Popular Posts

2013-05-08

නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්





අතීතේ සියවරක් මා ඔබව බලා උන්
දොඩමළුව සිනාසුනු දෑත් යුග පටලවන්
ගොඩනැගු අපි එදා අනාගත සිහිනයන්
දකීදෝ කවුරුවත් අපි දන්න යැයි බියෙන්

මා දමා ගිය දිනේ පැතුමු මල් පොඩි කරන්
කියන්කෝ කල වරද අහන්නට ලංකරන්
බලා උන් මං එදා දෑස් යුග තෙත් කරන්
මගී බස් නැවතුමේ මග දෙසට නෙත් යොමන්

අපේ පෙම ටිකින් ටික අතීතෙට එක් කරන්
ගෙවී ඇත විසි වසක් අතීතෙට එක්වෙමින්
උලුප්පා මතුකරන් වල දැමු මතකයන්
නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්