ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු.
ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු.
තව සල්ගාදු කියලා කෙනෙකුත් කැටයමක් දෙකක් කපාගන තමුන්ගේ අවටියල් වැඩ වහගන්ඩ ගමටම සත්තම දාගන උන්නාලු.
පමනක් දාට ගමේ කොල්ලෝ කුරුට්ටෝ රණ්ඩුදඹර කරගත්තහම හේමත් පොලිසි උසාවි යන්ට ඕන කාරනාත් විසදන්නේ සල්ගාදුලු.එහෙව් දාට දෙපාර්ශවයම පන්සලේ පුරාන ගල් පඩිපෙල ගාවට ගෙන්නලා අතපුරවලා කනේ පාරවල් හත අටක් ගහලා පුකටත් පයින් ඇනලා එලවලා දානවලු.
ඔන්න ගමේ ගෑණියෙකුට මිනිහෙක් ගැහුවොත් පහුවදා එලිවෙනකොට ගැණි පන්සලේ , හවසට වැඩ ඇරිලා එන එකාව සල්ගාදු ගල් පඩිපෙල ලගදී අල්ලගන්නවා ... ඈ බෝල @#$ පුතෝ තෝ ගෑණිට අත උස්සනවද , පුලුවන්නං තව එක පාරක් ගෑණිට අත තියලා පෙන්නපිය @#%$. මම තොගේ අත කඩනවා කියලා බයිනවලු.ආයේ ඉතින් ඒ මිනිහා එක වචනයක් කියුවොත් සොරි ඩොට් කොම් කොල්ලන්ට සලකන විදිහට තමා ඒ මිනිහටත්.
ඉතින් ගමේ ගෑණු හරි ආදරෙයි සල්ගාදුට. ආසා ජාති මොනවද කියලා අහලා එහෙම තමයි තම්බලා ගෙනත් දෙන්නේ.කොලු ගැටවුන්ට කියන්නේ පොඩි උන්නාන්සේ පේනවද ... ඒ වාගේ හැදියල්ලා කියලා.
ඉස්කෝල ඇරිලා ආපුවහම .... උන්දලම කොල්ලව පන්සලට ගෙනත් ඇරලනවා ....
‘‘අනේ ... ‘‘
සල්ගාදු‘‘ නැ නැ වැරදුනා ‘‘පොඩිසාදු ‘‘ මේකා හතීරටේ පාජාවේ යනවා , මහ එකා ගෙදර එන වෙලාවටම ගෙදර එවන්ඩ‘‘
සෝචනීයයි පිංවතුනි .... ඊටපස්සේ ඉතින් රබර්කිරි කැටස්පටි කතාව තමා
ඇත්තටම ඔය පොඩි සාදූයි පොඩි සාදූයි කියුවට ලොකු සාදුට ටිකයි වයස අඩු .... හැබැයි ලොකු සාදුගේ ලොකු අප්පචිගේ පුතා හන්දා සදාතනික පොඩි සාදු , කොච්චර නං සිල්වත් , නැණවත් , ගුණවත් පොඩි සාදුලා ඇවිත් ඔය පන්සලේ මහණ උනාද ....පුලු පලුවං අය රට ගියා , එක්කෙනෙක් දෙන්නෙක් මේ මහ පන්සලට අයිති අහල ගං හතේ පොඩි පන්සල් බාර දීලා එලෙව්වා ( එහෙම කලෙත් නැ දැ යොන්ට විතරයි ) . තව දෙන්නෙක් මාගංසෝලි ගෙදර ගෙනිච්චා .... අනිත් අය යංතං සංතං පොඩි පොඩි රස්සාවල , නාඝිත උන්නාන්සෙනං අහවල් පිරිවෙනේ ගුරුරස්සාවේ නැවතිලා ඉන්නෙත් ඒකේමයි.