2014-05-30

මම දන්න ගුණයහපත් බල්ලෝ


මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට බයයි.
කුණුහබ්බ ලියුවොත් මටයි අපේ අම්මටයි අහවල් එක කොරනවා කියලා   කොමෙන්ටු  ගොඩක්  කොටලා තිබ්බා පහුගිය දොහක.
 ඇස් ඇම් ඇස්    එහෙමත් සැල්ටැල් එකට ඇවිත් තිබුනා . එව්වා ඇවිත් තිබුනේ සුවිඩැන් රටෙන් එන විදිහට.මම ඉතින් නුගත් බාසුන්නැහේ කෙනෙක් හන්දා එව්වා එහෙම එවන විදිහ එහෙම දන්නැ .ඒ හන්දා මට ස‍රමේ කක්කත් ගියා.
ඒ හන්දා මම තීරණය කොලා ආයේ එව්වා නොලියන්න.ඒත් හත් දෙයියනේ මම මොනවද ලියන්නේ.කූණුහබ්බ නැතූව ලියන්ඩ දෙයක් හිතන කොට තමයි මට මේ අදහස හිතට ආවේ


***  හිත හොද ගුණයහපත් බල්ලෙක් හදාගන්ඩ කැමති කටිටියට කරන්ඩ තියෙන්නේ පුංචීම පුංචී වැඩ දෙකතූනක්  ***

බල්ලෝ හිතන්නේ එයා පවුලේ සාමාජීකයෙක් කියලා එයාට ඒ විදිහට සලකන්න.( සහෝදරයෙක් ,දරුවෙක්ට වගේ ) 
ඩියුටිය හරියට කරන බල්ලා මිනිස්සුන්ව හපන්නැ, මිනී කන බල්ලන්ට වඩා ආරක්ෂාවක් අපිට ලැබෙනවා අහිංසක බල්ලන්ගෙන් බල්ලව බලේන් සැර වස බල්ලෙක් කරන්ඩ එපා.
බල්ලා කූඩුවට දාන්ඩ එපා, දංවැල් වලින්  බදින්ඩ එපා,මොන විදිහකටවත් හිරිහැර කරන්ඩ එපා.
 ඔව්වා කරලා බලන්ඩ ඔයාටත් බුද්ධිමත්  බල්ලෙක්ගේ අයිතිකාරයා වෙන්ඩ පුළුවන්                                                               
මෙන්න මම දන්න ගුණයහපත් බල්ලන්ගෙන් කිහිප දෙනෙක්

                                                    ටාසන්


මෙයා ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මාමලාගේ ගෙදර.ඒ සීයටයි ආච්චිටයි බැදලා ටික දවසක් යනකන් දරුවො හිටලා නෑ.ඉතින් දෙන්නා දෙමාල්ලො දරුකමට අරන් හදාගන තියනවා ඔය ටාසන්ව.ඇත්තටම දරැවා වගේ තමයි ඌ ඉදලා තියෙන්නේ.දොයියන්ඩත් නගිනවාලූ දෙන්නගේ සිරියහනට.
කාලයක් යනකොට එයාලට හම්බ උනාලු පුතෙක්ව (මැන් දැන් තට්ටේ තියන පට්ට නාකියා). ටාසන් දැන් අලුත උපන් දරුවට මාර ආදරෙයිලු. කන්ඩ බොන්ඩවත් මතක නැතූව ළමයා වටේම කැරකි කැරකි ඉන්නවාලු. ළමයා ඇහැරලා ඇඩුවත් අම්මල තාත්තල ගාවට දුහලා කුඋක් කූඋක් ගාලා කෙදිරි ගාලා කියනවාලූ.
දවසක් අම්මලාගේ මාමා කාමරයට එන කොට ‍ටාසන් කිරි දරුවට තූරුල් වෙලා හොදට දොයිලු. පොරට මළපැන්නපාර දුහපිය පර බල්ලා කියලා හොද කොසු පාරවල් දෙක තුනක් දිලා.අනේ ටාසන් එ පාරවල් කාගන දුහලා.
දවල් අම්මලාගේ ගෙදරට ආවලු බල්ලා.බත් එහෙම කාලා මු දැන් ඉන්නවාලු.
ඔය  ගෙවල් දෙක අතර දුර බස් එකක ආවොතින් කිලොමිටර් 13ක් විතර තියනවා. තව කෑලැ පාරක් තියනවා කිලොමීටර් 8ක් විතර , කදු තූන හතරක් කෑලැව මැද්දෙන් එන්ඩ තියෙන්නේ.බල්ලා තනියම ඒ පාරෙන් ඇවිල්ලා.

හවස අර සීයාමාමාකාරයා බල්ලා හොයන්න ඇවිත් අර කැළැ පාරෙම
ටාසන් බල්ලා ආයේ කවදාකවත් ඒ ගෙදරට  ගිහිල්ලා නැ

                                                    ටෝගා


මේ සිද්ධිය වෙන කොට අම්මට වයස 6ක් විතර ඇතිලු ,වයසට වඩා පැහිලලු, දිග කොන්ඩයකූත් තිබුනලූ.අම්මාගේ අයියට වයස 8ක් විතර ඇතිලු. අම්මගේ චූටි මාමාට වයස 9ක් විතර ඇතිලූ.
තුන් දෙනා එක්ක ගියාලු ගංවතූර බලන්ඩ, පිටකඩ කියලා බොහොම සැරට වතූර බහින තැනක්, වතූර පිරුනහම එගොඩ මෙගොඩ අතර දුර මීටර් සීයක් විතර ඇති. ගැඹුර ගැන කියන්ඩ ඔන නැනේ.
අම්මව වැටුනලු වතූරට.කොල්ලො දෙන්නා කෑගහනවලූ.ටෝගා බල්ලා පැන්නලු වතූරට.
අම්මා කියන විදිහට ටෝගාගේ කටට අහුවෙලා අම්මගේ ගව්මයි කොන්ඩෙයි.
දෙන්නා පාවෙලා ගිහිල්ලා එගොඩට, ගොඩට ආවයි කියන තැනට  තියනවා මීටර් 800ක් විතර.
දෙන්නටම කිසිම දෙයක් වෙලා නැ.
කව්ද පොරක් අම්මටයි බල්ලටයි ගොඩට එන්ඩ උදව්කරලා පොර අම්මගෙන් ඇහුවලු මෙහෙම
"සුදු හාමිනේ පහලට ගහගන ගියානං මොකද කරන්නේ"
"අපිදෙන්නා උක්වත්ත කඩේ ලගින් ගොඩට එන්ඩ හිටියේ" 
(මම දවසක් ඔයක නාන කොට බුටාටෝස් කියන බල්ලාගේ ඇගේ එල්ලුනා මගේ බර ඒකාලයේ කිලෝ 40ක් විතර ඇති මාව වතුරේ නො‍ගිලි තියා ගන්න එයාට පුළුවන් උනා) 

                                          බූටාටෝස් (බූටාපුතා)



‍මෙයා හිටියෙත් අම්මලාගේ මහ ගෙදර දැනට අවුරැදු 15කට විතර කලින් .එයාගේ ඩියුටිය හරියට කලා. කාවවත් කෑවේ නැ.මීනිස්සු අදුනා ගැනීමේ මාර හැකියාවක් තිබුනා. බූටපුතා මාව දකින කොට වයස අවුරුද්දක් විතර ඇති.කවදාවත් දැකලා නොතිබ්බට ඌ මාලගට ඇවිත් කතා කලා.නෑදැයා කව්ද.යාළුවා කව්ද, හොරා කව්ද කියන එක ඉවකරලා දැන ගන්න හැකියාවක් තිබුනා.

සෙල්ලමට තමයි මෙයාගේ කැමත්ත කාට හරි ඇණයක් වෙන්ඩ තමයි හැම වේලාවෙම දගලන්නේ.කොහොම හරි කෑගහලා දගලලා කාවහරි අල්ල ගන්නවා.තව ටිකකින් තව කෙනෙක්.වේලාවකට මහ වදයක් ඇයි ඉතින් අපිට මොන වැඩක් තිබ්බත් මුට ඔන වේලාවට යන්ඩ එපැයි ඌත් එක්ක මගූල් නටන්ඩ.
දවල් 11 වෙන කොට වැලේ වනලා තියන එයාගේ ටවල් එක ගන්නවා.එයාගේ සබන් පෙට්ටිය තියන ලොකූ රතූපාට කෝප්පයත් ගන්නවා.ගෙනත් දානවා අපේ ආතා ලගට.පාරට දුහනවා .ආතා ලගට දුහනවා, කූඋක් උඋක් ගානවා හිමිහිට බුරනවා.
ඌ දන්නවා අපි උඩු බුරනවට කැමති නැ කියලා. ආතා එන්ඩ පරක්කූ උනෝතින් දානවා හොද  උඩුබිරිල්ලක් අහල ගං හතකට ඇහෙන්ඩ.
"කටවහගන හිටු වරත්තූ බල්ලො" කියලා ආතා බැණ බැණ ඔයට යනවා.
පාර දිගට ඉන්න බල්ලො බූටා පුතාට පට්ට බයයි. බැරි වේලාවත් බල්ලෙක් වෙන එකෙකූට හරි බිරුවොතින් ඌට අනිවා බබා හම්බ වෙනවාමය.බුටා පුතා පාඩම කියලා දීලා එනකං අපි බලාගන ඉන්ඩ ඕනය. අර බල්ලව බරුගහලා මොකවත් නොදන්න ගානට ඔය පැත්තට යනවාය.අපි ඌ පස්සෙන් යන්නේ ඌ අපිව නාන්ඩ එක්ක යනවා වගේය.
ඔය පේන තෙක් මානයට එන කොට මූට ඉන්ඩම බැරිය.
‍කක්කා පැත්ත‍ට පැට්රෝල් දැම්මා වගේ දුහලා ඔයට පැනලා පීනනවා.
ඒයාට ඇති උනහම එනවා ගොඩට සබන් ගැවට පස්සේ ආයෙත් ඔයට

ගෙදර උන්ට කොහාටවත් ගිහිල්ලා ගෙදර එන්ඩ බැරිය.බූටාටෝස් පුතාගේ කාඩ් පන්චරයට මොනවා හරි ඔබන්ඩ ඕනමය.ගේන්ඩ බැරි උනෝතින් ගෙදර තියන දෙයක් හරි කටට ඔබන් නැතූව බේරෙනවා බොරුය.
එයා අල්ලස් නොගන්න කෙනෙක්ට හිටියේ අපේ සුදුමාමා විතරයි.බල්ලා මෑන්ට මාර ආදරෙයි.කවදාවත් මොකවත් ගෙනත් දෙන්නෙත් නැ.බල්ලා ඉල්ලන්නෙත් නැ.හැබැයි බල්ලට මෑන්ව දකින්නැතූව ඉන්ඩත් බැ.එන්ඩ පරක්කූ උනොතින්පාර බලාගන ඉන්නවා.මොකද දන්නවද 
නුවරඑළියේ ඉදලා බල්ලව අරගන ආවේ සුදු මාමා

                                                   රින්ගො


මම දැකපු කීකරුම බල්ලා.
හෙන දැවන්තයා.කිලෝ50ට වඩා බරයි. දැක්කහම ආසාවේ බැ.දැවැන්ත  කටක් තියනවා.දතූත් මාර දිගයි.‍මෑන් ගැන නොදන්න උන් මාර බයයි.
මෙයාට කූඩුවක් නැ.
එයාගේ අයිති කාරයා එයාට කියනවා

"ආ ඔයා මෙතනට එන්ඩ"

කියලා ගෙදර මුල්ලක් පෙන්නනවා.රින්ගො බල්ලා යනවා මුල්ලට.තියනවා ඉස්සරහින් ප්ලාස්ටික් පුටුවක් 
"ඔයා එන්ඩ එපා මේ පුටුවෙන් ඉස්සරහට"
ආයෙත් පුටුව අහක් කරනකං බල්ලා නෙමෙයි එලියට එන්නේ


                                                සින්ඩි


මැණික්ගේ   වන් ඇන්ඩ් ඔන්ලි හබියා. ස්ටිව් බල්ලාගේ අප්පා.
 ආදරය වෙනුවෙන් ජීවිතය දුන්න වීරයා.
අපේ මැණික් බැල්ලිට කසාදයක් කරලා දෙන්ඩ කියලා හොද කොල්ලෙක් හෙව්වා.
හම්බුනේ ඔය සින්ඩියව තමයි.
උසත් හොදයි වයසත්  හොදයි.කවදාවත් කසාද බැදලා නැ.කූමරි බඹසර රැකපු බැල්ලිටම ගැලපෙන බඹසර රැකපු බල්ලා.පැටිකිරියත් හොදයි.යුවතිපති තකට තක.නම් දෙකේ විතරයි පොඩි නොගැලපීමක් තිබුනේ.අපේ කෙල්ලො එහෙම දෙන්ඩ පුළුවන්ද වලත්ත බල්ලන්ට ඒකයි එච්චර හෙව්වේ
කොහොමහරි කල් යල් බලලා.දවස් දෙක තූනකට බින්න බස්සා ගන්ඩ එක්ක ආවා.දෙන්නා ඉව පාරක් එහෙම දාලා උම්මා දෙක තූනක් දීලා එහේම අව්ලක් නැතුව යාළුඋනා.හැබැයි පොර අල්ලනවා මිසක් අහවල් එක කොරන පාටක් නැ.මැණික්ගේ තූන්වෙනි සරු කාලේ බැල්ලි හීට් එකේ හිටියට දෙන්න සෙට්වෙන පාටක් නැ.
අන්තිමට මට කොරන්ඩ උනා අර * අලියාට වදුරා කරපු * උපකාරය. ( හීරිකිත හිතන්ඩ එපා ඒ රාජකාරිය රස්සාව විදිහට කරන උන්දලා ඉන්නවා අද රටේ ගාස්තූව විදිහට මුදල් හරි පැටියෙක් හරි අය කොරනවා.ඒ රස්සාවට මොකක්ද ඉංගිරිස් නමකූත් කියනවා.වැදගත් රස්සාවක් ඈ)
කොහොම හරි වදෙන් පොරෙන් අහවල් එකත් කෙරෙව්වා. මහන්සිය අපතේ ගියේ නැ.බැල්ලිට  හිට්ටා කියන්ඩකො.
තාත්තානං වැඩේට කැමතියි.අම්මානං මල්ලිගෙයි මගෙයි පතුරු ඇරලා දවස් දෙක තූනක් පුප්ප පුප්ප හිටියා.
සීන්ඩියා දැන් හැමදාම කූඩුවේ වහලය ගලවගන එනවා අපේ ගෙදර.හවසට අයිතිකාරයා එනවා අපේ ගෙදර.සින්ඩියව එක්ක ගෙන යන්ඩ.මැන්ට මෙ සින් එක ඇණයක් උනා.මමත් කැමති නැ වැඩේට.අච්චර අමාරුවෙන් හිට්ටපු එක මුන් දෙන්නා ඩෙගානටලා හලා ගත්තොත් කියලා.
කොහොම හරි දවසක් අර මනුස්සයා සින්ඩිව කූඩුවට දාලා බෙල්ලට දංවැලකූත් දාලා වැඩට ගිහිල්ලා. අනේ අසරන සීන්ඩියා එදත් කූඩුවෙන් පැනලා දම්වැලට බෙල්ල හිර වේලා මැරුණා.පව් ගූණයහපත් බල්ලා.
ටික දවසකට පස්සේ මැණික් ලස්සන වටින පැටියෙක් දැම්මා.
එයා තමයි  ස්ටිව්.
 අපි එයාව අරගන්ඩ කියලා එයාගේ තාත්තගේ අයිති කාරයට කියුවත් ඒ මනුස්සයා ගෙනිච්චෙ නැ.

                                                  ස්ටිව්


 ස්ටිව්ව  සින්ඩිගේ අයිති කාරයට දුන්නට ගෙනිච්චේ නැ.මැණික් එක්ක සෙල්ලං කරකර හිටියා.නියම බල්ලා හරිම ශක්තිමත්.තනී පැටියා හින්දාද මන්දා සියල්ල සම්පුර්ණයි.
දවසක් අම්මාගේ යාළුවෙක් ඇවිත් බලෙන්ම ස්ටිව් අරගන ගියා.
තරහාවෙයි කියලා හිතලා අපිත් අකමැත්තෙන් ස්ටිව්ව දුන්නා.
ඊට අවුරුදු දෙකකට විතර පස්සේ මම අර ඇන්ටිලාගේ ගෙවල් පාරෙන් යනකොට දැවැන්ත බල්ලෙක් හැටට හැටෙ මගේ පැත්තට පිඹපිබ ඇරලා එනවා.
මම හැරුනා ඌගේ පැත්තට
ඌ එකපාරටම මගේ ඇගට පැන්නා.මාව බිම වැටුනා.
ඌ මගේ මුහුණ ලේව කෑවා
මම අනුමානයෙන් අදුරා ගත්තා අපේ ගෙදර හිටපු චූටී ස්ටිව් පැට්ටා
වරෙන් යන්ඩ මම කතා කලා ස්ටිව්ට
දැන් මු මාත් එක්ක ආවා අපේ ගෙදර.
ඊ‍ට පස්සේ තමයි හොදම හරිය.
අම්මේ බලන්ඩ එපැය අම්මගෙයි පුතාගෙයි හුරතලය. ගෙදර බඩු පෙරලනවා.කෑගහනවා.එක ගිණි විජ්ජුම්බරයයි.
ස්ටිව් කොල්ලා අම්මා වගේම හරිම කීකරැයි.ආසාවේ බැ.
අපේ අම්මා කෑගහනවා අර මිනිස්සු දැන් බල්ලව හොයනවා ඇති එක්කගෙන පලයන් කියලා.
බල්ලොත් එක්ක සෙල්ලං කරකර ඉන්න ගමං අපේ මල්ලි කාරයා මෙහෙම කියුවා.
අයියේ මුන් දෙන්නා පට්ටී වැටුනොත් පැටව් එළට ඉදියි නේද
කෙලියා තාප්පෙට අපේ තාත්තට ඇහුනා අපේ බුරුවා කියපු කතාව, තාත්තට පැන්නා මල් වත්තක්
යකො බල්ලෙක්වත් අම්මට පට්ටී වැටෙන්නැ.


                                                ෂීබා


මෙයා ඇවිල්ලා අපේ හාමිනේගේ බල්ලා.එයා ඉස්සර වැඩට යන කොට වැඩ කරපු ආයතනයට ගෙදර ඉදන් කිලෝමිටරයක් විතර තියනවා.
 ෂිබා පාන්දරම නැගිටලා පහහමාරට විතර හාමිනේ එක්ක පිටත් වෙනවා.
 ෂිබා,  අපේ හාමිනේ ගේට්ටුවෙන් ඇතූලට යනකං ඉදලා ආයෙත් ගෙදර එනවා.
දවල් දෙකට ගේට්ටුව ලගට ඒනවා,හාමිනේව ගෙදරට දක්කනවා.
දවල් දෙකට වැඩට ගියත් එහෙම තමයි, ගිහිල්ලා ඇරලලා  රෑ නමයට ආයෙත් ගේට්ටුවලග බලාගන ඉන්නවා.

පස්සේ කාලයක මමත් ෂීබගේ  රස්සාවට බැස්සා.
 ෂිබා මුල් දවස්වල ඒකට කැමති උනේ නැ. හරිම අවිස්වාසයකින් මාදිහා බැලුවේ.
මම ආවා නැතා ෂිබා ෂිබගේ ඩියුටිය කරා.
මම එක දෙයක් දන්නවා, ෂිබට කවදාවත් මාව දිරෙව්වේ නැ


                                                මැණික්


මෙයාට බල්ලෙක් කියලා කියන්ඩවත් මම කැමති නැ.
අම්මා, තාත්තා,අයියා,අක්කා,මල්ලි,ලොක්කා,සුදු, නම් වලින් කට්ටිය අදුරාගන්න පුළුවන්.
"අම්මේ මෙන්න මේකි"  කියලා ඉතූරුටික කියන්න කලින් හැංගෙනවා.
ක්‍රීකට් ගහන කොට හයේ හතරේ එව්වා ගියොත්, බෝලය නැති උනොත් අපි යන්නැ හොයන්ඩ,එයා අරගන එනවා,හැබැයි ගෙනත් දෙන්නේ බෝල් කරපු එකාට විතරයි.ඔවර් එක ඉවර වෙලා තිබුනොත් කලින් බෝල් කරපු කෙනා අරගන තමයි අළුතින් බෝල් කරන කෙනාට දෙන්නේ
.
පොඩී ළමයි සෙල්ලං කරන කොට හැංගිලා ඉදලා බෝලය උස්සනවා.ගෙනත් හංගනවා.ආයෙත් සතියකින් දෙකකින් එලියට ගන්නවා.තනියම ඒ බෝල වලින් සෙල්ලම් කරනවා.

ඒයාගේ පිගානට දෙන කෑම ඇරෙන්න වෙන දේවල් කන්නැ.මම බිම ඉදගන බත් කකා ඉදලා බත් එක බිම තියලා යනවා.එයා බලාගන ඉන්නවා. ඉව කරන්නෙවත් නැ.කාටවත් බත් එක ගන්ඩ දෙන්නෙත් නැ.

තාත්තට මාර ආදරෙයි.තාත්තා ගෙදර එන කොට එයාට චු යනවා.තාත්තා එන මගට දුහලා ගිහින් තාත්තා පස්සෙන් ගෙට එනවා .හැබැයි ඇවිදගෙන නෙමෙයි,බිම පෙරලි පෙරලි රෝල් වෙවි


ජිවිත කාලයට හිටියේ එක බල්ලෙක් එක්ක එක්ක විතරයි එයා තමයි සින්ඩි. එයාගෙන් ලැබුනු දරුවා තමයි ස්ටිව්.ජීවත් වේලා ඉන්න කාලය අතර තූරේ කොච්චර බල්ලො ආවත් කා එක්කවත් යාළු උනේ නැ.
කෑල්ල එළටම හිටපු නිසාද කොහෙද බල්ලො කොච්චර නං ගෙදර වටේ කැරකූනාද.අපේ මැණික් එක්ක එව්වා හරි ගියේ නැ. එලවලා දානවා මෑණික් උන්ව ආයේ පැත්ත පලාතේ නොයෙන්න.

අක්කා කසාද බැදලා ගියා පස්සේ හැම ඉරිදටම පල්ලි ගිහිල්ලා ගෙදර යන ගමන් දෙන්නා එනවා අපේ ගෙදර.ඉරිදට උන්දැට වෙන වැඩක් නැ, පාර බලාගන ඉන්නවා ඇරෙන්න.පාරෙ කොච්චර යමහා මේට් යනවද, මස්සිනාගේ මේට් එකේ සද්දය මැණික් හොදට දන්නවා.අපිට සද්දේ ඇහෙන් නැති දුර එන කොට මැණික් දන්නවා දුහනවා ඉස්සරහට.

තාත්තා ගෙදර ආවේ නැත්තං කන්නේ නැ එක පාරක් තාත්තා ගෙදර නැතූව නොකා ඉදලා මැරෙන්ඩත් ගියා.මනුස්සයෙක්,සතෙක්,කාවවත් කාලා නැ.හැබැයි ඩියුටිය හරියට කලා.

දවසක් අම්මා දවල් නිදාගන ඉන්න කොට ඇද ලගට ඇවිත් අම්මට කතා කරලා ඇහැරවලා.ඇදේ රෙද්දෙනුත් ඇදලා.
"අම්මා බැණලා තියනවා මට වද දෙන්නැතූව පලයන්කො" 
කියලා.

( මොකද එයා කැමති නැ තනියම ඉන්ඩ.කම්මැලි හිතූනහම කාව හරි අල්ල ගන්ඩ තමයි හදන්නේ) 
අම්මා නිදාගන ඉදලා නැගිටින කොට මැණික් ඉන්නවලූ ඇද ලග නිදාගන.                                                                                         
''කො අහකට වෙයං බං මට බහින්ඩ''

 කියලා අම්මා ඇන්නලු හිමිහිට කකූලෙන්,   
                                                                                     
මැණික් හෙල්ලුනේ වත් නැලු       
                                                  
අම්මා මැණික් තරහා වේලා කියලා හිතලා මැණිගේ ඔලුව අතගාන කොට තමයි දැනිලා තියෙන්නේ
   

                                    අපේ මැණික් මැරිලා 

                                                        

38 comments:

  1. මනුස්සයෝ ජාති දෙකක් ඉන්නවා ලු සාමාන්‍යයෙන් කියන විදියට.
    බල්ලන්ට කැමති අය සහ පුසන්ට කැමති අය.

    මං නං ඔය බලු පූස් දෙවර්ගයටම කැමති නෑ.

    මේ කියන බල්ලන් නම් නිදහසේ හැදුණු උං බව පේනවා. කොටින්ම මගුල් පවා කරළා දීලා නේ!

    සත්තුන්ව කූඩු කරලා තැබීම නම් මාර පාපයක්.

    ReplyDelete
    Replies
    1. //සත්තුන්ව කූඩු කරලා තැබීම නම් මාර පාපයක්. //

      දැං මම බල්ලෙක් නොහදන්නෙත් ඔය කාරනාව නිසාම තමයි

      මොකද මම දැන් ඉන්න පරිසරයේ බල්ලෙක් හැදුවොත් මට ඌව බදින්න හරි , කුඩුවක දාන්න හරි වෙනවා

      Delete
  2. බලන්න දුවගෙන ආව මගේ නමත් ඇතියි කියල හිතාගෙන මදැයි.

    ReplyDelete
    Replies
    1. මෙව්වට තමයි කියන්නේ වල ඉහගන ගූ නානව කියල

      Delete
  3. මමත් බල්ලන්ට කැමතියි ඒත් පූසන්ට ආස නෑ. මේ ලිපිය කියෙව්වම බල්ලෙක් හදන්න හිතුණා. ඒත් හැමදා ලෙඩ වෙන පොඩි කෙල්ල හන්දා බල්ලෙක් හදනවට ගෙදරිං තහංචි. අලුත් ඇදුම හොදා. කරගන යන රස්සාවට මේක හොද රුකුලක්ම වේවා. වෙර වීරියෙන් දෙපයින් නැගිටිමු අටං. හැකි සප් එකක් දෙන්නං අපිත්. මේක ෂෙයා කරලා දාන්නං දැන්මම.

    ReplyDelete
    Replies
    1. මම නම් පූසන්ට කැමතියි..

      Delete
    2. දික් අතට කට තියන පූසන්ට මාත් කැමතියි

      Delete
    3. ස්තුතියි නලින් අයියේ

      Delete
    4. මාතයට උඩු රුවුලක් එක්ක මයිල් තිබ්බානං සියම් පුසෙක් වාගේ

      Delete
    5. දික් අතට කට තියන පූසන්ට කවුද බං අකමැති

      Delete
  4. අටම් මේ බලූ ස්ටෝරිය කාලේකට කලින් දාලා තිබුනා නේද?

    ReplyDelete
    Replies
    1. ඔයා ඔයා හරි
      අලුත් ඇදුම අන්දන්ඩ ගිහින් අවුලක් උන නිසා ආයෙත් පබ්ලිෂ් කරන්න උනා

      ‍සොරිහොදේ

      Delete
  5. බල්ලෙක් හදන්න හිටියට පොඩි කාලේ හදන්න වුනෙ නෑ.. පූසෙක් හැදුවා වූත් අකාලෙ වාහනයකට අඩයක් තිබ්බා.. එ නිසා වඩි නිදහසත් හොඩ නෑ පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. පොඩිකාලේ ඉදං කීකරු කමට හදාගත්තහම හරි , බල්ලෝ හදන එක ළමයි හදනවා තරම් අමාරු නැ

      Delete
  6. මට හොඳම බල්ලා බූටාටෝස් නොහොත් බූටා පුතා
    හොඳටම ලියවිච්ච බලු කතාව ෂීබාගේ කතාව.
    දුකම බලු කතාව මැණික්ගේ කතාව
    උඹේ බලු පෝස්ට් එක උපරිමයි.
    මමත් ආසා සබ්ජෙක්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. කලින් කියෙව්වා මතක නැද්ද බං අයියේ

      Delete
  7. අලුත් ටෙම්ප්ලේට් එක එල! බලු කතා ටිකත් මරු.

    ReplyDelete
    Replies
    1. අඩේ ටෙම්පලේට් එක හොදයිද මං හිතුවේ කට්ටිය බනි කියල

      Delete
  8. සමහර බල්ලෝ ඉන්නවා ගේ ඇතුලේ ඉඳන් කන පුපුරන්න බුරනවා. ඒ උනාට හපන්නෙ නෑ. ගෙයින් එලියට බහින්නෙත් නෑ. පිස්සුත් නෑ. හැබයි පිස්සු බල්ලෝ වගේ තමයි. ඔය සම හරක් කියනවනේ බල්ලා මැරෙන්න යන කොට මැක්කෝ කලින්ම බැහැලා යනවය කියලා..

    ReplyDelete
    Replies
    1. මේ කොයි බල්ලෝ ගැනද කියන්නේ

      Delete
    2. මට නොතේරුනාට සැගවුන අරුතක් තියන පාටයි

      Delete
  9. මම දන්න බල්ලෙක් ඉන්නවා ඌට කකුල් දෙකයි තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඌ ඉන්නේ මැලේ වල නේද මචං

      Delete
    2. අප්පටසිරි මැලයවත් කැවද

      Delete
  10. මටත් මතකයි ඔයා කතා ටික කලින් දැම්මා.

    ReplyDelete
    Replies
    1. උඹට හොද මතකයක් තියනව

      Delete
  11. හම්මෝ............................බැලූ කතා ගොඩ. මමත් පුංචි කාලේ ඉඳලා අපේ ගෙදර නොයෙක් ආකාරයේ බල්ලෝ ගොඩක් හිටියා. සමහර එවුන් මැරුණම අපේ ගෙදර මලගමක් වුණා. දැන් අපේ ගෙදර ඉන්න 'සැබී' ඇත්තටම පවුලේ කෙනෙක් වගේ. ඌ නැතිවුනොත් නම් මටත් පිස්සු හැදෙයි. සංවේදී කතා පෙලට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට අන්දපු ඇදුම හොදයිද කියල කියුවේ නැනේ

      Delete
  12. අම්මෝ ඔයා දන්න බල්ලෝ....... මට මතක අපේ ගෙදර ඉස්සර හිටිය රෝසි...... හැබැයි එකී බැල්ලියක්..... දැන් මැරිලා ගොඩක් කල්...

    ReplyDelete
    Replies
    1. අපිටත් හිටියනේ රෝසි කෙනක්

      Delete
  13. අපේ ගෙදර ඉන්න බල්ලා මං තමා !!! ඕ යේස්.

    ReplyDelete
  14. උක්වත්ත /// අටම් මේ කළුතර ද ???

    ReplyDelete
  15. බලු කතා වලට ආචාරය අටං
    බල්ලෝ හැදිල්ල එපා වෙන්නේ එකෙක් මැරුණම බන්.

    ReplyDelete
  16. ලස්සනට ලියවෙච්ච බලු කතාවක් . නියමයි අටන්

    ReplyDelete
  17. යකෝ මේක පරණ පොස්ට් කට්ටක් නේද? උඹේ මෙන්න මේ උලව් පොස්ටුව කියවලා තමයි මටත් බ්ලොග් ලියන්න හිතුනේ ,

    ReplyDelete
  18. අපි ලියපු කමෙන්ට් ටිකත් එල්ලාපන්කො මෙහෙම දානකොට..

    ReplyDelete
  19. //අපි ඌ පස්සෙන් යන්නේ ඌ අපිව නාන්ඩ එක්ක යනවා වගේය

    හිහ හිහ්

    අර මැණික්ගේ කතාව හරිම දුකයි..එතකොට ස්ටීව්ට මොකද උනේ? ඌ තාම ඉන්නවද?

    ReplyDelete
  20. පංකාදු පහයි කතාව.. අපේ ගෙදරත් බල්ලෝ ගොඩක් හිටියා ඒ කාලේ ඒ අය වැඩි හරියක් ජිමි ලා සහ ටොමිලා.. එක කාලේ දෙන්නෙක් හිටියොත් එක්කෙනෙක් ජිමි අනිත් එක්කෙනා ටොමී. අපි ඔය එක පරම්පරාවක ටොමියෙක් අරන් පැල් රකින්න ගිය හැටි ලිව්වා පැරණ පොස්ට් එකක..."ඔන්න දැන් අහුවුනා මැණික් කවුද කියලා "

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>