‘‘සේන බැංකුවට ගිහින් එනවද තුනට කලින් ‘‘
කියුව ගමන් ලෑස්ති වෙලා එනවා ගමන යන්ඩ , අර තරහ ගිය එක මතක නැ .... ඕන සබාවක් මැද්දේ බීඩියක් ගහගන තමයි ඉන්නේ .... අවුරුදු විස්සකට විසිපහකට ඉස්සර දුම්බීමට තහනමක් නැති කාලේ බැංකු යන්නෙත් බීඩියක් ගහගනලු. ඔය කොහෙන් හරි රට සිකරට් පැකට් එකක් හම්බෙලා අතේ තියන වෙලාවට ... මං එයින් දෙකක් තුනක් දෙනවා පොරට .... ගන්නෙම නැ පෙරැත්ත කරලා කරලා බලෙන් ඇගේ ගැහුවම.
‘‘ ආ නැව් සිකරට් ..... යාලුවෙක් රට ඉදං ආවද ‘‘
‘‘ ඔව් පැකට් එකක් හම්බුනා ‘‘
‘‘ තුනක් එපා එකක් ඇති ‘‘
‘‘ ඇයි.. ඒ ... මේ තුනම ගන්ඩ ‘‘
‘‘ බීඩි වාගේ නෙමෙයි ... මෙහේ තියන සිකරට් වලටත් සැරයි ඔව්වා ... මට අල්ලන්නේ අරවා තමා ‘‘
කියලා සිකරට් එකක් පත්තු කරං අනික් දෙක සාක්කුවට දාගන ... සිකරට් එකේ පිල්ටරෙනුත් බාගයක් අදිනවා ..... ඒත් කවදාවත් සිකරට් බාගයක් නං දුන්නට ගන්නේ නැ .... අරක්කුත් අරහං...
ඔන්න ඉතින් දවසක් මං එහේ ගියහම අර හිතවතා කියනවා .... අන්න අර යකා බෙහෙත් ගන්ඩ යන්ඩ එන්නේ නැ දවස් ගානකු උණ හැදිලා ... නැගිට ගන්ඩ බැරුව පැදුරට වැටිලා ඉන්නවා ටිකක් බලහං කියලා , මං ගිහින් පොරගේ කාමරයට එබෙන කොට පොර පොලිතින් කොල දාල වෙනිවැල් ගැට පත්පාඩගං තම්බනවා .... කොහොම හුස්ම ගන්නවද මන්දා කාබරේ ඇතුලේ .... ඇගෙයි ..හිතෙයි හයියෙන් අල්ලං ඉන්නවා මිසක් .... පොරට හෙන අමාරුයි කියලා පේනවා.
‘‘ මොකද සේන මාමේ සනීප නැ කියන්නේ ‘‘
‘‘ ඔ..ව් .... උණ ..න ගැනීලා ....දවස් දෙකතූ... නක් ‘‘
දැං පොර වෙව්ලන ගතිය මග ඇරගන්ඩ ට්‍රයි කරන ගමං උත්තර බදිනවා
‘‘ ඉතින් බෙහෙත් ගන්ඩ යන්ඩ එන්නෑ කියන්නේ ... ඇයි චූටි මහත්තයට බැනලා පන්න ගත්තා කියන්නේ‘‘
‘‘ කසාය ...වේ..ල්..ල් ..දෙක ...තුන..ක්... බිව්වහම හරි .... දොස්තර බෙහෙත් ඕනෑ...න්නේ ...නැ ...‘‘
‘‘ දැං මහ නරක උණ තියනවා ...වෙනිවැල් ගැට බීලා හරියන්නෙ නැ ‘‘
‘‘ එහෙම ලොකු ලෙඩක් නෙමෙයි ‘‘
‘‘ එහෙනං ‘‘
‘‘ විසප්පුවක් ‘‘
‘‘ කොහෙද ‘‘
‘‘ හික් හැක් හැක් හැක් ‘‘
ඔන්න දැං පොරට උරුම වෙච්ච උමතු හිනාව දානවා
‘‘ කොහෙද පස්ස පැත්තෙද ‘‘
‘‘ ම්...හූ ‘‘
‘‘ ආ ඉකිලියෙද ... ඉතින් ඒකට ඔච්චර අමාරු වෙනවද ‘‘
‘‘ ඒක තාම මෝරලා නැ .... ඔය සැර පිට කරන්ඩයි ... ඇග පෙරලන්නේ .... ඇගේ තියන විස තල්ලු කරලා අරං ඇවිත් පිට දාන්ඩනේ ඔව්වා හැදෙන්නේ .... තාම මුවවිට මෝදු වෙලා නැ ...දවසකින් දෙකකින් හරියයි .... මම හැට්ට කට්ටකිනුත් කැඩුවා .... ඒත් තාම ගෙඩිය මෝරලා නැ ‘‘
‘‘...හෑ ......හැට්ට කට්ටෙන් කැඩුවා කෝ බලමු බලමු ‘‘
පොරට කනිපින්දං ගහලා .... අඩලා ....ආයෙම තර්ජනය කරලා .... පෙන්වන්ඩ කියනවා පොර නෙමෙයි පෙන්වන්නේ ..... පස්සේ මගෙන් බේරෙන්ඩම බැරිතැන ලිප ලග ඇණ තියාගන හිටපු පොර කැහපට ගහපු සරම උස්සලා මට බලාගන්ඩ තියලා වල්ල උගේ නෙමෙයි වාගේ නිකං හිටියා.
හත් දෙයියනේ ඇටවල්ල කොට වැටකොලු කරලක් වාගේ සරමත් බේරගන බිම ගෑවෙනවා ... සර්පයත් හොද සයිස් ..... සර්පයා වාගේ තුන් ගුණයක් දිගට ඇට වල්ල බිම ගෑවෙනවා .... බය හිතෙන තරම් මහතට .... හැටි නිකං මස් කඩේ එල්ලා තියන හරක් පෙන හල්ලෙන් එක පැත්තක් වාගේ.
‘‘ කෝ කොතනද හැට්ට කට්ටෙන් හෑරුවේ ‘‘
ඔන්න ඉතින් පොර වෙන කාගේදෝ එකක් වාගේ උස්සලා අනිත් පැත්ත කරකවලා පෙන්නුවා.... සත විසිපහක් සයිස් තුවාලයක් ... සැහෙන දවසක් තිබුන පාටයි ...සැරවත් ගලනවා ...
‘‘ මේ පිස්සු කෙලින්නේ නැතුව ඇදුම් දාගන ලෑස්ති වෙලා එන්ඩ ... මැරෙයි මනුස්සයෝ ‘‘
කියලා ... ඇවිත් හිතවතා එක්ක විස්තරේ කියල මූ එනකං බලාගන ඉන්නවා .... එන පාටක් නැ .... ආයෙත් ගිහිං කතා කලහම ... මහ හයියෙන් හිනා වෙනවා .... හොදින් කතා කරලා කරලා එන පාටක් නැ .... පස්සේ තව අපේ හිතවතාගේ නෑදෑයෝ වෙන නහයට අහන්නේ නැති ...හැඩිදැඩි මලයෙකුටත් කතා කරලා ගෙන්නගෙන .... ඌ ලව්වත් කොච්චර කියෙව්වත් එන්නෙම නැ ..... පස්සේ ඉතින් ... ඉක්මනට වෙන ඇදුමක් දාගත්තේ .... ලෑස්ති වෙලා ..ඇවිත් වාහනයට නැග්ගේ නැත්තං .... ඇග රිදෙන ජාතියෙන් දීලා ..අතපය හතර බැදලා උස්සලා පටවං යන බවට අවසාන නිවේදන චණ්ඩි මලයා විසින් නිකුත් කරනු ලැබුවා..... සේන මාමා අහක බලාගන ඒකටත් හිනා උනා.
අපි තුන්දෙනා ආයෙත් එතනින් අහකට ගිහින් දහ අතේ කල්පනා කරනවා මේකව බෙහෙත් ගන්ඩ ගෙනියන විදිහක්... අර විදිහට අඩංතේට්ං කරලා ඇදගන යනවා කියුවට කවදාවත් අරුන් දෙන්නා එහෙම කරන්නේ නැ ඔය මනුස්සයට.... පොඩි කාලේ හිටං බලාගත්ත මනුස්සයනේ ... උන් දෙන්නව ඉස්කෝලේ හිටං.... ගෙනිහින් තියෙන්නේ සේන මාමා..... අනික වයසට ගියාට හයිය හත්තිය තියන මනුස්සයා .... අපි තුන්දෙනාම එක්ක උනත් තුන්මුල්ල පාගන්ඩ පුලුවන් යෝදයා...... පස්සේ ඉතින් වෙන කරදරයක් නොකර උස්සං ඇවිත් වාහනයට පටවමු කියලා ... ආයෙත් කාබරේට එබෙනකොට .... වෙන ඇදුමක් නං ..දාගන ...මුල්ලකට ගුලිවෙලා එක දිගට හිනා වෙනවා ..... කොහොමින් කොහොමහරි වැඩි කරදරයක් නැතුව පටවගත්තා කියමුකෝ වාහනයට.
‘‘ කොහාටද දැං ගෙනියන්නේ ‘‘
‘‘ ඉස්පිරිතාලේ නං ගියොත් නවත්ත ගන්නවා .... අනික මෙයා ඉන්නෙත් නැ පැනලා එයි ... ප්‍රයිවට් පෙන්නලා බලමු ‘‘
කියලා ඔන්න ඉතින් සල්ලි ගෙවන ඉස්පිරිතාලෙකට ගියා කියමුකෝ .... එතන ලෙඩ්ඩු බාරගන්න තැන හිටියේ දොස්තර නෝනා කෙනෙක් ... ලෙඩේට කලින් ලෙඩාගේ ගේ විස්තර ....ලෙඩාගේ ගතිසොබාව එහෙම ඒ නෝනට විස්තර කලහම එයා ... හොදින් තේරුම් ගත්තා සීන් එක.
ඊලගට තුවාලේ බලන්ඩ ගියහම හෙන වලිය මේකා පෙන්වන්නෙම නැ ... වදෙන් පොරෙන් ඇදේ බුදිකරලා සරම කැඩුවහම .... හෙන රෙදිකෑලි පොට්ටනියක් බිජ්ජ වටේ ඔතාගන .... දොස්තර නෝනටත් හිනා .... ඒ මදිවට කවදාවත් ස්තිරිපරානයක් ඇගේ ගෑවිලා නැති සේන මාමා ඇද මත්තේ ඇඹරෙනවා... අත්තෙම ඇට හැලිලා වේලිච්ච හවරිනුග කරල වාගේ.
පස්සේ ඉතින් තුවලේ සුද්ද කරලා බෙහෙත් දාල .... ඉන්ජෙක්ෂන් එහෙම ගහලා ... ආයෙත් බෙහෙත් දාන්ඩ අනිද්දට එන්ඩ කියලා ... දොස්තර නෝනා කියුවහම.....අපි කියුවා මෙයාව ගේන්ඩ අමාරුබවත් ... තුවාලෙට දාන බෙහෙත් ගෙදරදි දාගන්ඩ දුන්නොත් පහසුවක් බවත්.
පස්සේ ඉතින් එතුමිය බොහොම අකමැත්තෙන් .. අපේ ඉල්ලිමට කන්දීලා .... බොන බෙහෙත් එක්ක පාමසියෙන් ගන්ඩ තුවාල බෙහෙතුත් ලියලා දීලා. නාල කරලා පිරිසිදුව ඉන්ඩ.... කියලා සේන මාමට කියලා... තව ඔය තුවාලේ සුද්දකරලා බෙහෙත් දාගන්න හැටිත් කාරුනිකව කියලා දීලා.
ඒ තුවාලය විසප්පුවක් නොවන බවත් .... ඉදිමිලා තියෙන්නේ වෙන රෝගයක් නිසා බවත් .... ඒක හොද කරන්ඩ නං ඔපරේෂන් කරන්ඩ ඕන බවත් කියුවා. තුවාලය හොදින් සුව උනාට පස්සේ .... ඇවිත් එයාලගේ ලොකු දොස්තර මහත්තයව චැනල් කරලා ..පෙන්වලා ... එයාගෙන් දිනයක් දාගන නවතින්ඩ ඕන බවත් කියුවා.
පස්සේ ඉතින් ආපිට අපි එනගමං
‘‘ සේන මාමේ දැං ඉතින් ගෙදර ගියහම අර නෝනා කියුවා වාගේ හොදට පිරිසිදුවට නාල කරලා .... ඉන්ඩ ඕන ඈ.. බෙහෙත් හරියට වෙලාවට බොන්ඩ ඕන ... තුවාලෙට දාන්ඩ දුන්න බෙහෙත් ඇර වෙන මොකවත් දාන්නේ එහෙම නැ... රෙදි පොට්ටනි බදින්ඩත් එපා... මතකනේ කියුවා ඕක විසප්පුවක් නෙමෙයි.... හැට්ට කටුවලින් හිල් කරන්නේ එහෙම නැ ‘‘
‘‘ නෑ නැ... මම නෙමෙයි ආයේ මේකට අත තියන්නේ .... දැං ඉතින් ඒ නෝනට මේක බාර දීලනේ තියෙන්නේ ‘‘
පස්සේ ඉතින් සතියක් දෙකක් ගිහින් උණත් බැහැලා තුවාලෙත් හොදවෙලා සේන මාමා ආයෙත් බෙහෙත් ගන්ඩ යන පාටක් නැලු ..... පස්සේ අපේ හිතවතාගේ තාත්ත කියුවලු සේන මාමට
‘‘ ඇ සේන ... ළමයි එක්ක ගිහින් ඔය ඔප්රේසන් එක කරගත්තානං නේද හොද ‘‘
‘‘ මට බැ බොට ඕන නං ගිහිං කපාගං බොගේ වල්ල ‘‘

