‘‘ ආඩ්ස් නැයි නැයි කියුවට අනේ කවුද දන්නේ , ඒ ළමයා පන්තියේ තියාගන අනිත් ළමයින්ටත් කුනු ලෙඩ හදවන්ඩ ‘‘
අන්න එහෙම
මට ටක්ගාල මතක් උනේ අපේ අම්මා. ඒ මොකද එයත් ඔය වචනෙම පාවිච්චි කලා අවුරුදු දාසයකට දාහතකටත් කලින්
ඒ කාලේ ඔය මං තැඹිලි බීපු පලාතෙම අපි ඉන්න කාලේ , කොළඹින් සංක්‍රමණය වෙච්ච පවුලක ගෑණු ළමයෙක් එක්ක මගේ පොඩි ඇයි හොදැයියක් තිබුනා , අපේ අම්මා නං කියුවේ
‘‘උන් කැරපොතු ලංසී කියල ‘‘
කොහොමින් කෙහොමහරි ඉතින් අවම බලයටත් වැඩිබලතල දාල අපේ මව්යානේ ඒකටත් කෙලවලා දැම්මා මගේ පළවෙනි ලව් එකට වාගේම.
පලවෙනි එක තරම් මට දෙවනි එක දැනුනේ නැ , මොකද පලවෙනි එක නැවතුනහම දෙවනි එක ගෑණුන්ට කෙලවන්නං කියල පටන් ගත්ත හන්දා, තුන්වෙනි කෙල්ල වෙච්ච ඒ ළමය අපේ අම්මගේ බලපෑම් හන්දා අපේ ලව් එක නවත්තපු එක කොහොමටත් දැනුනේ නැ. හැබැයි ඒ ළමයට නං ඒක ටිකක් තදට දැනුනා කියල මට දැනුනේ , ඒ ගෙවල් ලග උන්න අපේ සපෝටර් ( කෙල්ලගේ අයියා මගේ යාළුවා අපේ සපෝටරුත් කෙල්ලගේ අයියගේ යාළුවා ) මට දෙන්න කියල කෙල්ල දුන්නයි කියල දුන්න 120 කැසට් කෑල්ල ඇහුවහම .
ඒ කාලේ වෙනකොටත් ඒ ළමයගේ අම්මා හිටියේ නැ , පස්සේ ටික කාලෙකින් අර ළමයගේ තාත්තත් මැරිල ගියා.
ඒ මහ මනුස්සය මැරිල ටික දවසකින් අපේ අම්මා මට බැනගන ගෙට ගොඩ උනේ
‘‘ ගුබ්බැයං වල රිංගල කුණු ලෙඩ හදාගන්ඩ නේද තෝ දැගලුවේ ..අන්න අරකිගේ මහ මිනිහා ආඩ්ස් හැදිල මැරිල ‘‘
මෙච්චර කලක් ගතවෙලා කොච්චර රට තොට වෙනස් වෙලා දියුනු වෙලා කියුවට අනේ කියල ගෙදර ඇවිත් බුකියට ලොග් උනහම මං දැක්කේ මේ වීඩියෝව
https://www.facebook.com/BBCSinhala/videos/602714949886257/
http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160303_lanka_aids_school_scare
