Popular Posts

2012-05-28

ආ එයා ලොකූ වැඩක්


කතන්දර අංක එක 





මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ යනවා. මාත් එක්ක යාළුඋනේ ඕකා අපේ අල්ලපු ගෙදර කෙල්ලට පැණි හලපු හින්දා . අපි ඒ කාලේ 10 වසරේ


මැන්ගේ තාත්තා කනීෂ්කයා වගේම තමයි නරි කපටියා. අම්මානං හරිම හොදයි. ඌට නංගියෙකූත් හිටියා , හිතන් හිටියේ හරි කෑල්ල කියලා. උන්දැ හොදයි නත්තලට මරන්ඩ.

දවසක් මම දවාලක ගියා මැන්ව බලන්ඩ ගෙදරට. අම්මා ඉන්නවා එළියට වෙලා බිත්තියට අත් දෙක තියාගන හේත්තූ වෙලා. ඇන්ටිගේ මූණ හරි නැ කියලා මට දුරටම තේරුනා. 

''ඇන්ටී කනිෂ්ක ඉන්නවද''


''එයා ලොකූ වැඩක්. ඔයාම කතා කරන්ඩ කියලා ඇන්ටී මගේ මූණවත් නොබලා කොහාටද මන්දා යන්ඩ පාරට බැහැලා ගියා.''


''කනිෂ්කයො උඹ කොහේද ඉන්නේ''


''ආ- ආ  වරෙන්කො මං කාමරයේ''


''අම්මා කියුවා උඹ ලොකූ වැඩක් කියලා මොකක්ද උඹ කර කර හිටියේ''


''හපොයි මචං මං ඉවරයි ......  අම්මගේ මූණ බලන්ඩත් බෑ බං......   හවසට තාත්තටත් කියයි.....''.

2012-05-24

එග් බන් ඇන්ඩ් පුක් බන්



මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ගැන කතන්දරයක්.

 ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි කැමතියිනේ. මම හිතන්නේ ඒක ලේ වලම තියනවා. මොකද එයාලටම වීශේෂ  වෙච්ච සෙල්ලමක් තියනවානේ වේවැල් බෝලයකින් කරන. එකට කියන්නේ රාග දැමිල්ල කියලා.

 ජා ජාතිකයෝ  හරි දක්ෂයි පාපන්දුව හිසෙන් පහර දෙමින් වැඩිවේලාවක් ගූවනේ තියාගන්න අනිත් ජාතිකයන්ට වඩා.

මෙයත් ඒ වාගේ වැඩර් කෙනෙක් , ඇත්ත නම දාන්නත් බැරි‍කොට  අපි මෙයාට කියමුකො තූවාන් කියලා.  එක්කො ලේසි හින්දා     තූවා     කියමුකො.

දවසක් තූවාලගේ ටීම් එකට මැච් එකක් සෙට් උනාලු සීතල පලාතකට.මැච් එක හෙටයි කියලා කට්ටිය ගියාලු එ පැත්තේ හිතවතෙකූට අයිති කූලියට  නවාතැන් දෙන ගෙදරකට.

එහේ ඉන්නේ ඒ ගේ බලාගන්න අංකල් විතරයි. කැම සමග නවාතැන් නොමිලේ.කට්ටිය හවස හතරපහ වෙනකොට ගියාලු එහාට , නිකම්ම නෙමෙයි බෝතල් හතඅටකූත් අරගන. ඇයි ඉතින් කට්ටිය ඔක්කොම විසි පහකටත් කිට්ටුයිනේ.දැන් කට්ටිය සාලය මැද්දෙ ආපු වැඩේ කරන්ඩ පටන් ගත්තලු.

බෝතල් දෙක තූනක අඩිය දකිනකොට වැඩිය අනුමත නොවෙන තූවාට ඉක්මනටම බඩු පැකට් උනාලු. අනිත් උන්ට ඇණයක් වෙලා ටික වේලාවක් ඉදලා පොර නැගිට්ටලු

''මම බොගක් දාන්ඩ යනවා කියලා ගියාලු බොග රෑම් එක පැත්තට.''

2012-05-19

තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)



මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන මෙෂින් ගෙන්නන තැනකට .කාගෙන්වත් කවදාවත් ඉගනගෙන නැතත් තනියම කොරලා දන්න පොඩ්ඩ හොදටම ඇති කියලා හිතූන නිසා බැස්සා පොට් එකට හිතූවටත් වඩා සිම්පල්.හැම තැනම තියනවා වාගේ තියන එකම අවුල තමයි.

මගෙන් වරදක් වීමට කෙසේවත් බැරිය.

ලොක්කා කරන සියලුදේ ඉවසිය යුතූය.

පාරිබෝගිකයා ගැහුවත් ඉවසිය යුතූය.

ලොක්කා දෙන දෙයක් කා වෙන දෙයක් බලා ගතයුතූය:

කවුරු කොහොම කියුවත් ලාංකීය සාප්පු සේවකයාට ලැබෙන්නේ ඔච්චරය.(මල්ලේ පොල් උනාද මන්දා)

දවසක් පොරක් ආවා ඉන්දියන් ඔවර් ලොක් මෙෂින් එකක් ගන්න. පො‍රටිකක් වාතපහේ පොරක් වධදීලා දීලා  තෝරගත්තා මෙෂින් එකක්. සෙල්ස් කරන්ඩ කට්ටිය කොච්චර හිටියත් ඔය වගේ කූන්ඩවාලි අන්තිමට සෙට් වෙන්නේ අපිට තමයි. දැන් පොර මගේ පිටටම තියලා කපන්ඩ හදන්නේ පුහුල.

''මල්ලී කියන හින්දා මල්ලි මම මේක ගන්නේ'' 

''මොනවා හරි උනොත් ඔයා ඇවිල්ලා හදලා දෙනවනේ ''

''ඔයා මාව දන්නවා කියලා තව ටිකක් අඩු කරලා දෙන්ඩකො''

''මාසයක්වත් දුහන්ඩ පුළුවන්ද මේක''

පරාල ඇනයක් මු.කොහොම හරි නූල් දාන හැටිත් කියලා දිලා.මහන හැටිත් කියලා දිලා.අන්තිමට මම කියුවා සුද්ධ කරලා තෙල් දාලා මහන්ඩ ගොඩක්කල් මහන්ඩ පුළුවන් කැඩෙන් නැතූව කියලා.

''දැන් ඔය කොහාටද තෙල් දාන්ඩ ඔන.''

''වැඩකරන හැම තැනටම දාන්ඩ''

''කොච්චර තෙල් දාන්ඩ ඕනද ''

''මම නං දානකොට කෑන් එකෙන් බාගයක් විතර දානවා.''

''හැමදාම  දාන්ඩ ඔනද''

'''නැ මාසෙකට දවසක් දැම්මත් ඇති''

දවස් හතරක් පහක් ගියා කියන්ඩකො. මු එනවා නහයෙන් පුෂ්  පුෂ් ගාලා පිඹ පිබ .

''මහ ලොකුවට කයියගහලා තමුසෙලා බඩු විකූනනවා.බලනවා සතියක් නැ මෙ මෝටරය වැඩකරන්නැ.දෙනවල මට වේන මෝටරයක්.''

හැම බොසාම වගේ අපේ බොසත් හිමිහිට මාරු . මම දැන් තනියම ෆේස් කරන්ඩ ඔන සීන් එකට, සේල්ස් නංගිලත් බයවේලා බලාගන ඉන්නවා.

ඉස්සෙල්ලම මැන්ට කියලා දුන්නා ගැරන්ටියේ සහ වොරන්ටියේ වෙනස.

''තමුසේ මේ මගූල විකූනන කොට ඔය සුරතල් කතා කෙරුවේ නැනේ. ඔය  -ත්තවල් මට වැඩක් නැ, උඹ හිතාගන ඉන්නේ මම මොකෙක් කියලද. මාව  -රියා කරගන් නැතූව දීපන් මෝටරයක්''

 (වෙන්ඩ දෙයක් නැත දැනටම මු එහෙම තමා) තව කතා කෙරුවොතින් අඩු පඩියට ගූටිත් කත හැකිය. දැම්මා සුදු කොඩියක්.

''හරි මහත්තයා කො දෙන්ඩකො මෝටරය බලන්ඩ''

''අයියෝ මේකට තෙල් දාලනේ .අපරාදේ අළුත් මෝටරය.''

''ඇයි ඔයි තමුසෙනේ දාන්ඩ කියුවේ''

''මහත්තයට මම කියුවේ මෙෂින් එකට තෙල් දාන්ඩ මිසක් මෝටරයට නෙමෙයිනේ'''

''එ කියන්නේ දැන් මාරු කරලා දෙන්ඩ බැ.''

''මේක නිෂ්පාදන දෝෂයක් නෙමෙයිනේ .එ නිසා කරන්න අමාරුයි.''

''හදන්ඩත් බැරිද''

''තෙල් ගියාට පස්සේ හදන්ඩ අමාරුයි මහත්තයා.''

කව්ද මල්ලී දන්නේ ඔව්වා.කනට ගැහුවත් බැලන්ස්වෙන්ඩ දෙපැත්තටම කියනවනේ.   මම ඉතින් ඔයිල් කෑන් එකෙන් භාගයක් මැසිමට දාලා, ඉතූරු භාගේ මෝටරයට දැම්මා

2012-05-17

අපේ හාමිනේට අත මාරුවීම



බලන්ඩකො අප්පා මට වෙන දේවල්. ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ. 

අනේ යකෝ තොපි දුහගන ආවා නේද අන්න අටම්පහුරගේ ගෑණි ඒ නසරාණියා එක්ක ඉන්ඩබැරුව වෙන එකේක් එක්ක පැනලා ගිහිල්ලා කියලා.

ඒකි ගියේ නැ බොලවු , ඔය ඉන්නේ බත් තම්බ තම්බ මගේ දෙවනි දරැපැටියවත් කූස ඇතූලේ තියාගන ආරක්ෂා කොරගන , ලොකූ කෙල්ලවත් ඇස් දෙක වගේ බලා කියාගන.

මේ වෙන්ඩහාමීනේ (එ වචනය කතන්දර කාරයාගෙන් හොරකම් කලෙමි) කාලයේ වෙච්ච එකක්.

රාගම අර තියෙන්නේ මැඩිකල් පැකල්ටියක් අන්න ඒකට ආපු පොරක් හිටියා අපේ හිතවතෙක් , දොස්තර පැට්ටෙක් උනාට මොකද පොර ටැක්නිකල් පැත්තට ටිකක් බරයි. මගේ මතකය නිවැරදිනං පොර තමයි රාගම ඉස්සෙල්ලම කොම්පීතර් සම්බන්දව ව්‍යපාරයක් පටන් ගත්තේ.මගේ පොඩි කාලයේ ඉදන් යාළුවෙකූත් රේඩියො ටීවි රෙපයාර් කලා එ කාලයේ.ඔය සම්බන්ධකන් හින්දා පොර හිටියේ දොස්තර පැට්ටන්ට වඩා අපිත් එක්ක.

දවසක් පොර අපිට ඇවිත් කියුවා උන්ගේ වෛද්‍ය ප්‍රදර්ශනයක් තියනවා, එකට තියන්ඩ යන ගැජට් එකක් හදන්ඩ උදව් කරන්ඩ කියලා.

මමයි අපේ එකයි ගියා එ පැත්තට.බලන්ඩ එපැයි  ජාති ජාති බඩු තියනවා බලන්ඩ.ගිය වැඩෙත් කරලා. ප්‍රදර්ශනයට තියන්ඩ මීනී හම ගහන කපන එව්වත් බලලා දෙන්නත් එක්ක ආවා.පස්සේ මට හිතූනා හාමිනේව එක්ක යන්ඩ ඕන ඒක බලන්ඩ කියලා.

ගෙදරින් අවසර අරගන එහේම දැක්කූවා පැකල්ටිය පැත්තට. හැතැම්ම එක හමාරක් විතර දිග පොළිමක් තියෙද්දි මීතූරුකමේ ආනුභාවයෙන් කොල්ලයි කෙල්ලයි පැන්නා ඇතූලට.

මගේ අම්මො පඩීන්ඩවත් ඉඩක් නැ මාර සේනග, මම අර මුලින් ආවේ පටන්ගන්ඩ කලින්නේ, දැන් තවත් මරු , වෙන වෛද්‍ය වීද්‍යලවලිනුත් එකඑක අයිටම් බස්සලා. අඩී 23ක් දිග පටී පණුවෙකූත් හිටියා. එක තැනක කෂ්ටිය පොරකනවා, වැඩීපුරම 12 හේ 13 නේ පොඩී එවුන්, බැලුවා මමත් බෙල්ල දාලා , යකෝ ගෑණු අහවල් එකක් හොදට දිග ඇරලා කෑලි බෑලි ටිකත් හොදට පැහැදිලිව දකින්ඩ පුලුවන් වීදිහට. මල්ලීලා හොදට  කෑප්චර් කරගන්නවා අයිටම් එක.මට කියන්ඩත් හිතූනා යකූනේ ඔකට හොදට ෆොමලින් දාලා වේළලා තියෙන්නේ කියලා.

2012-05-13

පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම



දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක්

''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො''

''මොනවා අලවන්ඩද බං''
''ඇණයක් ගහලා පුටු සෙට් එක බිත්තියේ එල්ලුවා, හිටින්නැ අප්පා, සුපර්ග්ලු ටිකක්ද දැම්මනං හරි, තියනවනම් දෙනවකො මම ඉවර කරන්නැ.හරි මම පස්සේ එකක් තමුසෙට ගෙනත් දෙන්නං''

පුටුවෙන් නොවැටි බේරුන මම නොනිදා බලපු පට්ට ෆන් හීනය අත ඇරලා හැරිලා බැලුවා කොල්ලා දිහා තූන්හතරපාරක් තණමල්විලවත් ගිහිල්ලද කියලා. නෑ මම කලින් දැකලා තියනවා මු තණමල්විල ගිහින් ආපුවහම ඩයල් එක.එදා අහිංසක පාට අද නැ.
ඇස් ගිලිලා ,කට ඇදවෙලා සතෙක් වගේ.

''එතකොට සුපර්ග්ලු නෑ''
''නෑ''
''උඩහ කඩේ තියනවද දන්නැනේ''

''දන්නැ''

''මම කඩේ යනවා මොනවද ගේන්න ඔන''

''මොකවත් නැ''

''මම යනවා''

''හා''

මම ගියා අපේ හාමිනේ ලගට

''අර යකාට මොකද අර වෙලා තියෙන්නේ''

''අනේ ලොකූ බලන්ඩකො සිහිකල්පනාවක් නැනේ.දවස් තූනක් නිදාගනත් නැ.ඒ ගෙදර මිනිස්සුන්ට නින්දකුත් නැ.පිස්සුනටනවා.මොනවද බීලා ඇවිල්ලා.එක එක විකාර කියනවා.''

''ඇයි මට නොකීවේ.''

''දන්නැද්ද ඔයාගේ හැටි.ගමටම ඇහෙන්ඩ කෑගහලා,සිහිකල්පනාවක් නැති එකාටත් ගහයි කියලා කියුවේ නැ.''

''අනේ නිකන් ඉන්නවා.මම ගිහිල්ලා බලලා එන්නම්.''
''අනේ ලොකූ මොකවත් කියන්ඩ කරන්ඩ නම් එපා.''

මමත් ගියා එ පැත්තට යනකොට පොර නැ.ඌගේ අම්මා කූස්සියේ බංකූව උඩට වෙලා ලිපට ඔරවනවා,ගියා ගෙදර ඉස්සරහට තාත්තා අහස බලාගන දුමක් දානවා.බැලුවා පුටු ටික කො කියලා.ඔය තියෙන්නේ යසට.හිමිහිට කිට්ටු කරා උන්ගේ තාත්තට

''මොකද වෙලා තියෙන්නේ''

''මෙ කාළකන්ණියා මොනවද බීලා ඇවිත්.මුට කෑමක් ගැනවත් සිහියක් නැ.නීන්දකූත් නෑ.වීකාර කරකර ඉන්නවා''.

''දවස් තූනක් උනානම් ඇයි බෙහෙත් ගන්ඩ නොගියේ''.

''ඉස්පිරිතාලේ ගියොත් ප්‍රශ්නයක් වෙයි. මත් පෙති ගහන උනුත් දැන් කූඩ්ඩන්ව වගේ අල්ලගන යනවලු. පිස්සු හින්දා පිස්සන් කොටුවටවත් දැම්මොත්.''

''එහෙම කියලා හරියන්නැ දොස්තර කෙනෙකූට පෙන්නමු.''

''දැන් රෑ උනා හෙට උදේට යනවා.''
කෝල් කලා මම මගේ නිතරම මත්වෙලා ඉන්න යාළුවෙකූට ,මිනිහට මත්වෙන දේවල් ගැන ආචාර්ය උපාධියක් තියනවා. කිව්වා සිද්ධිය.

''අයියේ ෂුවර් එකට ඕකා පැණියකට ටැබා දාලා ගහන්ඩ ඇති. නොදන්න කමට පෙති7ක්8ක් දාන්ඩ ඇති,''

''උඹලා එකපාර පෙති කීයක් ගහනවද''

''තූන හතරක්, අම්මො පෑණිවලට දියකරලනම් කවදාවත් බොන්නැ.''

''උඹටත් ඔව්වා බීලා පිස්සු හැදිලා තියනවද.''

''අපි ඉතින් ගානට මිම්මට කිරලා මැනලා ලාවටනේ ගන්නේ.... පුල් ආතල්.''

''මොනවද බං ඔය පෙති.''

''පිස්සන්ට දෙන ඒවා, පැණි ඇවිල්ලා කැස්සට දෙන ඒවා.''

''ෆාමසී වලින් තූන්ඩුවක් නැතූව කොහොමද බං ගන්නේ,දැන් ඉස්සර වගේ දෙන්නැ නේද''''

''බම්බුව ඕනතරම් ගන්ඩ පුලුවන්, ඇරත් දැන් ඕනතරම් ගන්ඩ බඩු තියනවා එළියේ''

''කීයක් විතර වෙනවද මචං''

''එළියේ පැණියක් 800ක්  විතර වෙනවා, පෙත්තක් 20ට 30ට විකුණනවා. මෝරුන්ට ,හාවන්ට ගාණ වැඩියි. ෆාමසියෙන් ගත්තොත් ලාභයි''
(අයියෝ සල්ලි මගේ එක දවසක පඩීය)

''දැන් අරූට මොනවද බං කරන්නේ.''

''තවම දවස් තූනයි කියුවා නේද, මොකවත් කරලා ඌගේ ආතල් කඩන්ඩ එපා හෙට හවසට හරියයි. ''

''හා හරි හරි තැන්කීයු මචං, මෙ මං තියන්ඩද එහෙනං''

''මොකද කියන්නේ ගහමුද පැණියක්''

''අනේ තො‍පේ  -ත්තේ පැණි ''
කියලා තිබ්බා ‍ෆොන් එක.

මම ගෙදර ඇවිත් බුදිය ගත්තා.මහ පාන්දර එකට විතර ඇහෙනවා හෙණ වැළපිල්ලක්. කබ කඩ කඩා ගියා එ පැත්තට.

මහ උන්දැ බිම පෙරලි පෙරලි අඩනවා.

''ජීවිතේ වැඩක් නැ, කිසි පං එකක් නැ කියලා මාත් එක්ක කියෝ කියො හිටියේ.‍ජීවත් වෙලා වැඩක් නැ ,මට හැමෝම බනීනවා. මම හිතූනොත් කෝච්චියට පනිනවා කියලත් කියුවා. අනේ මගේ කොල්ලා හොයලා ගෙනත් දියල්ලා.මම වහටිකක් කාලා මැරෙනවා.ඔච්චර  ලගට වෙලා ඇහැරගෙන ඉදලා මට ඇස් දෙක පියඋන ටිකට කොහේද ගියේ මගේ රත්තරන් පුතේ.''

ඉක්මන් නොවුනොත් මළ ගෙවල් දෙකයි.දුහලා ඇවිත් ගත්තා බයික් එක.පාරට යන කොට ටැබා කාරයගේ තාත්තාත් ආවා පුෂ් බයික් එකේ

''ඔයා ඔය පැත්තට යන්න මම ස්ටෙෂන් එක පැත්තේ බලන්නං''

කියලා පාන්දර  තූනහමාර විතර වෙනකන් හෙව්වා, කිසිම හොඩුවාවක් නැ.කව්රුවත් කෝච්චියට බෙල්ල තියලත් නැ.ආපහු ආවා ගෙදර ටැබාකාරයාගේ  තාත්තා තවමත් ඇවිත් නැ
මෙන්න බොලේ ටැබා ඉන්නවා ගෙදර.

''කොහෙද  -රියො ගියේ''

''මම කොහෙවත් ගියේ නැ''

''එහෙනං තො හිටියේ නැත්තේ.මම දැන් හැම තැනම තො හොයා ඇවිද්දා. ගහනව  -කයා උස්සලා පොළවෙ.ගිහිල්ලා බුදියා ගනින්.''

''නිදාගන්ඩ බැ අයියො මීයො ඉන්නවා.''

''කො කොහේද මීයො ඉන්නේ''

''ඇයි මම දැන් හත් අට දෙනෙක්ම මැරුවා,අන්න දොර මුල්ලේ.''

''කො ඉන්නව නම් මටත් පෙන්නපන්''

''කො දැන් නැනේ අම්මා විසිකරලද කොහේද''.

ඔන්න දැන් එනවා ටැබා ගේ තාත්තා පාන් කියාගන්ඩ බැරුව.

''කොහෙද තාත්තේ දෙගොඩහරිජාමෙ යන්නේ. පවු මෙ අයියලත් ඇහැරගෙන ඔයාව හොයනවා.ඔයාගේ යාළුවො සෙට් එක මට අල්ලන්නැ. ගෙන්නන්ඩ එපා මෙ ගෙදරට. කොටනවා මන්නයක් අරගන උන් ඔක්කොටම.''

යකෝ දැන් ටැබා ගහලා තියෙන්නේ අපිද


(ප.ලි.)  


*    අපේ ටැබා එක්ක ටැබා ගහපු අනිත් ටැබා උගේ අම්මාගේ ඔලුවට භූමිතෙල් දාලා ගිණි තියන්ඩ හදලා.උගේ අක්කා ගීණි පෙට්ටිය උදුරා නොගන්ඩ අම්මා ඉවරයි

*    අපි මේ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඔන. නැත්නම් රට ඉවරෙටම ඉවරයි.ඇත්තම කතන්දරය දැන් කොල්ලො දහයක් ගත්තොත් තුන්දෙනෙක්වත් ටැබා ගහනවා.බලන්ඩ කැතයි උන්ගේ මුහුනු දිහා ඇවිදින මළමීනි වගේ.

*      ටැබා ගහන උන්ට කියන්ඩ තියෙන්නේ.තොපිට මත්නොවී ඉන්ඩම බැරිනං  ගහපියවු රට පුරාම ආණ්ඩුවෙන් විකූණන ලයිසන් කසිප්පු.(මම වගේ) 


2012-05-11

සිකරට් බීලා අහුවෙලා තියනවද


දවසක් මම මගේ මිතූරෙක් සමග ගමනක් යනකොට හම්බඋනා මිනිහගේ ඉස්කෝලේ යාළුවෙක්.ලස්සන ,රතූ ,පීන් පාට ,උසේ තරමට මහත,වටින ඇදුම් ඇදපු,කැරට් 18ටෙ මාල දාලා, වහනයක යතූරකූත් අතේ තිබුනා.අපේ ඒකා මිනිහට කතා කලේ බූලා කියලා.බොහොම සුහද විදිහට කතාබහ කරලා මැන් ගියා

''උඹට ඉන්නේ මාර යාළුවොනේ බං, බරකාරයෙක් නේ, මොනවද බං ඌ කරන්නේ,මම දැම්මා ඕපේ ඇන්ටනාව.''


''ඌ දැන් සුද්දන්ට  -ක දෙනවා''


''පලයන් යන්ඩ බොරු නොකිය, ''

 මම හිතූවෙ මම හාර හාර අහන හින්දා මු මාව අන්දන්ඩ හදනවා කියලා


''නැ මචං ඇත්ත ,ඌ කරන රස්සාව ඒක තමයි''


''හීරිකිත නැද්ද බං දෙයියෝ කක්කා කරන්ඩ දුන්න එක දෙන්ඩ''

''එ වගේද බං සල්ලි, අපිනං ඒ කාලයේම දැන ගත්තා ඕකා ඔහොම වෙයි කියලා''


''ඒ කොහොමද , ඒ කාලේ උඹලත් --යද''

''නැ බං  පොර දවසක් මරු වැඩක් කලා''

සර්ලට මොකටද කසිප්පු


අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත් උන්ට ඇපත්නැ.රස්සාව නැති උනාට පස්සේ බැස්සා මේසන් රස්සාවට.

ඔය දවස්වල අදාල පලාතේ පොලිසියට ඇවිත් හිටියා ip මහත්තයෙක්. හරිම සැරයි.බොහොම කැපවීමෙන් වැඩකලා.Oic නෙමෙයි උනත් ටික දවසක් යන කොට නිකම්ම ලොක්කා උනා.හැබැයි වැඩි කාලයක් ඉන්න ලැබුන්නැ.යාපනේද කොහෙද ඇරියා.එයත් මෙ කතාවට සම්බන්ධයි


අයිසේ අංකල් දවසක් වැඩකරලා ගෙදර එන ගමන් ගියාලු කසිප්පු බොන්ඩ කියලා ,පලාතේ හැමෝම දන්න තැනකට .අදාල තැනට යන්ඩ අතූරැ පාරට හැරෙන කොටම හඩු සරමක් ඇදගත්ත මනුස්සයෙකූයි.කොට කලිසමක් ඇන්ද කොල්ලෙකූයි අංකල්ට කතා කරාලු.


'' අංකල් කසිප්පු ටිකක් බොන්ඩ තැනක් නැද්ද''

  ''සර්ලට බොන්ඩ කසිප්පු ඔන තරම් තියෙන්නේ පොලිසියේ''

  ''තමුසේ මාව අදුරගත්තා නේද.ඉස්සෙල්ලා යනවකො තමුසේ, පස්සේ බඩු එලියට ගත්තහම අපි එනවා හැබැයි වැඩෙ කන්ඩ බැ හරිද.''

අයිසෙත් හා කියලා පොට් එකට විස්තරය කියලා, වැටකින් පැනලා ගියාලු වෙන පොට් එකකට.එතන කරන්නේ ගෑණු කෙනෙක් .සාමාජිකයන්ට පමනක් පොට් එකක්.

''අක්කේ සියබලා ගහ මුලට පොලිසිය පැන්නා.ඉක්මනට මට පොඩ්ඩක් දීලා බඩු හංගපන්.''


''එහෙනං උඹ මේක බීලා මල් පදුර යටින් ජැම් බෝතලය තියලා පලයන් මම දොර වහගන්නවා.''

කියලා උන්දැ වැහුවා දොර. අයිසෙත් උඩ බලලා කටට හලාගන ජැම් බෝතලය මල් ගහයටට විසිකරලා පාරට පැන්නා විතරයි  ,වැන් එකක් ඇවිත් නැවැත්තූවා. අප්පට සිරි ip මහත්තයා.  පැන්න ගමන් අල්ලා ගත්තාලු අයිසේ අංකල්ගේ බෙල්ලෙන්


  ''නාකී  -සිගේ පුතා ‍තො මෙතනටත් ආවාද''


''මොනවා කරන්ඩද සර් , සර් යන්නෙත් නැති තැන් වලට මම යන්නෙත් නැති තැන් වලට''

2012-05-08

ඔයත් තාත්තට බයද


මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ.

මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ ස්ථානාධිපති වෙලා හිටපු පොලිසියේම තිබුනු නිළනිවාසයේ. මහත්තයාගේ කොල්ලා මහත්තයා බලන්ඩ හිතූන ගමන් එනවා පොලිසියට. දවසක් කොල්ලා ආවා පොලිසියට.ස්ථානාධිපති  තාත්තා බැහැරට ගිහින්.

තාත්තා නැති පොලිසියේ කොල්ලට  රජමගූල් (එතකොට ඌට වයස තූනක් විතර දැන් ගජඉලන්දාරියා)  වැඩ බලන oic මු දැන්, පොලිසියම පෙරලනවා. කට්ටියට නම පස්සට ආන්ටි අංකල් කෑල්ල දාලා නියෝග දෙනවා. wpc  ආන්ටීලා බබා පරිස්සන් කරන්ඩ හිනා වෙවි මුගේ පස්සේ එළවනවා. 

පොලිසියට ආපු මිනිස්සුත් විසදාගන්න ආපු තමන්ගේ කරදර අමතක කරලා කොල්ලගේ හුරතල් විදිනවා. පොලිස් අංකල්ලා මළපැනලා කට පියාගන ඉන්නවා  ගහන්ඩද , බනින්ඩද  oic පැටියනේ. කොහොම හරි මු පැන්නා ස්ථානාධිපති කාර්යාලයට, ඇයි  බැරිද තාත්තාගේ කාමරයනේ.


දැන් තමයි නියම ජෝගිය , කොල්ලා මේසය උඩත් නැග්ගා.  දැන් අදිනවා හැම බඩකඩුත්තූවක්ම. බලාගන ඉන්ඩ බැරි තැන පොලිස් හාමිනේ කෙනෙක් කියුවා මෙහෙම.


''අනේ බබා  අදින්ඩ එපා බහින්ඩ බිමට තාත්තා ආවොතින් අපි ඉදලා ඉවරයි''


''අයියො ඔයාල අපේ තාත්තට ඔච්චර බයද , මම නම් එයාට බය නැ.''

'' ඒ ඔයාගේ තාත්තා හන්දනේ , අපි නං බයයි ''

''අයියෝ ලැජ්ජයි .....තාත්තට අපේ අම්මත් බය නෑ''

2012-05-07

අලේ අලේ මෙහේ--


අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ.

අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ හතරමන් හන්දියකින්. වමට හැරුනොත් තැනිතලා පාරක් , දකූණට හැරුනහම තියෙන්නේ පට්ට කන්දක්.ප්‍රධාන පාරේ නිතරම වාහන යනවා.පාර පනින්නත් අමාරුයි.

අලේ අංකල්ගේ අයියා කෙනෙක් ඉන්නවා ඔය කන්ද උඩ පාරේ.දවසක් එ අංකල් ඇන්ටිත් එක්ක රාගමට යන්ඩ එනකොට අලේ ඒ දෙන්නව පාස්කරලා ටිකක් දුර ගිහිල්ලා නවත්තලා දාගත්තලු ඩබලව.


''කොහෙද දෙන්නා යන්නේ''

''අපි රාගමට යනවා මල්ලි'' 

''එ පැත්තට යන්නේ මාත් ගිහින් දාන්නම්''

දැන් අලේ පල්ලම  බස්සනවා  හැටට හැටෙ , වයසක ඩබලත් ඉන්නවලු ගානක් නැතූව.හන්දියට ඇවිත් එකපාරටම මහපාරේ වාහන අතරින් දැම්මලු අනිත් අතූරු පාරකට, තත්පරයක් මිස් උනානම් හැප්පෙනවලු බස් එකක. එත් පොර සද්දයක් නැතූව එ පාරේ ඉස්සරහට යනව,  අලේට පාර මතකනැතූව කියලා හිතපු අංකල් කියුව මෙහෙම

''අලේ අලේ ඔහේ නෙමෙයි යන්ඩ ඔන මෙහෙ''


'''දන්නවා --------දන්නවා''


කොහොමහරි තවත් ටිකක් ඉස්සරහට ගිහින් නවත්ත ගත්තලු ත්‍රීවීල්එක , පස්ස හැරිච්ච අලේ


''මම බ්රේක් හදන්ඩ යනගමන්''


''තමුසේ මාර මිනිහෙක්නේ, අපිට කියන්ඩ එපෑ''


.''..........................
දෙන්නට හාට් ඇටෑක් නේද, කියුවනම් කන්ද උඩදි දෙන්නගේම හුළංයයි.................''

2012-05-03

මරාගන කෑම


අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා ලස්සන ලස්සන උන්. 

එ උන්දගේ හාමිනේගේ අම්මන්ඩිත් ඉන්නවා එ ගෙදර. රියල් ආච්චි අම්මා කෙනෙක්.මමත් ඉතින් ගිය රාජකාරිය කොර කොර ඉන්නවා. ආවා එවුන්දැ මගේ ලගට.( අතේ මේසපිහියක්). 


‍ ''..අනේ පුතේ කපලා දියන්කො අර කූකූළා..''