.....මේක වෙන්ඩැති කාමරේ ....
..... ම..නෝ වෛ..ද්‍ය විශේ...ෂ...ඥ සූරී...ය ගමගේ......
...හරි ..හරි මේක ...තමා ....කොච්චරවෙලා ඉන්ඩ වෙයිද මන්දා .....එපා වෙන්නේ මේ වාත සිස්ටම් එක තමා ලංකාවේ ....හරියටම වෙලාවක් පේෂන්ට දීලා ඒ වෙලාවට ගෙන්න ගත්තනං ඉවරනේ ...අපරාදේ මගේ කාලේ .....අදත් නිවිහැනහිල්ලේ අඩියක් ගහන්ඩ වෙන්නැ .............එහෙමටත් අවුලක් නැ වගේ .....මේ ඉන්නේ මිනිස්සු හතරපස්දෙනයිනේ ..... ආ අරතියෙන්නේ තාම යන්නේ නොම්බර පහ ......ඒකවත් හරියට පේන්නේ නැති හැටියක් ....මේ පාරත් කන්නාඩිය දෙපාරක් මාරු කරලත් හරිගියේ නැනේ .....පරන කන්නාඩියනං ..කැඩුන උනත් හොදට වැඩ .....කන්නාඩියේ අවුලම තමා මොකැ මං වයසට ගිහිල්ලා යැ ....මෙහෙං අරං හරියන්නේ නැ .............ලබන පාර ටුවර් එකේදි මොන වැඩක් පස්සට දාල හරි එහෙන්ම කන්නාඩිය හදං එනවා....
.......කෝ නොම්මර හයත් වැටුනා ඇතුලේ හිටිය සමයමත් එලියට ආවා .....ඒක නං හොදටම අප්සට් කේස් එකක් ....ඒකනේ දත් තිස්දෙකම පෙන්නල මා එක්ක හිනා උනේ ...කෝ ...නම්බර් සික්ස් .......සෙවන් .....එයිට් .....සීඊඊඉ ...නමයත් වැටුනා ...යාන්තං ඇති නමයනං ඉන්නව ............මං දහයනේ ඉක්මනට ගියහැකි ..............චැනල් කරලත් නෑවිත් ඉන්නේ මොකද මන්දා .......බාගදා ඊ වැනල් කරල නෑවිත් ඉන්නව ඇති .............එක්කෝ මං වගේ ඩයිවර්වත් නැතුව හොරාට එන්ඩ හිටපු ඈයෝ වෙන්ඩැති , බාගදා ගෙදරිං බලෙන් එක්ක එන්ඩ ඉදලා ...කැලේ පැනලද කවුද දන්නේ .....හේහ් හෙහ්
..............අන්න දහය වැටුනා .........මං දැං ඇතුලට ගිහිං මොනවද කියන්නේ .......ඩොකාම කතාව පටං ගත්තොත් හොදා ..... කොහෙන්ද කොතනින්ද මං මේක පටං ගන්නේ .........
....කරාස් ........දික්....
...දොරවත් හරියට මේන්ටෙන් කරල නැ ආංඩුවේ ඉස්පිරිතාලයක් වගේ ..............යකෝ මේකගේ කිසි හිනාවක් නැනේ .....දෙකට බෙදල පැත්තට පීරල ....ගොලු සමයං ඩයල් එකක් .... අම්මට සිරි ඇදගන ඉන්න සපත්තු දෙක යුරෝප් දෙකක් උනාට මේස් නං සිකුරාද පොලෙන්ද කොහෙද අරං තියෙන්නේ ...හයියෝ.......මේසෙං ඉස්සරහට කකුල් දික්කරහම පුටුවේ ඉදගන්න එකා කකුල් මේසේ උඩින්ද දන්නැ ....තියන්නේ ........කෝකටත් පුරුදු හිනාව දාල බලනව ....
............හිඊහඊි..ඊඊඊඉ.........
‘‘ එන්න ...ඉදගන්නකෝ ‘‘
‘‘ ඩොක්ට මම සිරිමල් රත්නායක‘‘
‘‘ ඔව් මිස්ටර් රත්නායක අපි කතා කරමු ....මම අහගන ඉන්නම් ‘‘
‘‘ මට ප්‍රශ්නයක් තියනව කියල හිතෙනව ඩොක්ටර් ‘‘
‘‘ අපි හැමෝටම එහෙමයි ....ඔව් ඉතින් කියන්න මිස්ටර් රත්නායක මට පුලුවන් අහං ඉන්න‘‘
‘‘ මගේ ලග තියනවා මේකේ රතුපාට එකක් ‘‘
‘‘ කාර්වලට කැමතියි වගේ ‘‘
‘‘ මගේ එක ඇත්ත එකක් , ඒත් මම ආසයි මේ වගේ සෙල්ලං ඒවට ‘‘
‘‘ මිස්ටර් රත්නායක කොහේද වර්ක් කරන්නේ ‘‘
‘‘ රස්සානං ඉතින් දෙක තුනක් කරනවා ‘‘
‘‘ එකපාර රස්සා දෙකතුනක්.... හම් .... ලොකු වගකිමක් තියන කාර්යබහුල කෙනෙක් එහෙනං ‘‘
‘‘ එහෙමටම බිසි නැ ඉතින් ඒවා බලාගන්ඩ කරන්ඩ කට්ටිය ඉන්නවනේ . මට තියෙන්නේ ඉදල හිටල ගිහින් ටිකක් වෙලා ඉදගන ඉදල එන්ඩ ‘‘
‘‘ එතකොට මීස්ටර් වැඩිය කැමති මොනව කරන්ඩද ‘‘
‘‘ අනේ ඩොක්ට ඔය මිස්ටර් කෑලි ඕන නැ ...මං කැමති සිරිමල් කියනවට ‘‘
‘‘ හරි මම එහෙම කියන්නංකෝ ‘‘
‘‘ ඩොක්ට මට දැං මේ ඔක්කොම අත ඇරල දාල ගිහින් සුපර්මාකට් එකක ඉන්ඩ තිබුනනං කියල හිතෙනව ‘‘
‘‘ හේ හේහ ඒකත් හොද බිස්නස් එකක් තමයි ‘‘
‘‘ නැ නැ මට ඕන අර සෙල්ලං බඩු විකුනන්ඩ තියන ස්ටෝල් එකේ වැඩ කරන්ඩ ‘‘
‘‘ හුම් ඒකත් එහෙමද ...එහෙනං ඉතින් සිරිමල්ට පුලුවන්නේ විනෝදාශයක් විදිහට සෙල්ලං බඩු එකතු කරන්ඩ ‘‘
‘‘ කරනවා ඩොක්ටර් කරනවා ....මගේ ලග තියනවා හැම සෙල්ලං බඩ්ඩක්ම .....සෝල්ජස්ල ..යුදටැංකි ...කාලතුවක්කු ...යුද නැව් ... සෙල්ලං දෙවනි ලෝක යුද්ධයකටම බඩු ....එතනින් ගියහම සත්තු ඔක්කොම ඉන්න සත්තු වත්තක් , බෝනික්කෝ , ඇතුලට පුලුං පුරවල රෙදිවලින් හදපු සත්තු , ප්ලේන් , හෙලිකොප්ටර් , කාර් , බෝල බැට් , හැම සෙල්ලං බඩ්ඩක්ම ...කාටවත් අල්ලන්ඩවත් දෙන්නැ ‘‘
‘‘ එහෙම තමයි ඉතින් හැමෝම තමන් කැමති දේවල් පරිස්සං කරනවනේ ‘‘
‘‘ ඒ උනාට ඩොක්ටර් මට ඒවායෙං සෙල්ලං කරන්ඩ හම්බෙන්නේ නැනේ , ක්වාඩාකොප්ටරයක් ගත්තා දැං මාස හයකටත් වැඩියි තාමත් බැරි උනානේ ඒක උඩ අරින්ඩ ‘‘
‘‘ ඒකට ඉතින් වෙලාවක් හදාගන්න පුලුවං සිරිමල්ටම තමා , මං කියන්නේ වගකීම් වලින් නිදහස් වෙලා නිදහසේ ඉන්න ‘‘
‘‘එහෙම වෙලාවට මට ඉතින් නිදහසක් ඇත්තෙම නැ , කෑම උයන්න තියනවනේ ‘‘
‘‘ එහෙම ඉතින් තමන් කැමති දෙයක් ආසා කරන දෙයක් කරන එකත් මානසික සුවයට හොදයි ‘‘
‘‘ ඒක ඉතින් ඔයාගෙවත් අනිත් අයගෙවත් වරදක් නෙමෙයි , මේ ක්‍රමය හැදිල තියන හැටි , ඒත් අපිට පුලුවන් එතනින් එහාට ගිහින් ජීවිතය අපි කැමති විදිහට විදින්ඩ ‘‘
‘‘ ඔය ගැනම තමයි ඩොක්ටර් මට ගොඩක් හිතට අමාරු ‘‘
‘‘ ඇයි ඒ ‘‘
‘‘ අඩුම තරමේ මේ යක්කු මා එක්ක වෙසක් බලන්ඩවත් යන්ඩ එන්නැ ‘‘
‘‘ ගෙදර අයද යාළුවොද ‘‘
‘‘ යාලුවන්ට කතා කරල ෂෝටක් එහෙම ගහගන , බයික් එක එලියට දාල උන් එනකං බලා ඉන්න කොට උන් ඇවිත් කියනවා .......ෂපාන් එකේ වාහනේක යන්නේ නැතුව අඩු කඩාගන්ඩ හදන්නේ මොකද .....උං කොහෙද මා එක්ක බයික් පදින්නේ ‘‘
‘‘ ඉතින් සිරිමල්ට පුලුවන්නේ ගෙදර අයත් එක්ක යන්ඩ ‘‘
‘‘ අම්හු ...විකාරද ...... එයාල එන්නෙත් නැ .....මා එක්ක ‘‘
‘‘ ඒ ඇයි ඒ ‘‘
‘‘ නලා කාරයෙක් ..වෙස් මුනු කාරයෙක්ට යන්ඩ නැ ඒවා ගන්නවා , ලයිට් පත්තු වෙන සුකුරුත්තං ගැජට් දැක්ක තැන වාහනේ අයින් කරල ඒවා ගන්නවා , හම්බෙන හම්බෙන දං සැලෙං ..සරුවත් , සව් කැද , කෝපි බොනවා , ..............අනේ ප්ලීස් ...දං සැල් වලින් බත් කන්ඩ නං බැ ..යි අරකයි මේකයි කියල ...කර අරිනවනේ ‘‘
‘‘ මේ අද යන සමාජ , ආර්ථික , අධ්‍යත්මික රටාවත් එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන හැගිම ගැන තමයි ....ඔය කියන්නේ ......ඕක ඔයාට විතරක් දැනෙන දෙයක් නෙමෙයි ............., ඔව්වා ගැන සිරිමල් හිතනවා වැඩියි කියල මට හිතෙන්නේ ‘‘
'' පාරේ යනකොට මස් කඩයක් මාළු කඩයක් දැක්කහම මට නවත්තල ඒවා ගන්ඩ හිතෙනවනේ ‘‘
‘‘ මාත් සමහරක් වෙලාවට එහෙමයි ‘‘
‘‘ ඉතින් ඩොක්ට මට ඊලග දකින තැනිනුත් අරගන ගිහිං ප්‍රීජ් වලට පුරවන්ඩ හිතෙනවනේ ‘‘
‘‘ ඒකත් එහෙමද ‘‘
‘‘ ඩොක්ට මොකද හිතන්නේ සිල්ලර කඩයක් දාන එක ගැන , එතකොට මට අර ඉස්සරහින් ලස්සනට ඇල කරල ලෑලි තට්ටුවක් ගහල එළවලු ටිකකුත් වික්කහැකි ‘‘
‘‘ මෙහෙමයි මිස්ටර් සිරිමල් ඇත්තටම ඔයාට මානසික ප්‍රශ්නයක් නැ , ඒත් මම හිතනවා තවත් කෙනෙක් එක්ක එයා මේ ගැන කතා කලොත් හොදයි කියල , මම විස්තරය ලියල ඔයාට ලෙටර් එකක් දෙන්නං , මට උගන්නපු සර් කෙනෙකුට , මිස්ටර් සිරිමල් ගිහින් එයාව හම්බවෙන්න , අදම උනත් ගියාට කමක් නැ , මිස්ටර් සිරිමල් එනවයි කියල මම කෝල් කරල කියන්නං , අද දැං මේ ආවේ තනියමද .....කවුරුහරි කෙනෙකුට කතා කරල ...එනකං මෙතනට වෙලා ඉදල ගියොත් හොදයි මගේ හිතේ ‘‘
‘‘ තැන්කීයු ඩොක්ටර් ....නැ මට තනියම යන්න පුලුවන‘ ..එහෙනං මං ගිහින් එන්නං ‘‘
........හයියෝ ආවැං ආවේ නැ මෙහෙම කේස් එකක් ....වැඩේ කියන්නේ වෙන පිස්සො දන්නැ උන්ට පිස්සු කියල මේ යකා ඒකත් දන්නව.......
........වෙන ඩොකෙක් හම්බෙන එක හොදා තමා , මේකගෙ ගුරා කියුව හන්ද යන්ඩ හිත දෙන්නැ , ගෝලයා මෙහෙම නං ගුරා කොහොම වෙයිද .....තෙල් බෙහෙත් ගාපු නට් කේස් එකක්.......

