Popular Posts
2017-04-28
2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.
සමුගන්නවා ...කියන අන්තිම වචනය ලියනකොට ඔහොම මගුලක් උඹත් දැනගන හිටියේ නැනේ ... මෙහෙම එව්වානං තේරුම් ගන්ඩ බැ ...
මාම කියන්ඩද
මචං කියන්ඩද
අයියා කියන්ඩද
සර් කියන්ඩද
අක්කට ඉගැන්නුවට
මට ඉගැන්නුවයැ
අනික ඒකිත් නැති කොට
සීයා කියලවත් කියන්ඩද
එහෙම නමක් අපේ
යාළුකමට තිබුනෙම නැනේ
නාකියෝ ස්තුතියි උඹට
වෙන මොකටවත් නෙමෙයි
පැන්සොන් ජීවිතේ
පන්සලටයි මරණාදාර සමිතියට
අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා
හොයන්ඩයි වැය නොකර
හවසට මං ගෙදර ආවහම
කියවන්ඩ දෙයක්
ලියලා තිබ්බට
2017-04-20
2017-04-17
කා එක්කද බං
මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට බෝල අතක් ගහන්ඩ තියෙන්නේ ,ඉරිදටත් දහම්පාසල් යන්ඩ එපෑ.... රෙද්ද... , ගහේ පැහුන දිවුල් තිබුනා යමරෙට කවුරුහරි කඩාගනීද දන්නෙත් නැ , තව ටිකක් බලලා මං තනියමහරි යනවා , ගෙදර ගිහින් බලන්ඩත් බැනේ .... අමිලයැ අක්කලා අම්මලා ගේ රෙස්පට් බලනවට වඩා හොදයි ඌත් එක්ක යාලුකම නවත්තන එක.
‘‘අඩේ මචෝ මොකැ අපි කරන්නේ ‘‘
‘‘ මේ පලයං බං යන්ඩ ‘‘
‘‘ අඩේ ඇයි බං එහෙම කියන්නේ ..මොකේ ‘‘
‘‘ තෝ මගුලක් කරාද මෙච්චරවෙලා ....එන්ඩ එපා කියුව හන්දයි මං නොආවේ ‘‘
‘‘ හරි හරි මචෝ මං දැං ඉතින් ආවනේ ‘‘
‘‘ තෝ වරුවක් තිස්සේ නෑවානේ ‘‘
‘‘ නෑ නෑ බං අම්මියි තාත්තියි අක්කිට කියලා මට පාඩං කරවන්ඩ කියලා ...එයා එක්ක බැ බං ...මට ප්‍රශ්න පත්තර දීලා ලියලා දෙනකං ලගට වෙලා ඉන්නවා ‘‘
‘‘ වාර විභාගේ ඉවරයිනේ ‘‘
‘‘ නැ නැ ඕ ලේවල් ප්‍රශ්න පත්තර ‘‘
‘‘ පිස්සුවක් ඇතෑ ....අපිට තව එහෙම්පිටින් අවුරුදු තුනක් තියනවනේ ‘‘
‘‘ ශිෂ්‍යත්වෙත් ෆේල් උනා කියලානේ බං ඔය ... ඕලෙවල් ...වලින්වත් කොළඹ ඉස්කෝලෙකට දාගන්ඩ ඕන කියල කියන්නේ ‘‘
2017-04-12
ලොකුසාදුයි සල්ගාදුයි
ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු.
ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු.
තව සල්ගාදු කියලා කෙනෙකුත් කැටයමක් දෙකක් කපාගන තමුන්ගේ අවටියල් වැඩ වහගන්ඩ ගමටම සත්තම දාගන උන්නාලු.
පමනක් දාට ගමේ කොල්ලෝ කුරුට්ටෝ රණ්ඩුදඹර කරගත්තහම හේමත් පොලිසි උසාවි යන්ට ඕන කාරනාත් විසදන්නේ සල්ගාදුලු.එහෙව් දාට දෙපාර්ශවයම පන්සලේ පුරාන ගල් පඩිපෙල ගාවට ගෙන්නලා අතපුරවලා කනේ පාරවල් හත අටක් ගහලා පුකටත් පයින් ඇනලා එලවලා දානවලු.
ඔන්න ගමේ ගෑණියෙකුට මිනිහෙක් ගැහුවොත් පහුවදා එලිවෙනකොට ගැණි පන්සලේ , හවසට වැඩ ඇරිලා එන එකාව සල්ගාදු ගල් පඩිපෙල ලගදී අල්ලගන්නවා ... ඈ බෝල @#$ පුතෝ තෝ ගෑණිට අත උස්සනවද , පුලුවන්නං තව එක පාරක් ගෑණිට අත තියලා පෙන්නපිය @#%$. මම තොගේ අත කඩනවා කියලා බයිනවලු.ආයේ ඉතින් ඒ මිනිහා එක වචනයක් කියුවොත් සොරි ඩොට් කොම් කොල්ලන්ට සලකන විදිහට තමා ඒ මිනිහටත්.
ඉතින් ගමේ ගෑණු හරි ආදරෙයි සල්ගාදුට. ආසා ජාති මොනවද කියලා අහලා එහෙම තමයි තම්බලා ගෙනත් දෙන්නේ.කොලු ගැටවුන්ට කියන්නේ පොඩි උන්නාන්සේ පේනවද ... ඒ වාගේ හැදියල්ලා කියලා.
ඉස්කෝල ඇරිලා ආපුවහම .... උන්දලම කොල්ලව පන්සලට ගෙනත් ඇරලනවා ....
‘‘අනේ ... ‘‘
සෝචනීයයි පිංවතුනි .... ඊටපස්සේ ඉතින් රබර්කිරි කැටස්පටි කතාව තමා
ඇත්තටම ඔය පොඩි සාදූයි පොඩි සාදූයි කියුවට ලොකු සාදුට ටිකයි වයස අඩු .... හැබැයි ලොකු සාදුගේ ලොකු අප්පචිගේ පුතා හන්දා සදාතනික පොඩි සාදු , කොච්චර නං සිල්වත් , නැණවත් , ගුණවත් පොඩි සාදුලා ඇවිත් ඔය පන්සලේ මහණ උනාද ....පුලු පලුවං අය රට ගියා , එක්කෙනෙක් දෙන්නෙක් මේ මහ පන්සලට අයිති අහල ගං හතේ පොඩි පන්සල් බාර දීලා එලෙව්වා ( එහෙම කලෙත් නැ දැ යොන්ට විතරයි ) . තව දෙන්නෙක් මාගංසෝලි ගෙදර ගෙනිච්චා .... අනිත් අය යංතං සංතං පොඩි පොඩි රස්සාවල , නාඝිත උන්නාන්සෙනං අහවල් පිරිවෙනේ ගුරුරස්සාවේ නැවතිලා ඉන්නෙත් ඒකේමයි.
ඔය දෙන්නගේ ගති පැවතුං හන්දමද මන්දා පන්සල ඇඹිත්තියෝ අල්ලලා ගියේ නැ , එන එකෙක් අවුරුද්දක් පවතින්නැ , කාබර විස්සක් විතර තියන හන්දා , නැදෑයොයි ...ගං වලින් පැනල එන ගෝත ඩයලුයි , පන්සලේ නවත්තන බස්වල ඩයිබර්ලයි , මොකකට හරි කොළඹ එන ..කොළඹට ලග හන්දා නවතින හාංදුරුවොයි හන්දා පිරිවර අඩුවකුත් නැ , ඇයි යාන්තං ටියුෂන් කඩ අටවගත්ත ගමං දුර ඈත ගොත ඩයල්.
‘‘ කී නමක්ද සුවාමින්වහන්ස ‘‘
දං බාස්කට් ගෙනියන්ඩ එන උන්දල දෙකට නැමිලා අහන්නේ
‘‘ ආ ආ ආ .... නම දෙනෙකුට තිබුනහම ඇති ..... ඕනවට වැඩිය පිලියෙල කරන්ට එපා ..අාහාර අපතේ අරින්ට නාකයි‘‘
එහෙමයි කියලා දං බාස්කට් ටිකත් අරං දිවිය ලෝකේට අඩිය තියන්ඩ උපාසක අම්මා හැරෙනවා
‘‘ සුනේත්‍ර නෝනා වෙනම කෑම තුනක් ඔතාගනම එන්ට ... අර විහාර ගෙයි වැඩකරන බාසුන්නැහේලට ‘‘
‘‘ එහෙමයි ‘‘
කී නමද ඇහුවට නමදෙනෙක් නැ , පිටින් ආව දෙන්නත් එක්ක ඔක්කොම හාමුදුරුවෝ හතරයි , අනිත්වා පංසලේ ලැගගන පිං බත් ගිලින අබ්බගොබ්බයන්ට, නමයයි කියුවට ... අපතේ අරින්ඩ නාකයි කියුවට..... කොත ගහලා බෙදාන එනවා පහලවකට කියලා දන්නවනේ.
ඉතින් ඔහොම ගිහින් එකපාරක් ඔන්න සෙට් උනා පන්සල් වලටම නාකි වෙච්ච ඩෑල් එකක් ( හරියට නම මතක නැ මාටිං වගේ නමක් ) , පොර ජීවිත කාලේම ඇබිත්තකං තමයි කොරලා තියෙන්නේ .... බහුතරයක් හාංදුරුවන්ට වඩා සිල්වත් ඩෑල් එක ... ගමේ මගුලකට , මළගේකට , කොටහලුවකට ...බලෙන්වගේ ගොඩ වැදිලා කට කපලා දෙකක් තුනක් දැම්මා ඇරුනහම ...පට්ට බුද්ධාගං කාරයා , ටික දවසකින් යන කෙරුවාව පොරට අල්ලන්නැ ඉතින් ..... ඔන්න ඉතින් තැං තැං වල කනුකුනු ගගා ඉන්නවා , දවසක් දවල් වරුවේ ලොකු හාන්දුරුවෝ ආවාසගෙයි සැතපිලා ඉන්නවා.
කුසුමා නෝනා ආවාසේ පිටිපස්සේ තැක්ගැහෙනවා. නැ නැ උන්දැ අල්ලපු වැටේ නෙමෙයි ... ටිකාආආක් විතර එහා ....උනාට වැට මායිං දන්නවා හොදට. මොකැ අද ඊයේ ආපු ගමනක් යෑ. ඇති දැඩි වෙච්ච ළමයි ඉන්නවා උනාට මොකැ තාම කෙල්ලවායේ , ඔය කුසුම්ගේ මහත්තයා සමරදිවාකර ඔය දැරණියගල පැත්තේ මනුස්සයෙක් ...... කුසුම් නෝනව කරකාර බැන්දට මොකද .... බින්නබැස්සා කියුවට මොකද වැඩියනක්ම ගමේ නැ ... ඒකාට පරම්පරාවෙන් හම්බුන රබර් ඉඩං බලන්ඩ නිතරම ගමේ ගාටනවා , රබර් ඉඩං කියුවට දැං ඒවායේ ඇත්තෙන්ම රබර් නැ .... ඔක්කොම ගලවලා තේ දාලා තියෙන්නේ . ගජපෝසතා ....පන්සලටත් ලැදියි ..... හැබැයි ඔය ගමේ පරණ මිනිස්සු කියන්නේ .... එයැයිටත් වඩා කුසුමා නෝනා පන්සලට ලැදියි කියලා , කොටින්ම ඒකලා ඒකිලා කට හෝදලා කියනවා .... ලොකු හාන්දුරුවෝ ගැන බොහොම බක්ති ආදරයක් තියනවා කියලා ....නැතුව පුලුවනැ .... මහා නායක හිමිනමක්නේ ඉදගන.
ඔය කුසුම් නෝනේලා වාගේ විසාකා සිරිත් තියන උපාසකම්මලාගේ වැදගත්කම කලින් හිටිය ලොකු හාන්දුරුවොත් ( දැං එක් කෙනාගේත් ලොකු එක්කෙනා ) අවධාරනය කලාලු , ඒ කියන්නේ ඔය කුසුම් නෝනගේ මහ උන්දලට කතා කරලා කියුවලු ඉක්මනට කාවහරි හොයලා කසාද බන්දවන්ඩ කියලා.
ඉතින් කොහොමහරි දැං මාටිය කුසුමව දැක්කනේ
‘‘ ඇයි මොකද ‘‘
‘‘ ලොකු හාමුදුරුවෝ කෝ ‘‘
‘‘ උන්නාන්සේ සැතපිලා ‘‘
‘‘ හා මං බලන්නං ‘‘
‘‘ මොකක් ...බවලත්තු ආවාසගෙට යන්ට ....සීවරං දෙයියනේ ... අම්ම මුත්ත කාලේ වෙච්ච දේවල්ද ‘‘
දැං දොර හරහට ඉන්නවා මාටියා
‘‘ අහකට යනවා මනුස්සයෝ .....හාමුදුරුවෝ මට එන්ඩ කියුවා ‘‘
‘‘ බෑ බැ ඒකට නං කොහොමටවත් ඉඩ දෙන්ඩ බැ ‘‘
‘‘ තමුසේ මං කවුරු කියලද හිතාන ඉන්නේ ‘‘
‘‘ කවුරු උනත් මට කමක් නැ ... අවසර අරං එනකං එහොම ඉන්න එකයි ඇත්තේ ‘‘
අනේ දැං මාටියා ආවාසගෙට යනවා
‘‘ අවසරයි ‘‘
‘‘ ලොකු හාමුදුරුවනේ ‘‘
‘‘ අපේ හාමුදුවනේ ‘‘
‘‘ අවසර ‘‘
ම් හූ ...... සැතපිලා ගැඹුරටම ... මොකැ සිරිදේහේට අත තියලා හොල්ලන්ටද....පව් සිද්ද වෙනවනේ
දැං මේකා ....උගුර පාදනවා ....කහිනවා ...... අවසරයි කියනවා ... එක එක එව්වා..... හරියන්නෙම නැ ..පස්සේ මූනටම එබුනා ..... තුන්හතර පාරක් එහෙම කතා කරනකොට ...බේරෙන කුනු කෙල සුරුස් ගාල ඇතුලට ඇදගනම ලොකු හාමුදුරුවෝ ඇස්දෙක ඇරියා
‘‘ හම්ම්ම්ම ..... මොකද ....බෙල්ල මිරිකන්ටද හදන්නේ ‘‘
‘‘ තරහ අවසර ‘‘
‘‘ හරි මොකැ කියහංකෝ ‘‘
‘‘ අර කුසුමා කියන ගෑණි ඇවිත් ... පිටි පස්සේ දොරෙන් ආවාසගෙට රිංගන්ට හදනවා අවසර ‘‘
‘‘ කාටද බොල තෝ ගැණි කියුවේ .... මාවත් විහිලුවකට ගත්තද ‘‘
කියපු ලොකු හාන්දුරුවෝ හනිකට පිටි පස්සේ දොර පැත්තට දිහුවලු ,.. මාටින් ලොක්කා කරබාගන එලියට එන ගමන් රෙද්ද ඈත් කරලා සල්ගාදුගේ කාමරයට හොස්ස පෙව්වහම ....මෙච්චර වෙලා ඇහුංකං දීගන හිටිය උන්නාන්සෙත් සැතපීගනම ඉන්න ගමං බිත්තිය පැත්තට මුණ හැරෙව්වලු..... අසරණ මාටියා ... මිදුලට බැහැලා බෝමලුව අමදින්ඩ ගත්තලු.
පස්සේ ඉතින් ටික දවසක් ගිහින් .... ආයෙත් ඔය විදිහටම කුසුමා ඇවිත් පිටි පස්සේ දොරලග .... ලොකු හාමුදුරුවෝ .... සල්ගාදුයි ගිරාමසේවක මහත්තයයි , මහාදායක පෙරේරා මහත්තයයි , අල්විස් මහත්තයයි , ගුනදාස මහත්තයයි , තව හත් අටදෙනෙක් .... එදා පොලිසියේ ලොකු මහත්තයත් ඇවිත් ... විහාර සංවර්ධනේ ගැන ලොකු කතා බහක් .... මොකද එහෙම අදහස් විමසලා ... ඉස්සරහ ප්ලෑන් කරලා ...තීරණවලට ඇවිත් තිබ්බහම ලේසියි .... ඉස් ඉස්සෙල්ලම ෆිනෑන්ස් කරලා කාර් එකක් ඇරං .... පිරිත් ටිකක් කියලා .... නූලක් බැදලා .....දෙහි ගෙඩියක් මිරිස්කරලක් පිරිත් කරගන .... ඉස්සරහින් පස්සෙං එල්ලගන කතරගම යන්ඩ බාරයක් වෙන්ඩ එන එවුන් වගේ උන්ගේ ... අතේ තියන දෙකයි පනහට කෙලවන්ඩ මොකක් හරි කියන්ඩ එපෑ.
‘‘ අවසරයි අපේ හාමුදුරුවනේ ‘‘
‘‘ ඔව් මාටින් මොකද ‘‘
‘‘ අන්න ඔබවහන්සෙගේ නෝනමහත්තයා ඇවිත් පිටි පස්සේ දොරලග ඉන්නවා ... ඇතුලට එන්ඩ කියන්ඩද ‘‘
හිටපු උන්ට බකස් ගාල හිනා යනකොට නැගිටලා මග ඇරලා ගියාට මොකද සල්ගාදුවත් පරිස්සං උනේ නැ .... ටික දවසකින් පොරත් අහල පහල තම්බි කොලුවෙක්ව ලයින් කරලා .... කොහොමහරි කාඹරේට පට්ටල් කරගන .... කොලුවා කබල් ෆෝං එකක් අතේ තියාගන ඉන්නවා .... සල්ගාදු අයිස් කිරිමේ හැඩ රුව වර්ණනා කරන ගමං රස බලනවා.... රස විදලා කොලුවට හිරිවැටිලා ..... කිරිම් ටිකත් ගිලදාපු සල්ගාදු
‘‘ මං මෙච්චර රසට කෑවා ... උඹ ඉතින් ඕක ඔබ ඔබා ඉන්නවා .... අනේ මේකත් රහද බලහං පුතේ...මං උඹට මගේ ටැබ් එක දෙන්නං ‘‘
... කියපු ගමං කොල්ලා පැන්නා එලියට ...... කෙලින්ම දිහුවේ පිට්ටනියේ සෙල්ලං කර කර උන්න කොල්ලෝ දිහාට ....
මේ වේසා කොල්ලා වීඩියෝ රෙකෝඩින්ග් ඔන් කරගනනේ ඉදලා තියෙන්නේ
2017-04-05
රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘ කතා දෙකක්
මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ
කන්ඩලම හෝටලය හදාපුකාලේ එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය මේකය කියලා , ඔහොම එව්වා ඉතින් එනවනේ , බොරුවකුත් නෙමෙයිනේ , විනාසයක් නොවෙනවත් නෙමෙයිනේ. එහෙම අළුත් දෙයක් නොකර ඉන්ඩද.... බැනේ , එහෙම උනානං ඉතින් අපිට බොග දාන්ඩ වෙන්නෙත් කටුවයි මිටියයි අරං ගලක තමයි .
වෙන්ඩ ඕන ...සංවර්ධන වියායාප්පුරුති , නව ආයෝජනද මොනාද මන්දා කරන කොට හොදම තැන , හරිම දේ කරනවා මිසක් .... අහවලුන්ගේ මල් හෝටලය හදනකොට වාගේ වැවේ පිට වාන අගල් හතරක් කපන එක නෙමෙයි.
හරි හරි ඔව්වා වැඩක් නැ ..... ඔව්වා ලියන්ඩ ගියහම හැමදාම අහන්ඩ වෙන්නේ ...අනේ මැසින් බිජ්ජෝ ...තෝ දන්න දේසපාලනේ කියලමනේ ...... ඔය ජුංඩ අමතක කරන්ඩලකෝෙ
හරි දැං ඔන්න සින්දු ලියලා සින්දු කියලත් කංඩලම හෝටලය හදන එක නැවැත්තුවේ නැනේ , ඔන්න දැං හෝටලේ හදලා ඉවරයි , ඔතන ඇවිල්ලා අවුරුදු දාස් ගානක් කුරුල්ලෝන්ට පුරුදු පරිසරයනේ ... වීදුරුගැන වැටහීමක් නැතුව දවසට සැලකිය යුතු කුරුල්ලන් ප්‍රමානයක් පියාබලා ඇවිත් වීදුරුවල වැදිලා මැරිලා වැටෙනවලු.
අලුතින් වැඩිය වීදුරු දාල ගෙයක් හැදුවත් එහෙමනේ ඒ පරිසරයේ නිදහසේ හිටපු සත්තු ආගන්තුක දේට පුරුදු වෙන්න යම්කිසි කාලයක් යනවනේ කුරුල්ලෝ දහස් ගානක් ගැවසෙන තැනකදි වැඩේ හෙන කේස්නේ ... පාලනාධිකාරියටත් කරන්ඩ දෙයක් නැලු ..... පස්සේ දවසක් ඔය රවී මහත්තයා ඇවිත් ඉන්න වෙලාවක ඔය සිද්දිය දැකලා බකමූණන්ගේ පින්තුර ටිකක් ඇදලා ඇලෙව්වාලු වීදුරුවල .....එදා ඉදන් පුරස්නෙ විසදුනාලු ....
රවි මහත්තයා ගැන කියනකොට ඇස් ටී ඇප් එක ගැනනේ ඉස්සෙල්ලම කතා වෙන්නේ , විශේෂ හමුදා ඒකකයක් හදන්න උවමනාව ආවහම ත්‍රිවිධ හමුදාවෙම සහයෝගය ලැබුණේ නෑලු , ඉතින් කරන්ඩ දෙයක් නැති කමට පොලිසිය දිහාට හැරුනලු.
මෝෂේ දයාන් ආවලුනේ අපි පොඩි කාලේ ලංකාවට ( අර ඇහැක් නැති යුදෙව් යුද සෙනෙවියා ) .... ඔය රවි මහත්තය එක්ක එයාගේ මිතුරු කමක් තිබුනා කියලයි පත්තරේ තිබුනේ , පස්සේ ඉතින් ලංකාවට ඇවිත් කදවුරු සංචාර එහෙම කරලා පොරට හෙන විවේචන තිබුනලු අපේ යුද , ගුවන් , නාවික හමුදා ගැන , පස්සේ එස් ටී ඇප් එක දැක්කහම කියුවලු .....නියම හමුදාවක් දැක්කා කියලා , ඔන්න ඒ කාලේ ඇස් ටී ඇප් එකට තිබුන තත්තේ , කොටි සංවිදානේ විතරක් නෙමෙයි ...ඇස් ටී ඇප් කොල්ලො ගමේ ආපුවහමත් ඔය භීෂනේම තමා ....
ඇස් ටී ඇප් රාලහමි කෙනෙක් ගමේ එනව දැක්කහම බොක්කු චන්ඩි සරම පල්ලෙහාට දානවා , කසිප්පු ජාවාරං කාරයෝ දෙකට නැමිලා .... පුතේ ..මල්ලියේ .. අයියේ කියල ඇඹරෙනවා ... ඇස් අයි මහත්තුරු ගමේ එන්නේ සී ඇම් එකක් හරි , ඇස් ආර් එකක හරි , ජී ඇන් එකක හරි .... ඔක්කොම ටුපිට්ටි ආයේ ඉතින් ගමේ පාරවල් වල යන්නේ පුතය වගේ බරං බරං ගාල ..... ඊන්ස්පැට්ටර් මහත්තයෙක් හිටියොත් ඉතින් ගමේ මගුල් තැල්ල වගේ තමයි ගමට .... එහෙම මහත්තැං කෙනෙක් අහල ගමක නිවාඩු ඇවිත් ඉන්නවනං ...
මළ ගෙයක් උනා කියමුකෝ ....මැරුන කෙනා ටිකක් විතර ... උඩ තටුට්වේනං ...වැඩිය ඕන නැ ...ඉස්කෝල ගුරෙක් .... ගිරාමසේවකයෙක් නං .... ඊන්ස්පැට්ටර් මහත්තයා තියනවා උඩට වෙඩි ....මිනිය උස්සන්ඩ රතින්නා පත්තු කිරිල්ලක් නැ .....
මරනෙට වැඩි සැලකිලි ඇස් ටී ඇප් එකට මගුලේ .... ආයේ ඉතින් මනමාලිගේ බාප්පල මාමලා කැලේ ...... හැබැයි ඔය නයින් ඇම් එකක් ඒකාලේ ගෙදර ගේන්ඩ දුන්න එක හොදටම හොදයි ..... මීනි උස්සන්ඩ තියන එව්වා කොහොම කවර් කලත් ... මොකද එහෙම ආයුදයක් ගෙදර ගේන්ඩ හම්බෙන හන්දා තමයි .... ජෙප්පෝ ... ඇස් ටී ඇප් කොල්ලන්ට ගහලා දාන්ඩ දෙවරක් හිතුවේ ....... ඕක නෙමෙයි හොදම දේ .... ගමේ ඉන්න ඇහැට කනට පේන කෙල්ලෙක් ආමි කොල්ලෙක්ට වචනේ දෙන්ඩ ඇඹරුනාට ... ඇස් ටී ඇප් කාරයන්ට ... පැනලා දුන්නේ .... මට නං හිතෙන්නේ වෙන මොකවත්ම නෙමෙයි ...
දැං අපි ගමුකෝ ගුවන් හමුදාකාරයෝ ... ඇති බිජ්ජක් නැ ....කළු කන්නාඩි දාගන යන්නේ උඩින් .... කෙල්ලන්ට දිරවන්නේ නැ ඉතින්
හා දැං ආමි කාරයෝ අප්පේ බඩ මැද්දට කලිසං අදිනවට කැමතිද කෙල්ලෝ
ඊලගට නේවි කාරයෝ මේලෝකේ රහක් නැ
ඉතින් කෙල්ලන්ගේ අම්මලා තාත්තල උනත් කියන්නේ .... ඔන්න ඔහේ කමක් නැ ... අවුරුදු දහයක් දොලහක් වෙලා ඔය කොල්ලා ගමේ පොලිසියට එන එකනේ ඉන්ස්පැට්ටර් වෙලා ... මයේ කෙල්ලට රැජින වගේ හිටියෑකි ..... අර කනවැන්දුං ගෑණිගේ ගේ අස්සේ රිංගනවා කියල කතා පතුරන්නෙත් මයේ කෙල්ලව මනමාලි කරගන ... කඩු යටිං කැන්දං යනවට ඉරිසියාවේ .... අපේම වේසාවියෝ කියලා
එහෙම තිබ්බ ඇස් ටී ඇප් එකට අද අත්වෙලා තියන තත්වෙනං.... ඇඩෙනවා අප්පා
මට නං හිතෙන්නේ ...ඔය පොලිස් විශේෂ කාර්ය බලකායට බදවාගන්ඩ ඕන පැන්සොං යනකම්ම ඔකේ ඉන්ඩ ඕන සිවිල් රාජකාරි වලට අන්යුක්ත වෙන්ඩ බැ කියන විදිහට , මොකද ....හොද දක්ෂ අවංක එඩිතර නිලධාරිවරු බලු බළල් ගානට වැටෙනවා මං දැකලා තියන හන්දා.
.. සාමාන්‍ය පොලිසියට බැදෙන්ඩ තියන අවස්ථාව අහුරලා .... වෙනමම එකක් විදිහට තියන්ඩ ඕන ....එතකොට ඒ ජීවිතයට ආදරේ අය විතරක් ඉතුරු වෙලා .... ඇස් ටී ඇප් ආභරණය පලදින්ඩ බලාගන ඉන්න ජරා පොලිස් කාරන්ට ඒක කරන්ඩ බැරි වෙනවා.
හයියෝ ලේන් මං මේ කොහෙද යන්නේ ... ආයෙත් කතාවට
ඉතින් ඔය මෝෂේ දයාන්ට ඇල් ටී ටී කාරයෝ දකින්ඩ ඕන උනාලු .....ඒකට ඇල් ටි ටී එකට කතා කරලා පහසුකං සලස්සලා ..... සොල්හයිම්ලා ගියා වගේ යන්ඩ .... අකමැති උනාලු .... පොරට ඕන උනේ ... රහසේ ... ඇල් ටී ටී ඒරියල් එකට බහින්ඩලු ...... පස්සේ හැමෝම විරුද්ධ වෙද්දි රහසේම රවි මහත්තයා ... මෝෂේ දයාන් එක්කාගන පිස්තෝල දෙකක් ඇරං ඒ පැත්තට ගිහින් .... ආවාලු .
( ඔය කියුවට මෝෂේ දයාන් සහ මෝසෑඩ් දෙක පටලවාගන ලියපු ලිපියක් වෙන්ඩ ඕන , මෝසෑඩ් සාමාජිකයෙක් මෝෂේ දයාන් කියලා වැරදියට වටහාගන්ඩ ඇති .... පත්තරේ නමත් මතකයි දිනය මතක නැති නිසා කියලා වැඩක් නැ , මෝෂේ දයාන් 1981 මැරුනයි කියලා ජංජාලේ තියෙන්නේ , ජංජාලේම තියනවා 1984 s t f පටන්ගත්තා කියලා ..... සමහරක්විට මෝෂේ දයාන් මැරෙන්ඩ කලින් ලංකාවට ඇවිත් රවි මහත්තයා එක්ක ඒ පැත්තේ කරක් ගැහුවා වෙන්ඩත් පුලුවන් ....ඊළම් යුද්ධය පටන් නොගත්තට හෙන හා හෝවක් සැහෙන කාලයක් තිබුන නිසා .....මෝෂේ දයාන් ඒ පැත්තට යන එකට විරුද්ධත්වයක් පලවෙන්ඩ ඇති , පස්සේ කාලෙක මෝසෑඩ් සාමාජිකයෙක් හෝ කණ්ඩායමක් ලංකාවේ කරපු සංචාරයක් එක්ක අර කතාව පටලවගන ලියුවා වෙන්ඩ පුලුවන් )
ලේන් මේ තියෙන්නේ මම ඔයාගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක
ඔය ‘‘ ලූ ‘‘ කතා ලියන එකේ බයානක කම ඕක තමයි ......හේ හ් .....හේහ්
r v ජයවර්ධන බිහිවෙන්නේ එක්සත් ජාතික පක්ෂය හින්දා නෙමෙයි , අනුර බණ්ඩාරනායකලා බිහිවෙන්නේ නිදහස් පක්ෂය නිසා නෙමෙයි , නාමල් රාජපක්ෂලා බිහිවෙන්නේ නිදහස් පක්ෂයට පාක්ෂික අනිත් බලවේග හින්දා නෙමෙයි ..... විමල් වීරවංශලා බිහිවෙන්නෙත් ජනතා විමුක්ති පෙරමුන නිසා නෙමෙයි , විමුක්ති බිහිවෙන්නේ ඔය මගුල් නෙමෙයි .... වෙන මොන මළගෙයක් හින්දවත් නෙමෙයි
අනුර අවලංගු වෙන්නේ
සමාජයේ බහුතරය හිතනදේ
නොහිතපු නිසා
සජිත් ගැන කතා නොකර ඉමු
මේ යන කතා අස්සේ
පාඨලි චම්පික රණවක
රටේ නායකයා වෙන්ඩත්
බැරි කමක් නැ
කතිකාවතක් අවශ්‍යයි රටට
සියල්ලං නියෝජනය වෙන
ඒ වාගේ තමයි
අපේ රටට විප්ලවයක් අවශ්‍යයි
කවුරුවත් කියනවට නෙමෙයි
හදවතින් නැගෙන එකක්
ඒක අස්සේ එක් එක් කෙනා
එක එක භුමිකාවන් කරයි
එකෙක් දෙන්නෙක්
පට්ට පොරවල් වෙයි
රටක් විදිහට ඇත්තම
උවමනාව ඒක නෙමෙයි
පුද්ගල ආකල්ප සංශෝධනයක්
විප්ලවයක් අවශ්‍යයි අපිට
රටක් විදිහට
හැබැයි විප්ලවය වෙන්ඩ ඕන
මිනිස්සුන්ගේ හිතේ
හිතනවද ඒක වෙයි කියලා
කවදාවත් වෙන්නේ නැ
මා . මං . මගේ
අත අරීද
මමත් සමහරක්විට
අල්ලගනම ඉන්නවා
තරහටම
කිසිවකින් සතුටක් නැති කොට
ඇත්තටම උවමනාවක් නැතුවට
පවතින රාමුවේ
මට කිසිවක් නොකෙලෙකුටද
මමත් කෙලවලා තියනවා
හෙටත් කෙලවනවා
ඒකයි ඇත්ත
දේශපාලනයත් ඕකයි
මම , මගේ , සහ මට
//අටම්පහුරApril 5, 2017 at 6:35 PM
කාලෙකින් මොකවත් නොලියුව එකේ පොස්ට් එකක්ම දාන්නං ..... අවුල තියෙන්නේ ....අහපු දැකපු දෙයක් ඇරෙන්ඩ ....එහෙම උනාලු ..... කියුවලු .....මෙහෙම කරාලු කියලා .. ලු පොස්ට් දාන්ඩ මම කැමතිම නැ//
ඔය ‘‘ ලූ ‘‘ කතා ලියන එකේ බයානක කම ඕක තමයි ......හේ හ් .....හේහ්
r v ජයවර්ධන බිහිවෙන්නේ එක්සත් ජාතික පක්ෂය හින්දා නෙමෙයි , අනුර බණ්ඩාරනායකලා බිහිවෙන්නේ නිදහස් පක්ෂය නිසා නෙමෙයි , නාමල් රාජපක්ෂලා බිහිවෙන්නේ නිදහස් පක්ෂයට පාක්ෂික අනිත් බලවේග හින්දා නෙමෙයි ..... විමල් වීරවංශලා බිහිවෙන්නෙත් ජනතා විමුක්ති පෙරමුන නිසා නෙමෙයි , විමුක්ති බිහිවෙන්නේ ඔය මගුල් නෙමෙයි .... වෙන මොන මළගෙයක් හින්දවත් නෙමෙයි
අනුර අවලංගු වෙන්නේ
සමාජයේ බහුතරය හිතනදේ
නොහිතපු නිසා
සජිත් ගැන කතා නොකර ඉමු
මේ යන කතා අස්සේ
පාඨලි චම්පික රණවක
රටේ නායකයා වෙන්ඩත්
බැරි කමක් නැ
කතිකාවතක් අවශ්‍යයි රටට
සියල්ලං නියෝජනය වෙන
ඒ වාගේ තමයි
අපේ රටට විප්ලවයක් අවශ්‍යයි
කවුරුවත් කියනවට නෙමෙයි
හදවතින් නැගෙන එකක්
ඒක අස්සේ එක් එක් කෙනා
එක එක භුමිකාවන් කරයි
එකෙක් දෙන්නෙක්
පට්ට පොරවල් වෙයි
රටක් විදිහට ඇත්තම
උවමනාව ඒක නෙමෙයි
පුද්ගල ආකල්ප සංශෝධනයක්
විප්ලවයක් අවශ්‍යයි අපිට
රටක් විදිහට
හැබැයි විප්ලවය වෙන්ඩ ඕන
මිනිස්සුන්ගේ හිතේ
හිතනවද ඒක වෙයි කියලා
කවදාවත් වෙන්නේ නැ
මා . මං . මගේ
අත අරීද
මමත් සමහරක්විට
අල්ලගනම ඉන්නවා
තරහටම
කිසිවකින් සතුටක් නැති කොට
ඇත්තටම උවමනාවක් නැතුවට
පවතින රාමුවේ
මට කිසිවක් නොකෙලෙකුටද
මමත් කෙලවලා තියනවා
හෙටත් කෙලවනවා
ඒකයි ඇත්ත
දේශපාලනයත් ඕකයි
මම , මගේ , සහ මට
Subscribe to:
Posts (Atom)





