චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට හැමදාමත්
චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන උනත්
චේන් එකට කැපුනු පාර අළුත් වෙලා පෙනුනාමත්
උඹනං මහ වස බල්ලෙක් හිතුනා මට හැමදාමත්
තට්ට තනියේ රැ තිස්සේ බ්ලොග් බලලා හිදුනාමත්
බත් ජුංඩක් බෙදං ඇවිත් බන්ඩි ගෙඩියේ එබුවාමත්
බිත්ති හිලෙන් උඹ දැකලා ඉජුක් ඉජුක් කියුවාමත්
දෙන කට්ටක් උඹ කෑවේ කවදද බං වනලාවත්
කාගෙද ලොකු අර බල්ලා නොවෙයි දන්න කාගේවත්
ලගට ගියත් නැ ගන්නේ හිතට කිසිම ගැස්මක්වත්
කාටත් බය නැති බෘනෝ දුවන මූ දැක්කාමත්
දරුවො දෙන්න කයිද මන්ද ලං වෙනවා සැරකෙරුවත්
දවල්ටනං එන්නේ නැ රෑට එන්නේ හැමදාමත්
දවස තිස්සේ බැදල තියල වරෙං කියල රීලාවත්
රෑ උනහම අරිනව ඇති නාලත් නැ කවදාවත්
ඔහොම සත්තු හදන උන්ට ඉඩක් නැනේ අපායෙවත්
ගනන් ගන්න එපා චූටි ඔන්න ඔහේ ඇවිත් ගියත්
පේනවාද ඉන්නා හැටි කකුල් හතර කරන් උඩත්
කැමති ලෙසට ඌට ඉන්ඩ තැනක් නොමැති බවක් හැඩත්
ඔන්න ඔහේ ඉන්ඩ අරිමු අරං දාල දාන බෙටිත්
තාත්තිච්චි බලන්නකෝ මිදුලේ මේ මෙමං ඉන්න
කළු බව්වා අදත් ඇවිත් මාත් එක්ක යාළු වෙන්න
මාලෙත් නැ අද බෙල්ලේ වෙනදට ඌ දාගන එන
මං දුන්නම ක්‍රීම් බික්කෝ බරස් ගාල කන ලස්සන
ජනෙල් හිලෙන් බලන මෙමට යම දෙයියන් සිහිවෙනවා
බිස්කට් ටින් එක අරගන බල්ලට බිස්කට් දෙනවා
එකක් ගිලින්ඩත් කලින් තවත් එකක් ඔබ්බනවා
කලින් දුන්න බිස්කට්ටුව දෙපා මුලට වට්ටනවා
මොකද බික්කෝ වට්ටනේ පිස්සුද බව්වෝ ඔයාට
කෑම බිමට වට්ටන්නේ නෝටි ළමයි නෝට් කමට
බිස්කට්ටුව අහුලන්ට නන්දිබතුව නැමුන කලට
බව් බව් ගාගන බල්ලා පැන්නනේ කෙල්ලගේ මූණට
අවිහිංසාව තිරිසං පෙම දුරක ගියා
බුර බුර නැගෙන දරු සෙනෙහස පෙරට ගියා
අත රැදි හාඩ් ඩිස්කුව එල්ලයට ගියා
වට හත අටක් බල්ලා කැරකිලා ගියා
බිම දගලමින් කෑගසමින් පසුවෙන්නේ
යන මග හොයාගන්නත් බැ මොර දෙන්නේ
ගේ වටෙ වට තුනක් බල්ලා කැරකෙන්නේ
අයියෝ දෙයියනේ හොද සිහි එලබෙන්නේ
පවුලයි ලොකු දුවයි අටමට ඔරවනවා
පොඩ්ඩි ගල් ගැහිල එතනම පසුවෙනවා
අහල පහල උන් හිමිහිට ඇහැ දෙනවා
හැකිනං පොලව හාරාගන වැලලෙනවා
