ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
‘‘ චූටි මෙන්න ෆෝන් එක රින්ග් වෙනවා ‘‘
‘‘ ඇයි තාත්තේ ‘‘
‘‘ ඔයාට නෙමෙයි අම්මට ‘‘
‘‘ මං කියල තියනවා නේද එයාට චුටි කියන්ඩ එපා කියල...මම තමයි චූටි ....එයා අම්මිච්චා ‘‘
‘‘ හරි හරි අම්මට කතා කරන්ඩකෝ ‘‘
‘‘ අම්මා මෙන්න ඔයාගේ ....අලියා..... කතා කරනවෝ ‘‘
ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
‘‘ හයියෝ කවුද දන්නැ ‘‘
ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
‘‘ කවුද දන්නැ කිය කියා ඉන්නේ ගන්ඩකෝ මේක ‘‘
‘‘ හරි හරි ..ඉන්ඩ අනේ ..අතේ වතුර ‘‘
‘‘ හෙලෝ ‘‘
දැං මට අනිත් පැත්තෙං කියන ඒවත් ඇහෙනවා ....අපේ උන්දැ කම්පියුටරයට චාජ් වෙන්ඩ ගහල තිබුන ෆෝන් එක ගලවන්නේ නැතුව එහෙම්මම අරං කනෙන් තියාගත්ත හන්දා ... වැඩිපුරම ෂොප් එකේ ඉන්න හන්දා පාරේ වාහන සද්දේ පරද්දන්ඩ හොදටම සද්දේ වැඩි කරලයි තියෙන්නේ
‘‘ මේ ඔයා අර බ්ලවුස් එක හැදුවද ‘‘
‘‘ කවුද මේ ඒ ..කොයි බ්ලවුස් එකද ...අ...‘‘
‘‘ අර ලානිල් පාට එක ...හිර මදි කියල දෙපැත්තෙං පොඩ්ඩ පොඩ්ඩ ගහල දෙන්ඩ කියුවේ ‘‘
‘‘ ඒක මං අද හදලා දෙන්නං කියුවද ‘‘
‘‘ නැතුව... මං ඔයාට කියුවනේ අද ඕන කියල ‘‘
‘‘ නැ නැ... මම බැ කියුවා ...පුලුවං වෙලාවක හදල දෙන්නං කියලනේ කියුවේ ‘‘
‘‘ ඉතින් අද මට ඕනනේ ...‘‘
‘‘ ඉතින් මම කියුවනේ අද දෙන්ඩ බැ කියල ‘‘
‘‘ එහෙනං ඔයා ඇයි ගත්තේ ‘‘
‘‘ මම ඔයාට බැ කියුවනේ ....ඔයානේ බලෙන්ම දාලා ගියේ ...කමක් නැ එහෙනං පුලුවං වෙලාවක හදලා දෙන්ඩ කියල ‘‘
‘‘ ඉතිං ඔයා ...බැ කියල ආයෙත් ගත්තනේ ‘‘
‘‘ ඒ උනාට මං ඉස්සෙල්ලම කියුවනේ ඔයාට ..මං කඩෙං ගත්ත ඇදුං හදන්ඩ ගන්නේ නැ ....මට බැ කියල ‘‘
‘‘ මම තව ටිකකිං ගමනක් යනවා ...මට ඒක ඇදගන යන්ඩ ඕන ‘‘
‘‘ බැ ..බැ ..මට දැං එන්ඩ බැ ....සනීපත් නැතුව ඉන්නේ ....හරියට ඔලුව කැක්කුමයි ....බබාටත් සනිප නැ .....හොද්ද කර වෙනවා ....මං ෂොප් එකට ආපු ගමං ඔයාට කෝල් එකක් දෙන්නං .....තියනවා එහෙනං ‘‘
‘‘ ....කවුද අනේ ඔය.... ‘‘
‘‘ මල වදේ අනේ .... මෙච්චර කල් ඇදුං නැතුව හිටියා වාගේ .....මහන්ඩ එන අයනං කමක් නැ .....ඔය ආවාමයි .....කඩේං ගත්ත එකක් හදන්ඩ ඇරං ඇවිත් ....තාම චාජ් වෙලත් නැ .....මෙන්න මේක ඔහොම්මම තියන්ඩ ලොකු .....ගලවන්ඩ එපා .. ‘‘
‘‘ ඉතින් එහෙම කියල හරියනව යැ ...ගත්තා නං දෙන්ඩ එපැ ‘‘
‘‘ මං ගත්තේ නැ අනේ ...ඒ හොල්මන බලෙං දාල ගිහිං .... වද දෙනවා ‘‘
‘‘ හාකෝ හාකෝ ....කොහෙද ඉතින් කියන එක ගැන නෙමෙයිනේ ...කියවන්නේ ‘‘
‘‘ හපොයි මගේ ..කරවල හොද්ද ....‘‘
ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
‘‘ මෙන්න ආයෙත් රින්ග් වෙනවෝ ....කලිං නොම්මරේමද කොහෙද ‘‘
‘‘ ඇහෙනවෝ ...මේ එනවෝ ‘‘
‘‘ උස්සලා ස්පිකර් ෆෝන් දාන්ඩ හරිද ‘‘
‘‘ හෙලෝ ‘‘
‘‘ මේ ඔයා එතකොට ඒක හැදුවේ නැද්ද ‘‘
‘‘ නැ නැ ...හදලා තියෙන්නේ ‘‘
‘‘ ඉතිං එහෙනං ඇවිත් කඩේ ඇරලා ..මට ඒක දෙන්ඩකෝ ‘‘
‘‘ අපි ෂොෆ් එක අරින්නේ දහයට ‘‘
‘‘ ආ එහෙමද ඉතින් එතකොට වහන්නේ කීයටද ‘‘
( ......අහන්ඩ කඩේ වහන්ඩ උදව් වෙන්ඩ එන්ඩද අහන්නේ කියල..... )
‘‘ මේ කට වහගන ඉන්ඩ අනේ ‘‘
‘‘ මොකක් .... මොකක්ද කියුවේ ‘‘
‘‘ නැ නැ වෙන කතාවක් ..මේ අපේ ..එක්කෙනාට කියුවේ ‘‘
‘‘ ආ ඒක මිසක් ... එතකොට කඩේ වහන්නේ කීයටද ‘‘
‘‘ වහන්නේ අටට ‘‘
‘‘ ඔයාල කොහෙද ඉන්නේ ‘‘
‘‘ නවලෝකගම ‘‘
‘‘ එහෙනං ඇවිත් කඩේ ඇරලා බ්ලවුස් එක මට දෙන්ඩ ‘‘
‘‘ බැ දැන්නං එන්ඩ බැ .....අද තවත් ටිකක් පරක්කු වෙයි ‘‘
‘‘ ඉතිං ලගනේ ...ඇවිත් මට මේක ඇරං දීලා ආයෙත් යන්ඩ ....‘‘
‘‘ බැ බැ පුලුවං කමක් තිබුනනං එනවා ...අමාරු හින්දයි මං කියන්නේ ....මට සනීප නැ ‘‘
‘‘ ඉතිං මට ඒක ඕනනේ ‘‘
‘‘ අනේ මට කතා කරන්ඩත් අමාරුයි ...ඇත්තටම සනිප නැ ... තියනවා එහෙනං ‘‘
...... මල කරදරේ මං මේක ඔෆ් කරල දානවා .....
‘‘ මොකක්ද අනේ ඔය ..ඔයා හරියට මිනිස්සුන්ට පැහැදිලිව නොකියන එකේ වරදනේ ....ඇඹරි ඇඹරී ඉන්ඩ එපා ......පලවෙනි පාරම කියන්ඩ තියන දේ කෙලින්ම ..කියන්ඩ ...එහෙම නැතුව ...නලවන්ඩ ගියහම තමා ඔහොම වාත වෙන්නේ ...සැරින් සැරේ කෝල් කරකර ‘‘
‘‘ කියනව ලොකූ ....මේ මිනිස්සුන්ට කියනදේ තේරෙන්නේ නැනේ ‘‘
‘‘ තේරෙන්නේ නැතුව නෙමෙයි ..අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතිකම ..තමන්ගෙ වැඩේ විතරයි ‘‘
‘‘ ඉන්ඩකො මං කරන්නං හොද වැඩක් බ්ලවුස් එක හැදුවට සීයක් නෙමෙයි දෙසීයක්ම ගන්නවා ‘‘
ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං
‘‘ මොන හුයන්නක්ද මේ ඒ පාර මගේ ෆෝන් එකට ගන්නවා‘‘
‘‘ ඉන්ඩකෝ හොදවැයිං දෙකක් කියනවා මං මේ පාර නං ‘‘
ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං
‘‘ එපා ඕක ගන්ඩ ...ඔහේ රින්ග් වෙච්චාවේ ‘‘
‘‘හෙලෝ ‘‘
‘‘ මං මේ ඇවිල්ලා කඩේ ඉස්සරහයි ඉන්නේ ‘‘
‘‘ හෙලෝ ....නංගි මේ .....අනේ කරදර කරන්ඩ එපා .......ඔතන දොරේ අපි ගහල තියනවානේ ෂොෆ් එක අරින්නේ උදේ දහයට වහන්නේ රෑ අටට ...ඒ ඇරුනහම පෝයටයි ...හැම මාසෙම හය වෙනිදටයි විතරයි වහන්නේ .....ඇරල තියන වෙලාවක එන්ඩ ‘‘
‘‘ ඉතින් සමහරක් දවසට ඔයා උදෙම්ම කඩේ අරිනවනේ ‘‘
‘‘ ඔව් සමහරක් දවසට හයට හතටත් එනවා තමයි ...ඒත් අද බැ ‘‘
බීප් ....බීප්
‘‘දැං ඉතිං ඔය හොදවයින් දෙකක්ද ඔය කියුවේ ‘‘
‘‘ ඔහොම නැතුව ඔයා වගේ මිනිස්සුන්ට සැරෙං කතා කරන්ඩ කියලද මට කියන්නේ ‘‘
‘‘ අනේ මේ ඕක පැත්තකට දාල ඇදට ගිහිං ඇස් දෙක තදකරල වහගන ටිකක් ඇලවෙලා ඉන්ඩ ..එතකොට ඔලුව කැක්කුම අඩුවෙලා යයි ....‘‘
‘‘ එහෙනං ඔයා ගොටු කොල සම්බෝලයක් හදනවද ‘‘
‘‘ අප්පා ගොටුකොලනං ලියන්ඩ බැ ...කංකුං මිටියක් තිබ්බා නේ ඒක තෙල් දාන්නං ‘‘
‘‘ හා එහෙනං ....ඔන්න ඔය ඔයාගේ ෆොන් එකත් ඔෆ් කරල දාන්ඩ ‘‘
‘‘ පිස්සුද මනුස්සයෝ මෙෂින් හදන්ඩ කවුරු හරි කතා කලොත් ‘‘
ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං
අපේ උන්දැ ඇදට ගිහිං විනාඩියක් ගියේ නැ ආයෙත් රිංග් වෙනවා .....ගොඩ දවසකින් ආතල් එකක් ගත්තෙත් නැ .....වම් කම්මුල ඇගිලි දෙකෙන් එලියට ඇදලා ....නාකි ලොඔු මෝඩ් එකට වොයිස් එක චේන්ජ් කරලා ..ඉස්සුවා ෆෝන් එක
‘‘ හලෝඔඔ....‘‘
‘‘ මේ..... මේ .....අර ඇදුං මහන කෙනා ඉන්නවද ‘‘
‘‘ ඉන්නවා නෝනේ ....ඒ අපේ ලොකු කෙල්ලගේ දෝණියැන්දා නේ ‘‘
‘‘ එයාට ෆෝන් එක දෙන්ඩ ‘‘
‘‘ දැං නං ෆෝං එක ළමයට දෙන්ඩ හැටියක් නැ ...නෝනේ ‘‘
‘‘ දැං ටිකකට කලිනුත් මං කතා කලා ...අංකල් එයාට ෆෝන් එක දෙන්ඩකෝ ‘‘
‘‘ නෝනෙට කියන්ඩ නෝනේ ....ඔය මැහුං සාප්පුවක් දාගන, මේ කෙලීට ......කන්ඩද ...බොන්ඩද...වතුර ටිකක් ඇගට දාගන්ඩ ඉස්පාසුවක් නැ ...යකා බැදගත්තා වාගේ ,.... උදේ හිටං ෆෝං එක කෑගහනවා කෑගහනවා ඉවරයක් නැ , බෙට්ට පුක මුලට තද කරගන ඇඹරි ඇඹරි ගෙයි වැඩ කරකර ඉදලා .... ඔන්න දැං බෙට්ට බාන්ඩ දිහුවා ‘‘