මේක මට මතක් උනේ මයිනගේ තාත්තටම වෑන්ඩෑම් ලව්කරන හැටි පෙන්වපු කතාව කියෙව්වහම , ඉස්සර මං වැඩට ගිහින් එන ගමං යාලුවෙකුගේ වීඩියෝ සෙන්ටර් එකේ ලකාගහගන ඉන්නවා ... ඒ ගමන ඉවර උනේ අන්තිමට වීඩියෝ සෙන්ටර් එකක් දාගන , ඒ දවස්වල රස කතා බොහොමයි... ඉඩක් ලැබුනහම ලියන්නං කෝ... ඒත් ඉතින් දැන් ලියවෙනවා හරිම අඩුයි .. ඔලුව නිදහසක් නැති නිසා ... නෙට් ලොග්වෙලා උඩට පල්ලෙහාට යනවා විතරයි.
මං මේ කියන කාලේ ඩබලක් ට්‍රීබලක් බලනවා කියන්නේ හෙනම ගේමක් ... vhs වලින් vcd වලට මාරු වෙච්ච කාලේ ... dvd ත් ඒ වෙනකොට හොයාගන තිබුනට ... ලංකාවේ බහුලව තිබුනේ නැ ... ඒ වෙනකොටත් ඩෙක් පීස් නැත්තට නැතිවෙලා නැ , වී සී ඩී එක්ක කරට කර යනවා , හැමෝම ට්‍රයි කරන්නේ vcd ප්ලේයර් එකක් ගන්න , හෙන ගණන් බෑන්ඩඩ් එවා අස්සේ ගණන් අඩු ඒවත් බහින්ඩ ගත්තා , ගොඩ දෙනෙක් ඒවා තමයි අරගත්තේ , දැං ඔය තියන .. ෆෝන් එකක් ගන්න , ඊලගට එන මොඩ්ල් එක ගන්න , ඇපල් චෝයි , සමහරුන්ට සම්සුන්ග් චෝයි , htc චෝයි , ගෘෆ් සේල් එකෙන් ගෙවන්ඩ ගන්ඩ පුලුවං නිසා .. හුවාවී චෝයි ....... මට වගේ oppo චෝයි ..... දැන් කඩවසං දුරකතන රැල්ල වාගේ ඒ කාලේ කැරකුනේ vcd රැල්ල.
Vhs ඒ කියුවේ ඩෙක් පීස් සහ ඕඩියෝ කැසට් ඒ කියුවේ කැසට් පීස් අවුරුදු තිහ හතලිහක් විතර රජකරගන ඉදලා , සින්දු අහන වැඩේට cd කල එලි බැස්සා , හැම කොම්පැනියම , cd දාන්ඩ පුලුවං සෙටප් .. ගෙනත් විකුනනවා , ..... කෑම ටික නරක් නොවී තියාගන්ඩ අයිස් පෙට්ටියක් , රෙදි ටික හෝදගන්ඩ වොෂින් මෙෂිමක් ගන්ඩ ඕන කමක් නැති උන් .. ඒ දෙකම ගන්ඩ පුලුවං රුපියල් ගානක් දීලා ගන්නවා , cd දාලා අහන්ඩ පුලුවං , කැසට් කෑලී දාන්ඩ පුලුවන් , රේඩියෝ තියන , බපල් ගලවලා වෙන තැනක තියන්ඩ පුලුවං සෙටප් එකක් , ........ උන්ට වොෂින් මෙෂින් ගැන ෆීජ් ගැන වගේ වගක් නැ ....... බිජ්ජ හෝදන්ඩ ගත්ත මැසිම ........ නරක්වෙන එළවලු අයින්කරලා , උයන දේ රත්කරලා වැඩේ ඇදගන යනවනෙ , පිලිණු කෑම දෙන්නෙත් නෑ , රෙදි ටිකත් හෝදලා මැදලා දෙනවා, ..... උං වැඩට ගිහිං ඇවිත් ...... අහල පහල තිබුන සංගීත සංදර්ශනයක් රෙකෝඩ් බාර් එකකින් cd එකකට ගහං ඇවිත් අරකට ඔබලා .... තේ බිබී .....වටේම ඉන්න උන්ට ඇහෙන්ඩ දාගන රසවිදිනවා.
අපි වාගේ සල්ලි නැති ...බවුත් එක අතට හුරු එවුන් කොහෙන්හරි පරණ සීඩි රොම් එකක් හොයාගන , ඒකේ ඔඩියෝ අවුට් එක ... කෑලි ගෙනත් පාස්සගත්ත ඈම්ප් එකකට අමුනගන සිඩි අහනවා.
ඔය සීඩි සෙටප් බහුතරය ආවේ උඩින් ඇරලා තැටි තුනක් ලෝඩ් කරන්ඩ පුලුවන් විදිහට , පස්සේ ආවා එකින් එක ඇතුලට දීලා සීඩි පහක් ඉස්සරහින් ලෝඩ් කරන්ඩ පුලුවන් එකකුත් ..නකොමතිද කොහෙද ජාතිය. ඔය විදිහට පට්ට ගණන් දීලා ගත්ත සෙටප් පොලවේ ගහන තැනට ආවා ..වී සී ඩී ආපුවහම ... අලුත් සෙටප් වීසිඩි එක්කයි ..එන්නේ ... පරන ඒවායේ පිච්චර් බලන්ඩ බෑ ............ ලස්ස බාග තුන්කාලවල් දීලා ගත්ත සෙටප් අයිතිකාරයෝ අන්ත අසරන උනා , ඒත් එක්කම පිහිටට ආවේ පිට කොටුවේ කඩ කාරයොයි ... ගමේ ඉලෙක්ටෝනික් වැඩ්ඩොයි ...
කඩකාරයෝ ... පොඩි බෝඩ් කෑල්ලක් ගෙන්නුවා ..... ඉලෙක්ටෝනික් වැඩ්ඩො හරියටම තැන හොයලා ඒකේ වයර් ටික අර පරන සෙටප් වලට පාස්සලා ... දුන්නා .......දැන් හරි වීසිඩි නැති සෙටප් කාරයින්ටත් වීසිඩි බලන්ඩ පුලුවන් , ඔහොමත් කාලයක් ඇදගන යනකොට ... cd , vcd , mp3 තුන්ජාතියම බලන්ඩ පුලුවන් ... සෙටප් එකක් නොවෙන ප්ලේයර් එකක් බැස්සුවා ලොකු කොම්පැනි වලින් ... එව්වා කා ලගහරි තියන ..සෙටප් , ටිවී , ඇම්ප් ... ඕන එකකට පහසුවෙන් සම්බන්ද කරගන්න පුලුවන්. හැබැයි ගාණ සෙටප් එකක් තරම්ම නැති උනත් ටිකක් සැරයි....
පස්සේ බහින්ඩ ගත්තා ..ගණන් අඩුවට වී සී ඩී ප්ලේයර් ... එව්වායේ දෙපැත්තේ ඉස්පීකර් දෙකකුත් තිබුනා ... ආර් සී අවුට් මදිවට අයි එෆ් අවුට් එකකුත් තිබුනා ......... අල්ලපු ගෙදර එකා බයිස්කෝප් එකක් බලනකොට ... මෙහාපැත්තේ ගෙදර එකා ... ටීවී එකේ .. වී එච් එෆ් ... ලෝ චැනල් ටියුන් කරලා .. අර වී සී ඩී ප්ලේයර් එකේ සිග්නල් රේන්ජ් එක හොයාගන .. ෆයින්ග් ටියුන් කරලා ...අරූ බලන ෆිල්ම් එක බලනවා ...... ආච්චි අම්මෙක් බණ අහන්ඩ හිතාගන .. පහුවදාට ... ටීවි එක කැරකෙව්වොත් ... ..ආච්චිට මුනුපුරා කලින් දවසේ ටියුන් කරපු චැනල් එක මාට්ටු වෙනවා ....... ඒ වෙලාවේ අල්ලපු ගෙදර එකා වැලක් බලනවනං ...... සංදුක්කේ සංසාරේ තමයි .........
ඔය ගණන් අඩු vcd ප්ලේයර් පිටකොටුවටත් වඩා අඩුවට තිබුනා ... හලාවත ටවුමෙයි ... මීගමු ටව්මෙයි .... මයේ හිතේ පිටකොටු බඩු පොඩි ටැක්ස් එකක් ගෙවලා ආවාට .... මීගමුවට හලාවතට .. බඩු බැස්සද කොහෙද ....හොර පාරේ ......... පස්සේ පස්සේ ඒක නැතුව ගියා ....... ඩී වී ඩී ප්ලේයර් හරියටම රට ආක්‍රමණය කරනකොට .... පිට කොටුවට වැඩිය ගණන් ගියා රටේ හැම තැනම ..... ඒ කියන්නේ ..අර පාර වැහුනා .... කාලයක් තිබුනා ........ හලාවත සහ මීගමුවේ තමයි ඔරිජිනල් මැලේෂියන් ෆිල්ම් වී සී ඩී සහ ඩී වී ඩී ඉස්සෙල්ලම ගන්න තියෙන්නේ .......... රට පුරාම වීඩියෝ සෙන්ටර් කාරයෝ ... තරගෙට ඔය ටවුන් දෙකට දුහනවා ........
මැලේෂියන් cd , dvd එහෙමත් ඔය ටවුන් දෙකේ ජයටම වික්කා , හොදම කස්ටමර්ස්ලට විතරක් දෙනවා ෆිල්ම් එකේ පෝස්ටර් ... පට්ට කොලිටි ෆින්ට් එකක් ... මැලේෂියන් ... පෝස්ටර් ........... වැස්සට අහු උනත් දිය වෙන්නේ නෑ ...... නිකං නෙමෙයි දුන්නේ මතක හැටියට දෙසිය පනහක්ද කොහෙද ගත්තා ......... මාලග ආසාවට පරිස්සං කරං හිටිය පෝස්ටර් දෙකක් තිබ්බා .......... සමහර විට තාම ඇති ... ඩයි අ නදර් ඩේද මොකක්ද මන්දා එකක් ආවා ප්‍රීන්ස් බෝස්නර්ගේ ... 077 බුවා ... හෙලී බේරේ කියන ලස්සන කලු කෙල්ලත් ඒකේ හිටියා ......උගේ අන්තිම ෆිල්ම එකද කොහෙද ... අනික ලාරා ටොම් රයිඩර්ද කොහෙද .. කවුද අර ලස්සන එකී ... ලස්සන කුක්කු දෙක අවුල් යන්ඩ කලින්ම ම කපලා අයින්කරේ ...... ඇන්ජලීනා ජොලී තමයි ඒකේ හිටියේ.
ඉතින් ඔය විදිහට අලුත් ෆිල්ම් ගන්තා පහු පහු වෙනකොට පිට කොටුවෙන් ... ලගටම ගෙනත් දෙන පොරවලුත් හිටියා ... නමුත් උන් එනකොට ෆිල්ම් එක ඇවිත් සතියක් දෙකක් ගිහින් ........... අපි ලග බඩු නැති උනොත් කිලෝමීටර් දහය පහලව ගිහින් වෙන තැනකින් කුලියට ගන්නවා ..කස්ටමර්ලා ... ඒ නිසා .. බොහෝවිට ලගට ගෙනත් දෙන අයගෙන් ගන්නේ වැල විතරයි ........ ඒකාලේ දැන් වගේ ෆෝන් එකෙන් වැල බලන්න බෑනේ ........ අනික ෆිල්ම් එකක් සල්ලිවලටම ගත්තට වැලක් එහෙම ගන්නෙම නෑ , කුලියටම තමයි ........... කිහිප දෙනෙක් හිටියා හිතාගන්න බෑ ඒ ෆිල්ම් බලන බැලිල්ල ... හොදටම මතක හිටින ඩයල් දෙකක් උන්නා ... එක්කෙනෙක් දොස්තර මහත්තයෙක් ..... අනිත් කෙනා ... ලොකු හෝටලයක ලොක්කෙක්... මේ දෙන්නම හරිම නිහතමානියි ........ ඒ වාගේම කිසිම කරදරයක්නැ ..... හොද රසවතුන් දෙන්නෙක්......... නම කියන්න බෑ ......නම කියුවහම ගොඩ දෙනෙක් දන්න දෙන්නෙක්.
තියන හැම බඩ කඩුත්තවම ඇරං යනවා ... ගේන හැම එකම පලමුව එයාල දෙන්නට දෙන්නම වෙනවා ....... ඒ නිසා වෙනමම කොපි දෙකක් ඒ දෙන්නට ඇරං තියනවා .......... දෙන්නම එන්නේ මාසේකට දවස් දෙකයි තුනයි .... ආපු දාට විස්සක තිහක අට්ටියක් දෙනවා.......... ඒක එකින් එක බලනවා ..... ඊලගට කවුන්ටරේ උඩින් පපුවගාවට ඇදලා අත් දෙකෙන් අර අට්ටිය අල්ල ගන්නවා...... දෙන්නම අහන්නේ ඊලගට එකම දේ .......
....මෙච්චරද.....
අනේ ඉතින් අලුතෙන් ආපු අහවල් එව්වායේ .... හීරිලා නැති කොපි ටිකකුත් ... අර අට්ටිය උඩින් තියනවා..........
කීයද අලාබේ
අනේ ඉතින් ගණන් හදලා කියනවා...... කලින් ගෙනිච්ච ඒවට ............. රිටන් කරන්ඩ ... ෆිල්ම් තුනක් ගෙනත් නැ
අහවල් තුන නැනේ
අනේ මචං කොහෙද දන්නේ නෑ ....... ඒකට සල්ලි ගන්ඩකෝ
ඕන නැ තිබුනොත් ඇරං එන්ඩ ... නැත්තං පස්සෙ බලමුකෝ .........
කොහොමද උගෙන් එහෙම සල්ලි ගන්නේ .......... ඒ අව් අස්සේ ඌ කියනවා .....
මචං මම වන්වීක් ලේට් ... ඒකට චාර්ජ් කරන්ඩ
යකෝ අච්චර ෆිල්ම් ඇරං යන එකාට දවසට දහය ගානේ ... විස්සකට ගහපන්කෝ සතියකට
නෑ නෑ අවුලක් නෑ ....
අනේ .......... කියන ගාන ගෙවලා තව තුන්හාර සීයක් ලේට් චාර්ජර්ස් විදිහට දීලා යනවා ......... ඒ මදෑ දෙයියනේ ....... එක ෆිල්ම් එකට ...එක දවසකට දහය නොදෙන ..අපතයෝ අතරේ
ඔය වගේ ෆිල්ම් පිස්සන්ට ... දාපු තැන මතක නෑ ............ ඊලග දවසේ අනේ අර හතර නෑඍ කියලා නම් කියලා ...... නොවටිනා ගණන් දික්කරනවා ..
.... එච්චර එපා කියුවහම ...
... මේ මාසේම ඔය ටික තිබ්බනං උඹ කීයක් හොයලද කියලා .........සාදාරණයක් කරනවා ....
ඔක්කොම ගන්න හිත දෙන්නේ නැ ...... කොටස් ඇරං ....අනිත් ටික ආපිට දෙනවා ......
ඒකාලේ දැන්වගේ මළයාලම් , තෙළිගු , සහ වෙනත් භාෂාවලින් තියන ෆිල්ම් යන්නෙම නැ .... ඉංගිරිසිම තමා .... ඒකටත් වැඩිපුර ඇක්ෂන් තමා .... පටන්ගත්ත වෙලාවේ ඉදන්ම ගහමරාගන්න එව්වා තමයි නැගලම යන්නේ ....
හින්දි නං තරමක් දුරට රෙන්ට් අවුට් වෙනවා ........ දෙමළ ත් යනවා .පට්ට ෆිල්ම් විතරක් ........... අනිත් භාෂාවලින් එන එව්වා ...... යන්නෙම හරි අඩුවෙං..............
හැබැයි මම ඔය කියුව දෙන්නා සහ තව කිහිප දෙනෙක් හිටියා ....... හැම දේම බලන අය ....... එයාල හෝල් එකට ගිහින් සිංහල එව්වත් බලනවා ......... චිත්තරපටි ගැන ........ පට්ට සිරා කතා .. අපි එක්ක කතා කරනවා ..... ඇත්තටම රස්සාව විදිහට බිස්නස් එක විදිහට ඒ වැඩේ කරන අපේ රසවින්දනය හැදුවේ එයාල තමයි.
බහුතර ..සෙක්ස් බඩ ගින්දරකාරයෝ ...... හින්දි පිස්සෝ පිස්සියෝ ... හොල්මං පිස්සෝ .... සයන්ස්ෆික්ෂන් ඩයල් ... කොමඩි ලවර්ස්ලා ........... ත්‍රීලර් ..ස්ටෝරි කාරයෝ .............. ඔය හැම ආටෝ රාසියක් කැටගරී ඩයල් වලට පට්ටයි ...කියලා දුන්නත් .......බැනුම් අහපු නැති ....... ඉංගිරිස් ෆිල්ම් හෙන ගොඩක් තිබ්බා....... ඒ අස්සේ
අයෑම් ඩේවීඩ්
වින්ටෝකස්
වීවෙයාර් සෝල්ජර්ස්
බිහයින්ද එනිමි ලයින්ස්
බ්ලු ස්ටීක්
චීල්ෆැක්ටර්
කොන් එයාර්
අන්පේච්ෆුල්
බොඩිගාඩ්
හම්මෝ දැන් මතක නැ ... හෙන ගොඩක් ෆිල්ම් තිබුනා ..... හැමෝටම රහ දැනුන එව්වා ගොඩක්
තාත්තගෙයි පුතාගෙයි ..කතාව ලියන්න ... ගියාට ලිය උනේම නැත්තේ ඒක බංලා ............ මේක දැන් දිගවැඩියි ........... ඊලග කොටසෙං ......... නල්ල මලේ තාත්තයි පුතයි ගැන කියන්න
එතකං සමාවෙන්න හොදේ