2017-05-29

අම්මට දෙන්ඩ



ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු පාඩුවක් තියන දාට යනවා.
 ...  ඒ ආයතනේ හිමිකරුවා ඉතින් ඔය එන වැඩ ටික ජොබ් කාඩ් එකක් දාල නම්බර් කරල තියනවා ,අළුත්වැඩියාවන්ට අවශ්‍ය ඔයිල් , ඩබ්ලිව් ටී හතලිහ , විදුලිය ... තව අනං මනං ඔක්කොම ඔහුගෙන්. මගේ ශ්‍රමය සහ දැනුම ,  මං ඉතින් ගිය දාට තියෙන්නෙ මෙෂින් කීයද ඔක්කොම ටික හදලා දානවා , සේවා ගාස්තුවෙන් බාගයකට ආසන්න මුදලක් මට , මෙෂින්වලට යොදන අමතරකොටස් වල ලාභය සහ සේවා ගාස්තුවෙන් බාගයකට වඩා ටිකක් වැඩියෙන් ඔහුට.ඔන්න එදා ඔහු හිටියේ නැ , වැඩබලන ස්ථානාධිපති විදිහට ප්‍රීයම්බිකා තෙමෝ ආසනයේ වැජබෙනවා.
‘‘ අම්මො ඇති යන්තං .... අනේ මට මේ කෝල් වලට උත්තර දීලා ඉවරයක් නැතුව හිටියේ ‘‘
‘‘ කීයක් තියනවද ‘‘
‘‘ හත අටක්ම තිබුනා ‘‘
‘‘ ආයේ කතා කලොත් දෙකෙන් පස්සේ එන්ඩ කියන්ඩ ඔක්කොටම ‘‘
‘‘ පාට්ස් හොයාගන්ඩ පුලුවන් නේද ... මං නං දන්නැ ඔව්වා තියන තැන් ‘‘
‘‘ මං දන්නවා   මං ගන්නං ඕන දේවල් ........කොහෙද ඉතින් ලේබල් කරලා පාට්ස් නම්බර් දාල පිලිවලට හදලත් දුන්නා ....  තියාගන්නව යැ .... එකගොඩේ ඔක්කොම ‘‘

2017-05-02

flash drive එකක් Bootable drive එකක් කරගන ඒකෙන් Windows දාමු

ඔය මොකක්හරි ඩීවීඩි ඩ්‍රයිවරයක් නැති හරි කැඩිච්චහරි කොම්පියුටරෙකට වින්ඩෝස් දාන්ඩ ගියහම පෙන් එක බූටබල් කරගන්ඩ ඕන වෙනවනේ , එහෙම උනහම මං ඉතින් ජංජාලේ තියන තැනකින් ඕක බලාගන කරගන්නවා , ඒත් ඉතින් සන්තකේට තියන 32 පෙන් එක බූටබල් කරලා තියාගන්ඩ බැනේ , ඔය ඕන කරන සොෆ්ට්වෙයාර් කෑලිටික දාල තියාගන්නේ ඒ පෙන් එකේ හන්දා , ආයෙමත් පෙන්එක ෆෝමැට් කරලා බූටබල් කරන්ඩ කලින් බාපු තැනින් තිබිච්ච ටික පටව ගන්නවා.

ආයෙමත් වින්ඩෝස් දාන්ඩ ඕන උනහම පෙන් එක බූටබල් කරගන්නවා , මොකද 29 ජීබි පිරිල තියන හන්දා ඕස් එකක් දාල තියන්ඩ ඉඩක් නැ , වැඩේ කියන්නේ ඔන්න ඕන වෙලා හොයනකොට කලින් බලාගත්ත සයිට් එක හොයාගන්ඩ නැ , හම්බෙන්නේ වෙන එකක් , ඒකේ ක්‍රමය කලින් එකට වඩා වෙනස් , එක්කෝ තියෙන්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලකින් කරන විදිහ , හැමදාම මල වාතයක් , ඒක හින්දා මං මගේ ප්‍රයෝජනයට මේක මගේ බ්ලොග් එකේම ලියලා තියන්ඩ හිතුවා කාටහරි ඕන උනොත් බලාගන්ඩත් පුලුවන්නේ.


පෙන් එකකට මෙහෙම කරලා තිබුනට , ඉඩ තියනවනං අපිට ඕන වෙන දේවල් දාල තියාගන්ඩත් පුලුවන් , හැබැයි ඕ එස් එකට අදාල ෆයිල් ටික ෆෝල්ඩර් එකක් අස්සට නොදා එලියේ සේව් කරලා තියෙන්න ඕන, අනික තමයි බූටබල් පෙන් එකක් හදාගන්ඩ අවම තරමේ 8 ජීබි පෙන් එකක් ඕන , 4 ජීබි එකක් හරියන්නේ නැ ( මම මේ ෆෝටෝ ගහන්ඩ පාවිච්චි කලේ 4 ජීබී පෙන් එකක් ඒකට මුලා නොවන්න )



ඔන්න මෙහෙමයි වැඩේ වෙන්නේ

ඉස්සෙල්ලාම ඔයාගේ පෙන් එක මෙෂින් එකට ගහලා ෆෝමැට් කරන්න


ඊලගට  ඉස්ටාට් බට්න් එක ක්ලික් කරලා cmd කියලා ටයිප් කරහම එන සී එම් ඩී එක උඩ රයිට් ක්ලික් කරලා ran as administrator ක්ලික් කරන්න



 එතකොට ඔන් වෙන ක්මාන්ඩ් ෆෝම්ප්ට් එකේ list disk  කියලා ටයිප් කරන්න

එතකොට පෙන්වනවා  ඔයාගේ කම්පියුටරයේ තියන ඩිස්ක් ටික , එතනින් ඔයාගේ පෙන් එක සිලෙක්ට් කරගන්න  ඕන , ටයිප් කරන්න  select disk  කියලා දාන්න ඩිස්ක් එකේ නම්බර් එක මගේනං 1





දැං clean කියලා ටයිප් කරලා එන්ටර් කරන්න


දැන් create partition primary කියලා ටයිප් කරලා එන්ටර් කරන්න




දැන් select paetition  කියලා ටයිප් කරලා පෙන් එකට අදාල පාටිෂන් නම්බර් එකත් ටයිප් කරන්න මගේ නං 1



දැන් active කියලා ටයිප් කරලා එන්ටර් කරන්න



දැන් format fs=ntfs quick කියලා ටයිප් කරලා එන්ටර් කරන්න


අන්තිමට exit කියලා ටයිප් කරලා එන්ටර් කරන්න 



දැන් ෆෙන් එක ඔටෝ රන් වෙයි , එකත් ක්ලොස් කරලා , ඔයාලග තියන dvd එකේ තියන ෆයිල් ඔක්කොම ටික පෙන් එකට කොපි කරන්න ,

දැන් ඉතින් ඊලගට මෙෂින් එක රීස්ටාට් කරලා  BIOS වලට ගොහින් First Boot Device එක විදිහට පෙන් ඩ්‍රයිව් එක තෝරලා  දෙන්න. Boot Priority වෙනස් කරන තැනට යන  විදිහ කම්පියුටරයෙන් කම්පියුටරයට චූට්ටක් විතර වෙනස්  , මගේනං   esc බට්න් එකට මෙෂින් එක රීස්ටාට් වෙනකොට ගැහුවහම කෙලින්ම යනවා.

කරලා බලන්න ඩී වි ඩී එකකින් දානවට වැඩිය ඉක්මනට වින්ඩොස් දාන්න  පුලුවන් පෙන් එකෙන්

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>