Popular Posts

2015-12-25

මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල



මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන  , පස්සේ ඉතින් අපි ගිය වාහන කට්ටත් පාරේ මීටර් සීයක් විතර ඉස්සරහට ගිහින් නවත්තල ගොඩ උනා මලගෙදරට , මැරිච්ච අම්මගේ දරුවෝ ලොකු ලොකු තානාන්තර කාරයෝ හින්දද මන්දා ලස්සන නෝනල ගෑණු දැරිවියෝ එහෙම වාහන ඔලින් බැහැල ඇවිත් මෘතදේහයට ගෛෟරව කොරන්ඩ නොගිහින් වට පිටේ ගූ ඇහදාගන බලනව තමන්ගේ යාළු මිත්තරය ඉන්නවද කියල පේන්ඩ . ගු කතාවක් කියුවට නරකක් හිතන්ඩ එපා මං ඒ කියුවේ ඒක හෙන වැදගත් බැල්මක් , බෙල්ල විතරක් ලාවට හරවල වැරදිලාවත් කද චුට්ටක්වත් හරවන්නේ නැතුව ඇගිලි තුඩුවලින් ලාවට ඉස්සිලා බලන කොට අර රෝම කුපයක්වත් නැති ඇත්දල පාට බත්කෙන්ඩවල මස්ගොබ පිරිල තදවෙලා ඉලිප්පෙනව බලාගන ඉන්ඩ දුකයි හිත හෝස් ගාල යනව ...ඇයි යකෝ මේ සීදේවිලට මෙහෙම දුක් දෙන්නේ ....දුරු කතර ගෙවාගනනේ ඇවිත් ඉන්නේ , දන්න කියන මිනිස්සු එනවද නැද්ද බලාගන මේ මලගෙවල් අයිති කාරයන්ට ඉන්ඩ බෑද මං අහන්නේ.

ඔහොම ඉන්නකොට අදාල යාළු පුග්ගලය හරි පුග්ගුලිය හරි එනවා ඉතින් හලෝ මචං හරි හායි අනි කියාගන හරි තව වෙන මොන මංගල්ලයක් හරි කියාගන , ඔන්න ඉතින් අර ලලනාවොත්  සිම්පනිද මොකක්ද මන්දා එකක් කියනව , ඊට පස්සේ ඉතින් අසුන් පනවල නෙස්කැපේ පොව්වනව , එව්වා බොන්නැත්තං කුල් ඩ්රික්ස් දෙනව මේ දෙගොඩ හරි ජාමෙත් ,

අපේ මිත්තර අයියත් ඔන්න ඉතින් ආවා , අපි උන්දැගේ අම්මගේ මිනියට වැදල එහෙම ආවට පස්සේ , ඔන්න ඉතින් ඒකාගේ ගමටම ඇහෙන වේසා කට ඇරල අපිට පස් පඩව්වේ බයිනව කොරනවා පිට උන් වගේ රැ දෙගොඩ හරි යාමේ එන්නේ හවස් අතේම ආවානං හෙනද කියල ,

 මචං අඩෝ පඩෝ උඹ බං බොලං බාසාවෙං අපිව අමතනකොට ..., අහල පහල ඉන්න උන් බලනව අවුරුදු පනහක් හැටක් වෙච්ච එකා එක පාරට බාල වෙලාද  , එහෙමත් නැත්තං අපි බට් කරලද කියල.

ඒ අවු අස්සේ එනව ඒකගේ මට වඩා අවුරුදු දෙකක් විතර බාල ලොකු කෙල්ල

‘‘ ආ අංකල් ගන්න ‘‘

ඒකිගේ රෙද්දෙ නෙස්කැපේ , ඇයි යකෝ ගගහ ආපු බෝතලෙත් තාම ඉතුරුයි , මේක ගහල තියන වෙරියත් බස්ස ගන්ඩද , ඒ කොටෙත් ගහල , අනිත් බෝතලෙත් ඉවර කරල නේද වෙන කන බොන දෙයක් ගැන හිතන්ඩ ඕන , මේ නාකි යක්කුන්ව ආසරේ කරන්ඩ නරකයි , නිකං නිස්කාරනේ අංකල්ල වෙනව ,


එතකොටම ඉතින් ලාලුවා අපිව බේර ගන්නවා.

‘‘ මුන්ට ඔව්වා හරියන්නැ ‘‘

කෙල්ල ට්රේ එක අකුලගන පැත්තකට වෙනවා , ඒකිගේ ළමයි දෙන්නත් අතේ තියන බිස්කට් බන්දේසි දෙකත් හරවාගන ආපහු යනවා ,

‘‘උඹල මොනවහරි කරාද ‘‘

‘‘ කර කර ආවේ ඉතුරු ටික වාහනේ ‘‘

‘‘ එව්වා තියහං යන ගමං ගන්ඩ , වරෙල්ලකෝ ‘‘

මේකා අවුරුදු දහයක් විස්සක් පරණ මල් පාත්ති , අනේක විද විසිතුරු ගස් අස්සෙං අපිව දක්කාගන යනව අල්ලපු වත්තට , රත්තරං ටිකට ගහල තිබ්බ එයාපෝට් දැලක් අකුලල හදා ගත්ත කුරුබිලියකිං.

‘‘ මචං ඩබල් ඩිස්ටිල් , ඔල්ඩ් තියනව මොනවද බොන්නේ , නිමහං උඹ බොන ජාති නං නැ ‘‘

‘‘ නැ මං දැං බොන්නේ බියර් විතරයි ‘‘

‘‘ බියර් නැනේ මචං ‘‘

‘‘ අපි ගෙනාපුව තියනව ‘‘

කියන මං ගිහින් කාස්බර්ග් කෑන් දෙකත් එකත් ඉතුරු ගල් කොටයයි , බෝතලයයි අරං එනවා , උපස්ථායක වැඩේට හිටිය අයියා වීදුරු ටිකක්  සෝඩා බයිට් එහෙම ගෙනත් දෙනවා.

එතනිං එහාපැත්තේ බුපේ එකක් දාල , බත්ද පාන්ද . ඉදිආප්පද පරිප්පුද මාළුද සම්බෝලද චිකන්කරිද අරකද මේකද , තැං තැං වල ඉදගන බොන අපි වගේ කට්ටිය බීලා ඉවරවෙලා බඩ පැලෙනකං කාල එහෙම යනව ඉතිං.

දැං හරියට ගැහැණු සහ පිරිමි සමලිංගිකයන් වැඩියි නේද කියල ඔතන ඇති වෙච්ච කතා බහේදි තමා දෙහිමංගල්ල කතාව ඇදිල ආවේ , ඉස්සර නපුංසකයන් අතරේ තිබුන චාරිත්‍රයක් තමයි දෙහිමංගල්ලේ , අළුතින් නපුංසක සමාජයට එකතුවෙන අය පොන්නයෙක් විදිහට අභිෂේකකරන එකට තමයි හරියටම කියුවොත් එහෙම කියන්නේ.


ඔන්න ඉතින් එදාට කැවුම් කිරිබත් එහෙම උයල , මගුල් ගෙයක්වගේ ලෑස්තිවෙනවලු , සෝඩා බෝතලයක් කඩල මිටි බංකුවක් උඩින් තියල , ඒක උඩින් තරමක දෙහි ගෙඩියක් තියල ඒක වහනවලු සිනිදු සුදු පිරුවටයකින් , ඒ කරල අළුතින් එකතුවෙන සාමාජිකයා කැ ගගහ ඒක උඩින් ඉදගන්නවලු අර දෙහිගෙඩිය ඇතුලට යනවිදිහට , බලාගන ඉන්න කට්ටිය සතුටින් කැගහල අත්පුඩි ගහල කැවුම් කිරිබත් කනවලු.

ඉස්සර මළගෙවල්වල ඉතින් බුරුපිටියක් නොතිබුනේ එහෙමත් සල්ලිකාර ගෙදරක විතරයි , ගෙදර සාමාජිකයෙක් හරි පිට කෙනෙක් හරි ටිකක් එහාට වෙන්ඩ පැදුරක් එලල වැඩේ පටංගන්නවා , වටයක් ගහල ඉවර උනහම හිස් අරක්කු බෝතලේට තෝං මුදල වටය දිනපු කෙනා ගෙං අරගන ඔබාගන්නවා , ඔය ගන්න තෝමෙනුයි , පිටිය දිනන කෙනා සංතෝසෙං දෙන මුදලත් එකතු උනහම මලගෙදර වියදමෙන් සැහෙන ගානක් පියවාගන්ඩ බැරි කමක් නැ ,

බුරුවා ගහන තැනට කවුරුහරි ගේන සීල් අරක්කු බෝතලයක් කසිප්පු කෑන් එකක් ඇරුනහම මල ගෙදරට එන අයට අරක්කු දෙන සිරිතක් නං මං දැකල නැ , හැබැයි ඉලත්තට්ටුව ලග තියාපු තව පොඩි වට්ටියකට දාපු බීඩි මිටි ටිකක් නං අනිවා තියනවා , යමක් කමක් තියන සමහරක් තැංවල සිකරට් ඉදං තියනවා මට මතකයි , ඔය ගංජා බොන උන් ඉන්න ගෙවල්වල ඔය බීඩි වට්ටියට පඩපැකට් දෙකතුනකුත් එකතු කරනවා සමහරක් වෙලාවට.

තව එකක් තමයි මැරිච්ච එකාගේ ළගම නෑයෝ විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවම මිනිය උස්සන්ඩවත් , වලලන්ඩවත් නොදි අහලගං හතකට ඇහෙන්ඩ එක එක පංපෝරි කියව කියවා අඩන එක. සමහරක් වෙලාවට පිට ගෑණු එහෙම මැරිච්ච මිනිහගේ මිනිය බලල එලියට ගිහිං හොරෙන් අඩනවා. බොලාට මතකද දන්නැ සිනමා සක්විති මැරිච්චවෙලාවේ අපේ නිලි අක්කල හෝගාල ඇඩුවා. අන්න එදා තමයි උන්දලගේ හැබැ ලස්සන දැක්කේ මේකප් හේදිලා ගිහිල්ලා.

මං අපේ උන්දැගෙන් දවසක් ඇහුවා

‘‘මං මැරුනහම ඔයා අඩනවද ..හැබැයි චුටි අර ගමටම ඇහෙන්ඩ කෑගහල අඩංඩනං එපා ‘‘

‘‘පිස්සුද.... අනේ ...මං ...නං ...අඩයි ගලව ගන්ඩ පුලුවං දෙයක් ගලවගන්ඩ කියල ....එක අතකට වෙන මොනව ගලව ගන්ඩද ඇස්දෙක විතරනේ ගන්ඩ පුලුවං ..අනිත්වා ඔක්කොම තැම්බිලා නැතැ ...ඉස්පිරිතාලෙං එහෙම්ම මෙඩිකල් කොලේජ් එකට දෙනවා ...ඊටපස්සේ දෙනව හොද දානයක් ‘‘

‘‘අනේ මට දාන ඕනත් නැ ..මං මැරිල තුන්මාසේ යන්ඩ කලින් වෙන මිනිහෙක් හොයාගත්තොත් මට ඒ ඇති ‘‘

‘‘අනේ මේ මට නං මිනිස්සු ඕන නැ හරිද ‘‘

‘‘ ඒවා බලාගන්ඩ බැරියා එතකොට ‘‘

‘‘අනේ මේ ඇත්තමයි කියන්නේ ලොකු මං මැරුනහම මැරුන නැ වගේ ඔයා ගෙදර එන්ඩ හරිද , සුදු කොඩියක්වත් දාන්ඩ එපා ....ඇවිත් කෙල්ලෝ දෙන්නා බලාගන ජිවත් වෙන්ඩ ‘‘

කියාගන ගෙඩ ගිය ගෑනි ටිකකින් එනවා ඇස්දෙකේ කදුළු පුරෝගන

‘‘ මට කලිං මැරෙන්ඩ එපා බුරුවෝ ‘‘

ඔන්න ඉස්සර අපේ පැත්තේ රටහිටිය පොරක් මැරුනා එහේදිම මොකක්ද මන්දා වෙලා , දැං ඉතින් මිනිය එන්ඩ දවස්ගානක් යනවනේ . එතකං ගෑණි එක දිගට අඩනවා ගෙදරට කවුරුහරි ගොඩ වෙනකොටම , ගෑණිගේ කකුලේ දැවටෙන පුසව උස්සල අරං තුරුල් කරගන්නවා

‘‘අනේ මේ පුසටවත් හාල් මැස්සෙක් සාලයෙක් සුඩයෙක් දුන්නේ නැ ...දෙයියනේ මගේ රත්තරං දෙයියා ..කෑලී මාවමයි කෑළී මාලුමයි ....‘‘

‘‘අයියෝ දෙයියනේ ..මේ දරුවන්ට කවදාවත් පිං බෙහෙත් උගුරක් දුන්නේ නැ නවලෝකෙන්මයි ...නවලෝකෙන්මයි ....‘‘

‘‘මගේ රත්තරනගේ අන්තිම මොහොතේ සස්ටජන් ටිකක් පොවාගන්ඩ බැරි උනා හයියෝයෝ‘‘

ගැනි එහෙම අඩන අතරේ ඒ ගැනිගේ හොර මිනිහ එලියට වෙලා බිම බලාගන හොරගල් අහුලනවා බලාගන ගෙදර එන මිනිස්සු හිනා වෙවි ආපහු යනවා.

තව මරු කතවක් මතක් උනා මේකනං අහලත් ඇති සමහරක්විට , ඔන්න එක ජෝඩුවක් හිටියලු එක ළමයයි ඒ ළමයත් කසාද බැදල ගියහම ගෙදර තනි උනාලු මහ ජෝඩුව . දැං ඉතින් මේ දෙන්නා දුක සැප බෙදාගන අවුරුදු ගානක් ජිවත්වෙනවලු , මොනවා කලත් දෙන්නා එකටම . පුදුම ආදරයක්ලු තිබුනේ ...ඔය වයසට යනකොට රෑට නින්ද යනවා අඩුයිනේ ....ඉතින් දෙන්නා එක්ක ඔහේ මොනවහරි කියව කියව ඉන්නවලු ...මොකෝ අපිට වගේ ඇදට නැගල බඩ උඩ සෙල්ලම කරන්ඩ යැ ......ඔහොම ටික කාලයක් යනකොට දෙන්නා පුරුදු උනාලු වහලේ යන මීයෝ බලාගන ඉන්ඩ

‘‘ අද තාම මීයෝ ආවේ නැනේ ඕයි ‘‘

‘‘ නැට්ට කොට මීයා කුස්සියේ ඉන්නව දැක්කා ඒයි ‘‘

‘‘ අර බඩිං හිටපු එකානං දවස් ගානක් දැක්කේ නැ කොහේහරි පැටව් දාල ඇති ...තමුසෙට ඇහුනද චෑස් ගානව ‘‘

‘‘ම්හු මොන ......අන්න අන්න අනිත් උන් දෙන්නත් ආවා ‘‘

ඔහොම යනකොට දවසක් උදේ බලනකොට සීයාකාරයා නිදි ඇදේම මැරිලල . ආච්චි හෝගාල අඩනවලු , මුලු ගමම දැං ඒ ගෙදරට පිරිල , අහල පහල උන් කෝල් කරල ආච්චිගෙයි සීයගෙයි දුවව ගෙන්නුවලු, ඒකි කාර් එකෙන් බැහැල ගෙට ගොඩ වෙනකොටම

‘‘ මයේ පුතා බලන්ඩකෝ තාත්ත කතා කරන්නැ ‘‘

‘‘අනේ අම්මේ තාත්ත අසනීපෙන්ද හිටියේ මට කෝල් කරන්ඩ තිබ්බනේ ‘‘

‘‘ මොන අසනීපද බං ඊයේ නිදාගන්ඩ කලිනුත් ගොඩාක්වෙලා මට මීයා පෙන්නුවා‘‘

2015-11-16

දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ


.....මේක වෙන්ඩැති කාමරේ ....


..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ......

...හරි ..හරි මේක ...තමා ....කොච්චරවෙලා ඉන්ඩ වෙයිද මන්දා .....එපා වෙන්නේ   මේ වාත සිස්ටම් එක තමා ලංකාවේ ....හරියටම වෙලාවක් පේෂන්ට දීලා ඒ වෙලාවට ගෙන්න ගත්තනං  ඉවරනේ ...අපරාදේ මගේ කාලේ .....අදත් නිවිහැනහිල්ලේ අඩියක් ගහන්ඩ වෙන්නැ .............එහෙමටත් අවුලක් නැ වගේ .....මේ ඉන්නේ මිනිස්සු හතරපස්දෙනයිනේ ..... ආ අරතියෙන්නේ තාම යන්නේ නොම්බර පහ ......ඒකවත් හරියට පේන්නේ නැති හැටියක් ....මේ පාරත්   කන්නාඩිය දෙපාරක් මාරු කරලත් හරිගියේ නැනේ .....පරන කන්නාඩියනං ..කැඩුන උනත් හොදට වැඩ .....කන්නාඩියේ අවුලම තමා මොකැ මං වයසට ගිහිල්ලා යැ ....මෙහෙං අරං හරියන්නේ නැ .............ලබන පාර ටුවර් එකේදි මොන වැඩක් පස්සට දාල හරි එහෙන්ම කන්නාඩිය හදං එනවා....

.......කෝ නොම්මර හයත් වැටුනා ඇතුලේ හිටිය සමයමත් එලියට ආවා .....ඒක නං හොදටම අප්සට් කේස් එකක් ....ඒකනේ දත් තිස්දෙකම පෙන්නල මා එක්ක හිනා උනේ ...කෝ ...නම්බර් සික්ස් .......සෙවන් .....එයිට් .....සීඊඊඉ  ...නමයත් වැටුනා ...යාන්තං ඇති නමයනං ඉන්නව ............මං දහයනේ   ඉක්මනට ගියහැකි ..............චැනල් කරලත් නෑවිත් ඉන්නේ මොකද මන්දා .......බාගදා ඊ වැනල් කරල නෑවිත් ඉන්නව ඇති .............එක්කෝ මං වගේ ඩයිවර්වත් නැතුව හොරාට එන්ඩ හිටපු ඈයෝ වෙන්ඩැති , බාගදා ගෙදරිං බලෙන් එක්ක එන්ඩ ඉදලා ...කැලේ පැනලද කවුද දන්නේ .....හේහ් හෙහ්

..............අන්න දහය වැටුනා .........මං දැං ඇතුලට ගිහිං මොනවද කියන්නේ .......ඩොකාම කතාව පටං ගත්තොත් හොදා ..... කොහෙන්ද කොතනින්ද මං මේක පටං ගන්නේ .........

....කරාස් ........දික්....

...දොරවත් හරියට මේන්ටෙන් කරල නැ  ආංඩුවේ  ඉස්පිරිතාලයක් වගේ ..............යකෝ          මේකගේ කිසි හිනාවක් නැනේ .....දෙකට බෙදල පැත්තට පීරල ....ගොලු සමයං ඩයල් එකක් .... අම්මට සිරි ඇදගන ඉන්න සපත්තු දෙක යුරෝප්  දෙකක් උනාට මේස් නං සිකුරාද පොලෙන්ද කොහෙද අරං තියෙන්නේ ...හයියෝ.......මේසෙං ඉස්සරහට කකුල්  දික්කරහම පුටුවේ ඉදගන්න එකා කකුල් මේසේ උඩින්ද දන්නැ ....තියන්නේ ........කෝකටත් පුරුදු හිනාව දාල බලනව ....

 

............හිඊහඊි..ඊඊඊඉ.........

‘‘ එන්න ...ඉදගන්නකෝ ‘‘

‘‘ ඩොක්ට මම  සිරිමල් රත්නායක‘‘

‘‘ ඔව් මිස්ටර් රත්නායක අපි කතා කරමු ....මම අහගන ඉන්නම් ‘‘

‘‘ මට ප්‍රශ්නයක් තියනව කියල හිතෙනව ඩොක්ටර් ‘‘

‘‘ අපි හැමෝටම එහෙමයි ....ඔව් ඉතින් කියන්න මිස්ටර් රත්නායක මට පුලුවන් අහං ඉන්න‘‘

‘‘ මගේ ලග තියනවා මේකේ රතුපාට එකක් ‘‘

‘‘ කාර්වලට කැමතියි වගේ ‘‘

‘‘ මගේ එක ඇත්ත එකක් , ඒත් මම ආසයි මේ වගේ සෙල්ලං ඒවට ‘‘

‘‘ මිස්ටර් රත්නායක කොහේද වර්ක් කරන්නේ ‘‘

‘‘ රස්සානං ඉතින් දෙක තුනක් කරනවා ‘‘

‘‘ එකපාර රස්සා දෙකතුනක්.... හම් ....  ලොකු වගකිමක්  තියන කාර්යබහුල කෙනෙක් එහෙනං ‘‘

‘‘ එහෙමටම බිසි නැ ඉතින් ඒවා බලාගන්ඩ කරන්ඩ කට්ටිය ඉන්නවනේ . මට තියෙන්නේ ඉදල හිටල ගිහින් ටිකක් වෙලා ඉදගන ඉදල එන්ඩ ‘‘

‘‘ එතකොට මීස්ටර් වැඩිය කැමති මොනව කරන්ඩද ‘‘

‘‘ අනේ ඩොක්ට ඔය මිස්ටර් කෑලි ඕන නැ ...මං කැමති සිරිමල් කියනවට ‘‘

‘‘ හරි මම එහෙම කියන්නංකෝ ‘‘

‘‘ ඩොක්ට මට දැං මේ ඔක්කොම අත ඇරල දාල ගිහින් සුපර්මාකට් එකක ඉන්ඩ තිබුනනං කියල හිතෙනව ‘‘

‘‘  හේ හේහ ඒකත් හොද බිස්නස් එකක් තමයි ‘‘

‘‘ නැ නැ මට ඕන අර සෙල්ලං බඩු විකුනන්ඩ තියන ස්ටෝල් එකේ වැඩ කරන්ඩ ‘‘

‘‘ හුම් ඒකත් එහෙමද ...එහෙනං  ඉතින් සිරිමල්ට පුලුවන්නේ විනෝදාශයක් විදිහට සෙල්ලං බඩු එකතු කරන්ඩ ‘‘

‘‘ කරනවා ඩොක්ටර් කරනවා ....මගේ ලග තියනවා හැම සෙල්ලං බඩ්ඩක්ම .....සෝල්ජස්ල ..යුදටැංකි ...කාලතුවක්කු ...යුද නැව් ...  සෙල්ලං දෙවනි ලෝක යුද්ධයකටම බඩු ....එතනින් ගියහම සත්තු ඔක්කොම ඉන්න  සත්තු වත්තක් , බෝනික්කෝ , ඇතුලට පුලුං පුරවල රෙදිවලින් හදපු සත්තු , ප්ලේන් , හෙලිකොප්ටර් , කාර් , බෝල බැට් , හැම සෙල්ලං බඩ්ඩක්ම ...කාටවත් අල්ලන්ඩවත් දෙන්නැ ‘‘

‘‘ එහෙම තමයි ඉතින් හැමෝම තමන් කැමති දේවල් පරිස්සං කරනවනේ ‘‘

‘‘ ඒ උනාට ඩොක්ටර් මට ඒවායෙං සෙල්ලං කරන්ඩ හම්බෙන්නේ නැනේ , ක්වාඩාකොප්ටරයක් ගත්තා දැං මාස හයකටත් වැඩියි තාමත් බැරි උනානේ ඒක උඩ අරින්ඩ ‘‘

‘‘ ඒකට ඉතින් වෙලාවක් හදාගන්න පුලුවං සිරිමල්ටම තමා , මං කියන්නේ වගකීම් වලින් නිදහස් වෙලා නිදහසේ ඉන්න ‘‘

‘‘එහෙම වෙලාවට මට ඉතින් නිදහසක් ඇත්තෙම නැ ,  කෑම උයන්න තියනවනේ ‘‘

‘‘ එහෙම ඉතින් තමන් කැමති දෙයක් ආසා කරන දෙයක් කරන එකත් මානසික සුවයට හොදයි ‘‘


‘‘ කොහෙද ඉතින් ගෙදර කට්ටියයි යාළුවොයි එක්ක බැනේ , ඒයාලට ඕන මං හෙන සීරියස්  සිරා පොරක් විදිහට දකින්ඩ ‘‘

‘‘ ඒක ඉතින් ඔයාගෙවත් අනිත් අයගෙවත් වරදක් නෙමෙයි , මේ ක්‍රමය හැදිල තියන හැටි , ඒත් අපිට පුලුවන් එතනින් එහාට ගිහින් ජීවිතය අපි කැමති විදිහට විදින්ඩ ‘‘

‘‘ ඔය ගැනම තමයි ඩොක්ටර් මට ගොඩක් හිතට අමාරු ‘‘

‘‘ ඇයි ඒ ‘‘

‘‘ අඩුම තරමේ මේ යක්කු මා එක්ක වෙසක් බලන්ඩවත් යන්ඩ එන්නැ ‘‘

‘‘ ගෙදර අයද යාළුවොද ‘‘

‘‘ යාලුවන්ට කතා කරල ෂෝටක් එහෙම ගහගන , බයික් එක එලියට දාල උන් එනකං බලා ඉන්න කොට උන් ඇවිත් කියනවා .......ෂපාන් එකේ වාහනේක යන්නේ නැතුව අඩු කඩාගන්ඩ හදන්නේ මොකද .....උං කොහෙද මා එක්ක බයික් පදින්නේ ‘‘

‘‘ ඉතින් සිරිමල්ට පුලුවන්නේ ගෙදර අයත් එක්ක යන්ඩ ‘‘

‘‘ අම්හු ...විකාරද ...... එයාල  එන්නෙත් නැ .....මා එක්ක ‘‘

‘‘ ඒ ඇයි ඒ ‘‘

‘‘ නලා කාරයෙක් ..වෙස් මුනු කාරයෙක්ට යන්ඩ නැ ඒවා ගන්නවා , ලයිට් පත්තු වෙන සුකුරුත්තං ගැජට් දැක්ක තැන වාහනේ අයින් කරල ඒවා ගන්නවා , හම්බෙන හම්බෙන දං සැලෙං ..සරුවත් , සව් කැද , කෝපි බොනවා , ..............අනේ ප්ලීස් ...දං සැල් වලින් බත් කන්ඩ නං බැ ..යි අරකයි මේකයි කියල ...කර අරිනවනේ ‘‘

‘‘ මේ අද යන  සමාජ , ආර්ථික , අධ්‍යත්මික රටාවත් එක්ක සාමාන්‍ය  මිනිස්සුන්ට දැනෙන හැගිම ගැන තමයි ....ඔය කියන්නේ  ......ඕක ඔයාට විතරක් දැනෙන දෙයක් නෙමෙයි .............,   ඔව්වා ගැන සිරිමල් හිතනවා වැඩියි කියල මට හිතෙන්නේ ‘‘

'' පාරේ යනකොට මස් කඩයක් මාළු කඩයක් දැක්කහම මට නවත්තල ඒවා ගන්ඩ හිතෙනවනේ ‘‘

‘‘ මාත් සමහරක් වෙලාවට එහෙමයි ‘‘

‘‘ ඉතින් ඩොක්ට මට ඊලග දකින තැනිනුත් අරගන ගිහිං ප්‍රීජ් වලට පුරවන්ඩ හිතෙනවනේ ‘‘

‘‘ ඒකත් එහෙමද ‘‘

‘‘ ඩොක්ට මොකද හිතන්නේ සිල්ලර කඩයක් දාන එක ගැන , එතකොට මට අර ඉස්සරහින් ලස්සනට ඇල කරල ලෑලි තට්ටුවක් ගහල එළවලු ටිකකුත් වික්කහැකි ‘‘

‘‘ මෙහෙමයි මිස්ටර් සිරිමල් ඇත්තටම ඔයාට මානසික ප්‍රශ්නයක් නැ , ඒත් මම හිතනවා තවත් කෙනෙක් එක්ක එයා මේ ගැන කතා කලොත් හොදයි කියල , මම විස්තරය ලියල ඔයාට ලෙටර් එකක් දෙන්නං , මට උගන්නපු සර් කෙනෙකුට , මිස්ටර් සිරිමල් ගිහින් එයාව හම්බවෙන්න , අදම උනත් ගියාට කමක් නැ , මිස්ටර් සිරිමල් එනවයි කියල මම කෝල් කරල කියන්නං , අද දැං මේ ආවේ තනියමද .....කවුරුහරි කෙනෙකුට කතා කරල ...එනකං මෙතනට වෙලා ඉදල ගියොත් හොදයි මගේ හිතේ ‘‘

‘‘ තැන්කීයු ඩොක්ටර් ....නැ මට තනියම යන්න පුලුවන‘ ..එහෙනං මං ගිහින් එන්නං ‘‘

........හයියෝ  ආවැං ආවේ නැ මෙහෙම කේස් එකක් ....වැඩේ කියන්නේ වෙන පිස්සො දන්නැ උන්ට පිස්සු කියල මේ යකා ඒකත් දන්නව.......

........වෙන ඩොකෙක් හම්බෙන එක හොදා තමා , මේකගෙ ගුරා කියුව හන්ද යන්ඩ හිත දෙන්නැ , ගෝලයා මෙහෙම නං ගුරා කොහොම වෙයිද .....තෙල් බෙහෙත් ගාපු නට් කේස් එකක්.......

2015-11-05

මුදුනා වෙන්ඩ ගියේ


‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘

‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘

‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත් ‘‘

‘‘ ඇයි එදා ඔයා අල්විස්ට දුන්නා නේද ‘‘

‘‘ නැ මනුස්සයෝ ....ඒක ආයේ ගෙනත් දුන්නනේ ..පීස් එකත් නැ කවරෙත් නැ ‘‘
‘‘ මට ඇරං කන්ඩයැ ඔය වෙරි මර ගාතේ දාපු තැනක ඇති ‘‘

‘‘ ලොක්කෝ උඔ ගත්තද ‘‘


‘‘ අනේ මං නං ගත්තේ නැ ‘‘

‘‘ මු තමා දත්තේ ....කලන්ත් කම්බියට දල් මාත්තු දාන්ද ‘‘

‘‘ අනේ මේ ..මං ගත්තේ නැ ..තාත්තේ ‘‘

‘‘ නැත්තෙ මොකද , මං දැක්කා තාත්තේ ලොක්කා සුදු එක්ක දිග ඇර ඇර ඉන්නව ..කුණු ලේ පාට එකක් ‘‘

‘‘ ඇත්ත කියපං උඹ ඒකත් කෑවද ‘‘

‘‘ පිස්සුද අනේ ......මං දිග ඇරියේ ..ටල්අම්මලැ ගෙදරිං ගෙනාපු එකක් , ඒකේ පටිය ඇඹරිලා ටල් මාම විසිකරපු එකක් .. මේකි හැම මගුලටම මාව අල්ලනවා ..ගහනව බලාගනිං මැරිල වැටෙන්ඩ ‘‘

‘‘ ඉදිමෙන්ඩ ඇවිත් මගෙන් කන්ඩ එපා ....උඹ පැනගෙන ආවේ කෙල්ලට ගහන්ඩද .... දුහපිය යන්ඩ ..කනපලාගන්නේ නැතුව ‘‘

‘‘දහන්ඩ තාත්තේ ඊයේ මටත් දැහුවා ‘‘

‘‘ ආයේ දෙකක් නැ .. මේකම තමා ඕකත් ඇරං ගිහිං විකුනන්ඩ ඇත්තේ .... මතකනේ පොඩි එකාගේ සෙල්ලං බඩු ටිකත් විකුනල රඹුටං කාල ....දෙක තුනක් වැදුනහම ආයෙත් ගෙනත් වැට අස්සේ ගහල අපිව රවට්ටන්ඩ හැදුවා .....මං නං කවදාවත් බත් බැදගන මුව බලන්ඩ පයින් නැ යකඩ ගේටුව , තාත්තංඩියටම  බැරියෑ ඩියුටි යනකොට මුට කන්ඩ බොන්ඩ ඇරං යන්ඩ ‘‘



‘‘ අනේ මේ ඔය අප්පලේ වහගෙන  තමුසෙත් පැත්තකට වෙනවද ‘‘

‘‘ මං කියනකොට තමා ඔයාටත් අමාරු.... හිරකාරයෝ ආංඩු මට්ටු කරාට  ගෙදර ඉන්න අසමත් ජාතියව ආං බාං කරගන්ඩ බැ ..... මං හුනා කියන්නැහේ කියන්නේ ..මු කවදහරි අපේ මුනේ දැලි ගාල තමා පස්ස බලන්නේ ...........කොහෙද ඉතින්  ළමයි මට්ටු කිරිල්ල මතක් වෙන්නේ ටිකක් කට ගාගත්තහම විතරනේ ... මං නේ මේ සුමේ කරන්ඩ ඕන ..............අද නං කුණු රහට මොකුත් නැ , තියන දෙයක් එක්ක කන එකයි ඇත්තේ ‘‘

‘‘ ඔක්කොමල එක්ක මාවම කන්ඩයි හදන්නේ ...යනව යන්ඩ මං කොහේ හරි , හ.. .අ.... හ.....අ ...ලොකු අක්කත් එක්ක මං හොදට හිටියා එහෙට වෙලා ...ඇරගෙන ආව මහලොකුවට ‘‘

‘‘ බැහැල යන්ඩ උඹ මහලොකු මිනිහනේ ...ඉතිං පලයං ..මේ අම්ම නං නැ හොයා ඇවිදින්නේ ‘‘

‘‘ යනව තමා ඉතින්............අර පියංකරය තමා ඕකත් හොරකං කරන්ඩ ඇත්තේ , අපේ රුවන් ශ්‍රී ලාල්ගේ පීස් එකත් එහේ තියනව මං දැක්ක කියුවට පිලිගන්න එකක් යැ ‘‘

‘‘ රන්දෙනියලැ කොල්ල ‘‘

‘‘ ඔව් තාත්තේ ... ඒ අපේ එකම තමා .....ඒ පැත්තේ කොලය ඉරිල තියෙන්නෙත් අපේ එක වගේමයි ,  ඩිස්කෝ නටන්ඩ   සින්දුවත් අපේ එක වාගේම චරබර ගානව , මං එදා අම්මටත් කියුවා ‘‘

‘‘ එහේ  කැබිනට් එකේ උඩ තට්ටුවම පුරවල තියෙන්නේ කැසට් කෑලි වලින් , අපේ ඒවා ගෙනියයිද .......අනික අර කොල්ල ...........අනේ මුන් වගේ නෙමෙයි ....ඇවිත් යනකොට බඩගගා වැදල යන්නේ ..........ඒ ගෑනු මනුස්යත් ආපුවහම මා එක්ක කුස්සියෙමයි ...........රන්දෙනියත් ඉතින් සාලෙටවත් එනවයැ ...........මූ තමා ඒ කොල්ලවත් අල්ලගන කනක් ඇහෙන් නැති වෙන්ඩ ඕක කරකවන්නේ , .............මේ කනවනං බත් ටික කාල නිදාගන්නවද මටත් වලං ටික හෝදල දාල ඇල වෙන්ඩ ‘‘

ඔහොම ඉතිං තව මාසයක් හමාරක් ගිහිං දවසක එනව පියංකරයයි උන්ගේ අම්මයි අපේ ගෙදර . උං ආපු වෙලාවේ ඉදන්ම මං හිටියේ පියංකරයට ඇහැ ගහගන

'' අපිම එන්ඩ ඕන ඉතින් , කොහෙද ඉතින් නිකං වත් අපිව බලන්ඩ එනව කියල යැ ‘‘

‘‘ කොහෙද අනේ මේකෙන් එලියට බහින්ඩ වෙලාවක් , මුන්ගේ මලසුමේ කරනවා ඇරෙන්ඩ ‘‘

‘‘ අපි මේ ලතා ලැ ගෙදර ගිහින් එන ගමං , හතර වෙනියත් කෙල්ලෙක් ‘‘

‘‘ කලින් ලමයටත් එච්චර වයසක් නැ නේද , අපේ සුදුටත් එහෙම බාලද කොහෙද ‘‘

‘‘ඒක යැ වැඩේ මේපාර බඩ හරහට කපලනේ මෙතන ඉදන් මෙතෙන්ටම , බඩක් නැ ,මොකට කපනවද මන්දා ඔහොම , අපේ දෙන්නත් සීසා කරලනේ හම්බුනේ මගේ එච්චර කැපුවේ නැ , ඇවිදගන්ඩත් බැ අප්පා ‘‘

‘‘මට නං හතරදෙනාම නෝමල්නේ .....ඒ උනාට ඔපරේෂන් කෙරුවට අමාරුයි අනේ නිකං හම්බුනහම ‘‘

ඔන්න ඔහොම අනුන්නේ බඩවල් පලපුවයි . රෙදි අහක්වෙච්චයි . පැනල ගිය එව්වයි කතා කරකර මහ දෙන්නා ගෙවන අතරේ මං අරකගේ පස්සේ , මම දන්නවා තක්කෙටම මු තමයි කැසට් පීස් වලට ගේම දෙන්නේ , මට වඩා පන්ති දෙකක් උඩ හිටියට උස මහත උනාට මං දෙන්නං තොට අද , අතටම අල්ලගෙන ගෙදර උන් මට දෙන එව්වත් එක්කම අල්ලගෙන , අද මම පලන්නේ බොගේ ඔලුව ඉනේ බැදගන ඉන්න ටාසන් පිහියෙං .......කොලපත් කොපුවෙං  බැදගන ඉන්න තනි ලෑලි කෑල්ලෙන් තාත්තගේ ආවුද වලින්  දෙපැත්තට හීං කරල හදාපු කිනිස්සට අත තියන ගමං මං සැරින් සැරේ හිතනව , 

කොහොමහරි දවල්ට උයාපු බත් ඩිංගෙනුත් වෙනදට හම්බෙන හැදි දෙක දෙක හමාරෙං බාගයක් අඩුවෙලා , අපි තුන්දෙනාටත්  ප්ලාස්ටික් පිගානට බෙදල අරකටයි  උගේ අම්මටයි බෙදල දුන්නා , සමහරක්විට අම්මටත් බත් නැතුව ඇති .............එක අතකට එයාට බත් මොකටද .....හැම තිස්සෙම මාව කන එකේ ............චික් අම්ම ගැන එහෙම හිතන එක වැරදියි .....මතකනේ එදා ......තාත්තට වැඩ නැති කාලේ දවසක් .....කෝට්ටක් අරං අපි සෙල්ලං කර කර ඉන්නකොට ....පිට්ටනියට ඇවිත් මල්ලිවයි මාවයි ගෙදර එලවල ...අපි තව සෙල්ලං කරන්ඩ ඕන කියුවහම .....පැනි සුදුවගේ ගුටිත් එක්ක කෝට්ට කැඩෙනකං ... මට ගහල ,  මං දත් මිටි කකා එලියට වෙලා ඉදල ඇතිවෙලා ගෙට එනකොට 


‘‘ උඹල දගලල බඩ ගින්නේ ගෙට ආපුවහම මං මොනවද යකෝ ...කන්ඩ දෙන්නේ ....අද හුනුසාල් කැද විතරයි තියෙන්නේ ‘‘

කියුව හැටි , ඒත් ඇයි අම්මට බැරි මං ආදරේ තරං මට ආදරේ කරන්ඩ , හොදම එක්කෙනා වෙච්ච ලොකු අක්කව ටල් අම්මලට දීලා , නරකම චුටි අක්කව ලග තියාගන . කරන  තරං ආදරේ මල්ලිට කරනවනං , මාව මොකටද එහේ නොතියා ආයෙත් මෙහෙට ගෙනාවේ , මාව ඕන නං මට ආදරේනං ඇයි මාව අනුරාදපුරේ ඉදං ..ටල් අම්මලැ ගමේ රුවන්නැලි ඇරියේ ...ඉස්කෝලේ යන්ඩ , .......ආදරේට ඒක කලානං ඇයි ආයෙත් මාව අනුරාදපුරේට එක්කං ගියේ .......ආයෙත් වතුපිටිවල ඇවිත් ඇයි චුටි අක්කව සංඝබෝදි දාල මාව යටියන ඉස්කෝලෙට දැම්මේ , .........ඔන්න ඔහේ බඩ ගින්නෙම හිටපුවාවේ ........

ආයේ මං තාත්ත අම්මට රංඩු කරනකොට බේරන්නෙත් නැ . .................අම්මා කියන විදිහට ...තාත්තව දාල  ගියදෙං ...යන ගමං පොලිසියට කියලත් ගියදෙං .....යන ගමන් පොලිසියට කියල ගිහින් අම්මට රංඩු කලාට තාත්තව පොලිසියෙන් අල්ලං ගිහිං ..... කාකී කෝට් ගලවල ජංපරෙත් අන්දල ....හිරෙත් දාපු දෙං .....ඉතින් මට මොකැ ......මං සුදුවයි චුටි අක්කවයි මේ ගෙදර දාල .....රුවන්නැල්ල නිට්ටඹුව බස් එකේ නැගල සමුපකාරේ ලගින් බැහල යනව ටල් අම්මලැ ගෙදර ....................

එක්කෝ යනව සීත පුංචිලැ ගෙදර .....බාප්පා ගේන රස කෑම ..මාසයක් හමාරක් කාල යන්ඩ බැරියැ මොරාවතු.  බාගදා අම්මා තාත්තව පොලිසියට අල්ලලා දීලා  හැටේ අයියලත් එක්ක තාත්ත ...එළවලු හිටවනව බලන්ඩත් එත හැකි මට බස් එකක නැගල කළු මාමත් එක්ක එයා වැඩට යන උදේ බස් එකේ ...........චැ චැ ... ඒක හරි යන්නැ .... බොස්ටල් දාන්නේ ලොකු කොල්ලොනේ ....අපිව දාන්නේ මග්ගොන ....තාත්තලට ඉතින් ...අනුරාධපුරෙයි ...මහරයි ...කොළඹයි තමා.


ලොකු අක්කා දැං බත් කනව ඇති හරක් මස් එක්ක .......අද කට්ටියම ගෙදර ඉන්න දවස ..රස කෑම පිරිල .., , මං කන්නේ අලයි හාල් මැස්සොයි , පොලොස් ගැට මැල්ලුමයි ................ඒකත් නරක නැ .......කොස් මාලුවයි ... , පොලොස් මාළුවයි ....ජපං බටු කොල මැල්ලුමයි කනවට වඩා .....හොද වෙලාවට අද කොහිල නැ....

ඔන්න ඉතින් අපිට කන්ඩ තිබුන බත් ටිකත් බඩ පැලිච්ච අම්මයි පුතයි දැං යන්ඩ ලෑස්ති වෙනවා ,

මහ ගෑනි කතා කලහම ගේ පිටි පස්සේ මා එක්ක බිලිං ගැට කකා උන්න පියංකරය ගේ පිටින් නොයා කුස්සි දොරෙන් ඇතුල් වෙලා යන්ඩ හදනවා . ටාසන් පිහියත් අතට ගන්න මාත් හිමිහිට උගේ පස්සෙං ඇදෙනව .බාරාදෙ හරහා දොර රෙද්ද ඇත්කරගන සාලෙට ඇතුලු වෙච්ච පියංකරයා යන ගමං කැබිනට් එක උඩට අත දික්කරල කැසට් එක ගාව තිබුන පීස් එකක් අරං සාක්කුවට ඔබාගන්නව

උග් .....ආආ..ආ..

හොදට අත දිග ඇරල උගේ පිට මැද්දට පිහියෙං අනින මං 

‘‘ දිපීය අපේ පීස් එක ‘‘

.....තටාස් ....

තව එකක් ඔලුවට 

කැසට් පීස් එක බිම දාන පියංකරය ඉස්සරහ දොරෙන් එලියට බැහැල ගේට්ටු කනු දෙකෙනුත් එලියට ඇවිදගෙන යන අම්මට එකතු වෙනව , ඒත් එක්කම ගෙට එන අපේ අම්මා ....පිහියත් උලුක්කරගන දත් මිටි කකා දාඩිය පෙරාගන ගල් වෙලා ඉන්න මාව දකිනව 

‘‘මොකද ලොක්කෝ මේ ‘‘

‘‘ අරූ තමා කැසට් පීස් හොරකං කරන්නේ ...අද අතටම අහු උනා මේ පීස් එක සාක්කුවට දාගන්න කොට ‘‘

‘‘ සාක්කුවට දාගත්තනං ....බිමට ආවේ කොහොමද ‘‘

‘‘ මං ඌව අල්ලගන දෙකක් දුන්නහම  බිමදාල දිහුවා ‘‘

‘‘ අතටම අල්ල ගත්තනං මට කතා නොකර උඹ මොකටද මුදුනා වෙන්ඩ ගියේ ‘‘

2015-10-28

මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද



‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

‘‘ඔව් ඇයි ..මොකද ‘‘

‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

‘‘ඇ පකෝ ඒ තොගේ ගෑණිද ‘‘

‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති හුත්තවල් වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං කැරියා‘‘

‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘

‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘

‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘

‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘

‘‘ ඉර සර් ‘‘

‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘

‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘

‘‘ අර හුත්ති පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද හුත්තෝ උඩ බලාගන ඉන්නේ ‘‘

‘‘බඩ රස්සාවනේ සර් ‘‘

‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , පුක නොදි පලයං ‘‘

‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං  හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘

‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘

‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘

‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘

‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘

‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘

‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘

‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘

‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘

‘‘ මොකක් ‘‘

‘‘ මානසික පිස්සොනේ සර් ‘‘

‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර හුත්තට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘

‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘

‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘

............................................................................................

Edited Version...!!!!


‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

‘‘ඔව් ඇයි ..මොකද ‘‘

‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

‘‘ඇ යකෝ ඒ තොගේ ගෑණිද ‘‘

‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති මලදාන වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං බූරුවා‘‘

‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘

‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘

‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘

‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘

‘‘ ඉර සර් ‘‘

‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘

‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘

‘‘ අර ගෑනි පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද පරයෝ උඩ බලාගන ඉන්නේ ‘‘

‘‘බඩ රස්සාවනේ සර් ‘‘

‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , වද නොදි පලයං ‘‘

‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘

‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘

‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘

‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘

‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘

‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘

‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘

‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘

‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘

‘‘ මොකක් ‘‘

‘‘ මානසික පිස්සොනේ සර් ‘‘

‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර ගොන් බූරුවාට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘

‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘

‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘

2015-10-11

බයිසිකල් හොරු Bicycles Thieves


ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු සමාගමම බැදල එහෙම නැති හන්දා කොහොමටත් ඉතින් ඔතනට සැට් වෙනව හැම එකාම , පන්ති යන උන් එහෙමයි , කැම්පස් යන උන් එහෙමයි , වැඩට යන උන් එහෙමයි ......................මාත් ඉතින් වැඩට ගිහින් දවල් දෙකට ඕප් උනොත් ඉතින් ගෙදර යෑමක් නැ , එදාට ඉතින් පොඩි මල්ලි මං එනකං බත් එක තියාන ඉන්නව , ආයේ ඉතින් ඒක බරසාර බත් එකක් , වැංජං එහෙම එමටයි , පොඩි අවුලකට තියෙන්නේ ඒකල මාතර හන්දා ගිලින්නේ රතු බත් මට නං අන්දෝ සංසාරයි .

ඒත් ඉතින් මාළු පිනි යහමිං රහට තියන හන්දා ඇරල දානව කටක් , හැබැයි සමහරක් වෙලාවට අපි දෙන්නටම සිද්ධ වෙනව බඩ ගින්නේ ඉන්ඩ , තව එකෙක් දෙන්නෙක් හිටියොත් ඉතින් හුප්පේ තමා , කටකට දෙකකට වඩා අපි දෙන්නට කන්ඩ බැ , මට වගේම තියනව ඒකට පිරිසිදු ලෙඩේ , මටත් වඩා ලෙසටම , ආයේ ඉතින් කොලුවා දාඩිය ටිකක්වත් ඇගේ ගාගන්නේ නැ , එහෙම දාට එන එකාට බත් එක දීලා අපි දෙන්නා හවසට තේ වෙලාවට බිත්තර රෝටි එක්ක හරක් මස් හොදි පැලෙනකං බඩගින්නේ ,

 ඔය කියුවහම මතක් උනේ .....ඉස්සර උන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි මස්සිනා ඒ කාලේ මගේ බෙස්ට් පෙන්ත ..උන්ගේ අක්කට ලව් කරන්ඩ යන්නේ මහ රෑට අපි දෙන්නා වැඩ එහෙම ඉවර කරල ඒකගේ කඩෙත් වහල එහෙම .

මම ඉතින් බූට් හත අටක් වැදිල කීම්බ කාපු ගෙම්බා වගේ හිටියේ ඒ කාලේ ගෑණු අරහං ,


පස්සේ ඉතින් ඔය අටමි හම්බුනහම තමා හිතුනේ ඔන්න යකෝ ගෑණු කියල , කොහොමද මගේ තේරීම , ආයේ ඉතින් අපේ අම්මවත් මාව මෙහෙම බලාගන නැ , අර බුද්ධාගමේ තියන හොද බාරියාවෝ ලිස්ට් එකේ ඉන්න ඔක්කොම බාරියාවන්ගේ ලක්ෂන මේ ගෑනිට තියනවනේ අප්පා , බුදුන්ටත් වැරදිලාද මන්දා ,

මගේ බොක්කේ යාලුවෝනං කියන්නේ

එක යාළුවෙක්

අම්මිලට එහෙම හැම වෙලාවෙම කරදර කරන්ඩ හොද නැ , අම්මිලට අපේ හැම දේම කරන්ඩ බැ , අපි උදව් කරන්ඩ ඕන , එයාලට හැම බරක්ම පටවන්ඩ නරකයි , ඒ ළමයට උඹ මොකද හැම දේම කරන්ඩ දීල බලාගන ඉන්නේ.

මං

ඉතින් බං මට මොකවත් කරන්ඩ තියන් නැනේ , එයාට ඕන විදිහට හැම එකම කරනවනේ , මගෙන් අහන්නෙත් නැ , මොකක් හරි කරන්ඩ හැදුවත් බලෙන් හරි ...නැ නැ මං කරන්නං   ඔයා නිකං ඉන්ඩ  ඔයාට බැ සුදු රෙදි හෝදන්ඩ ....ඔයාට බැ හීනියට පොල් ගාන්ඩ ...........ඔයාගේ හොදි ළමයි කන්නැ ....අම්මල තමා දන්නේ   ළමයින්ට හොදි හදන්ඩ .....තාත්තල දන්නේ බයිට් උයන්ඩ  ......ගිහින් නාගන එන්ඩ ( මේ වචන ටික ඇහුනහම නං නිකං මොකදෝ වගේ ) ඇයි යකෝ තාත්තල දන්නේ  -කන්ඩ විතරද   ................. අද බෝතල් බාගයක් බිව්වා නේද .........හුම් හුම් ...වෙනදට කාල අද බාගේ වෙලා ඉතුරු ටික බොන්ඩ හෙට උදේට ..  මං තැත්ත කුක්කු හදල දෙන්නැ හෙට උදේටත් ඔය ඉතුරු ටික බොන්ඩ .....එහෙනං මට උදෙන්ම අම්ම කුක්කු ඕන ...................මේ විකාර නොකර දෑන් ඉතින් බත් ටික කනවද .......මල වදේ .....ඒක කියන්නේ ඇහෙන නොඇහෙන  ගානට

මං ඉතින් පට්ටන්දරේ දිග ඇරිය හම බුවා කියනව

,,ඒකනේ තෝ හෙන වැරදියි , පව් යකෝ අමාලි ,,

ඒකගේ ගෙදර ගියහම

අම්මි මේවා කන්න බැ අරව හදල දෙන්න

අම්මි කෝ අරක

අම්මි කෝ මේක

අම්මි අරක මතක් කරන්ඩ

අම්මි මේක මතක් කරන්ඩ

අම්මි අරක කරාද

අම්මි මේක කරාද

අම්මි මෙහෙම කරන්ඩද

අම්මි අපි මෙහෙම කරමුද

තව එකෙක්

,, යකෝ ඔහෙම ගෑනු අපිට හම්බෙන්නේ වාසනාවට ‘‘

ඒකගේ ගෙදර ගියහම

ඉතින් මට මොකද

මට වෙන වැඩ නැද්ද

ඕන මගුලක් කරගන්ඩ

කියන එක අහන්නැනේ

මට බැ

මාලග නැ

හරි හරි එව්වා වැඩක් නැ

ඔහොම  ජනේලෙට තට්ටුවක් දාල කතා කරහම අරකගේ කෙල්ල එනව එලියට , ඉතින් උන් දෙන්නා ලව් . මං තට්ට තනියම , එතකොට එලියට එනව පොඩි මල්ලි අක්කගේ පිට් එකටයි මගේ තනියටයි , දැන්නං පොර අහන්නේ

මංජු අයියේ සිකරට් එකක් බොමුද කියල
ඒ උනාට ඒ කාලේ එහෙම නැ
බොන්ඩ එපා අයියේ ඔව්වා ...මොකක්ද තියන තෘප්තිය

ඔන්න මං නං උන්ට ඔව්වා පුරුදු කලේ නැ

ඒ කාලේ ඕකා නාගන ඇවිත් අග වටේ රෙද්දක් පොරවං තමා පුටුවේ ඉදගන්නෙත් ඇග කිලුටු වෙයි කියල, ඉතින් ඔය පිරුවටෙත් පටලවන් තමා මේකා ගෑණු පරානේ වගේ මාත් එක්ක කයිය ගහන්නේ ,

ඉතින් කොහොමහරි අපේ බත් එක ( ඔව් යකෝ උන්ගේ අම්මා මටත් එක්ක බත් එවනව , එයාගේ කොල්ලට මදි වෙයි කියල බයට )  පස්සේ කාලෙක අපේ බත් එකට කෙලින්ඩ වෙන හෙනහුරෙක් පාත් උනා , ඒක ගැන මං කලිනුත් ලියල තියනව.

ඉතින් ඔය පොට් එකට බහිනව අපේ යාළුවන්ට අමතරව ෂොප් එකට එන කස්ටමර්ස්ල , රාගම බහුතරය කන බොන පොරවල් හන්දා කැමට බීමට කොතනත් එකයි , කඩයක් පිටිපස්සෙද , සාලේද , කුස්සියෙද , කක්කුස්සි වල උඩද කියල ඇායේ  ගැට්ටක් , ගනිච්චියක් නැ . ඒකනේ මෙච්චර බාර් , වයින් ඉස්ටෝස් , රෙස්ටුරන්ට් , මාළු කඩ , හරක් මස් කඩ , ඌරු මස් කඩ ,  කුකුල් මස් කඩ ...........ආයේ ඉතින් මට නං එකෙන්ම පතිරූප දේස වාසෝච ...තමා ....

ඉතින් ඔන්න එදා මං ඉන්නවා කඩේ , මේ කඩය තිබුනේ ස්පෝටින්ග් ස්ටාර් එකේ උඩ තට්ටුවේ , ඒ කඩ කාමරයේ කොන්කිරිට් එක උඩ තමා තිබුනේ අර ඒකාලේ රේස් බයිවල උඩ තිබුන  දඩාර දඩාර ඇන්ටනාව , දැං වගේ වයිබර්  වත්සප් ඉමෝ ලයින් කොයිද ඒ කාලේ , නොට්ටු ෆෝන් කියල ගැජට් එකක් තමා තිබුනේ ලාබෙට පිට රටට කතා කරන්ඩ , ඔය ගැජට් එක , අර ඒ කාලේ තිබුන සී එල් අයි යුනිට් එක වගේ එකක් , එක ටෙලිකොම් ෆෝන් එකට ගැහුවහම ඉන්ටර් නෙට් හරහ කෝල් ගත්තහැකි ,

ඩයල් අප් කෙනෙක්ෂන් එකක් වගේ සෙට් වෙනවද කොහෙද ඒ _ත්ත ෆෝන් ලයින් එකට , හැබැයි ගාන පට්ට සාදාරනයි , ටෙලිකොම් හරි ඒ කාලේ තිබුුන ඇනලොග් ෆෝන්වලට වඩා පට්ට ලාබයි , මගේ ඔය 0776 නොම්බරේ ගත්ත කාලේ තමා ඉන්කමින්ග් නිකන් දුන්නේ , ඊට කලින් මං පාවිච්චි කරපු හචින්සන් ටෙලිකොම් ඇනලොග් ලයින් එකෙත් ඉන්කමින්ග් වලට චාජ් උනා , ඒ ෆෝන එක මෝටර්රොල්ලා ඒ වන් තර්ටියක්





ඔය ෆෝන එක මොබයිල් ෆෝන හන්දියක් මයේ හිතේ . මොකද ඔක මොඩල් දෙකකින් ආවා , ඇනලොග් සහ ජී එස් එම් මාදිලි දෙකෙන්ම . අනික ඕකට පෙන්ටෝච් බැට්රි කෑලි හතරක් දාල කෝල් ගන්ඩත් පුලුවන් .

ඔය ඩයලොග් නම්බරේ මං ගන්න කොට මට හම්බුනා ඉන්කමින්ග් තර්ටි සෙකන්ඩ් ප්‍රී , පස්සේ අවුරුද්දක් විතර ගිහින් වන් මිනිටි නිකං හම්බුනා  , කාඩ් කනෙක්ෂන්වලට එන කෝල් නිකන් දුන්නේ ඉස්සෙල්ලම එහෙමයි , ඒ කාලේ මිනිට් මයින්ඩර් දාගන තමා පාවිච්ච කරන්නේ , සීයේ පනහේ කාඩ් නැ , හාරසීයේ දාහේ කාඩ් විතරයි තිබුනේ , ගල්බෝතලෙත් තුන්සිය අනුපහයි , බ්ලුලේබල් බෝතලේනං තුන්සිය හැට පහද කොහෙද , ඉතිං අප්පච්යේ ඔය දාන හාරසීයේ කාඩ් එක පරිස්සං කරනවා , .........කාල බොන සිකරට් එක වගේ ....කසාද බැන්ද ගෑණි වගේ ......අම්මප .


ඊට පස්සේ ගත්තා මෙන්න මෙව්වා එකක්



ඔන්න ඔය තියන ලානිල් පාට එකට තමා මං ඒ ඩයලොග් සිම් එක ඉස්සෙල්ලම දැම්මේ , එරික්සන් එකක් , ගත්තේ ආමි බුවෙක් ගෙන් කඩේට ආපු , අළුතෙන් ගන්ඩ බැ , පට්ට ගණන් ,

ඊට පස්සේ මෙන්න මේ සජම් එක





ඊලගට පාවිච්චි කලේ  මෙන්න මේ සීමන්ස් සී 35 එක




ඊලගට ගත්තා මේක , ටී ටෙන් එකක් , ඌ නං කැරි තම්බියෙක් , මේ ලගදි ආවා ෆෝන් එකක් හදාගන්ඩ , මං බැනල පන්න ගත්තා







මේකත් මරු පැනසොනික්






















ඊලගට ගත්තා මෙන්න මේක , සීමන්ස් ඒ 55  එකක් ඒක බෑන්ඩ්නිව්










ඊලගට මේක  නොකියා එකක්







ආයෙත් මේක ගත්තා , ඒකත් නොකියා





ඊලගට මේක







ඉටස්සේ ඉතින් මේක





මෙන්න මේවාගේ චයින්ද කොහෙද එකක් , නම ප්ලයිද මන්දා





අම්මෝ ඊටත් පස්සේ කීයක් නං ගත්තද , ඔයිට පස්සෙත් තව දහයක්වත් ගත්තා මයේ හිතේ , ඇන්ඩෝයිඩුත් පහහයක්ම ගත්ත එකනේ , බහිමුකෝ කතාවට ආයෙත්

පස්සේ ඉතින් ඔය කඩේ වහලය උඩ තියන රේස් බයි එකේ දීසී ඇන්ටනාව හන්දා මිනිස්සු හිතන්නේ අපි ලාබෙට රට කෝල දෙන්නේ ඒකෙන් කියල , එනව වැල නොකැඩි , මොකද ඒ වෙනකොට කවුරුවත් රාගම නෙට්ටු ෆෝන් කෝල දෙන්නේ නැ ,
ඔන්න ඉතින් අපි දෙන්න ඒ කියන්නේ පොඩි මල්ලියි මායි මම කෙට ඔෆ් වෙලා ආපු දවසක බත් ගෙඩිය වලදලා එහෙම කඩේ ඉස්සරහට වෙලා සිකරට්  එකක් ගහගන ඉන්නකොට එනව අපේ  බුකුං බුකුං . පොර තාත්තගේ සල්ලි වලින් ගත්ත මවුන්ටන් පුටාර් එකේ නැගල , මහපාරෙදිම බොහොම පරිස්සමට බයික්කෙන් බැහැල කනුව උඩින් තියන කොන්කිරිට් ලෑල්ලට උඩින් තල්ලුත් නොකර උස්සගන ඇවිත් . අලු පාටට දිලිසි දිලිසි තියන බයික්කෙක හේත්තු කරල නැග්ග පඩි පෙල , 

‘‘ මොකද බුකුමෝ උඹ වැඩට ගියේ නැද්ද ‘‘

‘‘ බැ ඔයි එයත් එක්ක වැඩ කරන්ඩ , ඊට හපං අරයත් එක්ක ගෙදර ඉන්න එක ‘‘

‘‘ ඇ බං මංජු අයියේ මූට මුන්ගේ ගෙදර ඉන්ඩ බැ කියන්නේ අපි දැං දහ පහලොස් පාරක් ගෙදරින් පැනල යන්ඩ එපැය ‘‘

‘‘ ඒකනේ බං උඹලගේ අම්මයි තත්තයි හෙන ආතල්නේ බං ‘‘

‘‘ උඹල දන්න හුත්ත ... උඹලත් එක ළමය උනානං ..දැනගන්ඩ තිබ්බා ... ඇයි යකෝ මාව කන්ඩ හදන්නේ හදාගන්ඩ එපැය තව හතර පස්දෙනෙක් ‘‘

‘‘හරි දැං මොකද උඹට තාත්ත එක්ක වැඩ කරන්ඩ බැරි ‘‘

‘‘ හැම එකටම බයිනවනේ ඕයි ... අනික මට බැ ඔය පයිප්ප වැඩයි ...වයිරින්ග් වැඩයි කරන්ඩ ‘‘

‘‘ අපරාදේ යකෝ තාත්තට තියන වැඩ ඇති තොට මැරෙනකං කරන්ඩ . පිස්සු නොහුකා හෙට උදේට පල . එදා අපි එක්ක අංකල් කියුවෙත් එය ටිකමයි ‘‘

‘‘ මට බැ මන් ඉලෙක්ටෝනික කරනව ‘‘

‘‘ ඒ යි ඒයි අන්න බඩු මාට්ටු කවුද එකෙක් උඹේ බයික් එක ගෙනියනව ‘‘

පොඩි මල්ලි එහෙම කියපු ගමං මං බැලුවේ පඩි පෙලෙන් පල්ලෙහා

කවුදෝ සෝටක් දාපු හතලිහක හතලිස් පහක පොරක් බුකුන්ගේ බයිසිකලේ තල්ලු කරන් යනව
‘‘ අඩෝ තියපං හුත්තෝ බයිසිකලේ ‘‘

කියාගන මං පල්ලෙහාට දුහන්ඩ හදනකොට පොඩි මල්ලිත්

‘‘ අදනං අතේ කෝට් දෙන්නේ සද ගුටි ‘‘
කියාගන මගේ පස්සෙන් වැටුනා

ඒත් එක්කම වචනයක්වත් නොකියා බයිසිකලේ අරං යන්ඩ හදන එකා අතින් පයින් ඔලුවෙන් ඇස් දෙකෙන් ........ලගකට .........හදිස්සියකට යනවා....... ටක්ගාල ..............එනවා වාගේ එකක් කියුවා

‘‘ එහොම හිටහල්ලා යකුනේ මොකක් හරි හදිස්සියක් වෙන්ඩ ඇති ‘‘

කියල කියුව බුකුං මලය අපි දෙන්නව නැවැත්තුව

තව ටිකකින් කඩේට එන කස්ටමර්ස්ලව බල බල පැයක් විතර හිටපු අපි දෙන්නට බයිසිකලේ වගක් මතක නැති උනා , සැරින් සැරේ එලියට ගිහින් බලල එන බුකුමා

‘‘ මංජු අයියේ අර මනුස්සය තාම බයික් එක ගෙනත් තිබ්බේ නැනේ ‘‘

‘‘ ඇ යකෝ උඹ ඌව අදුරන්නේ නැද්ද ‘‘

‘‘ අඩේ මංජු අයියේ මාත් සිරාවටම හිතුවේ අපිව නවත්තන කොට මු ඌව දන්නව ඇති කියල ‘‘

2015-09-24

බාගන වැලයක් දෙකක්




ගෙට පැනල කුදලාන යන
මොංගල් පොලීසිය                                        
තොප්පිය කහන කාලේ                                
දෙවරක් දෙක කරලම නැද්ද                          
ඇලේ දොලේ නාන කොට                            
අක්කලා නැන්දලගෙ                                  
කුක්කු පැති කක්කී පැති                                
ඇහෙං කෑවෙම නැද්ද                            
දං එරමිනියා ඇඹල් පේර                              
කන ගමන් කොල්ලෝ එක්ක                        
බිජු කොටවලත් නැද්ද                            
කපල උරවලත් නැද්ද                              
දං ගෙවල් වල                                              
සෙල්ලං පිටියෙං                                        
කෙල්ලන්ව පන්නං                                      
චූ රස බලලාම නැද්ද                                
එකෙක් හරි ඇති නං                                      
වංඩියක් බස්සලා                                          
ඇට දෙකත් මිරිකල                                      
උස්සාන ගිහිං                                          
ඒ අතීතකාලේ                                                
ඒකල හිටිය පැත්තේ                                      
ඇඩුරස් නැති රේප්වලට                                
නග්ගන්ඩම ඕනේ

2015-09-11

සුද්දා වගේ එලියට ඇදල



‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘

‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘

‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං මේ අහම්බෙං ඇරල තියනව දැකල ගොඩ උනේ ‘‘
‘‘ තොපි ඉතිං අහම්බෙං ගොඩ උනොත් තමා , අමාලි ගෙදර ගියා වෙනදටනං මීටත් පරක්කු වෙනකං ඉන්නව ‘‘

‘‘ එහෙනං වැඩේ නැගල යනව ‘‘

‘‘ එහෙමට අවුලක් නැ ඉස්සර වගේම තමා , නග්ගල ගත්තහම අන්තිමට හොදට යනව ‘‘
‘‘ ඔය ඉතිං කියුවේ .....එහෙම මගුලක් නෙමෙයි යකෝ බිසිනොස් කොහොමද ‘‘
‘‘ අමාලිටනං තියනව බං වැඩ කරගන්ඩ බැරි තරමට , මට නං එහෙමට නැ ‘‘
‘‘ ඒ ඇයි බං ඒ ‘‘
‘‘ එහෙමට මිනිස්සු ගැවසෙන තැනක් නෙමෙයිනේ බං , මෙතනින් යන්නේ එන්නේ අපිව දන්න උන්මනෙ ‘‘

‘‘ අපරාදේ උඹට වෙන තැනකට සෙට්වෙන්ඩ තිබුනෙ ‘‘
‘‘ අතේ තියන ගානටනේ බං තැන සෙට්වෙන්නේ ‘‘
‘‘ මොකෝ මොකවත් කරේ නැද්ද අද ‘‘
‘‘ ඊයෙනං පොඩ්ඩක් දැම්මා , අද නැ බං , දනපාලය දැං මා එක්ක වැඩි පයරු පාසානමක් නැනේ බං දැං ‘‘

‘‘ දනපාල තරහ වෙන එක අහන්ඩ දෙයක්ද මංජු අයියේ , කොහෙද උඹලගේ කිසිපරිස්සමක් නැනේ ‘‘

‘‘ පරිස්සං කරන්ඩ මොනවද බං තියෙන්නෙ ‘‘
‘‘ තියනවෙලාවට කීයක් හරි ඉතුරුකරහං බං ‘‘
‘‘ මචං තියනවෙලාවල් වලට තියන ගාන තියන වැඩ වලට මදිනං ඉතුරුකොරන්නේ #$@$ත්තද ‘‘
‘‘ ඒකනේ බං කියන්නේ දැං බලහං මං වයිෆ්ව කඩේ අරින එක නවත්තල තියෙන්නේ , ඕන කරන බඩු ටික මං ගෙනත් දෙනව , අතට සල්ලි දීමක් නැ , ඕනම වෙලාවට ඒ වැඩේට ඇතිවෙන්ඩ විතරක් සල්ලි දෙනව , ඔය මාලු කඩේට ගිහිං පොඩි මාළු කිලෝ එකක් දෙකක් අරං , එන ගමං කරි චිකන් ටිකකුත් අරං ඇවිත් කපලා කෑලි පහ හය ගානේ මලු පහලවක්  විස්සක්  හදල පීජ් එකට දානව , ආයේ ඉතින් මාසෙටම ඇති , එළවලු ගත්තත් එදාට ලාබ එව්වා තමා ‘‘

‘‘යකෝ තොගේ ගැනී නිකං ගෙදර ඉන්න හන්දා තොට ඔය ඔක්කොම කොරතහැකි , වෙලාවකට  මං නැත්තං අමාලි යන්නේ ඉස්කෝලෙට ෂොප් එක වහල ‘‘
‘‘ උඹ ඉතින් අති පන්ඩිතනේ ...හා කියහං උඹලට ගෑස් එක මාස කීයක් පාවිච්චි කරත හැකිද ‘‘
‘‘ හරියටම මන්දා බං ඕන්නං මාස එකහමාරක් තියෙයි ‘‘
‘‘ ඕයි මංජු අයියේ තමුසෙ දන්නවද අපේ ගෙදර ගෑස් සිලින්ඩරේ දැං හරියටම මාස අටක් ‘‘

‘‘ ඇ යකෝ අර ගේන මාළු මස් තොපි අමුවෙන්ද කන්නේ ‘‘

‘‘ ඔෆිස් වාහනයක් මේ පැත්තට එනවෙලාවට මං පැලට් ලෑලී ටිකක් පටවල එවනව , දරවලින් තමා උයන්නේ ‘‘
‘‘ අර දිවියලෝකයක් වගේ කුස්සයේ ‘‘

‘‘ නැ බං එලියේ ලිපක් හදල තියෙන්නේ ‘‘
‘‘ ඇ බං ගෑණි උදේට උඹ ගෙනියන බත් ගෙඩියත් , මහ පාන්දර නැගිටගන එලියේ ලිපේ උයනවද ‘‘
‘‘ ඒක තමා කියන්නේ එහෙම නැතුව ගොඩ යන්ඩ බැ , කොටින්ම පොඩි උන්ට ගෙදර හදන දෙයක් ඇරෙන්ඩ , කඩෙන් ඇරං කිසිම දෙයක් දෙන්නැ ‘‘
‘‘ අනේ බං ඒ උනාට අයිස් කිරිමක් , කිරි පැකට් එකක් ඉල්ලුවහම කොහොමද ඇදං එන්නේ ....හිත වාවන්නේ නැනේ ‘‘
‘‘ එහෙම තමා බං කැපකිරීම් කරන්ඩ ඕන ‘‘
‘‘ අනේ මන්ද මට ඔය බෙට්ටට ඇඩිල්ල පුරුදු නැ බං  ‘‘

‘‘ අන්න හරි උඹ දැං මට ඕන තැනට ආවා ‘‘

‘‘ මං කියන්නං උඹට කෙලවෙන්නේ ඇයි කියල ‘‘
‘‘ හම් කියහංකෝ ‘‘

‘‘ මං මේ උදාහරනයක් දෙන්නේ ....ඊලගට මේක අල්ලගන අම්මට අප්පට කියන්ඩ එපා ‘‘

‘‘ හරි හරි කියහංකෝ %7ත ‘‘

‘‘ උඹට මතකද එදා ධම්මිකයගේ වෙඩින් එකට ගිහින් කට්ටිය කට්ටිය සිකට් නැ කියල ගේන්ඩ යන්ඩ හදනකොට ..සුද්දා වගේ එලියට ඇදල මේසේ උඩට දොලැහේ පැකට් එක විසික්කෙරුවා ‘‘

‘‘ ඉතින් &කෝ මං ඒක දුන්නේ තොපිටනේ ‘‘

‘‘ හරි හරි අනිත් එවුන් කඩේ යන්ඩ යන්ඩ කිය කිය ඇද ඇද ඉන්නකොට උඹ ඒක දුන්නේ අපිට තියන පිට් එකට තමා , ඒක නෙමෙයි පොයින්ට් එක ...ඊලගට ඒකත් ඉවර උනහම උඹ අමාලි අක්කා ලගට ගිහින් සල්ලි ඉල්ලගන විස්සේ පැකට් එකක් ගෙනත් මේසය උඩට දැම්මේ ඇයි .....අන්න ඒවාගේ දුර්වල කං තමා උඹ හදාගන්ඩ ඕන ‘‘

‘‘ ඇ වේ& ගේ පුතෝ සිකරට් ඉවර වෙලා තෝ නේද ඇහුවේ .....මංජු අයියේ සිකරට් ඉවරද බං කියල ‘‘
‘‘ අඩේ මං එහෙම ඇහුවද බං ‘‘

‘‘ මේ අහපං මං කාගෙවත් බාග ඉල්ලං ගහන්නැ ඒ ලොකු කමකට නෙමෙයි , මට බාගයක් ගහල මදි හන්දා ,
 අනික මට අනිත් එවුන කෙල ගිලිනකොට පැකට් එක සාක්කුවේ දාගන බීලා පුරුද්දකුත් නැ , මං අවුල් වෙන කොට පෙෂර් වෙනකොට නෝමල් වෙන්නේ සිකරට් එකක් ගහල ,  සමහර වෙලාවට වැඩ කරනකොට පැය හතරපහ මං සිකරට් නොබී ඉන්නව , හැබැයි මං වැඩේ ඉවරවෙච්ච ගමං කරන්නේ සිකරට් එකක් ගහන එක , ඒ හන්දා මං සිකරට් ලග තියාගන ඉන්නේ , කවුරු හරි සිකරට් ඉල්ලුවොත් දෙනව ‘‘

‘‘ හරි හරි උඹට ඉතින් කියල මොකුත් තේරුං කරන්ඩ බැනේ , හිටහං මං සිකරට් එකක් අරගන එන්නං ‘‘

‘‘ උඹ දවසට සිකරට් කීයක් බොනවද බං ‘‘

‘‘ මං උඹ වගේ පවුකාර කමට බොන්නැ ‘‘

‘‘ හරි හරි කීයක්ද කියහංකෝ ‘‘

‘‘ සිරාවටම බං මංජු අයියේ ....මං ඔය ඔෆිස් එකේ කොල්ලෝ දවල්ට කාල ගහනකොට , ආතල් එකට උගුරක් දෙකක් ගැහුවට මේ වගේ වෙලාවකට , පාටියකදී ඇරුනහම සිකරට් බොන්නේ නැ ‘‘

‘‘ ආ එහෙමද ‘‘

‘‘ හුකා අර කඩේ වහලනේ බං ‘‘

‘‘ වරුණ හෝටලේද ...ඒක දහයට වහනව ‘‘

‘‘ දැන් කොහෙද බං සිකරට් ගන්ඩ තැනක් තියෙන්නේ ‘‘

 ‘‘ රාගම නයිට් කඩේ ‘‘

‘‘ අප්පෝ දැං එහේ යන්ඩ බැ ‘‘

‘‘ එහෙනං නිකා හිටහං ‘‘

‘‘ උඹ ගාව සිකරට් නැද්ද ගෙනාපුව ‘‘

‘‘ තියනව හැබැයි දෙන්නේ නැ ....මොකද මට හෙට උදේට සිකරට් ගන්ඩ සල්ලි නැ ‘‘

‘‘ හරි ඉතින් ආ දියං ..මං සල්ලි දෙන්නං ‘‘

‘‘ සීයකට ‘‘

‘‘ ඔව් දෙකක් දියං ‘‘

‘‘ ආ ඉදා ..හැබැයි මට උඹට ඉතුරු දෙන්ඩ සල්ලි නැ ... සන්තකේටම තියෙන්නේ තිහයි ...මං පස්සේ දහයක් දෙන්නං ‘‘

‘‘හරි බං ..මං උඹෙන් දහයක් අරං අජරාමර වෙන්ඩද ‘‘

‘‘ආ මෙන්න ‘‘ 

‘‘ අතට දියංකෝ බං ඔහොම මේසය උඩට දාන්නේ ...කස්ටමර්ස්ලටත් ඔහොමද , කෝ ගින්දර ටිකක් දියං ‘‘

‘‘ දැන් එතකොට කෙලත් මගෙන්ද ‘‘

‘‘ ඇතුලෙ බොන්ඩ බැනේ වරෙන් එලියට ‘‘

මේසේ උඩට දාපු සිකරට් එක ආයෙත් අතට අරං මාත් කඩෙං එලියට බැස්සා

‘‘ කෝ දියං ලයිටරේ ‘‘

‘‘ අඩෝ මට වික්ක සිකරට් එක උඹ බොනවද ‘‘

‘‘ ඔව් උඹ කඩේ යන්ඩ ගියේ අපි දෙන්නටම යාළුපිට් එකට බොන්ඩ සිකරට් ගේන්ඩනේ ‘‘

‘‘ ඇ %ත්තෝ දැං තෝ මට ගෝල්ලිප් එකක් හැත්තැවට වික්කේ පිට් එකටද ‘‘

‘‘ ඉතින් බං උඹ මට ගොඩ යන්ඩ කියුවේ එහෙමනේ ‘‘

2015-08-04

Download අටම්පහුර and අටම්පහිය new Android App

ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග් රෝල පාවිච්චි කරල බ්ලොග් කියවන අය ඔය දකුනු පැත්තේ තියන අටම්පහිය බ්ලොග් සින්ඩිකේටර් පින්තුරේට කොටල එතනට ගිහින් කියවන්න , බ්ලොග්වර්ගීකරනය කරල කියවන්ඩ ලේසියට වෙන වෙනම ගොඩවල් ගහලයි තියෙන්නේ .

අන්දිරිස් ෆොන් වලින් කියවන කට්ටියට ලේසිවෙන්ඩ මං අන්දිරිස් ඇප් දෙකකුත් හදාගත්තා . අටම්පහුරෙත් අටම්පහියෙත් දකුනු පැත්තේ ඒවා බාගන්ඩ යන්ඩ ඕන තැං දාල තියනව .


එව්වා බාගන්ඩ ගියහම ඔයාලට මෙන්න මෙහෙම පිටුවක් එයි .


ඒකේ ඩවුන්ලොඩ් ඇප් කියන එක ක්ලික් කරන්ඩ 



එතකොට ඔන්න ඔහොම එකක් ඇවිත් apk පයිල් එක බාගතවෙයි , ඕක අන්දිරිස් ෆෝන් එකට ස්ථාපනේ කරන්ඩ ගියහම අන්දිරිස් නිකං බැ බැ වගේ කියුවොත් සෙටින්ග් වලට ගිහින් ඔය පහල රූපේ තියන විදිහට කොරන්ඩ,





එතකොට සියලු රෝග නිවාරනයි.

අනික ඉතින් මේක දැම්ම කියල අන්දිරිස් ෆෝන් එකට කෙලවෙන්නෙත් නැ.

2015-07-27

හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්




දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක්
මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක්
ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ රන්මලක්
එන්න තිබුනේ මාවෙතට නුඹ අතීතෙයි ඇතක දුරක්

දුටුවදා සිට සිසිල දෙන්නට පෙරුම් පුරනා දුක් සිතක්
ලඟින් ඉන්නත් වරම් නැ මට බැබලුවේ ඇයි වෙන ගසක්
අපේ සුන්දර මතක සැමරුම් වෙන්නෙ ඇයි මට ගිනි ගොඩක්
අකීකරු හිත හිරකරන්නට දන්නවද නුඹ ගල්ලෙනක්

නුඹේ දෙනයන සිහින් කටහඩ මවනවා මුත් රසවිතක්
සිනිඳු අතැඟිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්
ලොවම වරදක් ලෙසට දැක්කත් තියනවාදෝ මට වගක්
හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්

2015-07-13

ලබ්බා කියන්නේ ඇයි


නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල චන්ඩින්ගෙන් ගුටි කන්ඩ ඕන , මෙහෙන් ගමේ චන්ඩින්ගෙන් කන්ඩ ඕන , ඉස්කෝල චන්ඩින්ගෙන් නං එහෙමට අභියෝගයක් එල්ලවෙන්නේ නැ , කොහේ ඉදන් කොහෙට ගියත් චන්ඩි කොලනියකටම පදිංචියට යන්ඩ වෙන හන්ද ,

එහෙම උනහම ඉස්කෝල චන්ඩි පාට් එක දාන්ඩ එන්නේ නැ , උන්ගේ තාත්තල චන්ඩිකං කරල නොන්ඩි උනහම අවුරුද්දක් හමාරක් සැප ගන්ඩ බහින පොට්ටෙකේ උන් කියල පොඩි ගෞරවයක් තියන හන්ද , අනික මොනවහරි කේස් එකක් දැම්මහම චන්ඩි කොලනියේම ඉන්න වෙන ඉස්කෝල වල උන් හිටං බැහැල

‘‘ කවුද ඩෝ අපේ ක්වාටර්ස්වල උන්ට සයිස් දැමිමෙ කියල අහන හන්ද ‘‘

එහෙම පත්තුවෙච්ච සමහරක් සින් ..අන්තිමට පොඩි චන්ඩින්ගේ  මහ චන්ඩිත් ( ලයිසන් චන්ඩි) බැහල ඉවරවෙච්ච පරන සීන් මතක් උනහම එකෙක් පාට් එක දාන්ඩ එන්නේ නැ. ගොඩක්වෙලාවට වෙන්නේ පන්තියේ ඉන්න චන්ඩියා ත....චන්ඩි සෙට් එක ඇවිත් අළුතින් ඉස්කෝලෙට බැස්ස එකාව තමන්ගේ කල්ලියට ආරාධිතව  ගරු සාමාජිකයෙක් ලෙස බදවගන්න එක තමා.

හැබැයි නේවාසික කොලනියෙදි සින් එක වෙනස් ඔයිට හාත් පසින්ම , ගුටි කන්ඩ , කින්ඩි කන්ඩ , මැඩ වෙන්ඩ , ගුටි  දෙන්ඩ වෙනව අම්බානට , පොඩ්ඩක් හරි ඔලුව උස්සන්ඩ නං තමන්ට වඩා වයසෙන් , ඇග පතෙන් අඩු ටිකක් ලොකු සීන් එකෙන් ඉන්න එකෙක්ට දෙන්නෙක්ට කදුළු පනින්ඩ දෙන්ඩම ඕන.

කොහොම හරි රාගමට ආව මුල් දවස්වල මට ඔහොම අභීයෝග කිහිපයකටම මුහුණ දෙන්න උනා, මුලින් මුලින් මග ඇරලා ගියාට මොකද , පස්සේ පස්සේ කට්ටිය සෙට් වෙලා මග රැකලා ඉන්න  තත්වයක් උදාඋනා , බේරිලා යන්නම බැ, පාරේ අයිනෙන් යනකොට ඇගට ඇවිත් හැප්පෙනවා, මූණ ඉස්සරහා හිටගන නහය දිහා බලාගන ටිකක් වෙලා ඉදලා මගෙන් අහනවා

''ඇයි මොකද .....ගේමද ඉල්ලන්නේ''


ගෙදරට නඩු ඇරගන යන්ඩත් බැ  අපේ ගෙදර නඩු විසදන  අසාධාරණ ක්‍රමය හන්දා. ගෙදර ගිහිල්ලා මම කියුවෝතින්

''පාරේ යන්ඩ දෙන්නැ අරුං මට ගහන්ඩ එනවා කියලා''

''උඹ මොනවද උන්ට කරේ, මම කියලා තියනවානේ ඒක එකා එක්ක එල්ලෙන්ඩ යන්ඩ එපා කියලා''

අනිවා අපේ මහදෙන්නා ඉස්සෙල්ලම අතට අහු උන එකකින් මට නෙලනවා


ඕක හන්දා ගෙදරට කියන අදහස අත ඇරලා , අයියලා නැති උන් දෙතුන් දෙනෙක් බලලා තනියම අහු උන වෙලාවක චැලෙන්ජ් කරා තනි තනියම ගහගන්න. මම ඒ කාලේ බොහොම කෙසගයි අතපය දිග හන්දා මට වදින්ඩ කලින් කොහොමත් මට පාරවල් දෙක තුනක් උන්ට කෙලලා අරින්ඩ වාසනාව ලැබුනා. ඊට පස්සේ දගලන්ඩ බැරිවෙන්ඩ බදලා හිර කරලා අල්ලගෙන

''තෝ ආයේ මා එක්ක ගේමට ආවොත්  දෙන්නේ මෙහෙම නෙමෙයි හරිද''

කියලා සත්තමක් දැම්මහම ආයේ ඌ එන්නේ නැ,  සැහෙන කාලයක් ගියහම තමා ඉතින් මුණ දීලා කතාබහ කරන්නෙවත් ,

ඔය විදිහට දමියට ගහපු දවසේ සැහෙන වෙලාවක් දෙන්නා දෙන්නව මෙල්ල කරගන්ඩ පොර කෑවා, දෙන්නම පැරදෙන්ඩ කැමති නැ , සෑහෙන වෙලාවක් බිම පෙරලිලා දගලලත් එකෙක්වත් පරාද උනේ නැති හන්දා දෙන්නා ගේම අත ඇරලා දාලා බිම ඉදගන හති ඇරියා,

''උඹ ඔච්චර මා එක්ක තරහා මම මොන වරදක් කරාටද''

අරූ මොකුත් නොකියා මගේ මුණ දිහා බලාගන ඉදලා

''වරෙන් යන්ඩ මාත් එක්ක පේර කඩන්ඩ''

‘‘කොහෙද බං ‘‘

‘‘ සල්බාත් කැලේ  , උඩවගාවට පැන්නොත් අන්නාසිත් තියනව ‘‘

‘‘ ඒ කොහෙද බං ‘‘

‘‘ වරෙන්කෝ පෙන්නන්ඩ . ...මං ගෙදර ගියොත් අහුවෙනව අම්මට උඹ ගෙදර ගිහින් පිහියක් අරන් වරෙන් , අපි කෙහෙල්කනකුත් කපල හංගමු ‘‘

මං ඉතින් අරුව බැරුක්කේ  ගාව පරන බාල්දි කක්කුස්සියේ පඩිපෙල උඩින් ඉන්දවල ජෑම්ගහ ලගින් පැනල ගෙදර ඇවිත් හොරෙන්ම තාත්තගේ උල් පිහිය කඩදාසියක ඔතල ඉනේ ගහගන ඇවිත් දමිතගේ පුක පස්සේ වැටෙනව.

‘‘ පේර පස්සෙ කඩමු . ඉස්සෙල්ල කොරියට පැනල උඩ වගාවේ  අන්නාසියි කඩමු , මේ වෙලාවට අංකල්ල කවුරුත් එන්නැ . පාටි කාරයෝ වහන්ඩ ඇරං යන්ඩ පෝලින් ගහනව ‘‘

‘‘ අහුවෙයිද ‘‘

‘‘ පිස්සුද බං අපි ඕන තරං කඩන්නේ . අහුඋනත් මොකවත් වෙන්නැ . ටිකක්වෙලා තියං ඉදල අත ඇරල දානව , හැබැයි තාත්තගේ නම කියන්ඩ එපා . වෙන කෙනෙක්ගේ නම කියහං ‘‘

‘‘ කාගේ නමද කියන්නේ ‘‘

‘‘ උඔ කියහං ඒයුද සිල්ව කියල . මං කියන්නං ඇල්බට් රණසිංහ කියල ‘‘

‘‘ ඒ  කවුද බං ඒ ‘‘

‘‘ පියාලගේ තාත්තයි . නිරෝලගෙ තාත්තයි‘‘

‘‘ උන් දැන ගත්තොත් ‘‘

‘‘ ඉතින් මොකද ..උන්  දවසක් පරයි අල්ලන්ඩ විසිට් රූම් එකේ වහලෙට නැගල මාටිටු වෙලා ...තාත්ත කවුද ඇහුවහම වීරසිංහ කියල ‘‘

‘‘ අපේ තාත්ත මට ගැහුවටත් වඩා අසංක අයිය ගැහුවා ‘‘

‘‘ අර උඹලගේ ගෙදර ඉන්න වැඩට යන අයියද  අසංක අයිය කියන්නේ , ඒ ..උඹගෙම අයියද ‘‘

‘‘ නැ අපේ ගෙදර මායි නංගියි විතරයි ... ..ඒ උනාට එයත් අපේ අයියෙක් ‘‘

‘‘ එ කියන්නෙ නැයෝ , නැන්දලැ මාමලැ අයියෙක්  ‘‘

‘‘ නැ එහෙමත් නැ , ඒ උනාට සිරිගම්පල සීයලගේ ගෙදර ඉන්නේ ‘‘

‘‘ එහෙනං උඔලගේ අම්මට නැන්ද කියන්නේ  ‘‘

‘‘ මං දන්නැ ඔව්වා , කවුරු හරි ඇහුවොත් තාත්තගේ නම කියන්ඩ එපා ‘‘

අපි දෙන්න දැං පාර දිගේ උඩහට යනව . මං කවදාවත් ඒ පැත්තට ගිහින් තිබුනෙත් නැ . ඒ පැත්තම පට්ට පාළුයි , මු මාව මරන්ඩ ගෙනියනවද මන්ද . ඔය ඕන තරං පොත් පත්තරවල තියෙන්නේ තරහකාරයෝ තරහ නොපෙන්නා කැලේට අරං ගිහින් මරණ සීන් , ...එව්වා කොහෙද මා එක්ක ...උල් පිහිය මගේ අතේනේ .....ඇනගන ඇනගන යනව මැරෙනකංම ....

‘‘මේ තියෙන්නේ අපිට වතුර දෙන වතුර ටැංකිය ‘‘

කැලැව මැද්දෙං ඇවිත් ටිකක් එලි පහලිය තියන තැනක පුට්ටු ගෙවල් දෙකක් ලග තියන උසම උස ,වතුර ටැංකියක් පෙන්නල දමිය මට කියනව

‘‘ අඩෝ මාර උසයිනෙ ‘‘

‘‘ අපි හොරෙන් ඕකට නගිනව , සිරිපාදේ හිටං පේනව , මේ පැත්තෙන් වරාය , පිට්ටු බංබුව , කොලොන්නාව තෙල් එක , සපුගස්කන්ද තෙල් එක හිටං පේනව ‘‘

‘‘ නැ ... නගිමුද බං ‘‘

‘‘ පිස්සුද මේ වෙලාවට ඇතුලට වතුර ගහන වෙලාව , පාටිකාරයොයි මහත්තුරුයි දෙගොල්ලොම එනව ‘‘

නොනගින එකත් හොදයි .....මේ හොදට කතා කලාට මු මාව ඕක පල්ලට තල්ලු කරයිද කවුද දන්නේ

‘‘ එය තියෙන්නේ පිඑච් එකේ එලියේ කෑල්ල , ලාදුරු කාරයෝ , ටීබි කාරයෝ දාල තියෙන්නේ , ඒකට තමයි , කාමර කාමර වෙනම හදල , කුස්සියයි ඔපිස් එකයි වෙනම හදල ඔච්චර උස තාප්පෙට උඩින් කම්බි වැටකුත් ගහල තියෙන්නේ ‘‘

‘‘ තාමත් ඉන්නවද බං ලාදුරු කාරයෝ ‘‘

‘‘ නැ බං දැන් ඕක ක්වාර්ටස් එකක් . වතුරපාටියේ අංකල් ඉන්නේ ඔය ගෙදර . ඹ්කේ කාබර ගොඩක් තියන එක උන්ට හොදයි ..හෙන කට්ටියක් ඉන්න හන්ද ‘‘

එකත් ඇත්ත තමා වෙනම වතුර ටැංකියි . වෙනම කුස්සියි  එස්පි ක්වාටර්ස් එකටත් මෙච්චර ලොකු නැ

‘‘ ඒ ලෙඩ දෙකම හෙන බයානක ලෙඩ නේ බං ‘‘

‘‘ ඔවි මැරෙන හිරකාරයෝ කොහෙටවත් ගෙනිහිල්ලත් නැ , ආන්න අර උඩ තියන සියබලා ගහ යට තමා වලල තියෙන්නේ ‘‘

‘‘ අප්පටසිරි හොල්මනුත් ඇති ‘‘

‘‘ ඔව් කාවවත් නැතුව තනියම යන්ඩ එපා ‘‘

‘‘ උඹ දැක්කද ‘‘

‘‘ නැ .... අන්න අර ගොරොක් ගහ යටින් උඩට නැගහං වට පිට බලල ‘‘

දැං මේකා මාවත් ඇදගන කැලේ අස්සේ ටික දුරක් ගියහම තියන ප්‍රපාතයට බහින්ඩ ගත්ත .

‘‘ මේ කොහෙද බං ‘‘

‘‘ පිට්ටනියට පේන කොරියේ අනිත් පැත්ත , බය නැතුව බැහැපං ‘‘

‘‘ අඩේ මෙච්චර ලොකුද බං කොරිය ‘‘

‘‘ ඔව් වරායටයි රේල් පාරටයි දෙකටම හිරකාරයෝ ළව්ව ගල් කඩවල තියෙන්නේ මෙතනින්නේ ‘‘

‘‘ දැං අපි එනකොට එන්නෙත් මේ පාරෙද ...අඩෝ මට නං බැ ආයෙත් මේක නගින්ඩ ‘‘

කිතුල් පැලේකට හේතුවෙලා මහ රසකිද වැලක් අල්ලගත්ත මං පල්ලෙහා පේන ගවගාල දිහා බලාගන කියනව

‘‘පිස්සුද බං මේ පාරේන් එනකොට එන්නැ , මල්ලක්වත් නැතුව අන්නාසි උස්සං මේක නගින්ඩ බැ ‘‘

..............ඇති යන්තං..............

ගව ගාල එහා පැත්තෙං උඩ වගාවට පනින අපිදෙන්නා , අන්නාසි කොටුවට ඉව අල්ලනව

‘‘ අර වැට අයිනේ තියන කොලි කුට්ටුව මරු කපමුද ‘‘

‘‘ පිස්සුද ඔය අමු කෙහෙකං ගෙදර ගෙනියන්ඩ යැ ‘‘

‘‘ කවුද බං ගෙදර ගෙනියන්නේ , ...විකුනමු ‘‘

‘‘ අඩේ උඹ කෙහෙකං විකුනනවත්ද ...කාටද බං දෙන්නේ ‘‘

‘‘ ඇන්ටි කඩේට දුන්නහම සුටුස් ගාල ගන්නව  , ඕන්නං හංගල ඉදවන්ඩත් පුලුවන් ‘‘

‘‘ එහෙනං අර ආනමාළුව කපමු ‘‘

‘‘ ඔය ආනමාළු නෙමෙයි -ත්තෝ ....පූවාලු ..විකුනන්ඩ බැ ..කන්ඩනං මරු ‘‘

කෙහෙල් අතුවල එල්ලිලා ගහ බිමට බාවන අපි දෙන්නා , උල් පිහියෙන් කොටල කැන වෙන් කරගන . යට පැත්තේ තැලිච්ච ඇවරියත් කපල අයින් කරල එතනම දාල , දෙපැත්තෙන් උස්සගන කෙහෙකන අනිත් පැත්තේ පාර අද්දර කැලයට ගෙනත් හංගන්ඩ තැනක් හොයනව

‘‘ දමිය අර වැල් ගාල මරු ..කාටවත් පේන්නැ ඒක අස්සේ ගහමු ‘‘

‘‘ පිස්සුද යකෝ දෙමළ වැල් ගාලේ කෙහෙකං හංගන්ඩ ...කෙහෙකං ඉදෙනවට ඔතන්නෙත් ඔව්වා ...වෙන තැනක හංගල කැප්පෙටිය කොල වලින් වැහුවනං , සට සට ගාල ඉදෙනව ‘‘

එරමිනිය ගාල අස්සට කෙහෙල් කන රිගවන අපි දෙන්නා , කැප්පෙටිය අතු ටිකකුත් කඩල ඒක උඩට දාල ආයෙත් අන්නාසි කොටුවට පැනල ඉදෙන්ඩ ඔන්න මෙන්න ගෙඩි හතරක් කපාගන , ආයෙත් කෙහෙකන හංගපු තැනට ඇවිත් , ගෙඩිදෙකක් පොතු ගහගන කනව .

‘‘ ඇ බං දමියෝ ..උඔලගේ තාත්තට ලබ්බ කියන්නේ ඇයි ‘‘

‘‘ අපේ තාත්තට එහෙම කියනවද..අඅඅඅඅ ‘‘

‘‘ නැතුව ඔය උඹල නැති තැන හැමෝම එහෙමනේ කියන්නේ ‘‘

‘‘ මං දන්නැ ‘‘

‘‘ ඇත්තට ඇයි බං එහෙම කියන්නේ ‘‘

‘‘ මං දන්නැ -කෝ ‘‘

‘‘ ..එහෙම කියන්නේ උඹලගේ තාත්තගේ ලබ්බ බැහැල හින්දා නේද ‘‘

.......තොග්...දිඩීං.....

2015-07-10

මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්නැ



අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක්        නැ
ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක්                  නැ
මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්       නැ
හැදි ගෑරුප්පුවේ සෙල්ලං මට දිරවන්               නැ

මොකක් බැස්සුවත් බොක්කට මට ගතියක්      නැ
චිකන් කොත්තුවක් තරමට ඇගට වදින්           නැ
මැෂින් කෝෆි කොකා කෝල කිසි ගැම්මක්     නැ
ලයිට් ටී එකක් තරමට වෝමප් වෙන්               නැ

හැන්දෙ පිගානේ නාවර මට අවුලක්                 නැ
බාගෙට හෝදපු කෝප්පේ රසය මැරෙන්          නැ
මොනව නැතත් ඇතුවත් මට මෙලෝ වගක්      නැ
මුස්ලිම් හෝටල් නැත්තං මං කන්නෙම             නැ

2015-06-15

මාතු පාදං පීතු පාදං අමත පදං

පෝප් .....පෝප් ..පොං .......පෝං

බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති.

‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත ‘‘

‘‘ තාත්ත නිදි ‘‘

‘‘කෝ කතා කරහං  ,  මේ  යකා මොකද බුදි , දවල්ම ගහලද ‘‘

‘‘ තාත්තේ මේං බාප්පල ආවෝ....‘‘

‘‘ වැඩක් නැ උපාලි මල්ලියේ කියල , බිස්නස් යනව කියල ඊයේ ගිහින් අද ආවා . අර පඩි බාගේ මෙච්චරක් හම්බෙනව කියල දන්න හන්ද ඒක යන්තං බේරෙනව , වෙන නං ඉතින් බඩු මල්ල උස්සගන ගිහිං හම්බෙන දෙයක් නැ ‘‘
‘‘ මේ ලොකු නංගි ...උඹල ජුජුස් ගෙනාවේ නැද්ද ‘‘

‘‘ ජුජුස් නැ ..ටිපි ටිප් ගෙනාව ‘‘
‘‘ ටිපි ටිප් ‘‘
‘‘ ඔව් ටිපි ටිප් අපේ තාත්ත වැඩට ගිහින් එනකොට හැමදාම ගේනව .... තමුසෙල  කාල නැද්ද ‘‘

‘‘ ඉතින් දෙනවකෝ ‘‘

‘‘ අර මල්ලෙ ඇති බිස්කට් ටින් එකත් එක්ක‘‘
‘‘ සීතා පුංචීඊඊඊ....‘‘

‘‘අනේ ලොකු පුතේ .....ගොඩ දවසකින් මගේ කොල්ලව බලන්ඩත් ආවේ නැ ... මේ බාප්ප එක්ක එන්නේ නැ නේ පුතේ මාව . එයා එනව නේද මෙහේ තාත්ත එක්ක , නංගිල දෙන්නයි මායි ගෙදර ‘‘


‘‘ පුංචිඊඊඊඊ ‘‘
‘‘ ඉන්ඩ පුතේ ටිපි ටිප් තියනව ‘‘

‘‘ ජුජුස්වගේද ‘‘

‘‘ නැ මේ තියෙන්නේ ‘‘
‘‘ හැඇහඇැහැැ ....ඹ්ක මට ඕනේ ඒ ඒ ඒ ඒ‘‘

‘‘ ආ මේක සුදු පුතාට ‘‘
‘‘ මොනවද පුංචි මේක ඇතුලේ ‘‘
‘‘ කෝ දෙන්ඩ කඩල දෙන්ඩ ‘‘
‘‘ නිකං හුළං වගේ ‘‘
‘‘ හුළං තමා රස විතරයි ‘‘
‘‘ මොනවැයින්ද පුංචි මෙව්වා හදන්නේ ...රසම රසයි ‘‘

‘‘ පිටිවලින් වෙන්ඩ ඇති රස වෙන්ඩ තව මොනව හරි ඇති ‘‘

‘‘ සීතා අර කුකුලව දෙනවකේ ලොකු අක්කට හදන්ඩ ‘‘

‘‘ ලොකු අක්ක ඒක හදනව ‘‘

තැබීලි පාට , එතකොට මේක කුකුල් පැටියෙක්ද , තාර පැටියෙක්ද   , කටට දැම්මහම නිකම්ම දියවෙනව , සැර රසයි ලුණු රසයි , අප්පෝ ජුජුස් මොන ජරාවක්ද , බාප්ප එනකොට අායෙත් මෙව්වා ගේයිද දන්නැ . .....එහෙම නැති උනොත් ....ආයේ නොගෙනාවත් මොකැ ...මං ලොකු වෙලා රස්සාවක් කරල කන්නේ මෙව්වාමයි


‘‘ ලොකු අයියේ අපි සෙල්ලං කරමු ‘‘

‘‘ එහෙනං ගුටි පන්දු ගහමු ‘‘

‘‘ ඒ මොකක්ද ඒ ‘‘

‘‘ බෝලෙන් තමුසෙගේ පිට පැලෙන්ඩ ගහනව තමුසේ මට ගහනව ‘‘

‘‘ අපෝ මටනං බැ රිදෙන සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ ඉතින් බෝලේ අහුලල තමුසෙ අපිටත් ගහනවනේ . සෙල්ලම කරමු කෙල්ලො කොල්ලෝ ‘‘
‘‘ අපෝ අපේ නංගිට තාම ඔව්වා බැ ‘‘

‘‘ ඉතින් අපේ සුදුවටත් බැ ‘‘

‘‘ එයා ඉතින් මගේ වයසෙනේ ...ඒක හරියන්නේ නැ ..අපි හංගන හොයනක සෙල්ලම කරමු ‘‘

‘‘ අපෝ ඔය මෝඩ සෙල්ලං අපි නං දන්නැ ‘‘
‘‘ දැන් අපි තුන් දෙනාගෙං එක්කෙනෙක් මොනවහරි හංගනව , අනිත් දෙන්නා හොයනව , හොයාගන්න එක්කෙනයි හංගපු එක්කෙනයි ඉතුරු වෙනව , බැරි වෙච්ච එක්කෙනා ඉතුරු වෙනව , එයා තමයි ඊලගට හොයන්නේ ‘‘

‘‘ දැන් එතකොට ලංවෙන කොට ගිනි ගිනි කියලත් කියනවද ‘‘

‘‘ ඔව් ඈත් වෙනකොට ඇල් ඇල් කියලත් කියනව ‘‘

‘‘ ඉතින් ඕයි ඔක ඇල් ගිනි සෙල්ලමනේ ‘‘

‘‘ එව්වා අපි දන්නැ ...හාද ..බෑද ‘‘

‘‘ එහෙනං හා ‘‘

‘‘ මොකක්ද දැං හංගන්නේ ‘‘

‘‘ මගේ ටෙනිස්බෝලෙයි නලාවයි පිස්තෝලෙයි හංගමු ‘‘

‘‘ අපෝ ඕන්නැ ..ඔව්වට මොනවහරි උනහම අම්මට කියල මාව අල්ලයි ...අනික මොකටද තුනක් , එකක් තිබ්බහම මදැ හංගන්ඩ ‘‘

‘‘කමක් නැ ලොකු අයියේ ..අපි තුන් දෙනයි නේ දැන් සෙල්ලමට ඉන්නේ අඩුවෙන්ම හොයාගන්න එක්කෙනා කැචර් කරමු ‘‘

‘‘ මගෙනෙ සෙල්ලංබඩු මමයි ඉස්සෙල්ලම හංගන්නේ ‘‘

‘‘ හා හා හංගගන්නව ඉතින් ‘‘

‘‘ මං හංගන්නේ ගේ ඇතුලේ , දෙන්නම එලියට යන්ඩ ඉතින් ‘‘

‘‘ හැබැයි ඔන්න ඇල් ගිනි හරියට කියන්ඩ ඕන හරිද ‘‘

‘‘ මේ ..ඔය කෙල්ලවත් අල්ලගන නැටුවට කමක්කැ .....ගේ අස්සේ බෙරිහං දෙන්නේ නැ හරිද ...මෙතන කනක් ඇහෙන්ඩ නැතිවෙන්ඩ ‘‘

......................හැච හැච හැච හැච තමා සෙල්ලමක් කරන්ඩත් නැ ........

‘‘ මොනවද උඹ මුනු මුනු ගාන්නේ ‘‘

‘‘ ..නැං..නැනැ ...තාත්තේ නැ... ‘‘

‘‘ මොනවද නැත්තේ .......මං මොනවහරි කියුවහම එකට එක කියන්ඩ ඇවිත් කනපාලාගන්ඩ එපා ‘‘

‘‘ හං...මං මොකවත් කියුවෙත් නැ ......බොරුවට මට තමා හැම වෙලේම බනින්නේ ......හඅ...හඅ..‘‘

‘‘ නිකං හිටහං සුසිල් අයියේ උන්ට ඕන එකක් කරගන්ඩ දීලා ‘‘

‘‘ නැ ඔයා දන්නැ උපාලි මල්ලි ටිකක් බුදියගන්ඩ හැදුවේ දෙකෙ ඉදන් බලහං දැන් පහත් පහු ..සැරින් සැරේ අර පොඩි එකාවත් අවුස්ස අවුස්ස බෙරිහං දෙනව ‘‘

‘‘ ඉතින් මමයැ ...සුදුනේ හැම වෙලේම මට වද දෙන්නේ .. ගොං බූරුව කරන වැරදි වලට මට තමා බනින්නේ ....දවස් කීයක් මට චුටි මිටියෙන් ගැහුවද ...ගුටිකාලත් මං තමා වැරදි ...එයාගේ වැරදි පේන්නේ නැ ‘‘

‘‘කවුද බූරුව ...හිටපං වංජුලය මං චූටි මිටිය ඇරගන එන්නං ‘‘

‘‘ ඔය ..ඔය පේනවනේ ...පුංචි ....මූ හැමදාම මට මිටියෙන් ගහනව , ඒක විසික් කරන්ඩ දෙන්නෙත් නැ ..වටිනව කියල , මුගෙන් ගුටි කන්ඩත් ඕන , මේ දෙන්නගෙන් ගුටි කන්ඩත් ඕන ‘‘

‘‘ උඹ මොකද ලොක්කෝ ගිරිය පුප්පන්නේ තාත්තට ‘‘

‘‘ හී ..හී බාප්පත් බනිනව ඇ..ඇ මට තමා හැමෝම බනින්නේ ‘‘

‘‘ මගේ පුතා ඔය බාප්ප කියන ඒවා ගනන් ගන්ඩ එපා ...හා හා සුදුත් ගිහින් නංගි එක්ක සෙල්ලං කරන්ඩ.........ඔයත් නිකං ඉන්ඩකෝ උපාලි පොඩි උන්ව අවුසන්නේ නැතුව ‘‘

‘‘ නැ මං කියන්නේ .. අපි අපේ දරුවෝ හොදට හදාගන්ඩ ඕන ... නැද්ද මං කියන්නේ සුසිල් අයියේ ......ඔන්න තව එකක් දාගනින්  සුසිල් අයියේ .....කුකුල ඉදෙනකොට බැරියැ .... ඊයේ බැලැක් ඇන්ඩ් වයිට් දෙකක් හම්බුනා .....එකක් අද දවල් වෙනකොට  ඉවරයි ....අද මෙහේ එන්ඩම කියල තියාගත්ත මේක ‘‘

‘‘ මාත් දවාලේ එන ගමන් නිට්ටඹුවෙන් ටිකක් අරගන ඇවිත් නිදාගන්ඩ හැදුවේ ‘‘

‘‘ සීතා බලනවකෝ අරක හරිද කියල ‘‘

‘‘ ටිකක් ඉන්ඩ උපාලි තාම තැම්බෙනව .....ඇ සුසිල් අයියේ අපේ කුස්සියේ දෙතුන් දාහකට උයන විදිහ දැක්කනං මෙයාල දුහනව ‘‘

..............අදනං බාප්ප මස් කන්නැතුව බොන්ඩද කොහෙද හදන්නේ ..අපිට හොදට කෑවහැකි නැත්තං වෙනද බොන ගමං ඔක්කොම ටික කාල , බත් කන්ඩ මේසෙට තියන ටිකත් කාල ... තව ලොකු අක්කේ මස් ඉවරද කියල අහන එකනේ .............. අම්ම හංගල තියන කෑල්ල තමයි ඉතිං අපිට....

‘‘ රයිටෝ ඔන්න හැංගුවෝ ‘‘

‘‘ දෙන්නම එකතැන හොයල වැඩක් නැ ලොකු නංගි තමුසෙ ඔය පැත්තේ හොයනව ‘‘

‘‘ ඉතින් සුදු අයියේ ගිනි නං ගිනි කියනවකෝ ‘‘

‘‘ අප්පෝ ඇල්ම ඇල් අයිස් වගේ ‘‘

‘‘ ඉතින් එහෙනං ඇල් කියලවත් කියහංකෝ ‘‘

‘‘ අපෝ මට බැ ඇල් ගිනි ඇල් ගිනි ගාන්ඩ හැම වෙලාවෙම ...ගිනි වෙලාවට ගිනි කියල විතරක් කියනව ‘‘

‘‘ අප්පෝ අයියේ එහෙම බැ හලෝ ‘‘

‘‘ මාත් ඒකනේ කියන්නේ මූත් එක්ක බැ කියල . මට බැ මං යනව‘‘

‘‘ මොනවද පුතේ ඔය බලන පත්තර‘‘

‘‘ ලොකු අක්කගේ පරන විදුසර පත්තර පුංචි , ටල්ලම්මලැ දිහා ගියහම ඉල්ලං ආවා ‘‘

‘‘ මේවැ තියන ඒවා තේරෙනවද ‘‘

‘‘ ඹව් ‘‘

‘‘ අනේ ලොකු අයියේ එනවකො හලෝ සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ මට බැ ඔය පැනි සුදුවත් එක්ක සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ අනේ එනවකෝ ‘‘

‘‘මට බැ මං පත්තරේ බලනව‘‘

‘‘දැං මෙහෙමනේ සුසිල් අයියේ අපි දේසපාලනේ කරනකොට දෙපැත්තම හොදට තියාගන්ඩ ඕන , ..මේ ලගදි පේමදාස හම්බෙන්ඩත් ගියා අපි , ....ලබන පාර ඉල්ලන්ඩ ටිකට් එක දෙන්නං කියලත් කියුවා . ......මං බැ කියුව බං ............මොකද ඒ පැත්ත එහෙමයි කියල මට මැතිනිගාවට අනුරගාවට යන්ඩ බැරිද .............මහිපාලල , ආතාඋදල , ෆාරුක්ල එක්කත් අඩියක් ගහල ඉන්න මට ඔය ඕන තැනකට රිංගත හැකි ......අපේ ජයන්ත අයියා අනාගත්තේ ඔතන තමා ‘‘

‘‘ ඉතින් මගේ රස්සාව හදා දියංකෝ ‘‘

‘‘ ටිකක් හිටහංකෝ ...මං මේ කොමසාරිස් ලගටම යන්ඩ පොටක් පාද පාද ඉන්නේ ‘‘

............අනේ අපේ තාත්තත් මෙයාගේ පංපෝරි නොදන්නව වගේ අහන හැටි ..........

‘‘ ඉස්සරනං මගේ හිතවතා දැන්නං මතකත් නැතුව ඇති ...එව්වයෙන් කමක් නැ ඇමතිතුමාට කියල කෝල් එකක් දම්මල ගියානං හරි .... කොහෙද ඉතින් උඹලත් දාගන්නේ ගිහිං කතාකරන්ඩ පුලුවන් ලෙඩයැ . .....ලොකු මහත්තුරුන්ට ගහන්ඩ ගියහම ඒ මිනිස්සු ගන්නෙත් ඒ පැත්තනේ සුසිල් අයියේ ‘‘

‘‘ ඉදපංකෝ උපාලි මල්ලියේ මං ඕකුන් ඔක්කොගෙම අම්මලට හමන්නල ගන්ඩ ‘‘

‘‘සීතා තව මස් ටිකක් අරගන එනවකෝ ‘‘

‘‘ ඕන්න මෙච්චරයි තියෙන්නේ ...අනිත් ටික බත් කන්ඩ ‘‘

‘‘ බත්නං බඩ පැලෙනකං කන්ඩ බැරුවැ ලොකු අක්කගේ පොල් සම්බෝලෙත් එක්ක ‘‘

.............හරි වැඩේ අදත් සම්බෝලයි බතුයි තමා ............

‘‘ අනේ ලොකු අයියේ එකපාරකට එනවකෝ සෙල්ලං කරන්ඩ , ඔයා හංගන්ඩ අපි හොයන්නං ‘‘

‘‘ හරි එහෙනං දෙන්න ගේ ඇතුලට වෙලා ඉන්නවල , මං එලියේ හංගන්නං ‘‘

‘‘ හැබැයි ලයිටි එලිය වැටෙන හරියේ හරිද , අපිට බැ ඈත කරුවලේ  හොයන්ඩ ‘‘

‘‘හරි හරි එහෙනං ඔහොම ඉන්නවල ...හොරෙන් බලන්නැ හරිද ‘‘

............කොහෙද මේක හංගන්නේ ......හරි දෙන්නං වැඩේ වලස් ඇදිරිය වැට අස්සේ තුන් පොලක හැංගුවහම හොයයි මුං ඇටේ.......

‘‘ හරිදෝ ...ඔන්න අපි එනවෝ ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ හරි හරි එහෙනං මෙහේ තමා ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ මේ අයියේ තමුසෙ බොරු නේද ඔය කියන්නේ ...වෙන තැනක හංගල ...අපිට බැ අපිට බැ ‘‘

‘‘ පිස්සුද ඕයි ..එහෙනං හම්බුනහම බලනව , හොයාගන්ඩ බැරි උනාට මං පලිද ‘‘

‘‘ ලොකු දුවේ තුන්දෙනාම එන්ඩ බත් කන්ඩ ..හොදටම රැ උනා දැං අච්චි අම්ම පන්සල් ගිහින් ඇවිල්ලත් ඇති ‘‘

‘‘ අපි තව ටිකක් සෙල්ලං කරල එනේ ‘‘

‘‘ මේ උඹල දෙන්න  බත් කන්ඩ එනවද ..ගුටි කනවද ‘‘

‘‘ හා අම්මේ ‘‘

‘‘ ලොකු අයියේ අපි ටක්ගාල කාල ඇවිත් යන්ඩ කලින් ආයෙත් හොයමු ‘‘

‘‘ අම්මේ වෙන මස් නැද්ද ‘‘

‘‘ වෙන නැ ඔච්චරයි ‘‘

‘‘ එහෙනං මල්ලිටයි නංගිටයි දෙකක් දීලා තියෙන් ‘‘

‘‘ වෙන නැ ඔච්චරයි ..හොදි ටිකක් දෙන්නං ‘‘

‘‘ අම්මෝ එපා දැවිල්ලයි ‘‘

‘‘ එහෙනං කටපියාන කාහං ‘‘

‘‘ ලොකු අක්කේ ඔන්න ඔය වතුර ටිකක් දියං ...සම්බෝලෙනං මරු ‘‘

‘‘ උම්බලකඩ ටිකක්වත් තිබුන්නැ උපාලි මල්ලියේ ‘‘

‘‘ සුසිල් අයියේ මට බිස්ටල් එකක් දියන්කෝ ගොල්ලිප් ඉවරයි ‘‘

‘‘‘ දැං අපි ඉක්මනට යං නේ ‘‘

‘‘ නැතුව ඉන්ඩ යැ ‘‘

‘‘ එහෙනං යං ලොකු දුවේ සෙරෙප්පු දෙක දාගන එන්ඩ .., මං නංගිගේ බැක්එක ලැස්ති කරන් එන්නං ‘‘

...................................................................................

‘‘ අපේ නැන්දලැ ගෙදර ගහේ රඹුටං හැදිලා , එහෙට ගිහින් කඩාගන යමුද ‘‘

‘‘ බැ බං හවසට යමං , එතකොට ගෙදර ගිහින් මල්ලිටත් දුන්න හැකි ‘‘

‘‘ එහෙනං හැබැයි ඉස්කෝලෙට ගිහිං උඹ කාටවත් කියන්ඩ එපා ‘‘

................................................................................

‘‘ ඔය ඇති යකෝ බැහැපං . පොත්බෑක් දෙකම පිරිල ‘‘

‘‘ හිටහං බං සාක්කු දෙකත් පුරව ගන්නකං ‘‘

‘‘ නැන්ද ටිකක් කඩාගන්ඩ කියුවේ ඔය ඇති බැහැපං ‘‘

‘‘හරි හරි හිටහං .........අඩෝ බලුවැඩ කරන්ඩ එපා උඹ හොද ගෙඩි උඹේ බෑක් එකට දාල අමු එව්වයි පොඩි එව්වයි මගේ එකට දැම්මනේ ‘‘

‘‘ ඉතින් හොදම ඒවා උඹත් සාක්කුවට එබුවේ ‘‘

............................................................................

‘‘ සුදුවෝ ...අම්මේ .....මේන්න බලන්ඩ මං රඹුටං ගොඩාරියක් ගෙනාවෝ ‘‘

‘‘ රඹුටන් ..වරෙ වරෙන් රඹුටං  දෙන්නං බොට ‘‘

‘‘ මොකද අනේ බොරුවට කෑගන්නේ ‘‘

‘‘ බොරුවට ......කොහෙද උඹ මල්ලිගේ සෙල්ලං බඩු හැංගුවේ ‘‘

‘‘ පිස්සුද මං හැංගුවේ නැ ‘‘

‘‘ මේ පොල්ල කැඩෙනකං ගහනව කියපං ඇත්ත ‘‘

‘‘ උඹ තමයි මගේ සෙල්ලං බඩු ගත්තේ , ඇරගන හංගන්ඩ ඇත්තේ ‘‘

‘‘ පිස්සුද බූරුවෝ ........හං ..හං .....මට හම්බෙන රඹුටං ගෙඩියත් මං තනියම කන්නේ නැතුව ..උඹට අරං එනව ...උඹ අම්මව උසිගන්නනවා මට ගහන්ඩ ‘‘

‘‘ උසිගන්නන්ඩ මං බැල්ලියෙක්ද බොල ‘‘

......චටාස් ...පටාස්...

‘‘ මේ ඉස්කෝලේ ගිහින් පරක්කු උනාට ‘‘

...වපාස් ...පටාස් ...දක් ...දොක්....චිටිස් චක් ...

‘‘ අනේ අම්මේ එපා .....අනේ ..එපා ..එපා ....ආආආ..අතේ ඇගිලි වලට වැදුනේ ..අනේ අම්මේ එපා ..ඇගිලි කැඩුනද ..කොහෙද ...‘‘

‘‘ ඇගිලි නෙමෙයි මම අද කඩනව තොගේ බෙල්ල ......දුහන්ඩ එපා .....දුහල අල්ල ගත්තොත් මරණවා ‘‘

‘‘ ඇත්ත කියපිය ..සෙල්ලං බඩු දීලා ..රඹුටන් ගත්ත නේද ‘‘

‘‘ පිස්සුද අනේ නැ ...චමින්ද එක්ක නැන්දලැ ගෙදර ගිහින් කැඩුවේ ‘‘

‘‘ උඹට මෙහේ මං නොදන්න නැන්දලත් ඉන්නවද ‘‘

.......දඩින් දිඩිං .......

‘‘ අයියෝ අම්මේ ...ගහන්ඩ එපෝ ඔලුවට වැදුනේ ඔලුව පැලුනද කොහෙදෝ ...අනේ අම්මේ එපා ..අනේ ..අම්මේ ..එපා ...එපා ‘‘

‘‘ ඔලුව පැලුන .......කඩනව අඩු අද මම තොගේ , ගිහින් දුන්නා නේද තෝ කාට හරි පොඩි එකාගේ සෙල්ලං බඩු ....මහමිනිහ ඔව්වා ගේන්නේ කඩවල් වලට දාල ගන්න පනං හතරෙකන් තොපිට කන්ඩ දෙන්ඩ නේද ‘‘

දඩාං...බඩාං...දිඩිං ..ඩිං....

‘‘ අනේ එපා අම්මේ එපා ..අම්මේ අනේ මං මැරෙයි ......අනේ ගහන්ඩ එපා අම්මේ ....අයියෝ මට බැ , කකුල් පන නැ ...මං මැරෙයි .....‘‘

‘‘ නැගිටපිය ...නැගිටපිය ....බොරුවට  වැටෙන්නේ නැතුව .....ගෙයින් එලියට ඇහෙන්ඩ කෑගහන්නේ නැ ‘‘

චටාස් පටස් ....වටාස්...

‘‘ අනේ නැගිටින්නං ගහන්ඩ ...එපා ...කෑගහන්නෙත් නැ ..අනේ අම්මේ ගහන්ඩ එපා ‘‘

‘‘ තෝ තවත් නැ කිය කිය බොරු කියන්නේ උඹ අම්මව රවට්ටන්ඩද .. පිලිගනින් තෝ මල්ලිගේ සෙල්ලං බඩු විකුනුවා නේද ‘‘

චාස් චටපටාස් ..තොක් තක් ....

‘‘ අනේ සුදුවෝ මං සෙල්ලං බඩු ගක්තේ නැ අම්මට කියහං මට ගහන්ඩ එපා කියල ‘‘

‘‘ හොද වැඩේ තොට වංජුලය ..හොද වැඩේ , මගේ පිස්තෝලෙයි , නලාව , බෝලෙයි හොරකං කරල ‘‘

‘‘ අවසාන වතාවටයි කියන්නේ ......ඇත්ත කියපං සෙල්ලං බඩු ටිකට මොකද කලේ , ඒටික විකුනල රබුටං කාල තව අපිවත් රවට්ටන්ඩ අරගනත් ආවා නේද ‘‘

.......දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්...චාස් චටපටාස් ..තොක් තක් ....දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..........දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්...චාස් චටපටාස් ..තොක් තක් ....දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..

‘‘ අනේ අම්මේ ගහන්ඩ එපා ඔව් ඔව් ...මං සෙල්ලං බඩු විකුනුවා , ඒවායෙන් රබුටං අරගන ...කෑවා .. ගෙදරත් අරගන ආවා ‘‘


‘‘ ඇයි තෝ කලින් ඔය ටික නොකියුවේ ‘‘

දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..........දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස්....තොක් ...තොකොක්


‘‘ පොල්ල කැඩුන හන්දා තෝ බේරුනා කියල හිතාගං , නැත්තං අද මරල හංගනව ‘‘

‘‘ ඉහි ...ඉහි ...ඇඇ...ඇ..ඇඅ..ඇ.....ඇඇ..ඇඇ...කැක්..කැක්

...............................................................................

...............අනේ දෙයියනේ මං වගේ පව්කාරයෙක් ..........ඔලුවත් පැලිලා , ඇග හැම තැනම රිදෙනව ... .....
තාත්ත බොස්ටල් එකේ කොල්ලෙක්ටවත් ගහල නැතුව ඇති අම්ම මට ගහපු තරං , ඇගිලි රිදෙන නිසා නොලියුව එකට ටීචත් මට ගැහුවා...අම්ම ගහල ඇගලි නමන්ඩ බැ , ඒක හන්ද ලියන්ඩ බැ කියන්ඩද .............අර මුසලය හන්ද තමා මේ ඔක්කෝම , ඔකා ඉපදුනත් හරි හැමදාම මං ගුටි කනව , අපරාදේ පොඩිකාලේ නිව්මෝනියාව හැදිච්ච වෙලාවේ අනුරාදපුරේ ඉස්පිරිතාලෙදි ..ඒකව මැරෙන්ඩ තිබුනේ ......

අර තියෙන්නේ නියගලා මල් ගොන්නක්ම .අල ටික ගලවං ගිහින් කන්ඩයි තියෙන්නේ , එත් බැ පත්තරේ කොච්චර තියනවද නියගලා අල කාල බේරිච්ච උන් ගැන , මාත් නොමලොත් ...අරුන් ටික මාව නොමරා මරයි , ...වහ ටිකක් කාල මැරෙන්ඩත් නැති හැටියක් .


...එතකොට සෙල්ලං බඩු වලට මොකද උනේ .... අරූ හංගල ඇති කොහේ හරි , එහෙම කරල මට ගස්සවන්ඩ ඕන හන්ද අම්මට කියන්ඩ ඇති , මං අරගන කියල................ඉතින් පෙරෙයිද රෑත් තිබුනනේ සෙල්ලං කරන කොට ..............

....දෙයියනේ ..මං අන්තිමට හංගපු පාර අරුන් දෙන්නට හොයාගන්ඩ බැරි උනානේ . වලස්ඇදිරිය වැට අස්සෙන් එලියට ඇරගන දෙන්ඩ ඕන අම්මට , වෙච්ච දේ කියල හොදවැයින් දෙකක් කියන්ඩ ඕන දුං විසිවෙන්ඩ , ....ආයේ දෙකක් නැ අදනං අම්මට ඇඩෙනව ...බාගදා පහක් දහයක් මිට මොලවන්ඩත් බැරි නැ , ගල් බනිසක් , වංඩු ආප්පයක් කාහං කියල ....

...........................................................................

‘‘ අම්මේ අම්මේ එදා සෙල්ලං කරනකොට මල්ලිගේ සෙල්ලං බඩු හංගපු තැන මතක් උනේඔඔඔඔ ‘‘

‘‘ මොකද බං බෙරිහං දෙන්නේ ‘‘

‘‘ ආ තාත්තේ........කෝ අම්ම කොහෙද ගියේ ...ඊයේ මං කියන එක පිලිගන්නේ නැතුව මාව මරාගන කන්ඩ හැදුවා , පෙරෙයිදා ලොකු නංගිත් එක්ක ඇල් ගිනි සෙල්ලම කරනකොට සෙල්ලං බඩු ටික වලස් ඇදිරිය වැට අස්සේ හැංගුවට ඒ දෙන්නට හොයාගන්ඩ බැරි උනා , මට ඒක ඊයේ මතක්  උනානං නිකං ගුටි කන්ඩ වෙන්නේ නැ , මට දැන් මේ එන ගමං මගදි මතක් උනේ , මේ තියෙන්නේ පිස්තෝලෙයි , නලාවයි , බෝලෙයි තුනම‘‘

‘‘ ආ ..ඇත්තද ...තෝ කාවද බොල ඔය රවට්ටන්ඩ හදන්නේ , තොගේ ලුනු ගොරක මදි මාව තම්බන්ඩ ...වල් පරය ඊයේ වික්ක එකාගෙන් ආයෙත් ඉල්ලගන ඇවිත් ... වැට අස්සට දාල මාව අන්දන්ඩ නේද හැදුවේ , මං අද තෝ මරල තමයි පස්ස බලන්නේ ‘‘

‘‘ අනේ තාත්තේ පයින් ගහන්ඩ එපෝ ......බේරගන්ඩ කවුරුවත් නැද්දෝ .......අපේ තාත්ත මාව මරනවෝ

පලි//

ඔන්න ඇ තව ගෑනු ළමයෙක් ලියන බ්ලොග් එකක් තියනව , ගිහිල්ල කමෙන්ට් එකක් දාල , ෆලෝ පාරක් එහෙම දාල එන්ඩෝනෙ හරිද .  නැත්තං දන්නවනේ 


http://jayasanda.blogspot.com/


2015-03-31

ජනරංජනී


‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘

‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘

‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු හොර්ලිස් බෝතල් දෙකකුත් මෙහෙ නේද නෝනා‘‘

............අනේ එයාගෙ අඹේ ............එනව මෙතන මට අඹ කවන්ඩ .......මට තියෙන්නෙ ලෑටි පුකකුයි ..........පුක මැස්සෝ බීලයි කිය කියා , ලොඹු කටෙං ලොඹ ලොඹ ගගා,  .....අපිටත් ඕන්නං ඔය තියෙන් යාපනේ අඹයි , පොල් අඹයි ...............දැං ඕක මේං කියලම හම්බෙයි මට ...........හැමදාම කනව කියයි ...අඔ හරි සැරයි කියයි තුවාල දානව කියයි. හංගගන ඒ දෙන්නා කයි..................ආව මෙතන

‘‘අම්මේ මට ඉස්කෝලෙ යන්ඩ ඕන ‘‘

‘‘යන්කො යන්කෝ දැං හොද පුතා වගේ ඇද උඩට වෙලා අකුරු ලියන්ඩකෝ‘‘

‘‘ඇට්ටිච්චා වගේ ඉදගන වයසක්යැ ඉස්කෝලේ  යන්ට ‘‘

‘‘ නැ නැන්දේ ජනවාරිනෙ , අවුරුද්දක් කලින් ඉස්කෝලෙ ගිය හැකි , සාවස්තිපුර මොන්ටිසෝරියක් තියනව කියල අපේ එක්කෙනා කියුවා , ලබන අවුරුද්දෙ ගමේ අරිනකං ඒකටවත් දානව‘‘

‘‘එතකොට එක ළමයෙක්වත් ගෙදර කොයි‘‘

‘‘ලොකු දුවට නං එන්ඩ බෑලු චූටි දුවවවත් ගෙන්න ගන්නව . මේ කැලේ ඉස්කෝලෙට නං දාල හරියන් නැ කෙල්ලව , අනුරාධපුරේටවත් දානව , උදේට අරය වැඩට යන කොට බයිසිකලේ ඇරල දවල්ට මට බස් එකේ ගිහින් ගන්ඩවත් බැරියැ‘‘

‘‘අම්මේ...වැලිආත්ත ගහේ ගෙඩි ඉදිල ඇති ‘‘

‘‘යන්නෙ එහෙම නැ ..ඒ පැත්ත පලාතෙ දැක්ක නේ එදා හිටිය නයා ‘‘

‘‘නයා ආයෙත් ආවෙයි‘‘


‘‘ එකනේ නැන්දෙ බලන්ඩකො ඒකා දැන් යන්නෙම නැ , ඊයේ දවාලෙත් තැඹිලි පැලේ උඩ උන්නා , ගිය ඉරිද අපි රේල් පාර දිගේ ඇවිත් ලිද පැත්තෙන් වත්තට පැන්නා , බුරුත ගහ මුලින් එනකොට .....පුෂ්......ගාල පිම්බහමයි  දැක්කේ  මේක ඉන්නව මුල උඩටවෙලා , අපේ මනුස්සය ගෙට ඇවිත් තුවක්කුව ගේනකලුත් ගියේ නැතුව පෙනේ කරගන හිටියනෙ‘‘

‘‘මරන්ට දෙන්ට එපා ..ඔය එන්නේ නෝනලගෙ ආරස්සාවට ..දැක්කනෙ එදා පෑගිලාවත් කැවේ නැ නේ.....මෙතුවක් කාලෙකට මං ඔහෙම දිග එකෙක් දැක්කමයි , ...දිස්නෙ ගහන පාට ............නයෙක් නෙවෙයි නාග රාජයෙක් වෙන්ටැ ‘‘

‘‘කොහෙද නැන්දෙ පොඩ්ඩක් කටේ ගාගත්තහම කියන එකක් අහන එකක් යැ , පොරකාල උදුර නොගන්ඩ මේ මිනිහ වෙඩි තියනව .....පවුකාර කම ..බකමූණටත් වෙඩි තිබ්බ මිනිහනෙ‘‘


‘‘නයි මැරිල්ලනං පරංපරාවකට සහගහන වැඩක් නෝනේ ඔය ආනංතරියනං කොරන්ට දෙන්ට එපා‘‘

‘‘ ඒකනේ නැන්දේ........ ඔය අපේ ලොකු මල්ලි ඒ දවස්වල ගෙදෙට්ට ආපු නයෙක් මැරුවා , ඒකද කොහෙද ඔච්චර හොදට ඉගන ගනත් රස්සාවකුත් නැ , පලස්තාවකුත් නැ ‘‘

‘‘..අපේ අමාමෑනියන්ට සතියක් සෙවන දුන්න මුචලින්ද කුලේනෙ දෙයිහාමුදුරුවනේ‘‘

‘‘අම්මේ මං ජනරංජනිලැ ගෙදර යන්නං ‘‘

‘‘හැබැයි මංඤක්කා ගස් අස්සෙ රිංගන්නැ හරිද ‘‘

‘‘මං මොකටද එහෙ යන්නේ මංඤක්කා කොටුවේ මල්ලිල ගෙදර නැ එයාලගේ අම්මත් එක්ක නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්ඩ කියල ඉසිපිරිතාලෙ ගිහින්‘‘

‘‘කවුද නෝනේ ජනරංජනි කියන්නේ‘‘

‘‘ඔහේ ඇති එකෙක් නැ නැන්දේ අකුල් අස්සේ රිංග රිංග තනියම කියවනව.... .මෙතන මනුස්සයෙක්ට එන්ඩ නැ වචනයක් දෙකක් කතා කරන්ඩ නැ මයේ අස්සෙම රිංගනව , දැං ඔය නැන්ද ඉන්න හන්ද ඔය‘‘

..........මට අරක මේක කිය කිය ගුටි ගගහ ....මං ටල්අම්මලැ දිහැ ගියහම බලාගන්ඩ බැරියැ මෙයා තනියම ඉන්න හැටි ....අඩ අඩා...............

බයිසිකලේම යනව ,  මංඤක්කා කොටුවෙ මල්ලිත් නැති එකේ ජනරංජනීට හොදට බයිසිකල් පැද්දහැකි , ඒ මෝඩය ඉන්නකොට ඒ ළමයට පදින්ඩ දෙන එකක් යැ , .................බ්රුම්  බ්රූම්.....ඇම්ම්ම්ම්ම්....ම්ං..ම්...........කරාස්.....

...............ජනරංජනී.    ...ජනරංජනී......ඔයාල ගෙදර නැද්දො ..............ජනරංජනීලැ නැන්දේ....ජනරංජනිලැ නැන්දෙ..............කෝ අප්පා මේ ගොල්ලො ගෙදර නැනේ........ මංඤක්කා මල්ලිලැ චුටි බබාව ගේන්ඩ මේ ගොල්ලොත් ගිහින්ද දන්නැ .............එ්ත් මීයුවත් පේන්ඩ නැනේ .................මීයු ...මීයු .......ඉසේ ඉසේ......ඉසේ...ඉසේ.......මියු මියු ....පූස් ..පූස් ...පුස් ඉදා පුස් ඉදා..............කවුද අප්ප ඉස්පිරිතාලෙට පූසන්ව එක්ක යන්නේ............

.............සෙල්ලං කරන්ඩ කෙනෙකුත් නැ , කම්මැලිත් එක්ක ....බෙරයත් අරගන ඇවිත් පෙරහැරක් ගියානං හරි ...........ඒකටත් කෑගහයිද දන්නැ .....එහෙම කොහෙද තාත්තගෙනේ බෙරේ, එයා මට ලණුවකුත් දාල දුන්නේ බෙල්ලෙ එල්ලගන පෙරහැරේ යන්ඩනෙ................කුස්සි දොරෙන් ගිහින් හොරෙන්ම අරං එනව එතකොට කොහෙද අම්ම දකින්නෙ

‘‘ඒ පාර කොහෙද ඔය ඩෝලේ උස්සං යන්නෙ ‘‘

‘‘ මරවිසේට ඕක පලල දායිද දන්නැ නෝනා එහෙම උනොත් මහත්තය එක්ක මේකෙ වසන්ටද ‘‘

‘‘ඔන්න ඔහේ ඕන මගුලක් කරගත්තදෙන් නැන්දෙ ...නැත්තං මං  නිදහසේ කනක් ඇහිල ඉන්ඩද‘‘

‘‘ඕකත් එල්ලල අරින්ටයි තියෙන්නෙ මහතුන්ගෙ දේවාලේ උඩැක්කි ගහන්ට‘‘

කටේ හැටි.... ..මට අනං මනං කිය කිය ....එනකොටම රෝසිවත් කන්නැනේ කකුල .......අපේ ටල් අම්මනං එහෙම නැ ...ලස්සනට දතුත් තියනව සුදුම සුදුයි ....මෙයා නං කුණු පාටයි.

ඩං කුටු ......කුටු .....කුටු ....ඩං කුටු ....කුටු ....කුටු ...ඩං කුටු ...කුටු කුටු....ඩකුටු ..ඩඩං

ඩෙං කුටු...... කුටු ....ඩෙං කුටු..... කුටු ...ඩෙං කුටු ....කුටු .......ඩෙකුටු ....ඩෙගං

චැ ..චෑ ..ඒකත් හරියන්නැ ..කෝ නැට්ටුවේ..කෝ කසකාරයෝ.....තනියම මම අලියෙක්වත් වෙන්ඩ යැ....මේ බෙරෙත් උස්සගන .......... ගමේ ගියහමනං මට ෂෝක්එකට තියෙයි , සුදු මැනිකෙ නංගියි , කුමාරි අක්කයි , ලොකු නංගිලයි , වාසනා නංගිලත් එයි , එතකොට අපිට ඉස්කෝලයක් දැම්මහැකි .........නැ..නැ...දානව ඉස්පිරිතාලයක් ....මං දොස්තර වෙනව ...නර්ස්ල වෙන්ඩ ඔය ඉන්නෙ කෙල්ලො පේලිමක්ම..........


............ඇත්තටම මේ බෙරෙං කොහොමද අප්පා සද්දෙ එන්නෙ ..........., තාත්ත කියුවට මේකට හයිකරල තියන හමෙන් එනව කියල .......එහෙනං වෙන ඒවට ගහනකොටත් මෙහෙම සද්දෙ එන්ඩ එපැය , අනික එයා ගහන කොට එක විදිහක් මං ගහනකොට තව විදිහක්..........මේක එයාගෙ හන්දද දන්නැ.............බාගදා මාව රවට්ටන්ඩ කියුවද දන්නැ ..........රේඩියෝ එකේ සද්දේ එන්නේ ඒක ඇතුලෙ ඉදං සින්දු කියල නෙමෙයි , කොළඹ ඉදං , අනුරාධපුරේ ඉදං කියන සින්දු හුලං දිගේ ඇවිත් කියුවට ......කෝ එහෙනං ලොකු අක්කයි චූටි අක්කයි කියන ඒවත් මට ඒකෙන් ඇහෙන්ඩ එපැය .................මොකක් හරි හොරයක් තියන හන්දනෙ රේඩියෝ එක ගලවල බලමු කියුවහම... ..බෑ කියල .....අල්මාරිය උඩිනුත් තිබ්බෙ.

........මේක පලල බැලුවනං හරි මේ තියෙන්නේ කැඩිච්ච කුඩේ මිට ...........කුඩ ණනේට අත කැපිල ආයෙත් අල්ලන්ඩ එපා කියල අම්ම විසික්කරාට මට කියුවේ නැනේ කුඩ මිට අල්ලන්ඩ එපා කියල .

.........දබං.....දබං....දබං...දීං.......

...........මේක ඇතුලෙ මොකවත් නැනේ ..........අපරාදේ ..............දැන් පොඩි පැත්තට ගැහුවටත් සද්දේ නැ ,.......  කවුද මේක පැලුවෙ කියල ඇහුවහම මොකද කරන්නෙ.............අම්ම නාන්ඩ ගියහම සද්ද නැතුව මේක ගිහින් තියනව ...එතකං කොස් ගහ මුල තිබිච්චාවේ , ආයේ තාත්ත මේක හොයන්නේ කවුරු හරි ඇවිත් අරක්කු බීපු දවසටනේ.............අවුරුද්දත් ලගයිනෙ

 .......සුදු මල්ලි දැන්නං සිංදුවක් ගැහුවනං හොදයි ඇරං එමුකෝ ඩෝලේ ...........කියුවහම පත්තර පත්තු කරල පුච්චල එහෙම ගන්නේ සුදු මාමනේ එයාව  අහුවෙන්නැතැ පැලිච්ච එකට ...........

.....සීනි අහුරක් කාල වතුර ටිකක් බිලා ඇවිත් බයිසිකල්වත් පදිනව.......මේ තියෙන්නෙ අම්ම බැද්ද මුං කැවුං මුට්ටිය මේස යටට දාල .......අවුරුද්දට කන ඒවා කලින් කන්ඩ හොද නැ කියල මට එකක්වත් දුන්නැ ...ලෝබ කමට පත්තර කොල දාල කට බැන්ද ...සීනී එපා කනව කැවුං .........

මේ මොනවද එතකොට සිමෙන්ති කවරයක් අස්සේ දාල තියෙන්නෙ......ආව් ..ආව්..රතිඥඤ පෙට්ටියක්.....කඩල බලන්ඩ ඕන ...හම්ම්  සුවද.....තාත්ත පත්තු කරන විදිහටනං මේක මට පත්තු කරන්ඩ බැ ......අරගන ගිහිල්ලා පිලිකන්නෙන් තියල , ....ගිණි පෙනෙල්ලක් අරන් ගිහින් මේක උඩට දාන්ඩ ඕන ...........


.........තාත්ත රතිඥඤ පත්තු කරන්ඩ කලින්  නුල්වල තියන මේ කොල ඉරල ගලවල දානව .....හම් දැං හරි ....ගිනි පෙනෙල්ල ගෙනත් දාල බඩඉරුගු ගස් අස්සේ හැංගිලා බලා ඉන්ඩ ඕන ....මේකට නං මට අම්මගෙන් ගුටියක් දෙකක් කන්ඩ වෙනව මයි , තාත්ත ආවහම බැරියැ එලියට එන්ඩ.........

......කෝ අප්පා තාම නැනේ .......ෂික් ...මට අමතක උනානේ තාත්ත වගේ ගිනිපෙනෙල්ලට පිඹල ඉවරවෙලා රතිඥඤ උඩින් තියන්ඩ ..........ගිනි පෙනෙල්ල අහකට වැටිලද කියල ලගට ගිහින් බලන්ඩත් බැ ....මං යනකොටම පිපුරුවොත් එහෙම........

ඩෝං...පටොං ...ඩිඩිං ...ඩං...ඩං.....දඩබඩං....දඩදඩං...ඩංඩං...ඩං....

‘‘ පුතේ පුතේ උඹ කොහෙද මයේ පුතේ..............අනේ බලන්ඩ නැන්දේ .......මේ වරත්තුවා කරල තියන වැඩේ.....අදනං මං මූට ‘‘

‘‘ඔය කොහේ හරි අකුලකට රිංගල නැතැ , දෙන්ට එපා කන්ට මරවිසේ බහිනකං‘‘

‘‘ කන්ඩ නෙමෙයි මම අද උන්දැට දෙන්නේ , අම්මප මේ පොල්ලෙන් ගහනව නැන්දේ මලත් කමක් නැ‘‘

‘‘ හපොයි නෝනේ මෙන්න මේකත් දෙපලුවෙලා, අරින්ටයි තියෙන්නේ මග්ගොන‘‘

‘‘ හැංගිලා ඉන්න තැනකිං වරෙන් කොල්ලෝ එලියට , කැලේ අස්සේ රිංගල සත්තු සරපයි එල්ල ගන්නේ නැතුව , මහ මිනිහ එනකොට මම තෝව එල්ලල තියනව කොහොඹ ගහේ ‘‘

......වෙනදට නං මරනව කියල නොමැරුවට අදනං අම්මා මාව ඇත්තටම මරයිද කොහෙද , පේන්නැද්ද අතේ තියන පොල්ල , එදා කක්කුස්සිය අස්සේ හිටිය පොළගට තාත්ත ගැහුවෙත් ඔය පොල්ලෙන් . දෙපාරද තුන්පාරද මන්ද ගැහුවේ , ......පොළගත් මැරුනා ...........ඔය පොල්ලෙන් ගුටි කෑවොත් මටත් වෙන්නේ ඉස්කෝලෙත් නොයා මැරෙන්ඩ . එතකොට මං කොහොමද ගෙවල් හදන්නේ , වාහන හදන්නේ , ගල් කඩන්නෙ .......

..........මෙහෙම්ම කැලේ අස්සෙන් හැංගිලා වැව අයිනෙන් පැනල රේල් පාරෙන් ඉස්ටේසමට ගිහින් නගිනව කෝච්චියට ......වේයන්ගොඩිං බැහැල නගිනව රතු ඉරි තියන රුවන්නැල්ල බස් එකට, ............ඉහලගම සමූපකාරේ ලගින් බැහැල යනව ටල්අම්මලගේ ගෙදර .....බලමුකෝ මං නැතුව ඉන්න හැටි ................