'' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද ''
'' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ උදෙත් ඇහැරෙව්වා ''
'' පුදුම නින්දක්නේ මේක , ගෙදර හිටියොත් බුදි , තමුසෙ කොල්ලෙක් නේද ....ගේ අස්සට රිංගගන ඉන්නේ නැතුව ටිකක් එලියට පහලියට බැහැල ඇවිදිනවකෝ ''
'' මං කොහේ යන්ඩද ..............වදදෙන්නේ නැතුව ගිහින් එක්ක එනව ''
'' මොනවද මල්ලි එහෙම උදව්ක්වත් කරනවකෝ ................ඔය කම්මැලිකම හන්ද තමයි තමුසෙට තව කෙල්ලෙක්වත් යාලු කරගන්ඩ බැරි උනේ ''
'' අම්මෝ මේ ...ඔන්න අදත් පටන්ගන්ඩයි යන්නේ .......ගෑනු නං එපා ''
'' මේ අර බොරලැස්ගමුවේ ළමයගේ ගෙදරින් කතා කරා කියල අම්මා කියුවා ..........ඒ ළමයත් තමුසෙ වගේ බලන හැම එකටම බැ කියකිය ඉදලා එදා අපි ගිය දවසේ රෑම කැමතියි කියුවලු , නිකං බොරුවට මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා මඩවන්නේ නැතුව මේකටවත් කැමති වෙලා පිලිවලක් වෙනවා''
එතෙක් වේලා මුනින් අතට කොට්ටයට මුහුන හංගාගන නිදා උන් සිදත් , ඇද කොනේ හිදගන තමන්ගේ දකුනු කකුලේ ගනව වැඩුනු රෝම කූපයන් සියුම් වේදනාවක් නැගෙන ලෙස අදිමින් උන් සොහොයුරියගෙන් පය මුදවාගන ඇද විට්ටම මතට කොට්ටය විසිකර ඒ කොට්ටයට පිට තද කරමින්
'' අනේ මේ ..ලොකු ..අක්කේ මට වද නොදි ඉන්නව ''
'' නිකං පලක් නැති විකාර වැඩ කරන්ඩ එපා මල්ලි .................තමුසේ බදින්නේ නැත්තං ඒක කෙලින්ම කියල ..අපිව රස්තියාදු නොකර නිකං ඉන්නව .............අර අම්මටයි තාත්තටයිත් වද දිදි රට වටේ ගෙවල් ගානේ ඇවිද ඇවිද කකා බිබි , මොනවද මේ කරන්නෙ ''
'' ඔය හැම එකකටම මම යන්ඩ බෑ කියද්දි කවුද මාව ඇදගන ගියේ ............ගෙදර ඉන්දැද්දි චුටි අක්කා හැමතැනම දැක්කුවා , මෙහෙට ආපුවහම ඔයා ''
'' හරි දැන් එතකොට කවදාවත් තමුසේ බදින්නේ නැද්ද ''
'' මං කවදහරි එහෙම කියුවද ''
'' එහෙනං මොකද අර කෙල්ලගේ තියන වරද , ගැජුවට් කෙනෙක් , පවුලේ එකම කෙල්ල , ජොබ් එකත් නරක නැ , මටනං හොදට හිතට ඇල්ලුවා ..ශෝෂල් කැරැක්ටර් එකක් ''
'' අප්පෝ හරියන්නැ ''
'' ටිකක් කලු උනාට බලනවකෝ මූනේ සිරියාව , ............අර එලියට වෙලා කතා කරනකොට මොනවද මල්ලි කියුවේ ''
'' එයාව බලන්ඩ ආපු නමවෙනි කොල්ල මං කියුවා ''
'' අන්න බලනව ඒ ළමයගේ හොද කමට එහෙම කියුවා .............ඉතින් ඔයා මොකද කියුවේ ''
'' මං බලන්ඩ ගිය ගාන මතක නැ කියුවා ''
'' අනේ උඹ වාගේ මැට්ටෙක් ...........ඉතින් මොකද එතකොට කියුවේ ''
'' අතින් කට වහගන හිනා උනා ''
'' උඹ හොදයි අපිටම ලැජ්ජා කරන්ඩ ........ඉතින් වෙන මොනවද කියුවේ ''
'' මං බොනවද ඇහුවා .............සිකරට් ගද ඉවසන්ඩ බැ කියුවා එහෙම කෙනෙක් නං බදින්නේ නැ කියුවා ''
'' ඔයා බොනව කියල කියුවේ නැ නේද මල්ලි ''
'' කොහෙද ඕයි මං බොන්නේ ''
'' අනේ මේ නිකං ඉන්නව .............කාර් එක පෙරලගත්තේ පන්සල් ගිහින් එනකොට වෙන්ඩ ඇති ...., අර කරපිංච ගහයට තියෙන්නේ අල්ලපු ගෙදර පෙරේරා අංකල් බීපු සිකරට් කොට වෙන්ඩ ඇති ''
'' කවුද දන්නේ ඇන්ටිට හොරෙන් ලිං බැම්මට මුවාවෙලා සිකරට් බීලා අංකලය මෙහාට විසිකරනව ඇති ''
'' අනේ මේ......................හරි එහෙනං කියනව බලන්ඩ ඒ ළමයගේ තියන අඩු පාඩුව මොකක්ද ''
'' මහ මෝරච්ච පාටයිනේ ලොකු අක්කේ ''
'' තමුසෙට දැන් තිස් හතරක් හරියට බැලුවොත් කසාද බදින වයසත් පැනල , ඒ කෙල්ලට තාම විසි නමයයි , ආයේ හිතන්ඩ එපා ඔහොම ෆොපොසල් එකක් එයි කියල .............හැරමිටියක් ගන්ඩ ඕන කාලේ ...හාපැටව් වාගේ කෙල්ලෝ හොයනව , ශාන්තත් කියුවා මැයිවල ආපුවහම වෙඩින් එක ගන්ඩ කතා කරගන්ඩ කියල ''
'' එහෙනං මැයි වල ඇවිත් ශාන්ත අයියට ඒක කරගන්ඩ කියනව , තමුසෙත් කැමති එකේ ශාන්ත අයියට ඒක කරල දෙනව .....අම්මෝ මෙන්න වැන්දා .. දැන් වත් යනවද ''
'' උඹ ඔහොම්ම නිදාගන හිටහං ...අපේ ළමයි දහම්පාසලෙන් ගේන්ඩ බැරි උනාට ............උඹට උන්ගේ ළමයි ගේන්ඩ ..ගෙනියන්ඩ තමයි වෙන්නේ ඔහොම ගියොත් ''
'' පිස්සු හැදෙයි එහෙනං , ........හරි හරි මම ගිහින් පොඩි උන්ව එක්කගන එන්නං ''
හනිකට නානකාමරයට වැදි මුහුනට දිය දෝතක් ඉසගත් සිදත් මුදල් පසුම්බිය සහ මෝටර් රථයේ යතුර ගෙන මිදුලට පැමින ගේට්ටු පියන් හැර රථය පනගන්වාගන විහාරස්ථානය බලා පිටත් ඌවේය.
....................කෝ යකෝ එක ලමයෙක්වත් නැනේ ......පරක්කුවෙලා ආව හන්දා පාරේ වට පිට බැලුවෙත් නැ , කෙල්ලයි කොල්ලයි පයින්ම ගෙදර ගියාද දන්නැ . එහෙම නං ඉන්ඩ හම්බෙන්නේ නැ ලොකු තැනගෙන් , .......හැබැයි බය වෙන්ඩ නං දෙයක් නැ .....නිවුන්නු ඩබල හන්දා ..එකෙක් තනිකරල අනික කොහෙටවත් යන්නේ නැ , කෝකටත් ඇතුලට ගිහින් බලනව , ................ඒත් පන්සලට ...........මේ ෂෝට් එකකුයි අත් නැති ටිෂර්ට් එකකුයි ඇදගන ........ඒත් පොඩි උන් දෙන්නා කොහේද කියල දන්නේ නැ නේ ...........ඕන එකක් ..........ඇතුලට ගිහින් බලනව ..........
පන්සල් මිදුලේ කිසිවෙකු පෙනෙන්නට නැති බැවින් දහම් පාසල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලට නැගි සිදත් ඒ ශාලාවෙහි කිසිවෙකු නැති බව දැක තෙවැනි මහලට නැග ඒ ශාලාවේද කිසි වෙකු නැති බැවින් ආවාස ගෙටවත් ගොස් අසා දැනගන්නවා යැයි සිතා නැවත හැරුනේය.
'' අකලංකවද බැලුවේ ..........අවංකයි දෙන්නම මෙතන ඉන්නව ''
යන හඩට ආපසු හැරුන සිදත් දුටුවේ ශාලාව එහා කොනේ පිහිටි කුඩා කාමරයෙන් එලියට පැමිනි සුන්දර යුවතියකි , ඇගේ සුන්දරත්වය දුටු මතින් ගල්ගැසි ............මෙච්චර ලස්සන දහම්පාසල් ටීචර් කෙනෙක්............. යැයි සිතමින් දෙනෙත් නොසොලා ඒ සුන්දරත්වය විදිමින් හුන් සිදත් නැවතත් නැගුන ඇගේ ලගන්නාසුලු හඩින් පියවි සිහියට පැමිනියේය
''දරුවට ඔලුව කැක්කුමයි කියල ඩෙස්ක් එකට ඔලුව ගහගන හිටපු හන්දා පාර අයිනට නොයා ගෙදරින් එනකං ඉන්න කියල කියුවා...........පුතාල එන්න තාත්ත එක්කගන යන්න ඇවිත් ''
මොහොතකින් එලියට පැමිනි අවංකා .....
'' මේ තාත්ති නෙමෙයි ටීචර් ....අපේ චුක්කී මාමී''
'' සමාවෙන්න .....මම දන්නේ නැනේ ''
අසරණ වරදකාරි බැල්මක් සිදත් වෙත හෙලා ක්ෂනයකින් බිම බලාගෙන කාමරය තුලට වැදී බෑගයක් සහ පොත් මිටියක් රුගෙන අකලංකවද පෙරටු කරගනිමින් එලියට පැමින දොර වසා දමන ඇගේ
හිසට ඇලෙනලෙස පස්සට පීරා දිගට ලිහිල්ව ගොතන ලද තදකළු කොන්ඩය කොතරම් ලස්සනදැයි බලාහුන් සිදත් අමාරුවෙන් වචන ගැට ගසාගත්තේය.
'' බොහොම ස්තුතියි , අපි එහෙමනං ගිහින් එන්නම් මිස් ''
'' හොදයි ..තෙරුවන්සරණයි ''
දරුදෙදෙනා සමග මදදුරක් පඩි පෙල බැස පැමිනි සිදත් නැවත වරක් හැරි ඇය පැමිනෙනවාදැයි බැලු සිදත් හා සිනාසුන ගුරුතුමිය වමතින් ඔසරි පොට ගෙන පඩි පෙල බසින වේගය වැඩි කලේය.
මෝටර් රථයවෙත දිවගිය දරු දෙදෙනා තමාට පෙර රථයට ලංවූ බැවින් සාක්කුවට අත රිංගවු සිදත් ඇගිලි තුඩින් බොත්ත සොයා තදකර දොරහරිමින් ඇන්ජිම පනගන්වා ගනිමින්ම රථයට නැගුනේය.
'' ඔයාලගේ ටීචර් ඉන්නේ කොහෙද ''
'' අපේ පාරේම ඈතට යනව .....''
'' එහෙනං එයාවත් එක්ක යමු නේ ''
'' අනේ ෂෝක් ''
යැයි කියු අවංකා වීදුරුව හැර හිස එලියට ඔබමින්
'' ටීචර් ..එන්න ..අපිත් එක්ක යං ''...............යැයි කෑගැසුවේය
පැති කන්නාඩිය තුලින් වැලිපොලව මත කොරවක් ගමනින් පැමිනෙන යුවතිය දෙස බලා හුන් සිදත් ඇය රථය අසලට පැමිනෙනවාත් සමගම වම් පසට නැමී ඉදිරි පස දොර හැර එලියට හිස පෙව්වේය.
'' එන්න මිස් අපි ඩ්‍රොෆ් කරන්නං ''
ආචාරශීලිව කද නමමින් රථය තුලට එබුන යුවතිය
'' බොහොම ස්තුතියි , කමක් නැ , මම පයින් එන්නම් ''
'' අපිත් යන්නේ ඒ පාරෙමනේ , ඇරත් මිස්ට පරක්කු උනේ අපි හන්දනේ ....එන්න එන්න යමු ''
'' යමු ...යමු....අනේ එන්නකෝ ටීචර්...''
අකමැත්තෙන් උවද ගැලවීමක් නොමැති බව දැනුන බැවින් ඉදිරිපස දොර හැර තිබෙනවා නොදුටුවාක් මෙන් පසු පස දොර හැර රථයට නැගුන ගුරුතුමිය දොර වසාගන්නවාත් සමග රථය ඉදිරියට ගත් සිදත් වමතින් ඇය දෙසට පසුපස බලන කන්නාඩිය සකස් කලේය.
පියකරු කුඩා මුහුනටම ගැලපෙන කුඩා නාසය , දිගු ඇහිබැම සහිත රවුම් කළු පැහැති ඇස් , පළල් නළල් තලය , රවුම් හැඩයෙන් පුර්නව නිමැවී සිහින් ඉරි දෙකක් වැටුන බෙල්ල , පටු ඔසරි පොටට හරි හැටි නොවැසුන රවුම් කුඩා පියයුරු , හැට්ටය සහ සාරිය අතරින් මදක්වත් නොඉලිප්පුනු උදරය . ..............පොත් ටික උඩින් තියාගන ඉන්න ඇගිලි ටිකේ ලස්සන ...........
තමන් ඇදෙස බලමින් රිය පදවනවා යැයි ඇයට දැනුනාදැයි සැකසිතු සිදත් බෙල්ල හරවා ඇ දෙසට හැරුනේය .
'' මිස් කොහෙද වර්ක් කරන්නේ ''
'' ටික කාලයකට මොකටද හිතුන හන්දා මොකකටවත් ගියේ නැ ''
'' එහෙනං ලගදි මැරි කරනවා ඇති ''
'' අපෝ නැ ''
මුවින් නොකීවද සිතින් ...........යාන්තං ඇති .....යැයි කියු සිදත් ...........
'' මිස් ඉන්නේ කොයි හරියෙද ''
'' මේ පැත්තෙන් ලග හින්දා ගියාට මම ඉන්නේ මැද්දෙගොඩ , නිල් දිය උයනේ ගෙවල් හදල පාර කපල අපේ පාරට යා කරාට පස්සේ පන්සලට එනකොට ලග හන්දා මේ පැත්තෙන් අපි ආවට ඉස්සර අපි ආවේ ගියේ දිවුල් ගහ හන්දියෙන් ''
'' එහෙනං පරණ ගං කාරයෝ ''
'' හම් ''
'' මාව ඔයාලගේ ගේ ලගින් බස්සන්ඩ ''
'' ඒ මොකටද ඒ .... යමු යමු අපි ගේ ලගට ඇරලවන්නං ''
'' අනේ එපා මොකට කරදර වෙනවද ''
'' මොන කරදරයක්ද ඔන්න ඔහොම ඉන්න ''
'' අනේ ටීචර් අපි එන්නංකෝ ...එතකොට අපිට ගේ බලාගන ..තාත්ත ආපුවහම එන්න පුලුවන් ටීචර් බලන්න ''
'' අන්න අපේ ගේ ''
නිවස පසුකර යන අවංකා කෑගසන දෙස සිනාසෙමින් බැලු සිදත්
'' හොද වෙලාවට කියුවේ නැත්තං අපි දන්නැනේ ''
'' මාමී ...අනේ මේ නිකං ඉන්න ඔයා ''
‘‘ ඔය ඉස්සර හන්දියෙන් දකුනට ගිහින් පාර බෙදෙන තැනින් නවතින්න , එතනින් එහාට වාහනය ගන්න බැ ‘‘
සෙමෙන් දොර වසමින් බිමට බැසගත් ගුරුතුමිය , විවරකල ඉදිරිපස වීදුරුව තුලින් ර
‘‘බොහොම ස්තුතියි .........තෙරුවන් සරනයි ගිහිල්ලා එන්න ‘‘
‘‘මම සිදත් සේනාරත්න මිස්ගේ නමවත් අහන්න බැරි උනා‘‘
‘‘ ආපෝ චුක්කි මාමි ඒකවත් දන්නැද්ද ..........පියුමිනේ ..අනේ ‘‘
අවංකා සහ අකලංක දෙස බලා සිනාසුන පියුමි
‘‘මම යනව පුතාල‘‘
යැයි කියමින් පටු පාරෙන් පහලට යන පියුමිගේ පුලුල් උකුල පිරුන නිතඹ දෙස ඇසිපිය නොසලමින් බලා ඉන්නට උනේය
‘‘ තව ඉන්නේ යන්කෝ මාමියෝ මට බඩගිනියි ‘‘
‘‘ හා..හා...යමු යමු ‘‘
යැයි කියමින් රථය පනගන්වා හරවාගත් සිදත් නිවසට පැමින කාමරයට වැදී සයනයේ දිග ඇදුනේය
................ගැහැනුන් සහ පරිමින් අතර වන ශාරිරික සහ මානසික බැදිම් ගැන ටිකෙන් ටික දැනගත් නවයොවුන් වියේ සිට තමා පැතු ඇයම නොවේද ..ඒ .....පියුමි ..........දුර ඇත පාසැල් වියේ අතරින් පතර වරින් වර අලුයමේ හැදිවත සහ කලවා තෙමා දමමින් නින්දෙන් පිබිදවු ඇයමයි ......ඒ හඩමයි , ඒ සිනහවමයි .............ඒ වතමයි ........
ඔය වගේ කෙල්ලෙකුට මේ වෙනකොටත් කොල්ලෙක් නැතිවෙන්ඩත් බැ ............අක්කට කියල හෝදිසි කරල බලන්ඩත් හිතයි එක්කෝ ඕනනැ , ......මේ කන මඩ මදෑ .....මමම කතා කරල බලනව .........ඒත් එකපාරටම ඔව්වා කියන්ඩ ගියොත් ..කෙල්ල මාව ගණන් ගන්න එකක් නැ .......සතියක් දෙකක් හිමිහිට බලනව
ඊලග සෙනසුරාදා දින උවමනාවෙන්ම මෝටර් රථය අස්පස් නොකල සිදත් පසුපස අසුනේ තිබෙන දැ එලෙසම තියෙන්නට හරිමින් , ඩිකිය තුල තිබු ලිපිගොනු සහ සගරා කිහිපයක් සහ ටෙනිස් පිත්තද ගෙන පසු පස අසුනේ එක් පසකින් තබමින් දරුවන් දෙදෙනාට හැර තවත් අයෙකුට හිද ගැනිමට ඉඩ ඇහිරුවේය .
ඉරිදින උදෙන්ම අවදිව අළුත් කමිසයකින් සහ කලිසමකින සැරසී සාලයට පැමිනි සිදත්
‘‘ පුතාල කෝ ඔයාල ලෑස්තිද ‘‘
‘‘ ඔන්න එක්කෙනෙක් නං මුන හෝදන්ඩ ගියා අනික් එක්කෙනා තාම කොට්ට එක්ක රෝල් වෙනව , වෙලාව තියනවනේ මල්ලි තාම හය හමාරයි ...............මල්ලි අද කොහේ හරි යන්ඩද ‘‘
‘‘....නැ .......මේ මේ ...ඔව් අද වර්කස්ලගේ ක්‍රීකට් මැච් එකක් තියනව පැයක් දෙකක් ඒ පැත්තට ඔලුව දාල එන්ඩ කියල ....නැත්තං හරිනැනේ , දවල්ට දෙන්නව එක්ක එන්ඩ එතහැකි ‘‘
‘‘ මල්ලිට පරක්කු වෙනවනං යන්ඩ මං දෙන්නව එක්ක යන්නං ‘‘
‘‘ ඕන්නැ කොල්ලො ටික ග්‍රවුන්ඩ් එකට එනකොටත් අටවත්වෙයි ‘‘
දරු දෙදෙනා රුගෙන රථය නිවසින් එලියට දමමින් මාර්ගයේ ඇතකෙන පියුමි පැමිනෙනවාදැයි බැලු සිදත්
...බාගදා කලින්ම යන්ඩ ඇති ....යැයි සිතමින් පැමින දරුවන් පන්සලට ඇරලවා ...........සොහොයුරියට පැවසු බොරුව නිසාවෙන් නැවතත් නිවසට යැමට නොහැකි බැවින් සේවය කරන ආයතනය දෙසට රිය පැදවුයේය.
කොහෙදෝ සිට දිව ආ ආරක්ශක නිලධාරියා
‘‘ සර් අද.......... හදිස්සියෙම ‘‘
‘‘නිකමට පැක්ට්රි විසිට් එකක් ආවා කුමාර , කවුද අද ඩබ්ලිව් එස් ඉන්නේ ‘‘
‘‘ ලොකු මහත්තුරු කවුරුත් නැ සර් වර්ක්ෂොප් විතරයි වැඩ ‘‘
‘‘ආ ඔව්නේ ‘‘
යැයි කියමින් කාර්යාලයට පිවිසි සිදත් දහවල් වනතෙක් පරිඝනකය සමග ඔට්ටුවෙමින් සිට දහම් පාසැල් ඇරෙන වේලාවට පැමින පන්සල ඉදිරිපිට රතය නවතාගන බලා සිටියේය.
පිටතට පැමිනෙන දරුවන් සමග පැමින මෝටර් රථයට නැගුන අවංකා සහ අකලංක දෙසට හැරුන සිදත්
‘‘ ඔයාලගේ ටිචර් කෝ ...ඒයාත් එක්ක යන්නේද ‘‘
‘‘ අපෝ එතකොට ගොඩක්වෙලා යයි ....ඔක්කෙමල ගියහම තමයි එයා එන්නේ ‘‘
‘‘ කමක් නැ අපි ටිකක් ඉදලා යං , පුතා ඔයා පිටිපස්සට යන්නකෝ ‘‘
ටික වේලාවකින් පන්සලේ පඩි පෙලෙන් බැස පියුමි පැමිනෙනවා දුටු සිදත් රථයෙන් බැස කටහඩ අවදි කලේය
‘‘ ඉතින් කොහොමද මිස් .... මෙයාල කියුවා පියුමි මිස් එනකන් ඉමු කියල ‘‘
‘‘ අනේ මොකට කරදර වෙනවද අපරාදේ ...මං නිසා කරදරේ නේද ‘‘
‘‘ එහෙම කරදරයක් නැ මිස් ....එන්න යමු ‘‘
රථය පසුපසින් අනෙත් පසට යන්නට සැරසෙන පියුමි ඇමතු සිදත්
‘‘ පිටි පස්සේ ඉඩ නැ ඉස්සරහින් නගින්න ..අනං මනං පිරිල ‘‘
ඉදිරිපසින් රථයට නැගි හරිබරි ගැසෙන පියුමිගේ ළදරුවකුගේ මෙන් සියුමැලි රෝසපැහැති පා ඇගිලි සහ විලුඹ දෙසට සිදත් ඇස යොමු කරනවා දුටු පියුමී
‘‘ අනේ සමාවෙන්න ....සෙරෙප්පු දෙකේ මඩ ....‘‘
‘‘ නෑ ...නෑ ඒකට කමක් නැ ...........වාහනයක මඩ ගෑවුනාට මොකද ‘‘
උකුල උඩින් තබාගත් බැග් එක මතින් තබාගත් පොත් මිටිය සකසන පියුමි හා කතා කරන්නට යමක් ගැන සිතමින් සිටි සිදත්
‘‘ පියුමි ගොඩක් පොත් කියවන පාටයි ‘‘
‘‘ හම්....ගොඩක්ම බණපොත් තමයි ‘‘
සිහින් සිනහවක් මුවට නගාගත් පියුමි සෙමෙන් හිස පැද්දුවේය
‘‘ මොකක්ද ඔය පොත ‘‘
‘‘ .....ගිහිජීවිතය සහ බුදු දහම..... මෙහෙනින්වහන්සේ කෙනෙක් ලියපු පොතක් , ළමයෙකුට කියවන්න දීලා ආපහු ගෙනත් දුන්නේ අද ............මිස්ටර් ඕන නං කියවන්න ‘‘
තමන් වෙත දිගුකල පොත වමතින් රැගෙන පිට කවරය බැලු සිදත් ඩැස්බෝඩය මතින් පොත තබා
‘‘ මමත් කියවන්න හරි කැමතියි , ඒත් කාලය හොයාගන්න එක හරිම අමාරුයි ගත්ත පොත් ගොඩක් තියනව තාම කියවන්න බැරි උන ‘‘
යැයි බෙරුවට කියු සිදත් පසුපස බලන කන්නාඩිය තුලින් අවංකා සහ අකලංක දෙස බැලුවේ .....මුන් දෙන්නා කට ඇරියොත් මං විනාසයි .............යන හැගීමෙනි, පොඩි උන් දෙන්නාට වගේ වගක් නැති සැටියකි
‘‘ දැන් හැමොටම එහෙම තමා .....දුහනව දුහනව .....නිදහසක් නැ ‘‘
‘‘ එහෙම නැතුවත් මේ යන ක්‍රමයත් එක්ක යන්න අමාරුයි ‘‘
‘‘ හම් ‘‘
‘‘ පියුමි හිතන්නේ ටිකක් අමුතු විදිහට නේද‘‘
‘‘ ඇයි එහෙම හිතුනේ ‘‘
‘‘ ගර්ල්ස්ල ගොඩක් වෙලාවට ඔහොම බැරෑරුම් විදිහට හිතන්නේ නැනේ , පියුමි එක්ක කතා කරන්න ආසා හිතෙනව , අනිත අයට වඩා හරිම වෙනස් ‘‘
කිසිවක් නොකියා සිනාසී මාර්ගය ඉදිරිය බැලු පියුමි
‘‘ ඔයාලගේ ගෙවල් ලගින් මම බහින්නං , අපරාදෙනේ රස්තියාවෙන්න එපා ‘‘
‘‘ අනේ ඒකට මක්වෙනවද , අපි ගිහිල්ලා එමු ‘‘
එදිනද පියුමිව ඇරලවා නිවසට පැමිනි සිදත් ඇ ගැනම සිතන්නට වුවේය , ...............මේ කෙල්ලට මේක කොහොමද කියන්නේ දැනගන දවස් දෙකට කොහොමද එකපාරටම ඔහොම එකක් අහන්නේ ...........අනික ඒවාගේ දේවල් කතා කරන්ඩත් එච්චර මනාපයක් නැති පාටයි , ..කොහොමහරි කරල අක්කව ඒ ගෙදරට යැව්වොත් ................අක්කනං හැබැයි කැමැත්තෙන්ම යයි ,,,,,,,,,,,,,, බාගදා ඒකත් ඈලියාවට යයිද දන්නේ නැ .............කෝකටත් හොදයි මමම මේක ඉවරයක් කරගන්න එක ................. ඕන දෙයක් වෙන්ඩ කියල ලබන ඉරිදට අහල බලනව.............ඒත් පොඩි උන් දෙන්නා එක්ක බැනේ ............නැත්තං උදෙන්ම නැගිටල ගිහින් ඒ ළමයින්ගේ ගෙවල් ලග පාරට වෙලා ඉදල කතා කරනව ........හොදමදේ තමයි ලියුමක් ලියල දෙන එක .............ඒක හරියන එකක් නැද්ද.......කොන්දක් නැති බොලද වැඩක් කියල හිතයිද ........ඕන දෙයක් වෙලා යන්ඩ කියල ලියුමක් ලියල අර දුන්න බණ පොත අස්සට දාල ගිහින් දෙනව ....එක සතියට ..එච්චර ලොකු පොතක් කොහොම කියෙව්වද කියල බලයි ..............නැ ඒක එහෙම්ම තියල අළුත් පොතක් කඩෙන් අරගන ඒක අස්සට දාල දෙනව , ..වැඩේ අප්සට් උනත් ඊලග දවසට අර පොත දෙන මුවාවෙන් කතා කරන්ඩ පුලුවන් . හැබැයි හොයල ගන්ඩ වෙන්නේ අළුත්ම අලුත් පොතක් ...............නැත්තං පොත ගෙනිහින් දික්කරහම ..........ඔය පොත හොද පොතක් මම කියවල තියනව..............කියුවොත්
ඉන්පසු ගෙවුන සතිය පූරාම ඇගිලි ගනිමින් උන් සිදත් සෙනසුරාදා සේවය අවසන්ව පොත් කඩයකට ගොඩ වැදුනේය.
‘‘ මොනවද අළුත්ම බණ පොත් තියෙන්නේ ‘‘
‘‘ දවස් දෙක තුනකට කලින් පිටවුන පොතක් තියනව මහත්තය ..........භාවනා ගැන ලියවුන පොතක් ‘‘
‘‘කෝ බලන්ඩ මොකක්ද .....ආ ......මහායාන භාවනා ක්‍රම .........මේක මට දෙන්න ‘‘
පොතත් රැගෙන නිවසට පැමිනි සිදත් නිවසේ සියල්ලන් නින්දට යනතුරු හිද එක් එක් ආකාරයට ලියමින් ආමන්ත්‍රනය වෙනස් කරමින් සෙනෙහෙපත් හත අටක්ම ලියා විසිකරමින් ..........කොහොම ලියන්ඩද මන්දා ...........පුරුද්දක් තියන එකක් යැ , ....කාගෙන් හරි අහන්ඩයැ ............වැල් වටාරං එකක් වත් ඕන නැ. .....කාරනාව විතරක් ලියනව....
හිතවත් පියුමි
මෙතෙක් කලක් මා මගේ ජීවන සහකාරිය කරගන්නට සෙවුයේ ඔබවැනි යුවතියකි , ඔබේ අකමැත්තක් නැත්නම් වැඩිහිටියන් සමග ඔබේ නිවසට පැමින කතා කරන්නම්.
සිදත් සේනාරත්න
යනුවෙන් ඒෆෝ කොලයේ මැද්දට වන්නට ලියු සිදත් කොලය හතරට නවා පොත අස්සට දමමින් නින්දට වැටුනේය.
රැමැදියමත් පසුවන තුරු නොනිදා සිටි නිසා තද නිනිදට වැටුන සිදත් ........අවංකා කාමරයට පැමීන කතා කරනා හඩින් පිබීදී .......හනිකට ලක ලෑස්තිව ලිපිය දැමු පොතත් රැගෙන
.............බැරි වෙලාවත් උදේට හම්බුනොත් ...........දිලා දානව ................යැයි සිතමින් දරු දෙදෙනාද සමග මෝටර් රථයට නැගී .......පියුමී සිටිනවාදැයි මග දෙපස බලමින් පැමින පන්සල අසල වෙනදා රථය නවත්වන තැන ඉදිකොට ඇති ගොක්කොළ තොරණ දෙස බැලුවේය.
..... ඉතින් අවසරයි ගුරු මව්නී .....
‘‘ මොකක්ද පුතේ අද දහම්පාසලේ උත්සවයක්ද ‘‘
‘‘ අද තමයි පියුමී ටීචර් අපිට උගන්නන අන්තිම දවස ....එයා මහනවෙන්නයි යන්නේ ‘‘