2014-01-15

අක්ක ඇන්ටිලා


දැන් කාලේ සමහරක් ගෙවල්වල රස්සාවක් නොකරන නෝනලාට වෑන්වල පටවලා දරුමල්ලෝ ඉස්කෝලේ දැක්කුවට පස්සේ , ගෙදර තියන ආටෝරාසියක් වැඩ කන්දරාව අහවර කරහම  දවල්ට ලැබෙන සුළු විවේක කාලයක් තියනවානේ, ඔය පුංචී විරාමයට ඉතින් වෙහෙස නිවා ගන්ඩ තියන හොදම ක්‍රමය තමයි ඉතින් අහල පහල ගෙවල් වල යෙහෙළියොත් එක්ක කතා බහක් දාන එක.
ඒක  මොන තරම් සැනසීමක්ද කියලා එහෙම ජීවිතයක් ගතකරන නෝනා කෙනෙකුගෙන් ඇහුවොත් කියයි. සමහරක් අය නං  ඔහොම නෝනලාගේ පතූරු ඇරියත් අටමා එහෙම නෑ, අටමට හොදට දැනෙනවා ''කාන්තා හදගැස්ම'' එතනින් ගියහම  "කාන්තා විමුක්තියේ දෝංකාරය''

( මොකද ඉතින් අටමා කාන්තාවොත් එක්ක දවස තිස්සෙම ගැවසෙන එකානේ,, මේ රස්සාව හින්දා අටමට දැන් පුළුවන් ගැහැණු කෙනෙක් දැක්ක ගමන් අනුමාන කරන්ඩ මේ අම්මන්ඩී මොන ජාතියේ ස්තිරියාවක්ද කියලා )

එක්තරා නගරයක තියන අතුරු පාරක තියන පුද්ගලික පාරක අක්කලා සෙට් එකක කතන්දරයක් තමයි අද මම කියන්ඩ යන්නේ.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා , ඒ පාරේ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා තනියම ඉන්න වයසක ජෝඩුවකූත් ,

ඒ ඇන්ටි අර අක්කලාගේ ගැන්සියට සෙට් වෙන්ඩ හැදුවට අක්කලාගේ එච්චර මනාපයක් නැ ඒකට , මොකද දන්නවද වයස 29යේ  35හේ   41කේ  ගැන්සියක අක්කලාගේ සෙට් එකක් කියන කරන හැසිරෙන විදිහත් එක්ක 65ක් විතර වයස ඇන්ටි කෙනෙක් අනුගත කරගන්න එක අමාරු හන්දා.


ඔය පාරේ හිටියා අනූෂා කියලා අක්කා කෙනෙක් එයාගේ මහත්තයා වෝෆ් ක්ලාක් කෙනෙක් , හැම වේලාවකම ෆන් එකේ ඉන්න පොරක් , යෝධයට වඩා වැඩකාරයා යෝධයාගේ ගෑණී කියුවා වාගේ ( තව කතාවක් මතක් උනා වෙන දවසක ලියන්නං)  අක්කා අයියට වඩා සුන්දරයි ,
මොනවා උනත් ලොකුවට ගන්නැ, 16යේ කෑල්ල වාගේ තමයි කල්කිරියාව , හැබැයි නරක ගෑණියෙක් නෙමෙයි . දරුවන්ට ආදරය කරන , පති භක්තිය තියන , අනුන්ගේ දුකේදි  පිහිට වෙන , කියන්ට තියන දේ කෙලින්ම කියන මනුස්සයා.

එයාගේ ගෙදරට අල්ලපු,  බාගෙට හදපු ගෙදර ඉන්නේ ලගදී බැන්ද ජෝඩුවක් , කොල්ලා බෙහෙත් කොම්පැනියක ඒරියා මැනේජරයෙක් , කාර් කටුවක් එහෙම තියන මාසෙන් වැඩි දවසක්  චයිනීස් කන ඩබලක් , කෙල්ලගේ නම ෂෙරින්


දවසක් ඒ දෙන්නා තාප්පේ දෙපැත්තේ ඉදන් කයියක් දාගන ඉන්න වේලාවක

!! මාර වැඩේනේ බං ඊයියේ රැ අපේ එකා sex dvd එකක් අරගන ඇවිත් මට හොරෙන් බලනවා මට අහු උනානේ !!

!! ඉකේ ....ඉතින් අක්කේ.... අක්කා බැන්නද !!

!! මාත් කලින් දැකලා තියන එකක්ද ෂෙරින් මාත් බැලුවා !!

!! ආනේ ....හික් හික්ස්.....මං නං කවදාවත් බලලා නැ !!

!! අයියෝ පිස්සු හැදෙනවා අනේ ඒකේ තියන එව්වා බලන කොට , සමහරක් එව්වා අප්පිරියයි !!

!! ඒ ඇයි අනේ  ඒ!!

!! ෆොරින් කට්ටිය අනේ එයාලා අරවා කරනවට වඩා !@$^()__+__+)(*^$$%^^ කරනවා අප්පිරියා හිතෙනවා !!

!!  හික් හස් හිහිහි.... අනේ ඔයාගේ බොරුද කොහේද !!

!! බොරු නෙමෙයි ළමයෝ , කෙල්ලෝ දෙන්නෙක් කරන එව්වා , හිරිකිතේ බැ අනේ !!

!! අනේ... කෙල්ලෝ    ...... මම නං දැකලා නෑ !!

!! ඒ dvd එක ගෙනිච්චේ නැ අපි බලමුද !!

!! හී හි  හික්ස් ... අනේ ....අක්කේ  අපේ නිශාන් දැන ගත්තොත් මාව මරයි !!

!! කොහොමද බං නිශාන් මල්ලි  දැන ගන්නේ , දොර වහලා දාලා මෙහෙට වරෙන් !!

ඔන්න ඔහොම දෙන්නා වැල බලන්ඩ සෙට් උනා කියමුකෝ

!! චාන්දනී අක්කට කෝල් කරලා එන්ඩ කියමුද !!

!! අනේ එපා අක්කේ මට ලැජ්ජයි , එයා අපි ගැන වැරදියට හිතයි !!

!! අනේ නිකං ඉන්ඩ එයා මොනවා හිතන්ඩද !!


කොහොම හරි මැදි වයසේ උන්න චාන්දචනීවත් ගෙන්නා ගෙන ‍තූන් දෙනා එක්කම දැන් අරක බලනවා ,

!! අනූෂෝ ....අනූෂෝ .....දුවේ  කෝ ගෙදර  ඉන්නවාදෝ.....!!

!! හුටා ආන්ටී ඇග්නස් ඇවිත් !!

!! මේ ඉස්සරහා දොර වහලා හන්දා ඔය ගෑණි යයි , අපි සද්ද නැතුව ඉමු , මළ වදයක් අනේ !!

එහෙම කියලා සද්ද බද්ධ නැතූව එලියට කන්දීගන හිටපු කට්ටිය , එළියෙන් සද්දයක් නැති හන්දා ආයෙත්  අරක රස විදිනවා.

දොරවල් වැහුවට ආපහු  හැරෙන ගෑණියෙක් නොවෙන ආන්ටී ඇග්නස් , ලොක් නොකර තිබුන පිටි පස්සේ දොර ඇරගෙන කෙලින්ම සාලයට එන්ටර් උනා.

කට්ටියට දැන් කට උත්තරනෑ,  අනූෂාට   dvd එක off කරන්ඩ සිහියකූත් නෑ.

 ආන්ටී ඇග්නස් කට බලියාගන  tv  එක දිහා බලාගන ඉදලා මෙහෙම කියන්ඩ කට ඇරියා

!! අනේ අම්මපා බං උඹලා දරුවොත් ඉන්න අම්මලා.................!!

එයාට ඒ කියන්ඩ ගිය කතාව සම්පුර්ණ කරන්ඩවත් ඉඩක් නොදී අනුෂා මෙහෙම කියුවා,

!! ඇන්ටි මේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගෙට ආවානං දැන් ඉතින් , බලනවානං  බලන්ඩ , නැත්තං කරුණාකරලා කරදර නොකර ගෙදර යන්ඩ !!

!! ඇන්ටිකාරයත් දැන් ඉතින් අච්චර පුටු තියන සාලේ , බිත්තියට අත් දෙක තියාගන , පිටි අල්ලට පිට හේත්තු කරගන ඈක්කා එව්වා බලනවා !!

අර තූන් කට්ටුවත් ( අනික් අයට  නොදැනෙන්ඩ ) සෝ සුසුම් මැද්දේ dvd එක බලලා ඉවර කෙරුවා කියලා කියමුකෝ,
අනුෂා කලින් තිබුන විදිහට කේස් එක අස්සට dvd එක දාලා , තිබ්බ විදිහටම තිබ්බ තැනින්ම තියලා , කට්ටිය එක්ක  , පට්ට සිනමා විචාරයක යෙදෙනවා,

ඔය අතරේ කට්ටියට අමතකම වෙලා හිටිය ආන්ටි ඇග්නස් කම්මුලට අත තියාගන ජනේලයෙන් එළිය බලාගන කල්පනා කර කර ඉන්න හැටි දැක්ක චාන්දනී,

!! ඇ ඇන්ටි  මොනවද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ !!

!! නෑ බං කෙල්ලේ මම මේ කල්පනා කලේ..... , ඒ කාලේ අපේ මිනිහගේ දිවට හෙන ගහලා තිබුනාද කියලා !!

ප.ලි //  මේ කතාව අටමාට හෝ අටමාගේ සමීපතයෙකූට හෝ සමීපතයෙකුගේ සමීපතයෙකුට සිදුවුවක්‍ නොවන බව සැලකුව මනාය, මේ කතාව අටමා අහපු කතාවක් වන අතර  ඇත්ත නැත්ත අටමා නොදනී , අටමා ඇසු ඒකතාව අටමා විසින් අයිසිං කලා පමණි.

8 comments:

  1. යකෝ මෙච්චර ලස්සන කතාවකට එක කමෙන්ට් එකක් නැත්තෙ මොකෑ!!

    ReplyDelete
  2. කමෙන්ට් නැති හොඳ කතාවක්.

    ReplyDelete
  3. දිවට ගෙණ ගහල හැක් හැක්

    ReplyDelete
  4. කෙලියා ට ****න කතාවක් නේ බන්

    ReplyDelete
  5. හිනා වෙලා බඩ රිදෙනවා අටමෝ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • දුකට සැපට  පද්මකාන්ත
    සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා…
  • ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි
    ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය…
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • ආදරණිය දෙවනි ගෑණිට
    එයා  කොච්චරවත් කියුවා තමා මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා සමහර වෙලාවට ඒක ඇත්ත තමා දැං නං එයා එහෙම කියන්නේත් නැ එයා ගැන වත් ඔයා ගැනවත් එහෙමට වද…
  • තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව
    මෙන්න තවත් වීඩියෝ ලින්කුවක්  https://www.facebook.com/real.rr/videos/470071243560989/
  • කා එක්කද බං
    මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට…
  • අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ
    ඉස්සර මම අර යෝගට් කප් හදන රස්සාව කරන කාලේ අපිත් එක්ක හිටියා සමන්ත කියලා පොරක් , කියන කියන ඕන කුණ්ඩවාලියකට ඔලුව වනලා හා කියන හන්දා…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • How to write a Sinhala blog  ( 10 ) බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් )  එක්කරගන්නා ආකාර
    නමවෙනි කොටස මෙතැනින්  බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික්…
  • ජාබා සහ ජුල්බුලී
  • හොර ගෑණු
    '' හෙලෝ මේ '' '' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක…
  • දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ
    .....මේක වෙන්ඩැති කාමරේ .... ..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ...... ...හරි ..හරි මේක ...තමා…
  • සර්ලට මොකටද කසිප්පු
    අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත්…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • Electric Water Heater Installation: Step-by-Step Directions to Do It You...
  • කාගෙද බං මූ
    මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක්…
  •  චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
     
  • ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ
    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික…
  • බඩු නැ සර්
    අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද…
1,643,616

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>