Popular Posts

2012-06-03

මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම

මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට බයයි.

කුණුහබ්බ ලියුවොත් මටයි අපේ අම්මටයි අහවල් එක කොරනවා කියලා   කොමෙන්ටු  ගොඩක්  කොටලා තිබ්බා පහුගිය දොහක.

 ඇස් ඇම් ඇස්    එහෙමත් සැල්ටැල් එකට ඇවිත් තිබුනා . එව්වා ඇවිත් තිබුනේ සුවිඩැන් රටෙන් එන විදිහට.මම ඉතින් නුගත් බාසුන්නැහේ කෙනෙක් හන්දා එව්වා එහෙම එවන විදිහ එහෙම දන්නැ .ඒ හන්දා මට ස‍රමේ කක්කත් ගියා.

ඒ හන්දා මම තීරණය කොලා ආයේ එව්වා නොලියන්න.ඒත් හත් දෙයියනේ මම මොනවද ලියන්නේ.කූණුහබ්බ නැතූව ලියන්ඩ දෙයක් හිතන කොට තමයි මට මේ අදහස හිතට ආවේ


***  හිත හොද ගුණයහපත් බල්ලෙක් හදාගන්ඩ කැමති කටිටියට කරන්ඩ තියෙන්නේ පුංචීම පුංචී වැඩ දෙකතූනක්  ***


බල්ලෝ හිතන්නේ එයා පවුලේ සාමාජීකයෙක් කියලා එයාට ඒ විදිහට සලකන්න.( සහෝදරයෙක් ,දරුවෙක්ට වගේ ) 

ඩියුටිය හරියට කරන බල්ලා මිනිස්සුන්ව හපන්නැ, මිනී කන බල්ලන්ට වඩා ආරක්ෂාවක් අපිට ලැබෙනවා අහිංසක බල්ලන්ගෙන් බල්ලව බලේන් සැර වස බල්ලෙක් කරන්ඩ එපා.

බල්ලා කූඩුවට දාන්ඩ එපා, දංවැල් වලින්  බදින්ඩ එපා,මොන විදිහකටවත් හිරිහැර කරන්ඩ එපා.

 ඔව්වා කරලා බලන්ඩ ඔයාටත් බුද්ධිමත්  බල්ලෙක්ගේ අයිතිකාරයා වෙන්ඩ පුළුවන්                                                              

 

මෙන්න මම දන්න ගුණයහපත් බල්ලන්ගෙන් කිහිප දෙනෙක්