අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය සම්බන්දයෙන් අටමගේ මතය තමයි , ඔව්වා කොරලා පලක් නැ කියන එක,
අටං ගොයියා ඉතින් බුද්ධාගං කාරයනේ, බොහොම ආසාවෙන් දහම් පාසල් එහෙම ගිහිං බණ දහං එහෙම ඉගන ගෙන තියන එකා , අවසාන විභාගෙට නං ඉද ගත්තේ නැ ,
දහම් පාසල් ගුරුවරයෙක් වෙච්ච බෝතල් පත්තර කාරයෙක් හන්දා , ( ඕකට කියන්ඩ නමක් මට හිතා ගන්ඩ බැ) වල් බල්ලා මගේ කෙල්ලව රවට්ටලා උදුරා ගත්ත හන්දා මම අන්තිම මාස කිහිපය දහම් පාසල් නොගිහිං අත ඇරියා,
අටමා කරුමෙ තදින්ම විස්වාස කරනවා, අපි පෙර ආත්මවලදි කල කුසල් සහ අකුසල නිසා තමයි අපිට මේ ආත්මයේ ලැබෙන දුක් සැප තීරණය වෙන්නේ ,
එහෙම තියෙද්දි යන්තර මන්තර සෙත් ශාන්ති කොරලා බෝධි පූජා කොරලා මොකටද නිකං පව ඇරියස් කොරගන්නේ අපේ අලේ අංකල් කියුවා වාගේ,
අපි කොරපුවා අපේ පස්සෙන් එනවා ආත්මයක් ආත්මයක් ගානේ , ඉතින් එහෙම තියෙද්දි මොකටද ඔව්වා කරලා මේ ආත්මයට විතරක් ඇපයක් දාගන නිකං ඊලග ආත්මේ ඇරියස් එක්ක ගෙවන්නේ
අධික කාම ආසාව හන්දා අහල පහල බැදපු මිනිහෙක්ට වශී ගුරුකමක් කොර ගන්ඩ හදපු දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට වෙච්ච සිද්ධියක් තමයි අද මම කියන්න යන්නේ
ඉස්සර කාලයක මට හිටියා මිත්තරයෙක් , මිනිහා මට වඩා වසර කිහිපයක් වැඩිමහල් , රස්සාව විදිහට කලේ යන්තර මන්තර ගුරුකං , මිනිහා අද හිතා ගන්න බැරි තැනක ඉන්න හන්දා මම ඌ ගැන වැඩිය කතා නොකර ඉන්නං , කතාවනේ අපිට වටින්නේ ඒ යකාගේ අල ගිය මුල ගිය තැන් මොකටද නේද,
මං ඒ කාලයේ අධික ලෙස ගංජා පානයට හුරුවෙලා හිටියා , (දැන් නං නැ , නවත්තලා ගොඩක් කල්) , ඔය යාළුවගේ ගෙදර හිටියේ අයියා සහ ඌ විතරයි , අයියා සිකරට් එකක් වත් නොබීවාට මොකද , මල්ලි සියලු දුරාචාර අයියාටත් එක්ක ඉෂ්ඨ සිද්ධ කොලා ,