2019-12-21

Leather, Rexin, Curtain Sewing and DP-LR, DB-LR, F2-LR Needles


DB Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing


DP Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing


DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5


HA-2045 ballpoint needles applied to household machines


How to identify high quality needles


What is the correct needle to be used according to the machine type, නිවැරදි ඉදිකටු වර්ගය කුමක්ද


2019-11-03

ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්



ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින්

පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද

‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘

‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘

‘‘ මට හයිස්පීඩ් මැසිමක් ගන්න ඕන , හොද මොකක්ද ‘‘

‘‘  මේ මැසිම තිස්දාහක් කියනවා ඒ ගානට වටිනවද ‘‘

‘‘  මට මේ මැසිම විකුණාගන්න ඕන , කීයකට දෙන්න පුලවන්ද ‘‘

'' සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් හොයලා දෙන්න ''

‘‘ මේ මැසිම කීයකට විකුනතහැකිද ‘‘

‘‘ ඇන්ටික් මැසිමක් තියනවා විකුනලා දියං ‘‘

ඔන්න ඔය වාගේ  කතා බොහෝ දෙනෙක්  මගෙන් නිතරම අහනවා , අන්න ඒ නිසා මේ ගැන යමක් ලියන්න ඕන කියලා  හිතුනා , මේක ටිකක් නෙමෙයි  ගොඩක් සංකීර්ණ පැනයක් , ඒක නිසා පොදුවේ  සියලු අවස්තාවන්ට සහ සියල්ලන්ට ගැලපෙන විදිහට එක් එක් කරුනු විදිහට ලියන්නං , එතකොට තේරුම් ගන්න පහසුවෙයි.

මගෙන් අහන ප්‍රශ්න සහ ගොඩක් වෙලාවට මම දෙන උත්තරය තමයි මම මේ අද ලියන්ඩ යන්නේ
හැල්ලක් වාගේ ලියාගන යනවට වඩා හොදයි කියලා හිතෙනවා කරුණු එකින් එක ලියුවානං
එතකොට කියවන අයට ලේසිවෙයි

දැන් ඔය තඩී මෝටරයක් තියන පත මැෂින් ඔක්කොම මෙෂින් ජුකි ඒවද

අධිවේගි මහන යන්ත්‍ර සියල්ලම ජුකි නොවේ. ජුකි යනු වෙළද නාමයක් පමණි
බ්‍රදර් . සන්ස්ටාර්.පැෆ්. ටොයොටා. වැනි වෙළද නාම ගණනාවකින්ම ජපානයේ නිෂ්පාදනය කරන ලද පරණ මෙෂින් දකින්න පුළුවන්

චයිනීස් එව්වායෙත් එක එක ජාත් තියනවද

නැතුව, අළුත් චයිනීස් මැෂින් වෙළද නාම හැටහුටහමාරකින් දකින්නට පුළුවන්

මොකක්ද ඔව්වායේ තියන සාමාන්‍ය මෙෂින් වලට වඩා වෙනස

අතින් ඔයිල් දැමීමක් සිදු නොකරන මෙව්වායේ , තෙල් මහන යන්ත්‍රයේ අවශ්‍ය තැන් කරා ගෙනයාමට පොම්පයක් සවිකොට ඇත.වේගයෙන් මැසීම සිදුකල හැක.මහන තැනැත්තාට පහසුවෙන් හැසිරවිය හැක. තම කාර්ය්‍යයන් පහසු කර ගැනීමට අවශ්‍ය අතර උපකරණ , උපාංග සිය ගනනක් ඇති අතර ඒවා පහසුවෙන් සවිකල හැක

ඉතින් ඔය එක එක ජාතිවල ජපන් මැෂින්වල පාට්ස් එක සමානද

මේ මැෂින්වල නිතරම අවශ්‍ය වන කොටස් බොහෝ දුරට එක සමානයි, (උදාහරණ, ෂටල් බොබින් , කැරියර්, පීඩොක් , නිඩ්ල් ප්ලේට්,ස්ලයිඩ් ප්ලේට්, නිඩ්ල් බාර් වාගේ එව්වා)

ඒ කියන්නේ වෙනස්කම් තියනවා

අපිට මිලදි ගන්න ලැබෙන පාවිච්චිකල ජපන් මැෂින්වල වර්ගය සහ මාදිලිය වෙනස්වන විට වෙනස්කම් දකින්න පුලුවන්

චීනයේ හදාපු එව්වාට අවුලක් නැ ඒ කියන්නේ

පරණ ජපන් මැෂින්වලට පාට්ස් නිෂ්පාදනය කිරිම නවත්තලා හන්දයි ඔය අවුල .මැත කාලයේ ජපානයේ නිෂ්පාදනය කල වෙළද නාම ,මැෂින් වර්ග , මාදිලි කොපි කරමින් චීන නිෂ්පාදනයන් එළි දක්වා තියන නිසා එව්වාට පාට්ස් එයාලා නිෂ්පාදනය කරනවා. අනික නම වෙනස් උනාට බොහෝවිට ඒ ‍මැෂින් එකින් එකකට සමානයි

ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරපු මැෂින් වර්ග ඔක්කොම එයාලා කොපි කරනවා

බොහෝ විට චීන නිෂ්පාදනයන් කොපි කොට ඇත්තේ ජපන් ජුකි සහ , කොරියානු සන්ස්ටාර් මහන යන්ත්‍රයන් උනත් ... අලුත් මාදීලි සියල්ල චීනයේම නිෂ්පාදනය කරන ලද ඒවා , මොන නමින් ආවත්  සමානයි ....... නමුත් නිෂ්පාදන තත්වයන් ( කර්මාන්තශාලාවේ තත්වය ) භාවිතාකරන ලෝහ සහ වෙනත් අමුද්‍රවයවල ප්‍රමිතිය අනුව මැසිමේ හොද නරක තීරණය වෙනවා ......... හොද තත්වයේ මහන මැෂින් මිල ඉහලයි.

දැන් ලංකාවේ අළුතින් නිෂ්පාදනය ජපන් මෙෂින් ගන්න තැනක් නැද්ද

මා දන්නා තරමින් දැනට . ජපානයේ නිෂ්පාදනය කරනු ලබන අළුත් මහන යන්ත්‍ර කිසිවක් ශ්‍රීලාංකීය වෙළදපොලේ දක්නට නොමැත, ජපන් යැයි කියන එව්වායේද ඇත්තේ චීනයේ නිෂ්පාදනය කල අමතර කොටස්ය (එහෙම ජපන් එකක් තියනවානං කමෙන්ට් එකක් දාන්න මං කැමතියි දැනගන්න , ගන්න කියනවා හැමෝටම)

කොහොම උනත් ජපන් එව්වායේ කෑලි හොද හන්දා පාවිච්චි කරපු ජපන් එකක් හොදයිනේ

ඔබ පාවිච්චි කල ජපන් මහන යන්ත්‍රයක් මිලදි ගත්තද , අළුත් වැඩියාවේදි ඔබට යන්ත්‍රයට යොදන්නට වන්නේ චීන අමතර කොටස්ය . අලුත්වැඩියාකල එකක් ගත්තද  සංවේදි කොටස් සියල්ල අලුතින් යොදන ලද චීනයේ නිෂ්පාදනය කල ඒවාය.

ඒ උනාට බලලා හොද එකක් ගත්තහම ඉවරනේ කෑලි මාරු කරන්ඩ ඕන නැනේ

පාවිච්චි කල ජපන් මහන යන්ත්‍රයක් තුල සවිකර ඇති බොහෝ කොටස් කලින් පාවිච්චි කල අය විසින් මාරුකරන ලද චිනයේ නිෂ්පාදනය කල එව්වාය.

අපේ අල්ලපු ගෙදර අක්කා ගෙනාවනේ හොද ලස්සන ජපන් මැෂින් එකක්

දැනට වෙලද පොලේ තිබෙන පාවිච්චි කරන ලද ජපන් මහන මැෂින් කිහිප දෙනෙකුගේ අතින් අතට ගිය වසර 20ක් 30ක් පරණ ඒවාය, එක්කෝ ඔය කියන මැෂින් එක චයිනීස් එකක් ඒ අක්කව අන්දලා දීලා, නැත්තං පරණ එකක් පේන්ට් කරලා .

ඉතින් අනේ ඔය ගාමන්ට් වලින් අයින් කරන ඒවා නැද්ද හොද එව්වා

කාලයකට ඉස්සර නං ඇගලුම් කම්හල්වලින් වසර දෙකතුනකට වරක් තමන් භාවිතාකල මැෂින් ඉවත් කොට අළුතින් මැෂින් ලබා ගත්තා, ඒ ස්වර්ණමය යුගය දැන් අවසානව ඇති නිසා , වෙළද පොලට පාවිච්චිකල හොද තත්වයේ ජපන් මැෂින් එක්වෙන්නේ නැ

අනේ මටත් හොයලා දෙන්නකෝ එහෙම එකක්

දැන දැන් හොද තත්වයේ මැෂින් එකක් දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනි (මට එවැනි මැෂින් එකක් ලැබුනා මීට වසර 8කට පමන කලින් , මගේ මිතුරෙකුට එය රැගෙන දුන්නා, තවම එය ලෙඩ නොදි දිගටම ධාවනය වෙනවා) කලාතුරකින් වාසනාවකට එවැන්නක් ලැබුනද , දැන්නං එහෙම එව්වා ඇත්තේම නැ වාගේ

ඉතින් ජපානයෙන් පාවිච්චි කරපුවා ගෙන්නන තැන්වල නැද්ද

ඉස්සර නං එහෙම එව්වත් තිබුනා, දැන්නං එයාලා ගේන්නෙත් , ඩොමැස්ටික් පෝටබල් මැෂින් විතරයි , තව සමහරක් තැන්වල තියනවා  චීනයේ පට්ට ගහපුවා ...... හොයන්ඩ  බෑ අලුත් වාගේ ලස්සනට තියනවා .... ගන්න  කෙනා  ..මේක ජපන්ද  ඇහුවහම  කඩේ එකා ඔලුව වනනවා

හොද ජපන් එකක් දැන් හොයාගන්නම බැරිද

තියන තරමක් තියෙන්නේ මහ සවුත්තු මැෂින්

ඒ උනාට පරිස්සමට පාවිච්චි කරපු පරණ එකක් හොයාගන්ඩ බැරි වෙන එකක් නැ

හොද තත්ව‍යේ මැෂින් එකක් කවදාවත් කෙනෙක් නිකරුනේ විකුනන්නේ නෑ. එක්කෝ ඒ මෑෂින්එක මහනවාට වඩා හදනවා වියයුතුය , (එහෙම එකක් මොකටද නේද) ,
නැත්තං ඒ මනුස්සයා බංකොලොත් වෙලා වෙන්න ඕන , (ඒකත් හරියන්නේ නෑනේ.... ''අයියෝ අරූ මගේ හොද මැෂිම අඩුවට කෙලගෙන ගියානේ '' කියලා උදේ හවා හූල්ලනවා)

අපිට පරණ මැසිමක් අරගන .හදාගන්ඩ පුලුවන්නේ  ඉතින්

පරණ මැෂිමක් මීළදි ගත් ඔබට මැෂිම හොද මට්ටමකට ගැනීම සදහා සැලකියයුතු මුදලක් වියදම් කිරීමට සිදුවිය හැක

''අනේ උඹ දන්න රෙද්ද ....අපේ මැෂින් හදන අයියා කියුවනේ චයිනීස් එව්වා හරි නැ කියලා''

ඔව් ඔව් පාවිච්චි කරපු ජපන් මැෂින් හොදයි ටෙක්නීසියන්ලට, නිතර ඇවිත් මොනවාහරි කරලා කීයක් හරි අරගන ගියහැකි , මැෂින් නිතර නිතර ලෙඩ වෙනවිට කාර්මිකයන් වෙනුවෙන්ද සැලකියයුතු මුදලක් වැයකිරීමට සිදුවේ.

ඔච්චරම නරකයි කියන්නේ මොකද , ඔය ඕන තරං  මිනිස්සු  මහන්නේ  පරණ මැෂින් වලින්

පරණ මෙෂින් බොහෝ දුරට ගෙවී ගොස් ඇත , එව්වායේ උපාංග නියමාකාරයෙන් ක්‍රීයා නොකරයි ,භාවිතා කිරීමෙදි ඔබට කිසිදු සුව පහසුවක් නොමැත , වියයුත්තේ මැසිම ඔබට සහයෝගය දීම ඌවද , ඔබට එම මැසිමේ කොටසක්වී වැඩ කිරිමට සිදුවිය හැක.

මම ගියා කිහිප තැනකටම බලන්ඩ , තියන එව්වායේ එහෙන් මෙහෙන් කෑළි එල්ලෙනවා ....දන්නවද හොද මැෂින් තියන තැනක්

බොහෝ තැන්වල තියන මැෂින් වල ප්‍රීය මනාප පෙනුමක් නොමැත. දුර්වර්ණව මළකඩකෑ මැෂින් තමයි තියෙන්නේ , පිට ගැස්මට බෙහෙත් විදගන මහන්ඩ ඉදගන්ඩ ඕන

අර අතන ෂොෆ් එකේ තියනවා ලස්සන සුදුපාට ජපන් 8700 ජුකි කියලා ගහපු මැසිමක් 42000 කියනවා පාඩුද , අවුරුද්දලු මැහුවේ

සමහරක් ආයතන චීනයේ නිෂ්පාදනය කල මහන මැෂින් අළුත් පිටම කුළියට ලබාදෙයි. කුණු ගෑවුන පසු ඔබට ජපන් එකක්ද චීන එකක්ද කියලා හොයන්න බැ, ටික දිනකින් කුලියට දුන්න තැනින් එය රැගෙනවිත් පාවිච්චිකල ජපන් මැෂින් එකක යැයි පවසා අළුත් මැෂින් එකටත් වඩා මිලකට විකුනනු ලබයි. (එවිට වැඩි මිලක් ගෙවා ඔබ මිළදී ගන්නේ චයිනීස් එකකි, 37000 මෙෂිමට 42ක් දීලා ගන්නවා) ,

ඔය හොදයි කියුවට චයිනීස්නේ අප්පා

අද අප භාවිතා කරනු ලබන සියළුම භාණ්ඩ චීනයෙ නිෂ්පාදනය කල ඒවානං මහන මෙෂින් නරක මක්කැයි (කුණු ගොඩවල් අතරින් හරිදේ තෝරාගන්න පුළුවන් නං එච්චරයි) ....ඔයාගේ ලැප්ටොප් එක ෆෝන් එක උනත් චයිනීස් නේද.

ඔය කොච්චර කියුවත් මට නං ජපන් එව්වා තරං හරි යන් නැ

ඔයා වාගේ අය ඉස්සර සුද්දගේ වාහන තරම් ජප්පගේ වාහන හොද නැ කියුවා, දැන් ජප්පා හොදයි , චීනා හොද නැ, තව ටික කාලයකින් තව මොකෙක් හරි ඇවිත් චීනත් හොද වෙයි ( ඕක ලෝකේ හැටි)

අනේ ඒ උනාට අපේ ඇදුම් මහන අංකල් කියනවා එයාට ජපන් එක තරම් හරි නැලු අළුතින් ගත්ත එක

මිනිස්සු කියනා තරම් චයිනීස් හයිස්පීඩ් මැෂින්වල නරකක් නොමැත, දැන්  ඇගලුම් කම්හල් වලද භාවිතා කරන්නේ චයිනීස් මහන මැෂින්.

මට සාරිබ්ලවුස් මහන අක්කා කියනවා අනේ සාරි බ්ලවුස් මහන්ඩ ජූකි මෙෂින් හරි යන්නේ නැලු

එහෙනං ඒ උන්දැට පිස්සු , කොච්චර පහසුවට ,ලස්සනට මහන්ඩ පුළුවන්ද ජූකි වලින් , සමහරක් ඔහොම හිතාගන හිටිය අයට කියලා කියලා කියලා ... මං බලෙන්ම වාගේ ජුකි අරගන්න හිත හැදුවා . දැන් එයාලා මට පීන් දෙනවා (අනේ මල්ලි ඉස්සර මට පැය දෙකක් ගිය වැඩේ පැය බාගෙන් ඉවර කරනවා , මේ බලන්ඩකෝ මැහුම්වල නීට් එක , ඔයාට පින්සිද්ද වෙනවා) (හැබැයි ඉතින් පීන් විතරයි , මැෂිම හදලා ගාන කියුවහම අඩනවා , අවුරුද්දකට සැරයක් මැසිම හදලා අටසිය පණහක් ඉල්ලපුවහම ඇගෙන් ඇටයක් යනවා වාගේ අඩනවා , එයා එක සාරී බ්ලවුස් එකක් මහලා එක්දාස් පන්සීයක් ගන්නවා , උන්දැ මේක කියෙව්වොත් මරු)

දැන් එතකොට ඔව්වට කෑලි එහෙම තියනවද

චයිනීස් හයිස්පීඩ් මැෂින්වලට අමතර උපාංග සහ අමතර කොටස් ඕනැ තරම් වෙළද පොලේ බහුලව මිලදී ගැනිමට හැක.

මිල ගණන් එහෙම කො‍හොමද

චයිනීස් හයිස්පීඩ් පහසුය මිලට මිලදී ගතහැක, සමහරක් විට පරණ ජපන් මෙෂින් එකකටත් වඩා අඩුවෙන්

අපි මහන්නේ සපත්තුනේ , ලෙඩක් දුකක් නැතුව කොච්චර කාලයක් දුහන්ඩ පුළුවන් වෙයිද

වසර 5ක් පමණ කිසිදු අපහසුතාවයකින් තොරව භාවිතා කලහැක, ඉන් පසුවද අවශ්‍ය අළුත් වැඩියාවලින් පසු පෙර පරිදිම භාවිතාකල හැක

සාමාන්‍යයෙන් මොනවද එන ලෙඩ

බොහෝ විට සිදුවන්නේ නිඩ්ල් බාර් ටයිමින්ග් සහ කැරියර් ටයිමින්ග් වෙනස්වීමයි.එය ඔබටද නිවැරදි කරගත හැකි පහසු කටයුත්තකි

දැන් ඔයා ඔය කියන්නේ පරණ ජපන් එකකට වඩා හොදයි චයිනීස් අළුත් එකක්

ඇත්තටම හොදයි , පරණ මැෂින් අරගන.. යන කෝච්චි වලට බෙල්ල තියනවට වඩා

චයිනීස් එව්වා හොදයි කියලා දැන් ඔයා කියනවානේ කාගෙන්ද අපි ගන්නේ

නොයෙක් නම්වලින් ලංකාවට ගෙනත් විකුනන අය ඉන්නවා . සමහරක් එව්වායේ ජුකි කියලා ගහලත් තියනවා , ඔය ගොඩක් තැන්වල ලංකාවට ගේන්නේ ''නෝ නේම්'' මැෂින් ‍එයාලගේ ආයතනය තුලදි තමයි නම ගහන්නේ , ජූකි කියලා ගහලා තියන එව්වා ඇත්තම ජූකි කියලා හිතලානං ගන්න එපා , ඔරිජිනල් ජුකී එකක් ඔය ගානට ගන්න බැ , කාර්මිකයෙක් එකක් ගිහිල්ලා බලලා ගන්න පුලුවන් නං හොදයි...... දන්න කෙනෙකුට හොද මෙෂින් එකක් අදුරාගන්න අමාරු නැ.  ඔරිජිනල් ජුකීම ගන්න ඕනනං JK agencies ලගට යන්න එයාල තමයි ලංකාවේ නියෝජිතයා. ජූකි කියලා ගහල තිබ්බට  රැවටිලා ... කුණුගොඩවල් වලට කරගහන්න එපා ... වෙන නමක්  තියන ගණන් අඩු මැෂින් ෆේක් ජුකිවලට වඩා දාහෙන් සම්පතයි.

ඒ කියුවෙ .......හොද මෙෂින් එකක් කියලා අදහස්කලේ මොකක්ද

මිනිස්සු බිස්නස් කරන්නේ ලාබ ලබන්න .අපේ රටේ මුදලාලිලාට හොද දෙයක් දෙන්න නං උවමනාවක් නැ එයාලට ලාබදේ එයාලා දෙනවා, (  මිනිස්සු ලාබෙට ඉල්ලනවා , කඩේ එකා චීනගෙන් ලාබේට ඉල්ලනවා , චීනා බාලකරලා ලාබෙට දෙනවා , වරද තියෙන්නේ සල්ලි දීලා ගන්න අපේ )  අපි දැනගන්න ඕන හරිදේ තෝරලා බේරලා ගන්න . තියන තරගයත් එක්ක ඒක එක එව්වා ගෙනත් විකූණනවා . අන්තිමට බඩු බාල වෙන එක තමයි වෙන්නේ . හොදට දන්න කෙනෙක් එක්ක යන්න එතකොට ඔයාට හොද එකක් ගන්න පුළුවන්

ආ අපේ මැෂින් හදන අයියා එක්ක ගියානං හරි

එහෙනං අයියා එක්ක යන්න කලින් ඔයා තනියම ගිහිල්ලා බලන්න , දෙන්න පුළුවන් අන්තිම ගාන දැන් ගන්නවා වාගේ කතා කරලා අහගන්න , හෙට එනවා කියලා ආපහු එන්න ,නැත්තං කඩකාරයා අයියට කට්ටයක් තියලා ඔයාට ගාන කියනවා. එතකොට අයියා ඔයාට ඇත්ත කියන් නැ

අම්මෝ බලාගන යන කොට ඔක්කොම එවුන් එකයි. ‍කොහොමද හොද ටෙක්නීෂියන් කෙනෙක් අදුරාගන්නේ

හරිම ලේසියි
ඔහු අයකරන මුදල වැඩියි ,
ජිවිතේට ගණන් අඩු කරන්නැ,
වැඩකට අල්ලාගන්න අමාරුයි,
බොහොම රළු විදිහට කතා කරනවා,
චාටු බස්වලින් ඔබව අමතන්නේ නැ,
අහවල් තැන හොද මෙෂිමක් තියනවා අරගන දෙන්ඩද අහන් නැ,
නිර්ධය විදිහට ඔබව විවේචනය කරනවා (ඔබේ වැරද්දක් දැක්ක තැන එය කියනවා) ,
ඔබේ මහන මැෂින් එකේ තියන වරදක් පෙන්වා දෙන්න පැකිලෙන්නේ නැ,
ඔබට ඔහු දන්නා දේ කියලා දෙනවා , ඒ වාගේම ඔබ දන්නා දේ අහගන්නත් ලැජ්ජා වෙන්නේ නැ ,
තමන් නොදන්නා දේ මම දන්නැ කියන්න පැකිලෙන්නේ නැ,
අවශ්‍ය විටක වෙනත් කාර්මිකයෙකුට ඔබව යොමු කරනවා,
කවදාවත් අටවන ජෝජ් වැඩ කරන්නැ,
මේ පාට්ස් ටික දාලා කරනවානං කරමු නැත්තං ඔයා වෙන කෙනෙකුට කියලා කරගන්න,
ඔන්න ඔහොමයි දක්ෂ අවංක බාස්ලා.

දැනට තියන හොදම බෑන්ඩ් නේම් එක මොකක්ද

ආයේ විවාදයක් නැ දැනට තියන හොදම එක තමයි ( සිංගර් සෝජී ) ඒක ඇත්තටම හොදයි, මගේ නම්බර්වන් සෝජී.
... zoje , maqi , jack , CHEARS මේ සන්නාමයන් හතරම චීනයේ උසස් තාක්ෂණයෙන් යුතු කර්මාන්ත ශාලාවල , උසස් අමුද්‍රවය්‍ය යොදමින්  නිපදවන මහන මැෂින්.
තවත් හොද මට්ටමේ  මිළ අඩු වෙනත් සන්නාමයන්ගේන් එන මහන මැෂින් තියනවා , නමුත් හොදින් හොයලා බලල මිළදි ගන්න ඕන ...... මුදල ගැන හිතලා අමාරුවේ  වැටෙන්න එපා , මිල අඩු හොද මැසිමක් මිලදී ගන්න හැම වෙලාවෙම හොදින් දන්න කෙනෙකුගේ සහයෝගය අරගන්න.

ආ එහෙනං මම යනවා කම්පණි එකේ ෂෝරුම් එකට

නැ ඔයා යන්න ඔයාගේ නගරයේ ඉන්න වෙනත් බලයලත් වෙළද නියෝජිතයෙක් වෙතට,
එයා ඔයාට දෙනවා එයාගේ ලාබයෙන් කොටස් වට්ටමක් විදිහට ,
හිතවතෙක් නං එයාට ලැබුන මුදලට උනත් ගන්න බැරි වෙන එකක් නැ,
අනික ගෙවන්න ගන්න එපා. අපරාදේ සල්ලි , වැඩිපුර ලොකු මුදලක් ඔයාට ගෙවන්න වෙනවා.

ඉතින් අනේ කම්පණි එකේ ෂෝරුම් එකෙන් ගන්නවට වඩා පිට තැනකින් ගන්න එක හොද වෙන්නේ
කොහොමද

මෙහෙමනේ
හිතන්න ඔයාගේ මැෂින් මෝටරය කැඩුනා ඔයා ගිහිල්ලා කියනවා ෂෝ රුම් මැනේජර්ට
''ආ මිස් වැඩකරන්නේ නැද්ද ගලවලා අරගන එන්න, අපි සර්විස් සෙන්ටර් ඇරලා බලමු''
''කොච්චර දවසක් යයිද''
''සතියක් දෙකක් විතර''
මාසෙකට හම්බෙන්නැ මෝටරය

ඔයා කියනවා වෙනත් වෙළද නියෝජිතයෙකුට (හැබැයි මෙෂිම ගන්න ඕන එයාගෙන්)

''මුදලාලි අර මැසිමේ මෝටරය දුහන් නැ නේ''
''ආ එහෙමද නෝනා බලමු අපි මොකද කරන්නේ කියලා''
''රසික මෙන්න මේ නෝනලගේ මෝටරය වැඩ කරන්නේ නෑලු පොඩ්ඩක් ගිහිල්ලා බලලා එන්න''
''ආ රසික කෝකටත් අළුත් මෝටරයක් අරගන යන්ඩ අරක හදන්ඩ බැරි උනොත් ආයේ එන්ඩ ඕන නැනේ ''

බලයලත් වෙළද නියෝජිතයෙක් කියන්නේ යම් නගරයක ඉන්න පාරම්පරික වෙළද විය්‍යපාරිකයෙක් , ඔහු හැම විටම තමන්ගේ පාරිබෝගිකයන් පිලිබදව සැලකිලිමත් වෙනවා , යම් සමාගමක අලේවිසලක ඉන්න සේවකයන්ට පාරිබෝගිකයන් පිලිබදව .. ඒ විදිහේ බැදීමක් ලබැදියාවක් නෑ.

ෂෝරූම්වල ෂෝඑක විතරයි , ටෙක්නීෂියන් කෙනෙක් නැ , මැෂින්එක පාවිච්චි කරනහැටි කියලා දෙන්න දන්න  වෙළද සේවකයෙක් නෑ , සවිකිරිමේ ගැටලු තියනවා. පුට් ලිප්ටර් එහෙම හයිකරනවා වැරදියි , පුට් එක උස්සන්ඩ බස් එකක පටවන්ඩ ඕන දනිස්ස , මෝටර් එජස් කිරිමක් කරන්නේ නැති හන්දා බඩ වැල වාගේ මැෂිම ඇදගන යනවා අපිට ඕන තැන නවතින්නේ නැ,
ඉතින් පාවිච්චි කරන කෙනා අපහසුතාවයට පත්වෙනවා , දැන් දැන් කොම්පැණිවලිනුත් හයිකරන්ඩ ගෙදරටම එනවා ........ එතනත් පොඩි පොඩි අවුල් තියනවා ... ඒ එන සමහරු ජෝං බාස්ලා

ඔය කියන විදිහට ගෙදර ගෙනල්ලා කාට හරි පෙන්නලා හදා ගන්න වෙයිද

ඔව් එහෙම කරනවානං හොදයි, එතකොට ඔයාගේ උසට , ඔයාගේ පහසුවට , ඔයාට ඕන විදිහට , මහන මැටීරියල් වලට 100% හරියට , ලෙසටම සෙට් කරගන්න පුළුවන්


පාවිච්චි කරපු මහන මැසිමක් කීයකට විකුණන්න පුලුවන්ද

සන්නාමය සහ මාදිලිය කුමක්  උනත් වෙළදපලේ එම සන්නාමයේ  එම මාදිලියේ අලුත් මැසිමක වටිනාකමෙන් බාගයයි ............ කඩේ අලුත්  එක 50000 නං සෙකන්ඩ් හෑන්ඩ් 25000 යී

මේක මං පාවිච්චි කලේම නෑ , ඇදුං කෑලි පහක් ඕන්නං මහන්න ඇති ..... මැසිම දාලා තිබ්බ පෙට්ටිය හිටන් තියනවා , තවම වොරන්ටි එකත්  තියනවා , අනික මම ගෙවන්ඩ ගත්තේ ගෙවලා ඉවර වෙනකොට 50000 මැසිම 65000 ක් උනා

ඒ කිසිවක්  අදාල වෙන්නේ  නෑ ....... ඉල්ලන අය ඉල්ලන්නේ  වෙළදපලේ  වටිනාකමෙන් බාගයකට

 අහවලා  මීට වඩාකල් පාවිච්චි කරලා මේ මැසිමම 35000 ට දුන්නනේ

ඔව් වෙන්න ඇති  , කිසිවක්  නොදන්න අයට ඒ විදිහට විකුණාගන්න  පුලුවන් ....... සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ප්‍රයිස් දන්න කෙනෙකුට ඔය කියන මහ ගණන් වලට දෙන්න බෑ  ,   සානුකම්පිතව සලකලා  යම් කෙනෙක්  ඒ ගානට ගන්න පුලවන් , එහෙම නැත්තං නොදන්නකම.

 ඉතින් හොද තත්වයේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කඩෙන් ගන්ඩ ගියහම 25000 ට ගන්ඩ බෑනේ

ඔව් එතනදි කඩේ අයිතිකාරයා  මැසිමේ අලුත් වැඩියාවන්ට යම්කිසි මුදලක් වැයකරලා තියනවා ... ඔහුගේ ලාභයත් එකතු කරලා එනකොට ගාන ටිකක් වැඩියි , නමුත් ඔබ විකුණන්න ගියහම හැමෝම ඉල්ලන්නේ කුණුකොල්ලෙට.

මගේ මැසිම මම විකුණන්න හදනකොට හැමෝම ඉල්ලුවේ 15000 ට

ඔව් එහෙම වෙන්න පුලුවන් , පාවිච්චි කල මැසිමක  වටිනාකම අලුත් මැසිමෙ වටිනාකමෙන් බාගයයි කියුවට මෙහෙම දෙයකුත්  වෙනවා , මැසිම කුණු දුවිලි වැදිලද , සීරිලාද , සමහර... ආවරණ වාගේ කොටස් කැඩිලද , මෝටර් වාගේ  දේවල් මාරු කරලද , වෙනත් ඔරිජිනල් කොටස් වෙනුවට වෙන දේවල් සවිකරලද , මැසිම කොච්චරකල් පාවිච්චි කරලද , සන්නාමය මොකක්ද , මාදිලිය මොකක්ද , ඔබ  ඒ මැසිමෙන් මැහුවේ මොනවද ...... ඔන්න ඔය වාගේ  හේතු ගොඩක් මූලික කරගන  පාවිච්චි කරපු මහන මැසිමක වටිනාකම අර හරි අඩක් කියන සීමාවේ ඉදන් පහලට යනවා.

ජුකියක සෝජියක , ගෙදර පාවිච්චි කරන සිංගර් එකක වටිනාකමත්  අර විදිහටම භාගයයිද

නැහැ ... සන්නාමය සහ මාදිලියත්  එක්ක වෙනස් වෙනවා ....... සරලව ගත්තහම ..... හයිස්පීඩ් එකක වටිනාකම ගොඩක් අඩුවෙන්නේ  නැ ..... ඊට වඩා තරමක්  වටිනාකම අඩුවෙනවා  ස්ටෑන්ඩ් සහ ටේබල් සහිත සිග්සැග් එකක් , ..... ඊටත් අඩුයි  ස්ටෑන්ඩ් සහ ටේබල් තියන  නෝමල් මැසිමක ....... හවුස්හෝල්ඩ්  ඔවර්ලොක් එකක හෝ  ෆෝටබල්  මැසිමක වටිනාකම  ඊටත්  අඩුවෙනවා.

පරණ මැෂින්  හොදයි  කියනවනේ  ...... ජපානේ  , ඇමරිකාවේ , එන්ගලන්තේ , බ්‍රසීලයේ , ජර්මනියේ  හදපු  පරණ මැෂින් නං  හොද ගානකට විකුණගන්ඩ පුලුවන් ඇති  නේද

මොන පිස්සුද ....... සමහරක් විට එව්වා ගන්නේ  ....... කෑළි ගලවලා   වෙන මැෂින්  වලට අමතර කොටස්  ගන්ඩ  ....... එහෙම නැත්තං  දාහට පන්සීයට  යකඩවලට  උණු කරන්ඩ.

ඉතින්  අනේ  ඔය කියනවනේ  ගෙම්බාමාක් ඇන්ටික් මැෂින් ලක්ෂ ගණන් වලට  ගන්නවා කියලා ... අපේ ආච්චිටත්  ගෙම්බා මාක්   එකක් තියනවා ...... ඒයා ඒකෙන්  මහන්නෙත්  නෑ .. කාමරේ හංගලා තියන් ඉන්නේ

මොනවාහරි  දෙයකට ඇන්ටික් වැලිව් එකක් ඇඩ්වෙන්ඩ අවුරුදු 100 ක්  පනින්න ඕන ...... ඔය ඇන්ටික්  ඇන්ටික්  කියන එව්වට අවුරුදු 100 පැනලා නෑ ...... අනික ඔය ගෙම්බාමාක් කතාව ......... ඔය හැමෝම  මැරෙන්ඩ  හදන්නේ  ....... පරණ මහන මැෂින්වල  තියන  ලෝගෝ  එකක් අල්ලගන ........ පරණ සීමන්කෝ  ( සිංගර් මැනුෆැක්චර්  කම්පණි )     මැෂින්වල තියන  , රොකට් ෂටල් එකක් අස්සට දාපු බොබින් එකක් සහ හරහට ගහපු ඉදිකටු  දෙකක්  තියන ...... අතපය දිග ඇරපු  ගෙම්බෙක් වාගේ පේන ලෝගෝ  එක තියන ඇමරිකාවේ හෝ  එන්ගලන්තෙ හදපු  ස්ටෑන්ඩ් තියන මැෂින්  අල්ලගන ගෙම්බා මාක්  කියලා  නටනවා.

 ඇත්තම  ගෙම්බාමාක්  මැසිමක්  තියනවා  ...... ඒකට  ස්ටෑන්ඩ්  එකක්  නෑ  .... මේසය  උඩ තියන    දල සැකැස්මක්  තියන   අතින් කරකවන .... ප්‍රථමික මහන මැසිමක් .....  අන්න ඒකේ  කොටලා  තියනවා   ඇත්තම ගෙම්බෙක්  ....... මැසිම  මේසේ උඩ තිබ්බහමත්  තඩි ගෙම්බෙක් වාගේ .......... ඒක  ඇත්තටම ගොඩක් පැරණි  මැසිමක් ........ හදලා තියෙන්නේ  ඕලන්දයේ ...... අන්න ඒකනං  ඇන්ටික්  තමා ,
හැබැයි  කට කයිය විතරයි  .......... ලස්ස ගානට ගත්ත  එකෙකුත්  නෑ වික්ක එකෙකුත් නෑ.

ඒ උනාට  පරණ එව්වා  හොදයි අප්පා

මට දැන්  මේකනං   කියල  කියලා  සීමාව පැනලා  තියෙන්නේ  , ඇයි  එහෙනං  අනිත්  හැම දේම  ගන්නකොට අලුත්  දේ  හොයන්නේ ..... මහන මැෂින්  විතරක්  පරණ එව්වා  හොදයි  කියන්නේ  ..... Old  is gold  කියලා  ........ ඇයි  පරණ ගෑණියෙක්ව  මිනිහෙක්ව  කසාද  නොබදින්නේ .......

අනේ නිකං  යන්ඩ අනේ  ....... අපි මේ  පරණ එව්වා  හොදට පාවිච්චි කරන්නේ ...... මේ  දැනුත්  මහන ගමං ....... මේක ජුකී 555  එකක් ........ මං ගත්තෙත් පාවිච්චි  කරපු  එකක් . මං ලගත්  දැන්  අවුරුදු දොලහක්

මේකට දෙන්න තියන  උත්තරේ  මෙහෙමයි .......... නාකී පාට්නර්  කෙනෙක්  එක්කත්  සෙක්ස්  කරන්න පුලවන් .......... හැබැයි  අවුල්  ගොඩක්  තියනවා ...... ඒක ටිකක්  නෙමෙයි  ගොඩක්  බෝරින් ...... කිසි ගෝ එකක් නෑ .......  ඒක හෙන වෙහෙසකර අත්දැකීමක්  ........... හැබැයි සෙක්ස්  පාට්නර්  තරුණයි නං  ......... ඒ අත්දැකීම  හරිම ආස්වාදජනකයි.......

 එතකොට මට මේක හොද ගාණකට විකුණාගන්නම බැරිද  .......... මට දැන්  මේක  ඕන නෑ  ........ මගේ වැඩේට මේක ගැලපෙන්නේ නෑ  ..... නමුත්  දෙකපහට මේක  දීලා  දාන්නත්  බෑ.

 හොද ගාණකට  විකුණාගත්ත හැකි  ........ ගොං මෝඩයෙක්  අල්ලගන , එයාගේ  ඇගේ  ඕක  ගහලා  ........ ඔයාගේ  පව් ටික  එයාට දීලා  බේරෙත  හැකි  ........ ඔය අවුල්  මොකුත්  වෙන්නේ  නෑ  ...... දෙයක්  මිළදි  ගන්න කොට  ..... තමන්ට  මේක  ගැලපෙනවද  ,  ඉදිරි  වැඩ වලටත්  උවමනා වෙනවද  කියලා  හොදින්  හොයලා  බලලා ගන්නවනං .... ලාභය දැක්කට උස්සං එන්ඩ  එපා.
....ලාභ බඩුවේ  හිලක්  තියනවාම තමයි....

පාවිච්චි කරපු මැසිමක් ඔය විදිහට අලුත් එකේ එකේ වටිනාකමෙන්  භාගයකට හෝ  පාවිච්චිය  නරකනං  තවත් අඩුකරලා  ගත්තං  නං හරි නේද එතකොට

මෙහෙමයි  මගේ උපදෙස නං පාවිච්චි කරපුවා ගන්ඩ එපා ..... අමාරුවෙන් හරි අලුත් එකක් ගන්ඩ.


හයිස්ෆීඩ් මෙෂින් එකක් පාවිච්චි කරනකොට අපි මොනවද කරන්න ඕන, සර්විස් කරන්න ඕන කොච්චර කාලයකින්ද

‍ඔයිල් බාත් එකේ ඔයිල් මට්ටම ලෝ කියන ලෙවල් එකට ( සලකුණක් යොදා ඇත) එනවිට තියන ඔයිල් ඉවත් කර අළුතින් ඔයිල් සලකුනුකර ඇති අවශ්‍ය මට්ටමට යොදන්න ඕන,
කිසිවිටක් තියන ඔයිල් වලට අඩු වෙන ඔයිල් දැමීමෙන් වලකින්න,ඔයිල් දාන දවසට මැසිමේ යට පැත්ත පින්සලකින් සුද්ද කරන්න,
තත්වයෙන් උසස් හොද ඉදිකටු යොදන්න,
ෂටල් සහ බොබින් හොද උසස් මට්ටමේ එව්වා පමණක් යොදන්න,
‍කාලයක් ගතවනවිට මෝටර් පැඩල් එක පහලටම පාගන්ඩ වෙනවා වාගේ දැනෙයි , එවිට කාර්මිකයෙකු‍ගේ සහය ලබාගන මෝටර් කොක්ෂීට් එක සහ මෝටර් බෙල්ට් එක මාරු කරන්න,

දැන් ඉතින් දන්නවා නේද ගන්න ඕන මොකක්ද කියලා

..... ඉතාමත් අවධාරණයෙන් පසුව ලියමි ......

මම කිසිම ආයතනයකට සම්බන්ද කාර්මිකයෙක් නොවෙමී, කිසිවෙකුට සමග සේවා ගිවිසුමකට නොබැදුන මට යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් පහත් කිරීමට හෝ උසස් කොට ලිවිමට අවශයතාවක් නොමැත, හිතට එකගව මගේ අත්දැකීම් සමග මට දැනෙන සිතුවිලි අකුරු කෙරුවා පමණි
මට අවශ්‍ය ඔබට හොදමදේ ලබා ගැනීමට උදව් කිරීම පමණි.

0778707807
ලක්මාල් කන්දෙවිදානෙ

2019-11-01

භාවිතාකල මහන මැසිමක වටිනාකම සහ ගෙම්බාමාක් ඇන්ටික්



භාවිතාකල  මහන මැසිමක වටිනාකම සහ ගෙම්බාමාක් ඇන්ටික්

‘‘ අයියේ මේ මැසිම තිස්දාහක් කියනවා ඒ ගානට වටිනවද ‘‘

‘‘ මචං මට මේ මැසිම විකුණාගන්න ඕන , කීයකට දෙන්න පුලවන්ද ‘‘

ඔන්න ඔය වාගේ  කතා බොහෝ දෙනෙක්  මගෙන් නිතරම අහනවා , අන්න ඒ නිසා මේ ගැන යමක් ලියන්න ඕන කියලා  හිතුනා , මේක ටිකක් නෙමෙයි  ගොඩක් සංකීර්ණ පැනයක් , ඒක නිසා පොදුවේ  සියලු අවස්තාවන්ට සහ සියල්ලන්ට ගැලපෙන විදිහට එක් එක් කරුනු විදිහට ලියන්නං , එතකොට තේරුම් ගන්න පහසුවෙයි.

 ( 1 ) පාවිච්චි කරපු මහන මැසිමක් කීයකට විකුණන්න පුලුවන්ද

සන්නාමය සහ මාදිලිය කුමක්  උනත් වෙළදපලේ එම සන්නාමයේ  එම මාදිලියේ අලුත් මැසිමක වටිනාකමෙන් බාගයයි ............ කඩේ අලුත්  එක 50000 නං සෙකන්ඩ් හෑන්ඩ් 25000 යී

( 2 ) මේක මං පාවිච්චි කලේම නෑ , ඇදුං කෑලි පහක් ඕන්නං මහන්න ඇති ..... මැසිම දාලා තිබ්බ පෙට්ටිය හිටන් තියනවා , තවම වොරන්ටි එකත්  තියනවා , අනික මම ගෙවන්ඩ ගත්තේ ගෙවලා ඉවර වෙනකොට 50000 මැසිම 65000 ක් උනා

ඒ කිසිවක්  අදාල වෙන්නේ  නෑ ....... ඉල්ලන අය ඉල්ලන්නේ  වෙළදපලේ  වටිනාකමෙන් බාගයකට

( 3 ) අහවලා  මීට වඩාකල් පාවිච්චි කරලා මේ මැසිමම 35000 ට දුන්නනේ

ඔව් වෙන්න ඇති  , කිසිවක්  නොදන්න අයට ඒ විදිහට විකුණාගන්න  පුලුවන් ....... සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ප්‍රයිස් දන්න කෙනෙකුට ඔය කියන මහ ගණන් වලට දෙන්න බෑ  ,   සානුකම්පිතව සලකලා  යම් කෙනෙක්  ඒ ගානට ගන්න පුලවන් , එහෙම නැත්තං නොදන්නකම.

( 4 ) ඉතින් හොද තත්වයේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කඩෙන් ගන්ඩ ගියහම 25000 ට ගන්ඩ බෑනේ

ඔව් එතනදි කඩේ අයිතිකාරයා  මැසිමේ අලුත් වැඩියාවන්ට යම්කිසි මුදලක් වැයකරලා තියනවා ... ඔහුගේ ලාභයත් එකතු කරලා එනකොට ගාන ටිකක් වැඩියි , නමුත් ඔබ විකුණන්න ගියහම හැමෝම ඉල්ලන්නේ කුණුකොල්ලෙට.

( 5 ) මගේ මැසිම මම විකුණන්න හදනකොට හැමෝම ඉල්ලුවේ 15000 ට

ඔව් එහෙම වෙන්න පුලුවන් , පාවිච්චි කල මැසිමක  වටිනාකම අලුත් මැසිමෙ වටිනාකමෙන් බාගයයි කියුවට මෙහෙම දෙයකුත්  වෙනවා , මැසිම කුණු දුවිලි වැදිලද , සීරිලාද , සමහර ආවරණ වාගේ කොටස් කැඩිලද , මෝටර් වාගේ  දේවල් මාරු කරලද , වෙනත් ඔරිජිනල් කොටස් වෙනුවට වෙන දේවල් සවිකරලද , මැසිම කොච්චරකල් පාවිච්චි කරලද , සන්නාමය මොකක්ද , මාදිලිය මොකක්ද , ඔබ  ඒ මැසිමෙන් මැහුවේ මොනවද ...... ඔන්න ඔය වාගේ  හේතු ගොඩක් මූලික කරගන  පාවිච්චි කරපු මහන මැසිමක වටිනාකම අර හරි අඩක් කියන සීමාවේ ඉදන් පහලට යනවා.

( 6 ) ජුකියක සෝජියක , ගෙදර පාවිච්චි කරන සිංගර් එකක වටිනාකමත්  අර විදිහටම භාගයයිද

නැහැ ... සන්නාමය සහ මාදිලියත්  එක්ක වෙනස් වෙනවා ....... සරලව ගත්තහම ..... හයිස්පීඩ් එකක වටිනාකම ගොඩක් අඩුවෙන්නේ  නැ ..... ඊට වඩා තරමක්  වටිනාකම අඩුවෙනවා  ස්ටෑන්ඩ් සහ ටේබල් සහිත සිග්සැග් එකක් , ..... ඊටත් අඩුයි  ස්ටෑන්ඩ් සහ ටේබල් තියන  නෝමල් මැසිමක ....... හවුස්හෝල්ඩ්  ඔවර්ලොක් එකක හෝ  ෆෝටබල්  මැසිමක වටිනාකම  ඊටත්  අඩුවෙනවා.

( 7 ) පරණ මැෂින්  හොදයි  කියනවනේ  ...... ජපානේ  , ඇමරිකාවේ , එන්ගලන්තේ , බ්‍රසීලයේ , ජර්මනියේ  හදපු  පරණ මැෂින් නං  හොද ගානකට විකුණගන්ඩ පුලුවන් ඇති  නේද

මොන පිස්සුද ....... සමහරක් විට එව්වා ගන්නේ  ....... කෑළි ගලවලා   වෙන මැෂින්  වලට අමතර කොටස්  ගන්ඩ  ....... එහෙම නැත්තං  දාහට පන්සීයට  යකඩවලට  උණු කරන්ඩ.

( 8 ) ඉතින්  අනේ  ඔය කියනවනේ  ගෙම්බාමාක් ඇන්ටික් මැෂින් ලක්ෂ ගණන් වලට  ගන්නවා කියලා ... අපේ ආච්චිටත්  ගෙම්බා මාක්   එකක් තියනවා ...... ඒයා ඒකෙන්  මහන්නෙත්  නෑ .. කාමරේ හංගලා තියන් ඉන්නේ

මොනවාහරි  දෙයකට ඇන්ටික් වැලිව් එකක් ඇඩ්වෙන්ඩ අවුරුදු 100 ක්  පනින්න ඕන ...... ඔය ඇන්ටික්  ඇන්ටික්  ගාන එව්වට අවුරුදු 100 පැනලා නෑ ...... අනික ඔය ගෙම්බාමාක් කතාව ......... ඔය හැමෝම  මැරෙන්ඩ  හදන්නේ  ....... පරණ මහන මැෂින්වල  තියන  ලෝගෝ  එකක් අල්ලගන ........ පරණ සීමන්කෝ  ( සිංගර් මැනුෆැක්චර්  කම්පණි )     මැෂින්වල තියන  , රොකට් ෂටල් එකක් අස්සට දාපු බොබින් එකක් සහ හරහට ගහපු ඉදිකටු  දෙකක්  තියන ...... අතපය දිග ඇරපු  ගෙම්බෙක් වාගේ පේන ලෝගෝ  එක තියන ඇමරිකාවේ හෝ  එන්ගලන්තෙ හදපු  ස්ටෑන්ඩ් තියන මැෂින්  අල්ලගන ගෙම්බා මාක්  කියලා  නටනවා.

 ඇත්තම  ගෙම්බාමාක්  මැසිමක්  තියනවා  ...... ඒකට  ස්ටෑන්ඩ්  එකක්  නෑ  .... මේසය  උඩ තියන    දල සැකැස්මක්  තියන   අතින් කරකවන .... ප්‍රථමික මහන මැසිමක් .....  අන්න ඒකේ  කොටලා  තියනවා   ඇත්තම ගෙම්බෙක්  ....... මැසිම  මේසේ උඩ තිබ්බහමත්  තඩි ගෙම්බෙක් වාගේ .......... ඒක  ඇත්තටම ගොඩක් පැරණි  මැසිමක් ........ හදලා තියෙන්නේ  ඕලන්දයේ ...... අන්න ඒකනං  ඇන්ටික්  තමා.

හැබැයි  කට කයිය විතරයි  .......... ලස්ස ගානට ගත්ත  එකෙකුත්  නෑ වික්ක එකෙකුත් නෑ.

( 9 ) ඒ උනාට  පරණ එව්වා  හොදයි අප්පා

මට දැන්  මේකනං   කියල  කියලා  සීමාව පැනලා  තියෙන්නේ  , ඇයි  එහෙනං  අනිත්  හැම දේම  ගන්නකොට අලුත්  දේ  හොයන්නේ ..... මහන මැෂින්  විතරක්  පරණ එව්වා  හොදයි  කියන්නේ  ..... Old  is gold  කියලා  ........ ඇයි  පරණ ගෑණියෙක්ව  මිනිහෙක්ව  කසාද  නොබදින්නේ .......

( 10 ) අනේ නිකං  යන්ඩ අනේ  ....... අපි මේ  පරණ එව්වා  හොදට පාවිච්චි කරන්නේ ...... මේ  දැනුත්  මහන ගමං ....... මේක ජුකී 555  එකක් ........ මං ගත්තෙත් පාවිච්චි  කරපු  එකක් . මං ලගත්  දැන්  අවුරුදු දොලහක්

මේකට දෙන්න තියන  උත්තරේ  මෙහෙමයි .......... නාකී පාට්නර්  කෙනෙක්  එක්කත්  සෙක්ස්  කරන්න පුලවන් .......... හැබැයි  අවුල්  ගොඩක්  තියනවා ...... ඒක ටිකක්  නෙමෙයි  ගොඩක්  බෝරින් ...... කිසි ගෝ එකක් නෑ ....... සමහර විට  ලිහිසි ද්‍රවය්‍ය එහෙමත්  වෙනමම  යොදවන්න  වෙනවා .........  ඒක හෙන වෙහෙසකර අත්දැකීමක්  ........... හැබැයි සෙක්ස්  පාට්නර්  තරුණයි නං  ......... ඒ අත්දැකීම  හරිම ආස්වාදජනකයි....... සිංහලෙන්ම  කියුවොත්  .නාකි ගෑණුන්ට  ළමයි  හම්බෙන්නැ.

( 11 ) එතකොට මට මේක හොද ගාණකට විකුණාගන්නම බැරිද  .......... මට දැන්  මේක  ඕන නෑ  ........ මගේ වැඩේට මේක ගැලපෙන්නේ නැ  ..... නමුත්  දෙකපහට මේක  දීලා  දාන්නත්  බෑ

පුලුවන්  ........  හොද ගාණකට  විකුණාගත්ත හැකි  ........ ගොං මෝඩයෙක්  අල්ලගන , එයාගේ  ඇගේ  ඕක  ගහලා  ........ ඔයාගේ  පව් ටික  එයාට දීලා  බේරෙත  හැකි  ........ ඔය අවුල්  මොකුත්  වෙන්නේ  නෑ  ...... දෙයක්  මිළදි  ගන්න කොට  ..... තමන්ට  මේක  ගැලපෙනවද  ,  ඉදිරි  වැඩ වලටත්  උවමනා වෙනවද  කියලා  හොදින්  හොයලා  බලන්න .... ලාභය දැක්කට උස්සං එන්ඩ  එපා.

ලාභ බඩුවේ  හිලක්  තියනවාම තමයි

( 12 ) පාවිච්චි කරපු මැසිමක් ඔය විදිහට අලුත් එකේ එකේ වටිනාකමෙන්  භාගයකට හෝ  පාවිච්චිය  නරකනං  තවත් අඩුකරලා  ගත්තං  නං හරි නේද එතකොට

මෙහෙමයි  මගේ උපදෙස නං පාවිච්චි කරපුවා ගන්ඩ එපා ..... අමාරුවෙන් හරි අලුත් එකක් ගන්ඩ.







2019-10-29

අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද



පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප දෙනෙකුත් අයාලේයන සුනඛයන් සපාකෑමට ලක් උනා , අපේ උන්දැව පාරේ යනකොට කොහෙදෝ ඉදන් ආපු බල්ලෙක් කාලා දුහලා , පොඩි දුවව ළමා උයනේ ඔන්චිල්ලා පැද පැද ඉන්නකොට , අනිත් දුවව ඉස්කෝලේ ඇතුලෙදි , තවත් කෙනෙක්ව කඩයක හදන බල්ලෙක් ( කඩකාරයා එයාලගේ කියලා පිලිගන්නේ නෑ ) , තව කෙනෙක්ව ගෙදරක හදන බල්ලෙක් ඒ  බල්ලා තරමක් මිළ අධික බල්ලෙක් උනත් ඒකවත් නියමිත දිනයට එන්නත් කරලා නැ.

අපි පොඩි කාලේ  නං ඔන්න එනවා බලු වෑන්  එක  කියලා  එකක් , ඒක පිටි පස්සේ  ඉන්නවා  දෙන්නෙක් , උන් දෙන්නා ලග තියනවා  ..... රිටකට අමුනපු  මද්දක් සහ  තවත් රිටකට අමුනපු  දැල් ගොට්ටක් , පාරේ  ඉන්න  බෙල්ලේ කරපටියක්  නැති  හැම බල්ලවම අල්ලලා ඔබා ගන්නවා අර ඇල්මේනියං  බොඩිය අස්සට , ...... අරං ගිහින්  ගෑස් ගහලා මරනවා , වහදීලා මරනවා කියලා තමයි  කියුවේ ..... අල්ලලා  දාගන්න විදිහටයි , ඒක අස්සේ තියන තදබදයටත්  , උන් උන්ම කාගන මැරෙනවා මිසක්  මරන්ඩ නං  ඒ සත්තු  ඉතුරු  නොවෙන්ඩ ඇති.

ඔන්න ඊටපස්සේ  ඒක හරි නෑය කියලා ආවා   සැත්කම් සීන් එක , පාරේ ඉන්න සත්තු  අල්ලන්  ගිහින් සැත්කම් කරලා නැවතත්  ඉන්න තැන්වලටම ගෙනත්  දානවා , නමුත්  ඔතනදි  වැඩි  අවධානය දුන්නේ  ගෑණු සත්තුන්ට ..... බල්ලෝ පස්සේ එහෙමට එලෙව්වේ නෑ ,  ඉතින්  පාරේ  බල්ලෝ  පැන්නා ගෙවල්වලට , ගෙවල්වල හිටිය උසස්කුලවල බැල්ලියන්ට  ලොකු උම්මා දුන්නා ....... අනේ ඉතින්  පැටව් ලැබුනහම විකුනාගන්ඩ  බෑ  ....... ගෙවල්වල එවුන්  කලවං බල්ලෝ   පාරට දානවා  ........ දැන්  පාරේ ඉන්න  බල්ලෝ බලන්ඩ  ...... කැරපොතුලංසි වාගේ  එහෙටත්  නෑ  මෙහෙටත්  නෑ ........ උන් දුක් විදිනවා  ඔක්කොටම වඩා, 
දැන් නං  පේන  හැටියට  ඒ සැත්කම් සීන්  එකත්  නැවතිලා .. දැන් ඉතින්  එහෙමනේ  යාන්තං හරි හොදයි කියලා  දෙයක්  තිබ්බානං  .ඒ හැම දේම නැවතිලානේ.

ඔය මම උඩින් කියුව සපාකෑම් සිංහල හවුන්ඩ්ලා කරපුවා නෙමෙයි , බිරිද සහ දරුවන්  කියන හැඩහුරුකම්වලින් ක්රෝස් බ්‍රීඩ් බල්ලෝ , නිකමට මතක් කරලා බලන්න දැන් පාරවල්වල ඉන්න තරමක් ඉන්නේ කලවං බල්ලෝ , පොඩි කාලේ ලස්සන නිසා උස්සං යනවා , ලොකු වෙනකොට ගහලා පන්නනවා , පරිසරයට ඔරොත්තු දෙනවත් අඩුයි උන්...... අනේක දුක් විදලා යක්කු වෙනවා ඒ සත්තු.... මගේ ලග ඉන්නවා පාරට අතඇරපු  ඩෑෂ්හවුන්ඩ්  කෙනෙක් . ගෙදරට ගෙනාපු මුල් කාලයේ  එක්තරා  හැඩයක් සහ පෙනුමක් තියන කාන්තාවන්ට බේරන්න බැරි විදිහට කන්න පනිනවා , දැන්නං එහෙම නැ , හොදටම කියනඑක අහන්නේ එයා , කාටවත් හපන්න පයින්නේ නැ.


රාජ්‍ය නොවන සංවිධාන වලින් ගොඩාක්  මේ ගැටලුවට මැදිහත් උනත්  එයාලගේ  ශක්තිය  මදි  මේ ගැටලුව විසදන්න.

ජලභීතිකාවෙන් ආරක්ෂා කරගැනීමට  ජංගම සායන මගින් සුනඛයන්  නොමිලේ එන්නත් කිරීම අනාදීමත් කාලයක ඉදන් රජය විසින්  සිදුකරනවා , ඒ  නැතත්  තමන්ගේ  ප්‍රදේශයේ  තියන රජයේ සත්ව රෝහලෙන් තමන්ගේ සුරතලාව  , රුපියල් 500 කටත්  වඩා අඩු මුදලකින්  එන්නත්  කරගන්න පුලවන් , එතෙන්ට  යන්ඩ ලැජ්ජයි වාගේ  නං  ... දැන් හැම තැනම තියන පුද්ගලික සායනයකින්  රුපියල් 1000 කට  අඩු  මුදලකට  ජලභීතිකාව සදහා  එන්නත් කරගන්න පුලුවන්.

ඉතින්  කරනවද  නෑ ........ ජලභිතිකාව සහ  සුනඛයන් සදහා නිර්දේශිත අවම එන්නත් කිහිපය  වසරක් සදහා  පුද්ගලික  සායනකින් එන්නත්  කලත් වැය වෙන්නේ  රුපියල් 3000 කට අඩු මුදලක් ....... රජයේ  සායනයෙන් 1500 ක්  යන්නෙත් නෑ.

හැබැයි  යම්  සතෙකුගේ  සපාකෑමකට ලක් උනහම ... අදාල  පුද්ගලයා ජලභිතිකාවෙන් ආරක්ෂාකරගැනීමට  එන්නත්  සදහා විතරක්  රජය විසින්  රුපියල් 100000 කට අධික මුදලක් වැය කරන්න  ඕන. ...........  ( මේක දකින පශු වෛද්‍යවරු සහ වෛද්‍යවරු මම කියන  දේවල් වල අඩුපාඩු   සහ  වැරදි තියනවනං නිවැරදි කරන්න )


ගොඩක්  දෙනෙක්  හිතන්  ඉන්නවා ... බල්ලට  එකපාරක්  පිස්සු බලු  රෝගෙට   විද්දහම   ඇති , මුලු ජීවිත කාලේටම  ඒ ඇති  කියලා ,  පළමුවෙනි  අවුරුද්දේ  මාත්‍රා තුනක්  තියනවා ......ගොඩ දෙනෙක්   ඔන්න බලු පැටියට පලවෙනි සුලු මාත්‍රව  දෙනවා  ..........  දෙවනි එක තමයි නියම මාත්‍රව  ඒක දෙන්නෙත්නැ ,  වයස වසරක් වීමට පෙර  තියන තුන්වෙනි  එක දෙන්නෙත් නෑ  ......... ඊට පස්සේ   අහල පහල පන්සලකට නොමිලේ ජලභීතිකාවට බෙහෙත් විදින්න  ආවොත් යලට මහට විදිනවා  .... සමහරු  ඒහෙමත් නැ.
සතා කාවහරි  කෑවහම  ..... හරි  ලොකුවට  කියනවා  ............ ආ අපි  බෙහෙත්  විදලා  තියෙන්නේ  ............. කෝ  ඉතින්  පොත ........... ආ මේ   කොහෙද  තිබ්බාආ  ....  මේ  තියෙන්නේ  ෂිබා කියල ලියලා  .... විදලා තියනවා  .......අ%@ගේ $@ත ....... 

නියමිත විදිහට එන්නත්  කරලා  තියන  සතෙක්  හපාකාපුවහම ...... මූලිකව දෙන ජලභීතිකා එන්නත සහ පිට ගැස්ම එන්නත  සහ  ..  ප්‍රතිජීවක එන්නතත් එක්ක රජයට දරන්න  වෙන්නේ  බොහොම  සුලු වියදමක්  ........  දිගින්  දිගට  සපාකෑමට ලක්වුන කෙනා  රෝහලක්  වෙතයාම හෝ  ජීවිත අවදානමකුත්  නෑ ,  වලක්වාගන්න පුලුවන්  මේක ලේසියෙන්ම.

සෙල්ලං   කරන්න  එපා  ..........  ඒඩ්ස්  වාගේම තමයි  , වලක්වාගන්න පුලුවන් ...... සුවකරන්න  බෑ ජලභීතිකාව.

බල්ලෝ  විතරක්  නෙමෙයි  , පුසෝ    වාගේ  සුරතල්  සත්තු  සියල්ලන් ගැනම අපි සැලකිලිමත්   වෙන්න  ඕන .........සතෙක්  හපාකෑවහම තුවාලය හොදින් හෝදලා හැකි ඉක්මනින් රෝහලකට යන්න ඕන.

 බය වෙන්න එපා ඉස්සරවාගේ වාට්ටුවක නවත්තගන බුරිය වටේ ඉන්ජෙක්ෂන් විසි එකක් ගහන්නේ නැ , හැම රෝහලකම තියනවා වෙනමම කාමරයක් , අන්න ඒකට එක්කං ගිහින් ඉස්සෙල්ලම සුලු මාත්‍රාවක් විදිනවා ඔයා ආසාත්මිකතාවයක් දක්වනවද බලන්න , යම් වේලාවක් ඔබව නිරීක්ෂනය කරලා නියමිත එන්නත සහ පිටගැස්ම සහ ප්‍රතිජීවක එන්නත් දෙනවා  ( මේක දකින පශු වෛද්‍යවරු සහ වෛද්‍යවරු මම කියන  දේවල් වල අඩුපාඩු   සහ  වැරදි තියනවනං නිවැරදි කරන්න ) , පැය හතරක් විතර පලවෙනි දවසේ ගතවෙන්නේ , දෙවනි සහ තුන්වෙනි සහ හතරවෙනි දවසේ ගියා කාඩ් එක පෙන්නුවා බෙහෙත විදගත්තා , ගෙදර  ආවා , ඒක නිසා තමන් හදන එන්නත් කරපු සතෙක් කෑවත් රෝහලට යන්න  වෛද්‍යවරයා දෙන උපදෙස් ඒ විදිහටම පිලිපදින්න.

දැන්  අපි දැකලා  තියනවනේ  මෙතෙක්  සුරතල්  සතුන්  වෙනුවෙන්  පැවතුන  රජයන්  විසින්  කරපු දේවල් 100%  සාර්ථක නෑ .

නමුත්  අපිට  ගොඩක්  දේවල්  කරන්න පුලුවන් මේ සම්බන්දව

අපි හදන සත්තුන්ව  වලක්වාගත හැකි  රෝග සදහා  නිසි පරිදි එන්නත්  කරන්න ඕන ( පශු වෛද්‍යවරු නිර්දේශ කරන සියලුම එන්නත් )

සතෙක් හදන්න ගන්න කලින් හොදින් හිතන්න  ( පාරේ ඉන්න බල්ලෙක්ද , උසස් කුලයක බල්ලෙක්ද අදාල නෑ )  ඒ සතාව නාවන්න කන්න බොන්න දෙන්න බෙහෙත් ඇරං දෙන්න ඌ එක්ක සෙල්ලං කරන්න සහ සතාට ආදරය කරන්න තමන්ට කාලය , මුදල් සහ  නිරවුල් මානසික  මට්ටමක් තියනවද කියලා , හොදින් සලකන  , රැකබලාගන්න කිසිම සතෙක් කවරදාකවත් මනුස්සයෙකුට පහරදෙන්න උත්සාහ කරන්නේ නෑ , ගෙදර බල්ලා යක්ෂයෙක් වෙලානං හදන කෙනාගේ අඩුපාඩුවක් තමයි.

බල්ලන්ව දකින දකින කෙනාට පහර දෙන මට්ටමෙන් හැදුවේ නැ කියලා ඌ නිකං කකා බුදියන්නේ නැ , ඔබව ඔබේ සමීපතයන් සහ දේපල ආරක්ෂාකරන්න අවශ්‍ය විටක ගැටලු ඇති නොවන මට්ටමින් ඉදිරිපත් වෙනවා  විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය අවස්ථාවක යම් පුද්ගලයෙකුට විරුද්ධව මෙහෙයවන්නත් පුලුවන්.

තමන්ට පැටවුන් බලාගන්න බැරිනං කිසිමවිටක තමන්ගේ සතුන්ට ලිංගික ක්‍රීයාකාරකම්වල යෙදෙන්න දෙන්න එපා , ගැහැණු සහ පිරිමි සතුන් සියල්ලන්වම වන්දීකරණ සැත්කම්වලට භාජනය කරන්න.

විකිනීමේ අරමුනින් ඇති කරන උසස් කුලයේ සතුන් වටිනාකම , ශක්තිමත්බව සහ නීරෝගීභාවය අඩුවෙන ආකාරයෙන් නොගැලපෙන සහ රෝගි සතුන් සමග අභිජනන කරන්න එපා.
කිසිම විටක පවතින මිල ගණන් වලට අඩුවෙන් හෝ නොමිලේ කිසිවෙකුට සතුන්ව දෙන්න එපා.

මොනම හේතුවකටවත් සතුන් පාරට ගෙනත් දාන්න එපා

 ජනගහනය වර්ධනය වීම සහ පුද්ගලක ඉඩකම්වල ප්‍රමාණය කුඩාවීම සහ ගැටලු සහගත  මට්ටමින් සුනඛයන් බෝවීම ( උසස් කුලවල සුනඛයන් සහ සියලුම සුරතල් සතුන්ට අදාලවන පරිදි )  පාලන කිරීම සදහා. රජය විසින් කරන්න ඕන වැදගත් කාර්ය්‍යක්  තියනවා

නිවාස වල ඇතිකරන සියලුම සතුන්ගේ තොරතුරු එක්රැස් කිරීම සහ සතුන් ඇතිකිරීම සදහා සුදුසු පරිසරයක් පවතිනවද කියලා පරීක්ෂාකරන්න ඕන.
යම්කිසි කෙනෙකුට සුරතල් සතුන් ඇතිකිරීමට අවශ්‍ය නම් , ඒ සදහා යම් මුදලක් ගෙවා අවසරපතක් ලබාගත යුතුයි කියලා නීතියක් පනවන්න ඕන.
 සතුන් අයාලේ යෑමට ඉඩදෙන , පාරවල් වල අතරමං කරන අයට දඩ මුදලක් පනවන්න ඕන.

යම්කිසිවෙකුගේ නොසැලකිල්ල නිසා තවත් කෙනෙකුට සතෙකුගෙන් අනතුරක් සිදු උනහම අදාල වෛද්‍ය ප්‍රතිකාර සදහා වැයවෙන මුදල  සතාගේ හිමිකාරයාගෙන් අයකරගන්න ඕන.
බලපත්‍ර ගාස්තු සහ දඩ මුදල්  සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් වැයකරන්න ඕන‍. සතුන් ඇතිකරන අය සතුන්ට හොදින් සලකනවද කියලා හොයලා බලන්න ඕන. සත්ව හිංසනය පිලිබදව නීති බලාත්මක කරන්න ඕන.

මේ කාර්ය්‍යට අලුතින්  සේවකයන් බදවාගන්න උවමනා නෑ , අදාල පලාත් පාලන ආයතන , ග්‍රම නිලධාරි , පලාත් පශු වෛද්‍යකාර්යාල , මහජන  සෙඛ්‍ය නිලධාරි , ප්‍රදේශිය ලේකම් , පොලීසිය  .......... මේ අයගේ රාජකාරියට අදාල ඔවුන් දැනට මැදිහත් නොවෙන වගකීම් මේවා.

2019-10-26

ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්




ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්

ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි කොච්චර දීලා තියනවද , නැ කියුවේ ඇත්තටම නැති නිසා , හැම යාළුවාගෙන්ම ඉල්ලා දීලා මට දැන් ඉල්ලලා දෙන්න කෙනෙකුත් නැ , ඒ ඉල්ලගත්ත අයට මම ණය බේරුවෙත් නැ , මම කොහොම බේරන්නද , මම හම්බකරන කෙනෙක් යැ , ඉතින් ඒ අයගෙන් මම ඉල්ලාගන්නේ  කොහොමද ආයේ , ඉස්සර ඉතුරුකරගන තිබුන තිබුන ටිකත් ගෙදර වියදමට ලීනස් දෙන මුදලින් අමාරුවෙන් ඉතුරු කරපු ඔක්කොමත් ඔයාට දීලා ඉවරයි , එකවුන්ට් එකේ සතයක්වත් නැ. අන්තිම පාරට ඔයාට දුන්න තිස්හත්දාහ මම ඉල්ලාගත්තේ මගේ අම්මගෙන් , ඒ සල්ලි හදිස්සියකට එයාට බෙහෙතක් හේතක් කරගන්න තිබුන ඒවා.



අනේ මම වාගේ  පව්කාරියක් ... මට  Hi කියලා ඔයා දාලා තිබුන මැසේජ් එකට උත්තර නොදී හිටියනං ... ඔයා කවුද කියලා පෝෆයිල් එකට ගිහින් නොබැලුවනං ....... අනේ මං වාගේ මෝඩියක් ... එහෙම උනානං මේ  කරදර මොකුත් නැනේ  මට ... අහිංසක මට වදදීලා ඔයාට පව් පිරෙන්නෙත් නැ.

අපි මොනතරම් දේවල් කතා කලාද ..අපි කොච්චර ආදරෙන් හිටියද , මම පුංචි කෙල්ලක් කාලේ ඉදන් අනේ මට මෙහෙම කෙනෙක් ලැබෙනවනං කියලා හීන මවපු කෙනා මට ලැබුනා කියලා හිතුවේ , ලීනස්ව කසාද බදින්න කලින් ඔයාව හමු උනා නං කොච්චර හොදද කියලා හිතුනා. ඔයා කියන දේවල්වලට , ඔයාගේ කඩවසම් කමට මම පිස්සු වැටුනා , ඒත් මම කවදාවත් ඔයා එක්ක sex  කරන්න හිතුවේ නැ , මතකද ඒ කාලෙත් අරකට මේකට ඔයා සල්ලි ඉල්ලනකොට වරින් වර කොච්චර දීලා තියනවද , .. ඔයා කොහොමද මම ඔයාට සලකපු විදිහ අමතක කරලා මට මේ විදිහට කරදර කරන්නේ.

කතා බහකරලා ආදරෙන් හිටියට මම කවදාවත් ඔයත් එක්ක sex  කරන්න හිතුවේ නෑ , ඔයා අඩඅඩා ඉල්ලනකොට ඔයාගේ හිත රිදවන්න තියන අකමැත්තටයි මම ඔයාට ඒකට ඉඩ දුන්නේ , ඊට පස්සේ මම තව තවත් වැඩියෙන් ඔයාට ආදරේ කරන්න පටන්ගත්තා,  ලීනස්ට වැඩිය මම ඔයාට සැලකුවා , ඒත් ඔයා මාව රැවැට්ටුවා , මට හොරෙන් අපි කියපු කරපු දේවල් වීඩියෝ කලා , මට දෙන්න සල්ලි නැතිවෙනකොට ඔයා ඒ වීඩියෝ ලීනස්ට පෙන්වනවා කියලා තර්ජනය කරන්න පටන් ගත්තා , ඒත් මම ඔයා එක්ක තරහා නැ , කවදාවත් ඔයාට වෛයිර කරන්නේ නැ.

මට තව දුරටත් ඔයාට දෙන්න සල්ලි නැ , තිබුන අන්තිම පන්සීයෙන් කඹයක් ගෙනාවා , මේසය උඩින් පුටුවක් තියලා , ඒක වහලේ ගැටගහලා අනිත් කොන මගේ බෙල්ලට බැදගන බිමට පනිනවා , ඔව් හැමදාම අන්තිමට මගේ ඇග උඩට වැටිලා ඔයා kiss කරපු  , රතුවෙන්න දත්පාරවල් හිට්ටවපු බෙල්ල කැඩිලා , ආදරෙන් උරාබීපු දිව එලියට පයින්න බිමට පයිනවා.

ඒක නවත්වන්න පුලුවන්කම තියෙන්නෙත් ඔයාට විතරයි , මගේ අසරණ දරුවෝ තුන්දෙනාට අනුකම්පා කරලාවත් ඉස්සර වාගේ මාලගට ඇවිත් ආදරෙන් බදාගන්න , මට පේන්න ඔය Video ටික delete කරන්න රත්තරනේ, මම ඔයාට ඉස්සර වාගේම ආදරේ කරන්නං , පණ වාගේ සලකන්නං , ළමයි ඉස්කෝලේ ඇරිලා එන්න තව පැය පහක් තියනවා , තව පැය තුනක් මම බලාගන ඉන්නවා ඔයා එනකං.

අනේ ඇවිත් මගෙන් සල්ලි නං ඉල්ලන්න එපා , අර හැමදාම ඔයා ඉල්ලපු රිදෙයි කියලා බයට මම කරන්න නොදුන්න දේ කරන්න දෙන්නං හැමදාමහරි.


මීට ඔයාට ගොඩාක් ආදරේ අක්කි බබා

පසුව ලියමි

මම මේ ටික මේ විදිහටම කොලයක ලියලා සාක්කුවට දාගත්තා

2019-09-16

බෝතාල් පත්තරේ



සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ  ...  ටං ටිං ටුං .......... කියලා  බෝතල්  ගැටෙන සද්දෙකිං ,  බෝතල්  ගැටෙන හඩක් කියන්නේ   ඉතින්  මැරිලා  හිටියත් අපි  නැගිටිනවනේ බං.

මළ අතේ  තියං  නිදි ඇදේම ඉදන්  කං දුන්නා  .. අපේ නැන්දම්මාගේ  මදුර මනෝහර  කටහඩ ...... ඒ අස්සේ  අටමිගේ  සද්දෙත්  ලාවට ඇහෙනවා

හප්පේ  අමාලී  ...... මාමට හපන්නේ  බෑණා  ....... මාමගේ  කාලේ  බාගේ  බෝතල්  විතරයි  ......... මෙතන ඔක්කොම ලොකු  බෝතල්  ....... මේ කිරල  මූඩි  තියන බොතල්  ......... හැඩය වෙනස්  බෝතල්  වෙනම දාන්ඩ  ... රට අරක්කු  බෝතල්  ගන්නැ  ......... එව්වා හොදයි  පිරිත් වතුර දාන්ඩ ,  පොල් තෙල්  ගේන්ඩ   හෙම  ...........  මේ   මේ... මේ ලස්සන බෝතලේ  වතුර පුරවලා   මැසිම ගාවින්  තියාගන්ඩ  .......... මතකනේ  .ඩෙංගු  හැදිලා   ඉදලා ගෙදර එනකොට  දොස්තර  මහත්තයා කියුවා   ...... හොදට  වතුර බොන්ඩ  කියලා  ....

අනේ අම්මේ  කියවන්නේ  නැතුව  ඔය  ටික  මල්ලට දාන්ඩකෝ

ඔහොම බෑ   ...  ආදරෙන් හරි  ටිකක්  තදින් හරි  කියලා  හදාගන්ඩ ඕන  ...... පේනවනේ  තාත්තලා  .....

ඉතින් ඔයා  හදාගත්තද 

ඒක තමා මේ  කියන්නේ  ........ මේ බලන්ඩ මේ  .......... මං මේ ගැන ගැන  ගොඩ ගැහුවේ  .......... මේ හතරැස්  බෝතල්  ගන්නේ  රුපියල්  පහට ...........  මේ  කලුපාට  රවුම්  බෝතල්  .......... මේවා බියර්  නේද  ..... මල්ලි බොන්නේ   ....... මෙව්වට හතක්   දෙනවා  ............ එවා  දෙක තුනයි   මෙතන  තියෙන්නේ   .......  කහපාට කොලය  තියන ඒවා ගන්නේ  තුනට  .............  මං  මේ  නිකමට ගනං  හැදුවේ  .......... ගහලා  තියන ගානේ   හැටියට  විසිදාහක්  පැනලා  ......... හත් දෙයියනේ  ........ කෙල්ලො  දෙන්නෙක් ඉන්නේ  ........ කොච්චර  වැඩ තියද  ........ ජනේලයක්  හදන්ඩ තිබ්බා ......... මේ  රට අරක්කු  බෝතල්    කීයක්ද  කියලා  දන්නවයෑ අපි  ........... මේ  මේ  ........ මේ  බෝතලේ  බලන්ඩ  ........ සැන්ට්  කුප්පියක් වාගේ

ඕක ඔය යාලුවෙක්  ගෙනත්  දුන්න  එකක් අනේ  ..........  ගණන් කියලනං  කියුවා   දහදාහක්  විතරලු 

අනේ  මේ  පිරිමින්ට  පිස්සුද  ....ගිණිවතුර වලට මෙච්චර  වියදං  කරන්නේ ...... 

ඔව්වා  අම්මේ   ......... පරම්පරාගානක්  ....... එකම පවුලක  අය  හදන   ඒවාලු  ...........   ඒකයිලු  ඔය ගණන්  ....... ඔය රස වෙන කිසිම එකක  නෑලු  ........ ලක්ස ගණන්  වටින ඒවත්  තියනවලු  ......... ඒවා හදන විදිහ  වෙන කවුරුත්   දන්නේ  නෑලු  ....... ඒක දන්නේ   ඒ  අයගේ  පවුලේ  අය විතරයිලු  ............ ඔය ඔයතියන  පොඩි   බෝතලේ   කොලයක්  අලවලා  තියෙන්නේ  ඔය ඕක  ............ ඔය  අත්සං  කරලා  තියෙන්නේ   ......... දැන්  ඒවා  හදන  සුද්දලු

හපොයි   මේ  හැලි අරක්කු  බෝතල්ද  .......... සුද්දොත්  හැලි  අරක්කු  බොනවද  ........ ඔව්වට බොකු   දිරනවා   ළමයෝ  

දැන්නං  අහං හිටියා  හොදටම ඇති  ...... බැස්සා එලියට 

මොනවද අනේ   ඔයාල  කරන්නේ  උදේ  පාන්දර  ..නිදාගන්ඩත් නෑ ටොක ටොක ගගා

නැමේ  මෙව්වට  වතුර පිරුනහම  මදුරුවෝ   බෝවෙනවනේ  පුතේ  ........ ඒකයි  මං  බොතල්  ගන්න  ළමයට  එන්ඩ කියුවා  ......... දැන්  ඩෙංගු  බලන්ඩ  නේවී  එකෙනුත්  එනවා

ඔය  ගේ  අස්සේ තියන එව්වට  කොහොමද  වතුර පිරෙන්නේ  .........  අපරාදේ  විකුනනවනං  ....... ඌට  දෙන්නේ  ........ බියර්  බෝතල්  විසිපහට  ගන්නවා  .......... ගල් විස්සයි  ........ අනිත්වා  කඩේට ගිහින්  දුන්නොත් පහට දහයට ගන්නවා

කවුද  ළමයෝ  ඔව්වා ඇරං යන්නේ  .....

 ඉතින්  ඔයා  මල්ලක  දාගන  ඇරං   යන්ඩකෝ  වයින්  ස්ටොස්  එකට  ...... විස්සක්  ........ විසිපහක්  ගත්තහැකි 

දැන්  ඉතින්    මොකවත්  කියන්නේ  නෑ  ........  මං  කටට  එඩ්රස්  නැති  එකා උනාට   ... සමහර වෙලාවට  මගේ  වැඩ උන්දැට දිරෙව්වේ   නැති  උනාට මට  පණ ඇරලා  ......... තමන්ගේ  පුතාල  දෙන්නට  තියන  සෙනෙහස  කොහොමද  .එහෙම්ම  තමයි  මටත්  .......... එකම වෙනස  අර කොල්ලෝ   දෙන්නට  වාගේ  .........  නීති  පණවන්ඩ   එන්නේ  නෑ  .........   අටමි  හරහා  මුට්ටිය   දාලා  බලනවා හැර .......... 

ඔන්න  එනවා   ඩයල්   එක  ......... එන්ඩ කියුව  බුවා  .......... 

පරණ  හට්ටි  මුට්ටි  , කේතල්  ,  පිත්ල බඩු  , කැඩුන  ප්ලාස්ටික්  පුටු  , පරණ කොම්පියුටර්  ,  පරණ වොෂින්   මැසීන්  ............. ඔහොම   පතරන්ගයක්  කියාගන ඇවිත්  බුවා   බැස්සා  වත්තෙං

මාත්  මූව  අල්ලගන්ඩ තමා  හිටියේ   ........ බඩු  අතටම කෝට්   ......... මූ  තමයි  නැන්දම්මව  රවට්ටගන  ........  නැන්දම්ම  මාර්ගෙන්   ගෑණිවත්   ෂේප්  කරගන  ........... මං  ගෙදර නැති  අල්ල  පනල්ලේ   ...... මගේ   ඇන්ටික්   මෙෂින්    ........ අවුරුදු  බරගානක්   එකතු  කරපු  මෙෂින්   පාට්ස්  ......... තඹ , පිත්තල , අලුමීනියම් ........... ඔක්කොම  ඉස්සුවේ  ......... කොටින්ම  අවුරුදු  එකසිය පණහක්  විතර පරන   පිත්තල  ලාම්පුවක්   සහ   ....... මම  පාවිච්චි  කරපු  ......... හොදට වැඩ කරන  ....... ඉන්ග්ලන්ඩ් ...... ධමනි  ලාම්පුවකුත්  නෑ  .......... මම ගෙදර එනකොට
දැන්  අර  ඩයල්   එක එනවා   ...........  ලගටම  ...මං මග ඇරලා   ගේ අස්සට ගිහින්  ඉදලා  .......... හරියටම ගනුදෙනු   බේරනකොටම  එලියට  එනවා

ඈ මල්ලි .... ඔයාල පරණ  ඕනම දෙයක්  ගන්නවා නේද , පරණ ගෑණු  ගන්නේ  නැද්ද බං ...... දෙකක්  තියනවා දෙකම ඇරගන එකකට සල්ලි දියං

ඌත්  ලේසිපාසු  පොරක්  නෙමෙයි  ...... පිටිය බලලා  බැට් එක දාන පොරක් ... ටිකක්  ඉදලා ...  මව්යානෙයි ලූනාරෝවරෙයි  දිහාත් බලලා එහෙම ... බෝතල් ගෝනි දෙක ටාටා  බඩියට දාලා ... අත් දෙකත්  තට තට ගාලා ගසලා........... වාහනේ  ස්ටාර්ට් කරන ගමං.

'' අපි පරණ යකඩ ගත්තට බෙලෙක්ක ගන්නේ නෑ මහත්තයා ''

අපි  ලේසියට  ගෙදර තියන  කුණු  අස්කරගන්ඩ ක්‍රමයක්  සහ කීයක් හරි  ගන්ඩ  ක්‍රමයක්  විදිහට  දැක්කට  .සහ විහිලුවට ගත්තට  ......... මේක යට  තියනවා ලොකු  කතාවක්  ........... ටිකක් විතර දුකත් හිතෙන කතාවක්

ඉස්සර  ඔය  නාඩාර්  බිස්නස්  එක  තිබුනේ   දෙමළ කුල කිහිපයක්  අතේ  .... පස්සේ  ඒකට මුස්ලිම් ඩයල්   බැස්සා

ඔය වැඩේ පේනවට වැඩිය සංකීර්ණ සිද්ධියක් , දෙමල සහ මුස්ලිම් අය අතේ අනාදිමත් කාලයක්
තිබුන බිස්නස් එකට අනූගනන්වල අමුද්‍රව්‍ය හොයාගන්න අමාරුනිසා පිත්තල සහ ඇලුමීනියම් වාත්තු කරපු අය බැස්සා  , ඈත පලාත්වල ට ගිහින් පරණ බඩු එකතු කරලා උණු කරලා බඩු හැදුවා.

මගේ පාසල් මිතුරන් දෙදෙනෙක් හිටියා ඒ දෙන්නා සතියට දවස් කිහිපයක් ඔය නුවර අවට ගම්වලට ගියා තවත් වැඩිහිටියෙක් එක්ක පිත්තල එකතු කරන්න , තව මිතුරෙක් වසර  දෙකක් ෆේල් වෙලා මගේ  පන්තියටම වැටුනා ... අද ඒ  තුන්දෙනාම ලොකු සල්ලි කාරයෝ  ... පරණ ලෝහ වර්ග එකතු  කරලා .... රට පටවන අයට දෙන එක තමයි  කරන්නේ , හැබැයි  එයාල පාරම්පරික වාත්තුකාරයෝ  ........ වක්කරනවා ආයේ  .......කියන්ඩ ඇද කුද නෑ සුපිරියි.

මුල් කාලේ ඈත ඇවිදලා හොයාගන එන දේවල් උණු කරලා බඩු හැදුවා , මම දන්න ඒ වාගේ අය බොහෝ පිරිසක් ඉන්නවා.

එයාල පාරම්පරික වාත්තුකරුවෝ ......... රාගම සහ කඩවත සහ කැලණිය  ඔය අවට ගං  වාත්තු වලට ඉස්සර හරි ප්‍රසිද්ධයි , විශේෂයෙන්  කාර්මික සහ ඉදිකිරිම්  වලට අවශ්‍ය  දෑ නිෂ්පාදකයෝ ....... ඔය පිත්තල පහන් වාගේ  දේවල් නොහැදුවාමත්  නෙමෙයි. ඉස්සර  වාහනයක , මැසිමක කෑල්ලක්  උනත්  ලියවන පට්ටලේට  ඕන මූලික හැඩයට සහ  ඕනම  ලෝහයකින්  වක්කරලා දුන්නා  එයාල.

දැන් ඉන්නේ අර අමුද්‍රවය නැති නිසා නාඩාර් බිස්නස් එකට බැස්ස දෙවනි පරම්පරාව ... එයාලගේ කලින් පරම්පරාවේ බහුතරයක් වාත්තු වැඩ අත ඇරියා ........... දැන් වාත්තු රස්සාවේ ඉන්නේ කිහිප දෙනයි  අර  පට්ට වැඩ දාපු  සීයලා  , මාමලා  ගොඩක් අය වෙන රස්සාවල්  හොයාගන ... වැඩකරන්න  ලෝහ වර්ග නැති  උන එකට යුද්ධය බලපෑවාද කියලත් හිතෙනවා

ඒ පරම්පරාවල අපේ වයසේ සහ අපිට වයසින් අඩු සියල්ලන්ම වාත්තු නොකලට පරණ බඩු එකතු කරන එක කරනවා , සියලු දේ එකතු කරනවා.

ඒකෙන් ප්ලාස්ටික් සහ පොලිතින් එකතු කිරීමෙන් පසු වර්ගීකරනය කරනවා , pp , hips , hdpe ආදී වශයෙන් .... අන්න ඒ ටික   ක්‍රෂර්  වලින් කෑලි  කඩලා  ක්‍රෂ්  විදිහට හරි .......... ඒ  ක්‍රෂ් ... පෙලඩයිසර්වලට දාලා  පෙලට්  කරලා පෙලට්  විදිහට හරි ... ප්ලාස්ටික් බඩු     හදන අයට  දෙනවා

ප්ලාස්ටික් බඩු  හදන  අය  හිතුමතේ   එයාලට කැමති විදිහට  ....... වර්ජීන්  මැටීරියල්  ..... සහ  මාස්ටර් බෑජ් ..... කලවං කරලා හෝ   නැතුව  ...... ප්ලාස්ටික්  බඩු   හදලා විකුණනවා , බඩුවල කොලිටිය  කැලේ  .............ඒක හදලා  ........... හරිපාරට ගන්න  පුලුවන්  ..රට කරවන  උන්ට  උවමනාවක්  තියනවනං.


යකඩ , පිත්තල , ඇලුමීනියම් , ඊයම් , තඹ වාගේ  ලෝහ වෙන වෙනම  උණු කරලා  කුට්ටි  හදනවා , ඒවා ඉන්දියාවට පටවනවා.

අපේ තිබුන කර්මාන්තය ඉවරෙටම ඉවරයි , ලංකාවේ හදපු හයිය පිත්තල සරනේරුවක් හොයාගන්ඩ නෑ , ඇල්මේනියං  තාච්චියක්   නෑ  කඩවල්වල.ලංකාවේ හදපු .............. ඒකට  මෙහෙම  දේකුත්   බලපෑවා ........ මෙයාල   ඇල්මේනියන්  බඩු හැදුවා  ඊයම්   එහෙම  කලවං කරගන  ......... වැඩේ  වැරදියිනේ   ........... දැනුවත්  කිරීම්  ගියා  .............. දේශිය  ලෝහ   හැලි වලං  ........... ප්‍රතික්ශේප කලා මිනිස්සු ............ අන්න ඒකත් බලපෑවා ...... ෆුඩ්  ගේරේටඩ්  මැටිරිල්  වලින්  ඇර  ........ හිතෙන  හිතෙන ..... අහුවෙන  අමුද්‍රවය වලින්  උයන පිහින බාජන හදන  එක  මහ බයානක වැඩක්.

ඒ  වාගේම තමයි  ........ බලන්න  දැං   ........ හොද  පිත්තල  සරනේරුවක්  , කොන්ඩි  පට්ටමක්  , අසව්වක් , ලොක්  එකක්  ,‍  හුළං  කොක්කක්  තියද  ලංකාවේ  හදපු.

අපේ පරණ බඩු ටික ඉන්දියාවට ගිහින් ... ඊයම් සහ ඇලුමීනියම් කලවංකරපු ඉන්දියන් සරනේරු  ලංකාවට එනවා ,   අපි ගෙවල් වලට හයිකරනවා . ( ලගදි ජනෙල් දොරවල් වලට දාපු එවා බලන්න ඒවායේ පිත්තල තියද ) ........ අපේ රටේ   හදපු බඩු   ලස්සන නැතුවට  කල්ප කාලාන්තරයක්  පැවතුනා.

තවම පරක්කු නැ මේක ආපහු හරවන්න ඕන ... රට ඇතුලේ තියන ලෝහ ටික එලියට යන එක නවත්වන්න ඕන , ඒ තාක්ෂණය දන්න පරම්පරාව තාම නැතිවෙලත් නෑ , එයාල තාම ඉන්නවා , ඒ වාත්තු මඩු වාත්තු ලිප් තාම තියනවා , ඒවායේ දැන් පරණ බඩු ගොඩගහලා ,  වගකිවයුත්තන්ට  උවමනාව  තියනවනං ........ඒ වාත්තු  ලිප්  නැවත.........පත්තු  කරන්න  පුලවන්.

වරද නිවැරදි කරනවනං තවම කාලය තියනවා .... වැඩේ පටන් ගත්තොත් රටෙන් එලියට ලෝහ ගෙනියන ... දෙමළ සහ මුස්ලිම් විය්‍යපාරත් නවත්වන්න පුලුවන් ........ රට  ඇතුලේ ඉල්ලුම  හරියට හැදුවොත්  ...... එයාලට  ලෝහ රට පටවන්න  ඕන වෙන්නේ  නෑ.

ලංකාවේ පලාත් කිහිපයක පැතිරිලා තිබුන කර්මාණ්ත නැවත පණගහලා ආවොත් ........... ඉන්දියාවට අරින්න ලෝහ ඉතුරු වෙන්නේ නැ .............. දැනටත් සුලුවශයෙන් කර්මාන්තය පවතිනවා බොහෝ   පලාත්වල.

ලංකාවේ හදනවා ... ටියුබ්ලස් ටයර් උනත් දාන්න පුලුවන් ඇලෝයි ත්‍රීව්ල් රිම් , ඒවා ඉන්දියාවේ නැ ......... ඒවා   හදන්නේ ලංකාවේ  ගෙවල්වල තියන වාත්තු   මඩුවල ..අපේ පරන තාක්ෂණය සහ දැනුමෙන්.

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

2019-08-15

සිංගර් ශ්‍රී ලංකා .... අපිට හොද ගියර් වීල් ගෙනත් දෙන්න


මා දැනට විසි වසරකට අධික කාලයක් මහන මෙෂින් අලුත්වැඩියා කරන්නෙක් ලෙසට ජීවිකාව ගෙන යන්නෙක්මී , අප රටේ  භාවිතාවන  බහුතරයක්  මහන යන්ත්‍ර  ඔබ ආයතනය විසින් ගෙන්වන ලද මෙෂින් බව මට වඩා  හොදින් ඔබ ආයතනය  දන්නවා  යැයි සිතමි.  එයිනුත්  වැඩි මෙෂින් ප්‍රමාණයක්   974 , 1288 හෝ  ඒ හා සමාන වන මාදිලියේ මෙෂින් බවද  ඔබ ආයතනය දන්නවා යැයි සිතමි.

දැනට වසර කිහිපයක සිට ඔබ ආයතනයේ  වෙළද නියෝජිතයන්  සහ ඔබ ආයතනයේ  අමතර කොටස් අලෙවි අංශයේ අත්‍ය අවශ්‍ය අමතර කොටස්වල දැඩි හිගයක් පවති , මිළදි ගැනීමට හැකි අමතර කොටස්වලද නිසි ප්‍රමිතියක් නොමැති අතර ... වැඩි මිළට අමතර කොටස් වෙනත් ආයතන වලින් මිලදී ගැනිමට සිදුවීමද ... එම ආයතන වලින්  සහ ඔබ ආයතනයෙන්  මිළදී  ගන්නා අමතර කොටස් නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම  නිසා ... සේවාලාභින්ගේ දෝෂදර්ශනයට ලක්වීමට සිදුව ඇත්තේ අලුත් වැඩියා කරන්නන් වන අප හටය.

ආසන්නතම  සිදුවීම ලෙස  එක් සිද්ධියක් ගෙනහැර දක්වනවානම් ........ මාගේ  එක් සේවා ලාභියෙකු ,  මාගේ යෝජනා කිරිම මතම  වසර නමයකට පෙර  මිළදීගත්   974 සිග්සැග් මහන යන්ත්‍රයක   bewl giyar  ( gear wheel )  දැනට මාස දෙකකට කලින්  මාරු කරන ලදී , ඒ සදහා  මම  යොදා ගත්තේ  ඔබ ආයතනය විසින්  ගෙන්වන ලද ඔරිජිනල් වීල්  එකක් වන අතර , දැනට දින තුනකට කලින්  නැවත වරක්  සවිකරන ලද අලුත්   ගියර් වීල් එකද කැඩි යාම නිසා ඔබ ආයතනය විසින්  ගෙන්වන ලද ඔරිජිනල් වීල් එකක්ම නොමිලේම නැවත  සවිකොට දුන්නෙමි.

දැනට පැය කිහිපයකට කලින් අදාල සේවාලාභිනිය විසින් මා දුරකතන මගින් අමතා ..දැඩි ලෙස බැණවදිමින් ... කියා සිටියේ නැවත වරක් පෙර පරිදිම යන්ත්‍රය ක්‍රීයා නොකරන බවත් , හෙට උදැසන  අටට මනාලියකගේ ඇදුම් කිහිපයක් මසා නිමකොට දීමට පොරොන්දුව ඇති බවකුත් .... මා අලුත්වැඩියාවට යොදාගන ඇත්තේ බාල අමතරකොටස් බවත් එම නිසා ඇය අපහසුතාවයට අසීරුවට පත් උන බවත්ය.

අදාල ස්ථානයට ගොස් බැලුවිට මා හට දක්නට ලැබුනේ දින තුනකට පෙර  සවිකරන ලද ඔබ ආයතනය විසින් ගෙන්වන ලද ගියර් වීල් එකද පෙර  ගියර් වීල් එක පරිදිම කැඩි ඇති බවයි , ඒම අවස්ථාවේ  මා සතුව තවත්  ඔබ ආයතනය විසින්  ගෙන්වන ලද ඔරිජිනල් වීල් එකක්ම තිබුන නමුත් .... ඒ  පිලිබදව කිසිසේත්ම විශ්වාසයක් තැබීමට නොහැකි  නිසා නැවතත් නිවසට පැමින  මාගේ  බිරිදගේ  974 මෙෂින්  එකේ  වීල් එක ගලවා රැගෙන ගොස් .. සවිකොට දී .... තත්වය සමතයකට පත්කර නැවත නිවස පැමිනියේ දැනට සුලු මොහොතකට කලිනි.

මෙම සිදුවීම .. අහඹු  හුදකලා සිද්ධියක්  නොවන අතර දැනට මාස හත අටක් ඇතුලත ගියර් වීල්  සීයකට ආසන්න සංඛ්‍යවක් ... මාස කිහිපයක්  ඇතුලත  හෝ  දින කිහිපයක් ඇතුලත කැඩියාම සිදුඋන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙන අතර,

ඔබ ආයතනයෙන් ගෙන්වා විකුණන ලද මහන මෙෂින් සදහා අවශ්‍ය තරම් අමතර කොටස්  උසස් ප්‍රමිතියකින් යුතුව ගෙන්වා බෙදාහරින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙම ලිපිය සමාජ මාධ්‍ය හරහා යොමුකරන්නේ  අමතර කොටස් වෙළද නියෝජිතයන් හරහා ඔබ ආයතනය වෙත මෙම අමතර කොටස් පිළිබදව ගැටලුව වරින් වර   යොමුකලද නිසි ක්‍රීයා මාර්ගයක් නොගත් නිසා .... සමාජ මාධ්‍ය තුල සිටින ඔබ ආයතනයේ  ඉහල නිලධාරින් වෙත  මේ  පණිවිඩය යොමු කිරිමේ අදහසින්  මිසක ... ඔබ ආයතනය අපහසුතාවයට අසිරුවට පත්කිරීමට හෝ  කීර්තිනාමයට කැළැලක් කිරිමට නොවන බවද අවසාන වශයෙන් කියා සිටිමි.

මෙය කියවන කෙනෙක් සිංගර්  ශ්‍රී ලංකා ආයතනයේ  දන්නා හදුනන  විධායක නිලධාරියෙකු  සිටිනවානං  මෙ ලිපිය පෙන්වා දැනුවත් කරන්න.

ලක්මාල් කන්දෙවිදානෙ
0778707807

2019-07-26

juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න බැරිද

juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න  බැරිද


පලමුවෙන්ම  අහන්න තියෙන්නේ  ඇයි එහෙම කරන්න උත්සාහ කරන්නේ , හයිස්ෆීඩ් මෙෂින්  එකක්  ඇරගන ඩොමැස්ටික්  මෙෂින් එකක තරමට වේගය අඩුකරගැනීමෙන්  පලක් නැ , පාවිච්චි කරන කෙනා වේගයෙන්  වැඩ කරන්න හුරුවෙන එක තමයි  කරන්න  ඕන.

ඩිරෙක් ඩ්‍රයිව් ( එනර්ජි සේවින්ග් )  මෝටරයක්  සමග එන  නව මාදිලියේ නං කිසිම ගැටලුවක්  නැ  වේගය  වෙනස් කරන්න පුලුවන් ඉතාමත් පහසුවෙන් යූසර් මෙනුවල් එකේ තියන  විදිහට   අදාල බොත්තං සීරුමාරු කිරීම මගින්.

නමුත් ක්ලච්  මෝටර්  සහිත මෙෂින් වලදි නං  එහෙම කරන්න  බෑ , කරන්න තියන  එකම ක්‍රමය මෝටර් පුලිය මාරුකරන එක ( අංක 1 පින්තූරය )

මෝටර් පුලිය කුඩා වීමෙදී වේගය අඩු වීමත්  ,  මෝටර්  පුලිය  විශාල  වීමේදි  වේගය වැඩි වීමත් සිද්ධවෙනවා






මහන  යන්ත්‍රය භාවිතා කරන්නන්ට පහසු ලේස අදාල කෙනාගේ උසට සහ රුචිකත්වයට සහ වැරදි ඉරියව් නිසා ඇතිවන අපහසුතා ඇති නොවන පරිදි සවිකරදිය යුතු උනත් .... අලෙවි කරුවන් සහ   සහ කාර්මිකයන්ගේ නොදැනුවත්කම  සහ නොසැලකිල්ල නිසා ...... පෙට්ටිය තුලින් එලියට ගන්න  අලුත් මෙෂින් එක  හෝ  නැවත විකුණන පරණ මෙෂින් එක  එහෙන් මෙහෙන් එල්ලලා හයිකරලා විකුනනවා ........ ඔන්න ඔය කාරනාව නිසා තමයි පාවිච්චි කරන අයට ..හසුරුවා ගැනිමට අපහසුවක් සහ වේගය වැඩි බවක් දැනෙන්නේ. නියමාකාරයෙන්  සවිකර සීරුමාරුකර ඇත්නම්  කිසිදු අපහසුවක් දැනෙන්නේ  නැ භාවිතාකරන අයට.

සමහර අය  කියනවා ... වේගය අඩු කරන්න පුලවන්  කියලා  ,  වේගය අඩුකලා  කියලත්  කියනවා  , බලනකොට අඩුවොල වාගේත්  දැනෙනවා ,  නමුත්  ඇත්තටම  වෙන්නේ වේගය අඩුවෙන එක නෙමෙයි ... හොදින්  සීරූමාරු  වීම නිසා මහන කෙනාට  මෙෂින් එක පහසුවෙන් හසුරවාගන්න හැකි වීම.

හරි දැන්  බලමු  ඒක කරන්නේ  කොහොමද  කියලා





අපි කලින්  ලිපියක කතා කලානේ  නියමිත උසට මෙෂින් එක එජස් කරගන්න එක සහ ගැලපෙන පුටුවක් තෝරාගන්න එකගැන , දැන්  මේ  සීරුමාරු කරන්නේ  අන්න ඒ  අවස්තාදෙකට  අදාල කරගන කියලා මුලින්ම හිතන්න.

ඉස්සෙල්ලාම අංක එක කියන ඇණය බුරුල් කරන්න , ඔය මෝටර්  එකේ තියනවා  ක්ලච් බ්රේක් එකක් ඒකෙන් වෙන්නේ  ඔයා මෙෂින් එකේ පැඩල් එක පාගලා අත ඇරියහම ඉක්මනින්  මෝටර් එක නවත්තලා දෙන එක , අන්න ඒ බ්රේක් එක  සවිවෙලා තියන  ඇණය තමයි  ඔය ... ඒ ඇණය  බුරුල් කරනවා  වට දෙකක්  විතර.

ඊලගට අංක දෙක කියන  නට් එක සහ ඇණය  බුරුල් කරනවා , දැන් මෝටර්  එක ඔන් කරලා  හිමිහිට  අංක 2 කියන ඇණය ඉස්සරහට තදකරනවා , එහෙම කරගන යනකොට  .. සර සර ගාලා සද්දයක්  එනවා ... අන්න එහෙම සද්දයක් එනකොට ඇණය ඉස්සරහට කරකවන එක නවත්තලා ... නැවත වට බාගයක් ඇණය පස්සට ඇරගන නට් එක හොදින් තදකරනවා , ඊලගට  අංක එක  ඇණයත් තදකරන්න , එහෙම කරනකොට .... මෝටරයේ  වේගය අඩුවෙනවා  හෝ  ... සර ...සර  .. වැනි හඩක්  නිකුත් වෙනවානං ...  ඉක්මනින්  අංක 1 ඇනය බුරුල්  කරලා ... අංක 2 ඇණය තවත්  වට බාගයක්  පසුපසට ගන්න ........ නැවතත් නට් එක තදකරන්න ........ නැවත අංක 1 ඇණයත් තදකරන්න.......... හඩේ  වෙනසක් හෝ  වේගයේ  අඩුවීමක්  තියනවද කියලා හොදින් නිරීක්ෂනය කරන්න , එහෙම නැත්නම් පවර් ස්විච් එක ඕෆ්  කරන්න.

මෙෂින් මෝටරය සම්පූර්ණයෙන්  ධාවනය වීම නැවතුනහම නැවත ස්විච් එක  ඔන් කරන්න , ..... හම් ....හඩක්  තප්පර පහක් පමණ පැවතීමෙන් පසු මෝටරය ධාවනය වීම ආරම්භවෙන්න  ඕන , එහෙම නැත්තං ... ඔබ විසින්  බ්රේක්  එක සහ කොක් ෂිට්  එක  මෝටරයට  ලංකරලා වැඩියි .... නැවතත් ඉහතසදහන් කල ක්‍රියාවලිය මගින් .... නිවැරදි  ආරම්බයක්  මෝටරයට ලබාගන්න.
කිහිපවරක් ඔන්  ඕෆ් කරමින්  සියල්ල නිවැරදිව  සිදුවෙනවාද කියලා නිරික්ෂණය කරන්න.

ඊලගට  ... මෝටර් ලිවර් පෙෂර් ස්ප්‍රීන්ග්  එකේ  බටර්ෆලයි නට් එක  ඉදිරියට තදකරන්න   ( අංක 3 ) , එය නියමාකාරයෙන්  සිදුවී  ඇති විට ... මෝටර් ලිවරය පහතට අදිනවිට ... පහසුවෙන්  පහතට ඇදීයාමත් සමග  මෝටරය  ධාවනය වීමත් ... අත් හරින විට පහසුවෙන් ... ලිවරය ඉහලට ගමන් කිරීමත්  .... ක්ෂණිකව මෝටරය නැවතීමත්  සිද්දවෙන්න  ඕන .




දැන් අංක 4 ඇණය මගින්  මෝටර් පැඩල් එක  මහන කෙනාට පහසු  සහ නිවැරදි ආනතියෙන්  සීරිමාරු කරන්න.
මෙෂින් එකේ පැඩල් එක මෙන්න මේ වාගේ සාමාන්‍ය ආනතියකින් තියන එක වටිනවා , පැඩල් එකේ ආනතිය වැඩි වීම සහ අඩුවීම නිසා විලුඹ ආශිතව සහ කකුලේ ඉහල කලවා ප්‍රදේශයේ වේදනාවන් ඇතිවෙනවා , පැඩල් එක පාගන කොට ගොඩක් ප්ලේ ( මෙෂින් එක දුහන්න ගොඩක් යටට පාගන්න ඕන ) තියෙන්න බෑ ,  ඒ  වාගේම පාලනයකින්  තොරව  කඩා  බිදගන යන්නත්බෑ ,  ඒක මෝටර් ක්ලච් එජර්ස්මන්ට් එකෙන් එජස් කරලා තියෙන්න ඕන.







මේ  සමගම  ෆුට් ලිප්ටර්  එකත් මහන කෙනාට පහසු විදිහට  එජස්වෙන්න  ඕන , එතකොට තමයි මහන කෙනාට නියම පහසුව  දැනෙන්නේ. බොහෝ මෙෂින්වල  මෙතැන ගැටලු සහගතතත්වයන් තියනවා.
ෆුට් ලිප්ටර්  ශාෆ්ට් එකේ  ප්ලේ  එකක්  තියනවානං  , අංක 5 ඇණය මගින් තදකරගන්න පුලුවන්

අංක 6  ඇණය මගින්  පුට් ලිප්ටර් එක අනවශ්‍ය ලෙස පාදය දෙසට යොමු වීම සහ වෙහෙසකාරි ලෙස දකුනු පසට දණහිස්ස යොමු කිරීමට සිදුවීම පාලන කරන්න පුලුවන්. ( අර පුට් එක උස්සන්ඩ  දනිස්ස බස් එකක පටවන්ඩ වෙන සීන් එක )

අංක 7 ඇණය මගින් පුට් එක අනවශ්‍ය විදිහට ඉහලට එසවීම සහ   දණහිස්සට අනවශ්‍ය වෙහෙසකාරී බව නැති කරගන්න පුලුවන්


අංක 8 සහ අංක 9 ඇණ දෙක මගින්  අවශ්‍ය ප්‍රමාණයට  ෆුට් ලිප්ටරය  පාදයට ලංකරගැනීම සහ ඈත්කරගැනීම කරගන්න පුලුවන්.

දැඩි සැලකිල්ලක් දැක්විය යුතු විශේෂ කරුණ
මෝටරය සීරූමාරු කිරීමේදි ... දැඩි සැලකිල්ලකින් සහ මනා අවබෝධයකින් සිදුකල යුතු අතර , සුලු අතපසු වීමකින් උවද ... මෝටරයට දැඩිලෙස හානී සිදුවීමට පුලුවන.

0778707807
ලක්මාල්


2019-07-24

තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව




මෙන්න තවත් වීඩියෝ ලින්කුවක් 



What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?

Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාද

දීර්ගකාලීනව  මහන අයත් එක්ක වැඩ කරලා ලැබුන අත්දැකීම් එක්ක , ඒ අයගේ බෙල්ලේ වේදනාව , කොන්දේ අමාරුව , උරහිස් සහ අත්වල වේදනාව , කකුලේ ඉහල කලවා ප්‍රදේෂයේ වේදනාව , සහ විලුඹ අවට වේදනාව , කියන හැම අපහසුතාවයකට හේතුව මෙෂින් එක උස වැඩි වීම , සහ ඉදගන්න පුටුවේ උස නොගැලපීම කියන කාරනාව මේ වෙනකොට මට හොදහැටි අවබෝදවෙලා තියනවා.

 ඒ ගැටලුව තියන   මගේ සේවාලාභින්ට  මම දෙන විසදුම් ටික මේ විදිහට මෙතැනට එකතු කරන්න හිතුවා , ඔයාලත් කරලා බලන්න.

සාමාන්‍ය ස්ටැන්ඩ් තියන මෙෂින් එකකදී නං මෙෂින් එකේ උස වෙනස් කරන්න බෑ , එතනදී අපිට කරන්න පුලුවන් ඉදගන්න පුටුව වෙනස් කරන එක , එතනදි හම්බ උන හොදම පිලිතුර තමයි , කුෂන් රහිත ,සීරුමාරු කරන්න පුලුවන් පුටුව. කුෂන් තියන පුටු  සහ  පුටුවට අමතරව  කොට්ට එකතු කරගැනීමත් නරකයි , මම දැකලා තියනවා කුෂන් සහ කොට්ට නිසාත් අපහසුතාවයන්ට ලක්උන අය.

පිටිපස්සේ හේත්තුවෙන ඇන්ද තියන එකක් වෙන්න ඕන ඒ පුටුව , එතකොට මහන අතරේ ලැබෙන සුලු විවේකයන්ගේදී පිට හේත්තු කරලා කෙලින්වෙලා ඉන්න එකෙන් බෙල්ලට , අත් වලට , උරහිසට සහ කොන්දට සහනයක් ලැබෙනවා , පුටුව එජස් කරගන්න තමන්ට පහසු විදිහට.


පැඩල් එක පාගලා මහනවනං මෙෂින් එකේ හිරයක් හෝ බෙල්ට් එකේ තද ගතියක් තියනවනං පාදයේ වේදනා ඇති වෙනවා , මෙෂින් එකට මෝටර් එකක් හයිකරලා නං , කවදාවත් පාගන පැඩල් එක උඩින් මෝටර් කන්ටෝලර් එක තියා ගන්න එපා


මෙෂින් එක අස්සක මුල්ලක වෙනත් උපකරන , බඩුගොඩවල් , ගෘහභාන්ඩ ලගින් තියාගන ඒවායෙන් බේරෙමින් වැරදි ඉරියව් වලට ඉන්න එපා


මෙෂින් එකේ ඉන්න ගමං යම් යම් දේ ගැනීම පිටු පසට ඉදිරියට හෝ දෙපසට අනවශ්‍ය විදිහට .. ඇලවීම හෝ දිගඇදීම කරන්න එපා , අලසකම අමතක කරලා නැගිටලා උවමනාදේ අරගන්න , එක දිගටම මෙෂින් එකේ  ම ඉන්න එපා  ටිකක්  නැගිටලා ඇවිදින්න.


මට හමු උන ගොඩ දෙනෙකුට තිබුන අපහසුතාවය නැති උනා මේ විදිහේ පුටු පාවිච්චියට ගත්තහම , හැබැයි ඉදගන්න කොටසේ කුෂන් එකක් තියන ඒවා නෙමෙයි , අමාරුයි කියලා කොට්ට තියාගන්නත් එපා , ඒක විසදුමක් නෙමෙයි. සමහර අයට  කොට්ටය හෝ  කුෂන් එක ඉවත් කලහම අපහසුතාවය මගහැරුන වෙලාවලුත් තියනවා.


හිස ඔසවා බැලීමේදි හැකි තරම් දුරක් ඇසට දර්ශනය වෙන තැනක මෙෂින් එක තියාගන්න , වරින් වර මහන එක නවත්වලා ටික වෙලාවක් තමන්ට පෙනෙන ඈතම තියන ගසක් වාගේ වස්තුවක් දිහා හොදින් ඇස්පිය හෙලමින් බලාගන ඉන්න , බෙල්ලේ , කොන්දේ වේදනාවන් විතරක් නෙමෙයි ඇස්වල ඇතිවන අපහසුතා නැතිකරගන්නත් පුලුවන් , වැඩිකාලයක් පාවිච්චිකරන්න ඇස්දෙක පරිස්සං කරගන්නත් පුලුවන්


මෝටර් කන්ටෝලර් පාගන පැඩල් එක උඩින් තියාගන්න එපා.


මෙෂින් එකේ ඉදගන අතේ යට කොටස මෙෂින් එකේ ටේබල් එක උඩින් සමාන්තරව තියාගත්තහම , වැලමිට ලගින් අංශක 90 ට තියෙන්න ඕන , අතේ ඉහල කොටස සිරුරට ලම්ඹකවත් වැලමිටෙන් පහල කොටස මෙෂින් ටේබල් එකට සමාන්තරවත්අපේ සාමාන්‍ය උසත් එක්ක ගත්තහම පොලවේ ඉදන් සෙන්ටිමීටර් 75 උසින් මෙෂින් එකේ බෙඩ් එක තියන එක තමය හොදම උස , බොහෝවිට ජුකි මෙෂින් මීට වඩා උසින් සහ පහතින් සවිකරලා තියනවා දකින්න පුලුවන්


මෙෂින් එකේ පැඩල් එක මෙන්න මේ වාගේ සාමාන්‍ය ආනතියකින් තියන එක වටිනවා , පැඩල් එකේ ආනතිය වැඩි වීම සහ අඩුවීම නිසා විලුඹ ආශිතව සහ කකුලේ ඉහල කලවා ප්‍රදේශයේ වේදනාවන් ඇතිවෙනවා , පැඩල් එක පාගන කොට ගොඩක් ප්ලේ ( මෙෂින් එක දුහන්න ගොඩක් යටට පාගන්න ඕන ) තියෙන්න බෑ , ඒක මෝටර් ක්ලච් එජර්ස්මන්ට් එකෙන් එජස් කරලා තියෙන්න ඕන








මහනකොට විතරක් නෙමෙයි මොන වැඩේ කරද්දිත් නිවැරදි ඉරියව්ව වැදගත් , නැත්තං දීර්ඝකාලිනව අපහසුතාවන්ට ලක්වෙන්න වාගේම , සුවකල නොහැකි ආබාධයන්ට ලක්වෙන්නත් පුලුවන්.

0778707807 - ලක්මාල්


2019-07-23

බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්


ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා  ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං  යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු  ගමං වැඩේ ගොඩ.

නමුත් සමහරක් ඩයල් වලට ඔන්න ආයෙත්  හැදෙනවා , ඉතින්  වෙට්ගේ  හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ  අහිංසකයා මක්කොරන්ඩද.

අපේ ගොංසන්ලා පාජාවේ ගිහින්  පාරේ ඉන්න ඩයල් වලින්  ලෙඩේ ආපිට ගේනවා

එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක්  විදිහට ලෙඩේ  ඇවිල්ලා.

එහෙම නැත්තං අපි සමබල අහාරවේලක්  දුන්නා උනත් බව්සන්ලාගේ තෝරතෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂන සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.

ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින බෙහෙතක් තමයි මේක , ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන්  උනත් ලෙඩේ  සුව වෙනවා , නැවත මතු උනුනොත්  නැවත මේ බෙහෙතම කරන්න.

නමුත් සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දෙන්න ඊට පස්සේ මේ බෙහෙත කරන්න , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත්  දුන්නට  පස්සේ මේක  කරන්න  ,  ඒ මගින්  නැවත රෝගය නොඑන්නම  සුවකරගන්න පුලවන්.

හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි

කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න

සතාව හොදින් නාවලා හමේ  තෙත නැති උනාට පස්සේ   අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට  ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන

දැන්  සතාව කූඩුවට දාලා  තියන්න , නැත්තං මෑන්  ඕය බෙහෙත එව්වායේ මෙව්වායේ  උලනවා
දවස් පහක්  නාවන්න එපා , හයවෙනි දවසේ  නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම  කරන්න

ඒ  විදිහට හතර පාරක්  කරන්න , ඒ කියන්නේ  මාසයක්

ආයේ ලෙඩේ මතුවෙන්නේ  නැ , හදිස්සියේ  හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි  උනාට ගැටලුවක්  නැ , ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක්  උනත්  පාවිච්චි කරන්න.

රෝගයක්  නැති සතෙකුට උනත්  නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා  ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත්  පුලුවන්.









2019-07-10

how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන හැටි.

how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.


 නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5 ලෙසින් දකූනේ සිට  පිලිවෙලින් නම්කොට  ඇති අතර.

නූල දැවටිය යුතු  තැන්වලදී .... 1 - 1 , 2 - 5 , 5 - 9 , ආදි වශයෙන්  අනු  අංකයක්  සමගින් පිලිවෙලින්ද දක්වා ඇත.

වැඩිදුර පහසුව සදහා වර්ණ 5කින් නූල් දැවටිය යුතු තැන් වෙන වෙනමද  දක්වා ඇති.

තවදුරත් ගැටලු ඇත්නම්  වීඩියෝව නරඹන්න






















































0778707807 , ලක්මාල්

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>