2012-06-28

දුකට සැපට පද්මකාන්ත


සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා ගත්තා.දරැ පවුල නඩත්තූ කරගන ලස්සනට හිටිය.

මිනිහාට දවසක් මගූල් ගෙදරකදි හම්බ උනා සල්ලිකාර නෝනා කෙනෙක්, මැදි වයසත් කිට්ටු කරපු ස්තීරියාවක් උනාට ලස්සන කඩා හැලෙනවා.

 මීස්ටර් අපිට ජොයින් වෙන්ඩකො , ඔය මීඩ්ල්ඊස්ට් ඇරලා ගොඩ යන්ඩ පුළුවන්ද , අපි අරිනවා යුරෝප්, ඔයා අපිට එක වැඩක් සෙට් කරොත් ලැබෙන ගාණ ඔයාට මීඩ්ල්ඊස්ට් වලට දහයක් යැව්වත් හොයන්ඩ බෑ.

සාන්ත ගෙදර එන ගමන්ම බැස්සා වැඩේට.මග දිගට හම්බෙන උන්ට කියුවා විස්තරය 

ලස්ස 10ට, 15ට, සෙට් කරා කොල්ලෝ කට්ටියක්
ඒ  සෙට් හොයලා දුන්නට සාන්තට ලැබුනා ලස්සයක් විතර,
ඒ සල්ලි ලැබුනට පස්සේ සාන්ත තවත් උනන්දුවෙන් කට්ටිය හෙව්වා

දැන් සාන්තට වෙන වැඩක් නැ, උදේ  ඉදන් රෑ වෙනකන් කට්ටිය හොයනවා.ඔය විදිහට සාන්ත මීනිස්සු 100කටත් වඩා එකතුකලා

2012-06-21

අටම්පහුරා කක්කා හෝදන හැටි


ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය ..........................

අකමැති කට්ටියත් කැමතිනම්........... ඒත්  බලන්ඩ

මේ කියන කාලයේ මට වයස තුනක් විතර ඇති . මම ආච්චිලෑ ගෙද‍ර ගිහිල්ල හිටියේ , අප්පේ    ... ඒ ගෙද‍ර මගේ කක්කා හෝදන්ඩ  කට්ටිය ඕන තරම් හිටිය . ආච්චි අම්ම ,පුංචිලා ,මාමල ,අක්කලා ,අහලපහල කට්ටිය, ගෙදෙට්ට එන කට්ටිය,

 තරගෙටවගේ මගේ කක්කා හේදුවා. මම එයාලට තෑගී දුන්නෙත් නැ .

  අනේ මන්ද මොකද කියල ,   සමහරක්ව්ට මම අලුත් පරම පරම්පරාවේ පළවෙනි කොල්ල හින්ද වෙන්ඩඇති .

මොන නසරානි වැඩේ කලත් මට කටපුර  ලොකුපුතා ,ලොක්කා,ලොකුඑකා ,ලොකුකොල්ල , කියල අදටත් මට ඔය කට්ටිය   කතා කරන්නේ ඒකනේ.

කොහොමත් ඉතින් තාත්තාගේ නෑදෑයන්ටවඩා අම්මලාගේ නෑදෑයෝ දරුවන්ට බලනවා ,සලකනවා,                                                            
කොහෙත් ඉතින් ඔය කතන්දරය ඔහොමතමා.

මේ කියන දවසේ ගෙදරහිටියේ මම සහ අපේ ලොකුමාමා විතරයි ,ලොකුමාම හෙනවස පොරක් හැමවෙලාවකම මලපැනල ඉන්නේ, අපි මාර බයයි පොරට .( දැන් හොදටම නිමිල )

2012-06-16

කොමාගේ පළමු අහවල් මෙව්වා එක

කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,

ඒ පැත්තේ උන්නා කාත්කව්රුවත් නැති  අහිංසක අක්කා කෙනෙක්. දරුවොත් හදාගන තනීයම ජීවත් උනේ, උන්දෑ ලලක්කා කෙනෙක්, හැබැයි රස්සාව කාටවත් කරදරයක් නැතූව කලා.අර ඕනයාලගේ මංජුයි , ඇන්ටීෆා එකයි වගේ හැමෝටම  ---ඩ --නෑ.

එයාගේ සේවාව ලබා ගැනීමට හැකිඋනේ මෙන්න මේ කට්ටියට විතරයි.


ගොඩක් දුර ගමකීන්  රස්සාවට පැමීණි අය


බිරිද අතහැර ගිය අය


කාත්කව්රුවත් නැති අය


ඔතනින් එහාට ලලක්කා කවදාවත් ගියේ නැ, කාවහරි තෝරාගත්තට පස්සේ මෑන්ට පුළුවන් ඒ ගෙදර නවතීන්ඩ, කෑම බිම සහ ලෑම සමග ලොන්ඩරී පහසුකම්, ඇතූළු සීයලුදේ ලැබුනා.ගාස්තූව වශයෙන් හවසට ලලක්කටයි දරුවන්ටයි කන්ඩ හාල් පොල් ටිකක් ගෙනාපුවහම  හොදටම ඇති.

ඔය අතරේ ඒ පැත්තේ හිටපු සමහරක් පොරවල් ගේ වටෙ කැරකූනාට ලලක්කා නෙමෙයි පැත්තවත් බැලුවේ.

2012-06-11

සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ





මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු

 කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු පොට් දෙකකදිම ip මහත්තයට  මාට්ටු වෙලත්  කට හින්දා බේරිලා ගියානේ .

හැබැයි එදා ip මහත්තයා බෙල්ල අතඇරියේ 

''තො ආයේ මට අහුවෙන්ඩ එපා නාකී  -කා''

කියලා ආදරෙන් අවවාද කරලනේ.ටික දවසකට පස්සේ දවසක අයිසේ අංකල් ගියා කසිප්පු බොන්ඩ කියලා තවත් තැනකට. ඉස්සර ගෙදර මිදුලෙම බිස්නස් එක කෙරුවට ip මහත්තයා තමන්ගේ කොටහ ගන්ඩ අකමැති උන හන්දා එ දේශිය නිෂ්පාදකයා හරිම අමාරුවෙන් තැනින් තැනට ගිහිල්ලා තමයි තමන්ගේ ජීවිතය රුක ගත්තේ.(පව්නේ ඒ මහත්තයා)

එදා මැන් වැඩේ කරගන ගියේ පාළු වත්තක ,ඒ වත්තේ පාර පැත්තට ඇරෙන්ඩ අනිත් දෙපැත්තම තාප්ප ගහලා.( අනිත් ඉඩංවලට පැති හතරක් තිබුනට මේකට තූනයි , පිටිපස්සෙන්   v  හැඩයට )  ටිකක් වත්ත දිගයි , වත්තේ මුල්ල පාරට පේන්නැ.

2012-06-03

මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම

මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට බයයි.

කුණුහබ්බ ලියුවොත් මටයි අපේ අම්මටයි අහවල් එක කොරනවා කියලා   කොමෙන්ටු  ගොඩක්  කොටලා තිබ්බා පහුගිය දොහක.

 ඇස් ඇම් ඇස්    එහෙමත් සැල්ටැල් එකට ඇවිත් තිබුනා . එව්වා ඇවිත් තිබුනේ සුවිඩැන් රටෙන් එන විදිහට.මම ඉතින් නුගත් බාසුන්නැහේ කෙනෙක් හන්දා එව්වා එහෙම එවන විදිහ එහෙම දන්නැ .ඒ හන්දා මට ස‍රමේ කක්කත් ගියා.

ඒ හන්දා මම තීරණය කොලා ආයේ එව්වා නොලියන්න.ඒත් හත් දෙයියනේ මම මොනවද ලියන්නේ.කූණුහබ්බ නැතූව ලියන්ඩ දෙයක් හිතන කොට තමයි මට මේ අදහස හිතට ආවේ


***  හිත හොද ගුණයහපත් බල්ලෙක් හදාගන්ඩ කැමති කටිටියට කරන්ඩ තියෙන්නේ පුංචීම පුංචී වැඩ දෙකතූනක්  ***


බල්ලෝ හිතන්නේ එයා පවුලේ සාමාජීකයෙක් කියලා එයාට ඒ විදිහට සලකන්න.( සහෝදරයෙක් ,දරුවෙක්ට වගේ ) 

ඩියුටිය හරියට කරන බල්ලා මිනිස්සුන්ව හපන්නැ, මිනී කන බල්ලන්ට වඩා ආරක්ෂාවක් අපිට ලැබෙනවා අහිංසක බල්ලන්ගෙන් බල්ලව බලේන් සැර වස බල්ලෙක් කරන්ඩ එපා.

බල්ලා කූඩුවට දාන්ඩ එපා, දංවැල් වලින්  බදින්ඩ එපා,මොන විදිහකටවත් හිරිහැර කරන්ඩ එපා.

 ඔව්වා කරලා බලන්ඩ ඔයාටත් බුද්ධිමත්  බල්ලෙක්ගේ අයිතිකාරයා වෙන්ඩ පුළුවන්                                                              

 

මෙන්න මම දන්න ගුණයහපත් බල්ලන්ගෙන් කිහිප දෙනෙක්

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>