2018-11-20

සම්සුදීන් නානා



ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි කාලය ගතකලේ  , වැඩි කලබලයක් නැ ආවහම පැයක් හමාරක් කයියක් ගහගන ඉදලා තමයි  යන්නේ  , එහෙම ඉන්නෙත්  නිකම්ම නෙමෙයි ..ඒකත්  පොර කරගන ගිය බිස්නස් එකේම එක අංගයක්.

මෑන්  රස්සාව විදිහට කලේ  ටිකක් අමුතු  වැඩක් , පොර හැමෝටම කියුවේ  ඉන්දියාවෙන් චීනයෙන් බඩු ගෙන්වනවා  කියලා  , ඒත් පොර ගෙන්නන දෙයක් නැ පිටරටින් .... මැන්  කලේ  ඔය මහන මෙෂින් , මහනමෙෂින් අමතර කොටස් , මැහුම් උපකරන , උපාංග , මැහුම් අමුද්‍රව්‍ය වෙලදාම තමයි  ... ඒකත්  මූලික වශයෙන් මෙහෙමයි  .......... ඔන්න පොරක්  කියනවා ....

‘‘ නානා මට ඉන්දියන් ඕලොක් දහයක් ඕන ‘‘

‘‘හරි දෙන්නා බොසා බෙස්ට්ම ප්‍රයිස් එකක් , මාකට් ප්‍රයිස් එකට වඩා ටූ හන්ඩ්‍රඩ් රුපීස් අඩුවෙං දෙන්න , ටුවෙන්ටි ෆයිව් පීසස්  දාමු ‘‘

‘‘ පිස්සුද නානා  එච්චර බෑ ... දහයක් ඇති ‘‘

‘‘ හරි  වැඩේ  කරමුකෝ  එහෙනං  කෑෂ් ‘‘

‘‘ අවුලක් නැ  කාටවත් දුන්නේ  නැ මේ ප්‍රයිස් එක , කෑලි විසිපහට අඩුවෙං ... කෑෂ් වලට කරමු  ..ඒ ගාන දෙන්නං ‘‘

‘‘ කෑෂ්  නැ නානා... එහෙම කරන්ඩ එපා  ..චෙක් එකක්  දෙන්නං  තර්ටිඩේස් ‘‘

‘‘ හරි හරි  බොසා  ... ඔයා මගේ  රෙගියුලර් කස්ටමර් නේ .... පාටි චෙක්නං බෑ ‘‘

ඔහොම  කියන පොර   බඩු තියන තැනකට එනවා  , එතන බුවාට  ටෝක් කරනවා ..මාසතුනකින්  සල්ලි දෙන්ඩ ... එව්වත්  පාටි  චෙක්  ....මෙෂින් අයිතිකාරයව කැමති කරගන  නාට්ටාමි කෙනෙක්  අඩගහගන ඇවිත්  පොරට කියනවා  ... අහවල් තැනට කෑලි  දහය බාලා  බඩු  ගෙනත් දුන්න  ගාස්තුව ගන්ඩ කියලා.

ඒක කෑල්ලකින්  හත් අට සීයක්  අතේ  ,  සල්ලි දෙන්නෙත්  නැ  , චෙක් ලියන්නෙත්  නැ , අඩුම තරමේ  පෙට්ටියක් අතින් අල්ලන්නෙත් නැ

ඔය ඇවිල්ලා   එක  ක්‍රමයක් .... අනිත්  ප්‍රධාන ක්‍රමය  තමයි බඩු  හැංගිල්ල

ඒක කරන්නේ  මෙහෙමයි

ඔන්න  හිතන්නකෝ  දැන්  කවුරුහරි  කෙනෙක්  මොනවහරි ගේනවා  ......... හම් හම්ම්ම් ... අපි  හිතමුකෝ  ... මහන මෙෂින්  මෝටර්  ....  බූවා  ට ඔව්වයෙත්  ආරංචි  යනවා   සංගාලා ......... ඩීටේල්  තියනවා  ...... ඒවාගේ  ඒවා තව කවුද ලංකාවට දැම්මේ  , කොච්චරක්ද  ............ කලින්  පාර යාපනේ  ගියේ  කොච්චරක්ද  , ගාල්ලට කොච්චරද  .............. අන්න ඒ වාගේ .......... එවා ඔක්කොම  ....ගලපලා ගත්තහම බුවා දන්නවා  .......... කොයි කාලෙද  ........ කොච්චරක්ද ලංකාවට හිග වෙන්නේ  , කාටද ඕන වෙන්නේ  ..... උන් ගන්නේ  කොච්චරක්ද.

අයියා  සේ  බහිනවා සීන්  එකට............ගෙන්නපු  එකාවත්  කොර වෙන කොන්ටිටියක්  ඉල්ලනවා ........ මෙන්න  මෙහෙම

‘‘ බොසා  ... රිවස්  මෝටර්  ආවා නේ ( ඩොමැස්ටික්  ඔවර්ලොක් මෝටර් ) කලින්  කොලිටියමයි  නේ  ..... බැකට්  එක දුස්පා කොලිටි නෙමෙයිනේ ‘‘

‘‘ නැ නැ  ... මේපාර  බඩු  වලට එකකට ඩොලර්  එකක්  වැඩිපුරත්  ගෙව්වා....  බලන්ඩකෝ  ඔයා අතට අරං  සුපර්  ... කොපර්  කොයිල් ‘‘

‘‘ පිස්සුද බොසා   කොපර්  මේ ගානට දෙන්ඩ   බෑ ... මේ කොපර්  ප්ලේටර්ඩ් කොයිල් ‘‘

‘‘ කොහොමහරි   බරත්  වැඩියි  ...... ගෑම්  එකසිය  හැත්තැවක්  විතර ... ඔයා බලන්ඩකෝ  ඉස්සෙල්ලම ‘‘

‘‘ හරි හරි  බොසා  ....... බොසාගේ  බඩු  මම දන්නවනේ  ... පෙට්ටි පනහක්  දෙන්නඩ ‘‘

යකෝ  දාල තියෙන්නෙත් මෝටර්  දාහයි  ... මූ පන්සීයක්  ඉල්ලනවා.............. අයිතිකාරයත්   ඇදලා ඇදලා දෙනවා , බුවත්  ඇදලා ඇදලා  ලග තියන  පාටි චෙක්  ටිකක් දාලා ඉතුරුවට  ..පුලවන් තරං  ඇදලා .. පලුවන්තරං කඩලා   චෙක්   දෙනවා , හැබැයි  බඩු  ටික විකුනන්නේ  නැ ... ගෙදර තියන  ඉස්ටෝරුවට   දාලා  ........ සද්දේ  වහලා ඉන්නවා .......

ඊටපස්සේ අර කලින්  කියුවා  වාගේ  ආපුවහම  බයිලා ගගහ ඉදලා  .... හිමිහිට  ... ඔය සෙල්ස් ගර්ල් කෙනෙකුට වෙරලු අච්චාරු මල්ලක් , බොම්බේ  සුවිට්  කෑල්ලක් මිට මොලවලා ... ඉතුරු මෝටර්  ගියේ කාටද ... තව කොච්චර  ඉතුරු වෙලා තියනවද  කියලැ දැනගන්නවා.

ඔහොම  ගිහින් ගිහින් සමහර වෙලාවට ලංකාවට බඩු ගෙන්නපු  එකත්  බඩු  නැති  උනහම  වැඩිගානට  නානගෙන්  බඩු  ගන්නවා , බූවා  කොහොමහරි  නාහෙන් අඩලා  වෙන කෙනෙකුගෙං  ඉල්ලගන්නේ  කියලා  ... කෑෂ්  වලටම   වැඩේ  කරනවා  ... එක මෝටර්  එකකට  දෙතුන් සීයකට  කට්ටයකුත්  තියලා  .... පොර බඩු ගෙනියනකොට  දුන්න  චෙක් දෙකක් තුනක්   බැංකුවට දාන්ඩත් තියනවා ඒ වෙනකොට. කොහොමද  බුවාගේ  මොලේ.

ඔය  ගෙන්වන කෙනා  තොගයට බඩු  දෙනකොට  ගැරන්ටියක්  වොරන්ටියක්  නැ  , එතනින්  ඇරගන සිල්ලරට විකුනන කෙනා  හරි  ඔය නනාවගේ  අයගෙන්  ගන්න තුන්වෙනි හරි  හතරවෙනි කෙනාට තමයි  ඒ වගකීමට කරගහන්ඩ වෙන්නේ.

හැබැයි  නානා  එහෙම  නැ  , බඩු ගැන  කම්ප්ලේන්  ආවහම  ... අයියා වාගේ

හරි හරි  ගේන්ඩ බොසා කියල  මැසිම ගෙන්න ගන්නවා ...  දුර මුදලාළිලානේ  .... දහසක් වැඩ එක්ක කොලඹ එන්නේ  ... උදෙන්ම  නානට  ගෙනත්  දානවා  ... නානා  නාටිමිකෙනෙක්  අතේ  අපේ ලගට එවනවා....  මුදලාළිට කියනවා  ... මගේ  ටෙක්නීෂියන්  එන්නේ  දවල් වෙලා ඔයා  පර්චසින් කරලා  ... යන ගමං හවස් අතේ  එන්ඩ කියලා

ඔන්න  ඉතින්  දහයට එකොලහට ඇවිත්  අපිට වද දෙනවා  , පකිස්තාන් බුලත්  විට පංපරා ..... අනං මනං පැකට්  කකා  කෙල ගිල ගිල අපිට වද දෙනවා  , ( එව්වා කාලම තමයි බුවා මලේ ) ... අපිත්  පුලුවන්  තරං කර අරින්ඩ හදනවා ... බොසා කැමතිත්  නැ  ඒවා හදන්ඩ .... මොකද  අපි සිල්ලරට විකුනනවට වඩා පන්හය දාහක්  අඩුවට  එව්වා දෙන්නේ  වොරන්ටි නැතුව .... බොසත්  පැත්තකට වෙනවා  .... පස්සේ  ගැලවෙන්ඩම බැරි  උනහම  අපිත්  අටවලා දෙනවා  ....

සමහර වෙලාවට  පාට්ස්  මාරුකරන්න  වෙනවා  .... මැන් කොහොමහරි  වද දිලා දීලා  ලොක්කගෙන්   ඒ ටික නිකං ගන්නවා ......... එහෙමත්  බැරුව  ගියහම  .... පොඩි සද්දයක්  දානවා  .......... හරි ගියේ  නැත්තං  අල්ලනවා   ලොකුම  ලයින්  එක  ............ සුද්දා වාගේ  පාට්ස් වලට සල්ලි දෙනවා  ......... සමහර වෙලාවට  සල්ලි  වලටවත්  ගන්න මාකට්  එකේ   උවමනා  අමතරකොටස   නෑ .............. නානා  ඒත්  වැඩේ  අත අරින්නේ  නැ .......... එතකොට  තමයි  නියම සංදර්ශනේ  තියෙන්නේ

නංගි  බිල් කරන්ඩ මට මෙෂින්  එකක්

කියන බුවා  සල්ලි දීලා  අලුත්  මෙෂින්  එකක්  ගන්නවා  , ඇරගන  අපිට දෙනවා කෑල්ල ගලවාගන්ඩ කියලා ... ඒකරලා යනකොට   ...ඒ මෙෂින් එකත්  ඇරං  යනවා  ... ඒකරලා  අර කෑල්ල මාකට් එකට බැස්සහම  අපිට කියලා හරි වෙන තැනකට කියලා හරි  හයිකරගන  .... විකුනනවා.

ඔන්න  දවසක්   උදේ  පාන්දර  බුවා එනවා ක්ලොත්  කටර්  හතරක්  ඇරං , අපෙන්ම ගත්තුවා

ඒ  කාලේ  එකක්  12500ක් විතර වෙනවා , බුවාට  අපේ බොසා දෙන්නේ  8500ට විතර

මචං  මල්ලි  මට මෙව්වා පාට්ස්  කරලා  දෙන්ඩ .... ආයේ  ඉතින්  හදන්ඩ වෙලා ගියාට ගලවන්ඩ  වෙලා යන එකක්ද ... ඇලන්කී ටිකයි ප්ලැට් එකයි  මල් එකයි  ලොක් අඩුවයි ගත්තහම කටර් හතරටම විනාඩි  විස්සයි.

ගලවලා දෙන කෑලි  ටික ඔක්කොම  මල්ලකට දාගන කයිය ගගහ ඉදලා සතපහක් නොදී  මාරුවෙලා යනවා  .......... අපිට  නැති වෙලා  කටින්ග් මෙෂින් පාට්ස්  උගෙන්  ඇහුවහම

ෆීල්ඩ් කොයිල්  එකක් 3000යි
ආමිචර් එකක් 3000යි
බ්ලේඩ්  එකක් 900යි
වීල් එකක් 2500යි
හැඩල් එකක් 2250යි
හවුසින් එකක් 3500යි
වයර් එකක් 750යි
බ්ලේඩ් ගයිඩ් එකක් 650යි
ගයිඩ් ස්ප්‍රීන්ග් එකක්  350යි
බ්ලේඩ් නට් එකක් 300යි
ස්විච් එකක් 450යි
බ්‍රෂ් ජෝඩුවක් 300යි
බ්‍රෂ් කප් ජෝඩුවක් 200යි
බේස්  එකක් 2000යි
බේස් වීල් සෙට් එකක්  650යි
බේස් බැකට්  එකක් 2300යි

ඇණයකුත්  රුපියල්  80 ක්  යකෝ

කොහොමහරි  මස්කරන කටර්  එකත්  ඌ විකුනනවා  20000ත් පන්නලා

ඔහොම  ගේම ගහගන ගියාට  ගුරුන්ටත්  අකුරු වරදින දවසක්  තියනවනේ  , මේ  කතාව  මට කියුවේ  බුවාගේම රස්සාව කරපු  ... බුවාලගේම  රැහේ පොරක්  .... පොරව කාලයක්  ටිකක්  හිරවෙලා තිබුනා  ... ලොකු ලීගල්  කේස් එකක්  වෙලා  ... ඒ  කාරනාව නිසාම මිනිහගේ  ගනුදෙනු  පොඩ්ඩක්  අබ්ලික්  වෙලා  ලෙල්ලටම හාන්චිපයිස් වෙලා හිටියා සෑහෙන දවසක්  ......... ෆිල්ඩ්  එකේ  බුවාල  කතන්දරේ  දන්න හන්දා  මෑන්ට ..චාන්ස්  එකක් දීලා  නිදහසේ  බජාර් එකේ මූවෙලා ...ගොඩ යන්ඩ දුන්නට  ........... අපේ නානාගෙං  නෝ චාන්ස්ලු........ යන යන තැන දකින දකින තැන මස් රාත්තලම ඉල්ලනවලු ........... පස්සේ  බුවා  මග අරින්ඩ ගත්තලු  නානාව..... අපි කතාව කියන්  යන්ඩ  මෑන්ට ඉර්ෆාන්  කියල නම දාමුකෝ.

දවසක්  ඉර්ෆාන්  උදේ  දහයට එකොලහට  ගෙදර ඉන්නකොට   බජාර්  එකේ ටකල් කරන්ඩ බැරි වෙච්ච හන්දා  නානා  එනවලු  ගෙවල්  පැත්තට , ගේට්ටුව ගාව ඉදන්  ගහන හොන් පාරට ජලෙන්  ඔලුව දාල නනා බව දැනගත්ත ඉර්ෆාන් ....   පවුලට....   මොනවහරි  කියලා නානව පිටත් කරන්ඩ කියලා  ගේ  අස්සේ  හැංගුනාලු.....  අර ගෑනු  මනුස්සයා  ... දොරකඩට  එනකොටත්  .... නානා බැහැලා ඇවිත් ගේට්ටුව ඇරලා  වෑන් එකට නගිනවාලු ... වෑන් එක නවත්තලා මිදුල මැද්දේ  ....... හිනාවක් දාගන නැගං ඇවිත්  වාගේ  ඉස්තෝප්පුවේ  පුටුවකින්  ඉදගන එහෙම

කෝ ඉර්ෆාන්ට කතා කරන්ඩ

එයා ගෙදර නැනේ  අයියේ

බසාර් එකේ  දැක්කෙත් නැ   මොකද බලන්ඩ ආවේ

බිස්නසුත්  නෑ අයියේ ... ඔය එලියට බැහැලා යනවා  .... පාරවල් දිගේ  ඇවිදලා ගෙදර එනවා .... යන්නේ  කොහෙද කියුවෙත්  නැ  ....ඔය ලගකට යන්ඩ ඇත්තේ

මට හදිස්සියක්  නැ  ... එනකං ඉදලා  හම්බෙලාම යනවා

ඔහොම කියුව  නානා  ... ළමයි එක්ක  කයිය  ගගහ  .... දොර ගාවට පුටුව  ඇදං  ටීවි  බලාගන  ......  සැරින් සැරේ  කතා කරලා  ගෑණු  මනුස්සයව  එලියට ගෙන්නගන කයිය  ගගහ ඉන්නවලු  යන පාටකුත්  නෑලු , දවල් බත මතක්කරලවත්  එලියට අරින්ඩ හිතපු  ගෙදර මනුස්සයා ..

අයියට දවල්ට  කන්ඩ දෙන්ඩ විදිහක්වත් නැ  ... මේ ළමයින්ටත්  හරියට කෑමක් නැ

ආ  මං කෑම එකක්  ඇරං ආවේ  ... ඔය වතුරඑකක් දුන්නා නං  කියල  ......... වෑන්  එකට ගිහින්  ........ ලන්ච් බොක්ස්  එකක්  ඇරං ඇවිත්  .......... අර මනුස්සයා  ගෙනත්  දුන්න  වතුර වීදුරුව  පැත්තක තියලා  අත හෝදන්ඩත්  වතුර භාජනයකුත්  ඉල්ලා ගත්තලු

බත්  එකත් කාලා  ... වතුර එකත් බලා .... කලින්  අත හෝදන්ඩ දුන්න වතුර භාජනයටම  අතත්  හොදගන  වටේට  කොල්  කර කර  නේනවලු  මේකා  යන පාටක්  නැලු

පස්සේ  මේකා යන්නෙම  නැති ..බැරිම තැන ඉර්ෆාන්  ගේ  පිටිපස්සේ  තාප්පෙං පැනලා  ... තව වත්තකිනුත්  පැනලා  බඩ ගින්නේම   ටිකක්  අහලපහල  නෑදෑ  ගෙදරකට  ගියාලු

හවස්  උනාලු  කරුවලත්  වැටුනලු  ... නානා යන පාටක්  නෑලු ... හත හත හමාර වාගේ  වෙනකොට  ...ගෙදර ගෑණු  මනුස්සයා කියුවලු

අයියේ  හවස්වෙනකොට  අපි  ඉස්සරහ  දොර වහනවා  ...මේ ළමා ළපටි  මදුරුවෝ  කන නිසා  ......... කියලා

හරි හරි  නංගි  දොරවහගන්ඩ   මට ඉර්ෆාන්  හම්බෙලාම යන්ඩ උවමනාවක්   තියනවා  ... කීයටහරි  මිනිහා  හම්බෙලාම තමයි  යන්නේ  ... මටත්  දැං ඉදගනම   ඉදලා අමාරුයි  ... ඔය පැදුරක්  වගේ  එකක් තියනං  දෙන්ඩ මෙතනින්  දාලා පොඩ්ඩක්  හාන්සිවෙන්ඩ කියලා

ඉර්ෆාන්ගේ  පවුලත්  දැන්  පැදුරක්  නොදී දොරත් වහගන කල්මරනවලු

ටිකකින්  නානා  දොරටතට්ටු  කරලා අහනවලු  පැදුරක් නැද්ද කියලා , පසසේ  පරණ පැදුරක්  බුවාට දීලා  ....  අර ඉර්ෆාන්  ගිය ගෙදරට  කෝල්  එකක් ඇරං  ඉර්ෆාන්ට විස්තරේ  කියුවලු ..... මේකා යන්නේ  නැ  ... පැදුරකුත්  ඉල්ලා ගත්තා කියලා

අනේ  ඉතින්  ඊට  පස්සේ  ඉර්ෆාන්  අහල පහල  දන්න  දන්න හැමතැනටම ගිහින්  දාහ පන්සීය  එකතු  කරගන පොඩි ගාණක්  හදාගන  ගේට්ටුව ඇරගන  ඉස්තෝප්පුවට ගොඩවෙනකොට .... නානා ගොරව ගොරව  බුදිලු .............  පස්සේ  ඉතින්  නොවදිනා වැදුං   වැදලා  ... හම්බුන  සොච්චම දීලා .... ඉක්මනටම සල්ලි ටික ඔක්කොම  දෙන්නං පරක්කු  උනාට සමාවෙන්න කියුවලු.

සල්ලි  බලාගන  ආපු  ගමනක්  නෙමෙයි ... මේ  ලගකට ආපු ගමන්  ... ගොඩදවසකින්  දැක්කේ  නැති නිසා  ඉර්ෆාන්ගේ  මූණ බලලා යන්ඩ ආවේ  කියල  සම්සුදීන් නානා යන්න ගියාලු.


2018-11-01

මෙන්න බලන්න මේ siruba 747 overlock එකට වෙලා තියන දේ
















මේ  මෙෂින්  එක  සිරුබා නුල් හතරේ  ඔවර් ලොක්  මෙෂින්  එකක් , මේ   මෙෂින්  එක අවුරුදු 15 විතර  අලුත්වැඩියා කරන්නෙකුට පෙන්වන්ඩ උවමනා වෙලා  නැ  ,  ඒක හරිම  වාසනාවක්  ඒතරම් කාලයක්  කිසිම අලුත්වැඩියාවක්  නොකර දුහන්ඩ ලැබුන එක , ඒකට හේතුවකුත්  තියනවා  ..ඒ  නෝනා  වසර විස්සක්  විතර ඇගලුම් කර්මාන්ත ශාලාවක මහන යන්ත්‍ර වල වැඩකරපු  කෙනෙක්  ... ඉතින් පොඩි පොඩි ලෙඩ වලට දෙන්න ඕන බෙහෙත්  එයා දන්නවා .. මේක  එයා  ගෙදර පාවිච්චියට ගත්ත එකක් , දැනට වසරකට විතර කලින් එකපාරටම හිරවෙලා  පැත්තකට කරපු  පාර අල්ලලාවත්  නැ ..එහෙම පැත්තකට කරලා   තියෙන්නේ  ... ..  මහ මහ ඉන්නකොට  එක පාරටම හිරවෙලා. ඒ දැම්ත්  හරි ඒ පැත්ත බලලාවත්  නැ ...


ඊයේ පෙරෙයිදා  දවසක බොක්කේ  පිට් කස්ටමර්  කෙනෙක්  කතා කරලා  කියනවා
අයියේ  නුල් හතරක්  තියනවා  දාපු ගමං බෙල්ට්  එක කඩලා ගියා
ඔයාගෙද

නැ අපේ  නැන්දෙකුගේ

කියනකොටම කුන්ඩවාලියක් කියලා දැනුනත් මම අර මනුස්සයට බෑ කියන්ඩ බැරිකමට  ගියා , කෑළි ගලවලා  සුද්ද කරලා , ආයේ  හයිකරලා  සෙට්  කරන්ඩ  පැය 7 කට වඩා  ගියා  ............ මෙෂින්  එක හදන්න හදන්න මම අයකලේ 1800ක්  විතරයි  ... හැබැයි  මෙෂින්  එකේ  අයිතිකාර නෝනට  ... WD 40 , ලාම්පුතෙල් , ගෑස්කට් සීල් , ඔයිල් ..සහ අමතරකොටස්  වලට  සහ මගේ  ගාස්තුව එක්ක රුපියල් 7000 කට ආසන්න  ගානක්  වියදං කරන්න  උනා.

මේ  අමාරු  කාලේ  ඒක  ලොකු  ගානක්  කියලයි මටනං හිතෙන්නේ  ......

එහෙම නොවී  ඒ නෝනට තියන දැනුමත්  එක්ක ලස්සනට  පාවිච්චි කරන්න තිබුනා මෙෂින්  එක


ඔයාලට හිතෙන්නේ  ඒ  නෝනා දන්න කෙනෙක්  වෙලත්  අතපසු  උනේ  මොකක්ද.

එයා  අතපසු  කරගත්තේ  නියම  කාලයේදී ඔයිල්  මාරුකරන එක 

එයා  දිගින්  දිගට කලේ  මොකක්ද...  ඔයිල්  ලෙවල් එක  බහිනකොට  ... අඩුවෙන ප්‍රමානය මෙෂින්  එකට දැම්මා ...

එයා කියන විදිහට පිට කොටුවේ  ලාබ නිසා  ලිටර් හතරේ  කෑන්  එකක්  ගෙනත්  තියාගන  දිගටම  දැම්මලු  අඩුවෙනකොට ...

ඔය පින්තුරවල  පේනවා  මෙෂින්  එක අඩියේ  මිලිමිටර්  අටක්  දහයක්  විතර  ඔයිල් කායං බැදිලා   තියනවා ....

ඔහොම  බැදෙනවා  එහෙට්ට මෙහෙට්ට යන  වටේට කැරකෙන පාට්ස්වලත්  ...  මෝටර්  එකත්  හරිම අමාරුවෙං  හිර මෙෂින්  එකක්  ඇදගන  දුහලා  අබලං වෙලා...

ටිකක්  හිතන්න  

ඔයිල්  ටික ටික  එකතු  කරන්න එපා , තියන ඔයිල්  අයින්කරලා  , ෆිල්ටර් තියන මෙෂින්  එකක් නං ඒකත්  සුද්ද කරලා  .... එහෙම බැරිනං ..   ෆිල්ටර්  එක සවුත්තු  වෙලානං  ඒක මාරු  කරලා  ... මෙෂින්  එක සුද්ද කරලා  ... නිෂ්පාදකයා  ... අනුමත කරන ඔයිල්  වර්ගයෙන්  ... අනුමත කරන ප්‍රමාණය යොදන්න 

යකඩ ගොඩවල් වලට ආදරය කරන කෙනෙක්  විදිහට මට මෙහෙම එව්වා දැක්කහම හරි දුකයි

( මේකත් හරි  දුකයි  ... අනවශ්‍ය සැප දෙන්ඩත්  එපා  ... මෙෂින්  තියෙන්නේ  අපේ  වැඩ පහසුකරගන්ඩ ... ඕනවට වැඩිය සැප දෙන්ඩ ඕනත්  නැ ... අවශ්‍ය දේවල්  විතරක්  කරන්න )

Blog Archive

Always popular articles

Popular articles of this year

popular articles of today