Popular Posts

2014-05-05

කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට


බින්දු බින්දු වැහිපිණිකැට පොලව සිබින හැන්දැවක
ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක
වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක
අද තනියම මං යනවා නුඹ නැතිමුත් පෙරවාගෙම

වෙල්යායෙන් එගොඩවෙලා වැව් ලන්දේ දුර ඇතක
මිහිරසෙවු ඔබේ දෙතොලේ හැමවේලෙම කියුවා මට
නැවෙන්නේ කාගේවත් මා ඔබෙමයි හැමදාටම
සිහින ලොවක රස වින්දා සැබැ ලොවක් නැති ගානට

වැලි පාරේ ඇත කොනෙන් දුහුවිලි රැලි නංවාගන
පසුකරමින් නුඹ යන්නේ අතිතයක් නැති ගානට
කවුලු දොරන් එබීබලා නොදුටුව සේ දුහනාවිට
කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට