2016-12-20

අම්මගේ පිංකං







අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ ඒවුන්ගේ වැරද්දනේ ...ඒ කාලේ අපිටනං ඔහොම සමයං නටන්ඩ අපේ වැඩිහිටියෝ ඉඩදුන්නේ නැ ....අපේ සිරිවර්ධන මාව කැන්දං ආ දවසේ තමා හරියට වචනයක් කතා කලේ ..ඊටත් මාස ගානකට පස්සේ වෙසක් එකකටනේ අපි පන්සල් ගියේ ...එදත් මං   මහ අම්මන්ඩිගාව ....අර මිනිහා කොහෙවත් ......  ..ඒකට මුං .... ...පට පට ගගා බයික්කෙ නැගල කරෙත් එල්ලිලා පන්සල් එන්නේ....කොහේ එකෙක්ද දන්නැ  ...ඔය කොලුවා ....ඉන්තේරුවෙන්ම කොහේ හරි දුර පලාතකිං රසස්සාාවකට  ආපු  එකෙක් .....  අහල පහලක එකෙක් නං ඔය සක්කර වට්ටම එල්ල ගනි යැ ....

..නෙදකිං අපේ මිනිහගේ මහ  ගෑනි ..මේ බණ පදයක් අහන වෙලාවෙත් මතක් උනානේ ....ඉන්නකං මට වධ දීලා දීලා ...ඇදටත් වැටිල එකතැං වෙලා    ඉදලා මට කියල ගූ හුජ්ජත් අතගාවගන මටම බැන බැනා  ඔත්පලේම මැරිලා ගියා .....ආවතේව කරපු ගුනේවත් තිබ්බට පට්ට වේසි අන්තිම  ඉඩමත් හොරාට තුනට බෙදලා පැත්තවත් නොබලපු දෝනියැන්දලට දුන්නා ...දැං අවිචියේ දැවි දැවී විදවනවා  ඇති ....ඒ ගෑනිටනං කල්පයකට ගොඩ ඒ්මක් නැති වෙයි.

......සාදු ...සාදු ...සාදූ.....

අනේ අපේ පන්සලේ හාමුදුරුවෝ හොදයි   වාගේ ..මෙයාට වඩා....මොනවද මේ කියන සම්මප්ප්‍රලාප  බණ පදයක් කියල දෙන්නේ නැතුව ......කොන්ඩෙත් වවාගන ....ඉස්සරහ ඉන්න දහම්පාසල් කෙල්ලෝ දිහාමයි බලන්නේ ....යකෝ මං විතරක්යැ   අපේ සීමාවේ බාගයක්ම මෙතනනේ ....හොදවැඩේ ...අසිතයටත් ....දං සීට්ටුව බලාන ඉදලා .....ඇරෙන ඇරෙන දවසක්  ගානේ ...බත් තම්බ තම්බ ගිහිං දෙන මගේ නම කවදාවත් කියනවද ඉස්පිකර් කටෙන් ....මහ ලොකුවටට කරේ තියාගනන  ඉන්නෙ  අර ...දාබරේලයි

2016-11-25

ඉතිං ඔය තමා යහපාලනේ දැං රහ බලහං



අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා
වාහන ගාන වැඩිකලාටත් බනිනවා
වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා
රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා
අදායම් බදු එකෙන් වටලනවටත්  බනිනවා
සේවක අර්ථසාදකෙන් වටලනවටත් බනිනවා
කොටි ආයේ නැගිටිනවා කියල බනිනවා
හම්බයන්ට ඕන විදිහට නටනවා කියල බනිනවා
තීරුබදු සහන ගන්නවට බනිනවා
දියමන්ති වලට බදු සහන දෙනවයි කියලත් බනිනනවා
උන් පඩි වැඩිකර ගන්නවා කියල බනිනවා
හොරු අල්ලන්ඩ ඇවිත් හොරු බේරල අරිනවා කියල බනිනවා
හොරු අල්ලන්ඩ ඇවිත් මුනුත් හොරා කනව කියල බනිනවා
මුලින් හොරු කියපු උන් එක්ක එකතු වෙලා කියල බනිනවා
පැරදිච්ච උන්ට මංතිරිකං ඇමටි කං දුන්නා කියල බනිනවා
සංවර්ධන වැඩ නවත්තල කියල බනිනවා
අලුතිං සංවර්ධන වැඩක් පටංගත්තේ නැ කියල බනිනවා
අරුං කරපුවා හරි නැ හරි නැ කියල ඒවම කරනව කියල බනිනවා
හැම බඩුවම ගණන් කියල බනිනවා
අමතර දෙයක් ගන්ඩ තියා මිනිස්සුන්ට කන්ඩ නැ කියල බනිනවා

2016-11-22

ලැජ්ජා වෙන්නේ මොකටද




ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ චූටි මෙන්න  ෆෝන් එක රින්ග් වෙනවා ‘‘

‘‘ ඇයි තාත්තේ ‘‘

‘‘ ඔයාට නෙමෙයි අම්මට ‘‘

‘‘ මං කියල තියනවා නේද එයාට චුටි කියන්ඩ එපා කියල...මම තමයි චූටි ....එයා අම්මිච්චා ‘‘

‘‘ හරි හරි අම්මට කතා කරන්ඩකෝ ‘‘

‘‘ අම්මා මෙන්න ඔයාගේ ....අලියා..... කතා කරනවෝ ‘‘

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ හයියෝ කවුද දන්නැ ‘‘

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ කවුද දන්නැ කිය කියා ඉන්නේ ගන්ඩකෝ මේක ‘‘

‘‘ හරි හරි ..ඉන්ඩ අනේ ..අතේ වතුර ‘‘

‘‘ හෙලෝ ‘‘

දැං මට අනිත් පැත්තෙං කියන ඒවත් ඇහෙනවා ....අපේ උන්දැ කම්පියුටරයට චාජ් වෙන්ඩ ගහල තිබුන ෆෝන් එක ගලවන්නේ නැතුව එහෙම්මම අරං කනෙන්  තියාගත්ත හන්දා ... වැඩිපුරම ෂොප් එකේ ඉන්න හන්දා පාරේ වාහන සද්දේ පරද්දන්ඩ හොදටම සද්දේ වැඩි කරලයි තියෙන්නේ

‘‘ මේ ඔයා අර බ්ලවුස් එක හැදුවද ‘‘

‘‘ කවුද මේ   ඒ   ..කොයි බ්ලවුස් එකද ...අ...‘‘

‘‘ අර ලානිල් පාට එක ...හිර මදි කියල දෙපැත්තෙං පොඩ්ඩ පොඩ්ඩ ගහල දෙන්ඩ කියුවේ ‘‘

‘‘ ඒක මං අද හදලා දෙන්නං කියුවද ‘‘

‘‘ නැතුව... මං ඔයාට කියුවනේ අද ඕන කියල ‘‘

‘‘ නැ නැ... මම බැ කියුවා ...පුලුවං වෙලාවක හදල දෙන්නං කියලනේ කියුවේ ‘‘

‘‘ ඉතින් අද මට ඕනනේ ...‘‘

‘‘ ඉතින් මම කියුවනේ අද දෙන්ඩ බැ කියල ‘‘

‘‘ එහෙනං ඔයා ඇයි ගත්තේ ‘‘

‘‘ මම ඔයාට බැ කියුවනේ ....ඔයානේ බලෙන්ම දාලා ගියේ ...කමක් නැ එහෙනං පුලුවං වෙලාවක හදලා දෙන්ඩ කියල ‘‘

‘‘ ඉතිං ඔයා ...බැ කියල ආයෙත් ගත්තනේ ‘‘

‘‘ ඒ උනාට මං ඉස්සෙල්ලම කියුවනේ ඔයාට ..මං කඩෙං ගත්ත ඇදුං හදන්ඩ ගන්නේ නැ ....මට බැ කියල ‘‘

‘‘ මම තව ටිකකිං ගමනක් යනවා ...මට ඒක ඇදගන යන්ඩ ඕන ‘‘

‘‘ බැ ..බැ ..මට දැං එන්ඩ බැ ....සනීපත් නැතුව ඉන්නේ ....හරියට ඔලුව කැක්කුමයි ....බබාටත් සනිප නැ .....හොද්ද කර වෙනවා ....මං ෂොප් එකට ආපු ගමං ඔයාට කෝල් එකක් දෙන්නං .....තියනවා එහෙනං ‘‘

‘‘ ....කවුද අනේ ඔය.... ‘‘

‘‘ මල වදේ අනේ .... මෙච්චර කල් ඇදුං නැතුව හිටියා වාගේ .....මහන්ඩ එන අයනං කමක් නැ .....ඔය ආවාමයි  .....කඩේං ගත්ත එකක් හදන්ඩ ඇරං ඇවිත් ....තාම චාජ් වෙලත් නැ .....මෙන්න මේක ඔහොම්මම තියන්ඩ ලොකු .....ගලවන්ඩ එපා .. ‘‘

2016-11-21

මං අදි මදි කරනවා



‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘

කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ...

‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො දෙන්නාවත් එක්කගන වරෙං මෙන්න මෙහේ ‘‘

‘‘ ..හ ..හ ...හරි වැඩක්නේ ..එයාලට විතරද සෙල්ලං කරන්ඩ හොද ....මට බැ මං එන්නේ නැ ‘‘

‘‘ කිව්වම අහලා වරෙන් මගෙන් ගුටි කන්නේ නැතුව ,  මම කියල තියනව නේද ..ඉස්සර වගේ උඩදාගන නටන්ඩ එපා කියල ‘‘

‘‘ මට බැ ..හ...හ...ඇයි ..වදේ ..මට තමා ඔක්කොම ...ගේ අස්සටම වෙලා ඉන්ඩ ඕන ...චම්පක්කලැ දිහා යන්ඩ දුන්නෙත් නැ ‘‘

‘‘ පක්කලැ දිහා යන්ඩ අරිනවා මං උඹව ....වේසා කෙල්ලො එක්ක පෑහෙන්ඩ ...උඹ මහ ලොකු ලමිස්සිනේ ....මහ මිනිස්සු නැති අතරේ කොල්ලෝ ගෙවල් අස්සේ දාගන නෙයි නාඩගං නටන පදුරියෝ එක්ක ..පෑහෙන්ඩ ...අරිනවා මං උඹව ....මේ මං උඹට දැනගන්ඩයි කියන්නේ ....මේ අම්මා එක්ක නං කවරමදාවත් ඔව්වා හරියන්නේ නැ  ..කියල  මතක තියාගනිං .... පල පල තෝ...රිංගන්ඩ ..ඔය ගුබ්බැයං අස්සේ ... ඔකුන් තුන් දෙනා තොටත් මිනිහෙක් හොයල දෙයි ‘‘

‘‘ හීඊඉඉඉඉඊඊඊඊඊඊ..........ඇඈ...ඉහි ඉහි .....,,‘‘

‘‘ මොකද පරට්ටි දත්කූරු කන්නේ .....ගලවනවා මං තොගේ දත් ඇන්ද ‘‘

‘‘ ඔහොම මට කියන්නේ ..ඇයි ....මං යන්නේ පත්තර බලන්ඩ ‘‘

‘‘ පත්තර බලන්ඩ ....පත්තර බලන්ඩ .....කිවයපියකෝ ගෙට වෙලා ඉස්කෝල පොතක් ......දහයේ විභාගෙට මාස දෙකයි .... මගුල් කතා පත්තර බලන්ඩ ....ඉස්සෙල්ලා ඉගනගන හිටපිය පස්සේ පුලුවං මගුල් කතා බලන්ඩ ..‘‘

2016-11-17

නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives


යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ වාගේ මලු , ඔය පිටින් තද නිල්පාට උනාට ගෙඩිය පොඩිකරහම සාමාන්‍ය වෙරළු වාගේම කොලපාටයිලු , මේ ගහ තියෙන්නේ කොළඹ නගරයේමයි, ඒ ගෙදර අය දන්න තරමට තව මේ ජාතියේ ගහක් තියනවලු පේරාදෙනියේ , මයේ හිතේ මල්වත්තේ වෙන්ඩ ඇති ,

ඒ ගෙදර අය දන්න දවසේ ඉදං ඔය ගහ මිදුලේ තියනවලු හැබැයි ඇටයක් පැලවෙන්නේ වත් , මුලකිං පැලයක් දාන්නේවත් නැලු , කිහිප විටක්ම විදුලි බල මණ්ඩලයෙන් ගහ කපන්න  කියලා බල කලත් අතු ටිකක් විතරක් කපලා ගහ බේරාගත් බවත් , එන්න එන්නම ගහ ලොකුවෙන හන්දා ඉදිරියට මුලින්ම කපන්න වෙයිද දන්නැ කියලත් කියුවලු ,

2016-11-15

ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී වාසි





සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන සහන කවදද කවුද දුන්නේ.



මුං ඇට කිලෝවක් රුපියල් 15 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ මුංඇට කිලෝ 4 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 60 කි.



පරිප්පු කිලෝවක් රුපියල් 10  අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ පරිප්පු කිලෝ 15 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 150 කි.

සීනි කිලෝවක් රුපියල් 2 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ සීනි කිලෝ 36 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල්  72 කි.


හාල් මැස්සෝ කිලෝවක් රුපියල් 5 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ හාල් මැස්සෝ කිලෝ 24 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 120 කි.

අල කිලෝවක් රුපියල්  5 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ අල කිලෝ 36 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 180 කි.

2016-11-10

මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං



‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘

‘‘ නැ .....එපා ‘‘

‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘

‘‘ උගුර කසනවා ...සෙම වැඩි වෙලා ‘‘

‘‘ ඇයි එහාට යන්නේ ....ඔලුව කසන්ඩ එපාද ‘‘

‘‘ අතේ තෙල් ......මුනේ ගෑවෙනවා ‘‘

‘‘ මං අද  තෙල් ගෑවේ නැ‘‘

‘‘ ඒ මොකද ...කැලැල් ටික ටික මැකෙන හන්දද ‘‘

‘‘ කැලැල් මැකුනට වැඩක් යැ .....අත් දෙක හරියයිද මගේ ....  ඉස්සර වගේ වැඩ කරන්ඩ ‘‘

‘‘ කාලයක් යයි ‘‘

‘‘ අර රංජන්ගේ වාගේ මගෙත් අත පය හැමදාම වකුටු වෙලා තියෙයිද ‘‘

‘‘ දෑන්ද ඔව්වා හිතෙන්නේ ....  අරකට හලාගත්ත වෙලාවේ  භුමිතෙල් කෑන් එක මගේ ඔලුවට හලන්ඩයි තිබ්බේ ... උදේ ඉදං ගැස්සි ගැස්සී ටැට්ටරේ උඩ ඉදල සරුවාගෙම කෙඩෙත්තු  වෙලා ......කෝ කෝ අහකට යනවා ...මට නිදිමතයි  ‘‘

දළු බුලත්



‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘

‘‘ මට ඇති ගිණියමක් නැ වාහේ ...මෙන්න මේ මීහරකි ගිනියම නිමාගන .....සිවරං දෙයියනේ මේ පරට්ටිට කියපු කට බලු පුකේ උලාගත්තානං මීට හොදා..... මෙච්චර  රැකබලාගනත් මේකි දැලිගාගත්තනේ ඇයි බොල තොට බැරි උනේ ...කෑගහගන එලියට දුහන්ඩවත් ...පල තෝ මගේ දෑහෙට නොපෙනී පල ‘‘

‘‘ හා හා අත ඇරපං ඔය කෙල්ලව ..... වෙච්ච දෙයක් කියලා හිටපං කලින්ම ... උඹ පලයං මා කෙල්ල ගෙට ‘‘

‘‘ ගෙට ගන්ඩ නෙමෙයි මනුස්සයෝ ...විසුමක් වෙන්නැ   ගමේ ..........ඔලුව හැරුන අතේ යන්ටයි වෙන්නේ ‘‘

‘‘ මගෙං කුණුහබ්බ නාහා කියනවද  වෙච්ච දේ .......  බෑගිරී ගහන්ට තියාගත්තා මිරිකනවා තොගේ බොටුව ‘‘

‘‘ මගේ නෙමෙයි මීරිකාපං අරකිගේ බොටුව , උඹ හැමදාම කලේ මිරිකන්ඩ ඕන එකා ඉන්දැද්දි මගේ බොටුව කාපු එකනේ ‘‘

‘‘ දෙයියන්ගේ නාමෙට කියාපං යකෝ වෙච්ච දේ .....‘‘

‘‘ හැන්දෑ කොරේ කුඹුරට තේ අරං යනකොට මේකී වලව්ව පිටිපස්ස මඩුවේ කෝපි ඇට සුද්ද කරනවා ....මැණිකෙයි ....පුංචි මැණිකෙයි දෙන්නම ඉන්න හන්දා මං ....මං මේකිව තියල කුමුරට යන්ට එලියට බැස්සා .....රුක් ලිදත් එහාට ගිහිං පුවක් ඕවිටේදි තමා මං දැක්කේ මැණිකෙලත්  වෙලට යන්ඩ එනවා කියල.  මැණිකෙල වෙදහාමුලැ ගෙදරත් ගිහිං එනව කියාපු හන්දා ..මං හනිකට දුහාන එනකොට මේකි මඩුවේ නැ ....ඉස්තෝප්පු කාමරේට එබෙනකොට මේකි ඇගේ නුල් පොටක් නැතුව ගවුං කොටේ බදාන අඩනවා ....අර නරි බල්ලා ....මේකිගේ ඔලුව අතගගා මූන ඉබිනවා‘‘

කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද - how to install windows xp core i5 or core i7 new computer


දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන එකක් යූස්කරල , අළුත් එක යූස් කරන්ඩම හිතෙන්නේ නැ .

පරණ බඩු මුට්ටු වලටත් ඔය සෙතේ ඔහොම්මමයි , හැබැයි කොම්පියුටර් වලදි නං ඕකේ තව පැත්තක් තියනවා ,

සමහරුන්ට තියනවා විශේෂ අවශ්‍යතා , එක්කෝ තමං පාවිච්චි කරන පරණ සොප්ට්වෙයාර් එකක් එහෙමත් නැත්තං උපකරණයක් හරි උපාංගයක් හරි අළුත් මෙහෙයුම් පද්ධතියක් එක්ක සහයෝගයෙන්  වැඩ කරන්නේ නැ , අන්න එතකොට ඕන වෙනවා අළුත්ම අළුත් කම්පියුටරයට තියන අළුත් මෙහෙයුම් පද්ධතිය අයින් කරල , එතෙක් මෙතෙක් ආපු හොදම මෙහෙයුම් පද්ධතිය කියල බොහෝ දෙනෙක් කියන වින්ඩෝස් එක්ස් පී දාන්ඩ , ඉතිං සමහරක් වෙලාවට දානවා තියා බූට් ඕඩර් එක වෙනස් කරල ප්‍රස්ට් බූට් ඩිවයිස් එක සිලෙක්ට් කරන්ඩත් බැ ,

දැං මං කියන්නේ ඔහොම උනහම මං කරන දේවල් ටිකක් , පලමුවෙන්ම කියන්ඩ ඕන මං මේ කරන දේවල් විදිමත්ව ඉගන ගත්ත දේවල් නෙවෙයි , මම හැමදේම අතගාල ඉගනගන්න , ඉගන ගත්ත එකා , කොම්පියුටර් සම්බන්දව ඔය කතාව තවත් ටිකක් අන්දබජල් , මොකද මට කඩ්ඩ බැනේ , දකින හෝයාගන්න දෙයක්  ගැටගහල කියවගන්නේ අමාරුවෙන් නෙමෙයි .....කියව ගන්ඩ බැ.

පට්ට කම්පියුටර් කාරයන්ට මේක හූනු බිජ්ජක් වෙන්ඩ පුලුවන් හැබැයි මං මේවා ලියන්නේ මං වාගේ මැට්ටෙක් උනාට ගැට්ට කහන උන් තව ඇති කියල හිතාගන.

මේ කතන්දරය මට කිහිප සැරයක්ම වෙලා ගොඩ දාගන තියනවා , ඔය අල්ල පනල්ලේ මේ ලගදී දවසක යාළුවෙක් ඒකගේ   බඩරස්සාව කරන තැන  කොම්පියුටර් දෙකක් අරගන ආවා  xp  දාලා දෙන්ඩ පුලුවන්ද අහගන .

2016-11-09

How to write a Sinhala blog ( 10 ) බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර


 බ්ලොග් එක ඕපන් කරගන්න




දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න

How to write a Sinhala blog ( 9 ) ක්මෙන්ට් පලවන , පෙනෙන ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම


අටවෙනි කොටස මෙතැනින්




හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග් එකේ පලවෙනි පිටුවේ බ්ලොග් පොස්ට් කියක් පේන්න ඕනද කියල හදන්න , මං හිතන්නේ අන්තිමටම  දාපු එක විතරක් පෙනුනහම ඇති , එතකොට පේජ් එක ඉක්මනට ලෝඩ් වෙනවත් එක්ක.

How to write a Sinhala blog ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය


හත්වෙනි කොටස මෙතැනින්

දැං බ්ලොග් එක ඕපන් කරගන්න




දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න

How to write a Sinhala blog ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි


ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න




ඊට පස්සේ ටෙම්පලේට්

2016-10-13

how to thread indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය




ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය .

නොදන්නම කෙනෙකුට පැහැදිලි කරනවානං මේකෙන් කරන්නේ ඇදුම් මහලා තියන‍ රෙද්දේ නූල් ගැලවෙන්නේ නැති වෙන්ඩ කෙලවර එකතු කරලා ගැට ගහන එක.


බලන්ඩකෝ ඔයා ඇදගන ඉන්න ඇදුම කනපිට හරවලා මැහුම් පාරට පිටින් රෙද්ද කොනේ ගෙතිලා තියන මැස්ම. අන්න හරි ඔය දැන් ඔයා අතගාලා බලන නූල් ටික තමයි.

ටේලර් සාප්පු, ගෑණූ ඇදුම් මහන අක්කලාට නැතූවම බැරි මැසිමක් තමයි මේක.

2016-10-01

තෘප්තිය



මං බය උනා
ඔයා යයි කියල
අසරණ මාව
තනිකරල දාල
කීදෙනෙක් නං
ආවද මාලඟට
ජීවිත කාලෙටම
විඩෙං විඩේ
ඒත් ඔයා තරං
ඒ කෙනෙක්වත්
මට ඕන දේ
දුන්නේම නැ
දුකට සැපට හැමදාම
ලඟ හිටිය එයා
යන්නම ගියහම
ඒ අඩුව පිරෙව්වේ ඔයා
ඒත් මට හිතුනේම නැ
ඔයාට පුලුවන්  වෙයි
මාව හුරතල් කරන්න
තෘප්තිමත්  කරන්න කියල
මට දැනුනා නං
කොහොමටවත්
ඒ පොව්වන වතුරට
බහින්ඩ දෙන්නේම නැ
ඇස් මානයේ ඔයාව හොයනකොට
වතුර යට ඉදං ඇස් පිල්ලං ගහනවා
මගේ පපුව පිච්චුන තරම දන්නව නං
ආයේ දග කරන එකක්ම නැ ඔයා
ඔය එක එක්කෙනා කතා කලාට
ඔයා ඇහුන්නැ වගේ ඉන්න
ඔයාට කතා කරල මට කියන්න කියුවට
මම ඇහුන්නැ වගේ ඉන්නේ
එයාල මට ඕන නැති නිසා
මං කොච්චර වඳ වින්ඳද
ආයෙත් ඔයාව මාලඟට ගන්න
උදව්වට ඕන දේවල් නැතුව
මා ලඟ තියන ලාභ බාල
කොත්තමල්ලි වෙනිවැල්ගැට එක්ක
මහා ගොං විදිහට ඒ අවදානම අරං
කාලගටවත් ඔයාව
ගෙනිච්චෙ නැත්තේ
හුස්ම පිබින මුවාවෙන්
ඔයාගේ තොල් හපයි කියල
ඒ නැතත් චුට්ටංම චුට්ටං
හංස පැටව් අතගායි කියල
කොහොම හරි මං දින්නා
නැ නැ හරි හරි සොරි සොරි
අපි දෙන්නාම දින්නා
දැං ආයෙත් ඔයා
මගේ තුරුල්ලේ
වෙච්ච දේ ඉවරයි
හැබැයි ආයේ කියන්න එපා
ඔයා මාව බලාගත්තේ නැතුව
මාව වතුරේ ගිලුන හන්දා
මට අරක බැ මේක බැ කියල
මට කරදර කරපු අය
මං කොච්චර ආදරේ කරත්
අන්තිමට නැවතුනේ
පල් වගරු මඩේ

2016-09-30

රන් and අයන්

නොතලන
තැලෙන
නොතකන
රන් දෝලි
තැලෙන
නොතකන
හැඩනොවන
යකඩ  දෝලි

2016-09-18

දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්

මරණයෙන් මතුම මතු දවසක
ආයෙත් ඉපදුනොත්
මං ආසයි ලස්සනම පිළකට
කිරිල්ලියෝ රෑනක් එක්ක
හේන් කුඹුරු පාළු කරන්න
හිරිකිත කැත සරුපයෝ
ඒ පැත්ත මේ පැත්ත ගහලා
කටට දෙකට  ගිලලා දාන්ඩ
එකම එක ගල් පාරක්වත්
කවුරුවත් නොගහන කොට
කොච්චරනං ආතල්ද

2016-09-08

How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි








පස්වැනි කොටස මෙතැනින්


පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ .

ඉතින් අනිත් උන්ගේ බ්ලොග් කියවන එකයි , කමෙන්ට් කරන එකයි , ෆලෝකරන එකයි අනිවාර්යෙන්ම කරන්න වෙනවා

ඊට අමතරව බ්ලොග් සින්ඩිකේටර් වලට බ්ලොග් එක එකතු කරන්න වෙනවා , පහලින් තියෙන්නේ ඒවාගේ තැන් කිහිපයක් , අටම්පහිය ඇතුලුව ඔතන තියන බොහොමයක් සින්ඩිකේටර් නෙමෙයි , බ්ලොග් රෝල් වලින් හදාගත්තු ඒවා , ඒකට මක්වෙනවද .......ඇඳක මොකැ පඳුරක මොකැ වැඩේ කරගන්ඩ පුලුවන්නං

2016-08-29

How to write a Sinhala blog ( 1 ) , සීංහල බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද , සිංහල අකුරු ලියන්නේ කොහොමද , බ්ලොග් එකට වෙන ජීමේල් එකක්


වරදවා හිතන්න එපා කවුරුවත් , මම කම්පියුටරයක් ගෙදරට ගේනකොට දන්නේ ඔන් ඕප් බට්න් එක විතරයි , පස්සේ ටික ටික ඉගන ගත්තා , ඔය ගැන ටිකක් ලියල තියනවා මෙතන  මෙලෝ මල දානයක් නොදැනයි මං මේකට බැස්සේ , දැං ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියොත් මං එදා දන්නවට වඩා මේ ගැන දන්නවා , ඉතින් මේක අමාරු නැ .


අපිට බ්ලොග් ලියන්න පුලුවන් , ඩෙක්ස්ටොප් එකකින් , ලැප් ටොප් එකකින් , ටැබ් එකකින් ෆොන් එකකින් උනත් , බ්ලොග් ලියන්න හොදම තැන තමයි බ්ලොගර්  , මොකද එකක් සරලයි පහසුයි , අනික ගොඩක් සිංහල බ්ලොග් බ්ලොගර් උඩ හදාපුවා.

How to write a Sinhala blog ( 4 ) පොස්ට් ලියන සහ පබ්ලිෂ් කරගන්නා ආකාරය , පින්තූර සහ වීඩියෝ දාගන්නා ආකාරය සහ බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතු කරන හැටි


තෙවැනි කොටස මෙතැනින්




දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න.

How to write a Sinhala blog ( 3 ) බ්ලොග් සෙටින්ග් , බ්ලොග් ගැජට් , බ්ලොගර් ෆොපයිලයේ වැඩිදුර සැකසුම් , blog authors හෝ admin ලෙස තව කෙනෙක් සම්බන්ද කරගැනීම


දෙවැනි කොටස මෙතැනින්


හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන බලමු





දකුනු පැත්තේ ඉහල කෙලවරේ තියන ඩිසයින් ක්ලික් කරන්න

How to write a Sinhala blog ( 5 ) බ්ලොග් ෆලෝ කරන හැටි , කමෙන්ට් කරන හැටි සහ රිප්ලයි කරන හැටි , ලින්ක් දාන හැටි


හතරවෙනි කොටස මෙතැනින්

මෙහෙමයි බ්ලොග් කාරයෙක් විදිහට ගූගල් ෆොපයිල් එක පාවිච්චි නොකර බ්ලොගර් ෆෝපයිල් එක පාවිච්චි කරනවා වාගෙම වැදගත් , අනිත් බ්ලොග් ෆලෝකරන එක , එතනදි ගූගල් පලෝවරය ෆලෝ නොකර බ්ලෝගර් ෆලෝවරය ෆලෝ කරන එක තමයි හරි , කවුරු හරි ගූගල් මගුලත් දාල තියනවානං ඒකත් ෆලෝ කරාට කමක් නැ , හැබැයි  මුල් තැන දෙන්න ඕන බ්ලොගර් ෆලෝවරයට  ,  අනික තමයි අනිත් අයට තමන්ගේ බ්ලොගර් ෆෝපයිල් එකෙන් ලොග් වෙලා කමෙන්ට් කරන එක.





තමන්ට ෆලෝ කරන්න ඕන බ්ලොග් එකේ බ්ලොගර් ෆලෝවරයේ යට තියන බට්න් එක ක්ලික් කරන්න ,

2016-08-26

How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල් තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම


දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන් එක ක්ලික් කරන්න

 


දැන් බ්ලොගර් අයිකන් එක ක්ලික් කරන්න





ඔන්න දැං ෆෝපයිල් එක හදන්නයි යන්නේ , වැදල  කියන්නං මෙතනදි ගූගල් ෆෝපයිල් එකට නං යන්න එපා , තෝරාගන්න බ්ලොගර් ෆෝපයිල් එක , ගූගල් ෆෝපයිල් එක බ්ලොගර්ලට හැම වෙලාවෙම ගූගල් දෙයියා ඇගේ ගහන්ඩ හැදුවට , බ්ලොගර් කෙනෙකුට වටින්නේ බ්ලොගර් ෆෝපයිල් එක , ලියන කෙනාට විතරක් නෙමෙයි කියවන කෙනාටත් ඒක පහසුයි , බ්ලොග් එකේ විසිටර්ස්ලව වැඩි වෙන්ඩත් ඒක යම්කිසි ප්‍රමානයක බලපෑමක් කරනවා.




ඔන්න ෆෝපයිල් නේම් එක දෙන්නයි තියෙන්නේ , දෙන්න බ්ලොග් එකේ නමම , දාන්ඩ සිංහල පුරුදු වෙන්ඩත් එක්ක සිංහලෙන්ම බලුබෙටි කියල




ඔන්න දැං බ්ලොගර් ඩෑෂ් බෝඩ් එක උඩට ආවා , දැං ක්ලික් කරන්න නිව් බ්ලොග්




දැං දාන්ඩ බ්ලොග් එකේ නම ටයිටල් එකට , එඩ්රස් එකටත් ඒකම දාන්ඩ , අග්ගිස්සට බ්ලොග්ස්පොට් ඩොට් කොම් කියලත් දාන්ඩ , ක්‍රීයේට් බ්ලොග් ක්ලික් කරන්න




දැං ඊලගට එන පිටුවේ වම් පැත්තේ උඩ තියන වීව් බ්ලොග්




ඔන්න දැං බ්ලොග් එකක් හැදිලා





වම් පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න





ඊලගට කස්ටමයිස් ක්ලික් කරන්න




දැං තියෙන්නේ ටෙම්පලේට් එක ( බ්ලොග් එකේ මූලික සැකස්ම ) තෝරන එක , ඔය උං පින්තුරයේ තියන ඩයිනමික් වීව් කියන එකනං තෝරගන්ඩ එපා , හොදයි වාගේ පෙනුනට ගූහතයි.




හොදයි කියල හිතෙන වෙන එකක් තෝරගන්න , කියවන්න එන අයට පහසුම එකක් උනහම හොදටම ඇති , වැඩිය වැඩ ඕන නැ . ඇප්ලයිටු බ්ලොග් කියන දකුනු පැත්තේ උඩම තියන බොත්තම ඔබන්න




දැං වම් පැත්තේ තියන ලේයර් අවුට් තෝරල බ්ලොග් එකේ සයිඩ් බාර් වල සැකස්ම ඔයාට ඕන විදිහට හදලා , ආයෙත් ඇප්ලයිටු බ්ලොග් සිලෙක්ට් කරන්න .




දැං ඇජස්ද විජට් තෝරලා , සයිඩ් බාර්වල සහ බ්ලොග් පෝස්ට් එකේ සයිස් ඒක ඕන විදිහට වෙනස් කරන්න , හැබැයි මුලු පිටුවේම දිග 1250px  වලට  වඩා ලොකු කරන්න එපා එහෙම කලහම සමහරක් ස්ක්‍රීන්වලදි බ්ලොග් එකේ සමහරක් කොටස් නොපෙනෙන්ඩ පුලුවන් , දැන් ආයෙත් ඇප්ලයිටු බ්ලොග් සිලෙක්ට් කරන්න




දැං ඇඩ්වාන්ස් ක්ලික් කරල එන මෙනු එකේ බ්ලොග් ටයිටල් සිකෙල්ට් කරල සයිස් එක හදන තැනින් උපරිම අගය සිලෙක්ට් කරල ඇප්ලයිටු බ්ලොග් සිලෙක්ට් කරන්න


මෙතනදි තව ඔයාලට පුලුවන් පිටුවේ අකුරු සයිස් සහ .  පිටුවේ පාට වාගේ දේවලුත් හරිගස්ස ගන්න , එක් එක් සැකසුමකින් පස්සේ , ඇප්ලයිටු බ්ලොග් සිලෙක්ට් කිරිමෙන් අනතුරුව වීව් බ්ලොග් ක්ලික් කිරීමෙන් පුලුවන් තවත් ටැබ් එකක් ඕපන් කරගන සැකසුම වෙනස්කිරිමෙන් පසු බ්ලොග් එකේ පෙනුම බලාගන්න .




දැන් වීව් බ්ලොග් සිලෙක්ට් කරන්න




දැං ඔන්න ආයෙත් බ්ලොග් එකේ මුල් පිටුවට ආවා

මෙහෙමයි මුලදී ටෙම්පලේට් එකේ ෆොන්ට් සයිස් වාගේ දේවල් වෙනස් කරන්න යන්න එපා , බ්ලොගර් දෙන විදිහටම තියෙන්න දෙන්න , ටික දවසකින් ඔයාටම අවබෝධවෙයි වෙනස් කරන්න ඕන ‍මොනවාද කියල  , එතකොට කරන්න , එහෙම නැත්නම් කියවන්න එන අය අපහසුතාවයට පත්වෙයි , සමහරක් දේවල් මොනවා උනාද කියල ඔයාටම හිතාගන්න බැරිවෙයි . මේවා මහලොකු දේවල් නොවෙන නිසා ටික දවසකින් ඔයාටම පුලුවන් ඔයාට ඕන විදිහට හදාගන්න ,

එතකං වටින්නේ එළකිරිවාගේ ලියාගන යන එක තමා


තෙවැනි කොටස මෙතැනින් කියවන්න


මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර

2016-08-16

අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන , සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු


අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු වලින් ටිකක් දාන්ඩ , ආසම ඒවා ගොඩක් තියනවා මේ ටික විතරක් නෙමෙයි මං කැමති. අනික ඔය පැටලෙනවට එක දෙක දැම්මට එහෙම එකක් ඉස්සරහට ගන්ඩ
පුලුවන් බෙහෙත් පෙති නෙමෙයි මෙව්වා.

2016-07-28

සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 3 ) වැටවල්වල අඹ පැලවීම භයානකයි



දෙවැනි කොටස මෙතැනින්

සල් ලිඳට බැහැලා නාපු කෂ්ටියට පෝරියල් සෙට් කරල එහෙම ඔන්න ඉතින් සතියක් දෙකක් ගියා , ඔය  අතරේ ඉතින් අර අයියලා කට්ටිය පාරෙදි එහෙම හමුබුනහම මං අහක බලාගන යනවා ,

‘‘ අඩෝ දෙන්නං තොට ..ඉදපන්කෝ ‘‘

‘‘ පොල් කෝම්බයා ‘‘

‘‘ මීනි ඔලුවා ‘‘

‘‘ රොයිටර් ‘‘

ඔහොම එක එක නං කියනවා , මං ඉතින් නෑහුනා වාගේ යනවා , ඔය පලවෙනි නං දෙකනං කියන්නේ මං ඒ කාලේ හෙන කෙට්ටුයි , ඔලුව විතරයි ලොකුවට පේන්නේ , මංගලයත් හෙන කෙට්ටුයි , මංගලයා මටත් වඩා උසයි. ඇවිදිනකොට දනිස් දෙක එකට වදින හන්දා ඌ පුට්ටුවා.

අනිත් නම නං මට  පටබැන්දේ පැටි කියල  උක්කන්නෙක් , ඔය මොනවහරි දෙයක් ගැන කතා කරන්ඩ ගියහම කරුමෙට මං ඒ ගැන මොකක හරි කියවලා හරි , කාගේ හරි කටක් දිහා බලාගන ඉදල හරි දන්නවා , සමහරක් දේවල් එහෙම දැනගනත් නැ .....කරුමේ කියන්නේ මං ඒක දන්නවා , ඉතින් මං කියනවා

ඕක වෙලා තියෙන්නේ මෙහෙමනේ , නැ නැ ඒක වෙන්නේ මෙහෙමයි , ඕක වෙන්නේ  අහවල් එකට අහවල් එක කලවං උනහම අරහෙම වෙලා

2016-07-25

කුරුඳු තැලිල්ල





ලොරේසියේ කුළයට හා සිනමෝමම් ඝණයට අයත් ශාකයක් වන කුරුඳු වගාව පොල් වගාවේ යටි වගාවක් විදිහට හරි තනිකරම කුරුඳු හරි තමයි වගාකිරිල්ල කරන්නේ සෝදා පාලුව නැති කරනඩ අගල් කැපුවට පස්සේ අඩි හතරයි හතර පරතරයක් හිටින විදිහට අඩියක පමන වලවල් හාරලා තමයි කුරුඳු හිටවන්නේ , එතනදි ඔය උඩ රූපයේ පේන ඇටවලින් ලබාගන්න පැල හරි , ඳඩු සිටවීමෙන් ලබාගන්න පැල හරි යොදාගන්නවා , පැල සිටවීමෙන් පස්සේ වරින් වර භුමිය එලි කිරිමත් මාස හයකට වරක් පොහොර යෙදීමත් කරන්න ඕන , ඒ අතරතුරු අනවශ්‍ය පැල ඉවත් කිරිමත් සමහරක්විට කෙලින් අතුවැඩිමට පුහුනු කිරිමට අතු එකිනෙක බැඳිමත් කරන්න ඕන

2016-07-20

how to assemble juki High Speed Lockstitch Sewing Machines ජුකී මෙෂිමක් සවිකරගන්නා ආකාරය

ගොඩක් වෙලාවට මං දකින දෙයක් තමයි , සමහරක් අය ගෙවන මුදල අඩුකරගන්න හරි , නැත්නං කොහෙක්හරි නිකං හම්බෙලා හරි හයිස්පීඩ් මෙෂින් තමන්ම හයිකරල තියනවා , මෙෂින් එක එන්නේ ලෑල්ල සහ ස්ටැන්ඩ් එක එකපෙට්ටිය , මෝටරය තව පෙට්ටිය සහ හෙඩ් එක තවත් එකක විදිහට පෙට්ටි තුනක. ඉතින් ඔය පෙට්ටි තුනම කඩල එලියට අරගන හයිකරන්ඩ ගිහිල්ලා , එක්කෝ වැරදියට හයි කරල , නැත්තං කෑලි අඩු වෙන් හයි කරල එක්කෝ බාගෙට තදකරල , එව්වායෙන් මොනවහරි ලෙඩක් දීලා අලවෙලා තමයි මට යන්ඩ වෙන්නේ ,  

මෙන්න මං දන්න විදිහට  juki High Speed Lockstitch එකක් හයි කරගන්න විදිහ

2016-06-23

ඇයි යකෝ ඔය


                                                                                                                        

ඇයි යකෝ ඔය
බීපිය හෙමිහිට
බලාපිය ඔය
දාල සීයක්ම
අරක්කු විඳපං
හෙට උදේට
විදවන්නේ නැතුව

අටමා බලාපං
ජෝනට සලකන
පට්ට සැලකිල්ල
හිතාපං පවුලගැන
පොඩිත්තියෝ ගැන
ඊ සිගා එක බොන්න
මේ එක එක රස
බස්සන්න එක දෙකට

බොලා ඔය කියුවට
මම නං රැවටෙන්නේ නැ
මේ මගේ බොක්කවල්
වසර විස්සක් තිස්සේ
දුකට සැපට හිටිය

පලි//  මගේ oppo ජංගමයාගෙන් මීවිත සැලක සිට ලියුවක් බව සැලකුව මනාය

2016-06-08

‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘ Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට rashain mobile kiribathgoda





ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු ගණන් දීලා ෆෝන් ගන්ඩ අපි කෝටි පතියෝ යැ , අපිට ඉතින් ගන්ඩ වෙන්නේ ඔය විසිදාහට අඩුවෙන් තියන එව්වා තමයි , එහෙම සැම්සුන්ග් එකක් ගන්ඩ ගියහම ඉතින් හොද මට්ටමේ වේගවත් එකක් ඒ වාගේ අඩු මුදලකට ගන්න අමාරුයි ,

ඒ ගන්න ඒවායේ ඉතින් වේගය බොහොම අඩුයි , ගොඩක් වෙලාවට රැම් එක එහෙම 512 තමා , සමහරක් වෙලාවට වයිබර් ඉදං අවුල් යනවා , බ්ලොග් කාරයෙක් විදිහට බ්ලොග් එකක් ඕපන් කරගන කියවන්ඩ කොමෙන්ට් එකක් කොටාගන්ඩවත් බැ.

හොද ස්ප්‍රීඩ් ගණන් අඩු චයිනීස් එව්වා තිබුනට මොකද , ඒවායේ සිංහල පේන්නේ නැ , ඉතින් බ්ලොග්කාරයෙකුට ඒකෙන් වැඩක් නැ.

2016-06-04

ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීම


ඔන්න ඉතින් තියන කෑලි දෙකට අමතරව ගේ පිටි පස්සට තව  කාමරයක් කුස්සියක් සහ ගේ අස්සේ කක්කුස්සියක් පුලුවං කාලෙක අටවාගන්ඩ කියල අත්තිවාරං කෑල්ලක් දාන්ඩ කියල අත ගැහුවා , හම්මේ එතකොට තමා ඉතින් හිතුනේ මෙහෙම ඉන්න එක හොදයි කියල , වෙන මොකවත් නෙමෙයි ආයිබොවං බාසුන්නැහේ කෙනෙක් හොයාගන්ඩ. පැත්ත පලාතෙම ඉන්න බාසුන්නැහේලව දන්නවා උනාට සති දෙකක් තිස්සේ මගේ වැඩේට එකෙක් අල්ලාගන්ඩ මං කාපු කට්ටක් , මේ පැත්ත පලාතෙත් හොයලා බැරිම තැන ඉස්සර හිටපු හිරගෙවල් පැත්තේ කරක් ගහලත් බැලුවා . අම් ..හූම් ...එකෙක්වත් අල්ලාගන්ඩ බැ .....ඔන්න ඉතින් යනවා ගෙදරකට ..බයිකේ නවත්තල ගහනවා හොන් පාරක් ගේ ඉස්සරහ ....තව පාරක් තව හත්අට පාරක් ...ම්හු ..ගේ අස්සේ ඉන්න උන්ට ඇහෙන්නේ නැ ..... උන් ..තැටමිලි කෙදිරිගෑවිලි ...කවාපු ඉන්දියන් ටෙලි නාට්ටි බලනවා මහ හයියෙන් දාගන ....( මේ වැඩේට මනුස්සයෙක් හොයාගන්ඩ ගිය හැම ගෙදරකම එහෙමයි ) . දැං ඉතින් කවුරුවත් කියන්ඩ එපා ඔය බාස්ලගේ ගෑනු එහෙමයි , බාස්ලත් මෝඩයි ඔය මෝඩයෝ තමයි ඔව්වා බලන්නේ කියලානං , මං දන්න ගණකාධිකාරි මහත්තයෙක් ඉන්නවා එයාගේ නෝනා ගුරුහොරියක් , ඒ ඩබලත් සියලු වැඩ නවත්තල ඔව්වා බලනවා.

2016-05-26

සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 ) පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම



පලවෙනි කොටස


තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා කොරිය ඇතුලට , නිවාඩු දවසක්ද  කොහෙද කොරියේ කවුරුවත් නැ , එහෙම දවසට ඩියුටි ඉන්න නිලධාරියා මෙන් ගේට් එකේ පෝස්ට් එකට වෙලා ෂපාන් එකේ ඇති , වැටෙන් රංගන මැනිකත් මගේ පස්සෙන් ඇවිදගන එනවා , වැට මායිමේම සල් ලිදට සමාන්තරව තියන ඒ ලිද පාවිච්චි කරන්නේ හිරකාරයෝ විතරයි , පෝලිම් දෙකතුනක් හැදිලා පිලිවෙලින් එන එක එකා නාගන්නවා , ඒ අතරේ සබන් ගානවා , එකෙක් නාල ඉවර උනහම කාලින් නාපු එකෙක් සබන් ගානවා , ඒ කියන්නේ එකෙකුට වතුර බාල්දි දහය ගානේ දෙන්නෙකුට විස්සක් වැටෙනකොට තව එකෙක් එකතු වෙනවා , හරියටම කියුවොත් සබන්ගාන්ඩ කලින් විස්සයි , ගෑවහම තව විස්සයි , වෙන තැනකදි ගත්තහම මේක හොද චාන්ස් එකක් , සමහරකාලවල ඇතුලෙදි බාල්දි හතරක් ලැබෙන දවස් තියනව.

එහෙම කාල වල පොලිස් පෝස්ට් එක ලග තියන අවුසද පොකුනටත් ගේනව කොල්ලන්ව නාන්ඩ . ඒකේ වතුර ගලා යෑමක් නැ . කොලම කොල පාටයි , කොල කැද හැලියක් වාගේ , ඒකෙන් නානව කියන එකනං හිතාගන්ඩ බැ , අනික තව එකක් කොච්චර නෑවත් ඒකේ වතුර අඩු වෙන්නෙත් නැ , හැමදාම එකම ලෙවල් එක. වතුරේ කොල පාටත් අඩුවෙන්නේ නැ , ලස්සන ගප්පිත් ඉන්නවා , මං හිතන්නේ තද ඈල්ගී ගහනයක් තියන නිසාද කොහෙද.

බේසමයි බාල්දියයි ලිං පඩියේ තියන මං ඌරු කොටුව ගාව තියන අඹ ගහේ අඹ වැටිලද බලන්ඩ යනවා , කෙල්ලත් ඉතින් එටෝ මැටිකල මයේ පස්සෙං එනව. ඒක ගෙඩියක්වත් නැ , ආයේ එන්ඩ හැරෙනකොට.

‘‘ ඒයි මොකටද ඇතුලට ආවේ ‘‘

2016-05-16

පිච්චිලා ගිය පහුනු රස්නෙට



ඊයේ දිනයත් පුරාවට
මැෂින් කට්ටක් කඩයට
ආවේම නැතිකොට
එ්ද මිනිහෙක් වහින වැස්සට

තෙමි යමි මම වැස්සට
එන ඇමතුමක් බනුවට
එමිය කියමිද කොහොමට
කෙලවෙලා මගෙ ඒකට

හිතලට කම්මැලි කමට
බොන්න දුමකුත් නැතිකොට
හුරලා ගෙන තඹේ සතයට
යන්න ඕනේ කොනේ කඩයට

බැහැලා ජංගි කොටයට
නැග්ගා මගේ බයිකෙට
ගෙට එන්ඩ ඔන්න මෙන්නට
පිරිල තියනා වෙලේ වතුරට

සෙනග පිරිලා කඩේ අගුවට
යාගන්න බැරි එදා වේලට
බීඩියට බුලත් විටකට
හිතේ සැනසුම් කතා බහකට

පිච්චිලා ගිය පහුනු රස්නෙට
ගෙල වටා ආ දාඩි ගඩුවට
නිය ගසා උන් ටයිල් රත්නෙට
හිනැහුනා මං නිරායාසෙට

2016-04-19

පුනරුප්පත්තිය



‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘

‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ මට ගහන්ඩ ‘‘

‘‘ ඇයි මොකද තාත්තට බැරි ඔයාට ගහන්ඩ ..අම්මල තාත්තලට පුලුවන් ළමයි වැරදි කලහම දඩුවං කරන්ඩ ‘‘

‘‘ ඔයාලයි මට බයවෙන්ඩ ඕන ...මට ගහන්ඩ බෑමයි ...බනින්ඩත් බෑමයි ‘‘

‘‘ අර දැක්කා නේද ..හැම වෙලාවෙම ඔහොමයි මූන දිහා බලාගන ඉදල යනවා යන්ඩ ...ඔයා මම කියන එක පිලිගන්නෙම නැනේ...ඔය ඔයාගේ අක්කම තමයි ‘‘

‘‘ පිස්සු විකාර කියවන්නේ නැතුව ඉන්ඩ අනේ .....ඔය පොඩි කමටනේ අනිත් වෙලාවට ඔය හොදට හුරතල් වෙවි ඉන්නේ ‘‘

‘‘ ඉතින් ඔයානේ කියවන්නේ ...මේ කෙල්ල මාව ගනන් ගන්නේ නැය ...බල්ලට දාල කතා කරනවය අරකය මේකය  කියල ....ඔන්න දැං ගිහින් බලන්ඩ කොහේ හරි මුල්ලකට වෙලා තනියම කියව කියව ඇති ....එක්කෝ බලාගත්ත අත බලාගන ‘‘

‘‘ ඒක එහෙමනං ඔය පෙර ආත්මේ කියවන අනිත් ළමයි වාගේ මේ ළමය කියවන්ඩ එපැය මං අරහේ හිටියය ..මෙහෙම කරාය ...අතනදි මැරුනය කියල......දැං මම මෙහෙම කියුවයි කියල  ගිහින් කෙල්ලගෙන් අරව මේවා අගිස්සවනව නෙමෙයි හරිද ‘‘

‘‘ අනේ මං ඔයා තරං මෝඩ නැ ...එහෙම හැම ළමයම පෙර ආත්මේ කියන්නේ නැ අනේ .....ඒ උනාට සමහරක් එහෙම කෙලින්ම නොකිවට ඔය වගේ එක එක විදිහට ඔව්වා පෙන්නනවා ,  බලන්ඩ ඔය වයසේ ළමයි කරන කියන දේවල්ද කරන්නේ ......හැම දෙයක්ම හොදට තේරෙනවා....අනික බලන්ඩ නොතේරෙන වයසේ ඉදන් අක්කගේ ළමයින්ට එකතුයි ...මතකද ඇබින්දං කාලේ ඉස්සෙල්ලම ලොකු පුතාව දැක්ක ගමං අතට පැනල හුරතල් වෙච්ච හැටි ‘‘

2016-04-04

සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 1 ) එපා එපා කොල කඩන්න ගහදන්නව නේද.....

ඒ කාලේ අපි හිටපු ගෙවල්වලට ජලය සැපයුවේ දවසකට තුන්පාරක් පැයක් බැගින් විතරයි , උදේ හයට හතට එකපාරයි , දවල් දොලහට එකට එකපාරයි , ආයෙත් හවස පහට හයට , ඒකත් සමහරක්දාට වෙනස් වෙනවා පායන කාලවලට එහෙම , සමහරක්දාට ඔය සුද්දන්ගේ කාලේ හදාපු වතුර ටැංකි , සම්ප් , විදුලි රැහැන් වල දෝෂයක් ආවත් ඉතින් එහෙම්ම තමා. ඉතින් සමහරක් දාට උදේට විතරයි වතුර හම්බෙන්නේ ඒකත් පැයක් විතර ලැට් එකටම අල්ලලා තියනවා වතුර ටැංකියක් ඒකට තමා වතුර පිරෙන්නේ . ගෙදර උයන පිහන වැඩ වලට ඉතින් වතුර එන්ඩ පටන් ගත්තහම පුරවගන්ඩ ඕන . 


(ඔන්න අපේ ගේ පිටිපස්සේ වතුර ටැංකිය තාම තියේ)

උදෙන්ම ඉතින් හෙන ජෝගී , නයිටි ගහගත්ත අක්කල ඇන්ටිල වතුර ටැංකිය ලගට ඇවිත් ටැංකියට වතුර වැටෙන බටේ ගාව නැවිලා , බාජන වලට වතුර පුරවගන්නව , අක්කා ලොකු ඉස්කෝලෙකට යන හන්දා ගමේ ඉස්කෝලෙට යන මට තමා ඔය ඉස්සෙල්ලම එන මඩ මලකඩ ටික ඇරල හොද වතුර එනකොට ගෙට වතුර ගන්න වැඩේ පැවරෙන්නේ මං ඉතින් දෙපැත්තේ ගෙවල් දෙකේ උන්දැල උන්ගේ ටැංකිවලට නැවෙන දර්සනේ

2016-03-03

ඒඩ්ස් හැදුන තාත්තගේ ළමයි



අද මම කිරිබත්ගොඩ ඉදං ගෙදර එන්ඩ එන ගමං හැදිච්ච සිකරට් තිබහට ගොඩඋනා හොද තැඹිලි වල්ලක් එල්ලලා තිබුන කඩයකට , කඩේ ඇන්ටිපා එක මං යනකොටත් හොද වෙල්ලා හැලියක් දිග ඇරගන ගැනු දෙන්නෙකුයි ගෑණියෙක් වගේ මිනිහෙකුයි එක්ක , මං තැඹිලි ගෙඩියත් බීලා සිකරට් එකකුත් ගහනකං රබර් කනෙන් උන්දලාගේ කතාව අහගන උන්නා , හරියට දෙබස් නොඇහුනාට , උන්දලා කතාව නිමකරේ  මෙන්න මෙහෙම වගේ තීරනේකටත් ඇවිත්.

‘‘ ආඩ්ස් නැයි නැයි කියුවට අනේ කවුද දන්නේ , ඒ ළමයා පන්තියේ තියාගන අනිත් ළමයින්ටත් කුනු ලෙඩ හදවන්ඩ ‘‘

අන්න එහෙම

මට ටක්ගාල මතක් උනේ අපේ අම්මා. ඒ මොකද එයත් ඔය වචනෙම පාවිච්චි කලා අවුරුදු දාසයකට දාහතකටත් කලින්

ඒ කාලේ ඔය මං තැඹිලි බීපු පලාතෙම අපි ඉන්න කාලේ , කොළඹින් සංක්‍රමණය වෙච්ච පවුලක ගෑණු ළමයෙක් එක්ක මගේ පොඩි ඇයි හොදැයියක් තිබුනා , අපේ අම්මා නං කියුවේ

‘‘උන් කැරපොතු ලංසී කියල ‘‘

2016-02-19

බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය



ඔන්න ඉතින් අපි වෙනද වගේම ඊයෙ උදෙත් ලොක්කිව ඉස්කෝලෙට දාල එහෙම ඇවිත් අපි දෙන්න කඩේට යන්ඩ පිටත් වෙන්ඩ ලෑස්ති උනා , පොඩි එකිට මොන්ටිසෝරියන්ඩ බැ කියුවනේ

‘‘එහේ ජරාකොල්ලො ඉන්නව ‘‘

කියල ඒක හින්දා ඒකි දැන් මේ දවස් ටිකේ ගෙදර  , අනික ඒ මොන්ටි සෝරියේ ගෑනු ළමයින්ටත් කලිසං අදිනිඩ වෙන හන්දාත් ඒකට යන්ඩ බැලු  , තව කාලෙත් තියන හන්දා ලබන අවුරුද්දෙම වෙන එකකට දාන්ඩ කියලයි අපි හිතාගන ඉන්නේ , දැන් මේ ගිය එකට අපි දැම්මේ වයස තුනක් වෙන්ඩත් කලින්නේ .

අපේ උන්දැ යනව දැක්කහම ඩෙගා නටන්ඩ ගන්න හන්දා මං එයැයිට කියුවා හොරෙන්ම මහ පාරට යන්ඩ කියල , මං ඉතින් බයිකෙත් ඉස්ටාට් කරන් ගියා පාරට  , අපේ එක්කෙනා පාරෙන් එහාපැත්තට වෙලා කෝල් එකකට උත්තර දෙනවා , පුටු පුටුව දෙපා මුලටම දාල නැවැත්තුව මං

‘‘ නගින්ඩ ‘‘

කියල බයික් එක ටික වෙලාවක් නවත්තගන ඉදල නැග්ගටපස්සේ අද්දල ගියා , පොඩ්ඩක් ඉස්සරහට එනකොට පාර අයිනේ අපිව පේන හරියෙම හිටිය අංකල් කෙනෙකුත් කවදාවත් නැතුව මාදිහා බැලුවත් කිසි අංගපුලාවක් නැති එකෙක් හන්දා ගණන් නොගත්ත මං වංගුවත් ගත්තා

‘‘අර එනව කියුව එක්කෙනා ආපුවහම වැඩිය හුරතල් කරන්ඩ එපා , කපල දෙන ඒවා දෙනකොට මහල දෙන්ඩ ඕන දවසට දවස් දෙක තුනක් කලින් දවසක් කියන්ඩ , ඉස්සෙල්ලා එකක් කඩේදිම මහල පෙන්නල හොද නං විතරක් ගෙනියන්ඩ දෙන්ඩ‘‘
.....කෝ ඉතින් මේ මනුස්සය හුමිටියක්වත් දෙන්නේ නැනේ .....මට මලපයින තව කාරනාවක් තමයි ඕක ......හා..හු...වත් කියන්නැනේ ...බයික් එකේ ඉදගත්තහම පොල්ගෝනිය බැන්දාවාගේ ඔහේ ඉන්නව

‘‘මතකනේ ඉස්සෙල්ලා කට්ටියටත් උනදේ අපි මනුස්සකමට සලකපුවහම උන් අන්තිමට අපිට කෙලල යන්නේ

2016-02-06

පුස්පකුමාර , බිස්කට් , කිරිබනිස් , ඉස්කෝල රෙදි , casio වොච් , සීංහල භාෂා දින තරග

ඔන්න ඉතින් ඒ කාලේ ඒ කියන්නේ පුස්පකුමාර ජනාදිපති තුමාගේ කාලේ , ජනසවිය දෙනවා , ගෙවල් දෙනවා , උදේ පාන්දර මල ගෙවල් වලට යනවා , ඉස්කෝලවල කිරිබනිස් දෙනවා , කිරි බනිස් දෙන්ඩ කාලේකට ඉස්සර බිස්කට් දුන්නා උනත් ඒක හිටි ගමං නැවතුනා , මතක හැටියට ඉස්කෝල රෙදි දෙන්ඩ පටං ගත්තෙත් ඒ කාලෙද සැටලයිට් නෝනගේ කාලෙද මන්දා.

 කොහොමහරි මට මතකයි මට අවුරුදු දෙකකම හම්බුනා සුදු රෙදි , මං ඒකපාරක් මැහුවා ෂර්ට් එක මැද්දට ප්ලීට් එක තියල බෑගි කමිසයක් , අනිත් පාර මැහුවා දෙපැත්තට ප්ලීට් තියල කමිසයක් , හැබැයි දෙපාරම මැහුවේ කලිසං දෙකම ඩෙනීම් දෙකක් වගේ , හොද එකකට කියල එකම එක නිල් පාට පූමා ඩෙනිමකුයි , තව පිට කොටුවේ වර්ල්ඩ්මාකට් එකේ එකෙක් බලෙන් ඇගේ ගැහුව රෝස පාට එකකුයි , ලොකු අක්කගේ මගුලට මස්සිනා ගෙනත් දුන්න හොද රෙද්දකින් මැහුව කලුපාට කලිසමයි ඇරුනහම වෙන ඇදුමක් නොතිබුන මට , ඔය ඉස්කෝලෙන් හම්බුන පට්ට කොටන් රෙද්දෙං ඩෙනිම් වගේ මැහුව  කලිසං දෙක අනර්ග ඇදුමක් උනා.

තව තිබ්බා ලා රෝස පාට නෝ පොබ්ලම් කියල ඉස්සරහ ගහපු ටි ෂර්ට් එකක් , ඒක අදිනවා අර රෝස පාට ඩෙනිමට , කලුපාට එකට අදින්නේ ඒකත් එක්කම මස්සිනා ගෙනත් දුන්න හොද රෙද්දකින් මැහුව අත්දිග කමිසේ , ඒ කිට් එක එලියට ගන්නේ බොහොම කලාතුරකිං . මගුලකට , අතදික් වෙච්ච එකකට ගෙදර එවුන් බලෙන් දක්කන දාට විතරයි . නිල් පාට පූමා ඩෙනිමට තිබුනා ඒකටම මැච් වෙන ඩෙනිම් ෂර්ට් එකක් , ඒකත් ඉතින් ඔය මොකක් හරි විසේස වැඩකටම තමා ඇන්දේ ,

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>