ඔන්න ඉතින් තියන කෑලි දෙකට අමතරව ගේ පිටි පස්සට තව කාමරයක් කුස්සියක් සහ ගේ අස්සේ කක්කුස්සියක් පුලුවං කාලෙක අටවාගන්ඩ කියල අත්තිවාරං කෑල්ලක් දාන්ඩ කියල අත ගැහුවා , හම්මේ එතකොට තමා ඉතින් හිතුනේ මෙහෙම ඉන්න එක හොදයි කියල , වෙන මොකවත් නෙමෙයි ආයිබොවං බාසුන්නැහේ කෙනෙක් හොයාගන්ඩ. පැත්ත පලාතෙම ඉන්න බාසුන්නැහේලව දන්නවා උනාට සති දෙකක් තිස්සේ මගේ වැඩේට එකෙක් අල්ලාගන්ඩ මං කාපු කට්ටක් , මේ පැත්ත පලාතෙත් හොයලා බැරිම තැන ඉස්සර හිටපු හිරගෙවල් පැත්තේ කරක් ගහලත් බැලුවා . අම් ..හූම් ...එකෙක්වත් අල්ලාගන්ඩ බැ .....ඔන්න ඉතින් යනවා ගෙදරකට ..බයිකේ නවත්තල ගහනවා හොන් පාරක් ගේ ඉස්සරහ ....තව පාරක් තව හත්අට පාරක් ...ම්හු ..ගේ අස්සේ ඉන්න උන්ට ඇහෙන්නේ නැ ..... උන් ..තැටමිලි කෙදිරිගෑවිලි ...කවාපු ඉන්දියන් ටෙලි නාට්ටි බලනවා මහ හයියෙන් දාගන ....( මේ වැඩේට මනුස්සයෙක් හොයාගන්ඩ ගිය හැම ගෙදරකම එහෙමයි ) . දැං ඉතින් කවුරුවත් කියන්ඩ එපා ඔය බාස්ලගේ ගෑනු එහෙමයි , බාස්ලත් මෝඩයි ඔය මෝඩයෝ තමයි ඔව්වා බලන්නේ කියලානං , මං දන්න ගණකාධිකාරි මහත්තයෙක් ඉන්නවා එයාගේ නෝනා ගුරුහොරියක් , ඒ ඩබලත් සියලු වැඩ නවත්තල ඔව්වා බලනවා.
ඔන්න ඉතින් වත්තට ඇතුල් වෙලා දොරට ගහන්ඩ ගිහින් බල්ලෙක්වත් වලදයිද කියල බයේ ජයක්ග්‍රහී තිස්වෙනි හෝන් පාර විතර ගහනකොට ගෑනු කෙනෙක් හෙන අකමැත්තෙන් ජනේලයක් ඇරල එලියට ඔලුව දාල ...
‘‘ ඇයි ‘‘
‘‘ සාන්ත මහත්තය ඉන්නවද ‘‘
‘‘ කවුරු කිව්වා ‘‘
‘‘ මේ මේ සාන්ත බාසුන්නැහැ ‘‘
කිසිවක් නොකියන උන්දැ ආයෙත් ජනේලය වහලා යනවා තව විනාඩි දෙකතුනක් ගතවෙනවා මොකුත් වෙන විශේෂ සිදුවීමක් නැ
ඔන්න එකපාරටම දොර ඇරෙනවා , සාන්තය එලියට එනවා , ඒ එක්කම දුබුරු පාට තඩි බල්ලෙක් බුරාගන ස්වාමියාවත් පෙරලගන සයිස් එකට මාව කන්ඩ පයිනවා .
‘‘ දුප් කියුවේ ‘‘
කියාගන බල්ලට පයින් පාරක් අරිනවා
ඒ පාර අහසේ පා...ආ... වෙලා යනවා .....දෙකක් දාලයි ඉන්නේ ...මුවනං වැඩේට ඈදාගත්තහැකි ....මොලය හලලා හදවත උස්සන ස්ටෙප් එක
අටමට එහෙම හිතෙනවා
‘‘ කවුද ‘‘
‘‘ එහෙනං කියහං බලන්ඩ කවුද කියල ‘‘
හෙල්මට් එක නොගලවා මං අභියෝග කරනවා
දැං මේකා මුනට එබෙනවා
කකා හිටපු කැම සුවදත් එක්ක මැන්ඩිස් ඕල්ඩ් අරක්කු ගදක් මට එනවා , ටිකක් අපුලයි වගේ
( බීලා ඉන්න වෙලාවක නං ගානක් නැ ඉම්බත් බොරුනං විජිතගෙන් අහන්ඩ )
ඕන මසක් කෑවට . මට ඔය මාළු හරියන්නේ නැ , කරවල කෑවොත් ඉතින් එක්කෝ කට්ටා , නැත්තං හාල් මැස්සෝ , එහෙම නැත්තං කීරමිං සාලයෝ ...එතනින් එහාට කරවල මට අරහං , මේකා කාල තියෙන්නේ වෙන මොකක් හරි එකක් , බැදුමක් තියනව කියලත් මට පේනවා අතේ තියන පිගානේ , කටේ තියන මොකක්ද මන්දා විසිකරන කෑල්ලක් අතින් ඇරගන විසිකරන පොර , අතේ ඉදුල් තියාගන අමුත්තන්ට කතා කරන එක හරි නැති හන්දද කොහෙද ඇගිලි පහම කටේ දාල වොෂ් කරනවා.
ඊලගට පිගානෙන් මොකක්ද අරගන කටට ඔබනවා
මං හෙල්මට් එක ගලවනවා
‘‘ අම්මට @ක මංජුවා .... වයිරිං එකක් තියනවා ගහමුද ‘‘
‘‘ @ත්තක් කියනවා .. යකෝ මං ආවේ තොට වැඩක් දෙන්ඩ ‘‘
‘‘ ඇයි දැං වයිරින්ග් කරන්නේ නෑද ‘‘
‘‘ නෑ බං වැඩේ උඹගෙනං කරන්නං නැත්තං බැ , ...දැං මං කරන්නේ මැෂින් හැදිල්ල විතරයි ‘‘
‘‘ නැ බං මං මේ බත් කන ගමන් හිත හිතා හිටියෙත් එ්ක , මට කර කර ඉන්න වැඩේ කපරාදුව කරගන ගහගන්ඩ බැ වයිරිං බට දාගන්ඩ එකෙක් හොයාගන්ඩ බැරුව‘‘
‘‘ මං ආවේත් එහෙම එකකට බං , මගේ ගේ පිටිපස්ස හදනවා ඒකට ගෝලයෙක් එක්ක උඹව අල්ලගන්ඩයි ආවේ ‘‘
‘‘ අනේ මට නං එන්ඩ වෙන්නේ නැ බං , මං බොසෙක් ගාව වැඩනේ පොරව දාල ආවොත් වෙන එකෙක් එතනට පැනගන්නවා , මං දැං හෙඩ් බාස්නේ ..මේ දවස්වල එඩේරමුල්ලේ සයිඩ් එකක් කරන්නේ ..වැඩ ටික ඔක්කොම බලාගන කරන්නේ මං ‘‘
‘‘ කාවවත් නැද්ද බං අල්ල ගන්ඩ ‘‘
‘‘ නැ නේ ...දන්න කියන වැඩ කාරයෝ ඔක්කොම වැඩ ‘‘

‘‘ මෙහෙමයි වැඩ කාරයෝ ඕන නැ බං ..අත්තිවාරම දාගන්ඩ විතරනේ ....නූල් ටික හගන්ඩ පුලුවං බාසෙකුයි ...අත්තිවාරං කපන්ඩ පුලුවං ගෝලයෙකුයි හිටියනං ඇති ‘‘
‘‘ රේසින් ගහන පොරක් නං උඩහ පොට් එක ලගට ගියහම නං හොයාගත්තහැකි ‘‘
‘‘ හරි කෝකටත් උඹගේ නම්බර් එක දියංකෝ ....මෙන්න මගේ නොම්මරය ... මොනවහරි තිබ්බොත් කතා කරහං ‘‘
‘‘ හරි කෝකටත් උඹගේ නම්බර් එක දියංකෝ ....මෙන්න මගේ නොම්මරය ... මොනවහරි තිබ්බොත් කතා කරහං ‘‘
කියන මං කසිප්පු විකුනන තැන පාර අයිනේ ඉදන් , කසිප්පු බිලා එන උන් අතරේ දන්න බාස් කෙනෙක් ඉන්නවද බලනවා , ..පෙනුමෙන් බාස්ල වගේ උන්ගෙන්
‘‘ අයියේ පොඩි වැඩක් තියනවා බාසුන්නැහේ කෙනෙක් හොයාගන්ඩ බැරිවෙයිද ‘‘
‘‘ අයියේ පොඩි වැඩක් තියනවා බාසුන්නැහේ කෙනෙක් හොයාගන්ඩ බැරිවෙයිද ‘‘
‘‘ බාස් කෙනෙක් නේද ....ම්ම් ....කවුරුවත් හිටියේ නැනේ , ..මේ වෙලාවට එනවා අඩුයි ..හත පයිනකොට ගෙවල් වල ‘‘
තව ටිකක් වෙලා ඉන්න කොට හරි හදිස්සියෙන් පෙරලගන වාගේ පොට් එක පැත්තට එනවා පොරවල් තුනක් ....ඔය තියෙන්නේ තඩි ටයිල් කටර් එකකුත් අතේ
‘‘ මේ ..මේ අයියේ බාසුන්නැහේ කෙනෙක් හොයාගන්ඩ බෑද අත්තිවාරං කෑල්ලක් දාගන්ඩ ‘‘
‘‘ අපි කොටහේනේ කොනතරත් එකක් ‘‘
උන් තුන් දෙනා නවතින්නේ වත් නැතුව පොට්එකේ දෙවටට හැරෙනවා
මේක හරි යන්නේ නැ , කොහේද ඉතින් අපේ බාස්ල ඉදලත් අපේ වැඩකට අල්ලා ගන්ඩ බැනේ හිත හිතා මං ගෙදර එන්ඩ හැරෙනවා

එහොම ඉතින් හතිඊරටේ බාස්ල හොයල හෙම්බත්වෙන මං , ආයෙත් අපේ බාසුන්නැහෙට කතා කරල , කරල , කරල , වැදල , වැදලත් පොරගෙ නංගිගේ වැඩේ දාල එන්ඩම බෑ කියනව , පස්සේ ඉතින් මට අධිකාරිමය බලය , අවම බලය එහෙම පාවිච්චි කරන මට්ටමට මලක් පැනගෙන එනව , පස්සේ ඉතින් ජාතිය අමතනව ....ඔන්න එතකොට පොර කැමති වෙනවා , ඇවිත් නුල් ටික ගහල දීලා යන්ඩ එක දවසකට , ඊට පස්සේ බාසෙක් හොයාගන අත්තිවාරං දාන එක හරි , තනියම කපාගන ගල් බැදගන්න එක හරි මගේ වැඩක් , කරන්ඩ දෙයක් නැති තැන මං ඒකට කැමති වෙනවා.
ඊට පස්සේ තමයි හොදම හරිය , මේක හොද නෑ , මෙහෙම තියන්නේ නැ . මෙහෙම කරහම අරහෙම වෙනවා . ඔයාලට කැමතිනං කරන්ඩ , මට නං මේක කොහොමටවත් හරියි කියන්ඩ බැ , ඔන්න ඔහොම එක එක ඒවා කියල හිත සවුත්තු කරනවා , එක ඒක ඒවා වෙනස් කරනවා.
ඉදිකිරිම් කරුමාන්තේ ඉන්න ඔක්කොමල එකයි , උන්දල හිතන්නේ නැ මේ ගෙදර හදන්නේ මට ඉන්ඩ නෙමෙයි , මේ ගෙදර මිනිස්සුන්ට ඉන්ඩ , මේ ගේ හදන්න ඕන ඒ ගෙදර ඉන්න එකාල එකීල ආසා විදිහට , එහෙම නැති උනහම උන්ට මැරෙනකං හූල්ලන්ඩ වෙනවා කියල ,
‘‘ අනේ මං ආසා විදිහට මේක කරගන්ඩ බැරි උනානේ ‘‘
‘‘ අපරාදේ එකපාරම මේක අර විදිහට කරන්ඩ තිබුනේ ෂික් ‘‘
කියල . එහෙම හිතෙන එක සාදාරනයි, හැමෝම කැමති තමන් ඉන්න ගේ ලස්සනට හදාගන්ඩනේ.
අනික ඔය එක එක වාස්තු හුත්තවල් කියල ඒ මිනිස්සුන්ගේ හිත් කඩලා දැම්මහම , ආයේ ඉතින් ගොඩ ඒමක් නෑම තමා , ඒ ගෙදර ඉන්නකං වස්දොස්ම තමා , ගෙදර බල්ලා මලත් , ගෙදර ගෑනිට මාසේ මාරු වෙනකොට ගොඩක් ලේ ගියත් , ගෙදර මිනිහගේ ලබ්බ බැස්සත් . කෙල්ල බඩ උනත් ඉතින් ඒක යන්නේ අර උලුඅස්ස පිටින් , කුරුපාව පිටින් , ජනේලය පිටින් තමා.

ඔන්න ඉතින් අත්තිවාරමට නුල් ගහල ...මං ආයේ ඒන කං වැඩ කරගන්ඩ සෝක් කොල්ලෙක් ඉන්නවා මං සැට් කරන්නං කියල ..එකෙක්ව පංගඩත්තු කරල පොර ගියා , ඔන්න ඉතින් පහුවදා කියාපු එකා උදෙන්ම ආවා
ටිකක් වෙලා වැඩ කලා , පැත්තක ඉදගන හිටියා , ටී එකක් හදලා දුන්නා , ඒක බිව්වා වමනේ කරා.
‘‘ මොකද අයියේ ‘‘
‘‘ මං මේ පවුලත් එක්ක තරහවෙලා ඊයේ දවසටම මොකුත් කෑවේ නැ ‘‘
‘‘ අද උදේට කෑවෙත් නැද්ද ‘‘
‘‘ අද උදේට කෑවෙත් නැද්ද ‘‘
‘‘ නැ නේ.... කන්ඩ පිරියක් නැ අයියේ ‘‘
මං උෟට අයියා කියනව උෟ මට අයියා කියනව .
‘‘ යකෝ ගෑණි එක්ක තරහ උනහම කැම අප්පිරිය වෙනවද .....තෝ කනව කියල හිතාගන බත් කෑවහම ඉවරනේ ‘‘
පොර ලාවට හිනා වෙනවා
‘‘ ඉදි ආප්ප තියනවා ටිකක් කමු ‘‘
‘‘ ඉදි ආප්ප තියනවා ටිකක් කමු ‘‘
‘‘ බෑ අයියේ කන්ඩ බැ ‘‘
පොර ආයෙත් අත්තිවාරම කපන්ඩ ගන්නවා . ටික වෙලාවක් කපනවා , ආයෙත් නවත්තනව
‘‘ මොකද අයියේ සනීප නැද්ද ‘‘
‘‘ නැ අයියේ දවස් ගානක් වැඩ කරේ නැනේ ...අතපය ලොක් වෙනවා ....තව කවුරුහරි හිටියනං උදව්වට අමාරුවක් නැ ‘‘
යකෝ මූට පඩි දෙන්ඩයි , මං වැඩ කරන්ඩයි
‘‘ එහෙමද ...මටත් හෙල්ප් එකක් දෙන්ඩත් අමාරුයි මාත් මේ අලියා වාගේ හිටියට ලෙඩා , කොන්දටත් ඉස්සර කෙලවෙච්ච පාරක් තියනවා , ඒක හින්දා බර වැඩට අතගහන්නේ නැ , මේ ලගකදි යාලුවෙක් එක්ක පොරකාල දනිස්සත් අවුල් , ..මේ බලන්ඩකෝ මේ දකුනු අතේ මෙතන මේ .....ඉස්සිලා ගැට්ට වගේ තියෙන්නේ ..අත ඇදුනහම ඒක තව ඉදිමිලා බෙහෙත් බදින්ඩ වෙනවා ....‘‘ මං මගේ බැරි අමාරුකං කියනවා
‘‘ මෙහෙමයි අයියේ ....ඇත්තම කියනවනං මට තියෙන්නේ සික් එක ....අරක්කු ටිකක් බිව්වනං මේක නැතුව යනවා ‘‘

‘‘‘ ම් ම් ම් ම් .....එහෙමද ‘‘
‘‘ අනේ අයියේ මට අරක්කු ටිකක් ගෙනත් දෙන්ඩ ‘‘
මාත් බොන කන එකා වෙච්චි ඔලුව ඇලකරල ඒක කියුව විදිහිට , මූනේ තියන අසරන කම දැක්කහම මට හෝස් ගාල ගියා .....මූ වටෙන් ගොඩෙන් මාව අන්දනව කියල තේරුනත් මට දැල් කඩේට නොයා ඉන්ඩ බැරි උනා , ගෙනත් දුන්නා ගල් කාලක් , මං එනකොටත් මූ බිම ඉදගන , ගත්ත ගමං එහෙම කඩල ඇරං ගුඩුස් ගුඩුස් වත් නොකියා ඇරල දැම්මා , ඊට පස්සේ කටෙන් කාල් බෝතලය උස්සල වැල ෆිල්ම් වල ගෑණියෙක් වගේ වැටෙන බින්දු ටික එලියට දික්කරපු දිවට වට්ටගත්තා.
දැ ඉතින් ආයෙත් වැඩ . මාත් සවල අරං උගේ යකඩ ඉනි පාරෙන් කැඩෙන පස් අරං කානුවෙන් එලියට විසික් කර කර ඉදලා , හාල් ටිකක් ලිපේ තියන්ඩ ගෙට ආවා . ඕනනං පැය කාලක් යන්ඩ ඇති ..
දැ ඉතින් ආයෙත් වැඩ . මාත් සවල අරං උගේ යකඩ ඉනි පාරෙන් කැඩෙන පස් අරං කානුවෙන් එලියට විසික් කර කර ඉදලා , හාල් ටිකක් ලිපේ තියන්ඩ ගෙට ආවා . ඕනනං පැය කාලක් යන්ඩ ඇති ..
‘‘ අයියේ ...අයියේ් ‘‘
‘‘ තාත්තේ අර මාමා ඔයාට කතා කරනවෝ ‘‘
හා පුතේ මට ඇහුනා කියල බොරුවට පොතක් අතේ තියාගන මාව රවට්ටල ටීවී බලන කෙල්ලට කියාගන මං එලියට ආවා
හා පුතේ මට ඇහුනා කියල බොරුවට පොතක් අතේ තියාගන මාව රවට්ටල ටීවී බලන කෙල්ලට කියාගන මං එලියට ආවා
‘‘ අනේ අයියේ සමාවෙලා තරහ වෙන්ඩ එපා .....ගල් කටුවක් තිබුනනං මේක සට සට ගාල ගොඩ දැම්මහැකි .....මගේ ඇගටත් අමාරුයි ... මං අද ගිහින් හෙට උදෙම්ම ගල් කට්ටකුත් අරං එන්ඩද ‘‘
මොන හේතුවකටද මන්දා අසීමාන්තිකව තරහ යන මට තරහ ගියේ නැ . එත් තව ටිකක් මුගේ මූණදිහා බලාගන ඉන්ඩ බැ බැ වගේ හිතුන හන්දා
‘‘ හා ‘‘
කියන මං ගෙට ආවා
‘‘ ඇයි තාත්තේ ඒ මාමා ගියේ ‘‘
මගේ ලගට එන කෙල්ලෝ දෙන්නා අහනවා
‘‘ එයා නෝටි මාමෙක් ....මාම කියන්ඩ ඕනත් නැ ....අංකල් කියුවහම ඇති , මාම කියන්නේ අපිට ආදරේ අපේ අයට විතරයි .......ආයේ අම්මයි තාත්තයි නැති වෙලාවක එහෙම එයා ආවොත් කතා කරන්ඩවත් එපා .....එයා නෝටි පොරක් ‘‘
‘‘ නෝටි පොර හික් හික් හික් ‘‘
අළුත් වචනයක් එකතු කරගත්ත කෙල්ලො දෙන්නා ආයෙත් ටීවි එකේ , බත් එහෙම උයල . පවුලටත් එකක් ගෙනිහින් දීලා ළමයින්ටත් දීලා මාත් කාල ...තනියම බැස්සා වැඩේට , ටිකක් වෙලා කරගන යනකොට හරි අමාරුයි ..... අවුරුදු විස්සකට විතර කලින් වයස පහලවක් විතරකාලේ තනියම හිරගෙදර වත්තේ මහ කැලැව සුද්ධ බුද්ද කරල ඉනිකපලා වැඩක් බැදල අක්කරයක විතර වගාවක් කරපු මට වෙලා තියන සැන්තෑසියක් කියල හිතුනේ එතකොට තමා.
ඒ කාලේ මං කොච්චර වැඩ කරනවද , ඔය වගාව මං තනියම කලේ , මයියොක්කා , කෙසෙල් , මිරිස් , මාළු මිරිස් , බටු , තක්කාලි , මෑකරල් , එතනින් ගියහම කංකුං පාත්තියක් , මුකුනුවැන්න පාත්තියක් . ගොටුකොල පාත්තියක් , මයියොක්කා කෙසෙල් වලට නොදැම්මට අනිත් හැම ජාතියකටම මං දිනපතා වතුර හිටං ඇදලා දැම්මනේ ගෙදර ටැංකියට වතුර එනවා අඩු කාලවලත් පල්ලෙහා ලිදෙන් . ඒ වගා සංග්‍රමය නැගල ගියා උනාට පස්සේ මං නවත්තල දැම්මා රෑට නිදාගන්ඩ නැ බොලව් මයියොක්කා බහිනවා ජර බර ගාල
යාලුවන්ගේ ලිං කැපලි , අත්තිවාරං කැපිලි , බදාම ඇනිලි ඔව්වම කොච්චර කරලා ඇද්ද , මගේ වැඩකට එක බල්ලෙක් නැනේ යකෝ ,
ටිකක් වෙලා කරනකොට මටත් ආමාරුයි , බයික් එකේ අඩි දහයේ ගමනත් ගිහින් , දිවිල්ලක් පැනිල්ලක් නැ , එකතැන ඉදන් මෙෂින් හැදිල්ල , ඇග බර වැඩිවීම . සිකරට් බීම අරක්කු බීමත් එක්ක මං තිස්පහට හතලිස්පහකට නාකි වෙලා ( මේ දවස්වල සිකරට් බීම අඩු කරන්ඩ උත්සාහ කරකර ඉන්නේ )
පස්සේ වැඩේ දැම්මා පැත්තකට . උදේ ඉදන් එනවා එනවා කිය කිය හිටපු යාලුවෙකුට කොල් කරපුවහම ඌත් නේනවයි කියුව තැන , කෙල්ලෝ දෙන්නවත් නාවගන මාත් නාගන , ඒ දෙන්නව අම්මා ලගට ගිහින් දීලා , කෝල් එකකින් ආපු වැඩේකට ගිහින් කරුවල වැටිලා එන ගමන් ගෙවල් ගානේ ගිහින් දෙන්නෙක්ව යාංතං කතා කරගත්තා , ඒත් ගෝලයෝ මිසක් බාස්ලා නෙමෙයි.
අද උදේ ගිහින් ධාතු කරඩු දෙකක් වඩම්මනවා වාගේ බයික් එකේ තියාගන වඩම්මලා , සියලු පුද සත්කාර කරල ඔන්න දැං අත්ති වාරං කපනවා.

හැබැයි වැඩේ කෙරෙන්ඩ ඕන රා මදින්ඩ කේරලයෙන් ගෙන්නගෙන පැල පදියං කරගත්තා වාගේ , තේ කඩන්ඩ මදුරාසියෙන් ගෙන්නා ගෙන පැලපදියං කරගත්තා වාගේ නෙමෙයි , ඔය අපි ගැණුන්ව අරාබි අරිනවා වාගේ අවුරුද්දකට දෙකකට.
පලි//
පස්සේ හොයාගත්ත එවුන් දෙන්නා හරි සෝක් , පලවෙනි දවසේ කපල දෙවනි දවසටත් ටිකක් ඉතුරුකරගත්තා , දෙවනි දවසේ මම කියුවා මම දැං ගමනක් යනවා ඔය දෙන්නා ඔය ඉතුරු ටික කපල ඉවරවෙලා පස්ගොඩවල් ටිකක් විතර තුනි කරල කළු ගල් ගොඩෙන් ලොකු කලුගල් ටික මෙතනට ගෙනත් දාන්න කියල
මං ගමන ගිහින් එනකොට උන් දෙන්නා කළු ගල් ටික ගෙනත් පොලව මට්ටමට එනකං අත්තිවාරං කානුවලට පුරවලා