''සුදු හාමිනේ ටක් ගාලා බත් ටිකක් දෙන්ඩ අද ඉන්නේ මායි කුලසේන මහත්තයයි , අතුකෝරලයි , සේනකයි විතරයි , ටක් ගාලා යන්ඩ ඕන ''
'' දෙයිියනේ අද ඉන්නේ ඔය තුන්දෙනා විතරද ''
'' නැ නැ තව අළුත් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා , එක්දාස් හයසීයකට පස් දෙනෙක් බම්බු ගහන්ඩද ''
'' ඉතින් නාගන ඉන්ඩකො''
'' බැ බැ යන්ඩ ඕන "'
අනේ ඉතින් තාත්තා බත් කාලා යන්ඩ හදනකොට අම්මා කියනවා ,
'' එහෙනං ඔය දාඩිය ඇදුම ගලවලා මේකවත් දාගන යන්ඩ''
'' ඕක තියන්ඩ හෙට උදේට , මං හෙට ගල්කිස්ස උසාවි ''
ඉතින් තාත්ත ඔහොම කියලා නිදාගන ඉන්න අප දිහා දොර රෙද්ද ඇත් කරලා බලලා යන්ඩ යනවා . අපි උදේට නැගිටිනකොට ඇද පත්ත උඩ තාත්තගේ දාඩිය ගද ගහන , කාකි කලිසමයි කමිසයයි විතරයි ,
එහෙම බලනකොට අපි හරි වාසනාවන්තයි , අපේ දරුවොත් වාසනාවන්තයි ,
අපි හිටපු ක්වාටස් එකට අපි ඉස්සෙල්ලම ආව දවසේ ගෙදර ලයිට් එකක්වත් වැඩ කලේ නැ , පස්සේ තාත්තා හෙන ගේමක් දිලා මොකක්ද මගුලක් කරලා වයර් එහෙට මෙහෙට ඇදලා කරන්ට් එක ගත්තා ,
කාලයත් එක්ක මම වැඩෙන කොට ඔය පොත පත කියවලා . මිනිස්සු වැඩ කරන තැන්වල ඉස්කෝලේ ඇරිලා එන ගමන් තැක් ගැහිලා , ලබාගත්ත දැනුමත් එක්ක නිළ නිවාස සංකීර්ණයේ නිත්‍යය අළුත් වැඩියා කරන්නා උනා , ඒ කාලයේ බන්ධනාගාර සීමාව ඇතුලට දර කරත්තයක් නොආපු නිසාත් . විදුලි බිලක් විදිහට වේතනයෙන් බොහොම සුළු මුදලක් අයකල නිසාත් ( කොටින්ම මිටර් තිබුනට මනු කියවන්නෙක් ආවේ නැ ) හැම ගෙදරකම පාවිච්චි කලේ හොට් ප්ලේට් . සමහරක් ගෙවල් වල හොට් ප්ලේට් දෙක තුනක් තිබ්බා , ඉමර්ෂන් හීටර් තිබුනෙත් එහෙමත් ගෙදරක , සමහරක් ගෙවල්වල දර භාවිතයක් තිබුනා , ඒ අපි වාගේ කිලෝ මීටර් ගානක් බයිසිකල් පැදලා , දර හොන්ඩර බාගයක් බයිසිකලයේ බැදගන එන්ඩ පුළුවන් කොල්ලෙක් ඉන්න ගෙදරක විතරයි ,
ඔය දර ඇරගන එන්ඩ යන ගමනට මං හරි මනාපයි මොකද , එහෙම ගිය දවසට වෙන දවස්වල වාගේ අපේ අම්මා මගෙන් ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැ , මං ඉතින් හරිම මනාපෙං දර ගේන රාජකාරිය කොලා , ඔය රාගම ගල්වල හන්දිය පාරේ නාගහමුල පාර පාස් කරලා , ගැමුණු මාවතත් පාස් කරලා ඉස්සරහට ගිහින් පල්ලම බහිනකොට තිබුන '' පුරං මාමගේ '' දර මඩුවෙං තමයි මං දර අරගන එන්නේ , යනකොට දෙල්පේ හන්දිය ගල්වල හන්දිය ගනේමුලු පාරෙන් ගියාට මොකද , දර ඇරගන එනකොට මං එන්නේ නාගහ මුල පාර ගාවින් වමට දාලා , සියබලා ගහවත්ත පාරෙන් ටේලර් ඇන්ටිගේ කඩය ලගින් හිරගෙදර වත්තේ පස්සේ ගේට්ටුව ගාවින් ,
'' ඇයි යකෝ දර මිටි බැදගන එනවා ට්‍රයි කරපු කෙල්ලෝ දකිනවානේ ''
( කාටවත් කියන්ඩ එපා මං එතකොට අට වසරේ )
ඉතින් ඔන්න ඔහොමයි බන්ධනාගාර නිලනිවාස බත් ඉවිල්ල සහ බත් කෑම
කාලයත් එක්ක තාත්තගේ ටැම්පරි වයිරිමට කෙල උනා , අටං තුමාට එහෙං මෙහෙං හොයාගත්ත වයර් වලින් අළුත් වයරිමක් ගහන්ඩ උනා , මොකද ඒ වෙනකොට එන්ගලන්තේ හැදුවා උනත් වයර් වලට සුවිච් වලට බඩු බනිස් වෙලා තිබ්බ හන්දා ,
ඒ වෙනකොට මට තිබිච්ච දැනුමේ හැටියට ට්‍රීප් ස්විච් එකක වටිනාකම ගැන තාත්තට කියුවත් , තාත්තා එකක් අරගන දුන්නේ නැත්තේ ඒ ගැන තිබ්බ අවතක්සේරුව හන්දා නෙමෙයි , මුදල් ප්‍රශ්න හන්දා කියලා මට ඒ කාලෙම තේරුනා , අනික ඒ කාලෙ ට්‍රීප් ස්විච් එකක් නැති අළුත් ගෙදරකට උනත් ,මෙන් ස්විච් එකක් තියනවානං , ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකෙන් කරන්ට් එක දුන්නා. අපේ අහල පහල එක ගෙදරකවත් ට්‍රීෆ් ස්විච් තිබුන් නැ. ඔය මොනවා හරි වෙලා හදන වෙලාවට
'' අංකල් අපි ට්‍රීෆ් ස්විච් එකක් ගෙනත් දාමු '' කියුවහම
'' වැඩක් නැ අපරාද සල්ලි කියනවා''
එක ගෙදරකවත් අර්ත් එකක්නං තිබුනේ නැ , සමහරක් තැන්වල බිමට ආපු අර්ත් වයර් තිබ්බත් පයිප්පයක් දකින්ඩ නැ දිරලම ගිහින්.ඒ ගෙවල් ගිණි නොගත්ත එකම තමයි පුදුමේ , සමහරක් තැන්වල වයර් දිරලා ඉන්සියුලේට් කවර් එක තැනින් තැන පුපුරලා , කොහොම හරි අපේ වයිරිම ගැහුවා කියමුකෝ . ගැහුවා කියුවට ඉතින් සිංහල උළු වහලය දිගේ වයර් එහෙට මෙහෙට ඇදලා පරණ වයර් ඔක්කොම ඩිස්කනෙක්ට් කරලා දැම්ම එක තමයි කලේ.
ඒ ගෙදර කුස්සිය තිබුනේ වෙනමම පොඩි පෑසේජ් එකකින් වෙන් වෙලා ගෙයින් එලියේ , හැබැයි දෙකටම තිබුනේ එකම වහලයක් , ඉස්සරහ දොර ලග ඉදන් බැලපුවහම තව උළුවහු දෙකක් අතරින් හරි කෙලින් කුස්සියේ දොර පේනවා , ඔන්න ඔය උළුවහු උඩින් තමයි මම කුස්සියට යන වයර් දෙක අරගන ගියේ , කුස්සියේ දොර ලගට ලංවෙන කොට වහලයේ පලය පාත හන්දා උඩ පැනලා වයර් දෙක අල්ලන්ඩ පුලුවන් මට්ටමක තමයි තිබුනේ ,
බිත්තියට උඩින් ගත්ත වයර් එකට . කනෙක්ටර් බාර් කෑල්ලක් දාලා එතනින් ලූප් කරලා ගත්ත වයර් දෙක බල්බ් එකට ස්විච් එකක් හරහා දිලා , අනිත් කොන ප්ලග් බේස් එකකට දීලා ඒ බේස් එක දොර ගාවම ඇතුල් පැත්තේ බිත්තියට හයි කරලයි තිබුනේ .
මේ කියන දවසේ මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම ගෙදර ආවා , වෙනදට ඉතින් අඹ ගස් දිවුල් ගස් යට . බාස්ලා ගෙවල් හදන තැන්වල , ගැරිජ් ගානේ රස්තියාදු වෙලා ගෙදර එන මං එදා මොන හේතුවකට හරි කලින්ම ආවේ.
ගෙදර දොරකට බුදියන අල්ලපු ගෙදර පුසට පයින් එකක් ඇනගන ගෙට ගොඩ වෙනකොට මම දැක්කා අම්මා කුස්සියේ දොරටයි බිත්තියට හේත්තු වෙලා ඉන්නවා . එදා අම්මගේ වෙලාවට දොර දාලා තිබුන පරණ සාරි රෙදි ටික ගලවලා හෝදලා තිබුනා . හැමදාම මම කුස්සිය පැත්තට යන්නේ කාමරයට ගිහින් ඇදුම් ගලවලා ෂෝටක් දාගන , මාළු ටැංකියට කෑම දාලා ටීවි එක ඔන් කරගන එහෙම , එදා දොර රෙද්ද නැති හන්දා උවමනාවෙං කුස්සිය පැත්ත බලනකොට
මට දැනුනා වෙනසක් මොකද අම්මා කවදාවත් ඔහොම අරකට මේකට හේත්තු දාන ගෑණියෙක් නෙමෙයි , තව ටිකක් ඉස්සරහට අඩිය තියනකොට
'' පොඩි වෙව්ලන ගතියක් එක්ක අම්මා ........ක්ර්ර්ර්ර්........කර්ර්ර්.....ගාලා ගොර ගොරයක් දානවා ''
මට තේරුනා වැඩේ කොරගන කියලා පොත් ටික බිමට අත ඇරපු මං දුහගන ගිහින් අර වයර් එකේ එල්ලුනා. ටිකක් වෙලා එහෙම්මම හිටපු අම්මා කාටුන් එකක් වාගේ කෙලින් වෙලා පොඩ්ඩක් ඒ පැත්තට මේ පැත්තට පැද්දිලා අතේ පැටලිලා මස් පුච්චාගන යටට ගිහින් තිබ්බ කොයිල් එක ගලවලා දාලා .
'' හොට් ප්ලේට් එකේ කොයිල් එක කැඩිලා , අමතක වෙලා මම ඇමුනුවා , .....හම්මේ ලොකු පුතේ උඹ වෙලාවට නාව නං ''
පලි //
දැක්කද මේක
'' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ''
කරන්ට් කතාවට වඩා අතුරු කතාවලට කරන්ට් එක වැදුනා.. ඉස්සර අපේ ගෙදර දර ගෙන්නේ අත් කරත්තෙන්, රබර් දර, තෙත බේරෙනවා.. ඒ දරවල සුවඳට අදත් මම කැමතියි.. එක පාර ගෙවල් ගොඩකට ගෙනාවත්, දර කෑලි වලින්ම වෙන කරගෙන කරත්තේ දාලා ගෙන්නේ.. ඒ පාර අවුවේ දානවා වේලෙන්න මිදුල පුරා.. වේලුනාම අත් වලට දර ගොඩවල් අරගෙන කුස්සියේ ලිපිබොක්ක යටට ගෙනිහින් දානවා.. පස්සේ කාළෙක ළොකු උනාම, ගමේ උන් එක්ක වෙළේ පැනලා දර කැපුවා.. ඒ වැඩේට නම් මුකුත් කිව්වේ නෑ.. ඇයි ගෙදරට දර එනවා නේ..
ReplyDeleteආ එල එළ පබ්ලිෂ් වෙලා හම්මේ කාපු කට්ටක් . උඹව දැක්කහම නං එහෙම ළමා ජීවිතයක් ගත කරපු එකෙක් කියලා හිතන්න බැ බං
Deleteඅටම...+++++++++++++++
Deleteඇයි නළු ශරීර කුඩුව නිසා ද....?
ඊයා වෙල් වල මඩනේ අප්පා ...අපෝ අපිනම් ආසවත් නැහැ ..මඩ ගඳ මට නම් අප්පිරියයි.. : D
Delete@ කෙන්ජි ඒකන් බං
Delete@ ඔමාය
Deleteඑතකොට අර මඩකරි මිරිකුවේ බූට් එහෙම දාගන වෙන්ටැ
පොතේ කවරෙන් පොත මනින්න එපා අටමෝ...
Deleteවෙලක ඇලක දොළක මඩ ගඳ දැනෙනකොට මට නං ඇස් පියාගෙන පොඩි කාලෙට කාලෙට ආපහු යන්න පුළුවනි ඔමා,
Deleteමං ඉපදුනේ ඔස්ට්‍රියාවේ ස්ටඩි කරන්නේ ඉංග්ලන්ඩ් වල මං ඔය වෙල් ගැන ,ගස් කොළන් ගැන දන්නේ නැහැ .අනේ
Delete@ මාතේ එහෙනං උඹ පිටකවරයක් දාලා
Deleteවෙලේ පැනලා දර කපලා???? කැලේ පැනලා නෙමේද..
Deleteඅටම් අයිය ලොකු පිනක්නෙ කරන් තියෙන්නෙ අම්මගෙ ජීවිතය බේරගෙන..
ReplyDeleteඇයි බං ඊටපස්සේ මගේ ජීවිතේ එයා බේරුවනේ
Deleteකතාවෙ මුල් සිද්ධි ටිකත් එල. කරන්ට් කරන්ට්.. ලියහන්කො ඉතුරු ටිකත්.
ReplyDeleteහිටහං හිටහං
Deleteමේ බොලාගෙ සත්‍යම කථාවද බන්...අම්මෝ අම්මට කරන්ට් එක වැදිලා ඔහොම බේරුනා මදැයි බන්...ඒ කොටස කියවද්දි මටත් කරන්ට් එක වැදුනා වගේ....
ReplyDeleteඔව් බං සිරා සිරා
Deleteඅපෝ තව කොච්චර සත්‍ය කතා තියනවද, ඒ අතරින් හොදම සත්‍ය කතාව තමා සෑම ගැන ලිව්වෙ :D
Deleteඒකට සිරා කැමති නැ බං
Deletenoddakin mata sinhala kotanna ba. google input tool ekata kelawilaa wage. hadaagena ennan.
ReplyDeleteවිජේසේකරය දාපං බං
Deleteහම්මේ තාසජනක එකක්නෙ මුලින්ම ගොඩවෙලා කියෙවුවෙ
ReplyDeleteස්තුතිය් ආයෙත් එන්න
Deleteහඃ හඃ තෙල් ගහන තැනක් වගේ
Deleteහපුයි. කරන්ට් වැදුන වගේ ඒක කියෝලා....
ReplyDeleteඒ මොකැ බයද
Deleteෆොටෝ එක දැක්කම වෙන දෙයක් හිතුනේ
ReplyDeleteඇත්තටම මොකක්ද
Deleteනෑ, ආපහු සැරයක් ගිනිතියාගන්න එකක් ගැන කතා උනානේ කට්ටිය
Deleteආ ඒකයි
Deleteඔයිට කිට්ටු දෙයක් මටත් මතකයි. අපේ සීයා (තාත්තගේ තාත්තා) හිටියේ අපේ ගෙදරට අල්ලපු ගෙදර. හැබැයි කිසිම ඇයි හොදයියක් නම් නෑ. එත් අපේ අම්මා හැමදාම දවල්ට කෑම එකක් අරන් සීයාට දෙන්න යනවා. දවසක් යනකොට ගෙදර තිබුණු ෆ්‍රිජ් එක වැඩ නොකරපු නිසා සීයා බාස් වෙන්න ගිහින් ඔය වගේම කරන්ට් වයර් අතේ පටලාගෙන ගලෝගන්න බැරි වෙන්නම. අම්මා බේරාගෙන තියෙන්නේ මෙන් සුවිච් එකෙන් ඔෆ්ෆ් කරලා. දරුණු විදියට ඇත තුවාල වෙලා තිබුණා..
ReplyDeleteපිච්චෙනවා බං . මගේ අත ඇටකටු පේන්ඩම පිච්චුනා . අම්මා තමයි බේරගත්තේ . හැබැයි ලේ බිදක් ආවේ නැ .
Deleteඋඹේ අටෝපු වයරිං එක තිබ්බේ වෙලාවට.නැත්තං කොහොමද එල්ලිලා වයර් එක ගලවන්නේ
ReplyDeleteහොද වෙලාවට තාත්තගේ එක ගැලෙව්වේ නේ
Deleteමේවගේ දේවල්වල යථාර්තය බොහෝ දෙනකුට තේරුම් ගන්න අමාරුයි බං. ඒ දුක දන්නේ විදපු එකෙක්ම විතරයි.
ReplyDeleteඒ දුක දුකක් කියලත් එතකොට දැනෙන්නේ නැ , පස්සේ තමයි අනේ අපොයි හිතෙන්නේ
Deleteපික්සු හැදෙනවා. ඔය කියන එව්වද දන්නේ නෑ අපිත් ඉස්සර හිටියේ කුලියට ගෙදරක ඒක හෙනට පරණ වෙච්ච එකක්..ඒකෙත් ටිප් නෑ. බ්‍රේකර් කෑලි කියලා තිබුනේ අර පිගන් ගඩොලින් වගේ හදපු පොඩි කෑල්ලක අමුනලා තියෙන කම්බි පතුරු...සමහර එව්වා පැත්තක් කැඩිලා. ඒ නිසා මේන් එක ඔෆ් නොකර ඒකක් අල්ලනවා බොරු.
ReplyDeleteමට පොඩිම කාලේ දෙපාරක් වැදිලා තියෙයි කරන්ට්. පොඩි නිසා වෙන්න ඇති දෙපාරම වුනේ උඩින් වීසි වෙලා ගිය එක... භයානකම ඇලෙන එකනේ. වෙලාවට අටමා ගියේ. දැන්නම් පට්ට බයයි කරන්ට් එකට. හෙහ් හෙහ් එහෙනම් ඉතුරු කතාවක් දාමු ඉක්මනටම.
සෙරමික් පියුස් තමා ඊලග වාතේ
Deleteමේ විදිහටම මට මගේ ලොකු මල්ලිගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණා. මම රේඩියෝ වද කරන මේසේ අස්සේ මේකා රිංගලා බවුත් එකට කරන්ට් එක එන වයර් එකෙන් ලීක් වෙලා වැදුණා. මේකා වෙවුලනකොට මම වයර් එක කඩලා බේරාගත්තා.
ReplyDeleteඊළඟ එක ඊටත් වඩා හිනා කනවා. අපු බැඳපු අලුත් හොට් ප්ලේට් එකක් තෑගි හම්බවෙලා තිබුණා. ඉතින් ඕකේ කොයිල් එක කැඩුනම මම ස්විච් එක නිවලා ලී මිට තියන ඉස්කුරුප්පු නියනකින් කැඩුණු තැන යා කරනවා. අපේ උන්දැත් මේක බලා ඉඳලා එක දවසක් පිහි තලයෙන් කරන්න ගිහින්. හොඳ වෙලාවට නෙගටිව් කම්බියෙන් කරන්ට් එක වැදිලා තියෙන්නේ. සින්දුවක් වගේ විලාපයක් අහන්න ලැබුණා.
සාස්පානක් අරං සංගීතය සපයන්න එපැය
Deleteඅම්මෝ වෙලාවට ඔයා ආවේ..මටත් කීප විටක් කරන්ට් වැදිලා තියෙනවා ගෙදර අයන් එකෙනුයි ෂෝර්ට් කරපු නැති සර්කිට් වලිනුයි..ඔයාටත් වද්දගෙන බලන්න ඕනේ නම් ක්‍රමයක් තියෙනවා .. කැපෑසිටර් හයිකරපු සර්කිට් එකකින් පොඩි ධාරාවක් යවලා ඩිස්කනෙට් කරලා ,,
ReplyDeleteපොඩි ac-dc ට්‍රන්ස් පොමර් එකක් අරගන ඒකේ කරන්ට් එක දෙන පැත්ත සීයට අල්ල ගන්ඩ දීලා , ඩි සී ගන්න පැත්තට බැට්රි කෑල්ලක එක අග්‍රයක් තදින් ගැවෙන විදිහහට තියාගන අනිත් අග්‍රයට වයර් එක කඩින් කඩ ගාවල බලන්ඩකෝ .
Deleteඋඹත් හොද මීටරේ නිසා අම්ම ගොඩ ගියා.
ReplyDeleteවැල් වටාරම් දාල ලස්සන ලියවිල්ල.
ට්‍රයි කොලාට 8 දී එකියෙක්වත් සෙට් වුනේ නැද්ද බං
නමයෙදි යාන්තං ගොඩ ගියා
Deleteමටත් කරන්ට් නම් වැදිලා තියෙනවා කීප වතාවක්ම.. හැබැයි මේ වගේ සැරට නෑ.. අම්මගේ හොද වෙලාවට අයියා හිටියේ.. ඊලග එකත් දාමුකෝ..
ReplyDeleteහෙට දිහාට දාන්නං . තමා ලියාගන්ඩ බැරි උනා
Deleteතිස්තුන්දාහක් වැදිලා නැවතුනේ! මමනං කොහොමත් ඔය කරන්ට් ලයින් වලට බයයි. අටං අයියේ උඹ රටක් වටින පුතෙක් නේ බං
ReplyDeleteමං හොද පුතෙක් නෙමෙයි බං
Deleteහපොයි බය හිතුන හොඳටම... :)
ReplyDeleteමේක හොල්මං කතාවක් යැ
Deleteඋඹ හැගීම්බර නොවී වයර් එකේ එල්ලුන එක හොඳා. නැතිනම් අම්මව බදා ගත්තනම් අද අටම් කියලා කෙනෙක් නෑ. කරන්ට් වැදිච්ච වාර නම් අනන්තයි. ඉස්සර තිබ්බා රශ්මි කියලා ස්විච්/ප්ලග් ජාතියක් මතකද ? අන්න ඒවාගෙන් නම් එල්කිරට කරන්ට් වදිනවා. ඇත්තටම කරන්ට් නොවදිච්ච එකෙක් නම් නෑ නේද ?
ReplyDeleteකරන්ට් බඩු ගන්න කොට මිලෙන් වැඩිම එක ගන්න එක තමා නුවනැති කම
Deleteඅට වසරෙදිත් ටයි කොලාද? :o
ReplyDeleteඅන්තිම ටිකේනම් කියවත්දිත් කරන්ට් වැදුනා.
ඒ හන්දනේ නමයෙදි දාගත්තේ
Deleteමාර බේරිල්ලක්නෙ යකෝ බේරිල තියෙන්නෙ.
ReplyDeleteඔය පරන මොඩල් එකේ ට්‍රිප් ස්විච් උනත් අර්ත් වයර් එක හරියට තිබ්බෙ නැත්තං වැඩ කරන්නෙ නෑ. දැංනං අර්ත් එකක් ඕන නෑනෙ.
කියහංකො බලන්න ඔය ණය ගෙවපු හැටිත්.
කියන්නං කියන්නං හිටහං
Deleteහොට් ප්ලේට් කියන්නේ පුදුම විදිහට අනතුරු වැඩි කරපු භාණ්ඩයක් නේද? කොහොම හරි වෙලාවට උඹ අම්මගේ වෙනස නෝට් කලේ... ඒ වෙලාවට ඒවා දකින්නත්, කලයුතු දේ හරියට කරන්නත් හොඳ සිහියක් ඕනේ.
ReplyDeleteදේශකයාටත් කරන්ට් වැදිලා තිබ්බනේ කාලෙකට කලින්...
මේ ලගදි මාර වැඩක් උනා ඒක මතක් වෙනකොටත් ඇග හීතල වෙනවා
Deleteආණ්ඩුවේ නිළ නිවාස ගැනනම් කියල වැඩක් නෑ.. තාමත් ඔය පරන ගෙවල්වල සෙරමික් පියුස් තමයි තියෙන්නේ..
ReplyDeleteදවසක් අපේ ගෙදර ටිප් එක දාන දාන සැරේට off වෙනවා කොච්චර ට්‍රයි කලත් වැරැද්ද හොයාගන්න බැරි උනා (මට) අන්තිමට Earth වයර් එක පයිප්පෙන් ගැලෙව්වම තමයි වැඩේ ගොඩ ගියේ..(කොහොමද ටිකිරි මොලේ..)
මොනව උනත් උඹ රටක් වටින පුතෙක් අටම්..
ජය වේවා!!!
ඊට පස්සෙ ගේ ගිනිගත්තෙ නැද්ද? :D
Deleteමනුස්සයෝ මොකද කියලා බලලා වැරුද්ද හදන්න
Deleteමේ ලිපියට අවධානය යොමු කරන්නසයිබරයේ අපට බැරිද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයට අභියෝගයක් වෙන්න
ReplyDeleteගිහිල්ලා ආවේ
Deleteඕන් බලපං අම්මාගේ වේලාවට උඹ ගෙදර හිටි එක හොදින් ගියා.දේශත් කරන්ට් එක වද්දා ගත්තා අමතකද...?
ReplyDeleteදේශට කරන්ට් වැදුන කතාව මතක් වුණා.අම්මාගේ වේලාවට උඹ ගෙදර හිටියේ බං.
ReplyDeleteඌ ඒක පට්ට රහට ලියලා තිබ්බා
Deleteදෙන්නම පිංවන්තයි. නැතිනම් ඉතින්...
ReplyDeleteඒක නෙවෙයි අරක ඉමර්ෂන් හීටර්. ඉමෝෂන් කියන්නේ වෙන දෙයක්.
මෙන්න හැදුවා සෑර් , ඇත්තටම මොකක්ද ''ඉමෝෂන්'' කියන්නේ
Deleteආදරය වෛරය දුක සතුට වගේ ප්‍රභල හැඟීම් emotions.
Deleteඅම්මේ අම්මා බේරුණු බේරිල්ලක්, මම ජොබ එකට ආපු කාලේ ලංකාවේ තියෙන තරු පහේ හෝටලේක රිනවේෂන් ප්‍රොජෙක්ට් එකක .. ac කරන කොල්ලෙක් ඇන්කර් බෝල්ට් එකක් ගහන්න විදලා ඇන්කර් පබෝල්ට් එක හිලට දාලා අතින් තද කරලා ..ඩ්‍රිල් වෙලා තියෙන්නේ කරන්ට් ලයින් එක .. එහෙම්මම මැරිලා ඉන්නවා දැක්කම එදාම ගෙදර යන්න හිතුනා ...
ReplyDeleteරොස්ටම් එකක් උඩ ඔය සීන් එක මට මැවිලා පේනවා බං
Deleteඉවාන්ගෙ බොගේට එන්න බෑනේ අනාරාධිත අපිට...
Deleteආනේ අම්මේ මතක් කරන්න එපා බං කරන්ට් සින් කෝන්..
ReplyDeleteදේශකයා දුටු මාරයා
අටමා. සෑහෙන්න වටින පොඩි කාලේ ලොකු මතක හා අත්දැකීම් ගොන්නක් එකම පෝස්ට්කටුවකට හිර කරපු එක අපරාදේ බං.. සෑහෙන්න වැඩක් ගන්න තිබුන ඒ ටිකෙන්. හිත කීරි ගැහුනා මටත් අතීතය මතක් වෙලා..
ගහපං මගේ ඔලුවට පොල්ලකින් , සිරාවටම යකෝ මාස ගානක් තලාගන කන්ඩ තිබ්බා
Deleteබන්ධනාගාර ක්වාටස් ජිවෙතේ ඔහොම තමයි. ඒකත් විදින්න ඕන. එකේ තියන අපාය හා දිව්‍ය ලෝකේ දකින්න ඕන. ඔයාගේ කතාව ඇහුවම මාත් මගේ අතීතයට ගියා,. ඒත් ඔයා මට මුණ ගැහුනද දන්නෙත් නැ. මං තාම කල්පනා කරනවා. ඔයා කවුද කියල .... මේක මෙච්චර හොදට ලිව්වේ, බන්දනාගාර නිලධාරීන්ගේ යථාර්තය , මේකේ පුරාවටම තියනවා.
ReplyDelete//බන්දනාගාර නිලධාරීන්ගේ යථාර්තය//
Deleteඅවාසනාවන්තම රජයේ සේවකයෝ කොට්ටාසය , යුද හමුදා , පොලිසියට නැති අවධානමක් සමග ජිවත්වෙන මිනිස්සු කොට්ඨාශයක් , වැටුප් වැඩිවීම් අවමයි , වෙනත් රජයේ සේවකයන්ට ලැබෙන පහසුකම් ලැබෙන්නෙත් නැ , කොටින් ආයතනය අයිති අමාත්‍යශයෙනුත් ලැබෙන්නේ කුඩම්මගේ සැලකිලි.
ඔක්කොටොම හපං රටේ එවුන් '' අපෝ ගාට්ලද ජරා පප්පල '' එහෙම තමා කියන්නේ , දරුවෙක් දිග දෙන්ඩ ගියත් ඔය කාරනාව සමහරක් වෙලාවට බල පානව ,
Shashikala Punchihewa ඇත්තටම කවුද මටත් ලොකු ප්‍රශ්නයක් ,
අකමැත්තක් නැත්තං මේල්ලුවක් දාන්ඩ
atampahura@gmail.com
අපෙ මහ ගෙදරත් මුලින්ම වයරින් කලෙ ට්‍රිප් එකක් නැතුව.තාත්ත එක ග්න උනන්දුවුනෙ නැ.අපරදෙ සල්ලි කෙස් එක වෙන්න ඇති.තිබුනෙත් බල්බ් හයි කරන්න විතරයි.ප්ලග් පොයින්ට් නැ.ප්ලග් පොයින්ට් හැදුවෙ අපි වයර් ඇදල.දවසක් ඇන්ටනාව කරකවන්න ගිය නන්ගි එක පාරටම කැ ගහනව ඇහුන.මම හිටියෙ සාලෙ.මෙන් එක තිබුනෙ සාලෙ සැටිය තිබුන තැන.අම්ම ගෙදරට ආපු ඇන්ටි කෙනෙක් එක්ක සැටියෙ කතා කර කර හිටියෙ.සද්දෙ ඇහුන හැටියෙ මට එක පාරටම මෙන් එක මතක් වුනා.මම කෙලින්ම මෙසෙට උඩින් සැටිය උඩට පැනල මෙන් එක ඔෆ් කලා.අම්ම දිවුවෙ සද්දෙ බලන්න.ඇත්තටම වෙලා තිබුනෙ කොහොම හරි ඇන්ටනාවට කරන්ට් එක ඇවිත් බටෙ දිගෙ නන්ගිට වැදිල එයා ඇලිල.මට මතක් නැ .එත් අර ඇන්ටි කිවුව මම ගියෙ එයා වඩිවෙලා හිටපු පුටුවෙ ඇන්ද්කට කකුල තිය පියාබල වගෙලු.
ReplyDeleteඋබ මෙක ලියන විදියත් මරු බන්.
ඒ කතාවත් ලියහංකෝ
Deleteඅපේ මහ ගෙදරත් ඉස්සෙල්ලම වයරින් කළේ ට්‍රිප් ස්විච් එක නැතුව,උඹගෙ කතාව කියවද්දී මට ඉස්සෙල්ලම ඒක මතක්වුනා.
ReplyDeleteනැට්ට කෙලින් වෙන්න පටන් ගන්නත් කලින් උඹ කෙල්ලො පස්සෙ ඇවිද්ද එහෙනං ඈ,ඔය ගැමුණු මාවතේ අපිත් ඉස්සෙල්ලම ගෙයක් හදල ටික දවසක් හිටිය බං.
මේ කතාව ලියන්ඩ මතක් උනෙත් ගැමුනු මාවත පැත්තේ ගිය නිසා . ඔය ඔය කියන ගේ කියලා මම හිතන ගෙදර පොටෝ එකක් ගන්ඩ කියලා බයික් එක නවත්තලා පෝං එක මානනකොට කවුදෝ මන්දා එබිලා බැලුවා පොලෝසියට බාරදෙයි කියලා මං ගියර් එකට ගැහුවා.
Deleteඅපේ ගමටනම් ලයිට් තිබ්බේ නැති නිසා පොඩි කාලේ ඔය වගේ අත් දැකීම් ලැබිලා නෑ. ඒත් උඹේ අත්දැකීම් මමත් වින්දා වගේ හිතෙන විදිහට මේක ලියලා තියෙනවා . පව් බන් අම්මා .
ReplyDeleteඅම්මල තාත්තල පවු තමා බං
Deleteඔය බන්ධනාගාර ක්වාටස් ජීවිතය මටත් ටිකක් සමීප කාර
ReplyDeleteණාවක්.ආසාවෙන් රස වින්දා...............
අපේ රැහේම එකෙක්ද මන්දා දාමු බලන්ඩ ඊයක්
Deleteatampahura@gmail.com
අර පින්තූරෙ දැක්කම අසකල සරීරයම හිරි වැටුණා..අපි හොස්ටල් ඉන්න කාලෙ කෑම ශාලාවෙ වතුර පිරිල තිබ්බ. ඔන්න එක වැඩ්ඩෙක් ලොක්ක වෙන්න හිතාගෙන ගිහිං බිත්තියෙ තිබ්බ ප්ලග් බේස් එකට ඇල්ලුවා උගෙ පයිප්පෙ.. ඌ දාපු බේක් ඩාන්ස් එක අදත් මතකයි බං..මයිකල් ජැක්සන් කැලේ !
ReplyDeleteකොල්ල සුරාන්තයට පත් උනාද දන්නැ
Deleteහි ගඩු පිපෙන කතාවක්. ඔහොම එව්වා අහන කොට කරන්ට් වැදුනා වගේ තමයි. අපිටත් පොඩි පොඩි අත්දැකීම් නම් හුඟක් තියෙනව. අදට වුනත් ස්විච් එකක් දාද්දි වුනත් පරිස්සන් .අම්ම වාසනාවන්තයි නේද
ReplyDelete//පොඩි පොඩි අත්දැකීම්//
Deleteහි..හී රස බලලා තියනවා එහෙනං
අටමෝ දර ගේන හැටි කිවුවම මටත් දර අහුලපු හැටි මතක් උනා. මාත කිවුවවගේ රබර් දර ගෙනාවත් ගොඩක් වෙලාවටකරේ ගේ ඉස්සරහ කැලේ කරග්ගහල තියෙන ගඩාගෙඩි අරව මෙව්ව ඔක්කොම දහජරාව කාල වේලිච්ච දර වැල් වලින් ගැට ගහං ඔලුවෙ තියං ගස් ගඳ ගගහ එන එක. ඒක මාර ආතල් වැඩේ. ආතල් එකේ උපරිමේ කියන්නෙ දවසක් ඔහොම ඇවිල්ල ගොම ගාපු එලිපත්තෙ දරස් ගාල අත ඇරිය දරටික ගානට කපල ගෙට ගන්න කියල. මෙන්න බොලේ ටොම්බ පොලඟෙක් ඇදිල යනව දර ගොඩේ ඉඳල. තව පොඩ්ඩෙන් සැප කනේ. හෙහ්..හෙහ්....
ReplyDeleteඋඹ දරමිටිය බැන්දේ පොලගගෙන්ද බං
Deleteඅපොයි බං ඇඟ හිරිවැටුනා...මාත් ඕය වගේ අංජබජල් වයරිං කෑලි ගේ පුරාම ගහල තියෙන්නෙ,මේව දැක්කම බයේ බෑ...!
ReplyDeleteමං දැනටත් එහෙයි බං , ඒ උාට ට්‍රීප් ස්විච් දෙකක් තියනවා
Deleteමේ අවංකවම අහන්නෙ අර ජාතියෙ ගෙවල් තාම ඔහෙබ තියනවද හැබෑටම ඈ....
ReplyDeleteමේ ඔය අන්තරාදායක වැඩ වලට යන්නෙ අඩුවෙං ඈ
මං හිතන්නේ සමහරක් ඒවා කඩලා
ReplyDeleteඅම්මෝ අටං අයියේ. තව පොඩ්ඩෙංඅ ඒ. දෙයියො එව්ව වගේ උඹ වෙලාවට ඇවිල්ලා තියෙන්නෙ.
ReplyDeleteමේක කියෙව්වම මටත් හිතුණෙම තව ටිකක් පරිස්සං වෙන්න ඕනේ කියල. මම සමහර වෙලාවට ඔය මොකක්ක් හරි අලුත් ගැජමැටික් එකක් අමුනගන්න ඕනේ උණාම ට්‍රිප් එක තියා නිකං ප්ලග් එකේ ස්විච් එකවත් ඕෆ් කරන්න්නෙ නැතුව, ඒ මදිවට අඩු තරමේ ර්බර් ග්ලවුස් තියා රබර් සෙරෙපු ඩෙකක් වත් නොදා ලයිව් එකට පවා එක එක මගුල් අමුනලා තියෙනවා. (බය නැති කමට නෙවෙයි, වරදින එකක් නෑ කියන විශ්වාසෙට)
ඒත් ඉතිං, වැදුනොත් මොන දෙයියන්ට කියන්නද? නේද?
මාත් ඔය වැඩේ කරනවා බං , මේ ලගදි තව ඩින්ගෙන් වයර් එකක් කටින් සුද්ද කරනවා
Deleteඅයියේ ඇත්තට අපි ඔයාල තරම් කට්ටක් කෑවේ නෑ.90 මං ඉපදෙන කොට නම් ගෙදරට ලයිට් තිබ්බද කියලා මතක නෑ ඒත් මතක කාලේ ඉදන් ගෙදරට ලයිට් තිබ්බා.අනිත් එක දර වලින් අඩුවක් තිබ්බේ නෑ.ඒත් අලුත් දර වලින් එන සුවදට මාත් මාර අසයි.
ReplyDeleteදර වලින් උයන බත් මාළුපිනි රසයි
Deleteඅටමා ඒ කාලෙ ඉදන් වැඩකාරය වගෙ. ආන්ඩුවෙ නිලනිවාස හැම එකක්ම ඔහොමද බන්
ReplyDeleteගොඩක් තැන් අදටත් එහමයි . පොලිස් ක්වාටස් එහෙම
Deleteවෙනදා යන රස්තියාදු පාර යන්න නොහිතුන එක කොච්චර දෙයක්ද...ඒ නිසා අම්මා බේරුනා....
ReplyDeleteමේක බැලුවාම මටත් බය හිතුනා.. අපේ ගෙදරත් ට්‍රිප් එක පිච්චිලා මේ ලඟදී..ඉක්මනටම ආයේ හයි කරන්න කියන්න ඕනේ..
සීමන්ස් කියන එක හොදයි . ඩිමෝ එකෙන් ගේන ඔරිජිනල් එකම ගන්න , නැත්තං ඉතින් ඔරෙන්ජ් සිග්මා
Deleteකොහොමත් අම්මලා දරුවන්ට ණය නැනේ. දරුවො අම්මලාට ණය මිසක්. මොනවා උනත් අයියා ණය ගෙවලා ටිකක්. මොනවා උනත් අම්මාට උන දේට ඇග සීතල වෙලා ගියා අය්යන්ඩි
ReplyDeleteඒ කාලෙ safety ගැන වැඩිය තැකුවෙ නෑ, අපි පොඩි කාලෙ හිටපු අම්මගෙ ක්වාර්ටස් එකට ලයිට් අරන් තිබුනෙ ලඟ ගෙදරකින් වයර් එකක් ඇදලා,
ReplyDeleteමටනම් ඉතින් මුලින්ම කරන්ට් වැදුනේ මෙහෙ පන්සලේ ලොකු සාදුගේ චීන සේකට්‍රි කෑල්ලගේ සායේ දිග දැක්ක වෙලාවේ තමයි
ReplyDeleteහික් හික් හික් යකෝ මම මේක දැක්කේ දැන්නේ. බරපතල හානි නෑනේ බොට...?
Deleteඇත්තටම නොතේරෙන මොකක්ද අහේතුවකට සමහරු කරන්ට් එක බදා ගන්නවා අටමෝ. මේක තවමත් මට හිතා ගන්න බෑ. මම අනන්තවත් මරනීය අනතුරු වලට මූණ දීලා තියනවා ඒ වුනාට ලඟ ඉන්න එකාවත් දන්නේ නෑ. ඒත් අවදානම් නැති තැන් වලදිත් මැරෙන්න ගියවුන් මම බේරගෙන තියෙනවා දහ දොලොස් දෙනෙකුට වැඩිය.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමමත් දවසක් ඇලවුනා බං තාත්ත හදන ටී.වී එකක,
ReplyDeleteමයෙ ලොකු කෙල්ලට කරන්ට් එක වැදුනා සැරයක් මේ වගේම 2008 දි.. ඉස්සර කොරපු රස්සාවෙදි අපිට හොලිඩේ බන්ගලෝ කියල වගයක් හම්බු වෙනවා ඔය නිවාඩු කාල වලට පවුලත් එක්ක ගිහින් දවස් තුන හතරක් ඉඳල වරෙල්ල කියල. මාත් මයෙ අඹුවයි කෙල්ලයි අරගෙන ගියා වතාවක් ගාල්ලේ ඔයින් එකකට. කෙල්ල පොඩියි වයස 2ක් වගේ. කොහෙද හවසට ඇවිදින්න හිතාගෙන මං ඇඳුමක් මදින්න ගත්තා. කෙල්ල මගෙ වටේ කැරකි කැරකි ඉඳලා එක පාරටම අල්ලපි අයන් එකේ වයර් එක. දැන් ගැහෙනවා ගිඩි ගිඩි ගාලා.. උගුරෙන් අමුතුම විදියකට කෑ ගහන ගමන්.. මන් පැනපු ගමන් ඕෆ් කරා සුවිච් එකෙන්..ම්හු.. දිගටම කෑ ගහනවා.. දඟලනවා.. මොකුත් මතක් උනේ නෑ..මං තාත්තනේ.. එක පාරටම කෙල්ලව අල්ලලා පැත්තකට වීසි කරා..මටත් ශොක් එකක් වගේ වැදුනා.. කෙල්ල එක පැත්තක.. අයන් බෝඩ් එක තිබ්බ අයන් එක සුවිච් එකේ කෑල්ලකුත් එක්කම ගැලවෙලා අනිත් පැත්තේ බිම.. පස්සේ මීටර් උනේ යකෝ අයන් එක කෙල්ලගේ ගෑවුනානම් වෙන විජ්ජුම්බරයක්.. බැලුවහම කෙල්ලට වැඩි අවුලක් නෑ. කෝකටත් කියල ඩොකෙකුට කෝල් එකක් දීල විස්තරෙ කිව්වම ඌ විස්තර අහල බය වෙන්න එපා කිව්ව.. ඊළඟ කෝල් එක ගත්තෙ මේන්ටෙනන්ස් එකට.. ඒ ටික ඉතින් වැඩිහිටියන්ට පමණයි.. බැලින්නම් අයන් එකේ වයර් එක ඩැමේජ් වෙලා. ඒ මදිවට මේ @#$%$#^&* ලා ධන රින මාරු කොල්ලද මොකක්ද කොල්ලලු වයරින් කොරල තියෙන්නෙ.. ඒක අහපු පාර ආයෙමත් @#$%^%$#@@
ReplyDeleteඋඹ අර හොරෙන් ලයිට් ගන්න කලාවට ගෙදරට ලයිට් දීපු එකම තමයි මේ ඔක්කොටම මුල...
ReplyDeleteඔව්වා බලාගෙන ඉඳල උඹේ අම්මත් වැරදි ආදර්ශ ගන්න ඇති උඹගෙන්...
දර සීන් එක කිව්වම මතක් වෙනවා අපි ඒ දවස් වල උදාහ රබර් වත්තේ වේලිච්ච දර අතු කපන්න යන හැටි.
වේලිච්ච කැපුවත් වත්තේ මුරකාරයා අපි එක්ක ගේම.
අපි අරින්නේ නැහැ..
හොඳ වැස්සකට පස්සේ අපි යනවා දර අහුලන්න.
වැස්සට ලොකු දර අතු වැටෙනවා...
අපේ ගෙදර බේකරියක්, ඊටත් කළින් ටොපි හදන වැඩපොළක් තිබුනා
ඒවාට ඕනේ කරන ලොකු රබර් දර පලන එකත් සමහර දවස් වලට මගේ රාජකාරියක්..
ඒවා පොරවෙන් පලන්න බැහැ...
කටුව ගහලා, කුළු ගෙඩියෙන් ගහන්න වෙනවා.
කරන්ට් කේස් වලින්නම් කියන්න තියෙන්නේ මම ගෙදරින් එලියට බල්බ් එකක් දාන්න ගිය වෙලාවක සුවිච් එක දාලද බලන්න හෝල්ඩර් එක ඇතුළට ඇඟිල්ල දාල බලපු එක විතරයි...
ඩර්ර්ර්ර්ර්ර් ගෑවා මිසක් ලොකු අවුලක් උනේ නැහැ...