2019-04-13

නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය



ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම නැ  කසාද ජීවිතේ  කවර දාකවත්ම ... අම්මපා , මං මරිමොල්  ගොං තකතීරු වැඩක්  කලත්  කටෙං වචනයක් එලියට දානවා නෙමෙයි  ... බැට්රි බැහැපු  රේඩියෝ එක වාගේ  ඉන්නවා ... මට මළ පැනලා කෑගැහුවත්  එහෙමයි  ... ගණන්  ගන්නැ  පඩේකට ........... උන්දෑ උන්දැගේ වැඩක් ... ඒ සම්බන්දව කියන්න  යමක්  තියනවානං  ... පස්සේ  හිමිහිට ගෙනහැර පානවා  ........... ඉතින්  මගේ රෙදි  නෑ  ..... අනේ ඉතින්  මාව වැටෙනවා  එහෙම වෙලාවට නයා මැරිච්ච පණික්කියාගේ  ගානට ... නැට්ට පුකේ ගහං සමාව එහෙම  ඉල්ලනවා .... එතකොට ඉතින් ඔන්න  චුට්ටක් විතර ගණන් උස්සනවා.

,, නැ නැ  බොරුවට එන්ඩ එපා  මෙතන  ... අර කියපුවාම  කියලා  කතා කරන්ඩ ,,

කියලා  තව මොනවාහරිත්  කියලා  ... හිතේ  තියන තරහා පිට කරලා  දාලා  නැගිටලා යනවා  ...... මූණට එන හිනාව ..එලියට පයින්ඩ කලින්  ඔය පැනලා  යන්නේ  ... ඔන්න චුට්ටකින්  අහනවා  ...... ( දවල්  දොලහට එකට උනත්  එහෙමයි )

,, මං නං නිකං තේ  බොන්ඩ යන්නේ  ... ඕනද ,,

,, මට ඕන්නැ ,,

ඔන්න ටිකකින් එනවා  තුන් මූනේන් දාඩිය පොල්ල දාන මද්දහනේ  ප්ලේටි බක්කියකුයි ... ටී එකකුයි  හදාන  .... දැං  ගහපන්කෝ  ගිණිවතුර වාගේ  ටී එකක්  .... ගිණි මකරා වාගේ  පිබ පිබ ......... එපා කියන්ඩත්  බෑනේ  ....... යාළු වෙන්ඩ එන ගෑණිනේ.

,,  කොහෙද දන්නැ  අර  යනවා කියුවේ  ... නැතැ  ඔය මෙෂින් හදන්ඩ යන තැනක හරි ... ඉන්ටර්නෙට් එකේ හරි  හොයාගන  ,  අනේ  හොදයි  අනිත් ගෑණු වගේ  මං නං  එන්නැ  පස්සෙං අඩඅඩා ,,

ක්‍රීම්  නැතා  ඇතා මොනහරි මලමගුල් බිස්කට්  එකකුත්  .. අර නිකං තේ ( එයා ප්ලේටි වලට කියන නම ) එකේ  ඔබං කන ගමං ...( ලෙමන්ෆප් එකක් උනත්  පොගවලා තමයි  කන්නේ ).... කියනවා.

,.  ,, ආ එහෙමද ... කමන් නැද්ද ‘‘ තියනවා තමයි  .. යනවා තමයි ,,


‘‘ අනේ කමක් නැ  ... යන එකයි ඇත්තේ  .... ආ නෑ  ... මේ ගෙදරට ඇරං ආවත්  කමක් නැ ‘‘

‘‘ එහෙනං  මොකද දන්නැ ප්ලේටි ගගහ මට ටී හදලා දෙන්නේ ‘‘

‘‘ මං  කැමති  ප්ලේන්ටි  බොන්ඩනේ  ... අනික මං කාට උනත්  නිකං තේ  දෙන්නේ නැනේ‘‘

‘‘ හා ..

‘‘ ගේන  කෙනෙකුට  මේ  ගෙදර වැඩ බාර දුන්නා නං ඇති  ... මට මගේ වැඩක්  .. දරුවෝ  දෙන්නගේ වැඩක්  කරගන  හිටිය හැකි ....

‘‘ හා  එහෙනං  ... අම්මෝ  ඔයා මාරයි  ...... ඔයා මෙහේ නෙමෙයි  අනේ ඉන්ඩ තිබුනේ එහේ  ............ ඔය දෙන්නම  මගේ  උවමනා  එපාකං  බලනවනං  හා ........... එකටම උනත්  කමක් නැ  ... දෙන්නා එක්ක  සමගියෙන්  රැස්වෙලා මගේ උවමනා එපා කං බලලා ... උදේට සමගියෙන්  විසිර යනවනං  හා ‘‘

ඔන්න  එතකොටනං  ... ඉතින්  නැගිටලා යන්නේ  ... අලවංගුව ඇරං  පරලවෙලා නටන රාගම ලොකු සීයා වාගේ

 ........... බෑ බං  කතාව කැලේ   යනවා................. ඔන්න ඉතින්  මං කාලයක්  පුරුදු  රස්සාව අත ඇරලා  ... වෙන වැඩකට බැස්සනේ  ........... ඒකත්  පුරුදු  නැත්තේ නැ  ......... ගංධබ්බ කාලේ ඉවරකරලා  ... ජීවිතේ  පටන්ගත්ත ෆීල්ඩ් එකේම ටොප් ලෙවල්   වැඩක්..............

ඒකේ  නිවාඩු  නෑ  විවේකය අඩුයි  ඉද හිට ගෙදර එන්නේ ........ ඔය අවු  අස්සේ  එකියක්  .... රත්තරං ටිකට  හිටිය ගෑණිව බන්දලා කියහල්ලකෝ   ..... කිරිනානාගේ   ...  කතෝලික බුද්ධාගං තලෙයිබාන්  නිකායට ...  අනේ  සාදු  ... තවත්  නිදහස්  ... ගෙවල්  නිකං පන්සල්  වාගේ  ..... පැය විසිහතරම  ... බණ , භාවනා  , පිරිත්  ...........  ආයේ  පරණ පුරුදු  ජීවිතේට කියලා  හිතං ආපහු  ආපු  මාව පුල්අන්දොස් ...

අපේ  නැන්දම්මත්  එහෙමයි  ..  පොඩි  වෙනස් කමයි  තියෙන්නේ  .. මගේ උන්දැ   කියවන්නේ  නෑ  ....... නැන්දම්මා කියවනවා ......... නැන්දම්මා බැට්රිදාපු  රේඩියෝ එක  ....... මගේ  උන්දැ  ..... බැට්රි  බැහපු  රේඩියෝ එක  ........... අනිත් එවා අහගන්න  වෙන්නේ  මාමන්ඩියගෙන්ම  තමා.

යකෝ .............. ලියන්ඩ ආපු  එක මතක නැතුව   සැහෙන වෙලාවක්  හිටියා මං.............. යාන්තං  මතක් කරගත්තේ.................. ගොනා කානුවේ    කරත්තේ   කැලේ


අපේ  නැන්දම්මා හෙන සකසුරුවං යානාව .. කිසිම දෙයක් විසිකරන්නේ  නැ  .. ඔක්කොම එකතු කරලා බෝතල් පත්තරේට දෙනවා...  අර මං නැතුව හිටිය අවුරුද්දේ හමාරේ අපේ  උන්දැ  මම එකතු කරලා තිබුන  මහන මැෂින්  පාට්ස් කම්පියුටර් පාට්ස් ඉලෙක්ට්‍රොනික් පාට්ස්  ඉලෙක්ට්‍රීක් පාට්ස් .... ඔක්කොම එලියට දාලා ..මං ඉතින්  ජාතිය ඇමතුවා ... ඇයි අප්පා  එතන තිබුනා හෙන දුර්ලභ මහන මෙෂින් කෑලී .... සමහරක්  ඒවා නොවටිනා ගණන්  දීලා බෝතල් පත්තර කඩ වලින්ම  අරගත්තුවා  ..........  අපේ නැන්දම්මා දෙක පහට එව්වා බෝතල්  පත්තරේට දීලා ....

බියර්  එම්ටියක්  ගල් එම්ටියක්  නෑ හදිස්සියකට ... රුපියලට දෙකට අරූට  පුදලා .... මං හතලිහක් පණහක්  දෙන්ඩ ඕන හැමදාම ... ඒ මදිවට මට දවසක්  අසුහාරදාහට නැග්ගා ... මං ගේ අස්සේ  ඉන්නවා කියල නැන්දම්මට මීටර් නැතුව ගිහිං .. බෝතල් පත්තරේව දැක්කහම ... ඔන්න ඇවිත්  පරණ බෝතල් එකතු කරනවා ... ඒ ගමං අපේ උන්දව අවුස්සනවා ...

‘‘ මේ බලන්ඩ අමාලි මේ....  මේ තියෙන්නේ  මෙව්වයේ ගණන්  මේ බෝතල් ටිකටම කී දාහක්ද ... ලක්මාල්ලත් මහ මිනිස්සු වාගේ  බොන්ඩ පුරුදු වෙලා ... මේ සල්ලි වලිං පිණක් දහමක් කලානං මොකද ... ඔයත් කට වහගන ඉන්නවනේ  ... අවවාදයක්  දීලා හදාගන්නේ  නැනේ ‘‘

දත්මිටි කාගන ටිකක් වෙලා ඉදලා බැස්සා එලියට

‘‘ ඈ බං  මල්ලියේ උඹලා පරණ වෙච්ච හැම ලබ්බම ගන්නවනේ ... පරණ ගෑණු ගන්නේ  නැද්ද ... මේන්න මේ දෙක ඇරං  මට  කීයක් හරි දියං ‘‘

‘‘ අපි පරණ යකඩ ගත්තට බෙලෙක්ක ගන්නේ නැ මහත්තයා ‘‘

2019-04-07

ගොත බොන්චි



පහුගිය  දවස්වල ප්‍රසාද්ලෑ මයිනලෑ කිචි  කතා  ගොලු කතා  කියවනකොට තමයි මට මේක  මතක් උනේ ... මේක කිචි කතාවක්  ගොලු කතාවක් නෙමෙයි  ..ගොත කතාවක්  .... ගොත උනත් කිචි  උනත්  එහෙම මිනිස්සුන්ට උසුලු විසුලු කරන එකනං  මං  අනුමත  ..කරන දෙයක් නෙමයි  උනත්  ... ඔහොම දෙයක් දැක්කහම කාට  උනත්  හිනහ යනවනේ  ..  කවුරු හරි කියන එකක් අහං හිටියත් එහෙමනේ  ......... ඒකයි මේක මෙහෙම ලියන්නේ ........ බොරුවට කියනවා නෙමෙයි  ........... ඔහොම වෙලාවල මමත් එතන ඉන්නවා උනත් ..  ඔය වැඩවලට සහබගෙි වෙන්නේ නැ ........ මොකද    රොම්බ බයිට් වෙලා තියන පොරක් හැටියට .. මම දන්නවා ...ඒකේ  අමාරුව.

ඔන්න  අපේ පැත්තේ  පොලක හිටියා  වචන හරියට  උච්චාරණය වෙන්නේ  නැති  අහිංසක මනුස්සයෙක්  ... අහිංසක කම හින්දම පොරට හරියට කේන්ති යනවා ...... කොච්චර අහිංසකයෙක් උනත්  දිගින් දිගටම අඩං තේට්ටං වලට ලක්වෙනකොට මල පයිනවනේ  ... සාදාරණයිනේ ............. කොහොමින් කොහොමහරි  කාලයත් එක්ක මේ මනුස්සයා .. හැම වෙලේම  පුස්පේ විකසිත වෙලාමයි ඉන්නේ ...... ඒක නිසාමත්ම තව තවත්  මිනිස්සු  මේ  මනුස්සයට කරදර කරනවා  ...... ඒ මනුස්සයා හිතන්නේ  ... තමන්ට හැමෝම  ... ඥo ඤූo ගාලා කතා කරන නිසා  ... විහිලු කරනවා කියලා ....... ඒකේ ඇත්තකුත් නැත්තේ නැ වාගේම තමයි  ... පොර මලපැනලා බයින එකෙන්  , මොකක්හරි ඇරං ගහන්න  එලවන එකෙන්  ... මිනිස්සු  කාලකන්නි සතුටක් ලැබුවා.......... කොටින්ම  අර මනුස්සයගේ  නම දන්නේ නැ  කවුරුත්  ...... හැමෝම  කියන්නේ ...ඥo ඤූo... කියලා ........... කොටින්ම  පොරට කතා කරන්නෙත්

...ඥoඤූo .....සීයක දෙකේ කාසි  දියං ...........  ඔන්න  ඔහොම

කොටින්ම  මම උනත් නැවතිලා බලාගන ඉදලා තියනවා  ... ඒ වෙලාවට  ඒ මනුස්සයා  ..බොහොම  වෙනස් මනුස්සයෙක් වෙලා  ... ප්‍රතිචාර දක්වන්නේ ......... ඒක හරිම අසාමාන්‍යයි.... ඒ සමාජයේ  සාමාජිකයෝ  .. ඒක වැරදි  දෙයක් කියලා  හැගීමක් නැති  අය නිසා  දිගින්  දිගටම ඔය  වැඩේ  සිද්ද වේගන ගියා .... අනික ඒ කාලේ  අපිත්  දාසයේ  දාහතේ තරුන ළමයි ............ ඔව්වයේ  ගානක්  නැ  ......... ඔන්න අද කාලේ  වගේ දැනුං තේරුමක් තිබුනානං අනිවා  ඔව්වට විරුද්ධ වෙනවා............... ඉස්සර වාගේ  නෙමෙයි අද සමාජයේ  නං  එහෙම අයට විහිලු කරනවා හරි අඩුයි  .... පොඩි දරුවෝ උනත්.

මං හරි  ආසාවෙන්  කරන වැඩක් තමයි  කතා කරන්න බැරි කංඇහෙන්නේ නැති අයට සේවය සැලසීම ........ එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්න  ගියහම .......... මම පුලුවන් තරං වෙලාව ඇරගන එයත් එක්ක කතා කරනවා ........... එයාගේ  වැඩේ  ගොඩ ගියහම  අපි දෙන්නම හිනා වෙනවා  ........ අපි දෙන්නටම හිතට හරිම සතුටුයි.

ආ කතාව කැලේ.... හරි හරි  ඔන්න මේක උනේ  මෙහෙමයි

දවසක්  ඔන්න ඥoඤූo වෙනදා වාගේම පොලේ   බිස්නස්.... මල් වත්තම අතේ  ... අල කැරට්  එක්කත්  තරහෙං තමයි ඉන්නේ ........ සල්ලි  එක්කත්  එහෙමයි  ....... ගෝනිය අස්සට විසිකරන්නේ   ........... සිකරට් ෆිල්ටර් වාගේ .

ඔන්න පොරක්  ආවා ... ඥoඤූo එළවලු විකුනන  තැනට

කැරඥoච්  කීයඥoජ

ඥoඤූo බැලුවා  ඔලුව උස්සලා ......... පුරුදු  මූනක්  නෙමෙයි  ........... අනිවා  කවුරුහරි උගන්නලා එවලා , ගණන්  නොගෙන හිටියා

කැරඥoච්  කීයඥoජ අයිඥoයේ

ඥoඤූo ආයෙත් ඔලුව උස්සලා බැලුවා......... ඕනවට එපාවට ...

පන්චිඥoය විච්ඥoයි

අර බඩු  ගන්ඩ ආපු පොරට දැන් හෙන අප්සෙට්.... ඒත්  වැඩිය ගනන් ගත්තේ නැ වාගේ

බෝන්ඥoචී කීයඥoජ

ඥoඤූo  සද්ද  නෑ

අයිඥoයේ ...අයිඥoයේ .. බෝන්ඥoචී    කීයඥoජ

පන්චිඥoය චිඥoහයි

බඥoජු ගඥoන්න ආචෛ්... විහිඥoජු... කරන්ඥoජ එචා.......... බෝන්ඥoචී පන්චිඥoයක් දෙන්ඥජ

බිජ්ඥනච් කරච වෙචාවච .. විහිඥලු  කරන්ජ එචා...

විහිඥoජු නෙචෙයි... ඇච්චච ...බෝන්ඥoචී පන්චිඥoයක් දෙන්ච

විකුනන්ඥoචෑ හුච්ඥoචෝ බොන්ඥoචී ... පලයන්ච් අම්මඥoච හුචවාගන්ඥoචේ... නැචුව....විකුනන්ඥoචෑ.......... මේ එජවජු  විකුනන්ඥoචෑ

අනේ අර බඩු  ගන්න  ආපු  මනුස්සයටත්    පුස්පේ  විකසිත උනා...

විචුඥoන් නැච්ඥoචං පකචද හුච්ඥoචෝ පොචේ දැඥoමේ

කියලා  ඒ මනුස්සයා  අනිත්  පැත්ත හැරුනා  .... වෙන තැනකින්  බඩු ගන්න  යන්න  හිතාගන

වට්ටක්කෙක ගහලා තිබුන පිහිය .. ඇදලා ගත්ත ඥoඤූo අර මනුස්සයට ඇන්නා .............. යාන්තං දෙවනි  පාර අනින්න කලිං  .. එච්චර වෙලා හිනා වෙවි  බලාන හිටිය  ... එකෙක් පැනලා පිහිය උදුර ගත්තා .......... නැත්තං  මේ වෙනකොට  අර මනුස්සයා වල පල්ලේ ... ඥoඤූo   වැලිකඩ .......... ට වෙලා ...මෙත්පල් සිරිසුං .. එල්ලනකං බලාන ඉන්නවා.

අන්තිමට  බලනකොට  අර එළවලු  ගන්න ආපු  මනුස්සයත් ...ඥoඤූo කෙනෙක්

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>