Popular Posts

2019-10-26

ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්




ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්

ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි කොච්චර දීලා තියනවද , නැ කියුවේ ඇත්තටම නැති නිසා , හැම යාළුවාගෙන්ම ඉල්ලා දීලා මට දැන් ඉල්ලලා දෙන්න කෙනෙකුත් නැ , ඒ ඉල්ලගත්ත අයට මම ණය බේරුවෙත් නැ , මම කොහොම බේරන්නද , මම හම්බකරන කෙනෙක් යැ , ඉතින් ඒ අයගෙන් මම ඉල්ලාගන්නේ  කොහොමද ආයේ , ඉස්සර ඉතුරුකරගන තිබුන තිබුන ටිකත් ගෙදර වියදමට ලීනස් දෙන මුදලින් අමාරුවෙන් ඉතුරු කරපු ඔක්කොමත් ඔයාට දීලා ඉවරයි , එකවුන්ට් එකේ සතයක්වත් නැ. අන්තිම පාරට ඔයාට දුන්න තිස්හත්දාහ මම ඉල්ලාගත්තේ මගේ අම්මගෙන් , ඒ සල්ලි හදිස්සියකට එයාට බෙහෙතක් හේතක් කරගන්න තිබුන ඒවා.



අනේ මම වාගේ  පව්කාරියක් ... මට  Hi කියලා ඔයා දාලා තිබුන මැසේජ් එකට උත්තර නොදී හිටියනං ... ඔයා කවුද කියලා පෝෆයිල් එකට ගිහින් නොබැලුවනං ....... අනේ මං වාගේ මෝඩියක් ... එහෙම උනානං මේ  කරදර මොකුත් නැනේ  මට ... අහිංසක මට වදදීලා ඔයාට පව් පිරෙන්නෙත් නැ.

අපි මොනතරම් දේවල් කතා කලාද ..අපි කොච්චර ආදරෙන් හිටියද , මම පුංචි කෙල්ලක් කාලේ ඉදන් අනේ මට මෙහෙම කෙනෙක් ලැබෙනවනං කියලා හීන මවපු කෙනා මට ලැබුනා කියලා හිතුවේ , ලීනස්ව කසාද බදින්න කලින් ඔයාව හමු උනා නං කොච්චර හොදද කියලා හිතුනා. ඔයා කියන දේවල්වලට , ඔයාගේ කඩවසම් කමට මම පිස්සු වැටුනා , ඒත් මම කවදාවත් ඔයා එක්ක sex  කරන්න හිතුවේ නැ , මතකද ඒ කාලෙත් අරකට මේකට ඔයා සල්ලි ඉල්ලනකොට වරින් වර කොච්චර දීලා තියනවද , .. ඔයා කොහොමද මම ඔයාට සලකපු විදිහ අමතක කරලා මට මේ විදිහට කරදර කරන්නේ.

කතා බහකරලා ආදරෙන් හිටියට මම කවදාවත් ඔයත් එක්ක sex  කරන්න හිතුවේ නෑ , ඔයා අඩඅඩා ඉල්ලනකොට ඔයාගේ හිත රිදවන්න තියන අකමැත්තටයි මම ඔයාට ඒකට ඉඩ දුන්නේ , ඊට පස්සේ මම තව තවත් වැඩියෙන් ඔයාට ආදරේ කරන්න පටන්ගත්තා,  ලීනස්ට වැඩිය මම ඔයාට සැලකුවා , ඒත් ඔයා මාව රැවැට්ටුවා , මට හොරෙන් අපි කියපු කරපු දේවල් වීඩියෝ කලා , මට දෙන්න සල්ලි නැතිවෙනකොට ඔයා ඒ වීඩියෝ ලීනස්ට පෙන්වනවා කියලා තර්ජනය කරන්න පටන් ගත්තා , ඒත් මම ඔයා එක්ක තරහා නැ , කවදාවත් ඔයාට වෛයිර කරන්නේ නැ.

මට තව දුරටත් ඔයාට දෙන්න සල්ලි නැ , තිබුන අන්තිම පන්සීයෙන් කඹයක් ගෙනාවා , මේසය උඩින් පුටුවක් තියලා , ඒක වහලේ ගැටගහලා අනිත් කොන මගේ බෙල්ලට බැදගන බිමට පනිනවා , ඔව් හැමදාම අන්තිමට මගේ ඇග උඩට වැටිලා ඔයා kiss කරපු  , රතුවෙන්න දත්පාරවල් හිට්ටවපු බෙල්ල කැඩිලා , ආදරෙන් උරාබීපු දිව එලියට පයින්න බිමට පයිනවා.

ඒක නවත්වන්න පුලුවන්කම තියෙන්නෙත් ඔයාට විතරයි , මගේ අසරණ දරුවෝ තුන්දෙනාට අනුකම්පා කරලාවත් ඉස්සර වාගේ මාලගට ඇවිත් ආදරෙන් බදාගන්න , මට පේන්න ඔය Video ටික delete කරන්න රත්තරනේ, මම ඔයාට ඉස්සර වාගේම ආදරේ කරන්නං , පණ වාගේ සලකන්නං , ළමයි ඉස්කෝලේ ඇරිලා එන්න තව පැය පහක් තියනවා , තව පැය තුනක් මම බලාගන ඉන්නවා ඔයා එනකං.

අනේ ඇවිත් මගෙන් සල්ලි නං ඉල්ලන්න එපා , අර හැමදාම ඔයා ඉල්ලපු රිදෙයි කියලා බයට මම කරන්න නොදුන්න දේ කරන්න දෙන්නං හැමදාමහරි.


මීට ඔයාට ගොඩාක් ආදරේ අක්කි බබා

පසුව ලියමි

මම මේ ටික මේ විදිහටම කොලයක ලියලා සාක්කුවට දාගත්තා