Popular Posts

Showing posts with label මම ලියපු කෙටි කතා. Show all posts
Showing posts with label මම ලියපු කෙටි කතා. Show all posts

2018-04-02

කිරි පීල්ල



මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මා

මොනවද තාත්තේ

තහඩු කෑලී

මොනවටද

වැඩකට

මොකක්ද වැඩේ

කෝ අර රේල් පීලි කෑල්ල

තියනවා ආවුද පෙට්ටිය යට

ඒක අරං එනවකො

බරයිනෙ

බරයි තමා යකඩනේ

මං ඉතින් බැරි බැරි ගාතේ ඇගට හේත්තු කරගත්ත රේල් පීලි කැල්ල උස්සං ඇවිත්  බිම අත අරිනවා

මෝඩයා  සිමෙන්තිය කැඩෙනවා

කියන තාත්ත කාකී ෂර්ට් එකයි කලිසමයි ගලවලා සරමට බැහැලා , බිෂ්ටල් එකක් පත්තු කරගන බිම ඉදගන රේල් පීලි කෑල්ල ලංකරගන්නවා නමාගත්ත කකුල් දෙක ලගට

ලොක්කෝ අර කියත් පටි ෆ්රේම් එක ඇරං එනවා

මං ගිහිං ඉතින් ඒකත් අරං එනවා , තාත්ත රේල් පීල්ලේ එක කොනකට වෙන්ඩ සෙන්ටි මීටරයක් විතර තියලා  සෙන්ටි මීටර් බාගයක් විතර යටට කපනවා , කපන්ඩ ලේසි නැ

තලේ  කැපෙන්නැ

කොහේ කැපෙන්ඩද හැම රෙද්දෙම උලලා කනවනෙ  , අනික රේල් පීලේ යට පැත්තට වඩා උඩ පැත්ත හයියයි
 
මොකක්ද තාත්තේ  කරන්ඩ යන්නේ

පොඩ්ඩක්  ඉන්නවකෝ  පෙන්නන්ඩ , කෝ අර යකඩ කපන කතුර ඒකත් අරගන එනවකො

ආ

කතුර අතට ගන්න තාත්ත තල දෙක දිග ඇරලා බලනවා

ඒකත්  කාල

කියල ආයෙත් නැගිටිනවා

බෝතලයක කරක්  කපමු

බිජ්ජෙ කර තමා කපන්ඩ වෙන්නෙ

බෝලකුඩුවේ එල්ලල තියන කලිසං සාක්කුවට අත දාන තාත්ත සිමෙන්ති කවරයක ඔතලා තියන මොකක්ද පොදියක් අරගන ඇවිත් ලගින් තියාගන්නවා

කෝ අර නට් තියන බෙලෙක්කය අරගන එනවකො , යකඩ මිට තියන ඇලිස් කට්ටයි ටින්ටස් මිටියයි බෝලමිටියයි අඩු දෙකත් ඕන

ගෝනියක කට ලෙහලා එලියට තහඩු කෑලි ටිකක් ගන්න තාත්ත කතුර අරං සෙන්ටි මීටර් හතරයි හතරේ විතර කෑල්ලකුයි සෙන්ටිමීටර් එකයි , හතයි විතර සයිස් කෑල්ලකුයි කපලා අරගන්නවා

කෝ .. ගන්නවකෝ ... ඔකේ ඇති වානේ  නට් ... සිදුර පොඩි මස වැඩි එකක්

ආ තාත්තේ

ඇක්සල් නට් හරියන්නේ  නැ ... කො බෙලෙක්කෙ මෙහාට

දිලිසෙන ලොකු නට් එකක් ගන්න  තාත්ත ඒක රේල් පීල්ල උඩ තියලා ඒකට උඩින් තහඩු කෑලි දෙක තියලා , ඇලිස්කට්ටයි මිටියයි ආධාරයෙන් සිදුරක් හදලා , සිමෙන්ති කොලයෙන් ඔතපු පොට්ටනියෙන් ගන්න පුංචි ඇණයක් ඒ සිදුර අස්සට දාල රෙල් පීල්ලේ වෙන තැනකින් තියලා බෝල මිටියෙන් තලලා   ඇරං අර කපාගත්ත කට්ටේ අස්සට ලොකු තහඩු කෑල්ලේ දෙපැත්ත දාල අඩුවෙන් අල්ලලා ඇතුලට නමනවා , ඊලගට අඩුවක් අරන් දිග තහඩු කෑල්ලත් කොක්ක වගේ  නමනවා , නවපු ලොකු තහඩුවේ තියන ඇද කුද වලට ටින්ටස් මිටියෙන් හිමිහිට තට්ටු කරනවා.




ඔය මොකක්ද

පොල් කට්ටක් අරං එනවකෝ

ගෙනත් දෙන පොල් කට්ට අරං කොස්  ගහ ලගට යන තාත්ත අර හදාපු තහඩු අටමගල ගහට තියල මිටියෙන් ගහලා පොත්ත අස්සට බස්සලා පොල්කට්ට  ඒකට හමන්නනවා , ගහේ පොත්තෙං එන කොස් කිරි ජුන්ඩක් තහඩුව අග්ගිස්ට එනවා උනත් පොල් කට්ටට වැටෙන්නෙ නැ ,

ඔය මොකටද

කිරි පීලක්

කොස්කිරි මොකටද

කොස්කිරි නෙමෙයි බං , මේ රබර් කිරි පීල්ලක්

රබර් කිරි පීලිවල ඔය පල්ලෙහා කෑල්ල නැනේ ...




                                      


මේ අළුත් විදිහක්  මේකට කම්බියෙන් පොල්කට්ට බදින්ඩ ඕන නැ , පීල්ලටම දැම්මහැකි
ඉතින් අපිට මොකටද මෙව්වා 

ටිවී එකක් ඕන කියුවා නේද , හදනවකො කිරි පීලී .. ඒ සල්ලි වලින් ටීවි එකක් අරං දෙන්ඩ
ෂා ..ආ ... මේ ගොනි දෙකෙන් කිරි පීලි හදලා ටිවී එකක් ගත්ත හැකිද

නැ තව ගොඩක් හදන්ඩ ඕන

ඒ කියන්නේ  අපි කඩෙන් තහඩු ගෙනත්  හදනවා
සල්ලි තියනවනං මොකටද තහඩු ගේන්නේ , ටීවි එකක්ම ගන්නවනෙ එහෙනං
මේ වාගේ බාල්දි හදලා ඉතුරු වෙන තහඩු කෑලි ගෙනත් හදනවා
කීයක් හදන්ඩ ඕනද තාත්තේ
ටීවී එකක් හත්දාස් පන්සීයක් , තිස්දාහක් විතර හදන්ඩ වෙයි
තිස්දාහක්........... අම්මෝ
ටීවී එකක් ඕනනං හදන්ඩ වෙනවා

කියන තාත්ත නැගිටලා යනවා ..... මම හිමිහිට තහඩු කෑලි කපාගන හිල් කරගන නමාගන ඇණ රිවට් කරගන වැඩේට බහිනවා , ටිකක් වෙලා යනකොට මං හොයාගන්නවා පීල්ල නමන එක රේල් පීල්ලේ කට් එක අස්සට රින්ගවලා අඩුවෙන් නමලා කරනවට වඩා හොදට ටින්ටස් මිටියෙන් කෙලලා කරන්ඩ පුලුවන් කියලා.
ඔහොම මාස ගානක් මං කිරි පීලි හදනවා ( තාත්ත ඉන්න වෙලාවට විතරයි ) අනිත් වෙලාවට මං මගේ සුපුරුදු පාජාවේ යෑම දිගටම කරගන යනවා , තහඩු ඉවර වෙනකොට තාත්ත තව ටිකක්  ගෙනත් දානවා , සමහරක් එව්වායේ කපලා ගන්ඩ දෙයක් නැ ඒවා එහෙම්ම අහකට , පස්සේ පස්සේ අර කතුරෙන් තහඩු කපන්ඩම බැ .. තාත්තා කොහෙදෝ අරං ගිහින් ඒක ගාල මුවතියලා ගෙනත් දෙනවා ... ඒත් ටික දවසයි .... ඔන්න ඊලගට අළුත් කතුරක් ගේනවා ... මට ගැලවීමක් ඇත්තෙම නැ .... දැං ගෝනි දෙකක්ම පිරිලා හදාපු කිරිපීලි .... ගැනලා බැලුවේ නැතුවට මම දන්නවා තව ගෝනි හත අටක්වත්  ඕන කියලා ........... ශ්‍රමය සුරාකෑමේ පලවෙනි පාඩම ඒක , ඇයි යකෝ  ඒකක්  කඩෙන් ගන්නේ සත විස්සට විසිපහටලු.


ඔහොම කාලයක් ගෙවීගන යනකොට දවසක් තාත්ත ගෙදර එනවා .... දුඹුරු පාට තඩි පෙට්ටියක් උස්සං , ඔබර පදමට ගහලා ... ඒකේ දෙපැත්තේ ටීවී එකක රූපයකුත් ඇදලා තියනවා.


ටීවි එකක්ද  තාත්තේ
ඔව්
කලර් එකක්ද

මම බිම තියපු පෙට්ටිය කඩන්ඩ හදනවා

කෝ කෝ ඔහොම හිටහං

කියන තාත්ත කමිසය ගලවලා දොර උඩින් එල්ලලා , ටීවී එක උඩට ඇරං කැබිනට් එක උඩින් තියනවා , ඊලගට ගන්නවා එකට අමුනපු ඒරියල් දෙකකුයි , තව ප්ලාස්ටික් කෑල්ලකට අමුනපු අගල් අටක විතර කම්බි රවුමකුයි , ඒ දෙකේම වයර් දෙකක් එලියට ඇවිත් තියනවා , ඒ වයර් දෙක කොනේ යු අකුරේ හැඩේට පොඩි තහඩු කැලි දෙක ගානේ තියනවා , තාත්ත ඒ හතරම ටිවී එකේ පිටි පස්සේ තියන ඇණ හතරකට තියලා ටෙස්ටරෙන් තද කරනවා ,  ඊලගට ටීවි එක පල්ග් එකට ගහලා  , පල්ලෙහා තියන පොඩි සුයිච් එක දකුනට කරකවනවා ... අම්මට සිරි රේඩියෝවල වාගේම තමා ... දාන්නෙයි වහන්නෙයි සද්දෙ වැඩි කරන්නෙයිත් එකම සුයිච් එකෙන්.

උඩින් තියනවා තව තඩි සුවිච් දෙකක්........... තාත්ත  ඒ දෙකෙනුත් උඩ  එක කරවනවා  , ඇදිච්ච චේන් එකක් පුරුකක් අඩු කරල දාල පදින කොට කෝග් වීල් එකෙන් එන සද්දේ වගේ ටොක්ඩෝග් සද්දයක් එනවා ..... ඒ එක්කම  හතරට  ඉලක්කම ගාවට කැරකුවහම අලවාහිනියත් ... එකොලහ ඉලක්කම ගාවට කැරකුවහම පචවාහිනියත් පේනවා...... අඩෝව් දැං  අපිටත් ටීවි එකක් තියනවා ඩෝව් ( කලර් නැතුවට ).

මොකක්ද තාත්තේ  මේකේ නම

ෆිෂර්

එතකොට මේ සේවා අල්ලන එකට යටින් තියෙන්නේ මොකක්ද

යු එච් එෆ් එක

ඒ කියුවේ

ඔය දැං අපිට පේන්නේ වී එච් එෆ් ... යූ එච් එප් තවම ලංකාවේ නැ

ඒ කියන්නේ මොනවද

පේන එකක් බලහං .... ඔව්වා කරකවලා කන්නේ එහෙම නැ උඹ

මට තේරුනා තාත්තටත්  ඒගැන ඒ හැටි දැනුමක් නැ කියල , ඔය කඩේ උන්ගෙන් අහගන ආපු ටික පෙන්නුවා ඇරුනහම , අනික යකෝ කිරිපීලි වික්කෙත් නැ .... කොහෙන්ද ටිවී ගන්ඩ සල්ලි... කිට්ටු කරා අම්මට.

ඇ අම්මේ ... කිරි පීලි වික්කෙත් නැනේ .... කොහොමද තාත්ත ටිවී එකක් ගෙනාවේ

අස්සයන්ට පුජා කරන හැටියට ඔහොම එකක්වත් ගන්ඩ පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්

තාත්ත අහන් ඉන්ඩ ඕන අඩෝ වැඩියාවක් මං මොකටද අහං ඉන්නේ .. හිමිහිට මාරුවෙලා ආයෙත් ටිවී එක ලගට එනවා , කොහොමහරි එදා රැ වෙනකොට මං හොගාගන්නවා ටොක්ඩෝග් ගාල කරකවන එකත් එක්කම යටින් තියන රවුම එක පැත්තකට කරකවන කොට තිත් වැටෙන එකත් අනිත් පැත්තට කරකවන කොට සද්දෙ සෝ ගාන එකත් නවත්ත ගන්ඩ පුලුවන් කියලා. එදා  නිදාගන්ඩ යනකොට මගේ ඔලුවට ආපු ලොකුම දේ තමයි ... පුලුවන්  තරම් ඉක්මනට පිටි පස්සේ කවරය ගලවලා ..ටීවී එකේ මදය බලන එක.

පහුවදා උදේ ගෙදර උන් කොහෙට හරි වෙච්ච පලවෙනි මෙහොතෙම ඔය දොලදුක සංසිදවාගැනිමේ පලවෙනි පියවර වශයෙන් මස්කරන්නේ කොහොමද අධ්‍යන කටයුතු කරන මොහොතේ තමයි මම දැක්කේ ඉස්සරහ තුනට අමතරව තව සුයිච් හතරමක්ම පිටි පස්සේ හංගලා වාගේ යටින් තියනවා කියලා

යකෝ එකකින් ටිවී එකේ එලිය වැඩි කරත හැකි , අනිකෙන් කළු පාට වැඩි කරත හැකි , තවත් එකකින් රූපය වමට දකුනට තල්ලු කරතහැකි. ඒක නෙමෙයි හොදම වැඩේ හතරවෙනි එකෙන් රූපය උඩට පල්ලට කරත හැකි ... ඒක ඕනවට වඩා කැරකුවහම රූපය උඩටහරි පල්ලෙහාටහරි සටසට ගාල දුහනවා. කොහොමහරි ඔය ටික කරකවලා ඉගන ගන තව ටිකක් රූප පැහැදිලි කරගත්තා.

ඔහොම ඉතින් කාලයක් ගෙවිලා යනවා , අනිත් ගෙවල් වල තියන කලර් ටිවී නැති උනාට අගල‍් දාහතරේ කලු සුදු  එකකුත් නරකම නැ ,

අර එක ඒරිල් එකකට කලු පාට ප්ලාස්ටික් කෑල්ලෙන් අමුනලා තියන දිලිසෙන රවුම මේ පේන චැනල් දෙක බලන්ඩ ඕන නැ කියල මම දැනගන්නවා ... ඔහොම ටික දවසක් යනකොට එම්ටිවී එකයි ටීඑන්එල් එකයි පටන් ගන්නවා , දෙකෙන් ඉස්සෙල්ලා පටන්ගත්තේ සිරස එම්ටිවි එකද කොහෙද , ඒක අපිට පේන්නේ  නැ , ටිඑන්එල් එකනං වී එච් එප් ලෝ චැනල් ( නොම්බර දෙකේද කොහෙද  ) පේන්ඩ පටන් ගත්තා. ඒත් චිත්තරපටි එහෙම යන එම්ටීවී එක පේන්නේ නැ ,
ඔය කාලේ  වෙනකොට කලින් වි එච් එෆ් ඇන්ටනා තිබිච්ච උන් යු එච් එෆ් ඇන්ටනා  කඩවල් වල නැති හන්දා හරි තියන තැං දන්නේ නැති හන්දා හරි එක එක හෝම් මේඩ් ඇන්ටනා දාගන තිබුනා , සමහරු කුඩයක රෙද්ද අයින් කරලා ණන ටික සෙට් කරලා , තව අය බයිසිකල් රිම් එකක් කපලා කොන් දෙකට වයර් එක අමුනලා , මටත් හම්බුනා අයින් කරපු කලර් ටිවී වලට දාන ඕම්ස් හැත්තපහේ කේබල් එකක් ඒකට එක එක එව්වා සෙට් කරලා ටිවී එකට අමුනලත් බැලුවා ... ම් හූම් පේන්නේ නැ.

ඔය වෙනකොට මං කිහිප සැරයක්ම ටිවී එක ගලවලා තිබුනේ ... මට දැං හොදටම ෂුවර් යූ එච් එෆ් ටියුනර් එකේ තමයි කේස් එක තියෙන්නේ ඒක මාරු කලොත් හරි කියලා , ගෙදර උන් එහෙට මෙහෙට මාරු වෙනකං ඉදලා ඒකත් ගලවගන ගියා මගේ පොඩි කාලේ යාලුවෙක් හම්බෙන්ඩ , පොර සිස්සත්තේ පාස්වෙලා කොලඹ ඉස්කෝලෙකට ගිය ඉලෙක්ටෝනික් ගැන දන්න පොරක් , කෑල්ල පරික්ෂා කොරලා එහෙම පොරත් ආපු අවසන් නිගමනය තමයි , ටියුනරයේ අවුලක් තියනවා කියන එක , තව දුරටත් පොර කියුවා හයසිය පනහකට ටියුනර් එකක්  පිටකොටුවේ පනස්හය මාකට් එකෙන් ගන්ඩ පුලුවන් කියලත්.
මට දැං මේක කරන්ඩමයි ඕන .. ඒකට තවත් හේතුවක් උනේ පොර උන්ගේ  කලර්  ටිවී එකේ  ... තවත් යු එච් එප් චැනල් දෙකක්  පටන් ඇරං තියනවා කියලා ... ඩයිනා විෂන් කියලා එකකුයි ඊ ටී වී කියල එකකුයි පෙන්නපු එක.

ගෙදරට කියුවට වැඩක්  උනේ නැ ... පස්සේ මමම සල්ලි හොයාගන්නවා කියල තීරනය කරලා , ඔය නෑදෑයෙක් දෙන සල්ලි , කඩේ ගිහින් යටිමඩි ගහන සල්ලි , තාත්ත හොදට බීල ඉන්න වෙලාවට ගලෝගන්න දත් , අහල පහල ඇන්ටිලට හොට් ප්ලේට් කොයිල් මාරු කරල දීලා ගන්න සල්ලි , එක එකාට කඩේ ගිහින් ගන්න සල්ලි එහෙම එකතු කරපු එක.

දැං මංගාව හත්සීයකටත් වැඩිය එකතු වෙලා .... යාලුවා දිනපතා කොලඹ යන එකා උනාත් ඕකට සල්ලි දීලා ගෙන්නගෙන හයිකරවාගන්ඩ මගේ මනාපයක් නැ , පලවෙනි හේතුව ... මං ඕකට යාලුකමට හැමදේටම උදව් කරාට මූ මගේ සල්ලි වලින්  කට්ටයක් තියාගන්නවා කියලා දන්න එක , අනික මේ ගේම මටම ගහලා ඉවර කරන්ඩ තියන අහවල් එකේ අමාරුව.

ඔන්න මම දවසක් ගෙදරටත් හොරෙන්  පයින්ම රාගමට ඇවිත්  කෝච්චියට නැගලා කොලඹ යනවා .... ඒ මං පලවෙනි පාරට කෝච්චියේ තනියම ගිය දවස , කොටුවට ඇවිත් කලින් අහලා තියන විදිහට පාර පැනලා පලවෙනි හරස් වීදියත් හොයාගත්තට .. අර කියන පනස් හය මාකට් එකක් හොයාගන්ඩ බැරුව ඒ පාරේ එහෙට මෙහෙට ගිහින් බැරිම තැන එක කඩයකට ගිහින් .. කඩේ හිටපු පොරට ගලවං ආව ටියුනරය දීලා 

මේක තියනවද අයියේ 

හාරසිය අනුවයි.... නෝරිටන් 

දෙන්ඩ අයියේ 

නෝරිටන් කියන්නේ ඒකේ  ජාතිය වෙන්ඩ ඇති

කියල හිතාගන ආපහු ඉස්ටේසමට එන පාර අයිනේ තිබුන කඩේකින් අයිසිකිරිං දාපු පුට්සැලට් එකකුත් කාල එහෙම ගෙදර ඇවිත් අර කෑල්ල හයිකර , හනේ හම්මේ පේනවා කියහංකෝ යු එච් එෆ්  අර තිබුන පොඩි කම්බි රවුමෙම්ම , පස්සේ ඉතින් මං තව ඇන්ටනාවක් එහෙම හදලා දැම්මා ... සැහෙන කාලයක් ඔය ටිවී එක බැලුවා ....  පස්සේ අක්කලා කලර් ටීවී එකක් ගෙනාවා.

ඒත් තාත්තා ඒ ටිවී එක බලන එක නැවැත්තුවේ නැ , මේ ඊයේ පෙරෙයිදා  දවසක් තාත්ත මට කෝල් එකක් දීලා එන්ඩ කියුවා

ඔයාටනං මේක හදන්ඩත් පුලුවන් ඇති ... ඒත් අළුත් එකක් ගත්තා නං හොදයි නේද මේක පරණයි නේ .. මට හොද පොඩි ටිවී එකක් ගෙන් දෙන්ඩකො.

කියල සල්ලි දුන්නා , මාත් ඉතින් අගල් දහනමයේ ටිවී එකක් ගෙනත් ටියුන් කරල දීලා එහෙම එන්ඩ ලෑස්ති වෙනකොට

මේකට මොකද කරන්නේ

මක් කරන්ඩද කුණු ටැක්ටරේට පටවන්ඩ

කියලා ආවට මොකද මට පස්සේ තමයි මතක් උනේ අච්චර අයිතිහාසික ටිවී එකේ ෆෝටෝ එකක් ගහගත්තේවත් නැ නේද කියලා


2018-03-20

පරි ඇටයේ ... පරිවාසේ


තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ

අම්මට මිනිහෙක් ‍හොයන්ඩද

ඉදා ... මේ මොකද මේ   ගෙට ගොඩ වෙච්ච ගමං ... උදේ හවා බුදුන් වදින මයේ අම්මට මිනිස්සු හොයන්ඩ යන්ඩ හදන්නේ ..... අනේ මේ ඔයාලගේ අම්මට හොයලා දෙන්ඩ ... අපේ අම්මට නං එහෙම අමාරුවක් නැ

කට වහගන පැත්තකට වෙලා ඉන්නවා ඕයි .......  තවත් මගේ මාරයා අවුසන්නෙ නැතුව

ආ අද මෙයාට ජයයි  වගේ ......... ඒකනේ මේ   කටේ මෙච්චර සැර..... ගෙට ගොඩ වෙන්ඩම කලිං....... ස්ටැන්ලියගේ ගිණි වතුර කටට හලාගන ඇවිත් ............. අනේ අම්මපා ඕකුන්ට බොකු බඩ යන්නේ   නෑනේ

ගියා ස්ටැන්ලියගේ අම්මට........ මම තොට කියන්නැ 
 
කිසිත් නොකියා කුස්සියට පසුබාන සුනීතා ......... කේතලය ලිප තබා .... පිරවූ  ජලයෙන් අඩක්ම කෙමියෙන් පිටව යන තුරු හිද ....  ජොග්ගුවට සීනි දමා ...   තේ ගොට්ට ගෙන වමතින් කොරහට මිරිකුවේය ........ මේ කහට මදෑ  ... මේ තේ කොල ඩිංග හෙට උදේට තියාගන්න වා ....  අද උදේ දාපු තේකොලනේ ..... යැයි සිතමින්  වරිච්චි බිත්තියේ කොහු ළණුවෙන් එල්ලු පිට පලු රාක්කයේ ඇති තේ කොල බෝතලයට ජයග්‍රහී සිනහවකින් සංග්‍රහ කරමින් .... තේ ඩිංග සීතල වෙන තරම්ම කාලයක් හැන්ද කරකවමින් කල්මරමර හිද වමතින් ජෝග්ගුව ගෙන කොහේදෝ නොපෙනෙන ඉසව්වකට ඇස් හොමු කරමින් පැමින බිත්ති කන්ඩිය උඩ හිදගෙන සිටින ජයසේනගේ උර හිසට උඩින් ජොග්ගුව පැවේය

උම්ම්..... කහට ඩිංගක්

කෝ පැටව් දෙන්නා

හවස මල්ලිලෑ ගෙදර ඇරලුවා

ඒ මොකෝ

කෙල්ල කොල්ලව අවුස්සනවා

අර මොනවටද

නැන්ද සුදු ආප්ප හදනවය .........ඒකිව ....බිත්තර  ගේන්ඩ කඩේ ඇරියය...... බිත්තර ආප්පත් හදනවය.... එහේ ගියොත් රසට කෑහැකිය කියල.

ඉතින් මොකට ඇරියද .......... මම තමුසෙට කියල තියනවනේ ඔව්වයේ අරින්ඩ එපා කියලා

ඉතින් හත්වලාමේ ... පිට තැනැක්යැ .... මාමයි   නැන්දයි    ආච්චියි ඉන්න ගෙදරනේ

තමුසෙම ගිහිං එක්ක එනවා .... මම නං යන්  නැ

ඉතිං ඉන්නව  ....  මං ගිහිං එක්කං එන්නං

කිසිවක් නොකියන ජයසේන වැස්ස දිහා බලාගන තේ බොනවා  , කිසිවක් නොකියන සුනීතා වැස්ස දිහා බලාගන   වහලට ඉන්දපු කැටකෑල කනුව කොනහනවා.... පැයක් තරං  දිග විනාඩියක් නැති කාලයක් යනවා .... විසිකරන්ඩ දෙයක් නැති උනත් යාන්තං ඉතුරු උන මංඩි ඩිංග ජයසේන එලියට විසිකරනවා

හොදටම නිමිලා

නැතුවැ ගෙනත් දෙන්ඩ බයේ   මං කොච්චර වෙලා හිටියද

මං බිව්වේ නැ සුනිතෝ

එහෙනං මොකැ මේ

මේ පාරත් අවුරුදු කන්ඩ වෙන්නෙ නැ

ඒ ඇයි ඒයි..... ලියන මහත්තය මොකද කියුවේ

මම කිහිප සැරයක්ම ඇහුවා ..... හා   ... හූම්  ගානව මිසක් වැඩක් නැ ...., කේලං කියනවයි , කොටවනවයි , කාටහරි අඩංතේටං කරනවයි ඇර ඒ කාලකණ්නියගෙන් වැඩක් නැ ඕයි


එහෙම කියල හරියනවද ඒයි  මුදලාලිගෙන් අහන්ඩකො කෙලින්ම

ඇහුවා තමා ඕයි

ඉතින් මොකද උනේ

මොනව වෙන්ඩද .... හවස් අතේ පොල්ලෙලි ගහන තැනට ආපුවහම මං මාසේ ගානේ කපාගන්ඩ .. කියල ඇහුවා

කීයක්ද

කීයක්ද කියල කියන්ඩත් හම්බුනේ නැ බං  , ... ඔය ණය ගනුදෙනු වලට නං මා එක්ක ලෑස්තිවෙන්ඩ එන්ඩ එපා ජයසේනයෝ.... මං කැමති නැ ඔව්වට .... අනික මාසේ ගානේ කපාගන්ඩ තරං සල්ලියක් උඹ හම්බකරනවද .... අරකද මේකද කියාගන කියාගන ගියානෙ

ඉතින් අනේ ඔයා කියන්ඩ එපෑය පොඩි උන් දෙන්නට අවුරුද්දට රෙදි කෑල්ලක් අරං දීලා කටට රහට කෑම වේලක් හදලා දෙන්ඩ ඕන කියල.

ඕකුන්ට දරුවෙක් මල්ලෙක් වෙනුවෙන්වත් හිත උනු වෙන්නෙ නැ සුනීතෝ........ අවුරුද්දට දෙසැරක් අවුරුදු කන්ඩ සල්ලි දෙන්ඩ බෑය .... උෟට නත්තල්ය .... නත්තලට තමයි අවුරුදු සන්තෝසන් දෙන්නෙ කියුවේ.

දෙයි දෙයි නත්තලට  මේං කියල .... කෝ ගියපාරත් දුන්නනේ.... මතකද ... එහෙම හම්බෙයි කියල ..අපි බලාන හිටියා .... ඒකෙන් පොඩි  උන්දෙන්නගේ මේ අවුරුද්දෙ පොත් පත් අරං දීලා ... ගවුමක් කමිසයක් මහලා දෙන්ඩ .... කටින් ඉල්ලලත් දුන්නද ...  කොහේ ඇරං යන්ඩ පොදි ගහනවද දන්නැ ඕකුන්.

අපේ අසරන කම හින්දා ලැජ්ජාවත් නැතිවෙලා සුනීතෝ , ඒකනේ නොදෙන බව දැන දැනම උන්ට පුලන්ඩ යන්නෙ, තව දවස් හතර පහනේ.... අවුරුද්දට ගමේ එන උන්ගෙන් අහගන හරි වෙන රස්සාවක් හොයාගන්ඩ ඕන

ඈ ... ඒයි ... අර කැලේ හෙලෙං කොහිල ගලවලා අවුරුදු පොලට අරං ගිහිං විකුනමුද ....මං දැක්කා ඕසෙට වැවිල තියනවා... එහෙම්ම එන ගමං අවුරුද්දට අඩුම කුඩුම ටිකත් අරං ආවහැකි .... ඔය පලාකොල ... වල් අල එහෙමත් අරං ගියානං විකුන ගතහැකි.

පිස්සුද සුනීතෝ... මේ අවුරුදු කටේ මිනිස්සු ඔව්වා ගන්නේ නැ .... රට එළවලු තමා

ඕකනේ අනේ ඔහෙත් එක්ක බැරි කීපාරක් නං ඔහොම කියල මග ඇරියද ... ඔන්න මේ පාරනං මම කෙල්ලයි කොල්ල එක්ක හරි යනවා.

තමුසෙට පිස්සුද .... දරුවො දෙන්නට ඉස්කෝලේ උං හිනාවෙයි ..... ඉන්නවකො හෙට මම කොහුමෝලේ වැඩ .... ඔපීසිය ගිහින් මුදලාලියට කියනවා අවුරුදු පහුවෙනකං වැඩට එන්ඩ වෙන්නෙ නැ කියල.

රෑට මොකුත් හදන්ඩ දෙයක් නැ.... දවල් ඉතුරු වෙච්ච ඩිංගක් ඇති .....මං ගිහිං කෙල්ලයි කොල්ලයි එක්කං ඇවිත් රත්කරලා දෙන්නං .... .... උං  එහෙං බඩ පුරෝගන්න නැතැ , ලයිට්බෝයි කෑල්ල  දවස් දෙකට දියකරල දානව .... වලං හෝදන තැන සල්ලයිට් පොත්තක් ඇති.

ඔහොම ගෙදර උන්දැත් එක්ක දොඩන ජයසේන නාකියාගන ඇවිත් තියන දෙයක් ගිලලා දාල ... පහුවදා උදේ   ගිහින් , මුදලාලි එනකං බලාගන ඉදලා ..... කොහු මෝලේ ඔපිස් එක ඉස්සරහට ගිහින් මුදලාලි තමන්ව දකින කං බලාගන ඉන්නවා

ජයසේනයෝ මොකද උඹ ඔතන හොරගල් අහුලන්නේ..... වරෙං ඇතුලට

මේ .... මේ මං  මුදලාලි

මං උඹට ඊයෙත් කියුවා සල්ලි නං නෑ

නැ මං මේ ... මුදලාලි ..අවුරුදු පහුවෙනකං වැඩට නෑවිත් ඉන්ඩ අහන්ඩ කියලා

මොකක්.... වැඩට නෑවිත් ඉන්ඩ ...මේ අවුරුදු කටේ..... අනික ඕන ඕන වෙලාවට නෑවිත් ඉන්ඩ උඹ හිතාන ඉන්නෙ මේක ආණ්ඩුවේ කන්තෝරුවක් කියලද

අනේ නැ මුදලාලි ... වහලේ පොල් අතු හොදටම දිරලා... අපේ ගෑණි පොල් අතු ටිකක් වියලා  ගොඩ ගහලා දැං සෑහෙන කාලයක් ... දිරංඩත් අරං යට තියන එව්වා... තව කාලයක් තිබුනොත් අහකට තමා

ඉතින් ඕකට දවස් ගානක් මොකටද එක දවසෙං බැරුවයැ ... ඕන්නං වරුවක්යයි

අත්තමටනෙ මුදලාලි මිනිස්සු එන්නේ .... මගේ වැඩේ කරගන මග අරින එක නාකයිනෙ...  අහල පහල ගෙවල් හතරපහකම උන්ට කතා කරගත්තා , උන්ටත් අවුරුද්දට කලින් හෙවිල්ලන්ඩ ඕනලු... ඉතින් එක හුස්මට කරල දාන්ඩ තීන්දු කරගත්තා.

එහෙම වැඩට නෑවිත් ඉන්ඩ ... තීරනේ කරේ උඹ මගෙන් අහලද

අනේ නැ   මුදලාලි.... මුදලාලි අකමැති වෙන එකක් නැ කියලා හිතුවා

මේ දඩි බිඩියෙනං ඔව්වා කරන්ඩ හම්බෙන්නෙ නැ බං.... මම මේ උඹව අද ගෙන්නගෙන කියන්ඩයි හිටියේ .... අපේ ගෙදර වත්තෙ හොදටම කැලේ වැවිලා හැඩිවෙලා ... වහලේ කොල රොඩුත් රැදිලා මේ දවස් දෙක තුනේ උඹ වත්තෙවත් කොහු මෝලෙවත් වැඩ කරන්ඩ ඕන නැ. කෙලින්ම ගෙදරට වරෙන්.

අනේ එතකොට මුදලාලි මගේ වැඩේ

ඒක ඔය අවුරුද්දෙං පස්සේ කරගන්ඩ බැරුවයැ , අවුරුදු දවස්වල යාලු මිත්තරයෝ ගෙදරට ගොඩ වෙනවා ..... වත්ත පිටිය කලඑලියට තියෙට ඕන

අනේ මන්දා මුදලාලි ... අවුරුද්දෙං පස්සෙ රස්සාවලට ගියහම අහල පහල එකාල අත්තමට අල්ල ගන්න එක තමා වැඩේ.... ඇරත් මං උන්ට උදව්වට නොයා

අනේ ජයසේනයෝ... තොගේ ඔය ලුනු ගොරක මදි මාව තම්බන්ඩ ... ඔය මගෙන්   සල්ලි ඉල්ලලා නොදුන්නට ... මාව මට්ටු කරන්ඩ දාන උප්පරවැට්ටියක්නෙ , හොදට   හිතේ තියාගනිං .. ඔව්වයෙං බෑ මාව මට්ටු කරන්ඩ ... මට රැස්පොට් පෙන්නන්ඩ ... තෝ මොකෙක්ද ...  දනිං වැටීගෙන දෙපතුල්  ලෙවකාගන රස්සාවල් ඉල්ලන්ඩ එනකොට නං තොපේ ඔය හයි කාරකං නැනේද බොල..... දැං පල දෑහැට නොපෙනී....ගිහිං ඔය තියන වැඩ ටික ඔක්කොම අද ඉවරයක්ට කරලා දාල ....හෙට  උදෙන්ම අපේ ගෙදරට වර ... මගෙන් තව කුණුහබ්බ නාහා .

ආයේ දවස් කීයකට පොල් වත්තෙයි  , කොහුමෝලේ වැඩට එන්ඩ නොවුනත් .... එහෙම වෙන්නේ  මුදලාලිගේ ගෙදර වැඩට යන්ඩ උන නිසා කියලා කිසිම අනුකම්පාවක් බුරුලක් නොලැබෙන බව දන්න ජයසේන පුලුවං තරං .... තියන වැඩ ඉවර කරලා .... එදත් ගෙදර යනවා

ඔහේ මොකද අද පරක්කු ,  රෑ අටත් පැනලා  ... හෙට ඉදං වැඩට එන්ඩ වෙන්නෙ නැ කියල මුදලාලිට කියුවද , ඒ හන්දා දවස් දෙක තුනක වැඩ ගත්තද

ඒ වැඩේ හරියන්නෙ නැ සුනීතෝ  .... හෙට උදෙන්ම ඒකගේ වත්ත පිටිය සුද්ද කරන්ඩ එන්ඩයි කියුවේ .... අම්මා පල්ල මට වෙලාවකට හිතෙනවා ඕකගේ තට්ටෙ කුඩුවෙලා යන්ඩ පොල් උලෙං කෙලලා පතබාවන්ඩ

හත්දෙයියනේ..........  පිස්සුද මිනිහෝ ....... එල්ලුං ගස් යන්ඩද හදන්නේ .....

මට මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්ඩ දීහං හුත්තියේ ..... කෝ තියනවනං දීහං මට කීයක් හරි

කොහේ තියන සල්ලියක්ද මනුස්සයෝ  ..... රෑට කන්ඩ පාං ගෙඩියයි ..සීනි තේකොල ටිකයි   කඩේ හාමිනේ දුන්නෙත් කනුකුනු ගාල කියවලා..... එහෙම හරි ඒ මනුස්සය දෙන හන්දා හොදයි .... දැං කඩේ ගාන තුන්දාහත් පැනලා

ඔලුව විකාරයි .....මං පාර පැත්තට ගිහිං එන්නං , උඹ දොර වහලා නිදා ගනිං

ණයට ගිණි වතුර කටේ හලාගන ... මුදලාලි එක්ක ආරෝවට යනවා එහෙම නෙමෙයි ..... ඔන්න මං නං එන්නැ ... හිරගෙවල් ගානේ

ඔහේ පාර දිහාට ගාටන ජයසේන ...ඉබේම වාගේ  ස්ටැන්ලිගේ තිත්පොල දිහාට පය ඉක්මන් කරනවා.... කනිපින්දං ගහල ගහල කසිප්පු ජෑං බෝතලයක් තියන ණය ගොඩට තව එකතු කරගන්නවා.... ඊට පස්සේ  එතන තැග් ගැහි ගැහි ඉදං තව කිහිප දෙනෙක්ගෙන් පෙරේත උගුරු කිහිපයකුත් බොක්කට හලාන ඇවිත් .... පිලේ දපලා පහුවදා උදේම  මුදලාලිගේ ගෙදරට ..........හිස් බඩම ගිහිං ..ගොඩ වදිනවා.

ආ උඹ ආවද ජයසේන ... මුදලාලි නං ඔන්න උදෙන්ම ටවුමට ගියා ...... අපේ දුවයි බෑනයි ළමයි දෙන්න එක්ක එනවනේ මෙහේ ... අවුරුද්දට බෑනගේ ඔෆීසිය නිවාඩු දෙනවලු... ටික දවසකට මෙහේ නවතින හන්දා මහ කාමරෙන් අපේ බඩු ටික ඇදලා එහා කාමරයට දාගන්ඩ ඕන ... ඒකේ හතර දෙනෙක්ට ඉන්ඩ ඉඩමදි .... අනික ඉතින් අපි දෙන්නට දැං මහ කාමරයක් මොකටද , දිගටම ළමයි ආවහම ඉන්ඩ ලොකු කාමරේ ලෑස්ති කරල තියනවා.............මට පුලුවන් විදිහට පුලුපුලුවන් දේවල් අස්කරා .... උඔ පරිස්සමට අල්මාරිය, ඇදයි ,  ගලවලා ඒ කාමරයට ඇදලා  හයිකරලා ,  මේසෙයි අනිත් බඩු ටිකයි ඇදලා දියං , ..... ඊට පස්සේ මකුලු දැල් කඩලා අතු ගාල ගේ හෝදලා දාහං. හෙට වත්ත පිටිය සුද්ද කරලා , අනිද්දට බැරියැ  වහලේ සුද්ද කරලා එහෙට්ට මෙහෙට්ට වෙච්ච උළුකැට ටික හදලා දාන්ඩ.. ...........උඹ තේ බීල ... උදේට කාල එහෙමනේ එන්ඩ ඇත්තෙ

හොදයි නෝනා ..... කෝ පොඩි බේබි ලගකදි එන්නේ නැද්ද

පුතාට හරියට වැඩ ජයසේන ... දැං හිටපු විස්සවිජ්ජාල නෙමෙයි , වෙන එකක  තව උසස් උපාදියක් කරනවා... තව අවුරුද්දකට හමාරකට එන්ඩ වෙන එකක් නැ

අනේ වාසනාවන් .... පොඩි බේබී අපිට හරිම කරුණාවයි

ලොකු කං මහකං මහත්තුරු කං නැති අහිංසකයෙක් වෙච්ච මුදලාලිගේ පුතා , ගෙදරින් වත්තට ... වත්තෙං කොහු මෝලට ... එතනින් ගෙදරට .... එක්කං ගිය එව්වා.... කරපු දගකාරකං මහ දෙන්නට නොකියා ... හංගපු හැටි .... පොඩි බේබිගේ  තමන් දැක්ක මනුස්ස කං ගැන හිත හිතා ජයසේන වැඩ කරනවා .... එහෙම ගත්තහම මගේ දරුවෝ කොච්චර අවාසනාවන්තද .... නෑ නෑ .... මේක උන්ගේ කරුමයක්  නෙමෙයි .... අවාසනාවන්ත කාලකන්නියා මම... ඔහොම හිත හිතා .......මුදලාලි  හාමිනේ පවරන වැඩේ ඉවර කරන ජයසේන .... එදත්  ගෙදර ගිහින් ... තියන දෙයක් කාල  නිදාගන්නවා

මොකද ඔහේ ඇදේ දපලා බලාගත්තු අත බලාගන ඉන්නේ .. ඊයේ රෑ ඉදන් මං බලාගන .... අදත් මුදලාලිගේ ගෙදර වැඩට යන්ඩ ඕන කියුවා නේද.... යන්නේ නැද්ද

මගේ හිතට හරි නැ බං

අර මොකද ඒ පාර

මහ බයක්  දැනෙනවා

කියනවකෝ වදේ තෙපර බාන්නෙ නැතුව

කෝ පොඩි උන් දෙන්නා

දැං අටත් පැනලා ... උන් දෙන්නා ඉස්කෝලේ ගියා

ඒක හොදයි

මොනවද

ළමයි නැති ඒක , උන්ට මේවා ඇහෙන්ඩ නරකයි

මොකද උනේ

ඊයේ මුදලාලි හාමිනේ මට අල්මාරිය ගලවලා අනිත් කාබරෙන් හයිකරලා දෙන්ඩ කියුවා

ඉතින්

උන්දැ උන්දැගේ වැඩ , පැත්ත පලාතකවත් ආවේ නැ ,

ඉතින්

කලින්ම ගලවලා මුදලාලිලැ කාබරෙන් අනිත් කාබරයට ගෙනිහිං තියල තිබුන අල්මාරි ලාච්චු........ තියන තැනට රිංගවන්ඩ ගියහම ඉබේම ඇරුනා .... බලනකොට යතුර දාල නැ ලාච්චු දෙකේම

ඉතින් මොනවද තිබුනේ

එකක ලියුං කියුං එක්ක සල්ලි කොල පුරවලා , අනිකේ රත්තරං බඩු

ගොඩක් තිබුනද ඒයි

ආයෙත් අහලා .... මයේ හිතේ කිලෝ ගානක් ඇති.... මාල , වළලු , මුදු , මාලපෙති පුරවලා , සමහරක මැණික් ගල් හිටං අල්ලල තිබුනා ,  එක තැල්ලක් තිබ්බා මේං  මෙච්චර විතර ඇති.

ඉතින් ඔහේ විස්සෝප වෙන්නේ අහවල් එකකටද , උං අපේ රීරි මාංස උරාගන බීල ඔව්වා ගොඩ ගහනවා   , මේ අපේ ලැබීම .... පෙර කල කුසල් අකුසල්

මගේ අතිං නොහිතාම වරදක් උනා බං

ඒ මොකද්ද

මං හිතලා කලේ නැ සූනීතෝ .... ඒත් කොහොමහරි උනා ... එතන තිබුන හීං මාල පොටක් මං ඉනේ ගහගත්තා

 ඉතින්

ඉතින් ....කියන්නෙ බං ... කවදාකවත් වැටුන පොලයක් දෙකක් , ගඩාගෙඩියක් , හෙරලි ගෙඩියක් ඇරුනහම යංකිසි දෙයක් නොකියා මම මේ ගෙදරට අරං ඇවිත් තියද

ඉතින් කෝ දැං ඒක

අන්න අර පාංපැලේ තිබ්බා .... බුදු පිලිමේ උස්සලා බලහං

මනුස්සයෝ මේක ... ජාති චේං පොටක්නේ

හා   හා....හා  ඕක ඔහොම කරවටේ දවටන්ට එපා ....... අනුන්ගේ ගින්දර

ඉදා .........මේ මිනිහ බලහල්ලකෝ ....හොරකං කරං ඇවිත් ... හරියට මං ගෙනාවා වාගේනේ කතාව

ඔන්න ඕක පරිස්සං තැනක .. පොඩි උන්ට අහුනොවී ඇරං තියහං .... අද වත්තේ පිටියේ වැඩ .... හෙට වහලෙ සුද්ද කරන්ඩ තියනව .... ඒ අල්ල පනල්ලේ මං ඕක ආයෙමත් තිබුන තැනින් තියනවා

අනේ මන්දා .....ආයේ දෙන්ඩ නං මොකට උස්සං ආවද කියල........... බාගදා ... ආයේ තිබුන තැන තියන්ඩ ගිහිං ඔහේ අහුවෙයිද කියල

මේ මේ මේ .... ඕකට තන්නාසේ ගන්ඩ එපා ..... තිබුන තැන තියන්ඩ බැරිනං ... මං ගෙනිහිං වහලේ ඉදං කාබරේ අස්සට හරි  දානවා

ඉතින් මං එපා කියුවයෑ

උඹට ඕක පරිස්සමට තියාගන්ඩ බැරිනං ..මෙන්න මෙහේ දියන් .... මං සරං ගැටේටම තදකරගන්ඩ

අනේ ඔහේගේ සරං ගැටේ පරිස්සම මං නොදන්නවයැ ..... අන්තිමට ගහටත්  බඩටත් දෙකටම නැතිවෙයි.... මං මේක ටංකා පෙට්ටියෙං ඇරං තියනවා

අන්න අර කමිසෙකුයි .... කන්ඩ තියන තියන දෙයකුයි ඇරං වරෙන් .... හොදටම පරක්කු උනා

ඇයි වදේ මූණ කටවත් හෝදන්නේ නැද්ද

මං රජ දැක්මට යන්ඩද බං

මූණ කටවත් නොසෝදන ජයසේන  .........තමන් අතින වෙච්ච වරද ගැන පසුතැවෙමින් ඒ වරද හෙට නිවැරදි කරන අදහසත් ඇතුව  එදත් මුදලාලිගේ ගෙදර වැඩට ගිහින් , හවස් අතේ තමන්ගේ පැලට ගොඩ වෙනවා.

ඔහොම් ගොහුං නාකියාගන ආවානං ... උණු උණුවෙං බත් ඩිංග කාල හිටින්ඩ

තමුසෙ අද රෑටත් ඉව්වද

හම්

එහෙනං ගන්නවකො බෙදලා ..... මං එන ගමං ඇලට පැනල ආවේ .... ඉන්ඩ හිටින්ඩ බැ ... කැප්පෙටියා ඕසේට ..........  කාටුව වැදිලා ඉන්ඩ බැරුවට වතුරට බැස්සට පස්සේ තමයි ඕයි කොරාපු ගොංකම තේරුනේ ..... ඉහලු අම්මා අතේ ගියා කොරස වැල් වලට හමගිය එව්වට වතුර වදිනකොට

ඒඅම්

යකෝ  තීරං කරවල නේද .... කඩේ හාමිනේ   දුන්නද බං

ජාතකේ අහන්නෙ නැතුව කාල ඉන්නවකෝ

යකඩෝ ඒ මදිවට පොඩි ඇට හාල් .... සුනීතෝ ... මට කියහං කොහෙන්ද උඹට සල්ලි

කට වහගන කාහන්කෝ මිනිහෝ

අර මොකක්ද බං  අර දෙවට ගාව නැවැත්තුව වාහන දෙක ....

සීවරං දෙයියනේ .....මුදලාලියගේ කාර් එක ..... පස්සේන් නැවැත්තුවේ .... පොලිස් ජිප් එක නේද..... සුනීතෝ .... තක්කෙටම ඔය එන්නේ  මං  මාලේ ගත්තා කියල සැකයට .... තියන තැන කියහං ..... මම ඒකත් ඇරං  පස්සෙ දොරෙන් දුහන්ඩ ...දැං නං මොකක් කියුවත් බේරුමක් වෙන්නෙ නැ .............

බය නැතුව ඉදිං වාහේ ... ඒක දැං ගේ අස්සේ නැ .... තමුසේ දන්නෙත් නැ ..........දැක්කෙත් නැ  කියල කියනවා

කුණු හබ්බ කතා නොකර දීපං ගෑණියේ .... දෙවට දිගේ මෙතනට එන්ඩ කලින් මට දුවතහැකි

සෙක්කුවට බැන්ද ගොනා වගේ තමුසෙ මුදලාලි වටේ කැරකි කැරකි ඉන්නවා.... පොල්කුඩු පුන්නක්කුයි තණ කොලයි විතරයි ....... පලා කොලයක් ...කොහිල අලයක් ... ගඩා ගෙඩියක් විකුනලා ..... මේ පැටව් දෙන්නට රෙදි කෑල්ලක් අරං දෙන්ඩ හැදුවා ... ඒකටත්  ඉඩක් නැ ........... මං චේං පොට උගස් තිබ්බා ... ඒ සල්ලි වලින් උයන පිහන බඩු එක්ක කෙල්ලටයි කොල්ලටයි රෙදි කෑලි දෙකක් ගත්තා

ගොං හුත්ති තෝ මාව කෑවනං හොදයි ඔයිට වැඩිය

ආ මේ ඉන්නේ ... කන්ඩ දුන්න අත හපාකන ගුණමකු බල්ලයි බැල්ලියි දෙන්නම .... ඈ පරයෝ තෝ හිතුවද ... මගෙං හොරකං කරං ඇවිත් මගේ ඇස් වහල  වලබොඩගං ටවුමේ ... බඩු උගස් තියන්ඩ ............. මම තක්කෙටම හිතුවා පෙරෙයිදා ... චේන් එක නැ කියල හාමිනේ කියුව ගමංම , තෝ ඒක ඇරගත්තා කියලා ....... ඒ විතරක් නෙමෙයි .... සක්කිලි බල්ලෝ .... තොගේ පාංකඩ ගෑණිව යවලා ඒක උගස් තියනවා ... කියල ත් .... ඔය ටවුමේ ... එක කඩකාරයෙක් ඉන්නවද මට ඉහලිං යන ....  ඈ බොල ගෑනියේ තොගේ මිනිහා මගේ පුක ලෝලා ගන්න එකෙන් දංකුඩ ගිලින තෝත් මට කෙලින්ඩ හවුල් උනා එහෙනං ..... නැගපිය පරයා ජිප් එකට .... චටාස් ..... උග්... තග්

අනේ මාමේ අපේ අප්පච්චිට ගහන්ඩ එපා

ආ තොපි දෙන්නත් ආවද ... හොර හැතිකරේ............... මුංගේ රෙදි ගලවලා පාරවල් ගානේ ඇවිද්දවන්ඩ ඕන

හා හා මුදලාලි .... නීතිය අතට ගන්ඩ එපා ............කරුනාකරලා ගිහින් වාහනයට නගින්ඩ ... අපි ඉන්නෙ  නීතිය ක්‍රීයාත්මක කරන්ඩ ... උසාවිය තියෙන්නෙ දඩුවං කරන්ඩ..... ඔබතුමාට තියා අපිටවත් බැ මෙහෙම සැකකරුවන්ට පහර දෙන්ඩ..... ඩබ්ලියු පීසි .... ඔය ගෑණු කෙනාව අරං ගිහින්  ජීප් එකට දාන්ඩ .... කෝ   උඹ අත් දෙක පස්සට දාපං

අනේ  මාමේ අපේ අප්පච්චිව බදින්ඩ එපා මාමේ

අනේ මහත්තයෝ  මම එන්නං .... මයේ ගෑණිව තියලා යන්ඩ බැරිද .... දරු දෙන්නා කොහොමද ........... තනියම ඉන්නේ

ඇයි වෙන කවුරුත් නැද්ද ගෙදර

අනේ නෑ මහත්තයෝ...........

අපේ අම්මනං ටිකක් දුරින් ඉන්නවා ............. ඒත් මල්ලිගේ ගෙදර ...... නෑනා කැමති වෙන එකක් නැ දිගටම මුං දෙන්නව එහේ තියාගන්ඩ.... අනේ නෝනා .... නෝනත් ගෑණියෙක් නේද ............ මාව බේරලා අරින්ඩකො නෝනා

දැන්ද උඹටත් ගෑණු කම මතක් උනේ ..... මිනිහා උස්සං එන ඒවා උගස් තියලා ..........  ළමයින්ට ඉන්ඩ තැනක් නැත්තං උසාවියෙං දායි පරිවාසෙට................  සර්  මොකද දැං කරන්නෙ.



හා ... හා ... ඔය ළමයි දෙන්නත්  ඇඩිල්ල පැත්තකින් තියල ගිහින්  නගිනවා ජිප් එකට




2017-01-01

ෆොටෝ එකකිං මක් කරන්ඩද




"තාත්ති කොහෙද යන්නේ "

 " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "

 " මමත් එන්ඩද "

 " මම ඉක්මනට එන්නං "

 " අපිට තනියි "

 " අම්අම්මත් ඉන්නවනේ "

 " එයා අද යනව කියුවා "

 " නැ මම එනකං ඉන්නවා "

 " කම්මැලියි "

 " කියන එක අහල ගෙදර ඉන්ඩ ...ඔයා ඔහොම දගලනකොට නංගිත් කුලප්පු වෙනවා "


 " එයි හොරෝ කොහෙද යන්නේ "

 " මං ටවුමට ගිහිං ඉක්මනට එනවා "

 " මොනාටද "

 දැං කියලත් බැ නොකියත් බැ , දවස් දහ දොලහකට පස්සේ අද තමා කෙල්ල ටිකක් හිනා වෙලා හිටියේ , දැං ආයෙත් හූල්ල කන්ඩ පටං ගනීද දන්නැ

 " ස්ටූඩියෝ එකට "

 " ඒ ඇයි "

 " ඇවිත් කියන්නං කෝ ...මගේ මැණික අයියයි අම්අම්මයි එක්ක ගෙදරට වෙලා ඉන්ඩකෝ ...මං එනකොට බඩඉරිගු ගෙනත් දෙනවා "

 " ඉතිං අපි හතර දෙනාම යංකෝ "

 මට ඉතිං පනිනව දැං ඉවසීම ....වෙනද වගේ සැර කරන්ඩද

 " අම්අම්මට බයික් එකේ යන්ඩ ඉඩ නෑනේ "

 " ඉතිං අපි හතර දෙනාම ඉස්සර යන්නෙ "

 ...හම් ....දැං කෙල්ලත් නෝමල් වගේ ...කොල්ල නං ... පලවෙනි දවස දෙකෙන්ම නෝමල් උනා ...ඇඩුවෙත් නැනේ පැන් වඩන කොටවත් මට පස් මිටක් දාාන සිහිය නොතිබුනාට කොල්ලා දාපු පස් මිට පෙට්ටියට වැටෙන සද්දෙටනෙ මටත් පස් මිට දාන්ඩ මතක් උනේ..

 " හරි හරි එහෙනං දෙන්නම එන්ඩ හෙල්මට් අරං "

 කියල ගේ දිහා බලනකොට සදූගෙ අම්මා දොරකඩ වෙලා ඉන්නවා , නොකියුවට ඒ මූනේ තිබුනෙ ... අනේ පව් අසරණ ළමයි වගේ පෙනුමක් ..

 " අපි ගිහිං එනකං අම්මට හිටිය හැකිනේ "

 " රැ වෙනකොට ගියහම මදැ "

 කියාගන අම්මා ගෙට ගියා ....එක අතකට සදූ එක්කම කුසේ ඉන්න පැටියත් ගිය එකත් හොදයි ...නැත්තං මේ දරුවො දෙන්නගේ අනාගතය ගැනත් ස්ථාවරයක් නැතුව ඒ කිරිකැටියව මම කොහොම බලන්ඩද, ......හයියෝ ෂීක් ....මං හිතන කාළකන්නි කතා..... නැ ..නැ ...මං මහ කාළකන්නියෙක් තමා ...පව්කාරයෙක් ...වැඩකට නැති පරයෙක්


 " හරි හරි අපි යං "

 " පුතා මොකද ඕක ගත්තේ ...."

 " ඉතිං ඇයි "

 " කියන එක අහලා අම්මගෙ එක තියල තමුසෙගේ හෙල්මට් එක අරගන එනවා "

 " තාත්ති මාත් පිටි පස්සෙං නගින්නං "

 " නැ ඔයා එන්ඩ ඉස්සරහට .... කෝ ඔය ක්ලිප් එක දාගන්ඩ "

 " ඇත්තටම අපි යන්නෙ කොහෙද ඈ "

 " ස්ටූඩියෝ එකට තමයි "

 " හරි යං "


 " යං කියල බයික් එකට නගින්ඩ කලිං කලිසම උස්ස ගන්නවා "

 " ස්ටූඩියෝ යන්නෙ ඇයි "

 " මං අම්මිගේ ෆොටෝ එකක් ලොකු කරන්ඩ දුන්නා , ඒක දැං රාමු කරලත් ඇති "

 " හම් "

 ඒ පාර දෙන්නම සද්ද නැ .....මේ විදිහට ටික ටික තනියම ජීවත් වෙන්ඩ හුරුවෙයි ... මටහිතා ගන්ඩ බැ ඔයා නැතුව කොහොම ජීවිතයට මුහුන දෙන්ඩද කියල ....අද චූට්ටක් බොන්ඩ හිතයි මට ....කොහෙද මේ ළමයි දෙන්න ආවනෙ

 " හෝව් හෝව් බඩඉරිගු කාල යං "

 " දැං පාස් උනානෙ මැණික එන ගමං ගෙදර අරං යං "

 " බැ බැ ගඟගාව බංකුවේ ඉදගන කාල යං .... අම්මි කියුවහම නං ඔයා කරනවා "

 " හරවමු නේද ලොකු පුතේ "

 " අනේ පිස්සුහුටංගේ විකාර "

 " හඩ්ඩා ...හඩුගදයා "

 " හා හා කෑ නොගහ ඉන්ඩ ...ඔන්න මම හරවනවා "

 " ආ ඇද්ද "

 " මෝඩ චූන් "


 " ලොකු පුතා ......"

 යකෝ මුං දෙන්න එල්ලෙන්ඩම බලාගන නෙ ඉන්නෙ

 " අප්පෝ තාත්තෙ තම්බපුවා දාන බාජනේ වහලත් නැ "

 " ඔයාට එපානං ඔයා නිකං ඉන්ඩ ...අපි කනව නේද තාත්තී .. මහලොකු සුද්දෙ මෙයාගෙ "

 " මාත් කනව බඩගියත් කට්ටියටමනෙ ...හෙක් හෙක් "

 " දෙන්නම කට පියා ගන්නවද "

 " අපිට කරල් හතරක් දෙන්ඩ ....ආ ..නැ ...තුනක් "


 " තාත්ති හතරක්ම ගන්ඩ "

 " ආ ආ හතරක්ම දෙන්ඩකො "

 " මහත්තය එකසිය හැටයි "


 " ආ මෙන්න "

 " හැටක් මාරු නැතෙයි "

 " කමක් නැ දෙසීයම ගන්න "

 " ආ එහෙනං ආයේ ආපුවහම ගන්නවද , නැත්තං තව කරලක් දෙන්ඩද "

 " ඇන්ටි තව කරලක් වෙන මල්ලකට දාල දෙන්ඩ , අපේ අම්අම්මට දෙන්ඩ "

 " ආනේ , චූටී බබා අම්මට වඩා ආච්චී අම්මට ආදරෙයි වාගේ ... අපේ දුවගේ ළමයිනුත් එහෙමයි මහත්තයා .....කෝ අද නෝනා ආවේ නැතෙයි "


 " අපි ගිහිං එන්නං "

 " තාත්තී ලා පාට එක මට "

 " හරි හරි ඉස්සෙල්ලා ඔතනින් ඉදගන්ඩ "

 " හැබැයි ඔන්න අම්අම්මගෙ එක ඇරුනහම වැඩිය තියන එක මට ඕන "

 " එහෙම කොහෙද මටත් බාගයක් ඕන "

 " ඇයි දැං ඔයාට වහල නැ කියල කන්ඩත් බැ කියුව නේද "

 " කට කට කට මේ ගෙදර නෙමෙයි .....දෙන්නටම බාගේ බාගේ ...දෙනවා ආ මෙන්න ..."


 " එහෙනං කන්ඩ බැරි කෙනාට යට හයිය කෑල්ල දෙන්ඩ ...මට උඩ එක "


 " තමුසෙගේ බඩේ හිඟන්නෙක් ඉන්නවද "

 " ලොකුපුතා "

 " ඉතිං විහිලුවක්නෙ "

 " තමුසෙ දැං වත් නංගිව බයිට් එකට ගන්න එක නවත්තල ....නංගිව බලාගන්නවා "


 " බයින්ඩ තාත්ති බයින්ඩ ....මෙයා හැම වෙලාවෙම ..මට අරක මේක කියනවා "

 " ආ හරි හරි ඔයාටත් එක්කයි මේ කියන්නෙ ...ඔය දෙන්නට දෙන්නා ඉන්ඩ ඕන උදව් උපකාර කරගන හැමදාම ආදරෙන් "

 " තාත්ති දැං අපි දෙන්නා අම්අම්මලැ දිහා නවතින්ඩ යනවද"

 " බෑනේ මැණික ශිෂ්‍යත්වයට තව මාස කීයද ... ඉස්කෝල මාරු කරල කොහොමද "


 " මට නං බැ මං තාත්ත එක්ක ඉන්නවා "

 " ඉතිං මං හා කියුව යැ "

 " අපි ගෙදර වැඩට කාවහරි ගම්මු ....ඇන්ටි කෙනෙක් ඉන්නවා කියුවා රණසිංහ අංකල් ...එයා එයි ...තාත්ති වැඩට ගිහිං එනකං ඔයාල එයා එක්ක ඉන්ඩ "

 " දැං ඔයා රාමු කරන්ඩ දුන්න ෆොටෝ එක අපි කොහෙද තියන්නෙ "

 " සාලේ බිත්තියේ එල්ලමු ...ඇයි මගේ පුතාට කාමරේ තියන්ඩත්   එකක් ඕනද ..., එහෙනං අපි තව පොඩි එකක් හදාගම්මු ඇඳ ගාවිං තනියට තියාගන්ඩ "

 " තනිත් නැ ... ඇයි ඉතිං මා එක්ක නිදාගත්තට මට නින්ද ගියහම ...අම්මි තාත්ති ලගට ගිහිං ....මට තනියම ඉදල පුරුදුයි ...ඒ උනාට මටත් එකක් තියනවනං හොදයි ...එතකොට අම්මි ඉන්නවා වාගෙනේ "

 " ලොකු ඔයාටත් එකක් ඕනද "

 " එපා ...අම්මි හිටියා ...දැං නැ ....‍ෆොටෝ එකකිං මක්කරන්ඩද"

2016-12-20

අම්මගේ පිංකං







අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ ඒවුන්ගේ වැරද්දනේ ...ඒ කාලේ අපිටනං ඔහොම සමයං නටන්ඩ අපේ වැඩිහිටියෝ ඉඩදුන්නේ නැ ....අපේ සිරිවර්ධන මාව කැන්දං ආ දවසේ තමා හරියට වචනයක් කතා කලේ ..ඊටත් මාස ගානකට පස්සේ වෙසක් එකකටනේ අපි පන්සල් ගියේ ...එදත් මං   මහ අම්මන්ඩිගාව ....අර මිනිහා කොහෙවත් ......  ..ඒකට මුං .... ...පට පට ගගා බයික්කෙ නැගල කරෙත් එල්ලිලා පන්සල් එන්නේ....කොහේ එකෙක්ද දන්නැ  ...ඔය කොලුවා ....ඉන්තේරුවෙන්ම කොහේ හරි දුර පලාතකිං රසස්සාාවකට  ආපු  එකෙක් .....  අහල පහලක එකෙක් නං ඔය සක්කර වට්ටම එල්ල ගනි යැ ....

..නෙදකිං අපේ මිනිහගේ මහ  ගෑනි ..මේ බණ පදයක් අහන වෙලාවෙත් මතක් උනානේ ....ඉන්නකං මට වධ දීලා දීලා ...ඇදටත් වැටිල එකතැං වෙලා    ඉදලා මට කියල ගූ හුජ්ජත් අතගාවගන මටම බැන බැනා  ඔත්පලේම මැරිලා ගියා .....ආවතේව කරපු ගුනේවත් තිබ්බට පට්ට වේසි අන්තිම  ඉඩමත් හොරාට තුනට බෙදලා පැත්තවත් නොබලපු දෝනියැන්දලට දුන්නා ...දැං අවිචියේ දැවි දැවී විදවනවා  ඇති ....ඒ ගෑනිටනං කල්පයකට ගොඩ ඒ්මක් නැති වෙයි.

......සාදු ...සාදු ...සාදූ.....

අනේ අපේ පන්සලේ හාමුදුරුවෝ හොදයි   වාගේ ..මෙයාට වඩා....මොනවද මේ කියන සම්මප්ප්‍රලාප  බණ පදයක් කියල දෙන්නේ නැතුව ......කොන්ඩෙත් වවාගන ....ඉස්සරහ ඉන්න දහම්පාසල් කෙල්ලෝ දිහාමයි බලන්නේ ....යකෝ මං විතරක්යැ   අපේ සීමාවේ බාගයක්ම මෙතනනේ ....හොදවැඩේ ...අසිතයටත් ....දං සීට්ටුව බලාන ඉදලා .....ඇරෙන ඇරෙන දවසක්  ගානේ ...බත් තම්බ තම්බ ගිහිං දෙන මගේ නම කවදාවත් කියනවද ඉස්පිකර් කටෙන් ....මහ ලොකුවටට කරේ තියාගනන  ඉන්නෙ  අර ...දාබරේලයි

2016-11-21

මං අදි මදි කරනවා



‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘

කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ...

‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො දෙන්නාවත් එක්කගන වරෙං මෙන්න මෙහේ ‘‘

‘‘ ..හ ..හ ...හරි වැඩක්නේ ..එයාලට විතරද සෙල්ලං කරන්ඩ හොද ....මට බැ මං එන්නේ නැ ‘‘

‘‘ කිව්වම අහලා වරෙන් මගෙන් ගුටි කන්නේ නැතුව ,  මම කියල තියනව නේද ..ඉස්සර වගේ උඩදාගන නටන්ඩ එපා කියල ‘‘

‘‘ මට බැ ..හ...හ...ඇයි ..වදේ ..මට තමා ඔක්කොම ...ගේ අස්සටම වෙලා ඉන්ඩ ඕන ...චම්පක්කලැ දිහා යන්ඩ දුන්නෙත් නැ ‘‘

‘‘ පක්කලැ දිහා යන්ඩ අරිනවා මං උඹව ....වේසා කෙල්ලො එක්ක පෑහෙන්ඩ ...උඹ මහ ලොකු ලමිස්සිනේ ....මහ මිනිස්සු නැති අතරේ කොල්ලෝ ගෙවල් අස්සේ දාගන නෙයි නාඩගං නටන පදුරියෝ එක්ක ..පෑහෙන්ඩ ...අරිනවා මං උඹව ....මේ මං උඹට දැනගන්ඩයි කියන්නේ ....මේ අම්මා එක්ක නං කවරමදාවත් ඔව්වා හරියන්නේ නැ  ..කියල  මතක තියාගනිං .... පල පල තෝ...රිංගන්ඩ ..ඔය ගුබ්බැයං අස්සේ ... ඔකුන් තුන් දෙනා තොටත් මිනිහෙක් හොයල දෙයි ‘‘

‘‘ හීඊඉඉඉඉඊඊඊඊඊඊ..........ඇඈ...ඉහි ඉහි .....,,‘‘

‘‘ මොකද පරට්ටි දත්කූරු කන්නේ .....ගලවනවා මං තොගේ දත් ඇන්ද ‘‘

‘‘ ඔහොම මට කියන්නේ ..ඇයි ....මං යන්නේ පත්තර බලන්ඩ ‘‘

‘‘ පත්තර බලන්ඩ ....පත්තර බලන්ඩ .....කිවයපියකෝ ගෙට වෙලා ඉස්කෝල පොතක් ......දහයේ විභාගෙට මාස දෙකයි .... මගුල් කතා පත්තර බලන්ඩ ....ඉස්සෙල්ලා ඉගනගන හිටපිය පස්සේ පුලුවං මගුල් කතා බලන්ඩ ..‘‘


‘‘ හරි හරි ...යනවා මං යනවා ...‘‘

‘‘ ඉතිං පල ..‘‘

‘‘ ඉතින් යන්ඩ අහක්වෙන්ඩ ..... ඔතනට වෙලා ඉන්නේ මට ගහන්ඩනේ ..ඔතනින් අයින් උනහම මම එන්නං ‘‘

‘‘ මෙහේ වරෙන් ..මම උඹට කියන්නේ අන්තිම වතාවට ‘‘

‘‘ ඉතින් ඔයා  වැට ගාවිං අයින් වෙන්ඩ ...මං ගේට යන්නං ‘‘

‘‘ ඒයි ..තොපි දෙන්නට දැං මං වෙනම කියන්ඩ ඕනද ....පොල්ලක් අරගන දෙන්ඩ කලිං වරෙව් ගෙට ‘‘

‘‘ ඕයි ලොකු මල්ලි ..පොඩිත් එක්ක එනවා යන්ඩ.... අම්මා ..ගෙට ගියා ....දැං නං ගහන එකක් නැ .....තමුසෙල දෙන්නා හින්ද තමයි මාත් බැනුම් අහන්නේ .....‘‘

‘‘ අනේ යනවා ඕයි  යන්ඩ ... අපිට යැ අම්මා බැන්නේ .....තමුසේ ..චම්පක්කට ප්‍රීයන්ත අයියගේ ලියුං ගෙනිහිං අහු උන හන්දනේ ...අම්මා තමුසෙට බනින්නේ ....අපි කොල්ලෝ ...අපිට ඕන තැනක සෙල්ලං කරන්ඩ පුලුවං ....අර එදා තමුසෙගේ මගුල් ගෙදරදිත් කියුවේ .... ආච්චි අම්මලා , පුංචිලා ...එහෙම ඉස්සර වගේ කොල්ලො එක්ක නටන්ඩ යන්ඩ එපා කියල ‘‘

‘‘ ඕන එකක් කරගන්නවලා ....මං ගිහිං අම්මට කියනවා ..තමුසෙලා ආවේ නැ කියල ‘‘

‘‘ ඔන්න මං නං ආවා අරයලා කියුවට ආවේ නැ ..අම්මේ ...ඔන්න මටනං බයින්ඩ එපා ‘‘

‘‘ දැං උඹ ඔය උදේට මූණ එහෙම හේදලාද  ‘‘

‘‘ නැතුව ..මං ඉන්නවයැ හඩුවට ‘‘

‘‘ එකෙං කමක් නැ ...ආයෙත් ගිහිං නාගන එහෙම ලැස්ති වෙයං ගමනක් යන්ඩ ‘‘

‘‘ කොහේ යන්ඩද  අම්මේ ...‘‘

‘‘ යන්නෙද ...යන්නේ වල පල්ලට ‘‘

‘‘  කියන්ඩකෝ ...අප්පා ..‘‘

‘‘ අප්පා ..අප්පා තමා අප්පා ....කියුවහම ගිහිං ලෑස්ති වෙයං ‘‘

‘‘ කොහේ යන්ඩද කියන්ඩකෝ .....අනික මට බැ මෙච්චර උදෙං   නාන්ඩ ...ගිහිං ආවහම දාඩියේ බැ ...මං යන තැනක ගිහිං ඇවිත් දවල්නාට කාල එහෙම නානවා ‘‘

‘‘ උඹට බඩගිනිද පුතේ ‘‘

‘‘ නැ මට බඩගිනි නැ ‘‘

‘‘ කොල්ලෝ දෙන්නට නං බඩ ගිනි ඇති නටල නටලා ...පාං අරික්කාලක් කාලා ඇතැ කොල්ලන්ට ‘‘

‘‘ කොහෙද අම්මේ අපි යන්නේ ‘‘

‘‘ රත්නා නැන්ද  ලැ දීහා ‘‘

‘‘ ඒ මොකැ හදිස්සියේ ‘‘

‘‘ කිව්වහම ගිහිං ලෑස්ති වෙයං ......ඒ පාර යක් පැටව් දෙන්නා ..ගේ අස්සෙත් නටන්ඩ ගත්තද .. පලයල්ලා ගිහිං වහල්ල මැදගන නාගන වරෙල්ලා ‘‘

‘‘ මේ දැම්ම ‘‘

‘‘ ඔව් දැම්මම ‘‘

‘‘ අප්පෝ මට බැ සීතලම සීතලයි ‘‘

‘‘ මොන සීතලක්ද දැං දහයත් පැන්නා ‘‘

‘‘ අනේ මට බැ මං මූන විතරක් හෝදන්නං ‘‘

‘‘ චුටි පුතා ..උඹ මගෙන් කන්ඩමයි හදන්නේ .....හොදට කුණු අතුල්ලලා නාපං දෙන්නම ... නැත්තං මං පොල්ලෙල්ලක් ඇරං හම ගහනවා , බලපං උඹල දෙන්නගේ කටේ හැටි විදුරු මහත් සුදු මැලි වෙලා ....කොහෙද දතක් කටක් මදින්නේ නැ මනුස්සප්පෙරේතයෝ වාගේ ‘‘

‘‘ ඔය උඔ ඒ ටිකට හෝදගන ගෙටත් ආවද ‘‘

‘‘ අනේ දැං නාන්ඩ බැ අම්මා ‘‘

‘‘ උඹ ගාව සල්ලි තියනවද ‘‘

‘‘ මාගාව කොහෙමද සල්ලි ‘‘

‘‘ මං දැක්කා පැන්සල් පෙට්ටියේ කාසි වාගයක් තියනවා ‘‘

‘‘ අනේ එක මං එකතු කරන සල්ලි ...හතලිහද කොහෙද තියෙන්නේ ‘‘

‘‘ ඒකට කමක් නැ ... ඒක මට දියං හම්බුනහම  දෙන්ඩ බැරියැ ‘‘

‘‘ ඔය කියුවට දෙන්නේ නැ ‘‘

‘‘ නැත්තං ඉතින් අරහේ යන්ඩ එන්ඩ වෙන්නේ පයිං තමා , කොල්ලො දෙන්නටනං ටිකට් ගන්ඩ ඕන නැ ‘‘

‘‘ ලොකු පුතා ...මොකද උඹ ඔය කොන්ඩෙට කරන්නේ ....බම්ප් එක තියන්ඩ ...තෙල් ටිකක් ගාල පැත්තට පීරපං ..‘‘

‘‘ ඈ ..අම්මේ ..කොහෙද අපි යන්නේ ‘‘

‘‘ රත්නා නැන්ද  ලැ දීහා ‘‘

‘‘ තාත්තා ඒදත් බැන්නානේ අම්මට එහේ යන්ඩ එපා කියල ‘‘

‘‘ අනේ එයාට නටාගන්ඩ කියහං ...ගියා ගියාමයි ...සතියකටත් වැඩියි ...ගෙවල් වල ගෑණු ළමයි ඉන්නවා කියල මතකයක් තියනවනං ..මං ගම වටේ ඇවිදින්ඩ ඕන යැ ‘‘

‘‘ අම්මේ යතුර ගන්ඩද ...හුලං කව්ලුවෙං තියන්ඩද ‘‘

‘‘ පොඩි බෑග් එක අරං ඒකට දාගන එලියට බහිනව ළමයෝ .....කෝ චූටි පුතා  ... ඔය ෂර්ට් එක පැත්තක් එලියේ .......හැමදාම කියනවා ඔහොම පවුඩර් දාන්ඩ එපා කියල ....බක්කරේ වාගේ ......හාහා ඉක්මනට යමල්ලා .... ඉර හැරුනට පස්සේ ගෙවල් වලට ගිහිං වැඩක් ඇතැ ‘‘

‘‘ අම්මේ එතකොට තාත්ත ආවොත් ‘‘

‘‘ ඒකත් ඇත්ත බාගදා ඒ මනුස්සයා ආවොත් කොහොමද ගෙට යන්නේ .... එහෙනං යතුර හුලං කවුලුවෙං තියහං ‘‘

‘‘ එය ඉතින් අස්සයා වාගේ දුහන්ඩ තියාගත්තා ...අක්කගේ අත අල්ල ගන්නවා චූටි පුතා .....එතන ගිහිල්ලත් මර විසේට නටන්ඩ ගන්නේ නැ ....උඹල දෙන්නා .....ලොක්කි උඹ යන්නේ එහෙම නැ ...අර කොල්ලගේ කාමරේ අස්සට රිගන්ඩ දැං උඹ පොඩි ළමයෙක් නෙමෙයි ‘‘

‘‘ අනේ මට බැ අම්මා මෙයාව අල්ලං යන්ඩ ...උඩ පැන පැන යන්නේ ....වැලියි මඩයි දෙකම මගේ ඇගට ඉහෙනවා ‘‘

‘‘ චුටි පුතා හොදට අහගනීන් මම මේ කියන දේ ....උඹල දෙන්නටත් එක්කයි මේ කියන්නේ ....එහෙට ගියාට පස්සේ ...ඕන නැති දේවල් කියවන්නේ නැ , ....තාත්ත ආපු නැති කතා ......උදේට පාං කාපු කතා ...ඊයේ රෑට කෑවේ නැ කියල එහෙම කියන්නේ නැ , ... දවල්ට කන්ඩ කතා කරොත් එහෙම මං අදි මදි කරනවා ....  ඔයාල හොදට කන්ඩ ඕන බඩ පිරෙන්ඩ ...බෙදා ගන්න ඒවා ඉතුරු කරනවා එහෙම නෙමෙයි ‘‘




2016-11-10

මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං



‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘

‘‘ නැ .....එපා ‘‘

‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘

‘‘ උගුර කසනවා ...සෙම වැඩි වෙලා ‘‘

‘‘ ඇයි එහාට යන්නේ ....ඔලුව කසන්ඩ එපාද ‘‘

‘‘ අතේ තෙල් ......මුනේ ගෑවෙනවා ‘‘

‘‘ මං අද  තෙල් ගෑවේ නැ‘‘

‘‘ ඒ මොකද ...කැලැල් ටික ටික මැකෙන හන්දද ‘‘

‘‘ කැලැල් මැකුනට වැඩක් යැ .....අත් දෙක හරියයිද මගේ ....  ඉස්සර වගේ වැඩ කරන්ඩ ‘‘

‘‘ කාලයක් යයි ‘‘

‘‘ අර රංජන්ගේ වාගේ මගෙත් අත පය හැමදාම වකුටු වෙලා තියෙයිද ‘‘

‘‘ දෑන්ද ඔව්වා හිතෙන්නේ ....  අරකට හලාගත්ත වෙලාවේ  භුමිතෙල් කෑන් එක මගේ ඔලුවට හලන්ඩයි තිබ්බේ ... උදේ ඉදං ගැස්සි ගැස්සී ටැට්ටරේ උඩ ඉදල සරුවාගෙම කෙඩෙත්තු  වෙලා ......කෝ කෝ අහකට යනවා ...මට නිදිමතයි  ‘‘


‘‘ ඉහි ඉහි ...හි .....‘‘

‘‘ මේ කනක් ඇහිල බුදිය ගන්ඩ ඔය $ත්ත වහගන්නවද ‘‘

‘‘ ඉහි ...ඉහි ....මට බයින්ඩ එපා  දෙයියනේ ‘‘

‘‘ මේ ...මේ ...මේඅහනවා ...  තමුසේ දැං කරන්ඩ ඕන හරිය මට කරල ඉවරයි ......  රත්තරං ටිකට කරපු  රස්සාත් ගැහිල ගිහිං  ආයෙත් ටැට්ටරේටම වැටුනා .....  ගමේ යන කයිකතන්දර එක්ක යන්ඩ ඇරල පස්සට හිනාවිලියි  , ආඩපාලි ඇනුං පද අහන එකයි  , මූණට අහන උන්ට උත්තර දීමයි මට දැං ඇති වෙලා .....මං මේ ගෙයි වසන්නේ අර දරු දෙන්නා හන්දා ......මාස හය හතක් නැතුව අද මේ ඇදට නැග්ගේ  %රි වාතේ ඉහට ගහල නෙමෙයි , මගේ ඇගට අමාරු හන්දා‘‘

‘‘ අනේ කෑගහන්න එපා ......මතු උපදින උපදින ආත්මේ බැලමෙහෙවර කරන්නං ....මට සමාවෙන්න  රත්තරනේ ‘‘

‘‘ මේ අහනවා .....මං තමුසෙට ආදරේ නැතුව නෙමෙයි , ඒකයි එලියට බැහැල නොගිහිං තවත් මෙතන ඉන්නේ ,  ....... ඒත් තමුසේ මට කරපු දේට මට සමාව දෙන්ඩ බැ ‘‘

‘‘ මං එහෙම කරේ නැ අයියේ  ....  එදා ඉදං හැමදාම ඔයා මට සාත්තු කරනකොට කොච්චර මං ...කියන්ඩ හැදුවද ...එත් බැරි උනා .... ජයන්ත අයියා අදක ඊයෙද මට ලෙංගතු  .......  ඔයා දන්නවද   ඉස්සර පොඩිකාලේ දවසක ...ඉස්කෝලේ හෝඩියෙදි මට කක්කා ගිහිං ..... මං හැංගිලා ඉන්නකොට වැවට එක්කාගන ගිහිං කක්කා හෝදවලත්   තියනවා ,   හැමදාම අපි හිටියේ එකට ......  දවසක් අපේ අප්පච්චි ...හොදටම රා බීලා   බැනල එලව ගත්තා   , ජයන්ත අයියව ....  යකෝ ඇවැස්ස කියලද තෝ හිතං ඉන්නේ ...  තෝ ජාතක උනේ අපේ ගෑණිගේ අප්පොච්චිට කියල .....ජයන්ත අයියා      සේකර මාමගේ නෙමෙයිලු   . අපේ අම්මලැ සීයලු එයාගේ තාත්ත ‘‘

‘‘ යකෝ මාර වේසා පරම්පරාවකටනේ මං අලගුතිබ්බේ ‘‘

‘‘ මං වේසාකං කෙරුවේ නැ අයියේ ...  මං එහෙම කරානං ඔයාලගේ අම්මල නැන්දල රෙදි නැන්ද එක්ක එළල අකුලං ගිය රෙද්ද රතු උනේ කොහොමද .... ඔයා වාගේම ජයන්ත අයියත් හැමදාම මා බලන්ඩ ආවා ,ඉස්පිරිතාලෙට , හැබැයි ඔයාට හොරෙන් ,    තවත් අලකලංචියක් වෙයි කියන බයට ‘‘

‘‘ ඒකත් දන්නෙත් දැන්නේ ‘‘

‘‘ ඇයි මේ අපාගත වෙන්ඩම හදන්නේ ....ඔයා දන්නවද    මට ඔයා ගැන කියුව දේ ඉස්සර ඉස්සෙල්ලම ....  ‘‘‘‘‘     අන්න ජයනාතයට තමුසෙව කසාද බදින්ඩ ඕනලු ....මං කියුවා  අම්මලාගෙං   .... අහන්ඩ කියල ..... ගිණිපුක්ගාය   තිබුනට ඌ හොද   ඒකා ......‘‘‘‘‘  

‘‘ ඒ බයිලා දැං ඕන නැ ‘‘

‘‘ ඔයාට කහට එකක් හදලා දෙන්නද ‘‘

‘‘ එපා ‘‘

,. මගේ කුක්කු කැත වෙලා නේද ‘‘

‘‘ දන්නැ ‘‘

‘‘ මේ බලන්න   , කුක්කු පුඩුවක් නැ නේද .....  පව් චුටි   පුතා ,   මගේ කිරි බොන්ඩ කොච්චර පෙරේතද ‘‘

‘‘ ඇයි  ,  මොකද උනේ ‘‘

‘‘ තුවාල හොදටම හොද උනහම මං දුන්නා කිරි බොන්ඩ කියල ..... මගේ කොල්ලත් මාව අප්පිරියා කලා ..‘‘

‘‘ ඔය   ... ඔය   ,.. ඔයා අල්ලන තැන කුක්කු පුඩුව ....  මිරිකල බලන්න   මට තාම කිරි එරෙනවා .....පේනවද ‘‘

‘‘  හම් ‘‘

‘‘ ඔයාටත් හිරිකිතයිද ‘‘

‘‘ නැ ...නැ ‘‘

‘‘ නැත්තේ නැ ..... පල්ලෙහා ...අගුරු   වෙලා   කැත වෙලා   කියල මම දන්නවා .....ඒ උනාට    මට තාම එතන දැනෙනවා ......ගොඩ කාලෙකට පස්සේ සනීප නැතිවෙලා හොදවෙලා ......මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං

දළු බුලත්



‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘

‘‘ මට ඇති ගිණියමක් නැ වාහේ ...මෙන්න මේ මීහරකි ගිනියම නිමාගන .....සිවරං දෙයියනේ මේ පරට්ටිට කියපු කට බලු පුකේ උලාගත්තානං මීට හොදා..... මෙච්චර  රැකබලාගනත් මේකි දැලිගාගත්තනේ ඇයි බොල තොට බැරි උනේ ...කෑගහගන එලියට දුහන්ඩවත් ...පල තෝ මගේ දෑහෙට නොපෙනී පල ‘‘

‘‘ හා හා අත ඇරපං ඔය කෙල්ලව ..... වෙච්ච දෙයක් කියලා හිටපං කලින්ම ... උඹ පලයං මා කෙල්ල ගෙට ‘‘

‘‘ ගෙට ගන්ඩ නෙමෙයි මනුස්සයෝ ...විසුමක් වෙන්නැ   ගමේ ..........ඔලුව හැරුන අතේ යන්ටයි වෙන්නේ ‘‘

‘‘ මගෙං කුණුහබ්බ නාහා කියනවද  වෙච්ච දේ .......  බෑගිරී ගහන්ට තියාගත්තා මිරිකනවා තොගේ බොටුව ‘‘

‘‘ මගේ නෙමෙයි මීරිකාපං අරකිගේ බොටුව , උඹ හැමදාම කලේ මිරිකන්ඩ ඕන එකා ඉන්දැද්දි මගේ බොටුව කාපු එකනේ ‘‘

‘‘ දෙයියන්ගේ නාමෙට කියාපං යකෝ වෙච්ච දේ .....‘‘

‘‘ හැන්දෑ කොරේ කුඹුරට තේ අරං යනකොට මේකී වලව්ව පිටිපස්ස මඩුවේ කෝපි ඇට සුද්ද කරනවා ....මැණිකෙයි ....පුංචි මැණිකෙයි දෙන්නම ඉන්න හන්දා මං ....මං මේකිව තියල කුමුරට යන්ට එලියට බැස්සා .....රුක් ලිදත් එහාට ගිහිං පුවක් ඕවිටේදි තමා මං දැක්කේ මැණිකෙලත්  වෙලට යන්ඩ එනවා කියල.  මැණිකෙල වෙදහාමුලැ ගෙදරත් ගිහිං එනව කියාපු හන්දා ..මං හනිකට දුහාන එනකොට මේකි මඩුවේ නැ ....ඉස්තෝප්පු කාමරේට එබෙනකොට මේකි ඇගේ නුල් පොටක් නැතුව ගවුං කොටේ බදාන අඩනවා ....අර නරි බල්ලා ....මේකිගේ ඔලුව අතගගා මූන ඉබිනවා‘‘


‘‘ කාළකන්නි හාමුවා ..... ‘‘

‘‘ නැ නැ මනුස්සයෝ ....බේබි මහත්තයා ‘‘

‘‘ හත්දෙයියනේ ...අර රහතුං වහන්සේ කෙනෙක් වාගේ ඉන්න කොලුවා ‘‘

‘‘ අනේ ඒකාගේ රහත් කං එල්ලුං ගස් හතක යන්ට හරි ..මං හොදට තඩි ගහලයි ආවේ ...... ‘‘

‘‘ අම්මපා මං මේකිව ඇලේ එබුවේ   වස්තරේවත් යටිබඩේවත් තියන  ලේ හෝදන්ට නෙමෙයි  .....හුස්ම හිරවෙන්ටමයි ....වදනකොට ඉරිච්ච අමාරුව හන්දම තමා හෝදල ගෙට ගෙනාවේ ‘‘

‘‘ හරි බං දැං උඔ මෙතන ගිරිය පිප්පුවා කියල වරද හරිගැස්සෙන්නේ නැ .... පෙර කල අකුසල හන්දා අපිට මෙහෙම වහල් කං කරන්ටයි ....අපේ උන්ට කෙලිබඩු වෙන්ට උනා ....අපි මක්කා කරන්ටද ....එල්ලෙන්ටද  ....නියගලා කන්ටද ‘‘

‘‘ හයියෝ උඩ ඉන්න දෙයින්ටවත් මේක පේන්නේ නැති හැටියක් ......මිනිහෝ  උඹේ තියන නෝන්ජල් කම හන්දම නෙමෙයිද මේ ....මං කොච්චර කියුවද ........මාව සල්ලං කරල උඹේ ඇගේ ගහපු දා ඉදන්ම වෙන කොහේ හරි යං කියල .......කොහෙද බොටත් මේ මුර වැඩේ ඇරෙන්ඩ වෙන අහක් තිබ්බද .......පිච්චි පිච්චි මං ගෙවපු කාලයක් ...අන්තිමට අළු වෙලාම ගියා ...... මාස් පොයටත්  කෙල්ල අමුඩ ගහන්....  තාම අමාවක ආවෙත් නැ .....මොන පව්කාරකමක්ද මේ ... බුදු මැණියනේ මුං දෙන්නා අක්කා මලෝද කියල දන්නවද ...මේවා දකින්ඩ මම ජීවත් වෙනවනේ දෙයියනේ ‘‘

‘‘ ඈ  බොල   වේසාවියේ   මොකක්ද ඒ හරුපේ .....මං තෝ මේ මුරගෙට එක්කං ආවේ හාමුවා කියාපු හන්දම නෙමෙයි තොට තියන ආලවන්ත කමට ... තෝ මාව එතකම්ම මායිං නොකලට ‘‘

‘‘ මට මේ සම්මක්ජාතියේ ගැලවිල්ලක් නැ කියල දන්න කොට තමා උඹට එහෙම කියුවේ ....කොහෙද  කනකට   ගත්තද ... ලොකු හාමු උඔ එහෙට මෙහෙට වෙනකං ඉදල කොච්චර   මේ පැලැල්ල වහනවද ....උඹ ඒවා නොදැන හිටියා නෙමෙයිනෙ ‘‘

‘‘ වල් වේසාවි වහපිය තොගේ අප්පල්ලේ ‘‘

‘‘ වහලෙන් ඔය උල් පිහිය ඇදලා ගත්තේ මට අයින්ටද .....ඉතිං   ඇනපං ...මගේ කොළ බොක්ක ඇදගන කාපං ‘‘

‘‘ තොගේ ඔය පුක වහගන පැත්තකට පල පදුරු වේසී ‘‘

‘‘ ඉතින් ඔය උල් පිහියත් උලුක් කරං කොහෙද මිනිහෝ යන්නේ ‘‘

‘‘ ඉතිං කට පියාගන හිටපිය ....ඔය කෙල්ලට එහෙම අඩං තේට්ටං කරනවා නෙමෙයි .......  මං නටු එක්ක දළු බුලත් ටිකක් කපාගන එන්නං .... ඇලේ ඔබලා හේදුවට කාරියක් යැ ....  කොටල ඉස්ම ටිකක් ඇන්න ගාත් දෙක උස්සලා යටිං දාහං ‘‘

2016-04-19

පුනරුප්පත්තිය



‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘

‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ මට ගහන්ඩ ‘‘

‘‘ ඇයි මොකද තාත්තට බැරි ඔයාට ගහන්ඩ ..අම්මල තාත්තලට පුලුවන් ළමයි වැරදි කලහම දඩුවං කරන්ඩ ‘‘

‘‘ ඔයාලයි මට බයවෙන්ඩ ඕන ...මට ගහන්ඩ බෑමයි ...බනින්ඩත් බෑමයි ‘‘

‘‘ අර දැක්කා නේද ..හැම වෙලාවෙම ඔහොමයි මූන දිහා බලාගන ඉදල යනවා යන්ඩ ...ඔයා මම කියන එක පිලිගන්නෙම නැනේ...ඔය ඔයාගේ අක්කම තමයි ‘‘

‘‘ පිස්සු විකාර කියවන්නේ නැතුව ඉන්ඩ අනේ .....ඔය පොඩි කමටනේ අනිත් වෙලාවට ඔය හොදට හුරතල් වෙවි ඉන්නේ ‘‘

‘‘ ඉතින් ඔයානේ කියවන්නේ ...මේ කෙල්ල මාව ගනන් ගන්නේ නැය ...බල්ලට දාල කතා කරනවය අරකය මේකය  කියල ....ඔන්න දැං ගිහින් බලන්ඩ කොහේ හරි මුල්ලකට වෙලා තනියම කියව කියව ඇති ....එක්කෝ බලාගත්ත අත බලාගන ‘‘

‘‘ ඒක එහෙමනං ඔය පෙර ආත්මේ කියවන අනිත් ළමයි වාගේ මේ ළමය කියවන්ඩ එපැය මං අරහේ හිටියය ..මෙහෙම කරාය ...අතනදි මැරුනය කියල......දැං මම මෙහෙම කියුවයි කියල  ගිහින් කෙල්ලගෙන් අරව මේවා අගිස්සවනව නෙමෙයි හරිද ‘‘

‘‘ අනේ මං ඔයා තරං මෝඩ නැ ...එහෙම හැම ළමයම පෙර ආත්මේ කියන්නේ නැ අනේ .....ඒ උනාට සමහරක් එහෙම කෙලින්ම නොකිවට ඔය වගේ එක එක විදිහට ඔව්වා පෙන්නනවා ,  බලන්ඩ ඔය වයසේ ළමයි කරන කියන දේවල්ද කරන්නේ ......හැම දෙයක්ම හොදට තේරෙනවා....අනික බලන්ඩ නොතේරෙන වයසේ ඉදන් අක්කගේ ළමයින්ට එකතුයි ...මතකද ඇබින්දං කාලේ ඉස්සෙල්ලම ලොකු පුතාව දැක්ක ගමං අතට පැනල හුරතල් වෙච්ච හැටි ‘‘



‘‘ ඒ කොල්ලා පොඩි ළමයින්ට ආදරෙයි කොයි පොඩි එකත් දැක්ක ගමං අතට පනිනවා ‘‘

‘‘ ඔයාලැ අක්ක ඔයාට හරි ආදරෙයි මා එක්ක ඉස්සර කොච්චර කියවනවද ඔයා ගැන පොඩි කාලේ කරපු කියපු දේවල් එහෙම , අනික මටත් හරි ආදරෙයි , ඔයාලගේ ගෙදර අනිත් මිනිස්සු වගේ නෙමෙයි ..පුදුම මනුස්සකමක් එයාලග තිබුනේ ....මතකනේ අප කසාද බැන්ද අලුත අපිට එහේ ඇවිත් ඉන්ඩ කියවා ‘‘

‘‘ හයියෝ සංසාරේ එ් තමුසෙට ආදරේට නෙමෙයි ඔයි ....එයාගේ පාලු කපන්ඩ ‘‘

‘‘ අනේ මෙහෙම මිනිහෙක් ...දිවේ කටේ නොගෑවි කියන ලස්සන ‘‘

‘‘ වෙන කොහොම කියන්ඩද විකාර කියවනකොට ‘‘

‘‘ විකාර නෙමෙයි අනේ අර අපි අන්තිමට අක්කව බලන්ඩ ගිය දවසේ මතකද ඔයාට , පාස් දෙකෙන් තුන්දෙනෙකුට යන්ඩ දෙන්ඩ බැ කියල ඔයාලගේ  අම්මවයි මාවයි ඇතුලට ඇරල එලියට වෙලා හිටපු වෙලාවේ අක්කා ඔයාව බලන්ඩ ඕන කියල කොච්චර විස්සෝප උනාද , ..කොහෙද ඔයාගේ තියන පංඩිත කමට අර ...සල්ලි දෙන්ඩ ඇතුලට එක්කං යන්නං කියුව ඉස්පිරිතාලේ වැඩකරන මනුස්සයටත් බැනල පන්න ගත්තනේ ‘‘

‘‘ ඒ යකා ඒ වෙලාවෙත් සර්ජිකල් ස්ප්‍රීට් ගහලයි හිටියේ ...සල්ලි නෙමෙයි දෙනව මං උන්දැට ‘‘

‘‘ ඔයා හැමදාම වරද්ද ගන්නේ ඔය ගතිගුන හන්දම තමා ...එදා එහෙම නොකරන්ඩ අක්කා එක්ක වචනයක් දෙකක් කතා කරනවා නේද ‘‘

‘‘ අයියෝ දැන්වත් ඕක නවත්ත ගන්නවකෝ ‘‘

‘‘ නැ අනේ කියන එක අහන්ඩකෝ මට හැමවෙලාවෙම ඔව්වා මතක් වෙනවා , අක්කා නැති උනා කියල ආරංචි වෙච්ච ගමං මට හිතුනේ......අනේ මගේ දරුවෙක්වෙලා ඉපදෙන්ඩ කියල..........අක්කගේ මිනියට වැදලත් මම හිතුවේ එහෙම , ඊට පස්සේ  එයාව මතක්වෙන මතක්වෙන ගානේ ...මම හිතින් කියන්නේ මගේ ලගටම එන්න කියල , ......අමතකයිද අපි මේ ගේ හදාගන එන්ඩ ලංවෙලා මං බෙහෙත් පෙත්ත ගන්න එක නවත්තලා ටික දවසක් හිටියා ......ඊට පස්සේ මේ ගෙදරට ආවා ....අපි එකට හිටියේ හරියටම එක දවසයි ....ඔයා ආයෙත් වැඩට ගිහින් ආවේ මාසයකින් විතර ...තව සතියකින් දෙකකින් විතර අපි දැනගත්තේ බබෙක් ඉන්නවා කියල ‘‘

‘‘ මේ ඒක නෙමෙයි අපි තේ ටිකක් බොමුද ‘‘

‘‘ තාම තුනයිනේ කාපු බත් ඇට ටිකවත් පෙරලිලා නැනේ ‘‘

‘‘ ඔන්න ඔහේ තේ ටිකක් බොමු අනේ ‘‘

‘‘ මතකද ඉපදිච්ච ගමන් කෙල්ලගේ පපුවේ තිබුන ලොකු ලපය , දැං එහෙම එකක් තිබුනද කියලවත් නැ ටික ටික මැකිල ගිහින් ...ඔහොම හදිසිසියේ මැරෙන අයගේ රිදුන තැන්වල එහෙම ලප හිටිනවලු .....එවා පස්සේ කාලේ ටික ටික මැකෙනවලු ‘‘

‘‘ ඔය වැඩකට නැති දේ හිතන්ඩ එපා ...ගිහිල්ලා බලන්ඩ අරය කෝ කියල ....සැහෙන වෙලාවකින් සද්දයක් නැ ...මොනවහරි ලොකු වැඩකට අතගහල ඇති ‘‘

‘‘ ඔයා කොච්චර කියුවත් පිලිගන්නේ නැ නේ , මතකද ඔයාට එදා අක්කා නැති වෙච්ච දවසේ  උදේ නැගිට්ට වෙලාවේ ඉදන් මගේ ඇගට කිසි පණක් තිබුනේ නැ , ඔයාට බත් එක උයලා දුන්නෙත් අමාරුවෙන් වැඩට ගිහින් ටිකකින් ඔයා මට කෝල් කරල කියුවා ......වැඩකරන්ඩ හිතෙන්නේ නැ මහා කම්මැලියි   ඇගට නිකං මොකදෝ මොකදෝ වාගේ කියල ........එතකොට මං කියුවා මටත් මහ නිදිමතක් දැනෙනවා අනේ ....මේ ඇදට වෙලා ඉන්නේ කියල ......අසනීපයකටවත් දවල්ට නිදියෙන ගෑනියෙක්ද මං ....ටිකකින් මට නින්ද ගියා .....ඔයාලගේ අක්කා ආවා ..මාත් එක්ක හොදට හිනාවෙවි කතා කරකර හිටියා .....ටිකකින් මම කුස්සියට ගිහින් තේ එකක් හදාගන ඇවිත් බලනකොට අක්කා නැ ....‘‘

‘‘ අපි දෙන්නා ඔය ගැන දහස් වාරයක් කතා කරල තියනවා මයේ හිතේ ‘‘

‘‘ ඔයා කොච්චර කියුවත් ඒක හීනයක් උනාට ඇත්ත  වගේ ......අපේ දුව ඔයාගේ අක්කම තමයි.....‘‘

.................................................................

2015-11-16

දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ


.....මේක වෙන්ඩැති කාමරේ ....


..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ......

...හරි ..හරි මේක ...තමා ....කොච්චරවෙලා ඉන්ඩ වෙයිද මන්දා .....එපා වෙන්නේ   මේ වාත සිස්ටම් එක තමා ලංකාවේ ....හරියටම වෙලාවක් පේෂන්ට දීලා ඒ වෙලාවට ගෙන්න ගත්තනං  ඉවරනේ ...අපරාදේ මගේ කාලේ .....අදත් නිවිහැනහිල්ලේ අඩියක් ගහන්ඩ වෙන්නැ .............එහෙමටත් අවුලක් නැ වගේ .....මේ ඉන්නේ මිනිස්සු හතරපස්දෙනයිනේ ..... ආ අරතියෙන්නේ තාම යන්නේ නොම්බර පහ ......ඒකවත් හරියට පේන්නේ නැති හැටියක් ....මේ පාරත්   කන්නාඩිය දෙපාරක් මාරු කරලත් හරිගියේ නැනේ .....පරන කන්නාඩියනං ..කැඩුන උනත් හොදට වැඩ .....කන්නාඩියේ අවුලම තමා මොකැ මං වයසට ගිහිල්ලා යැ ....මෙහෙං අරං හරියන්නේ නැ .............ලබන පාර ටුවර් එකේදි මොන වැඩක් පස්සට දාල හරි එහෙන්ම කන්නාඩිය හදං එනවා....

.......කෝ නොම්මර හයත් වැටුනා ඇතුලේ හිටිය සමයමත් එලියට ආවා .....ඒක නං හොදටම අප්සට් කේස් එකක් ....ඒකනේ දත් තිස්දෙකම පෙන්නල මා එක්ක හිනා උනේ ...කෝ ...නම්බර් සික්ස් .......සෙවන් .....එයිට් .....සීඊඊඉ  ...නමයත් වැටුනා ...යාන්තං ඇති නමයනං ඉන්නව ............මං දහයනේ   ඉක්මනට ගියහැකි ..............චැනල් කරලත් නෑවිත් ඉන්නේ මොකද මන්දා .......බාගදා ඊ වැනල් කරල නෑවිත් ඉන්නව ඇති .............එක්කෝ මං වගේ ඩයිවර්වත් නැතුව හොරාට එන්ඩ හිටපු ඈයෝ වෙන්ඩැති , බාගදා ගෙදරිං බලෙන් එක්ක එන්ඩ ඉදලා ...කැලේ පැනලද කවුද දන්නේ .....හේහ් හෙහ්

..............අන්න දහය වැටුනා .........මං දැං ඇතුලට ගිහිං මොනවද කියන්නේ .......ඩොකාම කතාව පටං ගත්තොත් හොදා ..... කොහෙන්ද කොතනින්ද මං මේක පටං ගන්නේ .........

....කරාස් ........දික්....

...දොරවත් හරියට මේන්ටෙන් කරල නැ  ආංඩුවේ  ඉස්පිරිතාලයක් වගේ ..............යකෝ          මේකගේ කිසි හිනාවක් නැනේ .....දෙකට බෙදල පැත්තට පීරල ....ගොලු සමයං ඩයල් එකක් .... අම්මට සිරි ඇදගන ඉන්න සපත්තු දෙක යුරෝප්  දෙකක් උනාට මේස් නං සිකුරාද පොලෙන්ද කොහෙද අරං තියෙන්නේ ...හයියෝ.......මේසෙං ඉස්සරහට කකුල්  දික්කරහම පුටුවේ ඉදගන්න එකා කකුල් මේසේ උඩින්ද දන්නැ ....තියන්නේ ........කෝකටත් පුරුදු හිනාව දාල බලනව ....

 

............හිඊහඊි..ඊඊඊඉ.........

‘‘ එන්න ...ඉදගන්නකෝ ‘‘

‘‘ ඩොක්ට මම  සිරිමල් රත්නායක‘‘

‘‘ ඔව් මිස්ටර් රත්නායක අපි කතා කරමු ....මම අහගන ඉන්නම් ‘‘

‘‘ මට ප්‍රශ්නයක් තියනව කියල හිතෙනව ඩොක්ටර් ‘‘

‘‘ අපි හැමෝටම එහෙමයි ....ඔව් ඉතින් කියන්න මිස්ටර් රත්නායක මට පුලුවන් අහං ඉන්න‘‘

‘‘ මගේ ලග තියනවා මේකේ රතුපාට එකක් ‘‘

‘‘ කාර්වලට කැමතියි වගේ ‘‘

‘‘ මගේ එක ඇත්ත එකක් , ඒත් මම ආසයි මේ වගේ සෙල්ලං ඒවට ‘‘

‘‘ මිස්ටර් රත්නායක කොහේද වර්ක් කරන්නේ ‘‘

‘‘ රස්සානං ඉතින් දෙක තුනක් කරනවා ‘‘

‘‘ එකපාර රස්සා දෙකතුනක්.... හම් ....  ලොකු වගකිමක්  තියන කාර්යබහුල කෙනෙක් එහෙනං ‘‘

‘‘ එහෙමටම බිසි නැ ඉතින් ඒවා බලාගන්ඩ කරන්ඩ කට්ටිය ඉන්නවනේ . මට තියෙන්නේ ඉදල හිටල ගිහින් ටිකක් වෙලා ඉදගන ඉදල එන්ඩ ‘‘

‘‘ එතකොට මීස්ටර් වැඩිය කැමති මොනව කරන්ඩද ‘‘

‘‘ අනේ ඩොක්ට ඔය මිස්ටර් කෑලි ඕන නැ ...මං කැමති සිරිමල් කියනවට ‘‘

‘‘ හරි මම එහෙම කියන්නංකෝ ‘‘

‘‘ ඩොක්ට මට දැං මේ ඔක්කොම අත ඇරල දාල ගිහින් සුපර්මාකට් එකක ඉන්ඩ තිබුනනං කියල හිතෙනව ‘‘

‘‘  හේ හේහ ඒකත් හොද බිස්නස් එකක් තමයි ‘‘

‘‘ නැ නැ මට ඕන අර සෙල්ලං බඩු විකුනන්ඩ තියන ස්ටෝල් එකේ වැඩ කරන්ඩ ‘‘

‘‘ හුම් ඒකත් එහෙමද ...එහෙනං  ඉතින් සිරිමල්ට පුලුවන්නේ විනෝදාශයක් විදිහට සෙල්ලං බඩු එකතු කරන්ඩ ‘‘

‘‘ කරනවා ඩොක්ටර් කරනවා ....මගේ ලග තියනවා හැම සෙල්ලං බඩ්ඩක්ම .....සෝල්ජස්ල ..යුදටැංකි ...කාලතුවක්කු ...යුද නැව් ...  සෙල්ලං දෙවනි ලෝක යුද්ධයකටම බඩු ....එතනින් ගියහම සත්තු ඔක්කොම ඉන්න  සත්තු වත්තක් , බෝනික්කෝ , ඇතුලට පුලුං පුරවල රෙදිවලින් හදපු සත්තු , ප්ලේන් , හෙලිකොප්ටර් , කාර් , බෝල බැට් , හැම සෙල්ලං බඩ්ඩක්ම ...කාටවත් අල්ලන්ඩවත් දෙන්නැ ‘‘

‘‘ එහෙම තමයි ඉතින් හැමෝම තමන් කැමති දේවල් පරිස්සං කරනවනේ ‘‘

‘‘ ඒ උනාට ඩොක්ටර් මට ඒවායෙං සෙල්ලං කරන්ඩ හම්බෙන්නේ නැනේ , ක්වාඩාකොප්ටරයක් ගත්තා දැං මාස හයකටත් වැඩියි තාමත් බැරි උනානේ ඒක උඩ අරින්ඩ ‘‘

‘‘ ඒකට ඉතින් වෙලාවක් හදාගන්න පුලුවං සිරිමල්ටම තමා , මං කියන්නේ වගකීම් වලින් නිදහස් වෙලා නිදහසේ ඉන්න ‘‘

‘‘එහෙම වෙලාවට මට ඉතින් නිදහසක් ඇත්තෙම නැ ,  කෑම උයන්න තියනවනේ ‘‘

‘‘ එහෙම ඉතින් තමන් කැමති දෙයක් ආසා කරන දෙයක් කරන එකත් මානසික සුවයට හොදයි ‘‘


‘‘ කොහෙද ඉතින් ගෙදර කට්ටියයි යාළුවොයි එක්ක බැනේ , ඒයාලට ඕන මං හෙන සීරියස්  සිරා පොරක් විදිහට දකින්ඩ ‘‘

‘‘ ඒක ඉතින් ඔයාගෙවත් අනිත් අයගෙවත් වරදක් නෙමෙයි , මේ ක්‍රමය හැදිල තියන හැටි , ඒත් අපිට පුලුවන් එතනින් එහාට ගිහින් ජීවිතය අපි කැමති විදිහට විදින්ඩ ‘‘

‘‘ ඔය ගැනම තමයි ඩොක්ටර් මට ගොඩක් හිතට අමාරු ‘‘

‘‘ ඇයි ඒ ‘‘

‘‘ අඩුම තරමේ මේ යක්කු මා එක්ක වෙසක් බලන්ඩවත් යන්ඩ එන්නැ ‘‘

‘‘ ගෙදර අයද යාළුවොද ‘‘

‘‘ යාලුවන්ට කතා කරල ෂෝටක් එහෙම ගහගන , බයික් එක එලියට දාල උන් එනකං බලා ඉන්න කොට උන් ඇවිත් කියනවා .......ෂපාන් එකේ වාහනේක යන්නේ නැතුව අඩු කඩාගන්ඩ හදන්නේ මොකද .....උං කොහෙද මා එක්ක බයික් පදින්නේ ‘‘

‘‘ ඉතින් සිරිමල්ට පුලුවන්නේ ගෙදර අයත් එක්ක යන්ඩ ‘‘

‘‘ අම්හු ...විකාරද ...... එයාල  එන්නෙත් නැ .....මා එක්ක ‘‘

‘‘ ඒ ඇයි ඒ ‘‘

‘‘ නලා කාරයෙක් ..වෙස් මුනු කාරයෙක්ට යන්ඩ නැ ඒවා ගන්නවා , ලයිට් පත්තු වෙන සුකුරුත්තං ගැජට් දැක්ක තැන වාහනේ අයින් කරල ඒවා ගන්නවා , හම්බෙන හම්බෙන දං සැලෙං ..සරුවත් , සව් කැද , කෝපි බොනවා , ..............අනේ ප්ලීස් ...දං සැල් වලින් බත් කන්ඩ නං බැ ..යි අරකයි මේකයි කියල ...කර අරිනවනේ ‘‘

‘‘ මේ අද යන  සමාජ , ආර්ථික , අධ්‍යත්මික රටාවත් එක්ක සාමාන්‍ය  මිනිස්සුන්ට දැනෙන හැගිම ගැන තමයි ....ඔය කියන්නේ  ......ඕක ඔයාට විතරක් දැනෙන දෙයක් නෙමෙයි .............,   ඔව්වා ගැන සිරිමල් හිතනවා වැඩියි කියල මට හිතෙන්නේ ‘‘

'' පාරේ යනකොට මස් කඩයක් මාළු කඩයක් දැක්කහම මට නවත්තල ඒවා ගන්ඩ හිතෙනවනේ ‘‘

‘‘ මාත් සමහරක් වෙලාවට එහෙමයි ‘‘

‘‘ ඉතින් ඩොක්ට මට ඊලග දකින තැනිනුත් අරගන ගිහිං ප්‍රීජ් වලට පුරවන්ඩ හිතෙනවනේ ‘‘

‘‘ ඒකත් එහෙමද ‘‘

‘‘ ඩොක්ට මොකද හිතන්නේ සිල්ලර කඩයක් දාන එක ගැන , එතකොට මට අර ඉස්සරහින් ලස්සනට ඇල කරල ලෑලි තට්ටුවක් ගහල එළවලු ටිකකුත් වික්කහැකි ‘‘

‘‘ මෙහෙමයි මිස්ටර් සිරිමල් ඇත්තටම ඔයාට මානසික ප්‍රශ්නයක් නැ , ඒත් මම හිතනවා තවත් කෙනෙක් එක්ක එයා මේ ගැන කතා කලොත් හොදයි කියල , මම විස්තරය ලියල ඔයාට ලෙටර් එකක් දෙන්නං , මට උගන්නපු සර් කෙනෙකුට , මිස්ටර් සිරිමල් ගිහින් එයාව හම්බවෙන්න , අදම උනත් ගියාට කමක් නැ , මිස්ටර් සිරිමල් එනවයි කියල මම කෝල් කරල කියන්නං , අද දැං මේ ආවේ තනියමද .....කවුරුහරි කෙනෙකුට කතා කරල ...එනකං මෙතනට වෙලා ඉදල ගියොත් හොදයි මගේ හිතේ ‘‘

‘‘ තැන්කීයු ඩොක්ටර් ....නැ මට තනියම යන්න පුලුවන‘ ..එහෙනං මං ගිහින් එන්නං ‘‘

........හයියෝ  ආවැං ආවේ නැ මෙහෙම කේස් එකක් ....වැඩේ කියන්නේ වෙන පිස්සො දන්නැ උන්ට පිස්සු කියල මේ යකා ඒකත් දන්නව.......

........වෙන ඩොකෙක් හම්බෙන එක හොදා තමා , මේකගෙ ගුරා කියුව හන්ද යන්ඩ හිත දෙන්නැ , ගෝලයා මෙහෙම නං ගුරා කොහොම වෙයිද .....තෙල් බෙහෙත් ගාපු නට් කේස් එකක්.......

2015-10-28

මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද



‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

‘‘ඔව් ඇයි ..මොකද ‘‘

‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

‘‘ඇ පකෝ ඒ තොගේ ගෑණිද ‘‘

‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති හුත්තවල් වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං කැරියා‘‘

‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘

‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘

‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘

‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘

‘‘ ඉර සර් ‘‘

‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘

‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘

‘‘ අර හුත්ති පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද හුත්තෝ උඩ බලාගන ඉන්නේ ‘‘

‘‘බඩ රස්සාවනේ සර් ‘‘

‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , පුක නොදි පලයං ‘‘

‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං  හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘

‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘

‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘

‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘

‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘

‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘

‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘

‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘

‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘

‘‘ මොකක් ‘‘

‘‘ මානසික පිස්සොනේ සර් ‘‘

‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර හුත්තට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘

‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘

‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘

............................................................................................

Edited Version...!!!!


‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

‘‘ඔව් ඇයි ..මොකද ‘‘

‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

‘‘ඇ යකෝ ඒ තොගේ ගෑණිද ‘‘

‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති මලදාන වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං බූරුවා‘‘

‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘

‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘

‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘

‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘

‘‘ ඉර සර් ‘‘

‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘

‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘

‘‘ අර ගෑනි පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද පරයෝ උඩ බලාගන ඉන්නේ ‘‘

‘‘බඩ රස්සාවනේ සර් ‘‘

‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , වද නොදි පලයං ‘‘

‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘

‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘

‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘

‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘

‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘

‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘

‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘

‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘

‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘

‘‘ මොකක් ‘‘

‘‘ මානසික පිස්සොනේ සර් ‘‘

‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර ගොන් බූරුවාට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘

‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘

‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘

2014-12-04

යුග දිවී රස



‘‘හෙල්ලෝඕ‘‘

‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘

‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා කලබලෙන් ‘‘

‘‘අනේ මට බැ රත්තරනේ ඉහි..ඉහි මේ මිනිහ එක්ක ..මාව මරාගන කන්ඩ හදනව ‘‘

‘‘ඇයි අම්මා මොකද අඩන්නේ ..මොකද උනේ කෝ තාත්ත ‘‘

‘‘ අනේ මෙතන මට රන්ඩු කරල බඩු මුට්ටුත් එහෙට මෙහෙට විසික් කරල මාව තල්ලු කරල දාල එලියට බැහැල කොහෙද ගියා පුතේ ..........මගේ කොන්දත් අමාරුයි , මට නං මේ දුක තවත් විදින්ඩ බැ පුතේ . අවුරුදු හතලිහක් තිස්සේ මන් වින්ද වද වේදනාවක් ‘‘

‘‘ අනේ මන්දා මේ තාත්තලත් පොඩි උන් වෙන්ඩ හදනවනේ ........ෆොන් එක තියන්ඩකෝ අම්මේ ...සරත් කීයට එයිද දන්නේ නැ , මං එන්නං ‘‘

‘‘ හා පුතේ ...අනේ එන්ඩ කෙල්ලෙ ...ඈ..මට මේවා කියන්ඩ ඉන්නේ ඔයාල විතරයි ‘‘

‘‘ හා හා අම්මා ඉන්ඩකෝ ..මම ඉක්මනට එන්නං ‘‘
 
‘‘ මයිගෝඩ් ගේ පිස්සං කොටුව වාගේ ......අපරාදේ මේ වාස් එකත් කැඩිලා , මොකද අම්මා උනේ ...අනේ මන්ද ............කොල්ලො ..කෙල්ලො වාගේ මොකද අම්මා මේ ඔයාල රිලැක්ස් එකේ ඉන්න ඕන කාලේ පිස්සු කරන්නේ , අපිවත් ඔහොම නැනේ ‘‘

‘‘ අනේ රත්තරනේ මට නං බනින්ඩ එපා . මන් වගේ දුක් කන්දරාවක් මිහිපිට කිසිම ගැණියෙක් විදල නැතුව ඇති , මයේ අතේ වරදක් නැ පුතේ ........තිබ්බනං එකම වරද එයා කරන කරන හැම දේටම එදා ඉදන් කරබාගන හිටිය එක විතරයි ‘‘

‘‘ නැ අම්මා මම ඔයාට වරදක් කියනව නෙමෙයි , මං අහන්නේ නිදහසේ සතුටෙන් ජීවත් වෙන්නෙ ඕන කාලේ ඇයි ඔයාල මෙහෙම හැසිරෙන්නේ කියල , මොන ප්‍රශ්නයක්ද , මොන කරදරයක්ද ‘‘

‘‘ දෙයියො තමා දන්නෙ පුතේ , මේ මනුස්සයට එන්ඩ එන්ඩම මාව රුස්සන්නේ නැතුව යනව , මං මොන වරදක් කලාටද , උදේම පත්තර ගොඩ බදාගන ඉන්නකොට මං ලගට ගිහින් හවසට පන්සල් පැත්තේ යන්ද ඇහුවහම ඩෝං ගියා , ඊලගට උදේ කනකොට බත බෙරිවෙලා කියල නොක්කඩු කිය කිය ඉදල , අනල පැත්තකට දාල නැගිටිල හාන්සි පුටුවේ ඉදගන වරුවක් විතර බුලත් කෙල ඉස්සා මිදුල පුරා , අර බාබන්ඩේසියා පාත්තියේ ගන්ඩ දෙයක් නැ , මම ඔව්වටවත් වචනයක් කියන ගෑනියෙක්ද ...ඉහි ඉහි ..........බ්රැස් .........සිරිස්.සුස් ‘‘


‘‘ ඔය ඇදන් ඉන්න රෙද්දේ හොටු හුරන්ඩ එපා අම්මා ..........නාඩා කියන්ඩකෝ ...තාත්ත ඇයි අම්මව තල්ලු කරේ ‘‘

‘‘අනේ මං කවදාවත් ඔය මනුස්සයට වරදක් කලේ තියා හිතුවේවත් නැ පුතේ , එදා ඉදන් දෙයියන්නාන්සෙට වගේ සැලකුවේ , මගේ ලෙඩ අමාරු කමක් වත් නොකියා ඔය මනුස්සයට බෙහෙත් තම්බන්නේ , එහෙව් කරන මටනේ දෙයියනේ මෙහෙම කරන්නේ සලකන්නේ ‘‘

‘‘ හරි හරි ඉතින් මොකද උනේ කියන්ඩකෝ ‘‘

‘‘ ආරියදාස ඇවිත් බොල්ලු ටිකක් අරගන සෝදල  ලිපට කරල ලිපෙන් බානකම්ම අර මිනිහට යන්ඩ නොදි නවත්තාන මහ අව්වේ හිටගන දේසපාලනේ කතා කරනව . මං ලගට ගිහිල්ලා කියුවා .............මාළු ටිකත් ලිපෙන් බෑවා ,   තාම යන්ඩ හම්බුන්නැ නේද ආරියදාස  , මහත්තයො අපි යමු බත් ටිකක් කන්ඩ කියල ..................

මට පුප්පගෙන ඇවිත් ඉස්තෝප්පුවට වෙලා අත්දෙකත් ඉනට ගහගන ඉදල ගෙට ගොඩ වෙනකොට අල්ලපු අඩව්ව තමා මේ ‘‘

‘‘අම්මා දන්නවනේ ..එයාගේ හැටි මොකට ඔව්වට කට දාන්ඩ ගියාද පාඩුවේ හිටියනං ඉවරනේ ‘‘

‘‘ ඉතින් වැරැද්දක් යැ පුතේ මං කියුවේ . උදෙත් හරියට බඩට වැටිච්ච නැති මනුස්සය හාමතේ අව්වේ හිටගන ඉන්නව බලාන හිටිය හැකෑ‘‘

‘‘ මාළු ආරිලටත් වෙන වැඩක් නැද්ද දන්නැ බිස්නස් එකක් කරගන්නේ නැතුව තැන් තැන්වල පල් හෑලි කියවන්නේ ‘‘

‘‘ ඒ මනුස්සයගේ වැරැද්දක් ඇතැ , ඔය ළමයි පොඩි කාලේ ඉදන් හැමදාම එන මනුස්සය , මාළු විකුණල ඉවරවෙලා ඉතුරුවෙන මාළු ටික දීලා යන්ඩනේ ඔය එන්නේ , එදා ඉදන් ඒකනේ හැටිය , හැමදාම ඉතුරුවෙන තැලුන මාළු ටික අපිට දීලා  ඕවිටේ ලිදෙන් නාගනනේ ඒ මනුස්සය ගෙදර යන්නේ , ඉතුරු උනොත් මේ පාරෙන් , නැත්තං පිට පාරෙම ලිදගාවට , ඒකත් ඔය තාත්තම තමයි පුරුදු කරගත්තේ ‘‘

‘‘ අම්ම මුල ඉදන් එයාගේ වැඩ වලට කරබාගන ඉදල , දැන් විරුද්ධ වෙලා මක් කරන්ඩද කලින්ම හදාගන්ඩ තිබුනේ ‘‘

‘‘ එයාගේ සතුටනේ කියල මං කරබාගන උන්නා දරුවෝ ‘‘

‘‘ වරදවා හිතන්ඩ එපා අම්මේ , මං මේ අම්මට වැරුද්දක් කියනව නෙමෙයි , තාත්ත ඔහොම වෙන්ඩ අම්මගෙත් වරදක් තියනව කියන එක දැන් අම්මට උනත් තේරෙනව ඇතිනේ , ඒක හන්දා ඉස්සරහට ඉන්න කාලෙත් ඉස්සර හිටියා වාගේ ඉන්ඩ බලන්ඩ , අම්මලට කරදර වෙන්ඩ ප්‍රශ්නයක් නැනේ . මම සරතුයි හැම දෙයක්ම කරනව , ලොකු අයියත් පුලුවන් හැටියට බලනව , නංගිල දෙන්නත් ඉඩක් ලැබිච්ච ගමන් දුහල එන එකනේ ‘‘

‘‘ අනේ මයේ වරදක් නැ රත්තරනේ ..........මට මෙව්වා මෙහෙම කතා කරන්ඩ පුලුවන් ඔය දරුවා එක්ක විතරයි , අඩු වයසෙන්ම ගෙදරට හොරෙන් මං ආවේ එයාට තියන ආදරේ හන්දා , ඒ ලෙන්ගතුකම අදටත් ඒ විදිහට මගේ හිතේ තියනව , ඔය දරුවෝ දෙන්නගේ සම්බන්දෙට අනිත් අය විරුද්ධ උනත් මම එක පයින් හිටියේ ගෑණියෙග්ගේ හිතේ පිරිමියෙක් ගැන ඇතිවෙන කැක්කුම හොදට දන්න හන්ද ,

මම එහෙම ලෙන්ගතු උනාට එයා කවදාවත් ඒකට වටිනා කමක් දුන්නේ නැ , මගේ හිතේ තියන තරම් ඇල්මක් එයාගේ කවදටත් තිබුන් නැ.  මං වෙනුවෙන් එලියට බැහැල ආව ගෑනී නේද මේ අපා දුක් විදින්නේ කියල කවදාවත් හිතුවේ නැ ‘‘

‘‘ දැන් ඔව්වා ගැන දුක් උනා කියල පලක් ඇද්ද අම්මා ‘‘

‘‘ මං එහෙම ගෙදරට පිටුපාල ආව කියල අපේ අම්මල මට වෙනසක් කලේ නැ , අනිත් දෙන්නට වගේම මටත් දෙන්ඩ තියනදේවල් දුන්නා , දේසපාලනේ කරන්ඩ ගිහින් රස්සා නැති කරගන ඉවර වෙලා ,  ඒ සේරම දේපල සල්ලි කරල අරගන බිස්නස් කරනව කියල බාගයක් ණයට දීලා ඉවර කලා තව ටිකක් එක එකාට පෙළපාලි යන උන්ට කන්ඩ දෙන්ඩ ඉවර කලා , ඉතුරු හරියේ යාලුවන්ට බොන්ඩ දුන්නා , වෙන ගෑණියෙක් නං කරපු දේවල් වල හැටියට මෙලහට වහ දීලා .......අනේ මං මීක් කියුවේ නැ පුතේ .

මට කියල මස් තම්බගන හැමදාම බෝතල් පාටි , බීගන එලිවෙනකං රට හදන හැටි කතා කරනව . ගෙදර ගෑනි ගැන වගේ වගක් නැ , යාලුවොත් එක්ක රටවටේ ඇවින්දින්ඩ ගියා , මාව එක දවස් ආසාවට අතින් අල්ලගන පාරක එක්ක ගිහින් නැ ..... , දරුවෝ හතර දෙනෙකුත් හදාගත්ත මට ඕනවට වගේ , ...එතකොටවත් මං ගැන හිතුවද ......තමුන්ගෙ වැඩේ කරගන සරම හදාගත්ත මිසක්.

‘‘ අන්න අම්මේ ..තාත්ත එනව ..ඔය කතාව දැන් නවත්තන්ඩ ‘‘

‘‘ උදේටත් හරියට කන්ඩ බැරි උනා නේද මහත්තයෝ , බත් ටිකක් බෙදල ගෙනත් දෙන්ඩද ‘‘