අපිට බ්ලොග් ලියන්න පුලුවන් , ඩෙක්ස්ටොප් එකකින් , ලැප් ටොප් එකකින් , ටැබ් එකකින් ෆොන් එකකින් උනත් , බ්ලොග් ලියන්න හොදම තැන තමයි බ්ලොගර් , මොකද එකක් සරලයි පහසුයි , අනික ගොඩක් සිංහල බ්ලොග් බ්ලොගර් උඩ හදාපුවා.
ඉස්සෙල්ලම මං කියන්නං මං කැමතියි බ්ලොග් ලියන්න ඕන කෙනෙක් තමන්ගේ පුද්ගලික ඊමේල් එක පාවිච්චි නොකර වෙන එකක් පාවිච්චි කරනවානං , එතකොට පුලුවන් පටලවාගන්නේ නැතුව යන්න ,

මේ බලන්න මං වෙබ් බ්‍වුසර් තුනක් පාවිච්චි කරනවා , එකක් පුද්ගලික ඊමේල් වලට , අනික මගේ බ්ලොග් වලට , අනික කවුරු හරි උදව් ඉල්ලපුවහම ඒක හදන්න හරි එයාගේ බ්ලොග් එකට ලොග් වෙන්න හරි. මෙතනදි මං හිතන්නේ හොදම දේ තමයි ගුගල් ක්රෝම් පාවිච්චි කරන එක බ්ලොග් එකට , ඔයාගේ දැනට පාවිච්චි කරන මේල් එක පාවිච්චි කරන්නේ ගුගල් ක්රෝම් බ්‍වුසරය උඩනං , ඔපෙරා බ්වුසරය හරි , ෆයර්ෆොක්ස් බ්වුසරය හරි ඩවුන්ලෝඩ් කරගන , ඕකට ඔයාගේ දැනට තියන මේල් එකෙන් ලොග් වෙන්න . ගූගල්ක්රෝම් එක නිදහස් කරගන්න බ්ලොග් එකේ වැඩ වලට.
දැන් ඉතින් ඉස්සෙල්ලම සිංහල ලියන්න ක්‍රමයක් තියෙන්න ඕනනේ , ඒකට මම පාවිච්චි කරන්නේ විජේසේකර යතුරු පුවරුව ,
හරියටම කියුවොත් මේ ක්‍රමය සිංහල ටයිප් රයිටරයෙන් ටයිප් කරනවා හා සමානයි , ටයිප් රයිටර් පාවිච්චි කරපු අයට නං මේක කජු කනවා වාගේ , අනික තව කාලයක් යනකොට කොලවල ලියන එක නැති වෙලා යාවි , එතකොට අපි සිංහල ලියන්න ඉංගිරිසි පාවිච්චි කලොත් සිංහල අකුරු නැත්තට නැති වෙලා යාවි , ඒ නිසා අපි පරිඝණක සහ ජංගම දුරකතන වාගේ මාධ්‍ය වලදි කෙලින්ම සිංහල අකුරු ලිවීම ප්‍රවර්ධනය කරන්න ඕන. පුරුදු උනහම ලියන්න හරි ලේසියි , අකුරු තියන තැං මතක තියාගන්න අමාරුනං , සිංහල අකුරු ලියාපු ස්ටිකර් කොළ කැලි ටිකක් කී බෝඩ් එකට අලව ගත්ත හැකි , නැත්නං සිංහල අකුරු තියන කීබෝඩ් එකක් සල්ලි දීලා ගත්තහැකි. මෙතන තියන අනිත වාසිය තමයි කෙලින්ම බ්ලොග් එක උඩට ටයිප් කරන්න පුලුවනං කම , කොපි පේස්ට් කරන්න ඕන නැ. ඇලපිලි පාපිලි හොයන්න කරදරයක් නැ , සිංග්ලිෂ් කන්වර්ටර් වලදි වගේ ඒක අකුරකට කී හත අටක් ඔබන්න ඕනත් නැ , මට හිතෙන්නේ මේක තමයි හොදම ක්‍රමය.
තව ගොඩ දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි ucsc කියන මෙන්න මේක ,

මෙතනදි ඉතින් සිංග්ලිෂ් වලින් කියන එක පල්ලෙහා කොටුවේ සිංහලෙන් වැටෙන එක වෙන්නේ , සිංග්ලිස් වලින් ලියන්ඩ බැරි කම සහ සමහරක් අකුරු හොයන්න අමාරුකම හන්දා මට මේක හරි ගියේ නැ , අනික මේක ඔන් ලයින් ඇරෙන්න පාවිච්චි කරන්න බැ.
තවත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි ගුගල් ඉන්පුට් ටූල් එක , ටිකක් විතර ucsc එක වාගේ . මට හිතෙන්නේ ඒකට වඩා හොදයි කියල

මේක ඔන් ලයින් පාවිච්චි කරන්න සහ , ඩවුන් ලෝඩ් කරල කෙලින්ම පාවිච්චි කරන්නත් පුලුවන්. මට ටිකක් විතර අල්ලලා ගියා මේක මුල් කාලේ කමෙන්ට් කරන්න , විජේසේකරය හුරු උනහම අත ඇරලා දැම්මා.

බාගන පාවිච්චි කරනවානං මෙතනින් ගන්න.


තව ගොඩක් සිංහල ටයිප් කරන්න ක්‍රම තියනවා , ඒත් මම හිතන්නේ මේ හතර තමයි සාර්ථකම ක්‍රම හතර , ඔයාලට ගැලපෙන ක්‍රමය තෝරාගන්න . තව දුරටත් එක එක වෙනස් ටූල් සහ උපදෙස් තියනවා මාතලන්ගේ මෙන්න මේ පෝස්ට් එකේ ඒක කියවලා බලන්න .

එතකොට එනවා මෙන්න මේක

මේල් එකේ නමත් බ්ලොග් එකට දාන නමම වෙන එක හොදයි , ඒ නමම දීලා ඔය තියන විදිහට අනිත් ටිකත් පුරවන්න , ෆෝන් නම්බර් එක දාන්න තියන තැනට කවදාවත් අත්නොහරින නම්බර් එකක් දෙන්න , මොකද දැං දුරකථන සමාගං අතහරින නොම්බර වෙන අයට දෙනවා. මේල් එකේ සිකුරිටි වෙරිෆිකේෂන් ෆොන් එකට එන හන්දා කවදාවත් මේ නොම්මරය අත අරින්න බැ.
දැන් නෙක්ස්ට් සෙටප් ඔබන්න ,

දැන් ඔන්න ඔයාගේ ෆොන් එකට කෝඩ් එකක් එවනවා

දැන් ඒ මෙතනට දෙන්න
දැන් එන එකින් එක පිටු නෙක්ස්ට් කරගන එන්න , ඒ ගමං මගදී තව සිකුරිටි වැඩි කරගන්ඩ එහෙම ඕනනං ඒවත් හදාගන මෙතනට එන්න , දෑං මේල් එක හැදිලා ඉවරයි.

දැං උඩ දකුනු පැත්තේ තියන පොඩි කොටු ටික ඔබලා එන කොටුවේ more කියන එක ක්ලික් කරල බ්ලොගර් අයිකන් එක මතු කරගන ඒකත් ක්ලික් කරන්න

දැං ඔන්න ඔයාට බ්ලොග් එකක් හදන්ඩයි යන්නේ
මෙම ලිපියේ දෙවැනි කොටස මෙතැනින් කියවන්න
මාතලන් ලියාපු ලිපිය මෙතැනින් කියවන්න
ප; ලි
වරදක් හරි තව එකතු කරන්න ඕන දෙයක් හරි දැක්කොත් ලියල එවන්න , අපි ඒක පොස්ට් එකට එකතු කරමු
මේ හා බැදුන වෙනත් ලිපි
බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්
බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද
සිංහල අකුරු ලියන්නේ කොහොමද
තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද
ටෙම්පලේට් සැකසීම
අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම
බ්ලොග් සෙටින්ග්
බ්ලොග් ගැජට්
බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්
blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම
පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි
පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි
බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි
බ්ලොග් ෆලෝකරන හැටි
කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි
පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි
පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද
ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි
ලේබල් ගැජට් එකතු කරන හැටි
පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි
කමෙන්ට් පලවන ආකාරය සැකසීම
කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම
බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර
















































