තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට
බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින
එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ
කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර
බයිසිකලේ පැදගන්ඩත් ඉගැන්නුවේ මම
හති රටේ කරක් ගසා වින්කල් එක එක
මවුන්ටන් එකක් ගෙනැවිත් පරණ කඩේ කින
හදා දුන්න හැටි මතකද පෙරදා මං තොට
දහදාහට චැලි කට්ටක් කොහෙන්ද අරගන
දුන්නද තෝ එක වටයක් ආසාවට මට
පස්සේ කාලේ අරගත් අර ඩීටී පිප්ටිය
තල්ලු කලේ මං හිසකේ ගානට
රාගම යන්ඩ මං බස්නැවතුමේ ඉන්නේ
ත්‍රීවිල් කට්ටේ නැග තෝ දැක දැක යන්නේ
තව වෙන දිනක හයර් එකට මම නැග්ගේ
එකසිය තිහට දෙසියක්ම තෝ ගත්තේ
එහෙම කලත් ලැජ්ජාවක් මට නැත්තේ
මගේ පොඩි කෙල්ල වැන් එකට තොගේ දැම්මේ
දරුවන් අතර ඉස්කෝලට ලග ඉන්නේ
ඔක්කොම බස්සලයි කෙල්ලව ගෙන එන්නේ
හොදහැටි පදං දාගන දැන් මං එන්නේ
පාන්දර දෙකයි වොච් එක පවසන්නේ
වැන් එකක් නවතාගන දැන් ඉන්නේ
ජංගී යාලුවා පාරට අත දැම්මේ
බැට්රියෙ වයර් බුරුල් වෙලයි දැන් ඇත්තේ
පෙට්ටියේ පියන ඇරලා දැන් දිය යුත්තේ
ඇණයේ නියම සයිස් එකත් නොම දන්නේ
ෂිප්ටර් එකක් රත්තරනේ දීපන්නේ
අයියෝ වස්තුවේ ආයුද බාමින්නේ
රහමෙර බිමටයි ගෙදරින් පිටවුයේ
කවුරුන් හෝ ගෙනත් ගේමක් ගහගන්නේ
මට හෙන බුදි මතයි අටමා පිට වෙන්නේ
.jpg)