2017-02-16

ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..



මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න තියනවා , සමහරක් වෙලාවට අන්තර්ජාලය හරහාත් විකුනනවා දැකලා තියනවා ,

කරුනාකරලා හොද ෆෝටබල් මෙෂින් එක්ක මේවා පටලවාගන්න එපා , මම මේ කියන්නේ පුංචිම පුංචි ....එලියේ තියන dc පවර් සප්ලයි එකකින් කරන්ට් එක දීලා මහන මෙෂින් ගැන , සමහරක් ඒවා තියනවා රීචාර්ජ් කරන්න පුලුවන් බැට්රියක් එක්ක ,  සමහරක් සමාගම් වලින් රුපවාහිනියේ පවා ...වෙළද දැන්වීම් දමමින් විකුනනවා .

එක වරක් දෙවරක් මහලා අයින් කරන්න වෙනවා , අහුඋන කෙනෙක් ලැජ්ජාවට කියන්නෙත් නැ , එක්කො කාටහරි අහිංසකයෙකුට විකුනලා දාල අත හෝදගන්නවා , එහෙම නැත්නං පැත්තකට දාලා සද්දෙ වහලා ඉන්නවා.

මෙව්වට අහු නොවී ඉන්න තියන හොදම ක්‍රමය තමයි , ....ලාබ බඩුවේ හිලක් කියන කතාව විස්වාස කරන එක .....හොද  ෆෝටබල් මහන මෙෂින් එකක් රුපියල් 15000 කට අඩුවෙන් ගන්න බැ .

2017-02-15

මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද


මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ , මටනං හිතෙන්නේ ඕක වෙනවා ඇත්තේ මෙහෙමයි.

සිහිය නැති වෙලා ඉන්න කෙනෙක් උස්සන කොට දැනෙන බර ගොඩක් වැඩියි සිහිය තියන කෙනෙක් උස්සනවට වඩා , මට හිතෙන්නේ එහෙම වෙන්නේ සිහි නැති කෙනෙක් ඔහේ පරඩැලක් වාගේ කඩා වැටිලා ඉන්න හන්දයි කියල

මැරිලා ටික වෙලාවක් ගිය කෙනෙක් පෙට්ටියක් නැතුව උනත් උස්සනකොට සැහෙන බරක් දැනෙනවා කියලා එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා නං දැන් මතක් වෙයි.

යම් බර දෙයක් කර තියාගන දුරකට යන කොට එන්ඩ එන්ඩ බර වැඩි වෙනවා .

ඒ වාගෙම තමයි දිග පුවක් ගහක් දෙන්නා එක්ක කරගහගන යනකොට දැනෙන බරට වඩා බරක් දැනෙනවා කොන්ක්‍රීට් වැට කනුවක් කරගහගන යනකොට

2017-02-04

අනන්තයක් වෙනකං




වෙන ළමයි සැර කෙරුවහම
දුහලා මාරු වෙනවා
කොහේ හරි හැංගෙනවා
එක්කෝ තරහ වෙනවා
නැත්තං අඩනවා

ඒකටත් එක්ක උඹ
කපටි හිනාවක් දානවා
තාත්තේ මේ දන්නවද
චුට්ටක් ඇඹරිලා කිට්ටුවට
නගිනවා ඔඩෙක්කෙට

වැල් වටාරං ගොඩයි
වැඩියක් පණ්ඩිත වාක්‍ය
කාගෙවත් වැරදි නැ
කියන්නෙ වැරදිලාවත්
නොකියන්නෙත් නැ

එව්වට ඉල්ලුමක් නැතිකොට
ඔයා දන්නවද තාත්තා
මං දැං දන්නවා සීයට ගයින්ඩ
ඔයත් දන්නවද ගයින්ඩ
අනන්තයක්  වෙනකං

අනන්තයක් දන්නවද
නැ මං දන්නේ නැ
එහෙනං කියන්නේ
අනේ බඩ තඩියෝ
මොන්ටිසෝරි ළමයෙක් මම

මේ අහන්ඩකෝ මේ
අපරාදේ නේද කැපුවේ
අම්මගේ කොන්ඩය
ඇයි ඉතින් කැපුවට
මොකද ඒකෙන් ඔහේට

කොහේහරි යනකොට
අපිව වැටෙනවා වතුරට
පහල ගහගන යනකොට
ගොඩවෙනවා එගොඩට
එල්ලිලා කොන්ඩෙට

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>