට ගිහිල්ලා කැබිනට් ලාච්චුවෙන් ඔටෝ මැටික් බලුප් එකකුයි නිකං එකකුයි සාක්කුවට දාගන පොඩි මේස කෑල්ලත් උස්සගන එලියට ආව මං මේසය උඩින් පුටුව තියල නැගල බල්බ් එකින් එක ගලව ගලවා හොද බලුප් එක ගගහ චැක් කොරනව හුකා එකපාරටම
ක්රුන්.......................ගාගන මාව ගැස්සිගන ගියා ,
ඒත් එක්කම පුටුවත් පෙරලගන මං බිම , ඔලුව පිටි පස්ස බිම වැදිලා , බිම තියන වැහි වතුර පිටේ ගෑවෙනකොට තමා මට තේරුනේ කරන්ට් එක වැදුන බවත් පාවෙලා බිමට එනකොට අරගන ආපු බලුප් වැල තාම පත්තුවෙන බවත් තව දුරටත් කරන්ට් එක වැදි වැදි පපුවට හේතු කරගන බලුප් වැල අල්ලගන ඉන්න බවත්.
ඇගිලි දිග ඇරල අත ගසල අහක් කරන්ඩ හැදුවට බැ , නැගිට ගන්ඩත් බැ ,
කන්දෙක අස්සෙන් එනව නිකං ...ක්රෑන්........ක්රූන්...............ගාල සද්දයක් .... .හැබැයි මට හොද සිහිය.
ඔන්න මං ගෙදර දොර දිහා බලනකොටම අපේ අම්මා එනව දුහගන
මම නිදහසේ තියන දකුනු අත අමාරුවෙන් උස්සල දෙපාරක් දෙපැත්තට වනල දොර පැත්තට දික් කරල
....එපා .....ක්රුන්......අරහෙන් ...ක්රූන්..... කියුවා
ගේ ඇතුලට ආපහු දුහපු අම්මා ප්ලග් එක ගලවල එනකොට මම ක්රුන් ක්රුන් කියන එක නවත්තල බිම නිදාගන ඉන්නව සැපට , ඒ අස්සේ හොදට දාපු අංකල් කෙනෙක් ඇවිත් ඇග තලන්ඩ ලෑස්තිය.
මට කිසි අමාරුවක් නැති බවත් , ටික වෙලාවක් එහෙම්ම ඉදලා නැගිටින බවත් කියල බොහොම අමාරුවෙන් බේරුන මං , බැලුවා වම් අත දිහා වයර් එක අතේ පැටලිලා දඹරඇගිල්ලයි මැදගිල්ලයි පිච්චිලා , මැද ඇගිල්ලේ කට්ට පේන්ඩ පුංචි සිදුරක් හැදිලා , ඇගිලි දෙක හොල්ලන්ඩ බැ .
‘‘ තෝ මැරෙන්ඩද හදන්නේ බූරුවෝ ‘‘
කියල අත දිග ඇරල දෙන කනේ පාරක් කන්ඩ බලාගන මං අම්මා දිහා බැලුවා
'' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ''