හැබැයි ඔන්න එකපාරක් අතේ තියාගන හදා වඩා ගන්ඩත් හම්බුනා , ඒක උනෙත් අහම්බෙන් , ඒ දවස්වල මං පොඩි කොල්ලා , අපේ ගෙවල් පැත්තේ තිබුනා හෙන ලදු කැලැවක් , ඒක කලින් වගා බිමක් පස්සේ තමයි කැලැවට ගිහිල්ලා තියෙන්නේ , ඒක තමයි එකේ තැනින් තැන පේර ගස් කෙසෙල් ගස් රටඅඹ ගස් ජම්ඹු එහෙම තිබ්බේ , අලි පේර ගස් දිවුල් ගස් පොල් ගස් , තැඹිලි ගස් හිටං තිබ්බා , ඊට අමතරව ඉතින් චීනගෙඩි , දං , එරමිනියා , වල් ඇඹිල්ල , වගේ කෑලැ ගඩාගෙඩිත් මදි නොකියන්ඩ තිබුනා,
ඒකට කියුවේ හිර ගෙදර කැලේ කියලා , තව කැලයක් තිබ්බා දඹුව කැලේ කියලා , තව ගල්වල වත්තේ කැළේ කියලත් එකක් තිබ්බා , එයිට අමතරව හතර වටේටම අක්කර හතර පහ ලොකු කැලේට ගිය මහ ලොකු ඉඩං , පිඹුරෝ , අදුන් දිවියෝ , ඉත්තැවෝ , වල් ඌරෝ , එතනින් ගියහම මිමින්නෝ වාගේ කෑළැ සත්තුත් එමට හිටියා , වෙඩි තියලා , මදු ගහලා , දුංගහලා ඔය සත්තුන්ව අල්ලපු උනුත් නොහිටියා නෙමෙයි , දවසක් දෙකක් එහෙම මාළුවක් අටමා වළදලත් තියනවා ,
කාලයත් එක්ක ඔය මිනිස්සුන්ට අයිති වෙලා තිිබ්බ ඉඩකඩන් කොටස් වෙලා විකිණිලා ගියා , මම දන්න කාලෙට කලින්ම එහෙම වෙලා තිබුනා , සියබලාගහවත්තට සහ රාගම වත්තට , එත් එවායෙත් එහෙමට ගෙවල් හැදිලා තිබුනේ නැ . සමහරක් ඉඩං පාලුවට ගිහින් තමා තිබුනේ .
ඔය අතරේ සාර සුබාවට තිබ්බ හිරගෙවල් පිටිපස්සේ සියබලා ගහවත්ත මායිමේ තිබ්බ ගල්වල අත ඇරලා දාලා සුද්දෝ යන්ඩ ගියා . ඒත් එක්කම නැලිගම ප්‍රංශ කොරියත් අත ඇරලා ප්‍රංශකාරයෝ යන්ඩ ගියා , දඹුව කැලය සහ ගල්වල ඒ වෙනකොටත් අත ඇරලා තිබුනා ආණ්ඩුවෙන් , ඒ ඉඩම අවුරුදු පනහක් විතර අත ඇරලා තිබිලා තියනවා කැලයට , ඒ කැලය මැද්දේ ඒ කාලේ තිබුනා කෝච්චි පෙට්ටි දෙකක් , අටං දකින කොටනං තිබුනේ රෝද සැට් එකයි රේල් පීලි කෑලි දෙක තුනකුයි විතරයි . ඒ වෙනකොට ලෑලි පෙට්ටි දිරලම ගිහිල්ලා , හැබැයි ඒ කෝච්චි පෙට්ටි තමන්ගේ නිවස කරගන ජීවත් වෙච්ච ආච්චි අම්මා අදටත් ජිවතුන් අතර ඉන්නවා , හැබැයි ඒ ඉඩමේ නෙමෙයි . ඒ ලගම වෙනත් සින්නක්කර ඉඩමක . ලස්සන කතන්දර ගොඩක් තියනවා උනත් යම් යම් හේතු කාරනා උඩ අටමා එව්වා නොකියා ඉන්නවා , සමහරක් දේවල් තියනවා අපි සිමාවක් තබාගන හෙලි කලයුතු .