Popular Posts

2014-12-27

යන්න එපා පාවඩ සමගින් ( මනා කියන මගේ කවිය 2 )


අකුරට ගියාට එන තුරු පෙරමග
සිනහ කවට කෙලි කතා කමෙන්
කැත කිලි කුනු ගෙන යන්නට ආවම
සිටියේ නුඹ නන්නාදුනන ලෙසින්

ගං දිය සේදී සුසිනිදි වු ඒ
නුඔ දැතත් මං මගහරිමින්
ජීවිතයේ අලුයම දිය කෙරුවේ
මා මව් සිත රිදවනු බැරියෙන්

ඇ දෙන ගෙන යන පෙරමග පාවඩ
ගෙන ආවේ කහටක් නැතිදෝ
සමාවෙලා ඉදපන් රත්තරනේ
යන්න එපා පාවඩ සමගින්

මනා හදපු සින්දුව මෙතනින් අහල බලන්න





2014-12-23

අටං ඉස්ටයිල් කලවං වඩේ


මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ

මයිසුර් පරිප්පු
කඩල පරිප්පු
සුදු කව්පි
උළුදු

ඔක්කොම ටික දැම්මා ඊයේ රැ පෙගෙන්ඩ ,

අද උදේ නැගිටල



 රම්පේ
කරපිංචා
ළුණු
කෑලි මිරිස්
අමු මිරිස්
ලුණු


එහෙම දාල හොදට අඹරල කොටල ගත්තා , ටිකක් විතර කෑලී හිටින්ඩ

2014-12-07

ගමේ ඇමති සහ සීනි


ඔන්න පහුනු දවසක අදේ වරුවක අපේ අහල පහල ගෙදරක අංකල් කෙනෙක් විකියලගේ තාත්තයි , තව එයාලගේ ගජටෙකුයි එක්ක ඇවිත් කියුවා මයිත්තිරිපාල මහත්තයලට සහයෝගේ දීලා කොරන රුස්වීමක් එයැයිලගේ ගෙදර අද තියනවය ඒකට එන්ඩය කියල , මමත් ඉතින් කියනකොට ඔලුව වනල

‘‘හා අංකල් ‘‘

කියුවට යනවද නොයනවද කියල තීරනය කොරල තිබුන්නැ , මොකද ඔය රටකෑම ගැන මගේ එහෙව් පවුරු පාසානමක් නැති හන්දා , ඒ උනාට මොකද අද කවදාවත් නොවෙන වැඩක් උනානේ අප්පා , පෝය දවසත් වෙලා කනක් ඇහිල හිටියා පන්සලේ ලවුස් පීකරේ සද්දයක් තිබුන්නැ , රැස්වීම හින්දා ගස්බැදල නැතුවද නැත්තං රැස්වීමට ගස් බදින්ඩ දීලද මන්දා ,
පස්සේ ඉතින් මං හවස් අතේ සද්දේ ඇහෙනකොට ඒ පැත්තට ඔලුව දැම්මා , විකියවත් ඇතිනේ ඔය පැත්තේ කියල , ම්හු ඌත් පේන්ඩ නැ , හැබැයි උන්ගෙ තාත්තනං හිටියා , ඔය පස්සෙන් රස්සා ඇරගනත් උන්වත් එතනට නොබහින එකනං කැතයි , සමහරක් යු ඇන් පී කාරයෝ ඔය කොස් ඇට බෑවිල්ලට කැමති නැ කවුරු මොනව කියුවත්.

ඇයි දෙයියනේ කොහෙදෝ යන පිට මිනිහෙක් ගෙට පැනල ගෑණි නිදාගන ඉන්න ඇදේ බුදිය ගත්තා වාගෙනේ.

පස්සේ ඉතින් ගෙදර එන්ඩ හැරෙන කොට ඔන්න ගමේ ඇමතිතුමත්  ආවා , ඒ සද්දේ අහගන එනකොට තමා අපේ විකියා ඔය කන බොන තැනක මොනවහරි ගේන්ඩ කියල පිටත් කොරන්ඩ හදනකොට දාන සිංහ වාක්කිය මතක් උනේ.

‘‘ අනේ මේ තොපිට ඕන්නං ඕන එකෙක් කඩේ පලයව් ....අඩෝ  මං අහවල් ඇමති තුමාවත් කඩේ ඇරිය කොල්ලෙක් ‘‘
 
අනේ ඉතින් අපි කරබාගන ඉන්නව , චන්ඩියනේ ඉතින් , සුවර් එකට ඇමතිතුමාට ( ඒ කාලේ ) ඒකට රස්සාව දෙනකොටත් ඒ සිද්ධිය මතක් වෙලා තමයි අනිත් රස්සාව ඌගේ යාලුවට දීලා ඔය රස්සාව ඕකට දෙන්ඩ ඇත්තේ , නැත්තං ඉතින් අම්මේ අපිට බලාගන්ඩ තිබ්බා මු කරන කෙලි , දැන්නං ටිකක් අපි කනක් ඇහිල කරදරයක් නැතුව පාඩුවේ ඉන්නව , පොරට කෑල්ලක් සෙට් වෙලා හන්දා , හැබැයි ඉතින් බැන්දට පස්සේ බලාගන්ඩ බැරියැ කොල්ලගේ සෙල්ලං , ඔය නහර වැඩි අයියලා බලු කුක්කෝ , ගෙම්බෝ වාගේ වෙනව බැන්දට පස්සේ , ඒ ගෑල්ලමය හෙන වසපාටයි , ( හොද වැඩේ ඹ්කට වෙන්ඩ ඕන ඔහොම්ම තමයි )
අනිත් කාරනාව තමයි ඔය ලැබෙන හැම දෙයක්ම බෙදාහදාගන කනවයි කියල සපත කරල ගිවිසුම් ගහපු යාලුවට අන්තිමට මොකද කියන්නේ කියල , අනිකත් ඉතින් දැං ඔය නැවේම හන්දා සද්දයක් නැ , අපි ඇහුවහම දෙන්නම කියන්නේ .

‘‘ කතා බහක් නැ බං ඒ ගැන කියුවහම මග ඇරල යනව ‘‘

ඔන්න ඕකනේ වැඩේ අනුන්ගේ වාහන පදිනකොටනං බෙදාහදාගන පදිනව , තමන්ට කියල මොරිස් මයිනර් කට්ටක් , පියට් කට්ටක් ගත්තහම අසාවට අතගාල බලන්ඩ පරානේ සම යාලුවට දෙන්නේ නැ , ඉතින් අපි වාගේ ලොරි බාගයක් ගත්තහම අහවරනේ , මොකද කවුරු එන්ඩද නගින්ඩ , හිතේ බයක් නැතුව ඕන තැනක පාක් කරල ගියහැකි , අනික ආලවට්ටං සුකුරුත්තං නැතුවට ඕන බරක් දණ ගහල අදිනව , ( අපේ ගෑණී මේක දකීද බං )

මොකක් කියුවා ...ඉරිසියාව...............අනේ ආයිබොවන්ඩ ..වචනයක් කියුවනං ඒ විදිහට තියෙන්ඩ ඕන ..මොකද එක පකඩ කෑල්ල බෙදාගන කාපු යාලුවොනේ , අපිනං එහෙමයි ...අම්මා දෙනව කියුවත් තාත්ත ගස් බැදල හරි දෙනව.

ඒ උදාහරනේ සැර වැඩිද මන්දා , ඒ උනාට මම නං දන්නව අපේ තාත්ත අද උනත් කැමතියි අම්මව කාට හරි දීලා දාන්ඩ තියනවනං , ආයේ ඉතින් මොකටද රෙන පුකට රේන්ද  , ඇත්ත කතන්දරේ ඒකනේ.

හරි හරි ඔව්වා වැඩක් නැ බහිමුකෝ සීනි කතන්දරේට

ඔන්න ඉතින් ඉස්සර විකියා පෙර පාසැල්වත් නොයන කාලේ දවසක් උදේ දහයට එකොලහට තාත්ත තේ ජුංඩක් බොමුද ඇහුවහම අම්මා කියුවලු සීනි ඉවරවෙලා අරගන එන්ඩ කියල , තාත්තත් ඇදුමක් දාගන පාරට බහිනකොටම ඔන්න ගමේ ඇමති තුමා දොරකඩටම වාහනේ දාල කොහෙද යන්ඩ කතා කරාලු.

( නැ ..නැ බං දැං වාගේ නෙමෙයි ඒ කාලේ ඔය පරිවාර රථ කතන්දර නැ , රනින්ග් සෝට පිටින් ආසනේ බහින්නේ ඇමති ගොල්ල )

යකෝ ගෙදර ගෑණි වගේද ඇමතියා , පොර වාහනේට නැගල  හවස් වෙනකං වටයක් ගහල කෑම කෙසේවෙතත් හොදට බීල එහෙම ඇමතියම එලවං ආපු වාහනෙන් ගෙදෙට්ට බැස්ස විතරයි විකියලගෙ අම්ම ගත්තලු පොල්මල අතට , අප්පට දැන් තොයිලේ සැරටම  යනවලු , මොනව උනත් මං විකියලගෙ තාත්තට කැමති වෙන මොකවත් නෙමෙයි , පොරත් මං වගේ , ජාතිය අමතන්ඩ ගියහම  ආයේ ඉතින් කැට නැ , ඇරල දානව ගමටම ඇහෙන්ඩ.

තොයිලේ නැගලම  යන හන්දා , විකියා බැස්සලු එලියට ,බැහැල පාර අයිනේ හිට ගත්තලු , එහෙම නැතුව දුම්මල ගහන්ඩද , පාන්පැල පෙරලන්ඩද, කපුවගේ මුනට කලින් මතුරපු වතුර ගහන්ඩද .

ඔන්න ඉතින් එක්කං එන්ඩ ගිය අනිකවත් එක්කගන  ආයෙත් ලොක්කව පටවං යන්ඩ එනවලු ඇමටියා.

‘‘ පුතා තාත්තට කතා කරන්ඩ ‘‘

‘‘ මතනං බෑ‘‘

‘‘ ඒ මොකෝ ‘‘

‘‘ තොය ඇයෙනවනේ තද්දේ ‘‘

‘‘ ඇයි මොකද වෙලා තියෙන්නේ ‘‘

‘‘ එලා ...එලා තෙමෙයි , එයා තලල , තාත්ත තීනී දේන්ද නන තොත ඔයා එත්ත දිහින් ‘‘

අනේ ඉතින් මොකවත් නොකිය ඉස්සරට පැද්ද ඇමටිය ඉස්සරහ තිබ්බ කඩෙන් සිලි සිලි මල්ලක් පුරවල සීනි ඇරගන හරවං ඇවිත් විකියා අතට දුන්නලු

‘‘ මේක අම්මට දීලා තාත්තට කියන්ඩ මං ඇවිත් ඉන්නව කියල ‘‘





2014-12-04

යුග දිවී රස



‘‘හෙල්ලෝඕ‘‘

‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘

‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා කලබලෙන් ‘‘

‘‘අනේ මට බැ රත්තරනේ ඉහි..ඉහි මේ මිනිහ එක්ක ..මාව මරාගන කන්ඩ හදනව ‘‘

‘‘ඇයි අම්මා මොකද අඩන්නේ ..මොකද උනේ කෝ තාත්ත ‘‘

‘‘ අනේ මෙතන මට රන්ඩු කරල බඩු මුට්ටුත් එහෙට මෙහෙට විසික් කරල මාව තල්ලු කරල දාල එලියට බැහැල කොහෙද ගියා පුතේ ..........මගේ කොන්දත් අමාරුයි , මට නං මේ දුක තවත් විදින්ඩ බැ පුතේ . අවුරුදු හතලිහක් තිස්සේ මන් වින්ද වද වේදනාවක් ‘‘

‘‘ අනේ මන්දා මේ තාත්තලත් පොඩි උන් වෙන්ඩ හදනවනේ ........ෆොන් එක තියන්ඩකෝ අම්මේ ...සරත් කීයට එයිද දන්නේ නැ , මං එන්නං ‘‘

‘‘ හා පුතේ ...අනේ එන්ඩ කෙල්ලෙ ...ඈ..මට මේවා කියන්ඩ ඉන්නේ ඔයාල විතරයි ‘‘

‘‘ හා හා අම්මා ඉන්ඩකෝ ..මම ඉක්මනට එන්නං ‘‘
 
‘‘ මයිගෝඩ් ගේ පිස්සං කොටුව වාගේ ......අපරාදේ මේ වාස් එකත් කැඩිලා , මොකද අම්මා උනේ ...අනේ මන්ද ............කොල්ලො ..කෙල්ලො වාගේ මොකද අම්මා මේ ඔයාල රිලැක්ස් එකේ ඉන්න ඕන කාලේ පිස්සු කරන්නේ , අපිවත් ඔහොම නැනේ ‘‘

‘‘ අනේ රත්තරනේ මට නං බනින්ඩ එපා . මන් වගේ දුක් කන්දරාවක් මිහිපිට කිසිම ගැණියෙක් විදල නැතුව ඇති , මයේ අතේ වරදක් නැ පුතේ ........තිබ්බනං එකම වරද එයා කරන කරන හැම දේටම එදා ඉදන් කරබාගන හිටිය එක විතරයි ‘‘

‘‘ නැ අම්මා මම ඔයාට වරදක් කියනව නෙමෙයි , මං අහන්නේ නිදහසේ සතුටෙන් ජීවත් වෙන්නෙ ඕන කාලේ ඇයි ඔයාල මෙහෙම හැසිරෙන්නේ කියල , මොන ප්‍රශ්නයක්ද , මොන කරදරයක්ද ‘‘

‘‘ දෙයියො තමා දන්නෙ පුතේ , මේ මනුස්සයට එන්ඩ එන්ඩම මාව රුස්සන්නේ නැතුව යනව , මං මොන වරදක් කලාටද , උදේම පත්තර ගොඩ බදාගන ඉන්නකොට මං ලගට ගිහින් හවසට පන්සල් පැත්තේ යන්ද ඇහුවහම ඩෝං ගියා , ඊලගට උදේ කනකොට බත බෙරිවෙලා කියල නොක්කඩු කිය කිය ඉදල , අනල පැත්තකට දාල නැගිටිල හාන්සි පුටුවේ ඉදගන වරුවක් විතර බුලත් කෙල ඉස්සා මිදුල පුරා , අර බාබන්ඩේසියා පාත්තියේ ගන්ඩ දෙයක් නැ , මම ඔව්වටවත් වචනයක් කියන ගෑනියෙක්ද ...ඉහි ඉහි ..........බ්රැස් .........සිරිස්.සුස් ‘‘


‘‘ ඔය ඇදන් ඉන්න රෙද්දේ හොටු හුරන්ඩ එපා අම්මා ..........නාඩා කියන්ඩකෝ ...තාත්ත ඇයි අම්මව තල්ලු කරේ ‘‘

‘‘අනේ මං කවදාවත් ඔය මනුස්සයට වරදක් කලේ තියා හිතුවේවත් නැ පුතේ , එදා ඉදන් දෙයියන්නාන්සෙට වගේ සැලකුවේ , මගේ ලෙඩ අමාරු කමක් වත් නොකියා ඔය මනුස්සයට බෙහෙත් තම්බන්නේ , එහෙව් කරන මටනේ දෙයියනේ මෙහෙම කරන්නේ සලකන්නේ ‘‘

‘‘ හරි හරි ඉතින් මොකද උනේ කියන්ඩකෝ ‘‘

‘‘ ආරියදාස ඇවිත් බොල්ලු ටිකක් අරගන සෝදල  ලිපට කරල ලිපෙන් බානකම්ම අර මිනිහට යන්ඩ නොදි නවත්තාන මහ අව්වේ හිටගන දේසපාලනේ කතා කරනව . මං ලගට ගිහිල්ලා කියුවා .............මාළු ටිකත් ලිපෙන් බෑවා ,   තාම යන්ඩ හම්බුන්නැ නේද ආරියදාස  , මහත්තයො අපි යමු බත් ටිකක් කන්ඩ කියල ..................

මට පුප්පගෙන ඇවිත් ඉස්තෝප්පුවට වෙලා අත්දෙකත් ඉනට ගහගන ඉදල ගෙට ගොඩ වෙනකොට අල්ලපු අඩව්ව තමා මේ ‘‘

‘‘අම්මා දන්නවනේ ..එයාගේ හැටි මොකට ඔව්වට කට දාන්ඩ ගියාද පාඩුවේ හිටියනං ඉවරනේ ‘‘

‘‘ ඉතින් වැරැද්දක් යැ පුතේ මං කියුවේ . උදෙත් හරියට බඩට වැටිච්ච නැති මනුස්සය හාමතේ අව්වේ හිටගන ඉන්නව බලාන හිටිය හැකෑ‘‘

‘‘ මාළු ආරිලටත් වෙන වැඩක් නැද්ද දන්නැ බිස්නස් එකක් කරගන්නේ නැතුව තැන් තැන්වල පල් හෑලි කියවන්නේ ‘‘

‘‘ ඒ මනුස්සයගේ වැරැද්දක් ඇතැ , ඔය ළමයි පොඩි කාලේ ඉදන් හැමදාම එන මනුස්සය , මාළු විකුණල ඉවරවෙලා ඉතුරුවෙන මාළු ටික දීලා යන්ඩනේ ඔය එන්නේ , එදා ඉදන් ඒකනේ හැටිය , හැමදාම ඉතුරුවෙන තැලුන මාළු ටික අපිට දීලා  ඕවිටේ ලිදෙන් නාගනනේ ඒ මනුස්සය ගෙදර යන්නේ , ඉතුරු උනොත් මේ පාරෙන් , නැත්තං පිට පාරෙම ලිදගාවට , ඒකත් ඔය තාත්තම තමයි පුරුදු කරගත්තේ ‘‘

‘‘ අම්ම මුල ඉදන් එයාගේ වැඩ වලට කරබාගන ඉදල , දැන් විරුද්ධ වෙලා මක් කරන්ඩද කලින්ම හදාගන්ඩ තිබුනේ ‘‘

‘‘ එයාගේ සතුටනේ කියල මං කරබාගන උන්නා දරුවෝ ‘‘

‘‘ වරදවා හිතන්ඩ එපා අම්මේ , මං මේ අම්මට වැරුද්දක් කියනව නෙමෙයි , තාත්ත ඔහොම වෙන්ඩ අම්මගෙත් වරදක් තියනව කියන එක දැන් අම්මට උනත් තේරෙනව ඇතිනේ , ඒක හන්දා ඉස්සරහට ඉන්න කාලෙත් ඉස්සර හිටියා වාගේ ඉන්ඩ බලන්ඩ , අම්මලට කරදර වෙන්ඩ ප්‍රශ්නයක් නැනේ . මම සරතුයි හැම දෙයක්ම කරනව , ලොකු අයියත් පුලුවන් හැටියට බලනව , නංගිල දෙන්නත් ඉඩක් ලැබිච්ච ගමන් දුහල එන එකනේ ‘‘

‘‘ අනේ මයේ වරදක් නැ රත්තරනේ ..........මට මෙව්වා මෙහෙම කතා කරන්ඩ පුලුවන් ඔය දරුවා එක්ක විතරයි , අඩු වයසෙන්ම ගෙදරට හොරෙන් මං ආවේ එයාට තියන ආදරේ හන්දා , ඒ ලෙන්ගතුකම අදටත් ඒ විදිහට මගේ හිතේ තියනව , ඔය දරුවෝ දෙන්නගේ සම්බන්දෙට අනිත් අය විරුද්ධ උනත් මම එක පයින් හිටියේ ගෑණියෙග්ගේ හිතේ පිරිමියෙක් ගැන ඇතිවෙන කැක්කුම හොදට දන්න හන්ද ,

මම එහෙම ලෙන්ගතු උනාට එයා කවදාවත් ඒකට වටිනා කමක් දුන්නේ නැ , මගේ හිතේ තියන තරම් ඇල්මක් එයාගේ කවදටත් තිබුන් නැ.  මං වෙනුවෙන් එලියට බැහැල ආව ගෑනී නේද මේ අපා දුක් විදින්නේ කියල කවදාවත් හිතුවේ නැ ‘‘

‘‘ දැන් ඔව්වා ගැන දුක් උනා කියල පලක් ඇද්ද අම්මා ‘‘

‘‘ මං එහෙම ගෙදරට පිටුපාල ආව කියල අපේ අම්මල මට වෙනසක් කලේ නැ , අනිත් දෙන්නට වගේම මටත් දෙන්ඩ තියනදේවල් දුන්නා , දේසපාලනේ කරන්ඩ ගිහින් රස්සා නැති කරගන ඉවර වෙලා ,  ඒ සේරම දේපල සල්ලි කරල අරගන බිස්නස් කරනව කියල බාගයක් ණයට දීලා ඉවර කලා තව ටිකක් එක එකාට පෙළපාලි යන උන්ට කන්ඩ දෙන්ඩ ඉවර කලා , ඉතුරු හරියේ යාලුවන්ට බොන්ඩ දුන්නා , වෙන ගෑණියෙක් නං කරපු දේවල් වල හැටියට මෙලහට වහ දීලා .......අනේ මං මීක් කියුවේ නැ පුතේ .

මට කියල මස් තම්බගන හැමදාම බෝතල් පාටි , බීගන එලිවෙනකං රට හදන හැටි කතා කරනව . ගෙදර ගෑනි ගැන වගේ වගක් නැ , යාලුවොත් එක්ක රටවටේ ඇවින්දින්ඩ ගියා , මාව එක දවස් ආසාවට අතින් අල්ලගන පාරක එක්ක ගිහින් නැ ..... , දරුවෝ හතර දෙනෙකුත් හදාගත්ත මට ඕනවට වගේ , ...එතකොටවත් මං ගැන හිතුවද ......තමුන්ගෙ වැඩේ කරගන සරම හදාගත්ත මිසක්.

‘‘ අන්න අම්මේ ..තාත්ත එනව ..ඔය කතාව දැන් නවත්තන්ඩ ‘‘

‘‘ උදේටත් හරියට කන්ඩ බැරි උනා නේද මහත්තයෝ , බත් ටිකක් බෙදල ගෙනත් දෙන්ඩද ‘‘

2014-11-30

ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ



බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික වෙලාවක් වාඩිවෙලා උන්න කතන්දරේ තමා , අද කියන්ඩ යන්නේ අපේ අම්මා ජීවිතේට කරපු ලොකුම ගොංකම ගැන .

ඔන්න ඉතින් ඒකාලේ මට ඔය මොනවහරි ගලවන්ඩ හදන්ඩ නිර්මානේ කොරන්ඩ තියනවනං වෙන මොකවත් ඕන නැනේ , කාලෙන් කාලෙට එන වසන්ගත මං ඕනවටත් වැඩිය බදාගන හැල්මේ දුහනව , ආයේ ඉතින් කෑමක් බීමක් නින්දක් නැ . මොකක් හරි කොරනකොට පුරස්නයක් ආවද ඒක විසදගන්න කං මං නෙමෙයි පස්ස බලන්නේ ,

ආයේ ඉතින් බයිසිකලේ ගලවල කෙලව ගත්තනං විංකලේ අංකලයත් එක්කම දවසම එතන ඉදල හරි හදන විදිහත් බලාගන අයින් කරපු කෑල්ලක්  ඉල්ලගන ඇවිත් ගොඩදාල මිසක් පස්ස බලන්නේ නැ , ඒ කාලේ සමහරක් කාර්මිකයෝ , මේසන් බාස්ලනං මම වැඩ පොලක් කරන තැනකට එනවටත් කැමති නැ , ඇයි ඉතින් ඒකල වැඩක් කොරගන්ඩ යැ , මම අහන එව්වට උත්තර දෙනව ඇර ,

හිතමුකෝ කොහේහරි පොල් ගහක් කපනව කියල , ගහ කපන්ඩ ඒ මනුස්සය දාන කට් එකත් මට හෙන පුරස්නයක් ,

‘‘ අංකල් ඇයි මේ පැත්ත ඉස්සෙල්ලා කැපුවේ ‘‘

‘‘ ඉතින් ඒ පැත්තෙන්ම කැපුවනං ඉවරයිනේ මොකට දෙපැත්තක් කපනවද ‘‘

ඔන්න ඔහොම ඉතින් මගේ විමසිලිමත් දැස්

අද කාලේ කොල්ලො ගත කරන්නේ මොන ජීවිතද කියල වෙලාවකට මට හිතෙනව ඉස්සර කොල්ලො කාලේ කරපු කියපු දේවල් මතක් වෙනකොට , මොනතරම් නිදහස් සුන්දර ජීවිතද අපි ගතකලේ , අනික ඒ නිදහස හින්දම එක එකා ඇතුලේ එක එක ප්‍රයෝගික දක්ෂතා මතුවෙච්ච හැටි , ජීවන කුසලතා වර්ධනය වෙච්ච හැටි මතක් වෙනකොටත් හරිම ආශ්වාදජනකයි.

ගහකට නැගගන්ඩ , පැලෙන්නේ නැතුව කුරුම්බයක් බිමට දාන්ඩ , දර කෑල්ලක් පලාගන්ඩ , ස්පාක්ප්ලග් එකක් ගලවල සුද්ද කරල හයිකරගන්ඩ , ඇන්ටනාවක් හයි කරගන්ඩවත් බැනේ දැන්  ඉන්න එකාලට .

ඇයි ඉතින් ගහක් කපන තැනක , ගෙයක් හදන තැනක  බලාගන ඉන්නව බැහැල ඉන්න කෑල්ල දැක්කොත් චාටර් කියලනේ හිතාගන ඉන්නේ. අනේ ඉතින් තමන් ගෙයක් හදන දාට තමා කොල්ලටයි , කෑල්ලටයි දෙන්නටම කෙලවෙන්නේ . අවුරුදු  විසිපහක් හම්බකරකර ගෙවන්ඩ ගත්ත ඉඩමේ  දෙන්නම ගන්ඩ පුලුවන් ඔක්කොම ණය අරගන පොදි ගහපු සල්ලි මල්ල දියකරල බාසුන්නැහේ බාසුන්නැහේ සීහින මාලිගාව ඉදි කෙරුවට පස්සේ තමයි නුවන පෑදෙන්නේ .


ඊට පස්සේ බාසට හෙන ඉල්ලනව සල්ලි කැවා කියල , ඇයි හත්දෙයියනේ එකෙන් දෙකෙන් කෙලවනකොට වැරැද්ද පෙන්නන්ඩ දැනුමක් තිබ්බනං වැඩේ ගොඩ දාගන්නවනේ . කොහෙද එහෙම දෙයක් දැනගන්ඩ වැඩක් කරන පිලිවල දන්න එකක් යැ විභාග පාස් කලාට , එහෙම දැනගන්ඩ ඉතින් තමුන්ගේ මහරාල ගෙවල් හදන කොට වැලි ටිකක් හලල දීලා , බදාමයක් , කොන්කිරිට් එකක් අනල තියෙන්ඩ එපෑය.ඉතින් තමන්ගේ ගේ හදනකොට බාස් කියනදේ දේව වාක්කිය වාගේ අදහල , කරන නිරපරාද කාලකන්නි වැඩ දිහා කට ඇරගන බලාගන ඉදලා , පස්සේ හුල්ලනව ,

අඩුම තරමේ තමන්ගේ ගෙට ගාන්ඩ තීන්ත ටිකවත් මැච් කරල ගන්ඩ තරම් දැනුමක් නැ , ගේන බඩුවක මුට්ටුවක ගූණාත්මක බව පිරික්සල බලන්ඩ තරමටවත් මොලයක් නැ , කඩේ මුදලාලිය හොදයි කියන ඒ යකාට ‍ලාභය වැඩි බඩුව උස්සගන ඇවිත් කෙල උනාට පස්සේ ක‍ඩේ අයිතිකාරයගේ මැනියන්ට මතක වස්තර පූජා කොරන එකනේ කොරන්නේ , කඩ දාන්නේ ලාභ ගන්ඩනේ දෙයියනේ , අපි දැනගන්ඩ ඕන හරිදේ තෝරල බේරල ගන්ඩ .

වැඩිය ඕන්නැ සමහරක් කොල්ලො ඉන්නවා ,..මේ හොද තානාන්තර දරන අයෝම පුරුසයෝ , හොල්ඩරේට දාගන්ඩ ගිහින් සී එප් එල් බල්බ් එක බිදගන්නවනේ ,.අනේ ඉතින් අන්තිමට ගෙදර එකාට බැරි හන්දා ඊලග දවසේ ගෙදර ගැනි අහල පහල එකෙක්ට කියල බල්බ් එක මාරු කරගන පස්සෙං පහු අහවල් එකත් කරගන ජිවිතේ එලිය කරගන්නව , කොල්ලට වෙන්නේ සි එප් එල් එක අතේ තියාගන හූල්ල කන්ඩ.

වෙන මොකවත් නෙමෙයි හේතුව මනුස්සයෙක් වැඩක් කරනකොට බලාගන ඉන්ඩ , නොදන්න දෙයක් අහගන්ඩ තියන ලැජ්ජාව , ටැස් කොරල බලන්ඩ තියන බය ,  නැත්තං ඔය පරණ එකක් පාවිච්චි කරපු එකක් හරි හොයාගන ගලවල කරල වැඩ සටහන බලාගන පරතිකර්මෙකුත් කෙරුවනං එහොම වෙනවද , එහෙම වැඩක් බලාගන ඉන්න එක මදි පුංචි කමක් කියල තමා හිතාගන ඉන්නේ.

ආ ඉතින් එව්වා වැඩක් නැ බහිමුකෝ කතාවට , ඔන්න ඉතින් මං ඒ දවස්වල මයේ හිතේ අටවසරෙද කොහෙද , වෙසක් එක ලංවේගන එනකොට තැන් තැන් වල කැරකෙන කූඩු එහෙම ගහනව මං ඉතින් ඉස්කෝලේ ඇරිල දුරම පාරෙන් ඉක්මනට ගෙදර එන එකානෛ් . ආයේ ඉතින් හතරට පහට බත් කෑවට මොකැ , ගස්වල ගඩාගෙඩි එහෙම තියෙන්නේ .ඒ දවස්වල අපි උන්න ඉසව්වේ පත සයිස් කැරකෙන කුඩු දෙකක් තුනක් , ගල්වල හන්දියේ තඩි තොරණක් එහෙම ගැහුවා , තව ඉතින් තැන් තැන්වල එක එක කූඩු , නැලිගමත් හොද කුඩුවක් ගැහුවා ,නැලිගම තොරණ ගහන්ඩ පටන් ගත්තට පස්සේ ඒක නැවතුනා . පස්සේ තොරණත් නැතුව ගියා , දැන්නං ඒ පැත්ත පලාතේ වෙසක් ආතල් එකක්වත් නැ ,

රටේ හැම තැනම එහෙමයි , දැන් ඉතින් එව්වා කොහේ කරන්ඩද , අපි පොඩි කාලේ උන්න ඒවට ඇල්මක් ආසාවක් උනන්දුවක් තිබුන වැඩිහිටියේ බාගයක් මැරිලා , ඉතිරුවෙච්ච අනිත් උන්ට කරගන්ඩ උවමනාව තිබුනට ඇගේ හයියත් නැ . සාක්කුව බරත් නැ , අතරින් පතර එකෙක් දෙන්නෙක් නං බිසිනොස් එකට කොරගන යනව , ඒ ඇරුනහම ඔව්වයේ පසුපෙලේ හිටපු ඇල්මක් ආසාවක් ආදරයක් ඇම්මක් තිබුන අපි වගේ  හැත්තැව දසකේ උන් දෙමන්දර අතරමං වෙලා .

මේ රෙද්ද හරි යන්නැ බොලව් කාණු පනිනව , .........ඔන්න ඉතින් මටත් හිතුනා කියමුකේ කැරකෙන කුඩුවක් ගහන්ඩ , සැහෙන කාලෙක ඉදන් හිතේ තිබුනට කරගන්ඩ බැරි වෙච්ච හන්දා මම හිතුවා මේ පාරනං පොඩියට හරි කුඩුවක් කැරකෙන්ඩ ගහන එක ගහනවමයි කියල , අනික ඕකට තක්කෙටම හරියන මෝටරයකුත් මං ලග තිබුනා , ඒක දෙසිය තිහෙන් වැඩ කරන කොහෙන්ද මන්දා හම්බුන පොඩි මෝටරයක් . ආයේ දගලන්ඩ දෙයක් නැ වේගය අඩු කොරන්ඩ . බොහොම හිමින් තමා කැරකෙන්නේ , මයේ හිතේ අර බොක්ස් පැන් එකක හුලං කරකවල හරවල අරින ඉස්සරහ රවුමේ මෝටරයක්ද කොහෙද , ආයේ තව තිබුනා අඩියක් එක හමාරක විතර බයිසිකල් රෝදයක් ඇක්සල් , බෝල කෝන් නට් එක්කම , තව වෙන මොනවද , හොයන්ඩ අමාරුම දෙක තියනවනේ , ලී මඩුවෙන් අහක යන වීදුරු කෝටු වාගේ ලී කැලි ඉල්ලගන ඇවිත් ඇණ ගහල හැදුවා රිම් එකේ සයිස් එකට මහ කුඩුව , වහලේ පල හයක් තියල දලදා මාලිගාව වාගේ එකක් , ඕන්නං අඩි එකහමාරක් දෙකක් ඇති . ඔන්න වහලේ පලකෝටු හය එලියට පන්නල ඒ හැඩේම පැටවු කුඩු හයක් ගහන්ඩ ගියහම තමා පුක ඉරුනේ .

මහ කුඩුවත් එක්ක ගත්තහම ඒකට ගැලපෙන සයිස් එකට පැටව් කුඩු ගහන එක තමා කෙලිය, ඒ සයිස් එකට ඇණ ගහල හදන එක පට්ට ගේමක් , කෝටු රැහැල පොඩියට සයිස් කරහම ඇන ගහනව බොරු , පස්සේ මොකද කරන්නේ , කොළඹ ඉස්කෝලෙකට යන ඒ ලෙවල් අයියා කෙනෙක්ගෙන් ඉල්ලගන ආවා පොර p c b බෝඩ් විදින්ඩ කැසට් මෝටරයකට එස්ලොන් බටයක් ගහල හැඩල් එකකුත් හදල , හීනිම හීනී ඩ්රිල් කට්ටක් දාන්ඩ ‘‘හුකුංප්ලාන්ට්‘‘ එකක් ( පොර මොකක් හරි වැඩක් කරගන්ඩ අටවන අටම්පහුරු වලට කියුවේ එහෙම ) දාපු හෝම් මේඩ් ඩ්රිල් මෙෂින් එක , එකෙන් විදල කම්බි කෑලි බස්සල ඒ කම්බි බැදල එකට අඹරල යාන්තං පැටව් කූඩු  ටිකත් හදාගත්තා කියමුකෝ.

අපේ ගෙදර තිබුනා ටිකක් දිග මිටි බංකුවක් ඕකේ එක පැත්තක හිලක් හදල රිම් එකේ ඇක්සල් එක පහලටම කරකවල උඩ නට් එක තද කරල ලෑල්ලට යටින් අනිත් නට් එක දාල මහ කුඩුව හයි කලා බංකුවට . මෝටරය හයි කරල අනිත් පැත්තට දැම්මා පටියක් , කරන්ට් එක දීලා බලපුවහම ගානට කැරකෙනව , දැන් ඉතින් තියන පුරස්නේ තමට කුඩුව ඇතුලට කරන්ට් එක ගන්න එක , තහඩුවක් පටි කපලා කුඩුවට යටින් රවුම් දෙකකට බංකුවට ගහල කම්බි තුන හතරක්  තහඩුවට ගෑවෙන විදිහට තියල ස්ප්‍රීන් වලින් ඇදල තද කෙරුවා ,

මගේ ලග තිබුනා ටුවෙල් වෝල්ට් සික්ස් වෝල්ට් දෙකම ගන්ඩ පුලුවන් ට්‍රන්ස්පෝමරයක් ඒ දවස්වල හැටියට ජාතිභාන්ඩේ , පත සයිස් ඇම්පියර් දෙකතුනක අවුටුපුට් එකක් තිබුනා ඒකට , කුඩුව ඇතුලට ගල් වලෙන් අහුලගන ආපු වෙඩි වයර් පටලල දැම්මා පැටවුන්ට ටෝච් බල්බ් , මහකුඩුවට දැම්මා එක පැත්තක් පිච්චිච්ච මෝටර් සයිකල් බල්බ් එකක් , බංකුවට ගහපු තහඩු දෙකට කොච්ච ඇණ දෙකකින් ට්‍රන්ස්පෝමරය අමුනපුවහම මහ එලියක් නැතුවට තරමකට පත්තු වෙනව මහකුඩුවේ බල්බ් එක  , යකා දත් හිටෙව්වා වාගේ පිලිවලට ගහපු තහඩු ටික හන්දා , සැරින් සැරේ කලා මැදිරියෝ වාගේ පත්තු වෙනව පැටවු ටිකත් ,

පස්සේ ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගන රෝසපාට කොල ගෙනල්ල ඇලෙව්වා කුඩු ටික , අනේ ඉතින් අර බල්බ් වල එලිය මදි , පස්සේ මොකද කලේ මහකුඩුවේ බල්බ් එක ගලවල , පොඩි බල්බ් තුන තුන පේලි දෙකකට අමුනල දුන්නා ටුවෙල් වෝල්ට් , අන්න එතකොටනං ගානට එලියයි කුඩු ටික, දැන් කොහොමද මහ කුඩුව එලිය කරන්නේ , යටින් විතරක් රිම් එකට බැදල තියන හන්දා කුඩුව උඩින් මොකවත් පැටලෙන්ඩ විදිහක් නැති එකේ වාසිය අරගන වහලෙන් වයර් එකක් බස්සල දැම්මා කුඩුව මැද්දල වොට් සීයේ පත බල්බ් එකක් , දැන් වැඩේ හරි වෙසක් එකට තව දවසක් දෙකක් තියන හන්දා , සැරින් සැරේ එක එක එව්වා කරකර ඉදලා වෙසක් දවසේ උදේම නැගිටල වඩිමුබුවට ඇණ ටිකක් ගහල , තාත්ත කලින් පාර මායාදුන්නෙන්ද කොහෙදෝ ගෙනා සීරිස් බල්බ් වැල එල්ලුවා , ඒ කාලේ එහෙමත් එකෙකුට තමයි ඔව්වා තිබ්බේ , ඒ තිබ්බත් අපි වගේ උන්ට නෙමෙයි , කලර් ටීවි එහෙම තිබුන සල්ලිකාර ගෙවල්වල තමා , ඇයි ඉතින් මගේ මතකේ හැටියට ඒ දවස්වල ඕකක් රුපියල් හත් අටසීයක් උනා , අපි කියුවේ ඔටෝ මැටික් බලුප් වැල් කියල , බලුප් දෙලහකටද  විස්සකටද සැරයක් තිබුන තිබුන එක බල්බ් එකක පිලමන්ට් එක රත් උනහම ඩිස්කනෙක්ට් වෙන කොට ඒකටම අමුනල තියන අනිත් බල්බ් ටිකත් ඕෆ් වෙනව , යලට මහට තැනින් තැන ඕප් වෙනකොට කියල වැඩක් නැ අලංකාරේ . දැන් ළමයි ඔව්වා දැකල තියන එකක් යැ. එකසිය පනහට කොටුවෙ විකුනන්ඩ තියන බලුප් වැල් වල තින්ත බින්දුවක් වාගේ චිප් එකකින් මැවෙන රටා දැක්කහම ඇඩෙනව අප්පා.

පස්සේ ඉතින් ඔන්න හවස් වෙනකොට එකා දෙන්නා එලියට බැහැල පන්සල් යනව , වෙසක් බලන්ඩ යනව මගේ කුඩුවට තියන ප්‍රතිචාරත් නරක නැ , ඒ උනාට එකෙක්වත් සත පහක් දෙන්නැනේ යකෝ , මං හිතාගන හිටියේ මහ කුඩුවලට වගේ කීයක් හරි හම්බෙයි කියල , ම්..හු....සත පහක් නැ , ඔය අතරේ වැහැපං අම්මා එක පාරටම වැස්සක් , පායනකං ගෙටවෙලා ඉදල , ලී පුටුවක් අරන් එලියට ආව මං මිදුල මැද්දේ පුටුව තියාගන කුඩුව දිහා බලාගන ඉන්නව.

ඔන්න එතකොට තමයි මං දැක්කේ වැස්සෙන් පස්සේ බලුප් වැලේ එක පැත්තක් වැඩ කරන්නේ නැ කියල , ගෙට ගිහිල්ලා කැබිනට් ලාච්චුවෙන් ඔටෝ මැටික් බලුප් එකකුයි නිකං එකකුයි සාක්කුවට දාගන පොඩි මේස කෑල්ලත් උස්සගන එලියට ආව මං මේසය උඩින් පුටුව තියල නැගල බල්බ් එකින් එක ගලව ගලවා හොද බලුප් එක ගගහ චැක් කොරනව හුකා එකපාරටම

ක්රුන්.......................ගාගන මාව ගැස්සිගන ගියා ,

 ඒත් එක්කම පුටුවත් පෙරලගන මං  බිම , ඔලුව පිටි පස්ස බිම වැදිලා , බිම තියන වැහි වතුර පිටේ ගෑවෙනකොට තමා මට තේරුනේ කරන්ට් එක වැදුන බවත් පාවෙලා බිමට එනකොට අරගන ආපු බලුප් වැල තාම පත්තුවෙන බවත් තව දුරටත් කරන්ට් එක වැදි වැදි පපුවට හේතු කරගන බලුප් වැල අල්ලගන ඉන්න බවත්.

ඇගිලි දිග ඇරල අත ගසල අහක් කරන්ඩ හැදුවට බැ , නැගිට ගන්ඩත් බැ ,

කන්දෙක අස්සෙන්  එනව නිකං ...ක්රෑන්........ක්රූන්...............ගාල සද්දයක් .... .හැබැයි මට හොද සිහිය.

ඔන්න මං ගෙදර දොර දිහා බලනකොටම අපේ අම්මා එනව දුහගන

මම නිදහසේ තියන දකුනු අත අමාරුවෙන් උස්සල දෙපාරක් දෙපැත්තට වනල දොර පැත්තට දික් කරල

....එපා .....ක්රුන්......අරහෙන් ...ක්රූන්..... කියුවා

ගේ ඇතුලට ආපහු දුහපු අම්මා ප්ලග් එක ගලවල එනකොට මම ක්රුන් ක්රුන් කියන එක නවත්තල බිම නිදාගන ඉන්නව සැපට , ඒ අස්සේ හොදට දාපු අංකල් කෙනෙක් ඇවිත් ඇග තලන්ඩ ලෑස්තිය.

මට කිසි අමාරුවක් නැති බවත් , ටික වෙලාවක් එහෙම්ම ඉදලා නැගිටින බවත් කියල බොහොම අමාරුවෙන් බේරුන මං , බැලුවා වම් අත දිහා වයර් එක අතේ පැටලිලා දඹරඇගිල්ලයි  මැදගිල්ලයි පිච්චිලා , මැද ඇගිල්ලේ කට්ට පේන්ඩ පුංචි සිදුරක් හැදිලා , ඇගිලි දෙක හොල්ලන්ඩ බැ .

‘‘ තෝ මැරෙන්ඩද හදන්නේ බූරුවෝ ‘‘

කියල අත දිග ඇරල දෙන කනේ පාරක් කන්ඩ බලාගන මං අම්මා දිහා බැලුවා

'' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ''

2014-11-05

මල් සින්දු කියන මල්ලියෙක්ට




නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත
ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා        වෙත
පාලුව කෝ කොහෙද ගියේ සෙමරසැලු දෙදෙනා වෙත
නුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා     ඇත

මල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා           අද
ඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර          වැටිලාමද
එදා තිබුන නී හඩ නැ බස් රථයක්                දුහලාමද
ටික දිනකින් නුඹ නාවේ මේ වෙන දේ      දැනිලාමද

මගහැරගිය මේ පාරෙම බස් රථයට        නැගෙනාවිට
දරාගන්න බැරි වෙනකොට හිත වරදින්  පෙලෙනාවිට
කවුළු දොරෙන් අනන්තයේ ඇත ඉමක්   සොයනාවිට
පෙරට වඩා හිත රිදෙන්නෙ ඔබ මා මග       හරිනාවිට


2014-10-24

වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug



මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක් එක්ක ඔලුවේ ඒ පැත්ත රිදෙනව , එක්කො කන පිටි පස්සේ රිදෙනව , නැත්තං ඉස්මුදුන රිදෙනව ඉන්ඩ බැ , එක්කො නලල පැලෙන්ඩ එනව , එක්කෝ බෙල්ල පටන් ගන්න හරියෙන් ඔලුව රිදෙනව , සමහරක් වෙලාවට ඔලුව කෙලින් තියාගන ඉන්ඩ බැ පුදුම බරගතියක් දැනෙන්නේ , එහෙමත් නැත්තං එකපාරටම ඔලුව දිගේ කරන්ට් එකක් දුහනව වාගේ එහෙම වෙනකොටනං ඉන්ඩම බැ එකතැන ගල්ටික් වෙනව , එක්කො කන්දෙක ඇහෙන්නේ නැ අගුල් වැටිල.

                                               

 කොච්චර කාලයක්නං මං මේ ලෙඩෙන් බැට කනවද , සිංහල වෙද මහත්තුරුන්ගෙන් බෙහෙත් ගත්තහම හොදට අප්පච්චියේ , ලෙඩෙන් බැටකනවට වඩා අමාරුයි , කියන වතාවත් කොරන්ඩ ගියහම රස්සාවක් කොරගන්ඩ බැරි විදිහටම හිර වෙනව , ලෙඩේ නිට්ටාවටම සුව වෙනව කියල තමයි කියන්නේ ඒ උනාට එතකං සතියක් දෙකක් රස්සාව කරගන්ඩත් බැ , ඊට හපන් බෙහෙත් හැදිල්ල ,  එතනින් ගියහම බෙහෙත් සරීරගත කිරිල්ල , ඔක්කොමත් හරි වෙද මහත්තය කියනවිදිහට පේවෙලා ඉන්න එකනේ කොරන්ඩම බැරි වැඩේ.





අනේ ඉතින් හැමදාම වගේ පිහිටට එන්නේ අපි හතරදෙනාගෙම ගැලවුම්කාරි තමා , කෙල්ලො දෙන්නා කියන විදිහට දයානි ඩොක්ට ආන්ටී , උන්දැ ඇත්තටම දක්ෂයි , තාම කෙල්ල උනාට මොකද ලෙඩ්ඩු එක්ක වැඩකරද්දි බය නැ , තමන් දන්න සාත්තරේට අනුව සැර බෙහෙතක් , අළුත් බෙහෙතක් හේතක් ලියල දෙන්ඩ , අවධානමක් උනත් කිරල මැනල බලල හොදම තීරණය ගන්ඩ , ලෙඩාට හොදට ඇහුන්කං දෙන්ඩ , සැකයක් දැනුන දෙයක් , මොකක් හරි පුංචීම දෙයක් හරි වෙනවද කියල දැනුනොත් ඒක හාර හාරා අහන්ඩ කාලය වැය කරන්ඩ පැකිලෙන්නේ නැ කොහොමටවත් . කොටින්ම ලේ එකක්වත් බලවන්නේ නැ බොරුවට.

‘‘ ඩොක්ට අපි දරුවගේ ලේ එකක් බලමුද ‘‘

‘‘ බොරුවට කලබල වෙන්ඩ එපා මෙයා මේ ෆිට් එකේ ඉන්නේ ... උණ අඩු උනේ නැත්තං හෙට හවසට බලමු , මම ලියල දෙන්නං එහෙම උනොත් විතරක් දෙකට තුනට විතර ගිහින් ලේ එකක් දිලා රිපෝට් එකත් අරගන හවසට එන්ඩ ...............ආ එක්කො එපා .................අනිද්දා උදේටම එන්ඩ , ඒ අතරේ වෙනසක් තියනවනං මට කොල් එකක් දෙන්ඩ ..හැබැයි හවස තුන විතර වෙනකං මම තියටර් එකේ ෆෝන් එක වැඩ කරන එකක් නැ ....දිගටම කෝල් කරන්ඩ මම දකිනේ , අක්කයි නංගියි ටැප් එක ලගට ගිහින් නානවට බැදල ගේ ඇතුලේ දාල තියාගන්ඩ‘‘



එහෙම කියන උන්දැ සමරක් දවසට

‘‘ හම් ...දැන් අටයි නේ දැම්මම යන්ඩ  &5&න්ස් එකට බ්ලඩ් රිපොට් එක අරගන එන්ඩ , ගේට් එක වහල තිබුනොත් කීයට හරි කමක් නැ මට කෝල් එකක් දෙන්න , හොස්පිට්ල් ඇඩ්මිට් නොකර ගෙදර තියාගන්න තරමට හොදයි  ‘‘

අටමිට මොකකට හරි බෙහෙත් ගන්ඩ ගියහම

‘‘ දෙවේලක් බොනකොට අඩු උනහම පැත්තකට දාල හරියන්නැ හරිද , ඔයා වැඩට යනකොට මෙයාගේ අතට බෙහෙත් ටික දීලා යන්ඩ ‘‘

අටම ගියහම

‘‘ රෑට නෑමයි , දූවිල්ලෙන් පරිස්සං නොවීමයි , ස්මොක් කිරිල්ලයි අනිත් වැඩෙයි එක්ක බෙහෙත් ගත්තට හොද වෙයිද , එව්වා කියල වැඩක් නැ ඉතින් , ම්ම්ම්...මොනවද මම දෙන්නේ ....ගියපාර මම දුන්නේ ................හරි මේටික අරගන බලන්නකෝ ...........කෑම නොකානං බෙහෙත් ගන්න එපා ‘‘

‘‘ ඩොක්ට මේ ඒඒ.....‘‘

‘‘ හරි හරි එපා කියුවට අහන එකක්ද , මෙතන ඔලුව වනල ගිහින් .......ආයේ තව එකක් , ඔය බෙහෙත් වලට එහෙම ...කමක් නැ, හැබැයි ඔය වැඩේ කොහොමටවත් හරියි කියන් නැ ...අනිප්පාර කියයි මමත් කමක් නැ කියුව කියල  , නිදි මරන්ඩත් එපා අඩු තරමේ පැය හතරක් පහක්වත්  නිදාවත් ගන්ඩ ‘‘

ඒ වාගෙම තමයි සැකමුසු තැනක් තිබුනොත් කොල් දෙකතුනක් එයාගේ සර්ලට , බෙහෙත් කලවන් කරන අයට , විකුණන කොම්පැනියේ අයට , පාමසියටත් අරගන තමයි ඔන්න අපිට බීපිය කියන්නේ , ඔන්න ඔහොමයි ඒ නෝනා , අපරාදේ කියන්ඩ බැ අපේ ගමේ ඉන්න හමේ රෝග ලොකු දොස්තර මහත්ය ඇරුනහම මට හම්බෙච්ච හොදම දොස්තර , එයාගේ සර් වෙච්ච ලොකු දොස්තර මහත්තයත් එයාට ඇඹරෙන ලයින් එකක් තියෙන්නේ.

කොටින්ම මට අවුරුදු පහලවක්  විතර තිබුනා සෙම්ගෙඩි අමාරුව , උගුර කන නාසය පට්ට වැඩ්ඩොත් බෙහෙත් දීලා අන්තිමට කියුවේ කපල අයින් කරමු කියල , කොහොම කරන්ඩද දෙයියනේ මම දන්න ලස්සන කෙල්ලෙක් ඉන්නව ( කෙල්ල කියුවට මට වැඩිය අවුරුදු පහක් වැඩිමාල් දැන් හතලිහක් ) සෙම්ගෙඩි කපල අන්තිමට කතා කරගන්ඩ බැරුව , මිනිහෙක් එක්ක යන්ඩත් නැ , ..............ඇයි යකෝ මාත් ඕක කපල මල පැන්න වෙලාවට ජාතිය අමතන්ඩත් නැතුව ..බැක් ..බුක් ගගා ඉදල මොකටද , ඊට හොදා බත් ගිලගන්ඩ බැරුව සෙම්ගෙඩි අමාරුවෙන් හාමතේ මැරෙන එක ,

ඔය මතයේ ඉදන් මං විදව විදව ඉන්න කොට ඒ කාලේ අපේ වෙන්ඩ රත්තරං ගැනී ( රත්තරං තමයි යකෝ ...ඔයේස් )  තමයි මාව අපේ හොද දොස්තර නෝනා ගාවට දැක්කුවේ, උන්දැ ඉතින් රෝග නිධානෙ ( නිධානයක් තමයි බොලව් මං කලින් බෙහෙත් ගත්ත දොස්තරලට ) එහෙම අහල පොඩ්ඩක්  කම්පනා පාරක් එහෙම ඇරල , බෙල්ල අල්ලල හුජ්ජ යන සයිස් එකට මිරිකල කිඹුලගේ වගේ කට ඇරල බලල ඇතුලට එබිල බලල එහෙම බෙහෙත් තුන්ඩුවක් ලියල දීල කියුවා

‘‘ මේ  බෙහෙත් ටික ඔක්කොම ඇරගන බොන්ඩ වියදමනං ටිකක් වැඩිපුර යයි , එක දිගට සති දෙකක් බීල සතියක් නවත්තල ඉදල ඊලග සති දෙකත් බොන්ඩ , වේල් දෙකක් තුනක් ගන්නකොට හොදවෙයි හැබැයි බෙහෙත් ගන්න එකනං නවත්තන්ඩ එපා , උගුර හෝදන බෙහෙතක් තියනව ඒකෙන් උගුර හෝදන්ඩ , බෙහෙත් ගන්නකොට ඔය මම ලියපු එකම ගන්ඩ වෙන බ්රැන්ඩ් නං ගන්ඩ එපා‘‘

බෙහෙත් ගන්ඩ ගියහම පාමසියේ බුවා අහනව

‘‘ මචං කාටද බං නිව්මෝනියාව ‘‘

කියල , ඇස්වහක් කටවහක් නැ එදායින්  එදා ඒ ලෙඩේ හොදයි , මගේ මේ ලෙඩෙත් හොදට උත්සන්න උනහම මම යනව ඒ ඇත්ති හම්බෙන්ඩ ,

‘‘ බෙහෙත් බියුවට වැඩක් ඇතැ පරිස්සං වෙනව යැ , තියන තරං ජාති දීල දීල මම දැන් මොනවද දෙන්නේ , මෙහෙම ගියොත් වෙන අසනීපයක් හැදුනහම දෙන්ඩ දෙයක් නැති වෙනව , බට දාල සෙම සුද්ධ කරන එක තමයි දැන් කරන්ඩ වෙන්නේ ‘‘

‘‘ එහෙම කරහමවත් මේක ඉවරයක් වෙයිද ‘‘

‘‘ එහෙම කියන්ඩ බැ සමහරක් විට ආයෙත් හැදෙයි ‘‘

මාස දෙක තුනකට සැරයක් ඉතින් ඔය සින්දුවම තමයි , බෙහෙත් බොනව වතුර රත්කරල දුං අල්ලනව . ආයේ ටික දවසකින් බඩු පැකට් වෙනව , එක්කො ඔලුව කැක්කුම හොදවෙලා බහිනව සෙම පපුවට , උදේට කිබුහුං සීයයි , හවසට හැටයි , දවල් තිස්සෙත් තව තිහ හතලිහයක් , හොටු ගංගාවයි , එක්කෝ බලු හති , ඔලුව කැක්කුම හොදයි යකුනේ

පස්සේ මං තීරනේ කොලා මේකට මම තනියම මුන දෙනව මගේ ප්‍රතිශක්තියක් එක්ක එකතුවෙලා කියල , සියලු පරිස්සං නවත්තල මහ රැටත් නාන්ඩ පටන් ගත්තා , ඔලුව කැක්කුම හැදෙන්නේ කීයටද මම නානව , සෙම බුරුල් වෙනකොට හැනපියර් ගහනව , සෙම කරවෙනකොට ස්ටෝන්ග් ගහනව , ඔලුව කැක්කුම ආවොත් වතුර රත් කරල වාස්ප ටිකක් අල්ලල ටිකක් වෙලා ඉදල නාල බුදියනව ,  හොටු ආවොත් ඕන සබාවක බර බර ගාල හුරනව , කිඹුහුන් ආවොත් තද නොකර ගමටම ඇහෙන්ඩ අරිනව එතකොට පණහක් හැටක් යන එක දහයෙන් පහලවෙන් ෂේප් , කොහොමද සිම්පල් ප්ලැන් එක ඒළනේ ,

දවසක් අපේ ගෙදට ආව ගමේ ඇන්ටි කෙනෙක් ගිරාමසේවක මහත්තය නැති වෙලාවට වසමේ වැඩ බලන්නේ උන්දැ තමයි . ආයේ ඉතින් ගිරාමයට වැඩිය දන්නව ගම ගැන , ඔය මොකෙක්හරි කාව හරි හොයාගන ආපුවහම ඒකව මම අරින්නේ ඒ ඇන්ටිලැ ගෙදරට , හොයන එකා පෙරේරා උනත් සිල්ව උනත් සමරසේකර උනත් , ගමගේ උනත් ආයේ ඒකේ වෙනසක් නැ , ආරියවංස මහත්තයගේ ලොකු දුවගේ මහත්තයගේ දඹුල්ලේ ඉන්න නංගිගේ දෙවනි කෙල්ල හම්බුනේ සිසර් කරලද නෝමල්ද කියලත් උන්දැ සහසුද්දෙන්ම දන්නව . හැබැයි අපරාදෙ කියන්ඩ බෑ එහෙම නොදන්න තොරතුරක් තිබුනොත් බොහොම නිහතමානීව

‘‘ ඔච්චර ඔය ගෙදරට යනව එනව මම දන්නේ නැනේ ඔය කෙලියක් , ඉදින්කෝ අක්කේ මම තක්කෙටම විස්තරේ හොයල බලල කියන්නං ‘‘

කියල  අපේ නැන්දම්මත් එක්ක කියනව මම අහල තියනව , උන්දැ ගැන කියන්ඩ වෙන කාරනා ඕනෙම නැ , පන්සලේ ඉන්න සුදුපාට බැල්ලි වදාපු පැටවු තුන්දෙනාගෙන් කලු පාට පැටව් දෙන්න ගෙයි ගෙදර බල්ලගෙද . දුඹුරු පාට බැල්ලි පැටියගේ තාත්ත කවුද , ඒ බැල්ලි සෝමක්කලා ගෙදර ගෙනිච්චට පස්සේ දාපු පැටව් හත් දෙනාගේ තාත්ත කවුද කියලත් කියන්ඩ එයා දන්නව , අම්මප මමනං කියන්නේ වෙන ගමකිං අපේ ගමට ආපු ගමේ සීමාවක් වත් හරියට නොදන්න ගිරාමයව පන්නල ඇන්ටිව ඉන්දන්ඩ ඕන ඒ පුටුවේ.

ඉතින් ඒ ඇන්ටි එනකොට මම ඔලුවේ ඉදන් රෙද්දක් පොරවගන වතුර උනුකරන ජොග්ගුව ප්ලග් එකට ගහගන දුං අල්ලනව

‘‘ මොකද ළමයෝ මේ ‘‘

‘‘ එයාට හොදටම සෙම ඇන්ටි , බෙහෙත් ගත්තට අඩු වෙන්නෙත් නැ , ඔය දුං ටිකක් අල්ලපුවහම ටිකක් ෂේප් ‘‘

‘‘ කෝ බලන්ඩ ටිකක් රෙද්ද උස්සන්ඩ ‘‘

කියාගන මගේ ලගට ආපු හන්දා දාඩිය හලාගන මම රෙද්ද අස්සෙන් බෙල්ල එලියට දැම්මා ඉබ්බා වගේ , මගේ නලල අල්ලල මිරිකල බලල තට්ටුවකුත් දාල

‘‘ හොදටම සෙම නෙවෙන්නං , තට්ටු කරනකොටත් රිදෙනවනේද පුතේ ‘‘

‘‘ ඔවි ඇන්ටි ඔලුව දෙතුන් පාරක් වැනුවත් ඇති හරියට නිකං කිරි කිරි බෝලේ කරා වගේ ‘‘

‘‘ අර මහ ඉස්පිරිතාලේ වැඩ කරන පේමක්කව දන්නව නේද , එයාගේ ලොකු පුතා ඉන්නේ ..............ඇයි අර ඩයිනිච් එකේ වැඩ කරන්නේ ඒ කොලුවත් ඔහොම සෙම තියාගන ගණන් ගන්නේ නැතුව ඉදල , වැඩ පලේදි කලන්තෙ දාල වැටිල , ඉස්පිරිතාලේ අරගන ගියහම බට දාල සෙම අයින් කරල තියෙන්නේ ........පස්සේ මං කියුවා කුප්පමේනිය කොල ටිකක් දාල දුං ඇල්ලුවනං අහවරයිනේ කියල ............දැන් කොල්ලට හොදයි , මං කියුවා වාගේ සතියට දෙතුන් පාරක් දුං අල්ලනවලු , ඕක දිවිය අවුසදයක් බළල්ලු මොන ලෙඩේටත් කන්නේ කුප්පමේනියනේ ‘‘

අනේ ඉතින් අපේ උන්දැත් එලියට දුහල ගිහින් කුප්පමේනිය ගස් දෙකක් ගලවගන ඇවිත් මං එපා කියද්දිම එබුවා කියන්ඩකෝ ජග් එක අස්සට , බොරුවක් නෙමෙයි පලවෙනි පාරම මට තේරුනා වෙනස , වෙනදට නිකං දුං ඇල්ලුවට වඩා ලොකු වෙනසක් තියනව , සෙම කඩල එනව සොර බොර වැව කැඩුවා වාගේ , කුප්පමේනිය කොල දුම ඇල්ලිල්ලෙන් ඇත්තටම මට දැන් ලොකු සහනයක් තියනව . දෙයියනේ කියල ඔලුව උස්සගන හිටියහැකි , කරපු උදව්වට කුතගුණ සැලකිල්ලක් විදිහට දැන් මම අර ඇන්ටිට අනං මනං කියන්නේ නැ , එයා එහෙම ගම වටේ ඇවිද්දේ නැත්තං මං සදාකාලික සෙම ලෙඩෙක්.

                                                                       කුප්පමේනිය


පස්සේ හොයල බලනකොට මෙන්න මේවත් හොදටම හොදයි සෙම් රෝගීන්ට දුං අල්ලන්ඩ, මං කරල බැලුවා ඒ කොල වර්ගත් හොදයි ,යකිනාරං කොල නං හොදටම හොදයි මයේ හිතේ,  අනිත්වට වඩා කුප්පමේනිය සපයාගන්ඩ පහසුයි , දවසක් මම දැක්කා පිටකොටුවේ පේමන්ට් එකක කොන්කිරිට් ලෑලි දෙකක් අතරෙත් හැදිල තියනව.


                                                                              පාවට්ටා

                                                                            යකිනාරං

                         
නිකකොල

හැබැයි දර ටිකට , ගැස් ටිකට . කරන්ට් එකට ලෝබ කමේ නං මේ කෙලිය කරන්ඩ බැ , මුට්ටියක් තබ්බල ගත්තට වැඩක් නැ බොහොම ටික වෙලාවයි හරියට වාෂ්ප එන්නේ මම ඕකට හොද ක්‍රමයක් හොයාගත්තා.


                                    ඉස්සුවා අටමිගේ වතුර උනුකොරන ජොග්ගුව

ඉස්සෙල්ලම ගැලෙව්වා මූඩිය එතකොට හොදට පැතිරිලා එනව දුම , අනික පියන තියනකොට ඒ අස්සෙන් එන දුම හරි සැරයි පීඩනේ වැඩි හන්දා රෙද්ද ඇතුලට වෙලා මුහුණ අල්ලන එක අමාරුයි , ඊලගට ඔටෝ ඕෆ් වෙන ස්විච් එකට දුන්නා වැඩේ , නැත්තං වතුර රත් වෙද්දි ඒක ඕෆ් වෙලා වැඩේ හබක් වෙනව.

ඔන්න එහෙනං සෙම තියන තියන කට්ටිය කොරල බලන්ඩ වැඩේ , ආ ..තව එකක් බියුටිය කචල් කරන්ඩත් මේක හොදයි , පේනවනේද අටමගේ මුහුන කුරුලැ නැ කලුලප නැ , පරම පිවිතුරු නව යොවුන් තරුණය වගේ ඉන්නේ ( මොනවද බඩ ....ඔව් තඩි බඩක් තියනව තමයි යකෝ , ....පිරිමියෙක් උනහම බඩත් පොඩ්ඩක් තියෙන්ඩ ඕන දන්නැත්ං අහල බලහල්ලා කසාද බැන්ද නෝනෙක්ගෙන්.

2014-10-07

හරක්මස්



‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘

‘‘ මොන ජයසිංහද ‘‘

‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘

‘‘ අප්පට සිරි මල්ලියා කියහං ..මොකද බං මේ වෙලාවේ ‘‘

‘‘ සර් මං මේ ගමනක් ගිහින් යාලුවෙක් එක්ක එනගමන් රැ උනා කෙටිපාර හන්දා තේක්ක කැලේ මැද්දෙන් පැනගන්ඩ ආවේ , කැලේ අස්සේ සද්දයක් ආවට බැලුවහම වැන් එකකට හරක්  පටවනව ‘‘

‘‘ වැන් එකකට ‘‘

‘‘ ඔව් සර් හයිරූප් එකක් වැඩිය කතා කරකර ඉන්ඩ බැ ...........‘‘

‘‘ බලහං නොම්බරේ ‘‘

‘‘ නොම්මර බලන්ඩ ලං වෙන්ඩ බැ සර් ...අපිව මාට්ටු වෙයි .......එතන කට්ටි තුන්දෙනෙක් ඉන්නව ...ලොකු උන් දෙන්නෙක් පැටෙව්වා , තව පැටියයි මහ එකයි ඉන්නව ....... සර්ල ඉක්මනට බටපැලැස්ස හන්දිය පහු කරල ඇල්ලේවෙල පාරේ ආවොත් උන්ට වෙන යන්ඩ පාරක් නැ , මුනටම මාට්ටු වෙනව ‘‘

‘‘ මං මේ තේ එකක් බොන්ඩ නයිට් කඩේට ඇවිත් ඉන්නේ අපි ටක් ගාල එන්නං , උඹල ඔහොම හිටහල්ලා ‘‘

‘‘ අපිට සීන් එකට පේස් කරන්ඩ බැ සර් ගමේ එකෙක් ඉන්නව , අනික සර්ල එනකොට උන් මෙතනින් අනිවා පිටවෙනවා , අපි යන්නං සර්ල එන්න ‘‘

‘‘ හරි හරි එහෙනං පලයං ..., ෆෝන් ඒක ඕප් කරන්නේ නැතුව තියාගනින්‘‘

‘‘ හරි සර් එහෙනං ජයවේවා ‘‘

‘‘ එයි කොල්ලෝ ............ඉක්මනට සිකරට් දහය අරගන ඇවිත් මේ විදුරු ටික අරන් පලයං ‘‘

‘‘ හරි සර් මේ එනව ‘‘

‘‘ යකෝ උඹ තාම කනවද .... ඔය  %ත්ත  ඉක්මනට කාල මේ @යිය ඉස්ටාට් කරල ගනිං ‘‘

ඉතිරිව තිබු බිත්තර රොටී කෑලි කිහිපය හනිකට කටට ඔබාගත් පොලිස් රියැදුරා දෙකකුල් මැදින් තබාගන හුන් ප්ලේන්ටියෙන් උගුරු දෙකක් ගිලදමා වේටර් කොලුවාට පිගාන සහ ප්ලේන්ටිය දී ජිප් රථය පනගන්වා ගත්තේය

‘‘ යමන් ඉක්මනට ඇල්ලේවෙල පාරට ‘‘


‘‘ සර් අපි හතරදෙනයිනේ ‘‘

‘‘ මොන  %කටද  තොපි දෙන්නා වේපන් එකක් අරගන ආවේ ‘‘


කිසිත් නොකියා කරබාගත් පසුපස උන් පොලිස් නිලදාරියා දෙස බැලු අනික් නිලධාරියා හිස නමමින් කම්මුල උරහිසට ගෑවුවේය

‘‘ ජයසිංහයගේ මල්ලි කතා කරේ , හරක් පටවපු වැන් එකක් එනවලු , උන් තුන්දෙනයි ඉන්නේ , බටපැලැස්ස පාලම පන්නල කැලේ තියන තැනක අතුරුපාරක ඉදන් ජිප් එක දාල උඹ පාර හරස් කරපන් , මම ඩ්‍රයිවර්ව ගන්නං , උඹල දෙන්නා අනිත් උන්ට දුහන්ඩ දෙන්ඩ එපා ‘‘

‘‘ හරි සර් ‘‘

‘‘ හරි කියල බුල ගැහුවොත්  බිජ්ජෙන් හිටොල තියනව දැනගනින් ‘‘

‘‘ හරි සර් ‘‘

‘‘ මොනවද   %ත්තෝ හරි කියන්නේ ‘‘

වංගුවක් සමග ඇති අතුරු පාරකට රිවස්කල ජිප් රථයේ විදුලි පහන් නිවා දැමු රියැදුරා ඕනැම මොහොතක රථය ප්‍රධාන පාරට  ධාවනය කිරිමට සූදානම්ව සිටින අතර අනිත් කොස්තාපල්වරු දෙදෙනා ඇමතු   අයි .පී  ධර්මදාස

‘‘ වංගුව හින්දා උන් ස්ලෝ කරල එන්නේ , මේ වෙලාවට ඔය පාරේ යන්ඩ වෙන වාහන නැ , පාර බ්ලොක් වෙච්ච ගමන් උඹල දකුණු පැත්තේ ඉදන් පාරට පැනල දොරවල් අරින්ඩ නොදී අරුන් දෙන්ව ගනිල්ලා , මම ඩ්‍රයිවර්ව ගන්නං ‘‘

යැයි කියමින් බහාලුමෙන් රිවොල්වරය ගෙන ගසකට මුවාවි  සැගවෙන අතර පිටු පසින් බැසගත් අනිත් දෙදෙනා පාරේ වම්පස බඩවැටියේ සැගව මිනිත්තු කිහිපයක් බලාසිටියේය.

විනාඩි කිහිපයකින් කැලැව අතරින් වැටුන විදුලි පහන් එලිය වංගුවෙන්  පෙනෙනවාත් සමග පොලිස් රියැදුරා ජිප් රථය පාරට දැමුවේය. තිරිංග තදකරනවා ඇරෙන්ට අන්යමක් නොවු වැන් රථයේ රියැදුරා ‘‘ කරාස් ‘‘ හඩින් රිය නවතනවාත් සමගම දිව ආ  අයි .පී  ධර්මදාස

‘‘ ඔලුව කුඩුවෙන්ඩ තියනව බැහැපිය #සිගේ පුතා බිමට ‘‘

රියැදුරා බිමට බහිනා අතර අනිත් පසින් පැමිනි කොස්තාපල්වරයා ඉදිරිපස හිදගෙන උන් එකාට තුවක්කු බදෙන් ඇන්නේය

‘‘ *රියට වෙනම කියන්ඩ ඕනද වැන් එක කිහිල්ලේ ගහගන ඉන්නේ බැහැපිය තොත් කෝ තොපේ අනිකා ‘‘

‘‘ මේ ඉන්නේ හරක් අස්සේ ඉදගන ..............බැහැපං බැහැපං .....දුහන්නැ ...ඇ ...තියනව ඔලුව කුඩු වෙන්ඩ ‘‘

‘‘ ආ ..ආ....අත අඹරන්ඩ ..එපා සර් මම එන්නං ‘‘

‘‘ මම ජිප් එක ගන්නං උඹ නැගපං වැන් එකට ‘‘

ජිප් රථයේ පසු පස දොර අරිනා පොලිස් රියැදුරාට පැවසු අයි .පී  ධර්මදාස අල්ලාගන උන් එකා රියතුලට තල්ලු කරමින් පා පහරක් දුන්නේය , අනෙක් දෙදෙනාද රියතුලට තල්ලු කල පොලිස් නලදරුවන් දෙදනා ජිප් රථයට නැග දොරවසාගනිමින් බිම හුන් තිදෙනාට දිගින් දිගටම පා පහර දෙන්නට විය.

‘‘ ගහන්ඩ එපා....සර් ...වාහනේ දීලා අපිව අරින්ඩ ‘‘

‘‘ අරිනවා තොගේ &කේ ‘‘

රිවොල්වරය බහාලුමට නොදමා ඉනේ ඉදිරිපස ගසාගනිමින් රියැදුර අසුන නැගුන පොලිස් පරික්ෂකවරයා කෑගැසුවේය.

‘‘ සත්තු ටික  මඩුවට යන්ඩ පරක්කු උනහම  එන   එක කෝල් එකෙන් අපිව අරින්ඩ වෙනව සර් .....නිකං ලෙඩ දාගන්ඩ එපා වාහනේ දීල අපිව අරින්ඩ ‘‘

‘‘ බලාගන ඉන්නේ ඇනපන්කෝ ඕකගේ කටට ‘‘

‘‘ ගහන්ඩ එපා ස...ර්......ආ....අම්මෝ.....සර්ලගේ හොදටයි කියන්නේ  ‘‘

‘‘ කට පියාගන හිටපියව් ..එකෙක් කතා කරන්නැ .... @රියෝ තුන්දෙනා‘‘

මද දුරක් රථය පදවාගන ආ අයි .පී  ධර්මදාස වැන් රථය පසුපසින් එනවාදැයි බලමින්

‘‘ කාගෙද &ත්තෝ වාහනේ, කාටද තොපි වැඩකරන්නේ ‘‘

‘‘ ඒක කියන්ඩ බැ සර් ‘‘

‘‘ යමන්කෝ බැරි ඒවා මං ගියහම අහගන්නං ‘‘

‘‘ කාලකණ්නි හැත්ත තොපේ ලග තියන හරක් ගද ‘‘

‘‘......ආ ආ ......ඒපා.......ඊඊඊඊඊඊ කැඩිච්ච කකුල සර් අනේ පාගන්ඩ එපාපාාාා ‘‘

‘‘ කොතනද තොගේ කැඩුනේ මෙතනද  .....කියපිය කාටද තොපි හරක්පටවන්නේ ‘‘

දණහිසට පහලින් කකුල අල්ලාගන කැගසන කලු කෙසග තරුණයා අතින් අල්ලාගන උන් තැනටම පා පහර දුන් කොස්තාපල් කොන්ඩයෙන් අල්ලා හිස තමන් දෙසට කරකවා ගත්තේය.

‘‘ දන්නැ සර් ගහන්ඩ එපා ‘‘

‘‘ දන්නැ තොපේ අම්මට &කුවේ කවුද කියල දන්නවද &කයා ‘‘

වේගයෙන් පැමින පොලිසිය මිදුලේ  නතරකල ජිප් රථයෙන් බැසගත්  අයි .පී  ධර්මදාස

‘‘ හරක් ටික බාල ගැට ගහපල්ලා ‘‘

යැයි කියමින් දුම්වැටියක් දල්වාගන බලා සිටියේය , වෑන් රථයේ පිටුපස දොර හැරි  සොරුන් තිදෙනා පලමුව වැඩි ආයාසයක් නොමැතිව හරක් පැටවාව බිමට ගෙන , ගෙල රැදි කඹයෙන් අදිමින් මහ වැස්සිය බිමට ගන්නට නොහැකිවු බැවින් වැන් රථයේ තිබු රීප්ප කැබැල්ලක් ගෙන අනිත් පසින් පැමින පැති දොර ඇර පිටට පහර දුන්නේය .

‘‘ ගහන්ඩ එපා යකෝ ඔය සතාට ‘‘

‘‘ එහෙම නැතුව මූන්ව බස්සන්ඩ බැ සර් ‘‘

යැයි කියු කෙසග කොලුවා වැස්සියගේ වල්ගය අල්ලා අඹරමින් නැමුවේය , වේදනාවෙන් කෑගැසු වැස්සිය ක්ෂණයකින් බිමට පැන්නේය .

‘‘තෝ මිරිකුව නේද නැට්ට , බැහැපිය &කයා බිමට ‘‘

යැයි කියු කොස්තාපල් ඇද උන් කමිසයෙන් ඇද කොල්ලා බිමට ගෙන ඌ අත රැදි රීප්පය උදුරාගෙන තඩිබෑවේය

‘‘ සර් ..සර්ට ඕ අයි සී මහත්තය කෝල් කරනව ‘‘

යැයි තමන් ආමන්ත්‍රනය පොලිස් නිළදාරිනිය පිටු පසින් පොලිසිය තුලට ගිය අයි .පී  ධර්මදාස මේසය මතින් තබා තිබෙන රිසිවරය අතට ගත්තේය

‘‘ ධර්මදාස ස්පීකින් ..සර් ‘‘

‘‘ තෝ හදන්නේ මාවත් අරගන කන්කසන්තුරේ යන්ඩ යකෝ , හරක් ටිකයි වාහනෙයි දීලා අරුන්ට යන්ඩ ඇරපං ‘‘

2014-10-02

රාහු ගිල්ල ආදරේ

'' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද ''

'' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා ''

'' පුදුම නින්දක්නේ මේක , ගෙදර හිටියොත් බුදි , තමුසෙ කොල්ලෙක් නේද ....ගේ අස්සට රිංගගන ඉන්නේ නැතුව ටිකක් එලියට පහලියට බැහැල ඇවිදිනවකෝ ''

'' මං කොහේ යන්ඩද ..............වදදෙන්නේ නැතුව ගිහින් එක්ක එනව ''

'' මොනවද මල්ලි එහෙම උදව්ක්වත් කරනවකෝ ................ඔය කම්මැලිකම හන්ද තමයි තමුසෙට තව කෙල්ලෙක්වත් යාලු කරගන්ඩ බැරි උනේ ''

'' අම්මෝ මේ ...ඔන්න අදත් පටන්ගන්ඩයි යන්නේ .......ගෑනු නං එපා ''

'' මේ අර බොරලැස්ගමුවේ ළමයගේ ගෙදරින් කතා කරා කියල අම්මා කියුවා ..........ඒ ළමයත් තමුසෙ වගේ බලන හැම එකටම බැ කියකිය ඉදලා එදා අපි ගිය දවසේ රෑම කැමතියි කියුවලු , නිකං බොරුවට මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා මඩවන්නේ නැතුව මේකටවත් කැමති වෙලා පිලිවලක් වෙනවා''

එතෙක් වේලා මුනින්  අතට කොට්ටයට මුහුන හංගාගන නිදා උන් සිදත් , ඇද කොනේ හිදගන තමන්ගේ දකුනු කකුලේ ගනව වැඩුනු රෝම කූපයන් සියුම් වේදනාවක් නැගෙන ලෙස අදිමින් උන් සොහොයුරියගෙන් පය මුදවාගන ඇද විට්ටම මතට කොට්ටය විසිකර ඒ කොට්ටයට පිට තද කරමින්

'' අනේ මේ ..ලොකු ..අක්කේ මට වද නොදි ඉන්නව ''

'' නිකං පලක් නැති විකාර වැඩ කරන්ඩ එපා මල්ලි .................තමුසේ බදින්නේ නැත්තං ඒක කෙලින්ම කියල ..අපිව රස්තියාදු නොකර නිකං ඉන්නව .............අර අම්මටයි තාත්තටයිත් වද දිදි රට ව‍ටේ ගෙවල් ගානේ ඇවිද ඇවිද කකා බිබි , මොනවද මේ කරන්නෙ ''



'' ඔය හැම එකකටම මම යන්ඩ බෑ කියද්දි කවුද මාව ඇදගන ගියේ ............ගෙදර ඉන්දැද්දි චුටි අක්කා හැමතැනම දැක්කුවා , මෙහෙට ආපුවහම ඔයා ''

'' හරි දැන් එතකොට කවදාවත් තමුසේ බදින්නේ නැද්ද ''

'' මං කවදහරි එහෙම කියුවද ''

'' එහෙනං මොකද අර කෙල්ලගේ තියන වරද , ගැජුවට් කෙනෙක් , පවුලේ එකම කෙල්ල , ජොබ් එකත් නරක නැ , මටනං හොදට හිතට ඇල්ලුවා ..ශෝෂල් කැරැක්ටර් එකක් ''

'' අප්පෝ හරියන්නැ ''

'' ටිකක් කලු උනාට බලනවකෝ මූනේ සිරියාව , ............අර එලියට වෙලා කතා කරනකොට මොනවද මල්ලි කියුවේ ''

'' එයාව බලන්ඩ ආපු නමවෙනි කොල්ල මං කියුවා ''

'' අන්න බලනව ඒ ළමයගේ හොද කමට එහෙම කියුවා .............ඉතින් ඔයා මොකද කියුවේ ''

'' මං බලන්ඩ ගිය ගාන මතක නැ කියුවා ''

'' අනේ උඹ වාගේ මැට්ටෙක් ...........ඉතින් මොකද එතකොට කියුවේ ''

'' අතින් කට වහගන හිනා උනා ''

'' උඹ හොදයි අපිටම ලැජ්ජා කරන්ඩ ........ඉතින් වෙන මොනවද කියුවේ ''

'' මං බොනවද ඇහුවා .............සිකරට් ගද ඉවසන්ඩ බැ කියුවා එහෙම කෙනෙක් නං බදින්නේ නැ කියුවා ''

'' ඔයා බොනව කියල කියුවේ නැ නේද මල්ලි ''

'' කොහෙද ඕයි මං බොන්නේ ''

'' අනේ මේ නිකං ඉන්නව .............කාර් එක පෙරලගත්තේ පන්සල් ගිහින් එනකොට වෙන්ඩ ඇති ...., අර කරපිංච ගහයට තියෙන්නේ අල්ලපු ගෙදර පෙරේරා අංකල් බීපු සිකරට් කොට වෙන්ඩ ඇති ''

'' කවුද දන්නේ ඇන්ටිට හොරෙන් ලිං බැම්මට මුවාවෙලා සිකරට් බීලා අංකලය මෙහාට විසිකරනව ඇති ''

'' අනේ මේ......................හරි එහෙනං කියනව බලන්ඩ ඒ ළමයගේ තියන අඩු පාඩුව මොකක්ද ''

'' මහ මෝරච්ච පාටයිනේ ලොකු අක්කේ ''

'' තමුසෙට දැන් තිස් හතරක් හරියට බැලුවොත් කසාද බදින වයසත් පැනල , ඒ කෙල්ලට තාම විසි නමයයි  , ආයේ හිතන්ඩ එපා ඔහොම ෆොපොසල් එකක් එයි කියල .............හැරමිටියක් ගන්ඩ ඕන කාලේ ...හාපැටව් වාගේ කෙල්ලෝ හොයනව , ශාන්තත් කියුවා මැයිවල ආපුවහම වෙඩින් එක ගන්ඩ කතා කරගන්ඩ කියල  ''

'' එහෙනං මැයි වල ඇවිත් ශාන්ත අයියට ඒක කරගන්ඩ කියනව , තමුසෙත් කැමති එකේ ශාන්ත අයියට ඒක කරල දෙනව .....අම්මෝ මෙන්න වැන්දා .. දැන් වත් යනවද ''

'' උඹ ඔහොම්ම නිදාගන හිටහං ...අපේ ළමයි දහම්පාසලෙන් ගේන්ඩ බැරි උනාට ............උඹට උන්ගේ  ළමයි ගේන්ඩ ..ගෙනියන්ඩ තමයි වෙන්නේ ඔහොම ගියොත් ''

'' පිස්සු හැදෙයි එහෙනං , ........හරි හරි මම ගිහින් පොඩි උන්ව එක්කගන එන්නං ''

හනිකට නානකාමරයට වැදි මුහුනට දිය දෝතක් ඉසගත් සිදත් මුදල් පසුම්බිය සහ මෝටර් රථයේ යතුර ගෙන මිදුලට පැමින ගේට්ටු පියන් හැර රථය පනගන්වාගන විහාරස්ථානය බලා පිටත් ඌවේය.

....................කෝ යකෝ එක ලමයෙක්වත් නැනේ ......පරක්කුවෙලා ආව හන්දා පාරේ වට පිට බැලුවෙත් නැ , කෙල්ලයි කොල්ලයි පයින්ම ගෙදර ගියාද දන්නැ . එහෙම නං ඉන්ඩ හම්බෙන්නේ නැ ලොකු තැනගෙන් , .......හැබැයි බය වෙන්ඩ නං දෙයක් නැ .....නිවුන්නු ඩබල හන්දා ..එකෙක් තනිකරල අනික කොහෙටවත් යන්නේ නැ , කෝකටත් ඇතුලට ගිහින් බලනව , ................ඒත් පන්සලට ...........මේ  ෂෝට් එකකුයි අත් නැති ටිෂර්ට් එකකුයි ඇදගන ........ඒත් පොඩි උන් දෙන්නා කොහේද කියල දන්නේ නැ නේ  ...........ඕන එකක් ..........ඇතුලට ගිහින් බලනව ..........

පන්සල් මිදුලේ කිසිවෙකු පෙනෙන්නට නැති බැවින් දහම් පාසල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලට නැගි සිදත් ඒ ශාලාවෙහි කිසිවෙකු නැති බව දැක තෙවැනි මහලට නැග ඒ ශාලාවේද කිසි වෙකු නැති බැවින් ආවාස ගෙටවත් ගොස් අසා දැනගන්නවා යැයි සිතා නැවත හැරුනේය.

'' අකලංකවද බැලුවේ ..........අවංකයි දෙන්නම මෙතන ඉන්නව ''

යන හඩට ආපසු හැරුන සිදත් දුටුවේ ශාලාව එහා කොනේ පිහිටි කුඩා කාමරයෙන් එලියට පැමිනි සුන්දර  යුවතියකි , ඇගේ සුන්දරත්වය දුටු මතින් ගල්ගැසි ............මෙච්චර ලස්සන දහම්පාසල් ටීචර් කෙනෙක්............. යැයි සිතමින් දෙනෙත් නොසොලා ඒ සුන්දරත්වය විදිමින් හුන් සිදත් නැවතත් නැගුන ඇගේ ලගන්නාසුලු හඩින් පියවි සිහියට පැමිනියේය

''දරුවට ඔලුව කැක්කුමයි කියල ඩෙස්ක් එකට ඔලුව ගහගන හිටපු හන්දා පාර අයිනට නොයා ගෙදරින් එනකං ඉන්න කියල කියුවා...........පුතාල එන්න තාත්ත එක්කගන යන්න ඇවිත් ''

මොහොතකින් එලියට පැමිනි අවංකා .....

'' මේ  තාත්ති නෙමෙයි ටීචර් ....අපේ චුක්කී මාමී''

'' සමාවෙන්න .....මම දන්නේ නැනේ ''

අසරණ වරදකාරි බැල්මක් සිදත් වෙත හෙලා ක්ෂනයකින් බිම බලාගෙන කාමරය තුලට වැදී බෑගයක් සහ පොත් මිටියක් රුගෙන අකලංකවද පෙරටු කරගනිමින් එලියට පැමින දොර වසා දමන ඇගේ
හිසට ඇලෙනලෙස පස්සට පීරා දිගට ලිහිල්ව ගොතන ලද තදකළු කොන්ඩය කොතරම් ලස්සනදැයි බලාහුන් සිදත් අමාරුවෙන් වචන ගැට ගසාගත්තේය.

'' බොහොම ස්තුතියි , අපි එහෙමනං ගිහින් එන්නම් මිස් ''

'' හොදයි ..තෙරුවන්සරණයි ''

දරුදෙදෙනා සමග මදදුරක් පඩි පෙල බැස පැමිනි සිදත් නැවත වරක් හැරි ඇය පැමිනෙනවාදැයි බැලු සිදත් හා සිනාසුන ගුරුතුමිය වමතින් ඔසරි පොට ගෙන පඩි පෙල බසින වේගය වැඩි කලේය.

මෝටර් රථයවෙත දිවගිය දරු දෙදෙනා තමාට පෙර රථයට ලංවූ බැවින් සාක්කුවට අත රිංගවු සිදත් ඇගිලි තුඩින් බොත්ත සොයා තදකර දොරහරිමින්  ඇන්ජිම පනගන්වා ගනිමින්ම රථයට නැගුනේය.

'' ඔයාලගේ ටීචර් ඉන්නේ කොහෙද ''

'' අපේ පාරේම ඈතට යනව .....''

'' එහෙනං එයාවත් එක්ක යමු නේ ''

'' අනේ ෂෝක් ''

යැයි කියු අවංකා වීදුරුව හැර හිස එලියට ඔබමින්

'' ටීචර් ..එන්න ..අපිත් එක්ක යං ''...............යැයි කෑගැසුවේය

පැති කන්නාඩිය තුලින් වැලිපොලව මත කොරවක් ගමනින් පැමිනෙන යුවතිය දෙස බලා හුන් සිදත් ඇය රථය  අසලට පැමිනෙනවාත් සමගම වම් පසට නැමී ඉදිරි පස දොර හැර එලියට හිස පෙව්වේය.

'' එන්න මිස් අපි ඩ්‍රොෆ් කරන්නං ''

‍ආචාරශීලිව කද නමමින් රථය තුලට එබුන යුවතිය

'' බොහොම ස්තුතියි , කමක් නැ , මම පයින් එන්නම් ''

'' අපිත් යන්නේ ඒ පාරෙමනේ , ඇරත් මිස්ට පරක්කු උනේ අපි හන්දනේ ....එන්න එන්න යමු ''

'' යමු ...යමු....අනේ එන්නකෝ ටීචර්...''

අකමැත්තෙන් උවද ගැලවීමක් නොමැති බව දැනුන බැවින් ඉදිරිපස දොර හැර තිබෙනවා නොදුටුවාක් මෙන් පසු පස දොර හැර රථයට නැගුන ගුරුතුමිය දොර වසාගන්නවාත් සමග රථය ඉදිරියට ගත් සිදත් වමතින් ඇය දෙසට පසුපස බලන කන්නාඩිය සකස් ක‍ලේය.

පියකරු කුඩා මුහුනටම ගැලපෙන කුඩා නාසය , දිගු ඇහිබැම සහිත රවුම් කළු පැහැති ඇස්  , පළල් නළල් තලය , රවුම් හැඩයෙන් පුර්නව නිමැවී සිහින් ඉරි දෙකක් වැටුන බෙල්ල , පටු ඔසරි පොටට හරි හැටි නොවැසුන රවුම් කුඩා පියයුරු , හැට්ටය සහ සාරිය අතරින් මදක්වත් නොඉලිප්පුනු උදරය . ..............පොත් ටික උඩින් තියාගන ඉන්න ඇගිලි ටිකේ ලස්සන ...........

තමන් ඇදෙස බලමින් රිය පදවනවා යැයි ඇයට දැනුනාදැයි සැකසිතු  සිදත් බෙල්ල හරවා ඇ දෙසට හැරුනේය .

'' මිස් කොහෙද වර්ක් කරන්නේ ''

'' ටික කාලයකට මොකටද හිතුන හන්දා මොකකටවත් ගියේ නැ ''

'' එහෙනං ලගදි මැරි කරනවා ඇති ''

'' අපෝ නැ ''

මුවින් නොකීවද  සිතින් ...........යාන්තං ඇති .....යැයි කියු  සිදත් ...........

'' මිස් ඉන්නේ කොයි හරියෙද ''

'' මේ පැත්තෙන් ලග හින්දා ගියාට මම ඉන්නේ මැද්දෙගොඩ , නිල් දිය උයනේ ගෙවල් හදල පාර කපල අපේ පාරට යා කරාට පස්සේ පන්සලට එනකොට ලග හන්දා මේ පැත්තෙන් අපි ආවට  ඉස්සර අපි ආවේ ගියේ දිවුල් ගහ හන්දියෙන් ''

'' එහෙනං පරණ ගං කාරයෝ ''

'' හම් ''

'' මාව ඔයාලගේ ගේ ලගින් බස්සන්ඩ ''

'' ඒ මොකටද ඒ .... යමු යමු අපි ගේ ලගට ඇරලවන්නං ''

'' අනේ එපා මොකට කරදර වෙනවද ''

'' මොන කරදරයක්ද ඔන්න ඔහොම ඉන්න ''

'' අනේ ටීචර් අපි එන්නංකෝ ...එතකොට අපිට ගේ බලාගන ..තාත්ත ආපුවහම එන්න පුලුවන් ටීචර් බලන්න ''

'' අන්න අපේ ගේ ''

නිවස පසුකර යන අවංකා කෑගසන දෙස සිනාසෙමින් බැලු සිදත්

'' හොද වෙලාවට කියුවේ නැත්තං අපි දන්නැනේ ''

'' මාමී ...අනේ මේ නිකං ඉන්න ඔයා ''

‘‘ ඔය ඉස්සර හන්දියෙන් දකුනට ගිහින් පාර බෙදෙන තැනින් නවතින්න , එතනින් එහාට වාහනය ගන්න බැ ‘‘
සෙමෙන් දොර වසමින් බිමට බැසගත් ගුරුතුමිය , විවරකල ඉදිරිපස වීදුරුව තුලින් ර

‘‘බොහොම ස්තුතියි .........තෙරුවන් සරනයි ගිහිල්ලා එන්න ‘‘

‘‘මම සිදත් සේනාරත්න මිස්ගේ නමවත් අහන්න බැරි උනා‘‘

‘‘ ආපෝ චුක්කි මාමි ඒකවත් දන්නැද්ද ..........පියුමිනේ ..අනේ ‘‘

අවංකා සහ අකලංක දෙස බලා සිනාසුන පියුමි

‘‘මම යනව පුතාල‘‘

යැයි කියමින් පටු පාරෙන් පහලට යන පියුමිගේ පුලුල් උකුල පිරුන නිතඹ  දෙස ඇසිපිය නොසලමින් බලා ඉන්නට උනේය

‘‘ තව ඉන්නේ යන්කෝ මාමියෝ මට බඩගිනියි ‘‘

‘‘ හා..හා...යමු යමු ‘‘

යැයි කියමින් රථය පනගන්වා හරවාගත් සිදත් නිවසට පැමින කාමරයට වැදී සයනයේ දිග ඇදුනේය

................ගැහැනුන් සහ පරිමින් අතර වන ශාරිරික සහ මානසික බැදිම් ගැන ටිකෙන් ටික දැනගත් නවයොවුන් වියේ සිට තමා පැතු ඇයම නොවේද ..ඒ .....පියුමි ..........දුර ඇත පාසැල් වියේ අතරින් පතර වරින් වර අලුයමේ හැදිවත සහ කලවා තෙමා දමමින් නින්දෙන් පිබිදවු ඇයමයි ......ඒ හඩමයි , ඒ සිනහවමයි .............ඒ වතමයි ........

ඔය වගේ කෙල්ලෙකුට මේ වෙනකොටත් කොල්ලෙක් නැතිවෙන්ඩත් බැ ............අක්කට කියල හෝදිසි කරල බලන්ඩත් හිතයි එක්කෝ ඕනනැ , ......මේ කන මඩ මදෑ .....මමම කතා කරල බලනව .........ඒත් එකපාරටම ඔව්වා කියන්ඩ ගියොත් ..කෙල්ල මාව ගණන් ගන්න එකක් නැ .......සතියක් දෙකක් හිමිහිට බලනව

ඊලග සෙනසුරාදා දින උවමනාවෙන්ම මෝටර් රථය අස්පස් නොකල සිදත් පසුපස අසුනේ තිබෙන දැ එලෙසම  තියෙන්නට හරිමින් , ඩිකිය තුල තිබු ලිපිගොනු සහ සගරා කිහිපයක් සහ ටෙනිස් පිත්තද ගෙන පසු පස අසුනේ එක් පසකින් තබමින් දරුවන් දෙදෙනාට හැර තවත් අයෙකුට හිද ගැනිමට ඉඩ ඇහිරුවේය .

ඉරිදින උදෙන්ම අවදිව අළුත් කමිසයකින් සහ කලිසමකින සැරසී සාලයට පැමිනි සිදත්

‘‘ පුතාල කෝ ඔයාල ලෑස්තිද ‘‘

‘‘ ඔන්න එක්කෙනෙක් නං මුන හෝදන්ඩ ගියා අනික් එක්කෙනා තාම කොට්ට එක්ක රෝල් වෙනව , වෙලාව තියනවනේ මල්ලි තාම හය හමාරයි ...............මල්ලි අද කොහේ හරි යන්ඩද ‘‘

‘‘....නැ .......මේ මේ ...ඔව් අද වර්කස්ලගේ ක්‍රීකට් මැච් එකක් තියනව පැයක් දෙකක් ඒ පැත්තට ඔලුව දාල එන්ඩ කියල ....නැත්තං හරිනැනේ ,  දවල්ට දෙන්නව එක්ක එන්ඩ එතහැකි ‘‘

‘‘ මල්ලිට පරක්කු වෙනවනං යන්ඩ මං දෙන්නව එක්ක යන්නං ‘‘

‘‘ ඕන්නැ කොල්ලො ටික ග්‍රවුන්ඩ් එකට එනකොටත් අටවත්වෙයි ‘‘

දරු දෙදෙනා රුගෙන රථය නිවසින් එලියට දමමින් මාර්ගයේ ඇතකෙන පියුමි පැමිනෙනවාදැයි බැලු සිදත්

...බාගදා කලින්ම යන්ඩ ඇති ....යැයි සිතමින් පැමින දරුවන් පන්සලට ඇරලවා ...........සොහොයුරියට පැවසු බොරුව නිසාවෙන් නැවතත් නිවසට යැමට නොහැකි බැවින් සේවය කරන ආයතනය දෙසට රිය පැදවුයේය.

කොහෙදෝ සිට දිව ආ ආරක්ශක නිලධාරියා

‘‘ සර් අද.......... හදිස්සියෙම ‘‘

‘‘නිකමට පැක්ට්රි විසිට් එකක් ආවා කුමාර , කවුද අද ඩබ්ලිව් එස් ඉන්නේ ‘‘

‘‘ ලොකු මහත්තුරු කවුරුත් නැ සර් වර්ක්ෂොප් විතරයි වැඩ ‘‘

‘‘ආ ඔව්නේ ‘‘

යැයි කියමින් කාර්යාලයට පිවිසි සිදත් දහවල් වනතෙක් පරිඝනකය සමග ඔට්ටුවෙමින් සිට දහම් පාසැල් ඇරෙන වේලාවට පැමින පන්සල ඉදිරිපිට රතය නවතාගන බලා සිටියේය.

පිටතට පැමිනෙන දරුවන් සමග පැමින මෝටර් රථයට නැගුන අවංකා සහ අකලංක දෙසට හැරුන සිදත්

‘‘ ඔයාලගේ ටිචර් කෝ ...ඒයාත් එක්ක යන්නේද ‘‘

‘‘ අපෝ එතකොට ගොඩක්වෙලා යයි ....ඔක්කෙමල ගියහම තමයි එයා එන්නේ ‘‘

‘‘ කමක් නැ අපි ටිකක් ඉදලා යං , පුතා ඔයා පිටිපස්සට යන්නකෝ ‘‘

ටික වේලාවකින් පන්සලේ පඩි පෙලෙන් බැස පියුමි පැමිනෙනවා දුටු සිදත් රථයෙන් බැස කටහඩ අවදි කලේය

‘‘ ඉතින් කොහොමද  මිස් .... මෙයාල කියුවා පියුමි මිස් එනකන් ඉමු කියල ‘‘

‘‘ අනේ මොකට කරදර වෙනවද අපරාදේ ...මං නිසා කරදරේ නේද ‘‘

‘‘ එහෙම කරදරයක් නැ මිස් ....එන්න යමු ‘‘

රථය පසුපසින් අනෙත් පසට යන්නට සැරසෙන පියුමි ඇමතු සිදත්

‘‘ පිටි පස්සේ ඉඩ නැ ඉස්සරහින් නගින්න ..අනං මනං පිරිල ‘‘

ඉදිරිපසින් රථයට නැගි හරිබරි ගැසෙන පියුමිගේ ළදරුවකුගේ මෙන් සියුමැලි රෝසපැහැති පා ඇගිලි සහ විලුඹ දෙසට සිදත් ඇස යොමු කරනවා දුටු පියුමී

‘‘ අනේ සමාවෙන්න ....සෙරෙප්පු දෙකේ මඩ ....‘‘

‘‘ නෑ ...නෑ ඒකට කමක් නැ ...........වාහනයක මඩ ගෑවුනාට මොකද ‘‘

උකුල උඩින් තබාගත් බැග් එක මතින් තබාගත් පොත් මිටිය සකසන පියුමි හා කතා කරන්නට යමක් ගැන සිතමින් සිටි සිදත්

‘‘ පියුමි ගොඩක් පොත් කියවන පාටයි ‘‘

‘‘ හම්....ගොඩක්ම බණපොත් තමයි ‘‘

සිහින් සිනහවක් මුවට නගාගත් පියුමි සෙමෙන් හිස පැද්දුවේය

‘‘ මොකක්ද ඔය පොත ‘‘

‘‘ .....ගිහිජීවිතය සහ බුදු දහම..... මෙහෙනින්වහන්සේ  කෙනෙක් ලියපු පොතක් , ළමයෙකුට කියවන්න දීලා ආපහු ගෙනත් දුන්නේ අද ............මිස්ටර් ඕන නං කියවන්න ‘‘

තමන් වෙත දිගුකල පොත වමතින් රැගෙන පිට කවරය බැලු සිදත් ඩැස්බෝඩය මතින් පොත තබා

‘‘ මමත් කියවන්න හරි කැමතියි , ඒත් කාලය හොයාගන්න එක හරිම අමාරුයි ගත්ත පොත් ගොඩක් තියනව තාම කියවන්න බැරි උන ‘‘

යැයි බෙරුවට කියු සිදත් පසුපස බලන කන්නාඩිය තුලින් අවංකා සහ අකලංක දෙස බැලුවේ .....මුන් දෙන්නා කට ඇරියොත් මං විනාසයි .............යන හැගීමෙනි, පොඩි උන් දෙන්නාට වගේ වගක් නැති සැටියකි

‘‘ දැන් හැමොටම එහෙම තමා .....දුහනව දුහනව .....නිදහසක් නැ ‘‘

‘‘ එහෙම නැතුවත් මේ යන ක්‍රමයත් එක්ක යන්න අමාරුයි ‘‘

‘‘ හම් ‘‘

‘‘ පියුමි හිතන්නේ ටිකක් අමුතු විදිහට නේද‘‘

‘‘ ඇයි එහෙම හිතුනේ ‘‘

‘‘ ගර්ල්ස්ල ගොඩක් වෙලාවට ඔහොම බැරෑරුම් විදිහට හිතන්නේ නැනේ , පියුමි  එක්ක කතා කරන්න ආසා හිතෙනව , අනිත අයට වඩා හරිම වෙනස් ‘‘

කිසිවක් නොකියා සිනාසී මාර්ගය ඉදිරිය බැලු පියුමි

‘‘ ඔයාලගේ ගෙවල් ලගින් මම බහින්නං , අපරාදෙනේ රස්තියාවෙන්න එපා ‘‘

‘‘ අනේ ඒකට මක්වෙනවද , අපි ගිහිල්ලා එමු ‘‘

එදිනද පියුමිව ඇරලවා නිවසට පැමිනි සිදත් ඇ ගැනම සිතන්නට වුවේය , ...............මේ කෙල්ලට මේක කොහොමද කියන්නේ දැනගන දවස් දෙකට කොහොමද එකපාරටම ඔහොම එකක් අහන්නේ ...........අනික ඒවාගේ දේවල් කතා කරන්ඩත් එච්චර මනාපයක් නැති පාටයි , ..කොහොමහරි කරල අක්කව ඒ ගෙදරට යැව්වොත් ................අක්කනං හැබැයි කැමැත්තෙන්ම යයි ,,,,,,,,,,,,,, බාගදා ඒකත් ඈලියාවට යයිද දන්නේ නැ .............කෝකටත් හොදයි මමම මේක ඉවරයක් කරගන්න එක .................  ඕන දෙයක් වෙන්ඩ කියල ලබන ඉරිදට අහල බලනව.............ඒත් පොඩි උන් දෙන්නා එක්ක බැනේ ............නැත්තං උදෙන්ම නැගිටල ගිහින් ඒ ළමයින්ගේ ගෙවල් ලග පාරට වෙලා ඉදල කතා කරනව ........හොදමදේ තමයි ලියුමක් ලියල දෙන එක .............ඒක හරියන එකක් නැද්ද.......කොන්දක් නැති බොලද වැඩක් කියල හිතයිද ........ඕන දෙයක් වෙලා යන්ඩ කියල ලියුමක් ලියල අර දුන්න බණ පොත අස්සට දාල ගිහින් දෙනව  ....එක සතියට ..එච්චර ලොකු පොතක් කොහොම කියෙව්වද කියල බලයි ..............නැ ඒක එහෙම්ම තියල අළුත් පොතක් කඩෙන් අරගන ඒක අස්සට දාල දෙනව , ..වැඩේ අප්සට් උනත් ඊලග දවසට අර පොත දෙන මුවාවෙන් කතා කරන්ඩ පුලුවන් . හැබැයි හොයල ගන්ඩ වෙන්නේ අළුත්ම අලුත් පොතක් ...............නැත්තං පොත ගෙනිහින් දික්කරහම ..........ඔය පොත හොද පොතක් මම කියවල තියනව..............කියුවොත්

ඉන්පසු ගෙවුන සතිය පූරාම ඇගිලි ගනිමින් උන් සිදත් සෙනසුරාදා සේවය අවසන්ව පොත් කඩයකට ගොඩ වැදුනේය.

‘‘ මොනවද අළුත්ම බණ පොත් තියෙන්නේ ‘‘

‘‘ දවස් දෙක තුනකට කලින් පිටවුන පොතක් තියනව මහත්තය ..........භාවනා ගැන ලියවුන  පොතක් ‘‘

‘‘කෝ බලන්ඩ මොකක්ද .....ආ ......මහායාන භාවනා ක්‍රම .........මේක මට දෙන්න ‘‘

පොතත් රැගෙන නිවසට පැමිනි සිදත් නිවසේ සියල්ලන් නින්දට යනතුරු හිද එක් එක් ආකාරයට ලියමින් ආමන්ත්‍රනය වෙනස් කරමින් සෙනෙහෙපත් හත අටක්ම ලියා විසිකරමින් ..........කොහොම ලියන්ඩද මන්දා ...........පුරුද්දක් තියන එකක් යැ , ....කාගෙන් හරි අහන්ඩයැ ............වැල් වටාරං එකක් වත් ඕන නැ. .....කාරනාව විතරක් ලියනව....


හිතවත් පියුමි

මෙතෙක් කලක් මා මගේ ජීවන සහකාරිය කරගන්නට සෙවුයේ  ඔබවැනි යුවතියකි ,  ඔබේ අකමැත්තක් නැත්නම් වැඩිහිටියන් සමග ඔබේ නිවසට පැමින කතා කරන්නම්.

                                                                                                 සිදත් සේනාරත්න

යනුවෙන් ඒෆෝ කොලයේ මැද්දට වන්නට ලියු සිදත් කොලය හතරට නවා පොත අස්සට දමමින් නින්දට වැටුනේය.

රැමැදියමත් පසුවන තුරු නොනිදා සිටි නිසා තද නිනිදට වැටුන සිදත් ........අවංකා කාමරයට පැමීන කතා කරනා හඩින් පිබීදී .......හනිකට ලක ලෑස්තිව ලිපිය දැමු පොතත් රැගෙන

.............බැරි වෙලාවත් උදේට හම්බුනොත් ...........දිලා දානව ................යැයි සිතමින් දරු දෙදෙනාද සමග මෝටර් රථයට නැගී .......පියුමී සිටිනවාදැයි මග දෙපස බලමින් පැමින පන්සල අසල වෙනදා රථය නවත්වන තැන ඉදිකොට ඇති ගොක්කොළ තොරණ දෙස බැලුවේය.

..... ඉතින් අවසරයි ගුරු මව්නී .....

‘‘ මොකක්ද පුතේ අද දහම්පාසලේ උත්සවයක්ද ‘‘

‘‘ අද තමයි පියුමී ටීචර් අපිට උගන්නන අන්තිම දවස ....එයා මහනවෙන්නයි යන්නේ ‘‘

2014-09-14

මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්



'' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද ''

'' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද ''

'' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක් හදලා දෙන්නං ''

'' ඔන්නැ ...බත්ම කමු ''

'' මාළු ටික ලිපෙන් තිබ්බේ දැන් , ඔයාට කන්ඩ හාල් ටිකක් තියන්ඩත් ඕන , ඇග හෝදගන එන්ඩ මම තේ හදන්නං  ''

'' එපා ඕන නැ ''

'' එහෙනං මම ඉක්මනට ඇග හෝදගන එන්නද ''

'' හා ''

'' මාළු එක ලිපේ චුට්ටක් බලනවද ''

'' මොන මාළුද  ගත්තේ ''

'' කෑලි මාලු වෙන මොකවත් තිබුන්නැ අනේ , තෝර දෙසිය පනහක් ගත්තා  හාරසීයක් ''

පිටු පස දොරින් ලිද ලගට යන බිරිදගේ හඩට සවන් දෙමින් කාමරයට වැදුන සරත් දරු දෙදෙනා අවදි වේයැයි බියෙන් විදුලි පහන නොදල්වා ඇද සිටි ඇදුම් උනා දමමින් යට ඇදුමට උඩින් තුවාය ඉන දවටාගන පැමින ලිප මත තිබෙන ඇතිලියේ කරමූඩිය මතින් පොලුකටු හැන්ද රැගෙන කරමුඩිය ඉවත් කලේය

..................යකෝ දෙසිය පනහට මාඵ කෑලි පහද අල්ලන්නේ.............

දෙතුන් විඩක් හොද්ද හැදිගා වසාදැමු සරත් , කුස්සියෙන් මිදුලට බැස හදිස්සියෙන් සියොලග සබන් තවරන බිරිද දෙස බලමින් ලීං ගැට්ට මතින් හිද ගත්තේය.

'' දවල් නාගන්ඩ හම්බුන්නැ අනේ අර දෙන්න අද නිදාගත්තේ නැ , මං නාන්ඩ ආවනං එයාලටත් නාන්ඩ ඕන වෙනව , තාම සෙම ''

'' අද දෙන්න රංඩු උනේ නැද්ද ''

'' දෝනිගේ ඉස්කෝලෙ පොතක් ඉරුවනේ පුතා ''

'' අච්චු පොතක් ''

'' නැ.......සිංහල ලියන  පොත , අරන් දීල සතියක් නැ අනේ , හොද වෙලාවට පිටු හතරයි පහයි ලියල තිබුනේ , ...මම අරන් තියපු පොතක් තිබිල දුන්නා ...පවු කෙල්ල ඔයා ආපුවහම කියනව කියල අඩ අඩා ඉරපු පොතේ තිබිච්ච අළුත් පොතේ ලියාගත්තා ''

'' කොල්ලට ගැහුවද ''

'' හයියෙන් නෙමෙයි අනේ හිමීට පාරක් ගැහුවා ..........එයත් බලාගන හිටියේ ඔයා එනකං ............කියල මට හොද වැඩක් කරවන්නංකෝ කිය කිය හිටියේ ''

''..හේ.....හේහ්...හේඑ ''

'' හි..හී..හී.......හරි ෂොක් අනේ දවල්ට .............මේ දෙන්නගේ වැඩ .........කෝ ඉතින් ඔයාට දකින්ඩ නැනේ ''

''ඇ චම්පෝ ..මොකද අර දර ලිප පත්තු කරල . ගැස් එක ඉවර උනාද  ''
'' දැන් දවස් දෙකක් අනේ ''

'' හප්පට සිරි.............සල්ලිත් නැනේ අතේ ''

'' වියදමට දුන්න ඒවායෙන් ඉතුරු ‍කරගත්ත සල්ලි වාගයක් නං තියනව , ඒත් ඉතින් ඒකෙන් ගෑස් ගෙනත් කොහොමද , හදිස්සියක් උනොත් කීයක්වත් නැති වෙනව ''

'' ගැස් එකක් ගේමු ''


'' එපා දහවෙනිදත් ලගයිනේ ....ලිප පත්තු කරගන්න එක මහ වැඩැක්..යැ ''

'' ඒ උනාට ඔය දුං කාගන ඔය වදේ වින්දහැකේ ''

'' ඔයාට වතුර එකක් පුරවල දෙන්ඩද ''

'' එපා ඉක්මනට බත් උයල දෙන්ඩ ''

'' අනේ ..බඩගිනියි නේද ඉන්ඩ ඉන්ඩ මම ඉක්මනට ‍බෙදල දෙන්නං ''

'' ඔයා කෑවද ''

'' දවල් බත් තිබිල අර දෙන්නට කවන ගමන් මාත් කෑවා ''

'' හම් ''

'' මාළු එක්ක විතරක් කතහැකැ මම පරිප්පු ටිකකුත් හදන්න''

සිතලේ දැත් පපුවට තද කරගන  නවාගත් අතැගිලි කම්මුලට තෙරපමින්  කියව කියවා කුඩා දැරිකමෙන් හිදිනවා විනා තමා ලිද ලගින් එනතුරු චම්පා ගෙට නොයන බව දන්නා සරත් ......

'' ඕන්නැ ඔය ඇති ....සිතලේ ඉන්නේ නැතුව ගිහින්  ඇග පිහද ගන්නව ''

'' මොකෙන් පිහදාන්ඩද ඔය තුවාය දෙන්ඩ ''

'' ආ ''

හැද උන් තුවාය ගැලවු සරත් චම්පාට දික්කලේය

'' කොච්චර කියුවත් අහන්නැ ............දාඩියත් එක්ක ..........මොකක්ද අනේ ඕකත් ගලවල දාල  කොට කලිසමක් ඇදගන එන්ඩකෝ ''

කිසිවක් නොකියා ඉවත බලාගත් සරත් ලිදෙන් ඇදගත් පනිට්ටුව ඇගට හලා ගත්තේය

දියනා අවසන්ව පැමින රූපවාහිනිය පනගන්වා ඇසෙන නැසෙන ගානට හඩ අඩුකොට විකාශය වන දේසපාලන වැඩ සටහන දෙස උනන්දුවකින් තොරව බලා හිදින  සරත් අතට බත් පිගාන දි වතුර ජොග්ගුව ටීපෝව මතින් තැබු චම්පා

'' හිමිහිට හිමිහිට කන්ඩ මම ඉක්මනට තක්කලි සම්බෝලයක් හදාගන එන්නං ''

දුං දමන බත් සහ මාළු කෑල්ල දෙස බැලු සරත්

'' කෝ අනේ හොදි ''

'' කතාවෙන් කතාවෙන් හොද්ද හිදිල අනේ ''

'' අප්පට සිරි ''

අහාර ගැනිමෙන් අනතුරුවද  චැනලයෙන් චැනලය මාරු කරමින් රුපවාහිනිය නරබන සරත් අසල හිදගන උන් චම්පාගේ හිස වරක් දෙවරක් සරත්ගේ උරහිසට වැටුනේය

'' ඔයා ගිහින් නිදාගන්න ''

'' ඔයත් යං ...කෝ..ඔ.....කෝ ඉති...න් එන්ඩ.....කෝ''

රුපවාහිනිය සහ විදුලි පහන නිවාදමා කාමරයට යන චම්පා පසු පසින් ගිය සරත් ජනෙල් පියනක් හැර වරින් වර මිදුලට කෙල ගසමින් වෙල් යායට එපිටින් පෙනෙන මාර්ගයේ වරින් වර යන වාහන වල විදුලි පහන් එලි දෙස බලා සිටින අතරතුර , ඇදන් දෙකක් එක් කොට මදුරු දැලෙන් ආවරනය කල සයනය තුලට රිංගාගත් චම්පා කොට්ට සකසමින් දියනිය සහ පුතනුවන් බිත්තිය පැත්තට කොට ඉඩ සකසා ඉතිරි කොට්ට තුනෙන් එකක් දරුවන් අසලින් තබා ඇලවී අනෙත් කොට්ට දෙක තමන් අසලින් තබා සකසමින්

'' සරත් හතරට එලාම් එක තියල එන්ඩකෝ අනේ , හෙටත් ඔයා හතයිහත නේද ''

නැවත වරක් මිදුලට කෙල ගැසු සරත් පනේලය වසා දමමින් පැමින , මේස ඔරලෝසුවේ සීනුව සකසා .., මදුරු දැල අතරින් රිංගා අතපය නිදහසේ විසිරුවමින් චම්පා අසලින් මුනින් අතට වැතිරුනේය

'' ම්....ම්......ආආආ......අ....ම්..මේ.....ඒ...ඒ්...ඒ...'''' අදත් කොන්ද රිදෙනවද ''

යැයි විමසු චම්පා සරත් දෙසට හැරි වමතින් පිට කොන්ද පිරිමදිමින් දකුණතේ ඇගිලි තුඩු හිමිහිට හිසකෙස් අතරින්  ඉදිරියට පසු පසට තල්ලු කරනා සුවයෙන් මොහොතකට නින්දට වැටුන සරත් තවත් හෝරාවකට දෙකකට පසු චම්පා  හිමිහිට කොදුරනා හඩ පරයමින් නැගෙනා සිගිති පුතුගේ හඩින් පිබිදුනද නැවතත් නිදාගන්නා අටියෙන් දැස් තද කර ගත්තේය.

'' සත්තලන් පුතු කැටේ අම්මි කුක්කු බීලා දැන් ආයෙත් දොයියන්ඩකෝ ..........තාත්තිය පව්නේ ..........වැඩකරල මහන්සිවෙලානේ ඇවිත් ඉන්නේ............තාත්ති පවුනේද .....මයේ මැනික .......තාත්ති පුතාට චොකෝ ගෙනත් දෙනව නේද .......පුතා තාත්තිට ආදෙයිනේ.........අක්කියනං නෝටියි ........තාත්තිට ආදේ නැ.......ආ දොයියන්ඩ සං කැටේ..........''

චම්පා පුතු රවටාගන්නට දොඩනා වදන් අසා ගෙනම නැවතත් නින්දට වැටුන සරත් අලුයම සීනුහඩින් පිබිදි බිරිද නිදා සිටි දෙසට හැරෙන විට බිරිද නොසිටියෙන් , ඇදෙන් බැස නිදිමරගාතේ කුස්සියට ඇතුල්ව වතුර ජොග්ගුවක් පුරවා පානය කලේය.

'' ඔයා ඇයි නැගිට්ටෙ මම තේ හදලා පහහමාරට කතා කරන්නං , ගිහින් නිදාගන්ඩ ''

කිසිවක් නොකියා පිටු පස දොර හැර , එලියට පිවිස වැට මුල්ලට මුත්‍රා කල සරත් නැවතත් පැමින නින්දට වැටුනේය.

'' සරත් තේ හැදුවා එන්න බොන්න ''

යැයි පවසා තමා අවදි කල චම්පා පිටව ගොස් ටික වෙලාවකින් කුස්සියට පැමිනි සරත් අතට  දුන් තේ කෝප්පය පසෙකින් තැබු සරත් වතුර ටිකක් කටට පුරවාගන කිහිප විටක් කලතා දොරෙන් එලියට විසිකොට තේ කෝප්පය අතට ගෙන කුස්සි පුටුවෙන් හිද ගත් පසු , ලියමින් උන් මුකුනුවැන්න මිට පසෙකින් තැබු චම්පා තේ කෝප්පය දැතින් ගෙන ලී බංකුවෙන් හිද හිමිහිට ‍බීමට පටන් ගත්තේය.

'' මොකද ඔය නිකං තේ බොන්නේ . බඩ දැවිල්ල ගනී ''

'' පිටි ඉවරයි අනේ ''

'' අර  බෝතලේ තව තියෙන්නේ ''

'' ඒක පොඩි දෙන්නට තිබ්බා අනේ ''

'' කෝ කෝ ගන්නව ඕකයි මේකයි කලවං කරමු ''

'' එපා අනේ ඔයා ඕක බොන්ඩ මම නිකං තේ බොන්ඩ ආසයිනේ ''

'' අනේ මේ නිකං ඉන්නව , මං දන්නැද්ද ............හවස ගෙනාවේ නැත්තේ ඇයි ...අමතක උනාද ''

'' කඩේටත් ගියා අනේ කොහෙද අර දෙන්න ඒක මේක ඉල්ලල කරදර කරනව පාං ගත්තා ...සිනි ..තේ කොල ගත්තා ....පිටි පැකට් එක අමතක උනා ''

අලුයම කරනාවු සියලු කාර්ය්‍යන් නිමවි හැද පැලද බැගයත් රැගෙන ගෙදරින් පිටවන්නට සාලයට පැමිනි සරත් අතට බෑගය දුන් චම්පා

'' ඔන්න හැමදාම කියනවනේ උදේට බත් කන්ඩ බැ කියල , අද පාං තියනව , හෙට මම ඉදි ආප්ප හදල දෙන්නං ..''

වැඩපලට පැමිනෙන විට සේවාමුරය පටන් ගන්නට ඉතිරිව තිබු විනාඩි එකොලහේ ආපනශාලවට පිවිස  පෙති කැපු පාං බාගය මාළු බොර සමග හනිකට ගිල දැමු සරත් කම්හල තුලට පිවිස ඉසඹුවක් නොමැතිව සේවයෙහි යෙදෙමින් හිද දහවල් කැම පැය බාගයේ ආපනශාලාවට පිවිස බත් මුල අතට ගන්නා විටම.

'' .... සරතෝ ..........අද මොනවද බං පවුල අද  හදල දුන්නේ...................අඩේ කෙහෙල්මුව පරිප්පු දාල , මුකුනුවැන්න මලවල , මාළුයි , බැදපු මිරිසුයි ..........., මේ බලහං අපේ ගෑණි හැමදාම , තම්බපු බිත්තරයි පරිප්පුයි , පරිප්පුයි තම්බපු බිත්තරයි ..''

'' අඩේ සරත් අයියේ ..........අක්කට ..........නංගිල නැතෙයි ................මේ කැන්ටින් චොර හොදි කාල මට ඇති වෙලා තියෙන්නේ ''

දෙපසහුන් මිතුරන් දෙදෙනාට මාළු කැබැල්ලෙන් ටික ටික සමග අනිත්වා බෙදා දුන් සරත් ඔවුන් දුන් දැ සමග පළමු බත් කට මුවට ගෙන රසවිදිනාවිට රසනහරයන්ට ලැබුනාවු උද්දීපනය හිතට නැගුනාවු දැඩි දුක්බර සිතුවිල්ල නිසාය මොහොතකින් විසිරි ගියේ.

'' ඔක්කොම මාළු කැලි පහයි තිබ්බේ , ඊයේ රැ එකයි . අද උදේ එකයි , මේ කෑල්ලයි , මම තුනක්ම කැවා ඉතුරු දෙක පොඩි උන් දෙන්නට දුන්නහම චම්පට හොදි ටිකක්වත් නැතුව ඇති . හිදුන හොද්දේ මොන හොදිද , ‍හොදි බොර ටිකත් මට පාං කන්ඩ දාල තිබ්බනේ ''


හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
 වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්


ගී පද -පොඩිරත්න අඟමලේ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහගීතයේ


පෙලසටහන ලබාදුන් සින්දුඇනෝ රසවතාට හදපිරි තුති.


2014-09-04

මට හෙන බුදි මතයි



තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට
බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින
එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ
කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර

බයිසිකලේ පැදගන්ඩත් ඉගැන්නුවේ මම
හති රටේ කරක් ගසා වින්කල් එක එක
මවුන්ටන් එකක් ගෙනැවිත් පරණ කඩේ කින
හද‍ා දුන්න හැටි මතකද පෙරදා මං තොට

දහදාහට චැලි කට්ටක් කොහෙන්ද අරගන
දුන්නද තෝ එක වටයක් ආසාවට ම‍ට
පස්සේ කාලේ අරගත් අර ඩීටී පිප්ටිය
තල්ලු කලේ මං හිසකේ ගානට

රාගම යන්ඩ මං බස්නැවතුමේ ඉන්නේ
ත්‍රීවිල් කට්ටේ නැග තෝ දැක දැක යන්නේ
තව වෙන දිනක හයර් එකට මම නැග්ගේ
එකසිය තිහට දෙසියක්ම තෝ ගත්තේ


එහෙම කලත් ලැජ්ජාවක් මට නැත්තේ
මගේ පොඩි කෙල්ල වැන් එකට තොගේ දැම්මේ
දරුවන් අතර ඉස්කෝලට ලග ඉන්නේ
ඔක්කොම බස්සලයි කෙල්ලව ගෙන එන්නේ

හෙ‍ාදහැටි පදං දාගන දැන් මං එන්නේ
පාන්දර දෙකයි වොච් එක පවසන්නේ
වැන් එකක් නවත‍ාගන දැන් ඉන්නේ
ජංගී යාලුවා පාරට අත දැම්මේ

බැට්රියෙ වයර් බුරුල් වෙලයි දැන් ඇත්තේ
පෙට්ටියේ පියන ඇරලා දැන් දිය යුත්තේ
ඇණයේ නියම සයිස් එකත් නොම දන්නේ
ෂිප්ටර් එකක් රත්තරනේ දීපන්නේ

අයියෝ වස්තුවේ ආයුද බාමින්නේ
රහමෙර බිමටයි ගෙදරින් පිටවුයේ
කවුරුන්‍ හෝ ගෙනත් ගේමක් ගහගන්නේ
මට හෙන බුදි මතයි අටමා පිට වෙන්නේ

2014-08-31

හොර ගෑණු



'' හෙලෝ මේ ''

'' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක බලන ගමන් ''

'' අර රාධිකා මතකයි නේද ඔයාට ''

'' කවුද මතක නැ ......ඉතින් කියන්ඩකෝ ''

'' ඇයි අර සුමිත්ගේ වෙඩින් එකේදි හම්බුනේ ..මගේ ක්ලාස්මේට් .....අර............ ''

'' අනේ අර මැරි කරල නැති එක්කෙනා නේද ...........ඉතින් කියන්නකා් ''

'' ඔව් ඔව් .එයා එදා අපිට දුන්න නම්බර් එකෙන් කතා කලා ''

'' හරි අනේ ..........ගෙදර ආපුවහම කතා කරමු .මං හිතුවා හදිස්සියක් කියල ''

'' හෝව් ..හෝව් ........මේ ... මේ .....තියන්ඩ එපා .. දුලානි..........''

'' කියන්ඩ අනේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ ඔයත් වද දෙනව ''

'' මේ අහන්ඩකෝ ..එදා රාධිකා දුන්න නම්බර් එකෙන් කතාකලේ ..එයාලගේ .....අම්මා ''

'' ඉතින් ''

'' එයාලගේ තාත්ත වැඩකරන ලොරියට මනුස්සයෙක් හැප්පිලා ...............රිමාන්ඩ් කරලලු ''

'' පව් අනේ ...''


'' උසාවියෙන් විසිදාහක  දඩයක් ගහලලු ...........එයාලගාව සල්ලි නැලු අංකල්ව ගන්ඩ ........විසිදාහක් දෙන්ඩ පුලුවන්ද අහනව ''

'' ඉතින් ඔයා මොකද කියුවේ ''

'' ඒක තමයි මම මේ ඔයාට කතා කලේ ............... ntb එකවුන්ට් එකෙන් අරගන දෙන්ඩද අහන්ඩ ''

'' කියක්ද දැන් එයා දෙන්ඩ හදන්නේ ''

'' දඩය විසිදාහ ගෙවාගන්ඩ සල්ලි නැ කියන්නේ ...........හිරවෙලානේ ඇත්තේ ........අනික විසිදාහ කියුවට තව මොනවට ඕන වෙයිද දන්නැනේ .............මම ඒ ඇන්ටිගෙන් ඇහුවා ...........ඉතින් විසිදාහ ඇති වෙයිද කියල ................පව් බබා ඒ මනුස්සය අඩ අඩා කියනව ............අනේ පුතේ තියනවනං විසිපන්දාහක් දෙන්ඩලු ''

'' කොහෙටද දැන් සල්ලි දෙන්ඩ යන්නේ ''

' එකවුන්ට් නම්බර් එකක් දුන්නා ''

'' ඉතින අනේ තව පැය බාගයක්වත් නැනේ බැංකු වහන්ඩ ''

'' ඒක තමයි ........මම සල්ලි දෙන්ඩද ...........අද අංකල්ව එලියට ගන්ඩ බැරි උනොත් ලබන සදුදා වෙනකං ඉන්ඩ වෙනවලු ''

'' හරි හරි ඕන එකක් කරන්ඩ .....ඔයාට ඉතින් මාසෙකට දෙකකට සැරයක් ඔහොම නාස්තියක් කරේ නැත්තං නින්ද යන්නේ නැනේ ..........මං තියනව ''

ජංගම දුරකතනය සහ පසුම්බිය රැගෙන නිලකාමරයෙන් පිටතට පැමිනි අනුර

'' හංසිකා මම එලියට යනව කොල්ස් ආවොත් ආන්සර් කරන්න ''


'' හොදයි සර් ''

කාර්යාලයෙන් තම රථය මාර්ගයට දැමු අනුර මීටර් හාරපන්සියක් ඉදිරියෙන් ඇති ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදය අතරට තම රථය රිංගවා ඔරලෝසුව බැලුවේය

...........ශික් .........‍වහන්ඩ කලින් යන්ඩ පුලුවන් වෙයිද මන්දා ..............මොකෙක්හරි හප්පගනවත් ඇති .............සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන වාහන සමග බැංකුව ඉදිරියට පැමිනි අනුර වාහනය නැවැත්වීමට ඉඩක් නොමැති නිසා මාර්ගය අයිනේම වාහන නවත්වා හනිකට පැමින බැංකුවේ දොර තල්ලු කරන්නට උත්සාහ කරත්ම

'' සොරි සර් .......සර් විනාඩි පහක් පරක්කුයි ''

'' අර කට්ටියව ඇතුලේ ඉන්නේ ''

'' ඒ ක්ලොස් කරන්න කලින් ආපු කට්ටිය ...........''

'' ලොකු හදිස්සියක් .......මාවත් ඇතුලට ගන්න ''

'' මැනේජර් මහත්තය කියල තියෙන්නේ වැහුවට පස්සේ කාවවත් ඇතුට ගන්න එපා කියල ''

'' හරි මම මැනේජට කතා කරන්නං ''

'' සර් ඉක්මනට එන්නකෝ ඇතුලට ...........සර්ල ඉතින් හැමදාම එන අයනේ ..............අද පරක්කු උනා නේද සර් ''

'' ප්‍රීයන්ත මේ මහත්තය ආපුවහම ඕන වෙලාවක ඇතුලට ගන්න ''

බැංකුව තුලින් පැමිනි ඡේෂ්ඨ ආරක්ෂක නිලදාරියා දොර අගුල විවර කර අනුරට ඇතුලට ආරාධනා කලේය

ටික වේලාවක් පෝලිමේ ඉද රාධිකාගේ මව ලබාදුන් ගිනුම් අංකයට මුදල් බැරකල අනුර නැවතත් කාර්යාලයට පැමින . හංසිකා ගෙනැවිත් දුන් ලිපිගොනු කිහිපයක් පරික්ෂාකර අත්සන් තබා , මේසය යටින් දෙපා දික්කර අනිත්පස තිබෙන අමුත්තන් අසුන් ගන්නා එක් අසුනක් මතින් දෙපා තබා ගන කල්පනාවට වැටුනේය .

.............ඔය විසිපන්දාහ රාධිකාල ආයෙත් දුන්නත් එපා කියනව යාලුවන්ට සැරින් සැරේ දහය පහලව දීලා නොලැබිච්ච මුදල් කොච්චර ඇද්ද ...............එහෙව් එකේ .................පව් නැති බැරි මිනිස්සු ............ඒකිටත් කසාදයක් හරියන්නේ නැනේ ................කොහෙද වංසේ කබල් ගගා ඉන්නවනේ ..........මටත් වඩා මාස දෙකක් වැඩිමාල් ..............අර ජයන්තය ඕලෙවල් කාලේ ඉදන් පස්සෙන් ආවා ............කොහෙද ඌටවත් කැමති උන්නැනේ ............ඌත් තාම බැදල නැ ..........

...............අඩේ ජයන්තය දන්නවද දන්නැ මේ ආරංචිය ..............කොල් එකක් දාල කියන්ඩ ඕන ..........

'' හෙලෝ .....ජයියා ''

'' ඉතින් ඉතින් අනුරය ..ගොඩ දවසකින්''

'' කොහෙද ඉතින් අපි කොල් කරොත් මිසක් උඹල අපිට ගන්නව කියල යැ ..''

'' අනේ මචං ....සොරි ............මං පට්ට බිසි වෙලා බං ....ෆීල්ඩ් එකේ එහෙට මෙහෙට දුහනව ''

'' මේ ඒක නෙමෙයි අර රාධිකාලගේ තාත්ත රිමාන්ඩ් කරලලු ''

'' අප්පට සිරි අනුරය ...............උඹත් ටොපිය කෑවද ''

'' .ඒ ඇයි මචං එහෙම කියන්නේ ''

'' ඒකි මහගෑණිත් එක්ක එකතු වෙලා වටේටම ඔය බෝලෙම බස්සල , හොද ගානක් කඩාගන ගෙවල් හිටන් විකුණල ගිහින් ''



2014-08-08

බැද දමා තිබු තැනින්

ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා
ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා
යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා
නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා

ටික දුරක් ගංදියේ කඩිසරව පාවෙලා
ගලායන සැඩරලේ රුහැන් පට බිදදමා
බැද දමා තිබු තැනින් ඔරුකදත් ගිලිහුනා
රැහැන් පට ගං දියේ එක තැනම පාවුනා

සැඩරලේ බිහිසුනුව සිව්අතේ පාවෙලා
නිසල දිය ඇති තැනදි මොහොතකට නැවතිලා
යන අතර තැනින් තැන ලැබෙන දේ පුරවලා
සෙල්මුවා තොටුපලක ඔරුකදක් නැවතුනා

බැද තිබු උණ පදුරෙ කාලයක් පැටලිලා
ගං දියේ හතර අත දුක්බරව පාවෙලා
ගග හිදෙන ඉඩෝරේ වැලි මත්තේ වේලිලා
උඩු අතට දිය ගලයි රැහන්පට සැනසිලා

සෙල්මුවා තොටුපලෙන් තොටියෙකුත් ගොඩවෙලා
දුර්වර්ණ ඔරුබදට සායමක් ගෑවිලා
බිහිසුනුම සැඩරලෙත් කීකරුව පාවෙලා
තොටුපලේ ඔරුකදක් ගං දැල සනසනා

ඒ ගොඩත් මේ ගොඩත් කාලයක් සැරිසරා
පරිවාර තොටියනුත් තොටි තෙමොට පුදකලා
පැතුයේ තොටුපලක් නොවන බව සිහිවෙලා
රැහැන්පට තනියෙන්ම ගං දියේ වැලපුනා

2014-08-05

අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං



කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං
නේක නේක රටා මවන් පාපිස්සක හැඩය               අරං
ගෙයක් ගානේ ඇවිද ඇවිද කාසි ටිකක් මිට       මොලවං
හවස් අතේ ගෙදර එන්නේ කෑලි කඩෙන් රෙදිත්      අරං

වසර හතක් එකතු කලේ මං දඹදිව යන්න            හිතං
චුට්ට චුට්ට ඉහල නගින අපේ ගමේ වෙහෙර        බලං
එකතු වෙච්ච හැටදාහම බෙලෙක්කයේ පියන      ඇරං
ලෝබ නැතුව මං දුන්නේ දනින් වැටිල දැත්          වැදං

ගල් ඇන්දක් හයිකරල ඇත් බැම්මට වාරු            කරං
ලස්ස ගනන් දුන්න අයගේ නං ගං අකුරකට         නගං
ගල් ඇන්දේ යටින් තියන මල් ලියකම අයින්      කරං
අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක්            අරං

2014-07-23

පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්


'' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල ''

''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට ගිහින් බාස්කට් ටික වාහනේට දාගත්තනං''

'' අපේ හාමුදුරුවනේ හත් නමක් සම්පූර්නයි නේද ''

'' හත් නමට දහ නමක් ඉන්නව මහත්තයෝ ''

'' එහෙමයි හාමුදුරුවනේ ''

'' ‍අපේ පොඩි උන්නාන්සෙල තුන්නමයි මමයි හතර නමයි , අනිත් උන්නාන්සෙල පිටින් තමයි වැඩමෙව්වේ , පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත් පිලිගන්වන්ඩ වෙයි ගමං ගාස්තුවට ''

'' එහෙමයි හාමුදුරුවනේ ''

'' ඒක ඔය සබේ මැද්දේ දික් කොරන්ට ඕන නැ , ආපහු වඩම්මනකොට දුන්නහම ඇති ''

'' එහෙමයි ''

යැයි කියු සමන්තිලක තමන් සේවය කරන රජයේ කාර්යාලයේ තමන් පදවන වැන් රථයට නැගි රියැදුරු අසුනින් හිදගත්තේය , දානේ බාස්කට් රැගෙන පැමිනි ජගත් පසු පස දොර හැර සියල්ල පටවා . ඉදිරිපස පැති දොර හැර බලා සිටියේය.ධාතු  කරඩුවද රැගෙන වැන් රථයේ ඉදිරි අසුනට ලොකු හාමුදුරුවන් නැගුනු පසුව විඩින් විඩ ඉතිරි හිමිවරුන්ද නැගුන පසුව.

'' අවසරයි හාමුදුරුවනේ ''

'' එකොලහයි යං යං ''

තම නිවහනේ මිදුලේ රථය නවත්වා දානයට වැඩම කල හිමිවරුන් බිමට බහින්නටත් පෙර නිවස තුලට දිව ගිය සමන්තිලක

'' තව ටිකක් ලංකරල තව අසන තුනක් හරිගස්සහල්ලා තව තුන්නමක් වැඩියා ''

'' එතකොට ....ඒයි .....පිරිකර .....''

'' කාවහරි කඩේට ඇරල මොනවහරි පාර්සල් කරල ගෙන්න ගම්මු ''

'' මොනවහරි .... කියන්නේ පිස්සුද අනේ පිරිකරට ගැලපෙන දෙයක් වෙන්ඩ එපැය ''

'' දැන් ඉතින් වෙන මොනව කරන්ඩද ''


'' මොනවද අනේ..... ඔයාට තිබුනේ ලොකු හාමුදුරුවන්ගෙන් පස්සේ සල්ලි දෙන්නං කියල හරි තව අටපිරිකර තුනක් ඉල්ලං එන්ඩ , .....තේරෙන්නේ  නැද්ද තුන්නමකට වෙන මොකවත් දෙන ඒක හරිනැ කියල . ...අනික ලොකු හාමුදුරුවන්ටත් තිබ්බා කලින් ඔය ගැන කියන්ඩ ''

'' හරි හරි ...අන්න ලොකු හාමුදුරුවෝ දෙපා දෝවල ඇතුලට වැඩිය , තමුසේ කුස්සිය පැත්ත බලල දුහල එනව , මං කාවහරි  ටවුමට අරල එන්න ''

තවමත් සාමනේර හිමි වරුන්ගේ දේපා දෝවන ඉදිරිපස උළුඅස්සෙන් එලියට යාගත නොහැකි නිසා , සුදු සරම දෙපසින් ඔසවාගන උස ජනේලයෙන් එලියට පහසුවෙන් පය තැබු සමන්තිලක තම ජංගම දුරකතනය ගෙන අංකයක් ඇමතුවේය

'' ...හෙලෝ ....ප්‍රසන්න මල්ලි ............මම............තිලක්අයියා .........අනේ මල්ලි මට  ලොකු උදව්වක් කරහං ......මං අපේ මස්සිනාව එවන්නං . උඹ දන්නවනේ උෟව ...ජගත ....ජගත ...අනේ කොල්ලෝ ..ඔය පිරිකරට හරියන මොනවහරි පාර්සල් තුනක් ඔතල , පන්සීයේ කොල දහයක් ලියුං කවරවලට දාල ....ජගත අතේ එවහං මචෝ , මං උඹට අරගත්ත බඩු වල බැලන්ස් එක දෙන ගමං දෙන්නං , අනේ කරදරයක් කියල හිතන්ඩ නං එපා රත්තරනේ ... මං හෙන අමාරුවක වැටිලයි ඉන්නේ .............හා හා .....එහෙම හොදා ........උඹ  දන්නවනේ ඉතින් මට වඩා ඔව්වට දෙන ඒවා ......හා මල්ලියේ හා ..........මේ ඒක නෙමෙයි  කාවහරි ඔතනට පට්ටල් කරල වරෙන්කෝ දවල්ට බත් කටක් කාල යන්ඩ
..................ඒකත් එහෙමයි නේද හා හා එහෙනං ...කඩේ දාල එන්ඩත් බැනේ .... මං එහෙනං තියන්නං .............හාමුදුරුවෝ වඩම්මල මේ ගත්තේ .... එහෙනං බුදුසරනයි .......හරි හරි  , .....බායි ''

ඇමතුම අවසන් කරමින් කමිස සාක්කුවට දුරකතනය රුවාගත් සමන්තිලක බිරිදගේ මලනුවන් කඩයට පිටත් කොට පැමින ආගමික වතාවත් වලට හිදගන සිටියද හිත එක් තැනක නොරැදුන සමන්තිලක වදින්නං වාලේ ඔහේ වැදගන සිටියේය , දන් පිලිගන්වන අවස්තාවේ නැගීසිට සපයාගත හැකිවු වැඩිම මිලක් නියම කල සහලෙන් පිසු බත්  පිරවු බන්දේසිය රැගෙන නායක ස්වාමීන්වහන්සේට බත් හැදි දෙකක් බෙදන විට අත්ල පිගාන උඩට ගෙන ඒමෙන් පසුව , අනිත් හිමිවරුන්ටත් බෙදන අතර ග්‍රීන් පීස් නොයොදා පිසින ලද කජු  වැංඡනය අතැතිව සිටි බිරිදට හිසින් සං කරමින් බත් බෙදීම අවසන් කොට මුඩියකිං වසාතිබෙන භාජනය අතට ගෙන නායකහිමිනම අසලට පැමින.

'' අපේ හාමුදුරුවනේ අවසර , ..............මේ අර ඔබ වහන්සේ කැමතිම මාන්ස ටිකක් ලැබුනා ටිකක් පිලිගන්වන්ඩද ''

'' හම් ..හම් ...මහත්තයෝ ......මේ  ..මට තියන අර්සස් අමාරුවට පංකාදු අවුසදේ . අපේ ඔය බංගලි හාමුදුරුවොත් මනාපයි මයේ හිතේ අහල පිලිගන්වමු ''

'' එහෙමයි ''

'' මහත්තයෝ......අර........ අපේ .... බුදුගේ රෙපයාර් කරන  බාසුන්නැහෙලයි , ඩයිවර් ළමයයි  එක්ක තව දහයක් දොලහක් ඔක්කොම ඉන්නව , බාස්කට් ටිකත් පුරවන්ඩ කියල කාටහරි කියුවනං ''

'' එහෙමයි ''

දන් පිලිගැන්වීම අන් අයට පැවරු සමන්තිලක ජගත්ට  පසෙකට අඩගැසුවේය.

'' ප්‍රසන්න මොකද කියුවේ ''

'' මොකවත් නැ අයියේ , අන්න මං පිරිකරටික අනිත්වා ලගින් තිබ්බා, මෙන්න ලියුං කවරටික ''

'' ඔය ටික ලග තියාගන වාහනේට නැග්ගහම දෙනවකෝ , මං යනව ඇතුලට ........ ආ මේ අර දානේ භාජන වලට පහලවකට විතර කන්ඩ කැම ඕන කියුවා  . පොඩ්ඩක් බලල ඒකත් පටවගන්නව හරිද මල්ලි ''

යැයි කියු සමන්තිලක නැවතත් නිවස තුල‍ට පිවිසියේය

'' තිලක් මහත්තයෝ... සුප් එහෙම තියනවනං මෙහෙම්ම පිලි ගැන්වුවානං ''

'' අවසර අපේ හාමුදුරුවනේ .......සුප් පිලියෙල කරන්ඩ අතපසු උනා ''

'' හා හා ඒකට කමක් නැ , එහෙනං අරව පොඩ්ඩක් ගම්මුකෝ තව ''

''එහෙමයි .....එහෙමයි''

කියමින් පියනින් වසා පරිස්සමින් පැත්තක තැබු භාජනය රැගත් සමන්තිලක නැවත වරක් අතින් පිගාන වසනතෙක් පිගානට බෙදුවේය , තව තවත් හඩ බාල කල ලොකු හාමුදුරුවෝ .

'' මෙව්වා නොම්මර එකේ කෑම මහත්තයෝ , දැං මෙව්වයේ ඇහැටවත් දකින්ඩ නැ ''

'' එහෙමයි හාමුදුරුවනේ .......ගිය සතියේ මං මන්නාරං ගියා එහෙදි හම්බුනේ ඔබ වහන්සේ මතක් වෙලා තියාගත්තා ''

'' හොදා හොදා මහත්තයෝ ''

අටපිරිකර හත පිලිවලින් පුජාකොට කුඩා හිමිවරුන්ට අනෙක් පිරිකර තුන පූජාකර , මතකපැන් වක්කොට දානයේ වැඩකටයුතු අවසන්කර නැවතත් ජගත් සමග පන්සලට වඩම්මන අතර තුර , පාර නිදහස් තැනකදී පසු පසට හැරුන සමන්තිලක

'' මල්ලි කෝ අරක ''

අසුන් අතරින් ඉදිරියට රිංගා ජගත් දික්කල ලියුම් කවර ටික තනි අතින් ලොකු හාමුදුරුවන්ට දික්කල සමන්තිලක

'' හාමුදුරුවනේ ගමං ගාස්තු ''

'' අපිටත් එක්කද,  මක්කටෙයි මහත්තයෝ අපට''

කියු ලොකු හාමුදුරුවන් වහන්සේ . එක් ලියුං කවරයක් රැගෙන අනෙක් සියල්ල පිටිපස සිටින හිමිවරුන්ට පසු පසවත් නොබලා දික්කලේය.

වේගයෙන් පැමිනි වැන් රඡය පන්සල් වත්තට පිවිසුන පසුව කට හඩ අවදිකල ලොකු හාමුදුරුවෝ

'' පොඩි උන්නාන්සෙල බස්සල . පොත්තේකන්දේ දෙනම එහෙට බස්සගනම දෙවෙක්කදු යං මහත්තයෝ , අපේ ඉස්කෝලේ හාමුදුරුවන්ව ඉන්ටර්සිටියට දාගන  එන ගමං බැරියැ  ධර්මරත්නව යටිපිලින් බස්සගන එන්ඩ , කරඩුව තියල මං දුහල එන්නං ටවුමේ ෆෝන් කඩයට යන්ඩ ඕන දැං හදන්ඩ දිලා සති ගානක් ''

මුවින් කිසිවක් නොකියා නිහඩව සිටි සමන්තිලක සියල්ලන්ව කියනා තැනකින් බස්සා අවසානයේ සැතපුම් පහලවකටත් වඩා පැමින ප්‍රධාන මාර්ගයේ දිවෙන ඉන්ටර්සිටි බසයක් ජගත් ලව්වා  නවත්වා ඉස්කෝල ගුරු හිමිනම එයට නග්ගවා පැමීන , පැයකටත් වැඩි කාලයක් දුරකතන අළුත්වැඩියාකරන තැනකත් කාලය කාදමා ,පන්සල් මිදුලෙන් ලොකු හාමුදුරුවන්ව බැස්සුවේය.

'' එහෙනං මහත්තයෝ බොහොම ස්තුතියි ''

'' තරහ අවසර අපේ හාමුදුරුවනේ , අර ගුරු හාමුදුරුවෝ කොහොමටත් සිකුරාදා ඉස්කෝලේ ඇරිලා තමුන්ගේ පන්සලට වඩින මනුස්සය මිසක් මගේ වැඩේට ආවා නෙමෙයිනේ , කොහොමින් කොහොමහරි  දැන් වෙලාව තුනහමාරත් පැනල , දානේ තිබ්බේ මගේ ගෙදර , කාලෙකින් ආපු නෑදැයෝ , යාලුවෝ , වැඩපලේ මිනිස්සු ඔක්කොම අපේ ගෙදර , ගමංගාස්තු දිලත් අන්තිමට මට උනේ පැයගානක් වටේ කැරකෙන්ඩ , මං ඩීසල් එක්ක වාහනයක් උස්සං එන්ඩ පුලුවං ආණ්ඩුවෙ තැනක ඩයිවර් කෙනෙක් වෙච්ච හන්දා හොදයි , නැති බැරි අහිංසකයෙක් දානයක් දෙන්ඩ ගියානං ..............අම්මට  %^*&^%$%^  නේද ''