2015-12-25

මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල



මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන  , පස්සේ ඉතින් අපි ගිය වාහන කට්ටත් පාරේ මීටර් සීයක් විතර ඉස්සරහට ගිහින් නවත්තල ගොඩ උනා මලගෙදරට , මැරිච්ච අම්මගේ දරුවෝ ලොකු ලොකු තානාන්තර කාරයෝ හින්දද මන්දා ලස්සන නෝනල ගෑණු දැරිවියෝ එහෙම වාහන ඔලින් බැහැල ඇවිත් මෘතදේහයට ගෛෟරව කොරන්ඩ නොගිහින් වට පිටේ ගූ ඇහදාගන බලනව තමන්ගේ යාළු මිත්තරය ඉන්නවද කියල පේන්ඩ . ගු කතාවක් කියුවට නරකක් හිතන්ඩ එපා මං ඒ කියුවේ ඒක හෙන වැදගත් බැල්මක් , බෙල්ල විතරක් ලාවට හරවල වැරදිලාවත් කද චුට්ටක්වත් හරවන්නේ නැතුව ඇගිලි තුඩුවලින් ලාවට ඉස්සිලා බලන කොට අර රෝම කුපයක්වත් නැති ඇත්දල පාට බත්කෙන්ඩවල මස්ගොබ පිරිල තදවෙලා ඉලිප්පෙනව බලාගන ඉන්ඩ දුකයි හිත හෝස් ගාල යනව ...ඇයි යකෝ මේ සීදේවිලට මෙහෙම දුක් දෙන්නේ ....දුරු කතර ගෙවාගනනේ ඇවිත් ඉන්නේ , දන්න කියන මිනිස්සු එනවද නැද්ද බලාගන මේ මලගෙවල් අයිති කාරයන්ට ඉන්ඩ බෑද මං අහන්නේ.

ඔහොම ඉන්නකොට අදාල යාළු පුග්ගලය හරි පුග්ගුලිය හරි එනවා ඉතින් හලෝ මචං හරි හායි අනි කියාගන හරි තව වෙන මොන මංගල්ලයක් හරි කියාගන , ඔන්න ඉතින් අර ලලනාවොත්  සිම්පනිද මොකක්ද මන්දා එකක් කියනව , ඊට පස්සේ ඉතින් අසුන් පනවල නෙස්කැපේ පොව්වනව , එව්වා බොන්නැත්තං කුල් ඩ්රික්ස් දෙනව මේ දෙගොඩ හරි ජාමෙත් ,

අපේ මිත්තර අයියත් ඔන්න ඉතින් ආවා , අපි උන්දැගේ අම්මගේ මිනියට වැදල එහෙම ආවට පස්සේ , ඔන්න ඉතින් ඒකාගේ ගමටම ඇහෙන වේසා කට ඇරල අපිට පස් පඩව්වේ බයිනව කොරනවා පිට උන් වගේ රැ දෙගොඩ හරි යාමේ එන්නේ හවස් අතේම ආවානං හෙනද කියල ,

 මචං අඩෝ පඩෝ උඹ බං බොලං බාසාවෙං අපිව අමතනකොට ..., අහල පහල ඉන්න උන් බලනව අවුරුදු පනහක් හැටක් වෙච්ච එකා එක පාරට බාල වෙලාද  , එහෙමත් නැත්තං අපි බට් කරලද කියල.

ඒ අවු අස්සේ එනව ඒකගේ මට වඩා අවුරුදු දෙකක් විතර බාල ලොකු කෙල්ල

‘‘ ආ අංකල් ගන්න ‘‘

ඒකිගේ රෙද්දෙ නෙස්කැපේ , ඇයි යකෝ ගගහ ආපු බෝතලෙත් තාම ඉතුරුයි , මේක ගහල තියන වෙරියත් බස්ස ගන්ඩද , ඒ කොටෙත් ගහල , අනිත් බෝතලෙත් ඉවර කරල නේද වෙන කන බොන දෙයක් ගැන හිතන්ඩ ඕන , මේ නාකි යක්කුන්ව ආසරේ කරන්ඩ නරකයි , නිකං නිස්කාරනේ අංකල්ල වෙනව ,

2015-11-16

දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ


.....මේක වෙන්ඩැති කාමරේ ....

..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ......

...හරි ..හරි මේක ...තමා ....කොච්චරවෙලා ඉන්ඩ වෙයිද මන්දා .....එපා වෙන්නේ   මේ වාත සිස්ටම් එක තමා ලංකාවේ ....හරියටම වෙලාවක් පේෂන්ට දීලා ඒ වෙලාවට ගෙන්න ගත්තනං  ඉවරනේ ...අපරාදේ මගේ කාලේ .....අදත් නිවිහැනහිල්ලේ අඩියක් ගහන්ඩ වෙන්නැ .............එහෙමටත් අවුලක් නැ වගේ .....මේ ඉන්නේ මිනිස්සු හතරපස්දෙනයිනේ ..... ආ අරතියෙන්නේ තාම යන්නේ නොම්බර පහ ......ඒකවත් හරියට පේන්නේ නැති හැටියක් ....මේ පාරත්   කන්නාඩිය දෙපාරක් මාරු කරලත් හරිගියේ නැනේ .....පරන කන්නාඩියනං ..කැඩුන උනත් හොදට වැඩ .....කන්නාඩියේ අවුලම තමා මොකැ මං වයසට ගිහිල්ලා යැ ....මෙහෙං අරං හරියන්නේ නැ .............ලබන පාර ටුවර් එකේදි මොන වැඩක් පස්සට දාල හරි එහෙන්ම කන්නාඩිය හදං එනවා....

.......කෝ නොම්මර හයත් වැටුනා ඇතුලේ හිටිය සමයමත් එලියට ආවා .....ඒක නං හොදටම අප්සට් කේස් එකක් ....ඒකනේ දත් තිස්දෙකම පෙන්නල මා එක්ක හිනා උනේ ...කෝ ...නම්බර් සික්ස් .......සෙවන් .....එයිට් .....සීඊඊඉ  ...නමයත් වැටුනා ...යාන්තං ඇති නමයනං ඉන්නව ............මං දහයනේ   ඉක්මනට ගියහැකි ..............චැනල් කරලත් නෑවිත් ඉන්නේ මොකද මන්දා .......බාගදා ඊ වැනල් කරල නෑවිත් ඉන්නව ඇති .............එක්කෝ මං වගේ ඩයිවර්වත් නැතුව හොරාට එන්ඩ හිටපු ඈයෝ වෙන්ඩැති , බාගදා ගෙදරිං බලෙන් එක්ක එන්ඩ ඉදලා ...කැලේ පැනලද කවුද දන්නේ .....හේහ් හෙහ්

..............අන්න දහය වැටුනා .........මං දැං ඇතුලට ගිහිං මොනවද කියන්නේ .......ඩොකාම කතාව පටං ගත්තොත් හොදා ..... කොහෙන්ද කොතනින්ද මං මේක පටං ගන්නේ .........

....කරාස් ........දික්....

...දොරවත් හරියට මේන්ටෙන් කරල නැ  ආංඩුවේ  ඉස්පිරිතාලයක් වගේ ..............යකෝ          මේකගේ කිසි හිනාවක් නැනේ .....දෙකට බෙදල පැත්තට පීරල ....ගොලු සමයං ඩයල් එකක් .... අම්මට සිරි ඇදගන ඉන්න සපත්තු දෙක යුරෝප්  දෙකක් උනාට මේස් නං සිකුරාද පොලෙන්ද කොහෙද අරං තියෙන්නේ ...හයියෝ.......මේසෙං ඉස්සරහට කකුල්  දික්කරහම පුටුවේ ඉදගන්න එකා කකුල් මේසේ උඩින්ද දන්නැ ....තියන්නේ ........කෝකටත් පුරුදු හිනාව දාල බලනව ....

2015-11-05

මුදුනා වෙන්ඩ ගියේ


‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘

‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘

‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත් ‘‘

‘‘ ඇයි එදා ඔයා අල්විස්ට දුන්නා නේද ‘‘

‘‘ නැ මනුස්සයෝ ....ඒක ආයේ ගෙනත් දුන්නනේ ..පීස් එකත් නැ කවරෙත් නැ ‘‘
‘‘ මට ඇරං කන්ඩයැ ඔය වෙරි මර ගාතේ දාපු තැනක ඇති ‘‘

‘‘ ලොක්කෝ උඔ ගත්තද ‘‘


‘‘ අනේ මං නං ගත්තේ නැ ‘‘

‘‘ මු තමා දත්තේ ....කලන්ත් කම්බියට දල් මාත්තු දාන්ද ‘‘

‘‘ අනේ මේ ..මං ගත්තේ නැ ..තාත්තේ ‘‘

‘‘ නැත්තෙ මොකද , මං දැක්කා තාත්තේ ලොක්කා සුදු එක්ක දිග ඇර ඇර ඉන්නව ..කුණු ලේ පාට එකක් ‘‘

‘‘ ඇත්ත කියපං උඹ ඒකත් කෑවද ‘‘

‘‘ පිස්සුද අනේ ......මං දිග ඇරියේ ..ටල්අම්මලැ ගෙදරිං ගෙනාපු එකක් , ඒකේ පටිය ඇඹරිලා ටල් මාම විසිකරපු එකක් .. මේකි හැම මගුලටම මාව අල්ලනවා ..ගහනව බලාගනිං මැරිල වැටෙන්ඩ ‘‘

‘‘ ඉදිමෙන්ඩ ඇවිත් මගෙන් කන්ඩ එපා ....උඹ පැනගෙන ආවේ කෙල්ලට ගහන්ඩද .... දුහපිය යන්ඩ ..කනපලාගන්නේ නැතුව ‘‘

‘‘දහන්ඩ තාත්තේ ඊයේ මටත් දැහුවා ‘‘

‘‘ ආයේ දෙකක් නැ .. මේකම තමා ඕකත් ඇරං ගිහිං විකුනන්ඩ ඇත්තේ .... මතකනේ පොඩි එකාගේ සෙල්ලං බඩු ටිකත් විකුනල රඹුටං කාල ....දෙක තුනක් වැදුනහම ආයෙත් ගෙනත් වැට අස්සේ ගහල අපිව රවට්ටන්ඩ හැදුවා .....මං නං කවදාවත් බත් බැදගන මුව බලන්ඩ පයින් නැ යකඩ ගේටුව , තාත්තංඩියටම  බැරියෑ ඩියුටි යනකොට මුට කන්ඩ බොන්ඩ ඇරං යන්ඩ ‘‘

2015-10-28

මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද



‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

‘‘ඔව් ඇයි ..මොකද ‘‘

‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

‘‘ඇ පකෝ ඒ තොගේ ගෑණිද ‘‘

‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති හුත්තවල් වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං කැරියා‘‘

‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘

‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘

‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘

‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘

‘‘ ඉර සර් ‘‘

‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘

‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘

‘‘ අර හුත්ති පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද හුත්තෝ උඩ බලාගන ඉන්නේ ‘‘


2015-10-11

බයිසිකල් හොරු Bicycles Thieves


ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු සමාගමම බැදල එහෙම නැති හන්දා කොහොමටත් ඉතින් ඔතනට සැට් වෙනව හැම එකාම , පන්ති යන උන් එහෙමයි , කැම්පස් යන උන් එහෙමයි , වැඩට යන උන් එහෙමයි ......................මාත් ඉතින් වැඩට ගිහින් දවල් දෙකට ඕප් උනොත් ඉතින් ගෙදර යෑමක් නැ , එදාට ඉතින් පොඩි මල්ලි මං එනකං බත් එක තියාන ඉන්නව , ආයේ ඉතින් ඒක බරසාර බත් එකක් , වැංජං එහෙම එමටයි , පොඩි අවුලකට තියෙන්නේ ඒකල මාතර හන්දා ගිලින්නේ රතු බත් මට නං අන්දෝ සංසාරයි .

ඒත් ඉතින් මාළු පිනි යහමිං රහට තියන හන්දා ඇරල දානව කටක් , හැබැයි සමහරක් වෙලාවට අපි දෙන්නටම සිද්ධ වෙනව බඩ ගින්නේ ඉන්ඩ , තව එකෙක් දෙන්නෙක් හිටියොත් ඉතින් හුප්පේ තමා , කටකට දෙකකට වඩා අපි දෙන්නට කන්ඩ බැ , මට වගේම තියනව ඒකට පිරිසිදු ලෙඩේ , මටත් වඩා ලෙසටම , ආයේ ඉතින් කොලුවා දාඩිය ටිකක්වත් ඇගේ ගාගන්නේ නැ , එහෙම දාට එන එකාට බත් එක දීලා අපි දෙන්නා හවසට තේ වෙලාවට බිත්තර රෝටි එක්ක හරක් මස් හොදි පැලෙනකං බඩගින්නේ ,

 ඔය කියුවහම මතක් උනේ .....ඉස්සර උන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි මස්සිනා ඒ කාලේ මගේ බෙස්ට් පෙන්ත ..උන්ගේ අක්කට ලව් කරන්ඩ යන්නේ මහ රෑට අපි දෙන්නා වැඩ එහෙම ඉවර කරල ඒකගේ කඩෙත් වහල එහෙම .

මම ඉතින් බූට් හත අටක් වැදිල කීම්බ කාපු ගෙම්බා වගේ හිටියේ ඒ කාලේ ගෑණු අරහං ,

2015-09-24

බාගන වැලයක් දෙකක්




ගෙට පැනල කුදලාන යන
මොංගල් පොලීසිය                                        
තොප්පිය කහන කාලේ                                
දෙවරක් දෙක කරලම නැද්ද                          
ඇලේ දොලේ නාන කොට                            
අක්කලා නැන්දලගෙ                                  
කුක්කු පැති කක්කී පැති                                
ඇහෙං කෑවෙම නැද්ද                            
දං එරමිනියා ඇඹල් පේර                              
කන ගමන් කොල්ලෝ එක්ක                        
බිජු කොටවලත් නැද්ද                            
කපල උරවලත් නැද්ද                              
දං ගෙවල් වල                                              
සෙල්ලං පිටියෙං                                        
කෙල්ලන්ව පන්නං                                      
චූ රස බලලාම නැද්ද                                
එකෙක් හරි ඇති නං                                      
වංඩියක් බස්සලා                                          
ඇට දෙකත් මිරිකල                                      
උස්සාන ගිහිං                                          
ඒ අතීතකාලේ                                                
ඒකල හිටිය පැත්තේ                                      
ඇඩුරස් නැති රේප්වලට                                
නග්ගන්ඩම ඕනේ

2015-09-11

සුද්දා වගේ එලියට ඇදල



‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘

‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘

‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං මේ අහම්බෙං ඇරල තියනව දැකල ගොඩ උනේ ‘‘
‘‘ තොපි ඉතිං අහම්බෙං ගොඩ උනොත් තමා , අමාලි ගෙදර ගියා වෙනදටනං මීටත් පරක්කු වෙනකං ඉන්නව ‘‘

‘‘ එහෙනං වැඩේ නැගල යනව ‘‘

‘‘ එහෙමට අවුලක් නැ ඉස්සර වගේම තමා , නග්ගල ගත්තහම අන්තිමට හොදට යනව ‘‘
‘‘ ඔය ඉතිං කියුවේ .....එහෙම මගුලක් නෙමෙයි යකෝ බිසිනොස් කොහොමද ‘‘
‘‘ අමාලිටනං තියනව බං වැඩ කරගන්ඩ බැරි තරමට , මට නං එහෙමට නැ ‘‘
‘‘ ඒ ඇයි බං ඒ ‘‘
‘‘ එහෙමට මිනිස්සු ගැවසෙන තැනක් නෙමෙයිනේ බං , මෙතනින් යන්නේ එන්නේ අපිව දන්න උන්මනෙ ‘‘

‘‘ අපරාදේ උඹට වෙන තැනකට සෙට්වෙන්ඩ තිබුනෙ ‘‘
‘‘ අතේ තියන ගානටනේ බං තැන සෙට්වෙන්නේ ‘‘
‘‘ මොකෝ මොකවත් කරේ නැද්ද අද ‘‘
‘‘ ඊයෙනං පොඩ්ඩක් දැම්මා , අද නැ බං , දනපාලය දැං මා එක්ක වැඩි පයරු පාසානමක් නැනේ බං දැං ‘‘

2015-08-04

Download අටම්පහුර and අටම්පහිය new Android App

ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග් රෝල පාවිච්චි කරල බ්ලොග් කියවන අය ඔය දකුනු පැත්තේ තියන අටම්පහිය බ්ලොග් සින්ඩිකේටර් පින්තුරේට කොටල එතනට ගිහින් කියවන්න , බ්ලොග්වර්ගීකරනය කරල කියවන්ඩ ලේසියට වෙන වෙනම ගොඩවල් ගහලයි තියෙන්නේ .

අන්දිරිස් ෆොන් වලින් කියවන කට්ටියට ලේසිවෙන්ඩ මං අන්දිරිස් ඇප් දෙකකුත් හදාගත්තා . අටම්පහුරෙත් අටම්පහියෙත් දකුනු පැත්තේ ඒවා බාගන්ඩ යන්ඩ ඕන තැං දාල තියනව .


එව්වා බාගන්ඩ ගියහම ඔයාලට මෙන්න මෙහෙම පිටුවක් එයි .


ඒකේ ඩවුන්ලොඩ් ඇප් කියන එක ක්ලික් කරන්ඩ 



එතකොට ඔන්න ඔහොම එකක් ඇවිත් apk පයිල් එක බාගතවෙයි , ඕක අන්දිරිස් ෆෝන් එකට ස්ථාපනේ කරන්ඩ ගියහම අන්දිරිස් නිකං බැ බැ වගේ කියුවොත් සෙටින්ග් වලට ගිහින් ඔය පහල රූපේ තියන විදිහට කොරන්ඩ,





එතකොට සියලු රෝග නිවාරනයි.

අනික ඉතින් මේක දැම්ම කියල අන්දිරිස් ෆෝන් එකට කෙලවෙන්නෙත් නැ.

2015-07-27

හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්




දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක්
මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක්
ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ රන්මලක්
එන්න තිබුනේ මාවෙතට නුඹ අතීතෙයි ඇතක දුරක්

දුටුවදා සිට සිසිල දෙන්නට පෙරුම් පුරනා දුක් සිතක්
ලඟින් ඉන්නත් වරම් නැ මට බැබලුවේ ඇයි වෙන ගසක්
අපේ සුන්දර මතක සැමරුම් වෙන්නෙ ඇයි මට ගිනි ගොඩක්
අකීකරු හිත හිරකරන්නට දන්නවද නුඹ ගල්ලෙනක්

නුඹේ දෙනයන සිහින් කටහඩ මවනවා මුත් රසවිතක්
සිනිඳු අතැඟිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්
ලොවම වරදක් ලෙසට දැක්කත් තියනවාදෝ මට වගක්
හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්

2015-07-13

ලබ්බ කියන්නේ ඇයි


නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල චන්ඩින්ගෙන් ගුටි කන්ඩ ඕන , මෙහෙන් ගමේ චන්ඩින්ගෙන් කන්ඩ ඕන , ඉස්කෝල චන්ඩින්ගෙන් නං එහෙමට අභියෝගයක් එල්ලවෙන්නේ නැ , කොහේ ඉදන් කොහෙට ගියත් චන්ඩි කොලනියකටම පදිංචියට යන්ඩ වෙන හන්ද ,

එහෙම උනහම ඉස්කෝල චන්ඩි පාට් එක දාන්ඩ එන්නේ නැ , උන්ගේ තාත්තල චන්ඩිකං කරල නොන්ඩි උනහම අවුරුද්දක් හමාරක් සැප ගන්ඩ බහින පොට්ටෙකේ උන් කියල පොඩි ගෞරවයක් තියන හන්ද , අනික මොනවහරි කේස් එකක් දැම්මහම චන්ඩි කොලනියේම ඉන්න වෙන ඉස්කෝල වල උන් හිටං බැහැල

‘‘ කවුද ඩෝ අපේ ක්වාටර්ස්වල උන්ට සයිස් දැමිමෙ කියල අහන හන්ද ‘‘

එහෙම පත්තුවෙච්ච සමහරක් සින් ..අන්තිමට පොඩි චන්ඩින්ගේ  මහ චන්ඩිත් ( ලයිසන් චන්ඩි) බැහල ඉවරවෙච්ච පරන සීන් මතක් උනහම එකෙක් පාට් එක දාන්ඩ එන්නේ නැ. ගොඩක්වෙලාවට වෙන්නේ පන්තියේ ඉන්න චන්ඩියා ත....චන්ඩි සෙට් එක ඇවිත් අළුතින් ඉස්කෝලෙට බැස්ස එකාව තමන්ගේ කල්ලියට ආරාධිතව  ගරු සාමාජිකයෙක් ලෙස බදවගන්න එක තමා.

හැබැයි නේවාසික කොලනියෙදි සින් එක වෙනස් ඔයිට හාත් පසින්ම , ගුටි කන්ඩ , කින්ඩි කන්ඩ , මැඩ වෙන්ඩ , ගුටි  දෙන්ඩ වෙනව අම්බානට , පොඩ්ඩක් හරි ඔලුව උස්සන්ඩ නං තමන්ට වඩා වයසෙන් , ඇග පතෙන් අඩු ටිකක් ලොකු සීන් එකෙන් ඉන්න එකෙක්ට දෙන්නෙක්ට කදුළු පනින්ඩ දෙන්ඩම ඕන.

කොහොම හරි රාගමට ආව මුල් දවස්වල මට ඔහොම අභීයෝග කිහිපයකටම මුහුණ දෙන්න උනා, මුලින් මුලින් මග ඇරලා ගියාට මොකද , පස්සේ පස්සේ කට්ටිය සෙට් වෙලා මග රැකලා ඉන්න  තත්වයක් උදාඋනා , බේරිලා යන්නම බැ, පාරේ අයිනෙන් යනකොට ඇගට ඇවිත් හැප්පෙනවා, මූණ ඉස්සරහා හිටගන නහය දිහා බලාගන ටිකක් වෙලා ඉදලා මගෙන් අහනවා

''ඇයි මොකද .....ගේමද ඉල්ලන්නේ''

2015-07-10

මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්නැ



අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක්        නැ
ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක්                  නැ
මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්       නැ
හැදි ගෑරුප්පුවේ සෙල්ලං මට දිරවන්               නැ

මොකක් බැස්සුවත් බොක්කට මට ගතියක්      නැ
චිකන් කොත්තුවක් තරමට ඇගට වදින්           නැ
මැෂින් කෝෆි කොකා කෝල කිසි ගැම්මක්     නැ
ලයිට් ටී එකක් තරමට වෝමප් වෙන්               නැ

හැන්දෙ පිගානේ නාවර මට අවුලක්                 නැ
බාගෙට හෝදපු කෝප්පේ රසය මැරෙන්          නැ
මොනව නැතත් ඇතුවත් මට මෙලෝ වගක්      නැ
මුස්ලිම් හෝටල් නැත්තං මං කන්නෙම             නැ

2015-07-05

interlock (flatlock) sewing machine and overlock sewing machine and t shirts , පැට්ලොක් ‘‘ඉන්ටර්ලොක් ‘‘ , ඔවර්ලොක් සහ ටීෂර්ට් සහ යට ඇදුම්


මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක්

‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘

කියන එක මං ඉතින් කියනව

‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද ‘‘

කියල , එතකොට උන්දල කියනව

‘‘අර උඩයි යටයි දෙකම එක විදිහට කරවටෙයි අතවටෙයි යටයි ලස්සනට එලියට පේන්ඩ ගහල තියෙන්නේ ඔලොක් පාර ‘‘

‘‘ආ ඒ ඔවර් ලොක් එකක් නෙමෙයි , පැට්ලොක් එකක් ‘‘

ඔන්න ඉතින් ඊලගට පැයකින් හමාරකින් මං බේරිලා ගෙදර එනව බොරු , ඒ උනත් මං මගේ වැඩක් පස්සට දාලහරි , මං දන්න විදිහට උන්දලට කියල දෙනවා අලගිය තැන් මුලගිය තැං ඔක්කොම .

මොකද ඉතින් දන්න උන් අපෙන් අහනවැ , උන්දල හොදට දැනුම , හයිය හත්තිය තියන උන් , සල්ලිත් යහමින් තියනව කොහේ හරි හොද තැනකට ගිහින් ඕන කලමනා ටිකයි , මැෂින් ටිකයි ඇන්න එනව මිසක් , එහෙම යැ මේ මිනිස්සු කොට්ට උරයක් , ගවුමක් , හැට්ටයක් මහගන ජීවත් වෙන ගමං , ටිෂර්ට් එකක් , ජංගියක් , ලංකට් එකක් මහල , පොලේ දාල විකුනල තව පනං හතරක් හොයාගන්නනේ හදන්නේ .
සයිබරෙත් කාටහරි ඕන වෙයි කියල මං දන්න විදිහට , ඔය පටලැවෙන මෙෂින්වල , මුලික මෙෂින්ටික ගැන කියන්නයි මේ යන්නේ , ( තව ඉතින් මෙව්වායේ එක එක වෙනස්කං තියන ආටෝ රාසියක් මෙෂින් තියනව ) , හැබැයි ඉතින් නැති බැරි එකෙක්ට , මේවායෙන් තමන්ට අවශ්‍ය එකක් දෙකක් තෝරගත්තහම , අනිත් ඒවායෙන් කරන දේවල් වලටත් පැලැස්තරයක් ගහගන , ටීෂර්ට් ගේමක් , ලංකට් ගේමක් ගහත හැකි.



interlock (flatlock) sewing machineපැට්ලොක් කියන්නේ මොනවද
ප්ලැට් බෙඩ්       


https://www.youtube.com/watch?v=TJJZcY-2wcM  (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )
මෙන්න මෙතන තියනවා නූල් පහේ ප්ලැට්බෙඩ් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්.


ඒකෙන් කරන්න පුලුවන් ප්ලැට් බෙඩ් එකකින් කරන වැඩ විතරයි , පෝල්ඩර් හයි කරන එක , සහ සිලින්ඩර් බෙඩ් එකකින් කරන දේවල් එකේන් කරන්න බැ.( අස්සට රිංගවල වටේ මහන එක , පොල්ඩරයක් දාගන ඉලස්ටික් එකක් නමල මහන එක , පයිපින් පොල්ඩර් දාන එක කරන්න බෑ , කොටින්ම කියුවොත් ප්ලැට් ජොබ් විතරයි කරන්න පුලුවන් .


                                                                                                                                         
සිලින්ඩර් බෙඩ්








https://www.youtube.com/watch?v=rJe8qZ0dwqM (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )


මෙන්න තියනවා නූල් පහේ සිලින්ඩර් බෙඩ් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්
, ගන්නවානං ගන්න ඕන මේකක් තමයි , ඒකට හේතුව ඔය මෙෂින් එකෙන් පැට්ලොක් මෙෂින් වලින් කරන ඕනම දෙයක් කරන්න පහසුයි  ( කට්ටක් කාල හරි පෝල්ඩර් හයි කරන්ඩ උනත් පුලුවන් ) . මේකක් තියන කොට සෙල්ලං දාන්ඩ ලේසියි , දක්ෂ කාර්මිකයෙක් අල්ල ගත්තහම , මොනව හරි කරල ඕනම ඔපරේෂන් එකක්ට කන්වට් කරගත්ත හැකි මැෂිම , සමහරු නං කියනව  ප්ලැට් බෙඩ් එකෙන් කරන වැඩ කරනකොට අමාරුයි කියල , ඔව් ටිකක් අමාරුයි තමයි හැබැයි පුරුදු උනහම ගානක් නෑ , පුලැට් බෙඩ් එකක් සහ පෝල්ඩර් මෙෂින් එකක් ගන්ඩ ලක්ෂ දෙකකටත් වඩා වියදං කරනවට වඩා හොදයි නේ සල්ලි නැති කෙනෙක්ට , මේකකින් මහල සල්ලි ටිකක් හොයාගන බැරියැ අනිත් දෙකත් ගන්න , අනික පිරිමි අන්ඩවෙයාර් වගේ දෙයක් කරන කෙනෙකුට මේක තිබුනහම හොදටම ඇති .පෝල්ඩර් මොඩල්



https://www.youtube.com/watch?v=Knsef8o4z_M  (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

මෙන්න තියනවා නූල් පහේ ෆෝල්ඩර් මෝඩ්ල්  පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්
එකේන් කරන්න පුලුවන් ඉලස්ටික් සහ පයිපින් අල්ලන්නත් , ප්ලැට් බෙඩ් එකෙන් කරන වැඩ කරන්නත් , සිලින්ඩර් බෙඩ් එකෙන් කරන වැඩ කරන්න බැ .


අවශ්‍ය නම් මැද ඉදිකටුව හෝ පැත්තේ ඉදිකටුවක් අයින් කරල ඉදිකටු දෙකෙනුත් , උඩ  ලූපරයේ නුල අයින් කරල ස්පයිරල් ත්රේඩ් නැතුව ඉදිකටු දෙකේ හෝ තුනේ නුල් පාර නෝමල් මැස්මක් විදිහට පෙනෙන් නත් මහන්න පුලුවන් .

( උදා ....ටිෂර්ට් වල යට වටේ සහ අත්වටේ , කරවටේ එහෙම මහල තියෙන්නේ ) 

මෙන්න තියනවා එක එක විදිහට මැහෙන හැටි






වෙනත් විශේෂ කාර්ය්‍යන්ට නිපදවපු වෙනස් මෙෂින් තිබුනත් මූලිකව මේ වර්ග තුනටම තමයි ඒවා අයත් වෙන්නේඔය මෙෂින් වර්ග තුනෙන්ම මැහෙන්නේ මෙහෙමයි


...........................................................................................

overlock sewing machine
ඔවර්ලොක් කියන්නේ මොනවද




 නුල් හයේ ඔවර්ලොක් 



https://www.youtube.com/watch?v=cS5m_Hg-6jY (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

නුල් හයේ ඔවර්ලොක් මැෂින් එකක් මේක , නුල 6 සහ 5 සහ 4 සහ 3 වශයෙන් ඕනැම ඔවර් ලොක් මැස්මක් මහන්න පුලුවන් , ගන්නවානං ගන්න ඕන මේකක් , ඕනම වැඩක් කරන්න පුලුවන් නිසා , අනිත්වාට වඩා මිල වැඩි උනත් මේකක් තියනකොට ඕන ගේමක් ගහන්ඩ පුලුවන් හන්දා පාඩු නැ .


නූල් හතරේ ඔවර්ලොක් මෙෂින්
                                                       


https://www.youtube.com/watch?v=dqjLLxmDWg4 (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන්, මේකේ ලොක් ස්ටිච් මැස්මක් හෝ , චේන් ස්ටිච් මැස්මක් නැති නිසා කරවටේ වගේ ඇදෙන්න ඒන මැස්මවල් මහන්නේ මේකෙන්

නුල් පහේ ඔවර්ලොක් මැෂිම


https://www.youtube.com/watch?v=wX2-VLryNlQ (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

ඔවර්ලොක් මැස්මට අමතරව යට පැත්තෙන් චේන්ස්ටිච් සහිත නෝමල් මැස්මක්ද සමගින් මහන් පුලුවන් , ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන් , ගොඩක් දුරට යොදා ගන්නේ ටිෂර්ට් වගේ ඇදෙන රෙදි මහන්න නෙමෙයි , ටීෂර්ට් වලට පාවිච්චි කලත්  ගන්නේ දෙපැත්ත මහන්න විතරයි. කලිසම් සායවල් ෂර්ට් වගේ දේවල් මහන්න තමයි ගන්නේ

එක එක නිමාවන්ට මැහුම් සකස් කරල තියන හැටි





ඔන්න එහෙනං දන්න විදිහට කියුවා , ප්‍රශ්නයක් තියනං 0776531595නොම්බරයට කතා කරන්න

2015-06-15

මාතු පාදං පීතු පාදං අමත පදං

පෝප් .....පෝප් ..පොං .......පෝං

බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති.

‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත ‘‘

‘‘ තාත්ත නිදි ‘‘

‘‘කෝ කතා කරහං  ,  මේ  යකා මොකද බුදි , දවල්ම ගහලද ‘‘

‘‘ තාත්තේ මේං බාප්පල ආවෝ....‘‘

‘‘ වැඩක් නැ උපාලි මල්ලියේ කියල , බිස්නස් යනව කියල ඊයේ ගිහින් අද ආවා . අර පඩි බාගේ මෙච්චරක් හම්බෙනව කියල දන්න හන්ද ඒක යන්තං බේරෙනව , වෙන නං ඉතින් බඩු මල්ල උස්සගන ගිහිං හම්බෙන දෙයක් නැ ‘‘
‘‘ මේ ලොකු නංගි ...උඹල ජුජුස් ගෙනාවේ නැද්ද ‘‘

‘‘ ජුජුස් නැ ..ටිපි ටිප් ගෙනාව ‘‘
‘‘ ටිපි ටිප් ‘‘
‘‘ ඔව් ටිපි ටිප් අපේ තාත්ත වැඩට ගිහින් එනකොට හැමදාම ගේනව .... තමුසෙල  කාල නැද්ද ‘‘

‘‘ ඉතින් දෙනවකෝ ‘‘

‘‘ අර මල්ලෙ ඇති බිස්කට් ටින් එකත් එක්ක‘‘
‘‘ සීතා පුංචීඊඊඊ....‘‘

‘‘අනේ ලොකු පුතේ .....ගොඩ දවසකින් මගේ කොල්ලව බලන්ඩත් ආවේ නැ ... මේ බාප්ප එක්ක එන්නේ නැ නේ පුතේ මාව . එයා එනව නේද මෙහේ තාත්ත එක්ක , නංගිල දෙන්නයි මායි ගෙදර ‘‘

2015-05-13

මහන මෙෂින් අළුත්වැඩියාව






මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 

2015-03-31

ජනරංජනී


‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘

‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘

‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු හොර්ලිස් බෝතල් දෙකකුත් මෙහෙ නේද නෝනා‘‘

............අනේ එයාගෙ අඹේ ............එනව මෙතන මට අඹ කවන්ඩ .......මට තියෙන්නෙ ලෑටි පුකකුයි ..........පුක මැස්සෝ බීලයි කිය කියා , ලොඹු කටෙං ලොඹ ලොඹ ගගා,  .....අපිටත් ඕන්නං ඔය තියෙන් යාපනේ අඹයි , පොල් අඹයි ...............දැං ඕක මේං කියලම හම්බෙයි මට ...........හැමදාම කනව කියයි ...අඔ හරි සැරයි කියයි තුවාල දානව කියයි. හංගගන ඒ දෙන්නා කයි..................ආව මෙතන

‘‘අම්මේ මට ඉස්කෝලෙ යන්ඩ ඕන ‘‘

‘‘යන්කො යන්කෝ දැං හොද පුතා වගේ ඇද උඩට වෙලා අකුරු ලියන්ඩකෝ‘‘

‘‘ඇට්ටිච්චා වගේ ඉදගන වයසක්යැ ඉස්කෝලේ  යන්ට ‘‘

‘‘ නැ නැන්දේ ජනවාරිනෙ , අවුරුද්දක් කලින් ඉස්කෝලෙ ගිය හැකි , සාවස්තිපුර මොන්ටිසෝරියක් තියනව කියල අපේ එක්කෙනා කියුවා , ලබන අවුරුද්දෙ ගමේ අරිනකං ඒකටවත් දානව‘‘

‘‘එතකොට එක ළමයෙක්වත් ගෙදර කොයි‘‘

‘‘ලොකු දුවට නං එන්ඩ බෑලු චූටි දුවවවත් ගෙන්න ගන්නව . මේ කැලේ ඉස්කෝලෙට නං දාල හරියන් නැ කෙල්ලව , අනුරාධපුරේටවත් දානව , උදේට අරය වැඩට යන කොට බයිසිකලේ ඇරල දවල්ට මට බස් එකේ ගිහින් ගන්ඩවත් බැරියැ‘‘

‘‘අම්මේ...වැලිආත්ත ගහේ ගෙඩි ඉදිල ඇති ‘‘

‘‘යන්නෙ එහෙම නැ ..ඒ පැත්ත පලාතෙ දැක්ක නේ එදා හිටිය නයා ‘‘

‘‘නයා ආයෙත් ආවෙයි‘‘

2015-03-25

අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට



නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට
අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට
මගේ මල්ලිව තුරුල් කරන් එයාගේ         පපුවට
අපි දෙන්නව නොදුන්න හැටි මතකද       අම්මට

සුදු අම්මේ යන්න එපා කියල            අඩනකොට
මල්ලි කොල්ල අඩල අඩල සද්දෙත් නැති කොට
යන්න එපා ඉන්නට බැ ඔයා නැතුව              මට
තාත්තාගේ  කදුළු බින්දු වැටුනා              ඔලුවට

සරත් මාම ගෙට ඇවිදින් බෑග්              ගන්නකොට
තාත්තාට තරහගිහින් ගහන්ඩ                     පැන්නට
ඇවිත් උන්න අය ගහද්දි මගේ                    තාත්තට
එපා කියන්නට මොකදෝ ඇරුනෙ නැත්තෙ      කට

2015-03-23

අස්සට දාන්නේ කොහොමද



කාලෙකට ඉස්සර මං වැඩකරපු තැනක මම යනකොටත් හිටියා අංකල් කෙනෙක් , පොරට සිංහල,  ඉංගිරිසි , දෙමළ ,අරාබී , ජාබාසාව , මාලදිවයිනේ බාසාව , එතනින් ගියහම හින්දි තව ඔය බන්ගලි බාසාවත් පුලුවන්ද කොහෙද , පොර කියන්නේ පොරට භාෂා එකොලහක් කතා කරන්ඩ පුලුවන් කියල ,

  සැහෙන කාලයක් එතන වැඩ කරගන හිටිය බුවා මගේ ආගමනය ගැනනං එච්චර සතුටක් දැක්කුවේ නැ , ලොක්කා පොරට කට් එක දෙන්ඩ මාව ගෙනත් දැම්මා කියන සිතුවිල්ල සහ මමත් පොරට අරී කියන සිතුවිල්ල තදින්ම මිනිහගේ හිතේ වැඩකලා . හැබැයි ලොක්කා මට වැඩට කතා කරනකොටම කියුවේ

‘‘ දැනටත් අපේ ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නව සමහරවිට ඔයා අදුරනවත් ඇතිනේ නිහාල්ව , දැන් මිනිහට වැඩ කරන්ඩ අමාරුයි හැටත් පැනලනේ, ඔයා බලල තියන වැඩටික කරල දාන්ඩ එයත් ඔය මොනවහරි කරගන ඉන්නේ නැතැ කියල‘‘

ඇත්තටම පොර මා එක්කත් සැහෙන කාලයක් වැඩකරකර හිටියා . හැබැයි ඉතින් ටිකෙන් ටික මෙෂින්වලින් ඇත්කරල ඔය කඩේ යන වැඩ වාගේ පක්කලි වැඩ වලට පටලවන්ඩ තරම්  ලොක්කා කපටි උනා, නිහාල් හිටියේ කෙහොමටත් ඒ ගැන සතුටෙන් නෙමෙයි ඒකත් එක්ක පොර ලොක්කට දෙන්ඩ ඕන රිටන් ටිකත් මටම තමා දුන්නේ ,

2015-03-03

හැකිනං පොලව හාරාගන වැලලෙනවා


චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත්
චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත්
චේන් එකට කැපුනු පාර අළුත් වෙලා       පෙනුනාමත්
උඹනං මහ වස බල්ලෙක් හිතුනා මට          හැමදාමත්

තට්ට තනියේ රැ තිස්සේ බ්ලොග් බලලා       හිදුනාමත්
බත් ජුංඩක් බෙදං ඇවිත් බන්ඩි ගෙඩියේ       එබුවාමත්
බිත්ති හිලෙන් උඹ දැකලා ඉජුක් ඉජුක්        කියුවාමත්
දෙන කට්ටක් උඹ කෑවේ කවදද බං             වනලාවත්

2015-01-11

how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.

අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු පැකට් වෙච්ච එකට මං හරි හිතේ අමාරුවෙන් හිටියේ , දන්න සෙල්ලං ඔක්කොම දැම්මත් හරි ගියේ නැ ,

 කෙහොමටත් මේ උලව්ව සැහෙන දවසක ඉදන් නන ලල ගගා තිබ්බේ . එක්කො ඔන් වෙන්නැ නැත්තං රීස්ටාට් වෙනව හැමදාම  මොනවහරි මගුලක් , දෙතුන් පාරක් පොලවෙ ගහල හප්පල එහෙම බලලත් මේ පාරනං කිසි හාහුවක් නැති හන්දා දෙන්නං තොට වැඩේ කියල අන්තිම බෙහෙත දෙන්ඩ අටම සැට් උනා ,

හිතේ තියන තරහටත් එක්ක උස්සං ඇවිත් එලියෙන් තියල හෝස් එක ටැප් එකට ගහල උන්දැව හොදට නාවල ගත්තා.



අපේ චුටී බට්ටිත් ඉතින් වැඩේට සැට් උනා ,

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>