පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප දෙනෙකුත් අයාලේයන සුනඛයන් සපාකෑමට ලක් උනා , අපේ උන්දැව පාරේ යනකොට කොහෙදෝ ඉදන් ආපු බල්ලෙක් කාලා දුහලා , පොඩි දුවව ළමා උයනේ ඔන්චිල්ලා පැද පැද ඉන්නකොට , අනිත් දුවව ඉස්කෝලේ ඇතුලෙදි , තවත් කෙනෙක්ව කඩයක හදන බල්ලෙක් ( කඩකාරයා එයාලගේ කියලා පිලිගන්නේ නෑ ) , තව කෙනෙක්ව ගෙදරක හදන බල්ලෙක් ඒ බල්ලා තරමක් මිළ අධික බල්ලෙක් උනත් ඒකවත් නියමිත දිනයට එන්නත් කරලා නැ.
ඔන්න ඊටපස්සේ ඒක හරි නෑය කියලා ආවා සැත්කම් සීන් එක , පාරේ ඉන්න සත්තු අල්ලන් ගිහින් සැත්කම් කරලා නැවතත් ඉන්න තැන්වලටම ගෙනත් දානවා , නමුත් ඔතනදි වැඩි අවධානය දුන්නේ ගෑණු සත්තුන්ට ..... බල්ලෝ පස්සේ එහෙමට එලෙව්වේ නෑ , ඉතින් පාරේ බල්ලෝ පැන්නා ගෙවල්වලට , ගෙවල්වල හිටිය උසස්කුලවල බැල්ලියන්ට ලොකු උම්මා දුන්නා ....... අනේ ඉතින් පැටව් ලැබුනහම විකුනාගන්ඩ බෑ ....... ගෙවල්වල එවුන් කලවං බල්ලෝ පාරට දානවා ........ දැන් පාරේ ඉන්න බල්ලෝ බලන්ඩ ...... කැරපොතුලංසි වාගේ එහෙටත් නෑ මෙහෙටත් නෑ ........ උන් දුක් විදිනවා ඔක්කොටම වඩා,
දැන් නං පේන හැටියට ඒ සැත්කම් සීන් එකත් නැවතිලා .. දැන් ඉතින් එහෙමනේ යාන්තං හරි හොදයි කියලා දෙයක් තිබ්බානං .ඒ හැම දේම නැවතිලානේ.ඔය මම උඩින් කියුව සපාකෑම් සිංහල හවුන්ඩ්ලා කරපුවා නෙමෙයි , බිරිද සහ දරුවන් කියන හැඩහුරුකම්වලින් ක්රෝස් බ්‍රීඩ් බල්ලෝ , නිකමට මතක් කරලා බලන්න දැන් පාරවල්වල ඉන්න තරමක් ඉන්නේ කලවං බල්ලෝ , පොඩි කාලේ ලස්සන නිසා උස්සං යනවා , ලොකු වෙනකොට ගහලා පන්නනවා , පරිසරයට ඔරොත්තු දෙනවත් අඩුයි උන්...... අනේක දුක් විදලා යක්කු වෙනවා ඒ සත්තු.... මගේ ලග ඉන්නවා පාරට අතඇරපු ඩෑෂ්හවුන්ඩ් කෙනෙක් . ගෙදරට ගෙනාපු මුල් කාලයේ එක්තරා හැඩයක් සහ පෙනුමක් තියන කාන්තාවන්ට බේරන්න බැරි විදිහට කන්න පනිනවා , දැන්නං එහෙම නැ , හොදටම කියනඑක අහන්නේ එයා , කාටවත් හපන්න පයින්නේ නැ.
රාජ්‍ය නොවන සංවිධාන වලින් ගොඩාක් මේ ගැටලුවට මැදිහත් උනත් එයාලගේ ශක්තිය මදි මේ ගැටලුව විසදන්න.
ජලභීතිකාවෙන් ආරක්ෂා කරගැනීමට ජංගම සායන මගින් සුනඛයන් නොමිලේ එන්නත් කිරීම අනාදීමත් කාලයක ඉදන් රජය විසින් සිදුකරනවා , ඒ නැතත් තමන්ගේ ප්‍රදේශයේ තියන රජයේ සත්ව රෝහලෙන් තමන්ගේ සුරතලාව , රුපියල් 500 කටත් වඩා අඩු මුදලකින් එන්නත් කරගන්න පුලවන් , එතෙන්ට යන්ඩ ලැජ්ජයි වාගේ නං ... දැන් හැම තැනම තියන පුද්ගලික සායනයකින් රුපියල් 1000 කට අඩු මුදලකට ජලභීතිකාව සදහා එන්නත් කරගන්න පුලුවන්.
ඉතින් කරනවද නෑ ........ ජලභිතිකාව සහ සුනඛයන් සදහා නිර්දේශිත අවම එන්නත් කිහිපය වසරක් සදහා පුද්ගලික සායනකින් එන්නත් කලත් වැය වෙන්නේ රුපියල් 3000 කට අඩු මුදලක් ....... රජයේ සායනයෙන් 1500 ක් යන්නෙත් නෑ.
හැබැයි යම් සතෙකුගේ සපාකෑමකට ලක් උනහම ... අදාල පුද්ගලයා ජලභිතිකාවෙන් ආරක්ෂාකරගැනීමට එන්නත් සදහා විතරක් රජය විසින් රුපියල් 100000 කට අධික මුදලක් වැය කරන්න ඕන. ........... ( මේක දකින පශු වෛද්‍යවරු සහ වෛද්‍යවරු මම කියන දේවල් වල අඩුපාඩු සහ වැරදි තියනවනං නිවැරදි කරන්න )
ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා ... බල්ලට එකපාරක් පිස්සු බලු රෝගෙට විද්දහම ඇති , මුලු ජීවිත කාලේටම ඒ ඇති කියලා , පළමුවෙනි අවුරුද්දේ මාත්‍රා තුනක් තියනවා ......ගොඩ දෙනෙක් ඔන්න බලු පැටියට පලවෙනි සුලු මාත්‍රව දෙනවා .......... දෙවනි එක තමයි නියම මාත්‍රව ඒක දෙන්නෙත්නැ , වයස වසරක් වීමට පෙර තියන තුන්වෙනි එක දෙන්නෙත් නෑ ......... ඊට පස්සේ අහල පහල පන්සලකට නොමිලේ ජලභීතිකාවට බෙහෙත් විදින්න ආවොත් යලට මහට විදිනවා .... සමහරු ඒහෙමත් නැ.
සතා කාවහරි කෑවහම ..... හරි ලොකුවට කියනවා ............ ආ අපි බෙහෙත් විදලා තියෙන්නේ ............. කෝ ඉතින් පොත ........... ආ මේ කොහෙද තිබ්බාආ .... මේ තියෙන්නේ ෂිබා කියල ලියලා .... විදලා තියනවා .......අ%@ගේ $@ත .......
නියමිත විදිහට එන්නත් කරලා තියන සතෙක් හපාකාපුවහම ...... මූලිකව දෙන ජලභීතිකා එන්නත සහ පිට ගැස්ම එන්නත සහ .. ප්‍රතිජීවක එන්නතත් එක්ක රජයට දරන්න වෙන්නේ බොහොම සුලු වියදමක් ........ දිගින් දිගට සපාකෑමට ලක්වුන කෙනා රෝහලක් වෙතයාම හෝ ජීවිත අවදානමකුත් නෑ , වලක්වාගන්න පුලුවන් මේක ලේසියෙන්ම.
බල්ලෝ විතරක් නෙමෙයි , පුසෝ වාගේ සුරතල් සත්තු සියල්ලන් ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕන .........සතෙක් හපාකෑවහම තුවාලය හොදින් හෝදලා හැකි ඉක්මනින් රෝහලකට යන්න ඕන.
බය වෙන්න එපා ඉස්සරවාගේ වාට්ටුවක නවත්තගන බුරිය වටේ ඉන්ජෙක්ෂන් විසි එකක් ගහන්නේ නැ , හැම රෝහලකම තියනවා වෙනමම කාමරයක් , අන්න ඒකට එක්කං ගිහින් ඉස්සෙල්ලම සුලු මාත්‍රාවක් විදිනවා ඔයා ආසාත්මිකතාවයක් දක්වනවද බලන්න , යම් වේලාවක් ඔබව නිරීක්ෂනය කරලා නියමිත එන්නත සහ පිටගැස්ම සහ ප්‍රතිජීවක එන්නත් දෙනවා ( මේක දකින පශු වෛද්‍යවරු සහ වෛද්‍යවරු මම කියන දේවල් වල අඩුපාඩු සහ වැරදි තියනවනං නිවැරදි කරන්න ) , පැය හතරක් විතර පලවෙනි දවසේ ගතවෙන්නේ , දෙවනි සහ තුන්වෙනි සහ හතරවෙනි දවසේ ගියා කාඩ් එක පෙන්නුවා බෙහෙත විදගත්තා , ගෙදර ආවා , ඒක නිසා තමන් හදන එන්නත් කරපු සතෙක් කෑවත් රෝහලට යන්න වෛද්‍යවරයා දෙන උපදෙස් ඒ විදිහටම පිලිපදින්න.
දැන් අපි දැකලා තියනවනේ මෙතෙක් සුරතල් සතුන් වෙනුවෙන් පැවතුන රජයන් විසින් කරපු දේවල් 100% සාර්ථක නෑ .
අපි හදන සත්තුන්ව වලක්වාගත හැකි රෝග සදහා නිසි පරිදි එන්නත් කරන්න ඕන ( පශු වෛද්‍යවරු නිර්දේශ කරන සියලුම එන්නත් )
සතෙක් හදන්න ගන්න කලින් හොදින් හිතන්න ( පාරේ ඉන්න බල්ලෙක්ද , උසස් කුලයක බල්ලෙක්ද අදාල නෑ ) ඒ සතාව නාවන්න කන්න බොන්න දෙන්න බෙහෙත් ඇරං දෙන්න ඌ එක්ක සෙල්ලං කරන්න සහ සතාට ආදරය කරන්න තමන්ට කාලය , මුදල් සහ නිරවුල් මානසික මට්ටමක් තියනවද කියලා , හොදින් සලකන , රැකබලාගන්න කිසිම සතෙක් කවරදාකවත් මනුස්සයෙකුට පහරදෙන්න උත්සාහ කරන්නේ නෑ , ගෙදර බල්ලා යක්ෂයෙක් වෙලානං හදන කෙනාගේ අඩුපාඩුවක් තමයි.
බල්ලන්ව දකින දකින කෙනාට පහර දෙන මට්ටමෙන් හැදුවේ නැ කියලා ඌ නිකං කකා බුදියන්නේ නැ , ඔබව ඔබේ සමීපතයන් සහ දේපල ආරක්ෂාකරන්න අවශ්‍ය විටක ගැටලු ඇති නොවන මට්ටමින් ඉදිරිපත් වෙනවා විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය අවස්ථාවක යම් පුද්ගලයෙකුට විරුද්ධව මෙහෙයවන්නත් පුලුවන්.
තමන්ට පැටවුන් බලාගන්න බැරිනං කිසිමවිටක තමන්ගේ සතුන්ට ලිංගික ක්‍රීයාකාරකම්වල යෙදෙන්න දෙන්න එපා , ගැහැණු සහ පිරිමි සතුන් සියල්ලන්වම වන්දීකරණ සැත්කම්වලට භාජනය කරන්න.
විකිනීමේ අරමුනින් ඇති කරන උසස් කුලයේ සතුන් වටිනාකම , ශක්තිමත්බව සහ නීරෝගීභාවය අඩුවෙන ආකාරයෙන් නොගැලපෙන සහ රෝගි සතුන් සමග අභිජනන කරන්න එපා.
කිසිම විටක පවතින මිල ගණන් වලට අඩුවෙන් හෝ නොමිලේ කිසිවෙකුට සතුන්ව දෙන්න එපා.
මොනම හේතුවකටවත් සතුන් පාරට ගෙනත් දාන්න එපා
ජනගහනය වර්ධනය වීම සහ පුද්ගලක ඉඩකම්වල ප්‍රමාණය කුඩාවීම සහ ගැටලු සහගත මට්ටමින් සුනඛයන් බෝවීම ( උසස් කුලවල සුනඛයන් සහ සියලුම සුරතල් සතුන්ට අදාලවන පරිදි ) පාලන කිරීම සදහා. රජය විසින් කරන්න ඕන වැදගත් කාර්ය්‍යක් තියනවා
නිවාස වල ඇතිකරන සියලුම සතුන්ගේ තොරතුරු එක්රැස් කිරීම සහ සතුන් ඇතිකිරීම සදහා සුදුසු පරිසරයක් පවතිනවද කියලා පරීක්ෂාකරන්න ඕන.
යම්කිසි කෙනෙකුට සුරතල් සතුන් ඇතිකිරීමට අවශ්‍ය නම් , ඒ සදහා යම් මුදලක් ගෙවා අවසරපතක් ලබාගත යුතුයි කියලා නීතියක් පනවන්න ඕන.
සතුන් අයාලේ යෑමට ඉඩදෙන , පාරවල් වල අතරමං කරන අයට දඩ මුදලක් පනවන්න ඕන.
බලපත්‍ර ගාස්තු සහ දඩ මුදල් සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් වැයකරන්න ඕන. සතුන් ඇතිකරන අය සතුන්ට හොදින් සලකනවද කියලා හොයලා බලන්න ඕන. සත්ව හිංසනය පිලිබදව නීති බලාත්මක කරන්න ඕන.
මේ කාර්ය්‍යට අලුතින් සේවකයන් බදවාගන්න උවමනා නෑ , අදාල පලාත් පාලන ආයතන , ග්‍රම නිලධාරි , පලාත් පශු වෛද්‍යකාර්යාල , මහජන සෙඛ්‍ය නිලධාරි , ප්‍රදේශිය ලේකම් , පොලීසිය .......... මේ අයගේ රාජකාරියට අදාල ඔවුන් දැනට මැදිහත් නොවෙන වගකීම් මේවා.