දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක්
''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො''
''මොනවා අලවන්ඩද බං''
''ඇණයක් ගහලා පුටු සෙට් එක බිත්තියේ එල්ලුවා, හිටින්නැ අප්පා, සුපර්ග්ලු ටිකක්ද දැම්මනං හරි, තියනවනම් දෙනවකො මම ඉවර කරන්නැ.හරි මම පස්සේ එකක් තමුසෙට ගෙනත් දෙන්නං''
පුටුවෙන් නොවැටි බේරුන මම නොනිදා බලපු පට්ට ෆන් හීනය අත ඇරලා හැරිලා බැලුවා කොල්ලා දිහා තූන්හතරපාරක් තණමල්විලවත් ගිහිල්ලද කියලා. නෑ මම කලින් දැකලා තියනවා මු තණමල්විල ගිහින් ආපුවහම ඩයල් එක.එදා අහිංසක පාට අද නැ.
ඇස් ගිලිලා ,කට ඇදවෙලා සතෙක් වගේ.
''එතකොට සුපර්ග්ලු නෑ''
''නෑ''
''උඩහ කඩේ තියනවද දන්නැනේ''
''දන්නැ''
''මම කඩේ යනවා මොනවද ගේන්න ඔන''
''මොකවත් නැ''
''මම යනවා''
''හා''
මම ගියා අපේ හාමිනේ ලගට
''අර යකාට මොකද අර වෙලා තියෙන්නේ''
''අනේ ලොකූ බලන්ඩකො සිහිකල්පනාවක් නැනේ.දවස් තූනක් නිදාගනත් නැ.ඒ ගෙදර මිනිස්සුන්ට නින්දකුත් නැ.පිස්සුනටනවා.මොනවද බීලා ඇවිල්ලා.එක එක විකාර කියනවා.''
''ඇයි මට නොකීවේ.''
''දන්නැද්ද ඔයාගේ හැටි.ගමටම ඇහෙන්ඩ කෑගහලා,සිහිකල්පනාවක් නැති එකාටත් ගහයි කියලා කියුවේ නැ.''