Popular Posts

2018-06-20

සද්ද කරන්ඩ එපා අතිගරු ග්‍රාමපතිතුමා නිදි



‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘

‘‘මං වැඩක් ‘‘

‘‘ මොකක්ද වැඩේ ‘‘

‘‘ රූප හොයනවා ‘‘

‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘

‘‘  නැ මං මේ  කාඩ්  එකක්  හදන්ඩ රූප කපන්නේ ‘‘

‘‘ හා හා  පස්සේ  ...කරන්ඩ ඒවා ...දහයත් පහු උනා  දැං නිදාගන්ඩ ‘‘

‘‘ මල වදේ  එයාට හොදයි අපිට තමා බැරි ‘‘

‘‘ අක්කි පුතා දැං ඔය කවි පාඩං කරා ඇති  හම් හම්  නිදාගන්ඩ ..‘‘

‘‘ මේ බලන්ඩකෝ  අම්මා අපිට නිදිමතත් නෑත් එක්ක .. මෙයා අපිව බලෙන් නිදිකරවන්ඩ හදනවා ‘‘

‘‘ මොකද ලොකු  ඔයාට වෙලා තියෙන්නේ ... ඔයාගේ  පාඩුවේ  ..ඉන්ඩකෝ  ... එයාලට නිදි මත ආවහම එයාල නිදාගනී ‘‘

‘‘ දැං ඔයා මොකද ඔය කරන්නේ ‘‘

‘‘ මං මේ සාරි බ්ලවුස්  එකක් මහනවා ‘‘

‘‘ හම් හම්  තුන්දෙනාම ගිහින් නිදාගන්ඩ ‘‘

‘‘ මේ මොන යකෙක් වැහිලද අද ඔයාට ... ඒ  ළමයා හෙට ඉස් ඉස්සෙල්ලම රස්සාවකට යනවා ... ඇදං යන බ්ලවුස්  එක මේක .... උදෙන්ම එනවා ගෙනියන්ඩ .. මං නිදාගන්නේ  මේක මහල ඉවර කරලා ‘‘

‘‘ තුන් දෙනාම එලාම්  එකක් තියලා නිදාගන  උදෙන්ම නැගිටලා තම තමන්ගේ  වැඩ කරගත්තොත් හොදයි ... ‘‘

‘‘ බලන්ඩකෝ  අම්මේ  තාත්තට හොදයි රෑට ඇහැරගන ඉන්ඩ ..අපිට තමා තහනං ‘‘

‘‘ ඒකනේ  පුතේ  අද  මොන යකෙක්  වැහිලද ... වෙනදට ඕකට කොට කොට ඉන්නවා  අපි මක්කරනවද බලන්නේ  නැ ‘‘

‘‘ වෙනද වගේ  නෙමෙයි අද මාත් කලින්ම නිදාගන්ඩ එනවා  ... ‘‘

‘‘ හෑ   ඈ  ඒ මොකද ඒ ‘‘

‘‘ අතිගරු  ග්‍රාමපතිතුමා  රෑ දහයට නිදාගන්නවා ... එතුමගේ  නින්ද කැඩුනොත්  ... පත්තරේ  කියවන්ඩ පරක්කු වෙනවා , එතුමා ..හැම දේම දැනගන්නේ  පත්තරෙන් හින්දා  ... පත්තරේ  කියවන්ඩ පරක්කු වෙන එක රටට පාඩුවක්  ... ඒ  හින්දා  අපි  ඉක්මනට නිදාගන්ඩ ඕන සද්ද නොකර ... කෝ  ඔයාල නිදාගන්ඩ යන්ඩ මාත් මේ කම්පියුටරය ඔෆ් කරල මදුරු කොයිල් එකක්  පත්තු කරගන එන්නං ‘‘