Popular Posts

2013-12-27

පත සයිස් කබරයෙක්



















අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි දෙකකටත් ආරාධනා ලැබුනා උනාට ඒ තැන් අටමට එච්චර දිරවන තැන් නොවෙන හන්දා හිමිහිට බොරුවක් ගහලා ෂේප් උනා , අනික අපේ අක්කත් නත්තල් කාරි , එහෙ එන්ඩ කියලත් උන්දැ දවසකට දෙකකට කලින් කියුවා උනාට අටමිට හම්බෙච්ච හොද මගුල් ඇදුම් මැහිල්ලක් තව දවස් දෙකින් දෙන්ඩ තියන හන්දා අටමි පටට බිසි , ඒකෙන් එහේ යන එකත් එහෙම්මම නැවතුනා ,

අනික ඉතින් මස්සිනාකාරයා නිකං හම්බුනොත් ඔය වීදුරුවක් දෙකක් බොනවා ඇරෙන්ඩ නත්තලටවත් බෝතලයක් ගේන පොරක් නෙමෙයි හන්දා , ඒ ගෙදර කොහෙද නත්තලක් , ඔන්න හාර පංදාහක බෝතලයක් අරගන අටම ගියොත් නං පොරත් දෙකක් දාගනී , ගිය ආත්මේ මං බොන උන්ට බොන්ඩ නොදි කරදර කරන්ඩ ඇති , අරක්කු හලන්ඩ ඇති , නැත්තං අරක්කු විකුණනවට බොනවට විරුද්ධ අමද්‍යප පොරක් වෙන්ට ඇති  ඒකනේ මට මේ ආත්මේ ඔහොම මස්සිනෙක් ලැබුනේ , අනේ සමහරක්ට ඉන්න රත්තරං මස්සිනාල දැක්කහම දුකේ බෑ , අරක ඉන්න තැනකට හොයාගන ගිහින් අනින්ඩ හිතෙනවා හොම්බට දෙකක්.

අපේ ලොකු මස්සිනානං ඉතින් බොන කන එකා , ඒ උනාට ලොකු ලයින් දෙන එක තමා අවුල , හැබැයි ඉතින් බොන කන එකට නම්දරාපු පොර , අපරාදේ කියන්ඩ බැ බෑන්ඩ් වලින් අරක්කු මැනිල්ලක් නැ , ජාතිය මොකක් උනත් කැත නැතුව බෝතලයක් ගහනවා , ඒ උනාට ලොකු අක්කා දිවිය ලෝකේ ගියාට පස්සේ පොර ඈත් උනා , අනික ඉතින් අපි ඉන්නෙත් හෙන ඈත පලාත් දෙකකනේ ඒක හන්දා සෙට් වෙන්නෙම නැ .

අනිත් අවාසනාව තමා අටමිගේ මල්ලිලා දෙන්නා , පොඩි එකා ගැනනං කතා කරලා වැඩක් නැ , අයියෝ ...ඒ ගැන නං කියලම වැඩක් නැ , අර අපේ මල්ලි කියලා එකෙක් ඉන්නවා , අන්න ඒකට හපං මේකා , දවසක් ඔකුන් දෙන්නා එක්ක බීලා මට කරපු හරියක් , තව පොඩ්‍ඩෙන්  ගමේ උනුත් මට ගහලා පන්නනවා , උන්  දෙන්නම අඩු වයසෙන් අපි එපා කියද්දිම නල්ල මලේ භාංඩ දෙකක් සෙට්කරගන කසාද එහෙමත් බැදගන , අවුරුදු විසිපහක් වෙන්ඩත් කලින් පවුල් ජීවිතෙත් කඩා ගත්ත උන් දෙන්නා , ලගින් ගියොත් ඇහැක් නැ , කට ඇරියොත් බොරුවක් ,

ලොකු එකා අපේ අක්කගේ මිනිහට දෙවනි නෑ , කොහෙං හරි හම්බ උනහම පැලෙනවා අරක්කු පැලිල්ලක් ආයේ , බොක්ක පුපුරන්ඩ , ගෑණි ගමේ ගියහම එහෙම ඉතින් පොරට රජ මගුල් , යාළුවෝ කාර් වල , ත්‍රීවීල් වල එහෙම තමා ගෙදර ගෙනත් දාන්නේ . අනේ ඉතින් උගේ ගෑණි ගමේ ගිහින් හන්දා . අපේ ගෑණි තමා දෙහි උලන්නේ ,


ඔය වාගේ දවසක් පොර හොදට ගහලා කාර් එකක  නැගලා ආවා ගෙදර , ඒ කාර්  එකේ වම්පැත්තේ ඉස්සරහ ඉදං  ඩිකිය දිහාට යනකං අපේ කොල්ලා ලස්සනට බතික් කරලා තිබ්බා , චිකන් කෑලි , ෆෝක් කෑලී , බිත්තර ,   අනේ වාසනාවන් කවුරුවත් බතික් වැඩට නොගන්න අමුදුව්‍ය. කොහොම හරි ඒ ගෙදරත් කවුරුවත් නැති හන්දා , මම අර ආපු උගේ යාළු බේබද්දන්ට කියුවා

'' මල්ලිලා ඕකව ඔය ගෙදර තනියම දාලා වමනේ හිරවෙලා මැරෙයි  , මෙන්න මෙහෙට දාපල්ලා ''

අනේ අරුන් ටිකත් වත්තං කොරගන අපේ ගේ ඇතුලට දැම්මා . මම අපේ උන්දැට කියුවා

'' චුටි අන්න අර පැදුර ගෙනත් මෙන්න මෙතනින් එලන්ඩ ''

'' අනේ පවු අප්පා බීලා පුරුදු නැනේ ඔයාලට වගේ  ''

''' අනේ මේ නිකං ඉන්නවා .... පුරුදු නැ පව් බබා , අවුරුද්දකටවත් සල්ලි දීල බෝතලයක් ගෙනත් බොනවද . නිකං හම්බුනහම නානවා ''

'' ලොකු ...අපේ මල්ලිට බනින්ඩ එන්ඩ එපා හරිද''

'' ආදරණිය අක්කා..... ඔය ඉන්නේ කබරයා නාගන , පවුලත් නැති එකේ සලකන එකයි ඇත්තේ ''

දැන් මේකා වෙරි මතේට පැදුරේ දපල ඉදගන ඔලුව බිම ගහ ගන්නවා

'' අනේ පවු අනේ .... බැරිනං මොන මගුලකට බොනවද දන්නැ , දැන් නංගිත් නැති වෙලාවේ ඔලුව පලාගන්නවා , ඉන්ඩ මං කොට්ටයක් අරගන එන්නං''

'' මේ හලෝ ..වමනේ යන තරමට බීපු එකාට කොට්ට උඩ ඔලුව තියාගන බුදියෙන්ඩ බෑ , සමතලා තැනක අතපය දිග ඇරගන බුදියන එක තමා සැප , ඇයි දැකලා නැද්ද පොරවල් කානු පල්ලේ බල්ලොත් එක්ක හිටං බුදියෙනවා , අනික මේකා ආයේ වමනේ කරොත් කොට්ටේ විසික් කරන්ඩ තමා වෙන්නේ ''

'' මනුස්සයෝ .....................මේ මගේ මල්ලි ''

අපේ උන්දැ දැන් රෙද්දක් තෙමාගන ඇවිත් කොල්ලගේ වමනේ පිහිනවා ,

 ( වමනේ නොදැම්මත් මම ඉදලාහිටලා පිට තැනක වෙඩිමකට . පාටියකට ගිහින් චූට්ටක් විතර වැඩි වෙලා ආපුවහම බලන්ඩ එපෑය මෙයාගේ රැස්පොට් , මම අටමිට හැමදාම කියනවා වාගේ මෙතනත් එයාම ඔප්පු කරලා පෙන්නුවා මට වඩා ඒකී .....ඒකීගේ  උන්ට ආදරෙයි කියලා , නැත්තං යකෝ මම බත් ටිකක් බෙදලා දෙන්ඩ කියුවට එහෙම දාට බත් එකවත් බෙදලා  නොදෙන එකි මේකගේ වමනේ ලෙවකන්නේ )

'' හරි මනුස්සයෝ .....එ උනාට දැන් ඔය වමනේ පිහදදා කොල්ලට වද‍දෙන්ඩ එපා , ඌගේ ආතල් එක ඌට ගන්ඩ දෙන්ඩ ''

'' ආතල්............... හම් ........ගර්ර් ... මෙවා ආතල්ද .... ආපුදෙන්කෝ    --------- නංගි මම කියලා කොරවන්නං හොද වැඩක් ''

'' පිස්සුද ඕයි .... ඒකි .. හැරෙන තැපැලෙන් පොඩි එකත් අරන් ආයේ ගමේ යයි , කට පියාගන ඉන්නව , දන්නවනේ එයාගේ හැටී ''

'' මේ මට ඕයිබොයි ගාන්ඩ එන්ඩ එපා හරිද ,  දැන් අපි මේ මෝඩයට මොකද කරන්නේ ''

'' වද නොදී ගිහිල්ලා නිදා ගන්නවා , දැන් මොකවත් අපිට කරන්ඩ බැ , ඔහොම්ම ඉන්ඩ දෙන එක තමා කරන්ඩ පුළුවන් හොදමදේ ''

'' මල්ලිට නින්ද යනකං මං මෙහෙම ඉන්නවා , මොනවද අනේ මෙහෙම උනහම ඔයාල කරන්නේ ''

'' අනේ මේ මගේ මාරයා අවුස්ස ගන්නේ නැතුව ගිහිල්ලා බුදිය ගන්නවද , දැන් කවද්ද මම මෙහෙමවෙලා ගෙදර ආවේ . මහන්සියට හරි ආතල් එකට හරි චුට්ටක් ගන්න මං තමා වැරදී , තාත්තලා . මල්ලිලා බිව්වට කමක් නැ , මං බේබද්දා උන් බෝධිසත්වයෝ ,  මිනිහට වඩා ලොකුයිනේ තමන්ගේ උන්. මාත්  එහෙම කරානං මෙයාට දැනෙයි . කොච්චර හිත රිදෙනවද කියලා.... මට ආදරේ නැනේ ඉතින්  ''

'' හරි හරි අනේ මං දැන් ඉතින් ඔයාට මොකුත් කියවේ නැනේ ''

ඔන්න එතකොටම මහ ඩබලත් එනවා, මහ උන්දැ කොල්ලගේ මුහුණට පාත්වෙලා ,

'' ලොකු පුතේ ...ලොකු පුතේ ...'''

'' බොරුවට කෑගහන්නේ නැතුව යන්ඩ අනේ, ඌට ඔය ඉන්න විදිහට ඉන්ඩ දීලා  ''

හෙන දුක් මූණක් දාගන මාමන්ඩියා එත් එක්කම

'' අනික කාලකණ්නි උනා මේකවත් ඉන්නවනේ කියලා හිත හදාගත්තා , මොකක්ද ලක්මාල් මුන්ට මේ වෙලා තියෙන්නේ ''

යකෝ දැන් එකට උත්තර දෙන්ඩත් ඕන  ලකාද , දැන් ඉතින් මෙතන හිටියොත් මටත් මළ පණිනවා , යතුරත් අරන් එලියට බහින මම

'' හරි හරි දැන් ඌට ඔහොම ඉන්ඩ දෙන්ඩ, දැන් මොනා කලත් වැඩක් නැ , හෙට උදේට දෙන්ඩ ජීවනි එකකුයි , ග්ලූකෝස් එකකුයි අරගන එන්නං තවම කොනේ කඩේ ඇරලා ඇති ''

එහෙම කියලා එලියට බැහැපු මම ජිවනි ග්ලුකෝස් එහෙම අරගන ආයෙත් එනකොට මහ ඩබල ආපහු ගිහින් , මේකා ඉන්නවා බිම දපලා , යකෝ මේකි කොල්ලගේ ඔලුවට තියලා තියෙන්නේ මට බුදියන්ඩ 780ක් දීලා ආර්පිකෝ එකෙන් ගෙනාපු පුළුන් කොට්ටේ, ...........මගේ හිතට එක පාරටම ආවා මෙහෙම සිතුවිල්ලක් ...මම අර ඉස්සෙල්ලා කොට්ට තියන්ඩ එපා කියලා .............කියපු එකට අරියාදුවටමයි මේකී මේ මගේ කොට්ටය ගත්තේ , හනිකට කාමරයට ඔලුව ඔබලා බැලුවා ,

ලොකු කෙල්ල එක කොට්ටයකට ඔලුව තියාගන තව එකක් බදාගන , පොඩි එකී එකකට ඔලුව තියලා , අක්ක ඉන්න පැත්තට කොට්ට දෙකක් තියලා අක්ක කෙල්ලට පයින් අනියි කියලා බයට , අනිත් පැත්තේ එක කොට්ටයයි , හරි ඉතින් දෙන්නව දෙපැත්තට කරලා මැද්දේ අපි නිදා ගන්න කොටනේ කොට්ට  දෙකක් අපි ගන්නේ , සීන් එක ජෙනුවින් අටමී මට ඇරලා නෙමෙයි , සොබාදර්මයා  ඔටෝමැටිකලි මට ඇරලා ,  ඔය සොබාවධර්මයගෙත් වැඩේ මට අරින එකමයි ... රෙද්ද.   ඔන්න අටමිත් එතකොටම ලගට දුහගන ආවා.

'' අනේ ඔයාගේ එක විතරයි ...ලොකු.. තිබ්බේ , අනිත්වා ගන්ඩ ගියානං මේ දෙන්නා නැගිටිනවා ''

ඔවර්ර්ක් ඖක් ඔර්...ර්ක්..... ඔර්....තං ..තුක් ..තුඋ

පත සයිස් කබරයෙක් මගේ කොට්ටය උඩටම දාලා මගේ කොට්ටය පැත්තකට තල්ලු කරපු අටමිගේ ආදරණිය මලයන්ඩියා පැදුරෙනුත් රෝල් වෙලා ඇවිත් මුනින් අතට සිමෙන්ති පොලව බදා ගත්තා.

ලියන්ඩ ආවේ වෙන දෙයක් ( අටමගේ නත්තල් කෑම ගැන ) ඒ උනාට ලියඋනේ වෙන දෙයක් ඒ කොටස හෙට ලියලා දාන්නං , දැන් මට නිදි මතයි


2013-12-18

ටොකටටොකෝ



මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු කලුවර බැටන්පොල්ල මොකැ මන්නයක් කියල එකක් තිබ්බට කුකුල් කට්ටවත් කපන්ඩ හැකැ ඒකෙන්, මොකක් නමුත් මහ විපරියාසයක් වෙනවා ...නිදාගන ඉන්න අටමිටත් කතා කරනවද .....එක්කො ඕන්නැ ඕකි හිතයි මං එළියට බහින්ඩ බයේ කියලා , විචාරක ගොයියත් කියුවනේ ප්‍රහාරයට කලින් සතුරා පරික්සා කොරන්ඩ නිරික්සනේ කොරන්ඩ ඕන කියලා . ගියා පිටි පස්සේ ජනේලය ගාවට .....හුකා මොකක්ද යකෝ මේ ‍හබරල ගාලට උඩුන් පාවී පාවී තියන ගැජැමැටික් එක , සුළු පටු සයිස් එකකුත් නෙමෙයි හරියටම  අර දෙමටගොඩ ඇන්ජින් කරකවලා හරවන රවුම සයිස් ...ගනකම මීටර් හතරක් විතර ඇති , ඒක යටින් හතරපස් පොලකින් ලානිල් පාට එලියක් වැටෙනවා බීමට , ඒ එලියෙන් පලාතම එලිය වෙලා , පොලවට මීටරයක් විතර තියලා ඒක පාවී පාවී තියනවා එකම තැන. ...හත්දෙයියනේ ..ඒලියන්ලම.... තමා සද්දයක් බද්දයක් නැති ගැජට් එකක බහින පොරවල් ගාව මොන මොන ආයුධ ඇද්ද , ..මට වෙන්නේ බැටන් පොල්ල පුකේ ගහගන්ඩ තමා , කෙල්ලො දෙන්නයි ගෑණිවයි නැගිටිටවාගෙන හතර දෙනාම පණ බේරගන දුහන්ඩ ඕන .....

එහෙම හිතාගන අනිත් පැත්ත හැරුනත් මට එක අඩියක් තියන්ඩ බැ , මාව එකතැන ගල්ටික් වෙලා , හිතට හිතෙනව අනතුරක් නැ යන්ඩ එපා , මේ ඇවිල්ලා ඉන්නේ චෝයි ඒලීයන්ලා කියලා . ඒ උනාට අර එක්ස්ෆයිල්වල  ෆොක්ස් අයියගේ කෑල්ලත් උස්සපු එකේ මම මොන රට කජ්ජක්ද , ඒ උනාට මාව ගෙනි හිල්ලා කපන කොටන එකක් නැ...අපේ ගෑණි කියනවා වාගේ මගේ අතුනුබහන් , කැවුතුවහලු තැම්බිලා නැතැ , තැම්බිලා කරවෙච්චා  ‍ගන්නවාද කපලා බලන්ඩ , අනික මේ ගේම කොහොමහරි ගහගත්තොත් හෙට උදේට මුළු රටම මං ගැන කතාකරයි , නාසා එකේ සෙට් එකකුත් මාව හොයාගන ඇවිත් විස්තර අහයි , බාගදා මම බාස් කෙනෙක්ය , එක එක ගැජමැටික් හදන්ඩ දන්නවාය කියුවහම මාව අරගන යන්නැතේ එහේ , එහෙම උනොත් මගේ බ්ලොග් එකට උනත් පට්ට ප්ලේස් එකක් එයි , ... ඇයි ඉතින් රටපිට ඉදන් ලියන බ්ලොග් එකක්නේ , බුකියෙත් ඉතින් කට්ටිය චැට් එකට එයි පෝලිමට .... ඔෆ් ලයින් දාගන ආඩම්බර කමට ඉන්ඩ ඕන , ඔය කුරුම්බැට්ටියක් , පොල් සම්බෝලයක් , හනස්සක් , මලක් ෆොටෝ අල්ලලා මොකෙක් හරි දැම්මහම ලයික් කොරලා , ..........මාව අතීතයට රැගෙන ගියාය ..මෙහේ සම්බෝල කන්න බෑය  පොල් හරි ගණන්ය කියලා දැම්මහම හරි.

යකෝ අන්න ඒක පොලව උඩට පාත් උනා , මෙච්චර සද්ධන්ත යානාවක් වෙලත් මේකේ මගේ බයික් කට්ට තරංවත් සද්දයක්  නැති හැටි , ඇරුනා නේද දොරක් හප්පච්චියේ බිමට බැස්ස එකාගේ කැත ලා කොල පාටයි ඇගට වඩා ඔලුව ලොකුයි , උණ හපුලුවෙක්ගේ වාගේ ඇස් , ....නීල් අයියල හදට යනකොට උස්සං ගිය එක ගැජට් එකක්වත් මේ යකා ගාව නැ . අතෙවත් මොකුත් නැනේ .... මට කරදරයක් කරන්ඩ ආවොතින් දෙනවා බැටන් පොල්ලෙන් තට්ටෙ පැලිලා පිටසක්වල ලේ ගලාගන යන්ඩ ..මෙන්න මූ අපේ ගෙවල් පැත්තට එනවා .....මාත් දඩ බඩ ගාලා ඉස්සරහ දොර ඇරගන පැන්නා එලියට ............. ඒ එක්කම මගේ හිතට කවුදෝ මන්දා කියනවා


'' කලබල වෙන්න එපා මගෙන් ඔබට අනතුරක් නැ ''

....මොන මගුලක්ද මේ කවුද මට එහෙම කතා කරන්නේ සද්දයක් ඇහුනෙත් නැ, ...

ඒත් එක්කම අර පිටසක්වල බුවා අපේ කක්කුස්සිය ගාව තියන සුවදැල් පදුර ලගට ඇවිත් හිටගන මා දිහාට අත් දෙකම දික්කරලා ආයෙත් උගේ පපුව දිහාට අරගන අත් දෙකම එකතු කරලා පපුවට හේත්තු කර ගත්තා , ඒත් එක්කම මගේ හිතට දැනෙනවා.

''මගෙන් ඔබට අනතුරක් නැ , මම ''ටොකටටොකෝ'' බය වෙන්න එපා , මමයි ඔබේ සිතට කතා කරන්නේ . අපි අදහස් ප්‍රකාෂ කරන්නේ එහෙමයි , මට පිලිතුරු දෙනවිට මා ගැන පලමුව සිතා පිලිතුර සිතට නගා ගන්න , එවිට මට එය දැනෙනවා''

අම්මද ‍බොල , මළ කෙලියක්නේ ඒක, කෝකටත් මේ යකාගැන අහිතක් හිතන්ඩ හොද නැ . එහෙම හිතුවොත් මේකට දැනෙයි , මං මේ හිතන උත්තරය ටොකටටොකෝට දැනෙන්ඩ ඕන කියලා හිතලා.

'' හෙහ් හෙහ් මට නං ගොඩක් තියනවා ...ඒ උනාට මං කැමතියි ''අටම'' කියලා කතා කරනවට ''

යකෝ මම හිතපු එක මේකට ඇහිලා . මෙන්න මගේ හිතට ‍උත්තර දෙනවා

'' එහෙනං මං අටං කියලා කියන්නං ''

'' උඹ කොයි ලෝකෙන්ද බං ආවේ , ඇයි අපේ ලෝකෙට ආවේ , අපිත් මේ මේක අතඇරලා යන්ඩ කියලා හිත හිත ඉන්න කොට ''

'' මං මේ අපිට ජීවත් වෙන්ඩ සුදුසු පරිසරයක් තියන ලෝකයක් හොයාගන යන ගමං ''

''ඇයි උඹලටත් අලිවගේ කොල්ලො ඉන්න , සුද්දසෙන මල්ලිල ඉන්න , පොඩි උන්ගේ මූනේ හොටු තවරන රජෙක් පහල උනාද''

'' එහෙම රෙද්දක් නෙමෙයි ''

'' එහෙනං ''

'' අපේ රට අල්ල ගත්තා ''

'' අල්ලපු රටෙන් ''

'' නැ අටමෝ , අපේ ගැණුන්ට මාල වළලු විකුණන්ඩ ආපු වෙන රටක සෙට් එකක් ''

'' යකෝ වෙලදාමේ ඇවිත් රටක් අල්ලන්නේ කොහොමද ''

'' මෙහෙමනේ අපෙත් හිටියා ඔය මාල වලලු විකුනපු සෙට් එකක් , උනුත් වෙළෙන්දෝ හන්දා අරුන්ට සෙට් උනා , අරුන් එනකොට ගෑණු ගෙනා‍වේ නැති හන්දා මුන්ගේ ගෑණු දුන්නා , ටික ටික උන් බෝ උනා , පස්සේ අපේ ලෝකය පුරාම හිටිය උන්ගේ එක එක කංඩායම් අපේ රටේ පැලපදියං උනා , අපේ එවුන් අදහන ආගම ඔව්වට විරුද්ධ වෙන ආගමක් නෙමෙයි , හැමෝටම සමතැන කියලා උන්ට ඕන විදිහට නටාගන්ඩ දීලා කරබාගත්තා , උන් ගානට අපිව වට කෙරුවා , කට උත්තර නැතිවෙන්ඩම ''

'' ඇ බං ටොකටටොකෝ එතකොට උඹලගේ එකෙක්වත් ඕව්වට විරුද්ධව කටක් ඇරියේ නැද්ද ''

'' එහෙම උනුත් ටික දෙනෙක් හිටියා , අපේ එවුන්ම උන්ට පුකෙන් යන්ඩ ඇදලා ඇරියා , රටේ සමගිය නැති කරන්ඩ හදනවා , ජාතිවාදේ ඉස්මතු කරනවා , ආගම් වාදය ඉස්මතු කොරනවා කියලා , හැබැයි අරුන් ඔය ටික ඔක්කොම කෙරුවා , එකට කවුරුවත් මොකුත් කියුවේ නැ , අන්තිමට අපේ රටේ අපි සුළු ජාතියක් උනා , දැන් අපිට කිසිම නිදහසක් නැ , අපි දැන් උන්ගේ වහල්ලු වාගේ , අපිට ඉස්සර වාගේ නිදහසේ ජීවත් වෙන්ඩ තැනක් හොයාගන තමයි අපි මේ විශ්වය පුරා ඇවිදින්නේ ''

'' එතකොට මෙහේ පදිංචියට එන්ඩ හොදද බලන්ඩද උඹ මෙහෙට ආවේ , ඒකනං හරි යන්නේ නැ රජෝ මේ ලෝකයත් හෙන අන්දබජල් වෙලා තියෙන්නේ ''

'' නැ නැ අපි හොයන්නේ දැනට කවුරුත් නැති ලෝකයක් , මං මේ බිමට බැස්සේ මේ වගුර දැකලා මීතේන් ටිකක් ටැංකියට පුරවාගන යන්ඩ කියලා ''

'' අඩ්ඩඩ්ඩා... උබේ යානාව දුහන්නේ මිතේන් වලින්ද ''

'' නැ ගොං බාසෝ , ඒකට ශක්තිය දෙන්නේ නොනවතින ශක්ති උත්පාදන ක්‍රමයකින් , ඒක ආරම්භ කලහම නවතින්නේ නැ , උදාසීන කරලා පාලනය කරන්න විතරයි පුළුවන් , ඒකට අපි යොදාගන්නේ මීතේන් , මම මේ ආපු දුරත් එක්ක සැහෙන්ඩ මීතේන් වැය උනා , මේ වගුරේ පස් අතරේ තියන මිතේන් ඇදලා ටැංකියට පුරවා ගත්තහම තව සැහෙන දුරක් විශ්වයේ ගමන් කරන්ඩ පුළුවන් , වරෙන්කෝ ඇතුලට මං උඹට පෙන්නන්ඩ ''

'' අනේ පල ටොකෝ යන්ඩ තෝ හදන්නේ මාව මොත්තේ දාලා ඔය  -ත්ත අස්සට රිංගවාගන ටුක් ගාලා යන්ඩ නේද ''

'' පිස්සුද බං . මෙන්න මෙහේ වරෙන් ''

මෙන්න මූ මාවත් ඇදගන උගේ යානාව පැත්තට යනවා , අත ගසලා ඇදලා ගලවා ගන්ඩ හැදුවත් බැ පට්ට හයියයි මේකගේ අත

''අනේ ටොකටටොකෝ අයියේ මාව අත ඇරහං . මං ඇබිදං කෙල්ලො දෙන්නෙක්ගේ තාත්තෙක් , අර ගේ ඇතුලේ උන් දෙන්නා මහ ගැණිත් එක්ක නිදි , උඹ මාව උස්සං ගියහම උන්ට එක එකාගේ ‍ටොකු කකා තමයි ඉන්ඩ වෙන්නේ''

''අපි එහෙම කාටවත් හිරිහැරයක් කරදරයක් කරන උන් නෙමෙයි බං , ඔන්න බලහංකෝ ඇතුල  ''

'' යකෝ කෝ බං එක ස්වීච් එකක් ලිවර් එකක් , තිරයක්වත් මොන මංගල්ලයක්වත් නැනේ මේක ඇතුලේ උඹ ඉදගන්න පුටුව ඇරුනහම , තනිකරම තහඩු ගොඩක්නේ හරියට නිකං පොල් අතු බත් කඩේ ගෝදම්බ රොටී ප්ලේන් රොටි  ගහන අට්ටාලෙ වාගේ ''

'' හැක හැක හැකක හක  .... අපි මේක පාලනය කරන්නේ සිතුවිලි වලින් , පාර හොයා ගන්නෙත් , යානාවෙන් එලිය දකින්නෙත් සිතුවිලි වලින්ම තමා ''

'' මට නං මේක විස්වාස කරන්ඩත් බෑ , උඹලා මහ දියුණු ජීවීන් කොට්ඨාසයක්නේ , අපිට වඩා ගවු ගානක් ඉස්සරහින් උඹලා ඉන්නේ, ඒ උනාට උඹ ගාව ආයුධයක්වත් නැනේද . මං දැන්  මේ බැටන් පොල්ලෙන් උඹට ගැහුවොත් උඹ මොකද කරන්නේ ..........නැනැ වැරදුනා ම එහෙම කරන්නේ නැ , උඹ යන වෙන ලෝකයක ඉන්න අසමජ්ජාතියෙක් උඹට කරදරයක් කරන්ඩ ආවොත් මොකද කරන්නේ ''

එහෙම කියලා කට ගන්ඩ හම්බුන්නැ මේකා බැටන් පොල්ල දිහා බැලුවා , අයියෝ තාත්තා දැනගත්තොත් විසුමක් වෙන්නේ නැ , අලුවෙලා ගියා බැටන් පොල්ල , හොද වෙලාට බිම අත ඇරියේ නැත්තං අල්ලටත් බඩු බනිස්

'' දැක්කද උඹ .....එහෙම උනොත් වෙන දේ ''

'' කොහොමද ඒක කලේ ''

'' එකත් කරන්නේ සිතුවිලි වලින්ම තමා , කොටින් අපි සෙක්ස් කරන්නෙත් සිතුවිලි වලින් , කවුරු හරි දෙන්නෙක් සෙක්ස් කරහම ඒ දෙන්නටම ළමයි හම්බෙනවා''

''එහෙම වෙලත් උඹලව යටපත් කරගන වෙන ජාතියක් නැගිටපු එකනේ පුදුමේ ''

'' ඒකට හේතුව අපේ ජාතිය සෙක්ස් කරන එකට සීමා මායිම් දාගත්ත එක , උන් එහෙම කරේ නැ , හැමදාම සෙක්ස් කරා , ළමයි හැදුවා හම්බ කරා ''

'' අපිටත් ඔය ටිකම තමා කවද හරි වෙන්නේ ''

'' දැන් මට යන්ඩ වෙලාව හරි මීතෙන් පිරිලත් ඉවරයි ''

'' අනේ ටොකටටොකෝ මටත් දැන් මේ ලෝකේ වැසිල්ල ඇති වෙලා තියෙන්නේ , උඹ යන තූත්තුකුඩියක මාවත් එක්ක පලයං , තප්පරයක් හිටහං මම කෙල්ලෝ දෙන්නවයි මහ උන්දැවයි ඇහැරවගෙන එන්නං ''

දඩ බඩ ගාලා යානාවෙන් එලියට පැන්න මං , ගේ ඇතුලට දුහලා අපේ උන්දැට කීද්දුවා

'' චුටි....චූටී .....මේ ටක්ගාල නැගිටින්ඩ , අපි මේ චාටර් ලෝකය දාලා වෙන ලෝකයකට යං , අර ටොකට‍ටොකෝ බලාගන ඉන්නවා අපි එනකං ඉක්මනට අර ලොකු බෑග් එකට ඇදුම් කෑලි දෙක තුනක් දාගන එන්ඩ . මම කෙල්ලෝ දෙන්නව ඇහැරවල වඩාගන්නං ''

'' මොන මගුලක්ද මිනිහෝ මහරැ තිස්සේ ටෙක ටොක ගගා බෙරිහං දෙන්නේ , දැන් කෙල්ලො දෙන්නත් ඇහැරෙනවා , අර මගුලක් බදාගන විකාර ලිය ලිය කියව කියව ඉදලා දෙගොඩ හරියේ බුදිය ගන්නවා ඊලගට හිනෙන් විකාර පෙනිලා දොඩවනවා මදිවට අපිවත් ඇහැරවනවා  . මොන මලකරදරයක්ද මේ , ඔන්න හෙට ඉදන් එන්ඩ එපා අපි ලග නිදාගන්ඩ , අර කම්පියුටරය බදාගන එතනම බුදිය ගන්න එකයි ඇත්තේ ''

2013-12-13

බැරි උන හරිය ඔයාම කාගන්ඩ



'' ඇයි ඔයා අලි පේර කන් නැත්තේ ''

'' මට බැ ''

'' බෑ කියල බෑ මේවා ළමයින්ට ‍හොද ගුණ කැම ''

'' අනේ මං කන්නැ ''

'' මේ නැලවි නැලවි ඉන්ඩ බැ මට වැඩ තියනවා අරින්ඩ කට ''

'' ඇහ හඅහම්ම්ම්ම්......මට එපා''

'' ටාටා මල ජරාව පැකට් නං ලොරියක් හරි කයි , ඇයි මෙව්වා කන්ඩ බැරි වහද , දෝණි කට අරිනවා නැත්තං මම බිම පෙරලන හැන්දක් දාලා උගුර‍ටම ඔබනවා''

'' ඇහැංංංම් ම එපා ...බෑ ''

'' ලොකු මෙයා ඊයෙත් කැවේ නෑ . මේ අන්තිම ගෙඩිය කන්ඩ කියන්ඩකෝ ''

(ඔන්න ඉතින් අම්මයි දුවයි අදත් පටන් අරන් , මං ඇහුන්නැ වගේ හැලපයගේ කොටාට කම් සැප දුන්න පෝස්ට් එකට ආයෙත් එබුනා , ෂීක් ආතල් එක කෑවා)

'' ඒ අනිත් කෙනා , බීරෝ කන් ඇහෙන්නේ නැද්ද .... වැඩට ගිහින් ඇවිත් ඕක බදාගත්තහම සිහියක් තියද . අරක්කු සිකරට් නං බොයි , තාත්තල දුවලට හොද දෙයක් කන්ඩ බොන්ඩ තමා බැරි , කන්නේ නැත්තං මලු ගණන් උස්සං එන්නේ මොකටද , නිකං නරක් වෙලා වේලිලා යනවා , ආ දොණියැන්දට බැරිනං අප්පවත් කන එකයි ඇත්තේ ''

'' මටත් එපා චූටීට දෙන්ඩ ''

'' චූටියි මම කෑවා , ඔයාල තමයි කන්නැත්තේ , මස් කුට්ටියක් දුන්නොත්නං ගිලියි, එළවලුවක් පළතුරක් තමා බැරි , කන්නේ නැත්තං මීට පස්සේ ගේන්ඩ එපා ''

(හං හං ගගා නහයෙන් පිබ පිබා කම්පියුටර් ටේබල් එක උඩින් මග් එකයි හැන්දයි තියලා පොඩ්ඩිවත් උස්සං ගස්ස ගස්සා යන හැටි නිකට දික්කරලා ලොක්කි මට පෙන්නල  හිනාවෙනකොට මට හුකාස් ගාලා ලාවට හිනාවක් ගියා .)

'' කා එක්කද දන්නැ කැකිරි පල පල චැට් කරන්නේ , දෙගොඩ හරි ජාමේ කෑමත් හිතල වෙනකං හැම දාම කොට කොට , ඊයේ රැත් බත් ඉතුරු කරලා උයන්නැ මං හෙට අද බත් ඔක්කොම කාලා තිබ්බේ නැත්තං , තාත්තල දුවල ඕන දෙයක් කන එකයි ඇත්තේ . උය උය විසික් කරන්ඩ මෙතන ''

'' ඉතින් රැටත් මට සුප් හදලා දෙන්ඩකෝ ''

(කෙල්ලත් අරින් නැ)

'' මුළු දවසම සුප් බීලා හරියනවද , තාත්තා.......ඔයාට  ඇහෙනවද මෙයා උදේ කිරි එක බිව්වෙත් නැ , කෑවෙත් නැ , ඉස්කෝලෙට ඇරිය ඉදි ආප්ප කාලත් නැ , එක්ක ගෙන එනකොට මට කරදර කරා අයිස් කොන් ඉල්ලා , ත්‍රීවිල් එකට දෙන්ඩ අරගන ගිය එකසිය විස්සත් දාලා හැත්තැවේ කෝන් දෙකක් අරගෙන මේ දෙන්නට දීලා පයින් ආවේ චූටිවත් වඩාගන , දවල් මාළු කෑල්ල කෑවෙත් නැ , .... අඩුම තරමේ නිකං බත් ටිකක් .... බිත්තරයක් කුරුටු ගාලා දුන්නා ඒක කෑවෙත් නැ , ... මං දන්නැ අනේ රෑට කෑවෙත් නැ .... ඔයා මෙයාට ඉල්ලනකොට දහය විස්ස දෙන්ඩ එපා ....අර බයිට් පැකට් අරගන කනවා ..... දැන් දවල්ට තනියම කඩේටත් යනවා ..... පාරේ වාහනත් යනවා ''
 

(අප්පච්චියේ හොදටම මල පැනලා , මේ  වාගේ වෙලාවට හරි යන්නේ ලාමක ටීන් ටින් විහිලුවක් තමා ,)

'' ඔයා දැන් ඔය කැ ගහන්නේ ඔයාට අයිස් එකක් කන්ඩ බැරි වෙච්ච හන්දා නේද ''

'' සල්ලි ගොඩක් අල්මාරියේ ලාච්චුවෙන් අරන් ආවානං හරි නේද තාත්තියෝ''

(අන්න කෙල්ලො)

'' ඒකනේ පුතේ ..... චූටී මේ ගෙයින් එලියට බහින කොට ගානට සල්ලි අරගන යන්ඩ එපා කියලා මම හැමදාම කියනවනේ , වැඩිපුර අරගන යන්ඩ ... හදිස්සියක් හරි උනොත් ... කියන්ඩ බෑනේ '''

'' මමත් එහෙම සල්ලි නාස්ති කරානං තාත්ල දුවලට මරුවට තියෙයි''

(දැන්නං කෙල්ලට සත්තමක් දාන්ඩම වෙනවා .  නැත්තං ඉතින් මහ සෙල්ලම කෙසේ වෙතත් මුන් දෙන්නට හොරෙන් දවසට දෙතුන් පාරක් තදින් බදාගන දෙන..... ගන්න ... උම්මා එකට කෙලවෙන ලයින් එකක් තියෙන්නේ)

'' දෝණි මේ ‍...මේක කනවා මගෙන ගුටි කන්නෙ නැතුව''

'' හංම්...ඔව්වා තිත්තයිනේ ''

'' තිත්ත කොහෙද හොදට ඉදිලා . තමුසෙ තිත්ත එව්වා කාල නැ , මං අමුම අමු ඒවා කාල තියනවා සීනිත් නැතුව ''

(කෙල්ලගෙ කට උගුර පේන තරමට ඇරුනා)

'' ඇයි කන්ඩ රස දෙයක් තිබ්බේ නැද්ද''

'' නැ තමයි ඉවසගන ඉන්ඩ බැරුව කෑවා''

(දැන්නං කෙල්ලගේ බොක්කත් පේන තරමට  පුදුමයෙන් කට ඇරිලා)

'' ඇයි ඒ ''

'' ඇයි ඒ කියන්නේ .   බඩකින්නට කන්ඩ දෙයක් නැති හන්දා ''

'' ඉතින් සුදු ආතටයි ආච්චි අම්මටයි කියුවනං හරිනේ ''

'' එයාලට සල්ලි කියක්වත් තිබුන් නැ එදා ''

'' ඉතින් ආතා ගාව හොදට සල්ලි තියෙන්නේ''

(රෙද්ද .තමා .     බලන්ඩ ගියහම මෙහේ ආවහම දාහක් මිට මෙලවන හන්දා කෙල්ලගේ හිතේ ආතා පට්ට සල්ලි කාරයා කියලා.)

'' ඒ කාලේ ආතා වැඩකලේ හිරගෙදරනේ , හිරකාරයෙක් පැනලා ගිහිල්ලා ආතට වැඩ නැතුව ගියානේ''

'' ඉතින් හැමදාම වැඩ නැද්ද . එතකොට කැම ගන්ඩ සල්ලි ''

'' තාත්තට වගේ ආණ්ඩුවේ රස්සා කරන අයට හැමදාම සල්ලි හම්බෙන්නේ නැනේ පුතේ , මාසෙට එක පාරයි පඩි හම්බෙන්නේ , වැරැද්දක් කරොත් ඉතින් නඩුවක් අහනවා . ඒක අහලා ඉවර වෙනකං ‍හම්බෙන්නේ පඩි බාගයයි , ඒක හැමදාම බබාලට බත් දෙන්ඩත් මදි . ''

( කෙල්ල දැන් හෙන කල්පනාවක )

'' එතකොට මොනවද කන්නේ ''

'' ඒක තමයි කියන්නේ ඔයාලට කැම වැඩියි , අන්න බලන්ඩ දොරකඩ බිස්කට් බිම දාලා , ගේ හැම තැනම කෑම වට්ටලා , බත් ඇට පෑ ගෙනවා ''

'' අනේ මේ කොච්චර අතු ගෑවත් මෙයාල හැඩි කරනවා ''

( ළමයින්ට හපන්නේ මේ ගෑණි ගේ අස්සේ ඉදන් කෑ ගහනවා )

'' දැන් ඔයාට මොනවවත් කියුවද කට පියාගන ඉන්නවකෝ ''

(ටිකක් වෙලා කට පියාගන ඉදලා ආයෙත් කෙල්ල මට කිට්ටු කරා, මොකවත් නොකියා හේත්තුව දාන්නේ වැඩේ තව විස්තර ඇතුව අහගන්ඩ තමා )

'' ඒ කාලේ අපි හිටියේ වතුපිටිවල බොස්ටල් එකේ ක්වාටස් එකක''

'' ක්වාටස් කියන්නේ මොකක්ද''

'' ක්වාටස් කියන්නේ නිල නිවාසය කියන එකට , සමහරක් ආංඩුවේ රස්සා කරන අයට නිකං දෙන ගෙවල් ජාතියක් හැමදාම ඉන්ඩ බෑ යන්ඩ කියපුවහම යන්ඩ ඕන ''

'' කොහෙද ඒ''

'' මදුනි පුංචිලගේ ගෙවල් පැත්තේ , මේ ලගත් මහර කියන හිර ගෙදර තියනවා මම දවසක එක්ක යන්නං කෝ ''

'' කවදටද ''

'' කවද හරි ... ඉතින් කතාව අහන්ඩකෝ , ...ඒ කාලේ අපේ ගෙදර හිටියේ තාත්තයි , සුදු බාප්පයි , චූටිනැන්දයි විතරයිනේ , සුපුන් අයියලගේ ලොකු නැන්දා චූටි කාලේ ඉදන් හිටියේ කළු මාම සියියලගේ ගෙදරනේ , මේ වාගෙම ඉස්කෝලේ නිවාඩු කාලයක් හන්දා චූටී නැන්දත් එහේ ගිහින් , ගෙදර හිටියේ බාප්පයි මමයි විතරයි උදේ පාන්දර දහයට විතර නැගිට්ටහම තාත්තට හෙනට බඩ ගිනියි , කලින් දවසේ රැට කාලත් නැනේ , ආච්චි අම්මයි ආතයි බාප්පයි තුන්දෙනත් නැ , තාත්තව දාලා කොහෙද ගිහින් , මේසය උඩ අලි ගැට පේර ගෙඩි හතරක් පහක් තියනවා''

( කෙල්ල හු මිටි තිය තිය අහගන ඉන්නවා )

'' ඒ වත්තේ පිටි පස්සේ තිබ්බා අලිගැට පේර ගහක් , මං පිටි පස්සේ දොර ඇරලා බැලුවා , ගහේ තිබ්බ එක ගෙඩියක්වත් නැ , ආතයි ආච්චි අම්මයි එව්වා කඩාගන බාප්පවත් වඩාගන විකුනගන එන්ඩ ගිහිල්ලා , මේසය උඩින් ගෙඩි හතරක් පහක් තියලා ගිහින් ඉදුනහම අපිට කන්ඩ , තාත්තා එක ගෙඩියක් අරගන පිහියෙක් දෙකට කපලා එක පලුවක් පොත්ත රැහැලා කැල්ල කෑල්ල කපකපා කන්ඩ ගත්තා , හෙනට තිත්තයි , සීනිත් එක්ක කන්ඩ කියලා සීනි බෝතලය අරගන බැලුවා , ආච්චි අම්මා කලින් දවසේ ඒක හෝදලා නිකං තේ හදපු හන්දා එක සිනි ඇටයක්වත් නැ , කොහොම හරි අප්පිරියාවෙන් අර  කපා ගත්ත භාගේ කෑවා , ඒත්  ටිකකින් කාපුව ඔක්කොම වමනෙ ගියා''

'' වමනෙ යන්නේ ඇයි ඒ ''

'' අප්පිරියාවෙන් කාපු හන්දා , කොහොමහරි වමනේ කරලා ඉවර වෙනකොට අර තුන්දෙනා ආවා , හාල් වාගයක් එහෙම අරගන , ආච්චි අම්මා මට ගල් බනිස් භාගයක් දුන්නා , එකේ ඉතුරු භාගේ ඒ වෙනකොටත් අච්චි අම්මගේ අතේ හිටපු බාප්පා කනවා , එදා දවල්ට අපි පරිප්පුයි බතුයි කෑවා , ඉස්සර අපි චූටි කාලේ ඔන්න ඔහොමයි , ඔයාලට වාගේ රස කෑම තිබුන්නැ , සමහරක් දවස්ලට කන්ඩ ‍මොකවත් නැ බාප්පයි මමයි අනිත් ළමයි එක්ක සෙල්ලං කරන්ඩ පිට්ටනියට යනවා , ටික වෙලාවකින් ආච්චි අම්මා ඇවිත් අපිට කතා කරනවා ගෙදර යන්ඩ , අපි දෙන්නා .....බෑ...බෑ ...කිය කියා සෙල්ලං කරනවා , ආච්චි අම්මා තඩි කෝට්ටක් කඩාගන අපි දෙන්නට ගගහ එලවනවා ගෙදර ''

( අපිට ගහනවා කියන කොටනං මේකීට හිනා )

අපි ගෙදර ඇවිත් ආච්චි අම්මට බැන බැනා අඩනවා , ......

‘‘අපිට වැරුද්දක් නොකරම නිකං ගැහුවා කියලා තාත්තා ආවහම කියන්නං කියලා , ...එතකොට ආච්චි අම්මා ඇස්වලට කදුළු පුරෝගන කියනවා ........‘‘

‘‘ඉතින් මහත්තයෝ උඹල දෙන්නට මම කොච්චර ආදරෙන් කතා කරාද ගෙදර එන්ඩ , දාඩිය දාගන නටල නටල ගෙදර එනකොට මම මොනවද උඹලට කන්ඩ දෙන්නේ කියලා‘‘

ඔන්න ඔහොමයි ඉස්සර අපිට ඔයාලට වාගේ රස කෑම තිබුනේ නැ , ඉස්සර හාල් වල ගල් තියන හන්දා කුල්ලකින් පොලලා තමයි ගන්නේ , එතකොට පොඩියට කැඩිච්ච හාල් ඇට කෑලි වෙනමම එකතු වෙනවා , ඒවට කියන්නේ හුණුසාල් කියලා හැම ගෙදරක ඒවා එකතු කරනවා මුට්ටියක , කන්ඩ දෙයක් නැති දවසට අපි කෑවේ ඒ හාල් වලින් ලුණු විතරක් දාලා හදපු කැද , ඉස්කෝලේ යනකොට කන්නේ කිරි හොදිත් එක්ක පාං , ඒ පාංවල හරියට හිටියා ගුල්ලෝ වාගේ චූටී සත්තු ජාතියක් , තැටි පාං ගෙඩියක් ගෙනත් ඒක හතරට කපනවා , අපි තුන්දෙනාට කෑලි තුනක් දීලා ආතයි ආච්චි අම්මයි එක කෑල්ලක් කනවා , හොදට බල බලා අර ගුල්ලො අයින් කරකර අපි කිරි හොදි වල පොගව පොගවා අර පාං කනවා ''

'' ඉතින් ආතට තිබ්බනේ වෙන රස්සාවක් කරන්ඩ ''

'' තාත්ත එක එක වැඩ ජාති ගොඩක් දන්නව උනාට සීය ඒ කාලේ දැනගන හිටියේ හිරකාරයෝ බලාගන්න එක විතරයිනේ , හැබැයි සෙල්ලං බඩු පිටකොටුවෙන් අරගන දුර පලාත්වල කඩවල් වලට විකුණන එකනං කරා , ඒත් ඒකෙන් හම්බෙන්නේ සල්ලි චුට්ටයිනේ , ඉස්සරත් ඔය උස්වත්ත ටිපි ටිප් , ග්ලුකෝරස ජුජුබ්ස් , පෙරේරා ඇන්ඩ් සන්ස් චොක්ලට් රෝල් එහෙම තිබ්බා , එවා අපිට කන්ඩ ලැබෙන්නේ මදුෂී පුංචිලගේ බාප්ප සීයා ආපු දවසට විතරයි , තව එයා එනකොට අරගන එනවා තඩි කොක්ක මාළු එකක් හැබැයි එකෙන් භාගයකටත් වඩා එයාම කනවා ආතා එක්ක අරක්කු බොන ගමං , ආතයි ආච්චි අම්මයි එක කෑල්ලක්වත් කන්නේ නැතුව ඉතුරු ඔක්කොම අපිට දෙනවා ''

'' එතකොට පලතුරු ජාති''

'' ඉස්සර එහෙම කඩෙන් පලතුරු ගෙනත් කෑමක් නැ පුතේ කොයි ගෙදරත් , ඔය නෑදැයෙක් එනකොට ඇපල් ගෙඩියක් , මිදි ටිකක් ගෙනාවොත් මිසක් . අපිට කන්ඩ ඕන තරං රට අඹ , පේර , නාරං , උගුරුස්ස හෙනට පලතුරු ජාති තිබ්බා ගස්වල ................ආ මගේ මැණික හොද පුතා වාගේ දැන් කන්ඩකෝ මේ අලිගැට පේර හැන්ද ''

'' මට එපා ..ඔව්වා....මං යනව දොයියන්ඩ ...ඔයාටනේ ඒකාලෙත් ඔව්වා කන්ඩ බැරි උනේ ඔයාම කාගන්ඩ ''

2013-11-26

ආදරණිය මිනීමරුවා



'' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං''

මකුනන් පිරුන බංකුවට අත දික්කරපු ඔවර්සියල් මහත්තයා ඔෆිස් එක ඇතුලට ගියා ,  තව ටිකකින් මම නිදහස් , තාම හත හමාරයිනේ වැඩිම උනොත් පැය බාගයයි , නැත්තං පැයයි , ලොක්කා ආව ගමන් ජම්පරය ගලවල  මගේ ඇදුම් ටිකත් ඇදගන යකඩ ගේටුව පැනලා ලී ගේට්ටුවෙන් මම එලියේ ,    ෂික් ‍මේ කාලකන්නියා තාම නැනේ , ඉවසපං පපුව කියුවට කොහොම ඉවසගන ඉන්ඩද ,    ..ඉවසීම අම්මගේ රෙද්ද , ඉවසුවොත් එලියට වෙලා බල්ලා වගේ හිටිය හැකි , ඉවසුවේ නැත්තං ඇතුලට වෙලා බල්ලා වගේ හිටිය හැකි , ඇතුලේ බල්ලා වෙන්නේ ගාට්ලා සියකට එකසිය පනහකට විතරයී , එහෙමද එලියේ බල්ලා උනහම , ගමට රටට ලෝකෙට ඔක්කොටම බල්ලා , ලගින්ඩ අගුපිලක් නැ , ... අනික තමන්ගේ බැල්ලි වෙන බල්ලෙක්ට අල්ලපුවහම , බල්ලොත් එන්නේ මට අරින්ඩ .

ඉස්කෝලේ යන කාලේ ඉදන් ලව් කරපු බැල්ලි , මම ඔලෙවල් කරලා එලියට බැස්සට පස්සේ 'ඒකි' වෙන ඉස්කෝලෙකින් ඒ ලෙවල් වලට ආපු එකෙකුට කොක්ක ගැහුවා , අනේ මං 'ඒකිට' ආදරේ කරපු තරමක් , හවසට වාට්ටු වැහුවට පස්සේ කරුවලේ පැය ගානක් ලෝකේ වටේ කරක් ගැහුවෙත් 'අරකි' ඒක්ක නෙමෙයි 'ඒකිත්' එක්ක , මාව පාරවල් ගානේ කොච්චර පාච්චල් කරාද 'ඒකී' , රැලේ වැටෙන කාලෙට බල්ලෙක් හොරි කහ කහ බඩගින්නේ අනිත් බල්ලෝ අත පය බරු ගහද්දි කලින් වාරේ පිටට නැග්ග බැල්ලි පස්සේ යනවා වාගේ කොච්චර මං චාටර් උනාද. අන්තිමට 'ඒකි' ගැන තොරතුරක් වත් දැනගන්ඩ බැරි වෙනකොට ම‍ට 'ඒකී' ගැන තොරතුරු හොය හොයා මාව හොයාගන කියුවේ 'අරකී'' , 

මට හිර බත් කන්ඩ පාර කැපෙන්ඩ මූලික අඩිතාලම වැටිච්ච දවස උදා උන දවස මට අදවාගේ මතකයි. ඒ මම ඉස්ඉස්සෙල්ලම තොරණක චිත්‍ර ඇදලා විදුලි රටා මවපු දවස . අවුරුදු තිහක් වෙන ලයිට් බාස්ලා . චිත්‍ර බාස්ලා කරපු තොරණ මම ගමේ කොල්ලොත් එක්ක කරන්නං කියලා ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා ගත්ත වෙසක් මාසේ . වයස හතේ අටේ ඉදන් , තොරණ ගහන තැනයි , වඩු මඩුවෙයි , කම්මලෙයි , කොටින්ම දෑතේ වැඩක් ‍කරන අපේ ගමේ හැම තැනකම තැක් ගැහිලා , අත් උදව් දීලා අල ගිය තැන් මුලගිය තැන් අල්ලාගන ඉන්නවා කියලා අපේ ලොකු හාමුදුරුවන්ට තිබ්බ විස්වාසේ හන්දා මට මගෙ ලොකුම හීනය එලි වෙච්ච දවසේ


'අරකි' ඇවිත් හිටියා තොරන ලගට නංගිත් එක්ක . පොඩි එකිට රුපියල් දෙකක් දීලා කඩල කරත්තයට පිටත් කරපු 'අරකි' .

'' අයියේ ඔයා 'ඒකි' ගැන හිතන්න එපා , මම ඉන්නවා හැමදාටම ඔයාට , මම ඔයාට ආදරෙයි කියලා කියුවා ''
'' මට ඔයා ගැන එහෙම හිතන්න බැ ''

'' නිකං පිස්සෙක් වෙලා ඔයාගේ වටින ජීවිතය විනාස කරගන්න එපා අයියේ , 'ඒකිට' නොවටිනවා උනාට මට ඔයාව රටක් වටිනවා , මම හිතින් ඔයාට ආදරේ කරේ 'ඒකිටත්' කලින් , මම මැරෙන තුරාවට ඔයාව බලාගන්නං , අපි අද හාල් ඒදලයි තියෙන්නේ මම හෙට උදේට එනවා ඔයාට සුදු  ආප්ප අරගන එතකොට මට උත්තරයක් දෙන්න ''

එදා රැ එලි වෙනකං මම කල්පනා කලේ 'අරකි' ගැන , 'ඒකිට' රිද්දන්ඩ තියන හොදම ක්‍රමය තමා 'අරකිව' කසාද බදින එක .පහුවදා උදේ 'අරකි' සුදු ආප්ප වට්ටියක් උස්සාගන ඇවිත් මට දික්කරා ''

'' මම ඔයාට කැමතියි''

ඒ වචන තුනෙන් පටන් ගත්ත අපේ කතාව අහල ගං හතම දැනගන්ඩ වැඩි කාලයක් ගියේ නැ , ඔහෙම ටික කාලක් යනකොට ගමේ උඩහින් තිබ්බ ඇල්ලේ වේල්ල බදින්ඩ පිටින් කට්ටියක් ඇවිත් වාඩියක් ගැහුවා . ඒ වෙනකොට මගුලක් නොගත්තට මම 'අරකිගේ' ගෙදර බින්නබැස්ස ගානයි , ඒ ගෙදරට වියදම හිටං දුන්නේ මං , කාලයත් එක්ක පස්සේ පස්සේ මට කනින් කොනින් ඇහෙන්ඩ ගත්තා , වේල්ල බදින්ඩ ආපු එකෙක් එක්ක 'අරකි' පයුරුපාසානමක් පවත්තනවා කියලෘ , 'අරකිගෙන්' අහපුවහම කියුවේ 

'' මුන්ගේ කටවල් වල මහ ගෙඩි දාන්ඩ එපැය දෙයියනේ , ඒ අයියා යසෝ අක්කලගේ ගෙදරට බත් අරගන යන්ඩ ආපුවහම වචනයක් දෙකක් කතා කරා ඇරෙන්ඩ එහෙම එකක් නැ , ඔයා මාව 'ඒකිගේ' මිම්මෙන් මනින්ඩ එපා''

එතන කරබාගන නිකා හිටියට මොකද මටත් ඒවෙනකොට 'අරකිගේ' වෙනසක් තේරිලයි තිබ්බේ , දවසක් කඩේ ඉස්සරහ දාං ඇද ඇදා ඉන්න කොට මාව පැත්තකට එක්ක ගිය සරත් මලයා.

'' අයියා උඹ අපි කියන එව්වා විස්වාස කොරන්නේ නැනේ , අන්න උඩහ ඇලේ අලි වල ගාව වේවැල් කන්දට ගියානං උඹට අතටම අල්ල ගත්ත හැකි ''

මොකුත් නොකියා ගෙදර දිහාට බයිසිකලය පැද්ද මං , ඉස්තෝප්පු වහලේ පොල් අත්ත අස්සේ හංගල තිබ්බ උල් පිහියත් ඉනේ ගහගන වේවැල් කන්ද පැත්තට පැදලා , කන්ද පාමුල බෝක්කුවට බයිසිකලය හේත්තු කරලා කන්ද නැගලා මහ අලි වල පැත්තට ගියා , ගහක් ගලක් පීර පීරා ටික  දුරක් ඉස්සරහට ගිය මම දැක්කා ගල් දෙබොක්කාවක් අස්සේ වාඩිකාරයා ගල් ඇන්දට පිට දීලා හිටගන 'අරකිගේ' ඔලුව අත් දෙකෙන් අල්ල ගෙන , 'අරකි' වාඩි කාරයා ඉස්සරහ දණ ගහගන ,  උඩ ගලේ ඉදන් දෙබොක්කාව අස්සට උල් පිහියත් උලුක් කරන් පැන්න මම 

'' මම අද තොව කනවා බොල ''

කියාගන ලගට යනකොටම එක අතකින් අරක කලිසම ඇතුලට ඔබන ගමන් අනිත් අතින් කලිසම අල්ලගනම වාඩි කාරයා මට පයින් පාරක් දමලා ඇනලා ගල් ඇන්ද උඩට පැනලා නොපෙනි ගියා , 

මුලු ඇගේම තියන හත්තිය ඇරගන මම 'අරකිට' ඇන ගන ඇනගන ගියා , උසාවියේදි පැමිනිල්ල ඉදිරිපත් කොරන කොට තමා මම දන්නේ මම 'අරකිට' තිස් හත් පොලකට ඇණලා , 

එදා එතනින් කන්ද බැහැලා බයිසිකල් කටුව පැදගන පොලිසියට ගිය පාර . ඇප දෙන්ඩ කෙනෙක් නැතුව අවුරුදු හතරක් රිමාන්ඩ් ඉදලා ඊලගට අවුරුදු දහයක් අච්චුවත් ඇදලා , අවුරුදු තිස් හයක මිනිහෙක් විදිහට  මේ අද නිදහස් වෙලා යන්ඩ  ඉන්නේ .

'' වරෙන් කොල්ලෝ සර් කතා කරනවා ''

බංකුත් පෙරලෙන සයිස්  එකෙන් නැගිටලා ඇතුලට ගියහම තමා අපෝ වෙන්නේ .....ලොක්කගේ දේශනේ..........ආයේ වැරදි කරන්ඩ එපා , ............මෙහෙට එන්ඩ හිතන්ඩ එපා , ......මේ පැත්ත බලාගන බත් කන්ඩ එපා .....එක එක වැඩකට නැති කතා වලින් පස්සේ , 

'' මම ගිහින් එන්නං සර් ''

'' ඔය ඉතින් ආයේ එන්ඩ එපා හුත්තො ''

කාමරෙන් එලියට එන්ඩ මම ඉස්සර උනා , ඔවර්සියර් මහත්තයා කොල ටිකත් උස්සං මගේ පස්සෙන් , යකඩ ගේට්ටුව ලගදි දුන්න පොඩිවෙච්ච , කමිසයයි කලිසමයි ඇදගත්ත මං . බස් එකට කෝච්චියට දුන්න කොළ කැල්ලත් අරන් ගේට්ටුවෙ උන්න මහත්තයා ඇරලා දුන්න ලී ගේට්ටුවෙන්  මම නිදහස් ලෝකයට කකුල තිබ්බා . 

ආආආආ........නිදහස් හුලග . නිදහස් ඉර එලිය . මම දැන් නිදහස් මිනිහෙක්

ඒක අතකට අපරාදේ පිහිය අරගන පොලිසියට නොයා මට 'ඒකිවත්' හොයාගන ගිහින් හත් අට පොලකට බස්සන්ඩයි තිබ්බේ . එහෙනං මම හතලිස් හයෙන් එලියේ



2013-11-23

දෙන්නං ජම්ඹු


අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල , කරපිංච පැල , ගස්ලබු පැල , කෙසෙල් පැල , පේර පැල , ගැට පිච්ච , සමන් පිච්ච , රම්පේ පදුරු දෙකක් වගේ එක එක ජාතියේ ගස් ,

කරුමේ කියන්නේ ඔය ගස්ටික මොකක් හරි ආසානාසියක් වෙලා විනාසවෙලා ගිය එක තමා , අර මතකනෙ දවසක් මම කියුවා අපේ ''දොඩම් ගහට වෙච්ච හරිය'' ,   තව වත්තේ තිබ්බා දඩාර සයිස් ඇම්ඹරැල්ලා ගහක් අනේ ඒක කපන්ඩ උනානේ බවුන්ඩේසමට අහුවෙන හන්දා , තැඹිලි ගස් දෙකක් තිබ්බා ඒව්වායේ අතු අහල පහල වතු වලට යන හන්දා එව්වත් කපලා දැම්මා .

අන්න ඒ වාගේ තවත් දුක්ඛිත සිද්ධියක් තමා වත්තේ තිබ්බා හොද ගස්ලබු ගහකටත් උනේ, ඒ ගස්ලබු ගහ  ඔය රෙඩ්ලේඩි මළජරාවක් නෙමෙයි , අර මතකද අපි පුංචිකාලේ කෑවා මදය කහපාට දිගැටි හීන් 
ගස්ලබු ජාතියක් , එන්න එව්වා ගහක් මටත් වඩා අඩියක්දෙකක් උසට හැදිලා මල් පිපිලා ගැටයක් දෙකක් හැදිලත් තිබුනා, 

දවසක් අපේ අගුරුවාගේ සුදුපාට සුදු මල්ලිත් එක්ක රතු වෙද මහත්තයෙක් ගෙදරට වඩම්මලා අර අපේ ''විකියටත්'' කතා කරා , අර අර මාත් එක්ක බයික් එකේ පාටියකට ගිය පොර  අන්න ඌ , ඉතින් විකියට කෝල් කරනකොටත් පොර කොහෙද මන්දා හොදට අනුමත වෙනවා , ඌට එන්ඩ බැ අපිට කර ගන්න දෙයක් කරගන්න කියලා කියපු හන්දා අපි දෙන්නා , අර ගස්ලබු ගහ යටට අරු කොයි වෙලේ හරි එයි කියලා පුටු තුනක්ම අරගන වැඩේ පටන් ගත්තා , අඩිය පේන නොපෙනන ගානට එනකොට මෙන්න ආපි විකියා පිංපොං බෝලය වාගේ පොලා පැන පැන .

'' දැන් එතකොට මං කොල්ලට නැ ''

''ඉදගනින් බං ඔය තියෙන්නේ උඹගේ  කොටහ බීපං ''

2013-10-25

මහගස් ඉරන්නෙත් බිමදාලා



මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ  කියලා , ඔය වාගේ යුගල පද වලින් හැදිච්ච නං කොච්චර නං තියනවද මුං දෙන්නට, එව්වා මෙහෙම මේ තැන්වල කියන්ඩ බෑ , ඒ තරම්ම ලස්සනයි . අනික එහෙම කියුවොත් ටක්ගාල නොදන්න එකෙකුට උනත් කා ගැනද කියන්නේ කියලා මාට්ටු වෙනවා . මේ ඩබල ඉතින් හැම වෙලාවෙම පුකයි අමුඩෙයි වාගේ එකට බැදිලා තමයි ඉන්නේ , පහේ සිස්සත්තේ කාලේ ඉදන්නම තියන යාළු කමක් ලුනේ, මොන සීන් එකක් උනත් මේ දෙන්නා ඉස්සෙල්ලම කතා කරලා කියන්නේ අනිකට තමා , කතාව කියාගන්ඩ ලේසියට අපි මුන් දෙන්නට දාමුකෝ නං දෙකක් , එකෙක් පුකා . අනික අමුඩයා , ඔන්න අපි කතා කරනවා කියමුකෝ අමුඩයට
 
'' මචං අමුඩේ හවසට මොනහරි කරමුද ''

'' උඹ ගානේ නේද ඔන්න මාලග නං සල්ලි නෑ හරිද''

''තෝ ගාව තිබ්බේ කවද්ද , එහෙනං ෂුවර් නේ , කීයටද එන්නේ''

'' මම තුනයි හතලිස් පහට ඔෆිස් එකෙන් පනිනවා , උඹත් හවසට මෙෂින් හදන්ඩ යන්නේ නැතුව , ඉක්මනට වරෙන්''

'' කොහෙද සෙට් වෙන්නේ''

'' ඇයි උඹලගේ ගෙදර බැරිද ''

'' අප්පෝ බැ තො කෑගහනවා කොහෙට හරි යං''

'' උඹ පුකාට කියුවද , අඩෝ ඌටත් කියහං ඌත් සල්ලි නැ කිය කියා අඩ අඩ ඉන්නේ''

'' එච්චර සල්ලි නැ අමුඩයෝ , මම මේ හැදුවේ අපි දෙන්නා එක්ක හොරාට බොන්ඩ''

'' බැ බැ මට එහෙනං බෑ . පුකා නැතුව බෑ''

ඔන්න ඉතින් වෙන දවසක පුකාට කතා කරා කියමුකෝ 

'' පුකා මේ හීනියට මොනවාහරි කොරමුද ''

'' අම්මේ ඔයා දෙයියෙක්නේ ''

'' මම එන ගමං උඹට කෝල් එකක් දෙන්නං ''

'' කට්ටියව දැනුවත් කරාද මංජු අයියේ උඹ ''

'' එහෙම සීන් එකක් නෙමෙයි බං , කෝ සල්ලි දෙන්නා එක්ක භාගයක් ගහන්ඩ කතා කලේ ''

''එහෙනං අමුඩයට විතරක් කියමු ''

ඔන්න ඔහොමයි ඔකුන්දෙන්නගේ ආදරේ , මොන කාපාලු වැඩක් කරත් ඉතින් දෙන්නා එකට තමා . එහෙම දෙන්නා සැට් වෙලා කොරපු ඔලමොට්ටල කං නං සිය ගානක් තියනවා , අනික උන් මොනවාහරි ගොං වැඩක් කරපුවහම ඒක බලාගන තව එකෙක් හිටියොත් විතරනේ අපි ඕක දැනගන්නේ , අපි නොදන්න එව්වා කොච්චර ඇද්ද , අනික් ලස්සනම සීන්එක තමා දෙන්නගේ අවවාද කොර ගැනිල්ල , මොනවාහරි පඩත්තල කමක් හරි අළුගුත්තේරු කමක් හරි කොරලා පජාත වෙලා ඇවිත් දෙන්නා මාරුවෙන් මාරුවට ගිය නුවණ අද්දවන්ඩ හදන කොට තමා පට්ට ආතල් ,

'' ඇයි බොල @$$^&* තෝ අරකිට එහෙම කියුවේ , බලපං ආයේ ඒකි එයිද දන්නැ ''

'' දුන්න ටෝකට වෙන මොනවා කියන්ඩද ()*&%$ඍ45 ''

'' අනේ $$%&^*$%$ තෝ හන්දා මටත් බල්ලා නාව ගන්ඩ බැරි වෙනවා ''

තව දවසක

'' අනේ තෝ වාගේ මෝඩ මුසලයෙක් ඇයි යකෝ අරු බෝතලයක් ගේන්ඩ සල්ලි දෙන්ඩ හදනකොට එපා කියුවේ ''

'' පව් බං පිට් එකට එහෙම කියුවට අරුන් සෙට් එකත් උගේ දත ගලවලද කොහෙද හිටියේ ''

'' ජල්තර දාලා හොයන සල්ලිනේ බං , ඕකව මම කොච්චර බේරල තියනවද , මොකද මම අතින් වියදං කරගනනේ ඒ ගේම් ගැහුවේ , කොල්ලෝ බස්සලා බොන්ඩ දුන්නා මිසක් මම මොකද උගෙන් සල්ලි ගත්තද , එහෙම දෙනකොට ගනින් $%&56 එපා කියන්ඩ එපා ''

'' ඒ උනා පව් බං''

''එහෙනං %^()@)  ටද එතන හොදට ඉදගන අරක්කු පැලුනේ ''

'' ඔන්න ඉතින් ඕකනේ $$&) ^&&76 කියන්නේ , දුප්පත් අසරණ කමට සාපිපාසාවෙන් ඉන්න කොට තොල කට තෙමා ගත්ත එකටත් උඹ බනිනවනේ ''

ඔන්න ඔහොමයි දෙන්නගේ තරම ( හැබැයි නරකට නං හිතන්න එපා මුං දෙන්නම බොක්ක ගලවලා අතට දෙන කොල්ලෝ , දෙන්නා මට පණ ඇරලා , මම උනත් උන්ට එහෙම තමා , මල්ලි මෙහෙමයි කියලා කියන්ට විතරයි ඕන )

අපේ කට්ටිය නං කියන්නේ දෙන්නා සම්මුතියක් ගහලා ඉන්නේ කියලා , කන බොන දෙයක් තනියම කන්නේ බොන්නේ නැ කියලා ,  ඒක ඇත්ත කියලත් වෙලාවකට හිතෙනවා , ඒ හින්දලු වයස අවුරුදු තිස් තුනක් වෙලත් දෙන්ම කසාද නොබදින්නේ , ඇයි ඉතින් කන බොන දෙයක් තනියම කන්ඩ බෑනේ , බෙදා හදාගන කන්ඩ එපැයි , අනිකගේ එකත් කාලම කසාද බදිනවා කියලා දෙන්නම කසාදෙට පස්ස ගහනවා‍, අනික මුන් දෙන්නා මුහුදු කොල්ල කාරයෝ වාගේ ඉදගන ගැණි සියගානකගේ රෙද්ද අස්සේ රිංගල කසාද බදින්ඩ හොයන්නේ හා පැටව් මුවපැටව් වාගේ ලස්සන අඹ මලෙන් උපං සල්ලිකාර කුමාරි හාමිලා , එහෙම උන් එයිද මෙහෙම හිපාටුවොත් එක්ක,  ඔන්න දැන් එකෙක් නං   '' අපි දෙන්නා එකට ඉන්න එකෙන් දෙන්නටම වගාවක් වෙන්නේ නැ '' කියල ගමෙන් පිටවෙලා ගිහිල්ලා , දුරපලාතක රස්සාවක් කරනවා ( ඒ පැත්තේ කෙල්ලො ටිකත් ඉවර ඇති ) ඒ උනාට ඉතින්එහේ ඉදන් මෙහේ ආපුවහම පොර ගෙදර යන්ඩත් කලින් යන්නේ අරුගේ ගෙදර .

ඔන්න කාලෙකට කලින් අපේ අමුඩය කම්සැප විදින්ඩ බුක්තියට සවිකරගත්ත ස්තිරියාවක් කාලයක් රට ඉදන් ඇවිල්ලා , අමුඩයට කතා කරාලු .

'' සුදු මම ලංකාවට ආවා ඊයියේ , ඔයාව හම්බෙන්ඩ ඕන ''

'' ආ මොනවද මට ගෙනාවේ ''

'' ගෙනාපු එව්වා පෙන්නන්ඩ එන්ඩකෝ''

'' බෝතල් ගෙනාවේ නැද්ද''

'' ගෙනාව ගෙනාව රෙඩ් ලේබල් දෙකක් එකක් තාත්තා ගත්තා . අනික මම ඇරන් තිබබා ඔයාට ''

'' එහෙනං ඒකත් අරන් හෙට උදේට මහබාගේ හන්දියට එන්ඩ . හරියට දහයට ''

පහුවදා කෙල්ල ආවලු තඩි මල්ලක රටින් ගෙනා තෑගී බෝගත් දාගන , කලින් කතා කරලා ගෙදර කවුරුවත් නැති යාළුවෙකුගෙන් යතුරත් ඉල්ලගන හිටපු අමුඩය ගියාලු ඒ ගෙදරට , තනියම බොන්ඩත් කම්මැලි හන්දා කතා කරලා පුකාට

'' පුකා වරෙන් අහවලාගේ ගෙදරට රෙඩ් ලේබල් එකක් තියනවා ගහන්ඩ ''

'' අප්පට සිරි කොහෙන්ද , ඉවර කරන්ඩ එපා මේ දැන් එනවා ''

'' හැබැයි ආවට කමක් නැ වැදගත් විදිහට ඉදහං , තව සීන් එකක මං ඉන්නේ මෙතන ඇවිල්ලා ඒක‍ට ඇමට් එක ගහන්ඩ හදලා වන කරන්ඩ එපා ''

'' අඩෝ උඹ උදේ පාන්දර බඩුවක් පැන්නුවද , අඩෝ තනියම කන්ඩ එපා බං මටත් දියං ''

'' ඔකනේ $%&***( කියන්නේ $$*&*^^ ලැස්ති වෙන්ඩ හදන්ඩ එපා ''

'' හරි බං $$@^* තමා මාත් ඉල්ලන්නේ ''

'' ‍බිලා පාඩුවේ ඉන්නවා නං විතරක් වරෙන් ''

කියලා ෆෝන් එක තියන්ඩත් කලින් පුකා ආවලු අර ගෙදෙට්ට , තමන්ගේ ගෙදර වාගේ සාලය මැද්දේ තියාගන අර බෝතලය කඩලා ෂොට් එකක් දෙකක් දාගත්තලු , ඒකී ගෙනාපු චීස් ටින් එකත් කඩාගන , අර කෙල්ලත් අනේ මල්ල ඇතුලෙන් සිකරට් පැකට් දෙකකුත් එලියට දාලා , ටීෂර්ට් එකක් අතට අරගන

'' සුදු මේ ටීෂර්ට් එක මේ මල්ලිට දෙන්නං ''

'' එපා එපා මූට මොකුත් දෙන්ඩ ඔය තුනම මට ඕන ''

'' පව් හලෝ දෙනවා ''

'' එපා එපා මට ඔන්නැ ''

'' නැ නැ ඔයා ගන්ඩකෝ මේක ''

'' මට ගෙනාපු එක තෝ ගන්ඩ එපා ''

'' හරි හරි උඹ ගෙනිච්චත් උඹලගේ ගෙදරින් මට ඕන වෙලාවට මම ඇදගන යන එකනේ උඹම ගෙනිහිල්ලා තියහන්කෝ''

කෙල්ලටත් ෂොට් දෙකක් දම්මාගන දක්කගාන ගියාලු කාමරයට අමුඩය , ඒ මනුස්සයගෙ රට ඉන්න කොට ඉදන් තිබ්බ ඇරිස් එහෙමත් පැයක් විතර කවර් කරලා , කෙල්ල එපා කියද්දි තව ෂොට් එකක් දාගන්ඩ කියලා ආවලු සාලෙට , පුකා ඉන්නවලු හොදට ගහල , බෝතලේ අඩිය පේන නොපෙනෙන ගානලු , ඉතුරුවෙලා තිබ්බ ටික එක ෂොට් එකට වීදුරුවට දාගත්ත අමුඩය , සිකරට් එකක් පත්තුකරගන .

'' කෙලියා නේද තෝ බෝතලයම ''

'' නැතුව මම ඉතින් තට්ට තනියම මෙතනට වෙලා මොනවා කරන්ඩද ''

'' අපරාදේ මම තොට සහෝදරකමට කතා කරේ , තනිබඩට නොබි''

'' අමුඩයෝ සහෝදරකමට මට අරකත් ටෝක් කරලා දියන්කෝ''

'' පිස්සුද %&^^*&^ ඒකී බඩුවක් නෙමෙයි , ෆීට් එකට මට ඔය දුන්නට , ඒකනං කරන්ඩ බෑ''

'' අඩෝ එහෙම කියන්ඩ එපා මම උඹට අරක දුන්නේ , ඇයි එතකොට අරක , එතකොට මම අර කළුකෑල්ල සෙට් කරලා අන්තිමට ඒකී මටත් පොල්ල තිබ්බේ , එත කොට හොදා , මට දෙන්ඩ තමා බැරි ''

'' පුකා උඹට තේරෙන්නේ නැද්ද ඒකී නිකං ලවට වාගේ මට සෙට් උනේ , ඔව්වට ටෝක් කරලා මටත් $$^&*(* නැතුවයයි . අනික බලපං අපිට බොතල්ද අරවද මෙව්වද ඔක්කොම අරගන ඇවිත් ඉන්නේ , ඉතින් එහෙම පෝලින් දාන්නේ කොහොමද ''

'' එහෙනං තෝ තනියම %&^$$%^& මම යනවා යන්ඩ ''

'' හරි හරි හිටහං ඔන්න ඒකී බෑ කියුවොත් කරන්ඩ දෙයක් නෑ ''

ඔන්න ඉතින් අමුඩයා ඇතුලට ගිහින් කෙල්ලට නොවදිනා වැදුම් වැන්දලු ,

'' පව් හලෝ ඌ කවදාවත් කෙල්ලෙක් එක්ක ගලේවෙලවත් ගිහිල්ලා නැ , මට මගේ සහෝදරයෙක් වාගේ ඔය පුකා , ඔන්න ඔහේ  ඌටත් දෙනවා''

'' සුදු ඔයා හිතාගන ඉන්නේ මම පාරේ ඉන්න වේසා ගෑනියෙක් කියලද , මම ඔයත් එක්ක මෙහෙම එන්නේ ඔයාට තියන ඇත්තම ආදරේ  හන්දා , මම දන්නවා ඔයා මාව කවදාවත් කසාද නොබදින බව , ඒ උනත් තමුසේ එක්ක මම බුදියෙන්නේ තමුසෙට කැමති හින්දා , එහෙම මාව එක එකාට දෙන්ඩ හදන උඹ මහ බල්ලෙක් , වල් බල්ලෙක් ''

අමුඩයා පැය බාගයක් විතර කියවලා කියවලා කෙල්ලව කැමැත්තයි අකමැත්තයි අතර තැනකට ගෙනත් නවත්තල , කාමරයෙන් එළියට ආවලු , ( කෙල්ලට තේරෙන්ඩ ඇති මොන සෙල්ලම දැම්මත් දැන් තමන් අහුවෙලා ඉවරයි කියලා )

'' ආං පලයං , අම්මා තාත්තවත් නොකරන උදව්වක් මම මේ උඹට කරේ''

'' ..උම්මා....මම දන්නව කවදාවත් උඹ මට නොදී තනි බඩට කන්නේ නැ කියලා , මම මෙව්වට උඹට කුතගුණ සලකන්නං කෝ''

කියලා අමුඩය ගියාව කාමරය ඇතුලට

'' අනේ මල්ලි ඔයා පොඩි කොල්ලෙක් , අපේ අක්කලගේ ළමයිනුත් ඔයා වගේ ''

'' අරු අලියා වගේ හිටියට අපි දෙන්නම එක වයසේ , මෙන්න මෙහේ එනව හලෝ මහ ගස් ඉරන්නෙත් බීම දාලා ''

කොහොම හරි පුකාගේ  වැඩෙත් ඉවර උනාට පස්සේ කෙල්ලව ගිහිල්ලා දාලා බාගයක් අරගන එන්නං කියලා , පුකාව එතන තියලා අමුඩය එලියට ආවලු , මහබාගේ හන්දියට කෙල්ලව ගෙනත් බයික් එකෙන් බස්සල , පුකා ඇහුවලු කෙල්ලගෙන්

'' කොහොමද අරු හොදයිද ''

'' මහ ගස් ඉරන්නෙත් බිම දාලා කියලා ලේනා පුවක් ගහේ යනවා වාගේ දැගලුවේ ''

එදායින් පස්සේ ආයේ කවදාවත් පුකා කතා කරාට ඒ මනුස්සයා ආවේ නෑලු , අමුඩයාට හතරපස් වතාවක් ඒ වෙනුවෙන් පුකාට කළගුණ සලකන්ඩ උනා කියලා තමයි රට්ටු කියන්නේ



2013-10-12

vehicle emissions inspection certificate මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද



මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන පරිසර ඇමතිතුමෙක් ගෙනාවනේ නීතියක් ආදායං බල පත්තරේ ගන්ඩ කලින් ගන්ඩ ඕන කියලා දුං පරීක්සන සහතිකයක් , ඒ රස්සාව කොරන කොම්පැණියකට මම දැක්කුවා මගේ දඩු මොනරේ ,

ගෙව්වා net fee කියලා එකක් රුපියල් 370.54 ක් , ඒකට එකතු කොරලා තිබ්බා , vat කියලා එකකුත් රුපියල් 44.46 ක් රුපියල්ම , ඔක්කොම 415 ක් slr ,

ඒ සල්ලි ටික ගෙව්වට පස්සේ දුන්න කොල කෑල්ලක් ඒකත් අරගන ගියා දුම සැරද බලන මැසින් තියන තැනට  . එතන ඒ ගැජට් හය හතක්ම තිබ්බා , සමහරක් කට්ටිය හරි කැමැත්තෙන් එක මැසිමකට තමන්ගේ වාහනේ දාන්ඩ පොරකනවා , එතන වැඩකරන කට්ටියගේ අදුරන වාහන දාන්නෙත් එතනට හන්දා ඒ මැසිමට සමූපකාර පෝලිම වාගේ පෝලිමක් , කලින් පාර වෙන මෙෂිමකට දාලා අලවෙලා , දෙවනි  පාර ගියහම එතන වැඩ කොරන උන්දල.

'' ආ ඕක මෙතනට ගන්ඩ ''

 කියල කතා කරලම ගන්නේ ඒ මැෂිමට හන්දා මමත් ඒ පෝළිමේ කොනටම ඇල්ලුවා.

ටිකකින් පොරක් ඇවිත්

'' ආ ඕක මෙතනට දාන්ඩකෝ කියලා ''

මගේ අතේ තිබ්බ කොලය අරගන බල්ලෙක්වත් වාහනේ දාලා නැතු ව තිබ්බ මෙෂින් එකක් ඉස්සරට මගේ දුප්පත් සයිකලේ මාත් එක්ක දක්කලා , වටේට කැරකිලා  මොන මොනවද අර කොලයේ ලකුනු කොරලා , බයික් එක ස්ටාට් කොරන්ඩ කියලා . බරබර ගාලා ඇඹරිලා යන්ඩ රේස්කරලා  , අර මෙෂින්පතය ලගට ගිහිල්ලා මොන මොනවදෝ මිරිකලා , ආයෙත් ඇවිත් කිසි හිරිකිතක් නැතුව සයිලන්සරේ අස්සට පත යකඩ පොල්ලක් බස්සලා , ආයෙත් සැරයක් බස්නාහිර පලාතටම ඇහෙන්ඩ රේස් කලා බයික් එක , ඊට පස්සේ උගේ ගෑණිගේ හොර මිනිහා දිහා බලාගන ඉන්නවා වාගේ ඔරවගන අර පරිඇටයේ තිරය දිහා ටිකක් වෙලා බලාගන ඉදලා . කට බඝමණියවාගේ කරගන පොලවට සමාන්තරව අත ඒ පැත්තට මේ පැත්තට හෙල්ලුවා , හරියට සල්ලි දීලා මම එතනට බයික් එක ගෙනිච්චට ඌ හෙන තරහයි වාගේ , එහෙට්ට මෙහෙට්ට අත හෙල්ලුවේ හරියට


'' අහක් කරපං ඔය කුණු ගොඩ ඔතනින් කියනවා වාගේ ''

බයික් එක ඉස්සරහට දාලා මම එනකොටත් අර පරි ඇටයට කොටනවා ඌ . එතනට කිට්ටු කරපු මං අහිංසක  විදිහට

'' මල්ලි පාස්ද ''

'' නැ...නැ .... පේල්.... පෙල් .. ගිහිල්ලා හදාගන එන්ඩ , අර කාමරේ ඉන්න මහත්තයට ගිහිල්ලා මේක දීලා එයාගෙන් විස්තරය අහගන්ඩ ''

රීංගුවා ඒ කාමරේට පොර ඉන්නවා නිකං ගවනර් වාගේ

'' 2011 නේද ''

'' ඔව් ''

'' බයික් එක අවුල් හදාගන එන්ඩ ''

පොර මට දික්කරා තව කොලයක් , ඒකේ තිබ්බේ මෙන්න මෙන්න මෙන්න මෙව්වා හදන්ඩ කියලා ,  ( ඒක දෙවනි පාර ගියහම ආයේ ගත්තා , නැත්තං බලාගන්ඩ පීන්තූරයක් දාන්ඩ තිබ්බා  )

මගේ කටට හොද හොද එව්වා ආවත් මොකවත් නොකියා බැස්සා එලියට , ඇයි යකෝ ලීටරේට  හැත්තෑවක් දුහන රත්තරං බයික් එක , වටේ තැලිලා මලකඩ කාලා විනාසවෙලා තිබ්බට ලෙඩක් නොදී දුහන බයික් එක , හෙන ගහන කතානේ මේව්වා , මම මටම කියාගන්න ගමං දිග ඇරලා බැලුවා බයික් එක ෆේල් කියලා දුන්න රිපෝට් එක













හත් දෙයියනේ

ලෝ අයිඩියල් රුපියල් 38.50ක පෙට්රල් අපතේ යනවලු

හයි අයිඩියල් 38.75ක් අපතේ යනවලු

මුන්ට පුකේ ඉදං පිස්සු , පෙට්රල් අන්තෙටම හිදිලා බයික් එක ඇල කරලා ෂෙඩ් එකට දුහලා දෙසීයක පෙට්රල් ගහලා , දෝණිව ස්කෝලෙටත් දාලා කිරිබත්ගොඩටත් ගිහිල්ලා , හවසට කොහේහරි වටයක් දෙකක් ගහලා මැෂිමක් දෙකක් හදාගන , ආයෙත් ගෙර ඇවිත් , පහුවදාට කෙල්ලව ඉස්කෝලෙටත් දාලා , එදත් කිරිබත්ගොඩ ගිහින් හවසට අහල පහල කොහෙටහරි ගිහින් ආයෙත් රාගමට ඇවිත් තමා පැට්රෝල් ගහන්නේ , ( අනිවා හැතතැවක් නං වැඩ කොරනවා ) ,

අනික මේ බයික් එක හදන්නේ මම මයි , එක පාරක් කෙයිල් එක පිච්චුනා  , ආයේ ඉතින් කාටවත් දුන්නැ  ගලවලා ඔතවගන ඇවිත් හයි කලා . ක්ලච් ප්ලෙට් මාරුකරා , ඔය මොකක් කලත් මම තමා තනියම කොරගන්නේ , ඔන්න එකපාරක් නං වෑල් රබර් ගිහිල්ලා  ජයසාන්තයගේ ගරාජ් එකේ ගැලෙව්වා , එදත් සාන්තයට කියලා ටයිමීන්ග් තියාගත්ත එක විතරයි , හයි කරෙත් ගැලෙව්වෙත් මම මයි.. එහෙව් ඇණයක් ඇනයක් ගානේ මම දන්න බයික් එක , මේ රිෆෝට් එක මටනං විස්වාස කොරන්ඩ බෑ , අර පරණ හන්දා වටේ සද්ද බද්ද තිබ්බට දුං පොඩ්ඩක් නැ ,

ආවා ගෙදර , ඇදලා ගත්තා බයික්‍ එකේ ෆයිල් එක  , පරණ දූං සහතික හතරක් පහක්ම තිබ්බා ඒකේ ,

පහුගිය අවුරුදු පහ  ඇතුලත මම බයික් එකේ කාබරේටරය සුද්ද කලේ දෙපාරයි , එයාක්ලීනරයේ ස්පොන්ජ්එක මාරු කලේ එක වතාවයි , වෑල් ටෑපට් සහ ටයිමින්ග් චේන් එජස්කලේ එක වතාවයි , දුම් පරික්ෂනයට ඉදිරිපත් කොරන්ඩ කියලා  එක වතාවක්වත් බයික් එකට අමුතු සැපක් දුන්නේ නැ , ගියා දැම්මා ගත්තා ආවා . ඔන්න එක වංගියක් නං ෆේල්වෙලා ගෙදර ඇවිත් පැයක් දෙකක් ඉදලා හුළං ඇණේ පොඩ්ඩක් කරකවලා හුළං ඇරගන ගිහිල්ලා දැම්මා වැඩේ ගොඩ .

මේ බලන්ඩ මේක මහ විකාරයක් , හරියට කරනවනං මේ වැඩේ හොද වැඩක් , පරිසරයට විස වායු එකතු වෙන එක පාලනය කරන එක කල යුතුම කාර්ය්‍යයක් , නමූත් මේ ග්‍රීන් ටෙස්ට් කතන්දරය හරියට කෙරෙන්නේ නෑ ,

මෙන්න බලන්න


2008 - 2009

rpm  1464 / 2435

co %  1.347 / 1.269









2009 - 2010


rpm 807 / 2606

co % 5.669 / 5.773






2010 - 2011

rpm  720 / 2271

co % 3.680  /  3.383







2011 - 2012

rpm  879 / 2573

co %   0.390  /  0.380














2012 -2013

rpm  949 / 2325

co %  1.896  /  5.069









බලන්න බයික් එකට මහලොකු සාත්තුවක් නොකර අවුරුදු පහක් තිස්සේ ටෙස්ට් එක පාස්වෙලා තියන විදිහ , 2010 දී   co % 3.680  /  3.383 වෙච්ච කාබන් විමෝචන අගය , 2011 දී කිසිම හේතුවක් නැතුව co %   0.390  /  0.380 දක්වා අඩුවෙලා , හරියට අළුත් බයික් එකක වගේ , හැබැයි එන්ජින් එකේ ආර් පී එම් අගයේ නං මහලොකු වෙනස්කමක් වෙලා නැ , හැබැයි ඊලග අවුරුද්දේ කාබන් විමෝචන අගය ඉහල ගිහිල්ලා co %  1.896  /  5.069 දක්වා , ඒත් එක්කම ආර් පී එම් එකත් වැඩි වෙලා ,

ඔන්න ඔය කාරනාව හින්දම තමයි මට හිතුනේ , බයික් එකට මොකවත් නොකර ආයෙත් පාරක් ටෙස්ට් එකට දාන්න , පැය දෙක තුනක් ගෙදරට වෙලා ඉදලා ආයෙත් ගියා , බයික් එක හැදුවයි කියලා දෙවනි ටෙස්ට් එකට දැම්මා , හැබැයි අර කලින් මෙෂින් එකට නෙමෙයි , අර වැඩිපුර කට්ටිය පෝලිමේ ඉන්න මෙෂින් එකට.

මිල්ක් ඩැඩීට ඩෝග් ජම්පින් කියලා මෙන්න යකෝ ටෙස්ට් එක පාස් , මට එක පාරටම සිහියට ආවේ අර ඇමතිතුමාගේ මව්ගූණ තමා ,








කලින් ෆේල් වෙච්ච පාර

rpm 710 - 2300
hc 776 - 869
co 6.270 - 6.132
lambda 1.151 - 1.163
o2 7.350 - 7.480
co2 5.900 - 5.900
fuel  westage % 25.84 - 26.00


දෙවනියට පාස්වෙච්ච පාර

rpm 804 - 2494
hc 1022 -982
co 4.253 - 5.587
lambda 1.377 - 1.267
o2 8.960 - 8.550
co2 5.960 - 5.260
fuel  westage % 23.27 - 27.02

‍මේ දුම් පරික්ෂන හරියට කෙරෙන්නේ නෑ ( වාර්තා වැරදියි )

ජරාව දිලා ටෙස්ට් එක කරලා සහතිකය අරගන තමයි ගොඩක් බරවාහන පාරේ දුහන්නේ

අපිවාගේ දියුනුවෙමින් පවතිනවායැයි කියන රටක මිනිස්සුන්ට අමාරුයි තමන්ගේ පරණ වාහන ඉක්මනට අහකට විසිකරලා අළුත් එව්වා ගන්න හරි , අමතර කොටස් වලට නිරපරාදේ මිළ මුදල් වියදං කරන්නත් අමාරුයි

දියුණු බටහිර රටකදීනං ඔය කෙලිය කොරතහැකි , මොකද උන් පරිසරය විනාස කරලා පෝසත් වෙලා ඉවරයි , දැන් උන් හදන්නේ අපි හරිතාගාර වායුන් පිට කරන එක පාලනය කරන්න , එතකොට කොහොමද අපි දියුණු වෙන්නේ. අපේ ලොකු ලොක්කෝ උන්ගේ ලණු කාලා අපිටත් කවනවා

''වාහන දුම් පරික්ෂණ සහතිකය කා සදහාද . කුමකටද'' 

2013-09-16

තාත්තෙක් මං



                                                           රූස්ස ගස් වලින් හැදිච්ච
තනි කැළැ මන්ඩියක
අවාරෙට වැටිච්ච
ඇටයකින් පැලවෙච්ච
පළ දරපු ගහෙත්
පරාග දුන්න ගහෙත්
හෙවන අතරින් පතර ලැබිලා
මහ රුස්ස ගස් අතරෙත්
කටු පදුරු අතරෙත්
ඉහට හෙවනක් නැති
තණකොළ පිට්ටනිවලත්
සරනක් නැතුවත්
අතරින් පතර සරණක් ලබමිනුත්
කොඩෑරිව හැදිච්ච
කනාටු ගහක් වෙච්ච
උඹලගේ තාත්තා

නොලැබිච්ච ආදරය
ගස්වැල් වලින්
සතා සිව්පාවගෙන්
යාළු මිත්තරයන්ගෙන්
හිත වැටුන කෙල්ලන්ගෙන්
උණ ගැනුන එකෙක්
වතුර හොයනවා වාගෙ හොයාපු
උඹලගේ තාත්තා


තැන් තැන් වල තැක් ගැහි ගැහි
නන්නත්තාරේ ඇවිදලා
අරමුනක් නැතුව
හැමතැනම කැරකිලා
අළුගුත්තේරුකං ඔක්කොම කරලා
වලගං පිටියට ඔන්න මෙන්න ඉදලා
යාන්තං හරි පාරක් හොය හොයා ඉන්නකොට
උඹලගේ අම්මව හමුවෙලා
උන්දැ පෙන්නපු පාරේ
ටික දුරක් ඇවිදලා යාන්තං ඔලුව උස්සපු
උඹලගේ තාත්තා

වේලිලා ඉදිරිලා වැටෙන්න
ඔන්න මෙන්න ඉන්නකොට
කඨෝර පරිසරයක හැදිච්ච
වැඩකට නැති ගහක්ට උනත්
හයියක් දෙන්න පුළුවන්
වැලක් වෙච්ච උඹලගේ අම්මා
මට ආදරය කලා
මාත් ආදරය කලා
ඒ ආදරයේ උපරිමය
අපි වින්දා උපරිමයෙන්
ඒ ආදරයේ ප්‍රථිපල දෙකක් විදිහට
උඹලව මගේ අතට
ගෙනත් දුන්නා
උඹලගේ අම්මා

යාන්තං කතා කරන වයසේ
නංගි නැති කාලේ
උඹේ වයසේ ළමයි ඇවිදිනකොට
එක දනිස්සක් විතරක් බීමට ඇන ඇණ
ලොක්කියේ උඹ ගේ හැම තැනම
හක්කලං කරා
අයියෝ මේකිගේ පංඩිත කතා විතරයි
තාම ඇවිද ගන්නවත් බැ
අම්මත් එක්ක ආඩපාලි කියපු
තාත්තා මං

එහෙම බැන බැනා
තාත්තා ඉන්නකොට
එකමත් එක දවසක
ගේ සන්තකයටම තියන
එකම කාමරයේ ඉදන්
මේ දුව දුහන්නේ කියමින්
දුහං ආවා මතකද
උඹටත් හපං බං
උඹේ පොඩි නංගියා
වයස දෙකකුත් නැතුව
උඹ බෙහෙත් නොබිව්වොත්
තාත්තට ගතු කියනු
බලාගන හිනැහෙන්නෙ
තරහ යන්නැද්ද බොට
හිතෙනවා ආදරෙට
චූටි ගුටියක් දෙන්න
තාත්තට නං

තාත්තගේ කිපෙන බව
අම්මගේ ඉවසීම
තාත්තගේ නාස්තිය
අම්මගේ ඉතුරුවයි
තාත්තගේ නොනැමීම
අම්මගේ නැමෙන බව
තාත්තගේ රළු වීම
අම්මගේ උණුවීම
සමපතයටම ගෙන

කවද හරි මතු දාක
ඉගනගන ලොකු අකුරු
ලොකු ගැහැණියන්වී
උපයපං මිළ මුදල්
පණනලට පමණක්ම

2013-09-02

නියපොතු පාට කල හන්දයි බේරෙන්නේ

ඉස්සර වගේ නෑනේ බං සෙට් වෙන්නේ
කතා කලත් හිමිහිට මාරුව යන්නේ
බ්ලොග් කටු අටවගන කෙලියේ අපිටමනේ
ඉස්සර එවුන් දැන් තොට මතකත් නැනේ

මතකද උඹට ඉස්සර අපි බිව්ව හැටි
ලොන්තය දාල බාගය අරගත්ත හැටි
බයිට් එකට ටිපි ටිප් අරගත්ත හැටි
බාගය නමාගන්නට ඇඹරිච්ච හැටි

එදා කියුව එව්වා මතකද උඹට
දුන්න පොර ටෝක් බොකු ගලවල දෙන්ට
අමතක කරල දැම්මේ  ඇයි මේ ලෙසට
දෙයියෝ වරෙන් අනිවා හවසට බොන්ට

හරි බං යකෝ හවසට අනිවා එනවා
උඹ හරි කැමති ගල් චුට්ටක් ගෙන එනවා
රෙස්ටුරන්ටු  අපි එනකං වේලෙනවා
ෆුඩ් සිටි එකෙන් බඩු අරගන මම එනවා

මිතුරා එක්ක චුට්ටක් අනුමත වෙන්ට‍
අරවා එකක් අරගන හැරුනා එන්ට 
බඩු ගොන්නකුත් පටවාගන ට්‍රෝලියකට
හැප්පුනේ ඇයිද අක්කේ උඹ මගේ ඇගට

සොරි සොරි කියල අක්කා දැන් ඇඹරෙන්නේ
ඒකට කමක් නැ කියලා මම එන්නේ
ලස්සන නංගියට බිල් එක ගෙවමින්නේ
අටමා හිමින් පුටු පුටුවට ලං වෙන්නේ

ස්කුටර් පොජ්ජේ ෂීටය උස්සමිනේ
අර අක්කියා දැන් අටමට හිනැහෙන්නේ
කවුන්ටරේ ලගදි නොවෑ මම දන්නේ
සල්ලි පර්ස් එක මට අමතක වෙන්නේ

බයිසිකලය පිටි පස්සේ වම් පැත්තේ
ගහලා තියන ඉස්ටිකරය දැකගත්තේ
කැඩුන මහන මෙෂිමක් නේ මට ඇත්තේ
හදාගන්න කියලා මට  හිත ඇත්තේ

දුරබණු ඇමතුමක් දෙන්නකෝ මට හේනං
වෙලාවක් නැතේ අයියෝ  දහවලනං
හවසට හයෙන් පසු නෝනට හැකි වේනං
ඕනම දාක අටමානං සූදානං

දහවල් වෙලාවක ඇවිදින් කරනවනං
ඕනම දාක මේ අක්කා සූදානං
පිරිමී කෙනෙක් රාත්‍රීයට හිටියානං
රෑකට උනත් කරන් තිබුනා එහෙනං

අගහරුවාද දවසට මට වැඩ නැත්තේ
අල්ල ගන්න කලින් දවසේ කිවයුත්තේ
ඇවිදින් බලමු අපි මොනවද වියයුත්තේ
අටසිය පණහක්ම රුපියල් දිය යුත්තේ


හා හා කියා අක්කා ආපසු යන්නේ
හිතට ආපු දේ මොකටද සගවන්නේ
අක්කගේ පස්ස ඒමේ අත ලෙල දෙන්නේ
අමුතු මිහිරකින් හදවත කිති කැවුනේ

හතලිහ පැනල අනිවා අක්කට ඇත්තේ
පොඩි කෙල්ලෙක්ගේ ශරීර හැඩරුව ඇත්තේ
කටහඩ නලව නලවා එළකිරි සත්තේ
මං ස්කුටරය ඇයි දෙයියෝ උන් නැත්තේ

සදුදා දිනක අක්කා මට අමතන්නේ
මතකද මලේ ෆුඩ් සිටියෙදි හමුවන්නේ 
විසිටිං කාඩ් එක මම ඉල්ලා ගන්නේ
මහන මෙෂිම ඇවිදිං මගේ හදපන්නේ

ඇයි අමතක මට නං හොද හැටි මතකයි
ඇමතුවේ ඔයා හරියට හරි යන දිනකයි
අලස සුවය සදහා වෙන්කල දිනකයි
දහය හමාරට එනව එනවාමයි

ඈ කිවු මග දිගේ ඇගේ නිවහන සොයලා
හමුවෙන එකාලගේ මග සලකුනු අහලා
ඇගේ තඩි ගේට්ටුවටත් මම පත බාලා
එක්කං ගියා මා ඇතුලට කැදවාලා

කැඩිලා බොහොම කාලයකුත් ගතවෙන්නේ
තැනකට අරන් යන්නට කෙනෙකුත් නැනේ
අපේ මහ තැනත් පිටරටකයි පසුවන්නේ
හැමදේ තනිව මට කරගන්නට බෑනේ


දරුවන් දෙන්නා පාසල වෙත ගොස් ඇත්තේ
තනිකම තමයි දහවල් කල මට ඇත්තේ
ඔහු එවු බඩුයි මේ ගෙයි හැම තැන ඇත්තේ
මට කිසි වැඩක් මෙව්වායෙන් නොම ඇත්තේ

ගෙයක් හදාගන්නටනේ මම යන්නේ
ඉන්පසු පිට රටට ආයේ නොම යන්නේ
එහෙම කියුව හන්දයි යන්නට දුන්නේ
වසර ගණන් නැ දැන් ගෙදරට එන්නේ

වැඩේ කරන්නට පැය දෙක ගතවෙන්නේ
අක්කා ඇගේ දුක් කරදර පවසන්නේ
මොකටද යකෝ මේ උන්දැ මේ එන්නේ
ඉවෙන් වගේ අටමට දැන් තේරෙන්නේ

මෙෂිම හදන තැන ඉස්සරහා පුටුවේ
ඇදගන කොට සාය දපලා ඒ  පුටුවේ
අටමා හොරෙන් බලනා බව ඈ දුටුවේ
තව තව පළල් කරනවා වාගෙයි දුටුවේ

එතනින් නැගිට මා අසලට පැමීනෙන්නේ
ටේබල් එකට දෑත් තබා නැමෙමින්නේ
කර ලොකු හැට්ටයේ අස්සේන් පනිමින්නේ
අක්කගේ කුක්කු දැන් අටමට හිනැහෙන්නේ

අටමා මහන විට මැසිමෙන් සාම්පල් 
නැමෙමින් කර උඩින් බලමින් සාම්පල්
ඇතිල්ලෙමින් ලාවට  දුන් සාම්පල්
දෙන්ඩත් හිතුන මට අක්කට සාම්පල්

කොහොමින් කොහොම හරි ඒ මැසිමත් හදලා
එන්නට මගට බැස්සා මම ගේ බලලා
ගෙඩි රුපියල්ම දාහක් මගේ අත තියලා
අයියෝ එපා ඉතුරුත් අක්කා කියලා

පැය දෙක තුනක් ගතවුන හැටි තේරුන්නැ
කවුරුන් හරි ඇතොත් මට තනිකමක් නැ
ඕලොක් එකක් තියනව මගේ මැහෙන් නැ
දවසක ඇවිත් හැදුවෝතින් දොසක් නැ

බලෙන් වගේ එකසිය පනහක් දිලා
ඕලොක් එකත් හදලා දෙන්නං කියලා
එහෙනං අක්කේ මම යනවා ඈ කියලා
ආවා අටං හනි හනිකට පදවාලා

අක්කා මොනව හිතුවාදෝ නැ දන්නේ
ලාවට ගදක් ඇගේ මුවෙනුත් ආවානේ
සංකර ගෑණු කොහොමත් නැ අල්ලන්නේ
නියපොතු පාට කල හන්දයි  බේරෙන්නේ 

2013-08-17

බාස්ලා.... හොරුද ......

මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද 

 ''මේ වෙලාවේ හිනා වෙන්ඩ මොනවාහරි ලියුවානං මිට වඩා හොදයි ''

කියලා හිතුන හන්දා ඇදි ඇදි තිබුනා , දිනපතා සිදු වෙන අන්දබජල් සීන් හන්දා ලියන්ඩම හිතෙනවා , මිනිස්සුත් එක්ක වැඩ කරන කොට හැමදාම හිත් රිදවීම් වෙනවාමයි , බොරු චෝදනාවන්ට ලක්වීම් , හිත් රිදවීම් සමහරුන්ටනං ගානක්වත් නැ , ඒ ඒ වෙලාවට මොන මොනවා හරි කියලා ෂේප් වෙලා එතනින්ම අමතක කරලා දානවා . ඒත් හිතට එකගව අවංකව වැඩ කරන කෙනෙකුටනං එහෙම බැ , දවස්ගානක් , සතියක් දෙකක් සමහරක් විට ජීවිත කාලයටම අමතක කරන්න බැ.

 සියල්ලන්ටම අවංක සාධාරණව කටයුතු කරන්න හැකි හැම විටම උත්සාහ කරන මිනිස්සු හැමදාම දුක්වෙමින් ජීවත් වෙනවා , එයාලට දරාගන්න බැ අනිත් අයගෙන් වෙන වෙනස්කම්. එයාල බලාපොරොත්තු වෙනවා අනිත් අයත් එහෙම කටයුතු කරයි කියලා ,

එහෙම නොවෙන කොට එයාල ඉක්මනින් කිපෙනවා , වරද කරන කෙනා විවේචනය කරනවා , ඒ අයට අභියෝග කරනවා , නිර්දය විදිහට අනිත් අයගේ වැරදි පෙන්නලා දෙනවා , ඉතින් හැමදාම අවංකයා අනිත් අයගේ දෝෂ දර්ශණයට ලක්වෙනවා ,  අනිත් මිනිස්සු එතකොට අර මිනිහම දකින්නේ

'' මහ මෝඩ යකෙක් ''
'' ඒ යකාට පිස්සුද කොහෙද ''
''හිතාගන ඉන්නේ අලි පොරක් කියලා ''
'' අනේ ගොං -කා ගහන්ඩ හිතෙනවා දෙකට කැඩෙන්ඩ ''
'' අනේ බොරු සිල් මෙයා ...ඔහොම පෙන්නන උන් තමා එපාම කරපු උන් ''

ඔය මොන මොන අපහාස අපහාසයන්ට ලක් උනත් ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ගමන නවත්තන්නේ නං නැ . හිතන විදිහ වෙනස් කරන්නේ නැ. සමහරක් විට අවස්ථානුකූල වෙයි . හැබැයි අවස්ථාවාදි වෙන්නේ නැ ,

එහෙම මිනිස්සුන්ට අනිත් උන් මොනවා හිතුවත් මොනවා කියුවත් මොනවා කෙරුවත් වැඩක් නැ . එයාල ඉන්නේ එයාල හරියි කියන මතයෙම තමයි , ආයේ ඉතින් ඒක කෝටී විසිපහක් දුන්නත් (දයාසරිට වාගේ) වෙනස් වෙන්නේ නැ. කවුරු එයාලගේ මතය පිලිගත්තත් නොගත්තත් එයාල එයාලට ඕන විදිහට එයාලගේ ගමන යනවා . එයින් ලැ‍බෙන ලාබය පාඩුව එයාලට වැඩක් නැ , තමන් හරියි කියලා හිතන මතයෙම තමයි ඉතින්.
ඔන්න ‍මේ ලගකදී දවසක මම හැමදාම වාගේ මෙෂින් හදන්න යන එක ෂොෆ් එකකට ( ඔය සෑම් කොලුවා , වැප් අයියා එහෙම දන්නවා පොට් එක ) ආවා දවල් වරුවේ පොරක් , ඒ මහත්තයාගේ ප්‍රීයම්බිකාවත් එක්ක මෙෂින් එකක් උස්සාගන හදාගන්න කියලා. ඒ වෙලාවේ හදලා දෙන්ඩමයි කියලා මැරෙන්ඩ  හැදුවත් ගත්ත වැඩ තිබ්බ හන්දා,


මෙෂින් එකේ තියන ලෙඩ ටික එහෙම අහගන , දාන්ඩ වෙන කෑලි ටික ගැන එහෙම දැනුවත් කොරලා , අයිතිකාරයාගේ විස්තර එහෙම ලියලා , මෙෂින් එකේ නම්බර් එකත් එක්ක ජාතිය . මොඩල් එකත් ලියලා රිසිට් එකකුත් නිකුත් කරලා දෙන්නව පිටත් කලා පහුවදාට එන්න කියලා ,

 පහුවදා තමයි පහුවදා .

පොර හාමිනෙත් එක්ක ඇවිත් රිසිට් එක ඉදිරිපත් කලාට පස්සේ මං කඩේ උඩ තට්ටුවට ගිහිල්ලා හදපු මෙෂින්තියන තැනින් ඇරන් ආපු උන්දලගේ මෙෂින් එක තිබ්බා මෙෂින් හදන මේසය උඩින්. 

                                     

''මේක අපේ මැසිම නෙමෙයි''

යකෝ රිසිට් දාලා සීරියල් නම්බර් ලියලා , ජොබ් නම්බර් එකක් දාලා , ඒ ජොබ් නම්බර් එක ලියාපු ‍ස්ටිකර් ටැග් පේස් ‍ප්ලේට් එකෙයි ටොප් කවර් එකෙයි , හැන්ඩ් විල් එකෙයි මෙෂින් එකේ බොඩි එකෙයි අලවලා , ඒ මදිවට කාඩ් බෝඩ් කෑල්ලක ජොබ් නම්බර් එක ලියලා තියන මැසිම එයාලගේ නෙමෙයිලු

අනේ ඉතින් අටමට ඒ වෙලාවේ ආපු සන්තෝසෙට ( ''මේක අපේ මැසිම නෙමෙයි'' ) කියාපු අර ඇන්ටිගේ කට හපාගන හපාගන යන්ඩ හිතුනා , හිතුනට එහෙම කරන එක හිරේ විලංගුවේ වැටිලා , අන්තිමට අපාගත වෙන වැඩක් හන්දා

.....ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්ඩද කියලා හිතලා.....

ඔහොම කේස් වලදී හැමදාම පාරිබෝගික ජනතාවගේ දෑස් පාදන්ඩ දාන සාර්ථකම තුරුංපුව ඇරදලා ඇරියා

'' මෙන්න මැඩම් අපි එදා රිසිට් එකේ ලියාපු ඔයාගේ මෙෂින් එකේ සීරියල් එක , ඔයා‍ට දුන්න රිසිට් එකයි , අපේ කාබන් කොපි එකයි . මෙෂින් නම්බර් එකයි හරියටම හරි ''

'' ඒවා මම දන්නැ මේ අපේ මෙෂින් එක නෙමෙයි , අපේ එක මෙච්චර පරණ එකක් නෙමෙයි''

'' එහෙම මාරු වෙන්නේ නැ මැඩම් මම මෙෂින් හදන්නේ ඕඩර් එකේ හැටියට , ඔයාගේ ජොබ් නම්බර් එක  6840 ඒ මෙෂින් එක හදන්න ගත්තහම ඒක ඉවර කරලා තමයි මම ඊලග එක මේසය උඩට ගන්නේ ඉතින් කොහොමවත් මාරු වෙන්න විදිහක් නැ''

එහෙම කියලා පිලිසරනක් බලා පොරොත්තුවෙන් ඒ මහත්තයා දිහා බලාපු අටමා හිනාවක් දැම්මා

'' මේ ඕයි තමුසේ හිතාගන ඉන්නේ මම බූරුවෙක් කියලද , තමුසේ දැනගන්නවා මම ආමී එකේ හිටපු කර්නල් කෙනෙක් , තමුසෙලා දාන සෙල්ලං අපි නොදන්නවා කියලද හිතාගන ඉන්නේ ''

'' අනේ බොස් මේ අහන්ඩ සිල්ලර කේස් වලට නිලතල ඇදලා එව්වා චාටර් කරන්ඩ එපා . හරි කියන්ඩකෝ ඔයාලා කොහොමද කියන්නේ මේක එයාලගේ මෙෂිම නෙමෙයි කියලා''




'' උඹ බජාර් ටෝක් දාන්නේ මං උඹ වාගේ රස්තියාදු කාරයෙක් කියලා හිතුවද , වැදගත් මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්ඩ ඉගන ගනින් , ගහනවා බලාගනින් උස්සලා පොලවේ ''

'' හරි හරි මහත්තයා සමාවෙන්ඩකෝ , ඇයි මහත්තයා කියන්නේ මේක නෝනගේ මෙෂිම නෙමෙයි කියලා''

( එහෙම කියුවට කොහෙද පොර මාව ගහන්නේ උස්සල පොලවේ , මෙෂිම උස්සං ආවෙත් මග රෙවි රෙවී)

'' අපේ ‍මැසිමේ ප්ලාස්ටික් කෑලි මෙහෙම කහගැහිලා තිබුන් නැ ඕයි''




'' ‍මෙහෙමයි මහත්තයා මුල් කාලේ තීන්ත ගාපු  බෙඩ් එකයි බොඩියයි ප්ලාස්ටික් කවර් ටිකයි ඔක්කොම රෝයල් අයිවරි කලර් එකෙන් පෙනුනට කාලයක් යනකොට ප්ලාස්ටික් කවර් ටික අවපාට ගැහෙනවා . මේකේ බැදිලා තිබ්බ කුණු තට්ටුව සුද්ද වෙච්ච හන්දා දැන් ඒක කැපිලා පේනවා''


'' මම තව විනාඩි දහයක් දෙන්නං මගේ මෙෂින් එකෙන් ගලවාගත්ත කෑලි ටික හයිකරලා දීපං නැත්තං බලාගනීන් මම උඹට කරන දේ''


'' මම එදාම දැනගත්තේ ඒයි මෙයාල හොරු කියලා , ඒකනේ අපිට ඒ වෙලාවේ හදලා දුන්නේ නැත්තේ , අපේ මෙෂින් එකේ කැලී වෙන කාගේ හරි එකකට හයි කරලා සල්ලී ගන්න ඇති''

''හරි නෝනා එන්න උඩ තට්ටුවට යන්න ඔයාගේ මෙෂින් එක ගෙනාවට පස්සේ ආපු එක මෙෂින් එකකවත් තවම ගෙනිහිල්ලා නැ , මෙන්න තියනවා රිසිට් කඩන පොත , ඔයාල වෙක් කරලා බලන්න , තව කලින් ආපු අරගන ගියේ නැති මෙෂින් දෙතුන් සීයක් තියනවා උඩ , බලලා කියන්නකෝ ඔයාගේ මෙෂින් එක මේක  කියලා , මේ මෙෂින්එකයි ඒ මෙෂින් එකයි දෙකම දෙනවා ඔයාට''

'' අපිට අනුන්ගේ  එව්වා වැඩක් නැ ඔයි''

'' හරි එන්ඩකෝ බලන්ඩ යන්ඩ''

'' අපිට ඔව්වායේ යන්ඩ ඔන්නැ ඔයි , අපි මෙෂින් එක ගෙනත් දුන්නේ මෙතනටනේ මෙතනට අරගන එනවා''

''මට ඔයාට තරම් පිස්සු නැ හැම එකම පල්ලෙහාට ගේන්ඩ , ඔන්නං එන්ඩ උඩට ගිහිල්ලා බලන්ඩ ''

කියලා උඩට නගිනකොට බෑ කියපු දෙන්නා මෙන්න එනවා මගේ පස්සෙන්

'' හරි පෙන්නංඩකෝ ඔයාලගේ මෙෂිම''



මම උස්සාගන ආපු උන්දලගේ මෙෂිම තව මෙෂින් දෙකක් ලගින් තිබ්බා

'' මෙන්න බලන්න මැඩම් ඔයාගේ තායිවානයේ හදපු 1288 එක පාටක් , බ්‍රසිලයේ  හදපු 974 එක එක පාටක් , ඉතාලියේ හදපු 237 එක එක පාටක් , ඒ තුනේම ප්ලාස්ටික් කෑලි එක එක පාටට හැරිලා ''

'' අනේ මේ බබබා හුකුන් දාන්න එපා ඔයි''

'' ඒයි මෙන්න තියනවා අපේ මැසිම''

අර නෝනා අවුරුදු හතරකට පහකට කලින් චීනයේ හදාපු 974n එකක් මිනිහට පෙන්නලා බෙරිහං දුන්නා''

''මැඩම් ඕක දැන් එන 974n එකක්නේ ඔය මෙසිම එන්නෙ හැමර්ටෝන් වයිට් , ඔයාගේ එක ගොඩක් පරනණ එකක් නේ ,ඒක ඇත්දල පාටයි ,ගෙදර ඇතිනේ ගන්න කොට දුන්න බීල් එක ඒකේ බලන්නකෝ තියන නම්බර් එක''

දෙන්නා එක්කම පටන් ගත්තා බච බච ගාන්න . කලින්ටත් වඩා සද්දෙන් , කතා කරලා තේරුම් කරන්න පුළුවන් මිනිස්සු නෙමෙයි , බැරිම තැන මම මෙහෙම කියුවා.

'' ඔයාලත් ‍එක්ක මේක කතා කරලා විසදාගන්න බැ වගේ , මේ රටේ නීතියක් කියලා එකක් තියනවනේ , යන්න පාරිබෝගික සේවා අදිකාරියට , උසාවියට   පොලිසියට ,    ඔයාලා වගේ මිනිස්සු එක්ක කතා කරන්න උන එකත් මගේ පව්කාරකමක් , මට මෙතන රංඩු වෙවි ඉන්න කාලයක් නැ , ඔයාලට පුළුවන් දෙයක් කරන්න''

''හරි අපි බලාගන්නං කෝ''

කියලා සාක්කුවෙන් ෆෝන් එක ඇදලා අරගන , උන්දලාගේ මැසිමෙයි , අර තමන්ගෙයි කියාපු අනුන්ගේ මැසිමෙයි ෆෝටෝ කෑලි ටිකක් අල්ලගන මගේ අතේ තිබිබ උන්දලට දුන්න ජොබ් කාඩ් එකත් උදුරගන පල්ලං බැහැලා ගියා මට පුප්ප පුප්පා.

ඊට හරියටම දවස් දහතුනකට පස්සේ එනවා අර මහත්තයා විතරක්

කතා බතා මොකුත් නැ රිසිට් එක දික්කලා . මම මෙෂිම ගෙනත් දුන්නා, කඩේ අයිතිකාර මහත්තයට සල්ලී දීලා ඉතුරු ගත්තා , පොර යන්න ගියා.

පලී//  මේ වාගේ සිද්ධි ගොඩක් මට වෙලා තියනවා , දැන් නිදි මතයි අනිත්වා පස්සේ දවසක කියන්නං