2015-01-11

how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.

අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු පැකට් වෙච්ච එකට මං හරි හිතේ අමාරුවෙන් හිටියේ , දන්න සෙල්ලං ඔක්කොම දැම්මත් හරි ගියේ නැ ,

 කෙහොමටත් මේ උලව්ව සැහෙන දවසක ඉදන් නන ලල ගගා තිබ්බේ . එක්කො ඔන් වෙන්නැ නැත්තං රීස්ටාට් වෙනව හැමදාම  මොනවහරි මගුලක් , දෙතුන් පාරක් පොලවෙ ගහල හප්පල එහෙම බලලත් මේ පාරනං කිසි හාහුවක් නැති හන්දා දෙන්නං තොට වැඩේ කියල අන්තිම බෙහෙත දෙන්ඩ අටම සැට් උනා ,

හිතේ තියන තරහටත් එක්ක උස්සං ඇවිත් එලියෙන් තියල හෝස් එක ටැප් එකට ගහල උන්දැව හොදට නාවල ගත්තා.



අපේ චුටී බට්ටිත් ඉතින් වැඩේට සැට් උනා ,
මෙව්වගේ වැඩ මේකිට මාර ලල් , අපේ අනාධිපති තුමිය නං වැඩේට බොහොම විරුද්ධ උනා , ''ඔලමොට්ටල ගොං වැඩ කරකර තව පොටොත් ගහනව , දැම්මොත් එහෙම බලාගනයි මයේ කෙල්ලගේ ෆොටෝ ,පොඩි එකාටත් ලැජ්ජ කරන්ඩ''

හරි කෙලියක්නේ යකෝ  ළමයි කොක්කු ගෙනත් දෙනවනං තව කමක් නැ , නහය මැද්දෙන් ඉරක් ගහල ළමයගෙන් හරියට භාගයක් මගේ



මෙයා පවර් සප්ලයි උනාට මට පාං යැ , දෙකක් දාගත්තහම මාත් හොද පවර්පුල් පවර් සප්ලයි  කොල්ලෙක් තමා
                                                කරන්ට් නැතුවට ඔය ෆෑනුත් කැරකෙන්නේ


ෆොසෙසර් හීට් සීංක් රෙද්දෙ ඇල්මීනියං . ඉබ්බා උඩ ඉත්තැව නැග්ගුවා වාගේ

              කනට ගැහුවත් දෙපැත්තට කියලයි මං අහල තියෙන්නේ නැත්තං බැලන්සින් අප්සට් යනව


මේ තියෙන්නේ ලෙඩ දෙන අනිත් මකබාව vga කියල නෙමෙයි නමදාන්ඩ තිබ්බේ vog කියල


මුං දෙන්නා නං අළුත් අර නිමෝ කොලුවට ගෙඩි රුපියල් පාලොස් දාහක් දීලයි ගත්තේ ( මාව ඇන්දුවද මංදා )  කෝකටත් උන් දෙන්නවත් නැව්වා නැත්තං පුංචී ඕකුන් දෙන්න ලෙඩේ අදින්ඩ බැරි කමක් නැ අනිත් උන්ව නෑව්වා අපේ පුකවත් හේදුවේ නැ කියල


හාඩ් කියුවට බිදක් පන හයිය නැ , පොමනේරියන් බල්ලො වගේ , සෙරෙප්පු පාරටත් මැරෙනව , දැනට දෙකක් විසික්ක කරල තියනව


දැන් ඉතින් මං ගිහීං කීයක් හරි හොයාන එනකං වේලි වේලි ඉන්න එකයි ඇත්තේ , හොදට වේලුනාට පස්සේ හෙයාඩ්‍රයර් ආතල් එකත් දෙන්නං


සැරිං සැරේ තෝ මට දෙන සැප සාත්තුව හන්දා අන්දන්නේ නැ ආයේ වස්තරයක් , ඉදපිය අට්ටාලේ උඩට වෙලා හෙලුකොට්ටෙං



දැන් ඉතින් මට ආයෙත් බර බර ගාල බොග දැම්මහැකි

පලි// මේ ෆොටෝ කෑලි ටික ගැහුවෙත් ඔය විදිහට සර්ප්එක්සෙල් දාල හෝදල ගත්ත ෆෝන් එකකින්

102 comments:

  1. Replies
    1. පුලුවං පුලුවං ඕකත් හෝදහං

      Delete
    2. මගෙ එකත් හෝදගන්න ඕනෑ බං.

      Delete
  2. මෙන්න my 3 යුගයේ අලුත්ම සර්විස් එක...... සෆ් එක්සෙල් සර්විස් සෙන්ටර් අටම්..... ගේ සර්විස් .... ලාභයි.... ලාභයි......

    ReplyDelete
  3. උඹනං හැබෑම අටංපහුරෙක් තමා

    ReplyDelete
    Replies
    1. නැතුව නිකංද අටමා කියන්නේ

      Delete
  4. දුවිලි වැදුනම පරණ මැෂින් වලට දෙන්න තියෙන හොන්දම බේත.

    ReplyDelete
  5. වාහන සවිස් කරන තැනකට ගෙනියන්ඩ තිබ්බෙ. චැහ්

    අර නිමෝ කීවෙ බියර් කාලක් බීලා බයික්කෙන් ගුවන් කරනම් ගහපු පොර වෙන්ටැ.. :D

    ReplyDelete
    Replies
    1. තෝ බැහැපන්කෝ ලංකාවට,,,,,

      Delete
    2. බයිසිකල් සර්කස් කාරයා

      Delete
    3. තෝත් මට අහුවෙයන්කෝ... &*#$%^@%^$&

      Delete
    4. තව කතා එමටයි ඔවිවා කියල මොකටද නිකං ...................

      Delete
    5. අම්මා ගහයි බැට් එකෙං කිව්වලු!!! අෑ යකෝ අපේ නිමෝ කොල්ලා දැං බියර් කාලෙං බයිසිකල් සර්කස් පෙන්නන්නත් අරං ද?? අපි නොහිටපු ටික කාලෙට වෙලා තියෙන දේවල් හැබෑට අෑ!!!

      Delete
  6. උඹල ඔය වැඩේ කරන්න ගොඩක් කාලෙකට කලින් ඉඳල මාත් ඔය වැඩේ කරනව. දැනටත් ගලෝපු ලේසර් ප්‍රින්ටරයක් ඔන් සර්විස් එකේ තියෙන්නෙ.

    මගේ ප්‍රින්ටින් මැෂින් එකේ ලක්ෂ එකහමාරක මේන්බෝඩ් එකට ඔය වැඩේ කළා කියල දැනගත්තම කොම්පැනියෙ උනුත් හොල්මන් උනා. හැබැයි ඔය මීයො ජරා කරල වගේ වැඩක්නං වතුර විතරක් මදි. හොඳම දේ පෙට්‍රල් දාල හෝදන එක.

    15000 ක් දීල ගන්න අර මෙමරිය මොකක්ද බං.

    ReplyDelete
    Replies
    1. ඔය බොරු බන් ප්‍රසා.........!!!

      Delete
    2. ඔව් ඉතින් උඹ කලින් කොරට ඇති තමා , අපේ තාත්තගේ වයසෙනේ

      Delete
    3. නිමො මට නිකං දුන්නා බං ddr1 1gb රැම් දෙකක්ම

      Delete
  7. පොඩි එකාට තමා මාරම ජොලි!

    මම පොඩි කාලෙ බලපු ලිහිණි පොතක තිබ්බ ඔහොම කතාවක්. බුවාට මැලේරියාව හැදිල පට්ට අමාරුයි, පවුලෙ අනික් උනුත් මැරිල, ඉතින් ඉඳල වැඩකුත් නෑ, මැරෙනකල් ඉන්නත් බෑ. ඒ හින්ද මිනිහ ගිහින් තැඹිලි ගෙඩි දෙකක් බීල, ලොඳත් හූරන් කාල පට්ට සීතල වතුරෙන් නානව, මැරෙන්න කියල.

    මෙන්න මුගෙ ලෙඩ හොඳ වෙනව, ඒකෙන් පස්සෙ!

    ( පණස් ගනන්වල ලියපු ඒ පොතේ කත්වරය දන්නෙ නැති උනාට දැන් උණ වැඩි උනාම අපිත් ඉස්සෙල්ල කරන්නෙ නාවන එක, කොටිම්ම ඒකට වෙනමම හදපු උපකරන එක්ක කාමරයක් තීනව මෙහෙ ආන්ඩුවෙ මහ ඉස්පිරිතාලෙ ළමා වාට්ටුවෙ )

    ReplyDelete
    Replies
    1. මට උන හැදීගන එනකොට මම හරක් මස් ටිකක් ඇරගන ඇවිත් උයනවා ( ගෙදර උන් උයල දෙන්නෙත් නැ කන්නෙත් නැ ) හොදට නාගන ගල් ෂොට් දෙක තුනක් දාගන මස් ටිකත් එක්ක බඩ පැලෙනකං බත් කාල බුදියනව

      Delete
  8. ඕකනේ අපි කිව්වේ..පරන මෝල් පත්තුවෙනවා කියලා..
    දැන් ඉතින් දිගටම ලියමු නේ..!!!!

    ReplyDelete
    Replies
    1. පරන මෝල් පත්තුවෙනවා

      හැක හැක හක හක්

      Delete
    2. වෙන එකෙක්ට නං මං කියන අනේ මොකටද මගේ කට

      Delete
  9. එෆ් බී එකේ ෆොටෝ එක දැක්කම හිතුවෙ වැඩේ හරි කියලා. හරි පුදුමයි. අටමා කියන්නේ නිකන් නෙමේනේ.

    ReplyDelete
    Replies
    1. උඹ තාම දැකල නැ මගේ වැඩ

      Delete
  10. ෙහ්දුවට කමක් නෑ හැබැයි ෙහාදට ෙව්ලන්නත් ඔ්ෙන්

    ReplyDelete
  11. අප්පද බොල! මෙහෙම එකෙක් දැක්කමයි!

    ReplyDelete
    Replies
    1. ෆොන් වලටත් මේ මන්තරේ වැඩ කරනව ( උපාංගයක දෝශයක් නැත්තං )

      Delete
  12. පිස්සු හැදෙන බාසාව අප්පා. මෙන්න පෝස්ට්!

    ReplyDelete
    Replies
    1. පරණ පෝස්ට් වෙලාවක් තියනවනං කියවන්න

      Delete
  13. සර්විස් සෙන්ටර් එකේ ගෝලය සතුටින් රස්සාව කරනව වගේ.

    ReplyDelete
    Replies
    1. ගොලයෝ ඔහොම වැඩ වලට අකමැති උනොත් තමා පුදුමේ

      Delete
  14. මමනම් අදමයි මෙහෙම දෙයක් දැක්කේ නියමයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් රෙපයාර් කරන තැන්වල මෙහෙම ඒවා කරනව , හැබැයි මං කලාට වඩා වෘර්තීය මට්ටමෙන් සහ විදිමත්ව

      Delete
  15. මකබාස් ඇන්ඩ් ඩෝටර්ස් වුනාට වැඩේ ගොඩ!

    ReplyDelete
    Replies
    1. දවසකත් කියුවා මකබාස් නෙමෙයි හොද බාස් ( ටිකක් කට හොද නැති උනාට )

      Delete
  16. දැන් ඔහොම හෝදනකොට ඕක main supply එකෙන් ගලවලා තිබ්බට ඕකෙ තියෙන internal battery ඒ කියන්නේ අර සීමෝස් බැටරි හෙම ගලවන්න ඕනේ නේද? අනික ඕවගේ කපෑසිටර්ස්වල හෙම ගබඩා වෙලා තියෙනවයි කියන අර ලොකු static electricity වලින් හෙම කරදරයක් වෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ හෙන්රි අයියෙ. නරකද අර ඩෙනිමත් හෝදල අලුත් බැටරියක් එහෙම දාල ගත්තොත්.

      Delete
    2. :D පොඩ්ඩක් ඉවසපං මලයා. සබං ඉවර වෙලා තියෙන්නේ.

      Delete
    3. සීමෝස් බැට්රිය ගලවන්ඩම ඒන අයියේ , ඇත්තටම මෙතනදි මට ඒක කරන්න අමතක උනත් අවුලක් උනේ නැ හොදටම බැහැපු බැට්රියක් තිබුන නිසා , කැපැසිටර්වල චාජ් එක ගොඩක් වෙලා තියෙන්නේ නැ ,

      Delete
  17. හරී....................ෂෝයි. ලැප් එකක් තියනවනම් ඒකත් ඔය වගේම හෝදන්න ඈ. එතකොට ඒකටත් මේ වගේම බඩු හම්බවෙයි.

    ReplyDelete
    Replies
    1. මොකවත් උනේ නැ මේ යසට වැඩ කොරන්නේ , ෆොටෝ ගත්ත ෆොන් එකත් එහෙම ගොඩ දාගත්ත එකක්

      Delete
  18. ටයර් කඩේකට ගෙනිහින් හොඳට හුළං අල්ලලා ගත්තා නම් ඔච්චර නැහෙන්න ඕන නැහැනේ.

    ReplyDelete
    Replies
    1. විශ්ව, හුලං ඇල්ලුවට ඔක්සයිඩ් යන්නේ නෑ.......
      හොදන්නම ඕනේ, වතුරෙන් හෝ සර්ජිකල් වලින්.

      Delete
    2. එහෙමත් නැත්තං හොද තත්වයේ පිරිසිදු තිනර් වලින් ,

      Delete
  19. ෆෝන් සර්විස් කොරනව කිවල කොරන්නෙත් ඕක නෙව අටං අය්යෙ විම් දාල හොදට හොදල හෙයා ඩයර් එකෙන් වේලනව...
    ඒත් මං හිතුවෙ නෑ ඔය වැඩේ ගොංපීතරයට හරියයි කියල
    හිහි

    ReplyDelete
    Replies
    1. ඉලෙක්ට්‍රෙනික් කෝකටත් හරි මොකක්වත් පිච්චිල නැත්තං , අනික තමයි ඩ්‍රයි ජොයිට් පාස්සන්න වෙනව

      Delete
  20. මදැයි! පොඩිත්තිගෙ හිනාව නම් ෂෝයි!

    ReplyDelete
    Replies
    1. ඒකිගේ හිනාවත් අම්මගේ වගේ බොක්කෙන්ම එන්නේ. අනික තමා තරහ උනහම සතියකට හමාරකට හිනා වෙන්නේ නැ

      Delete
  21. යකෝ එකත් නරක නැහැ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. යටින් දාපු කොමෙන්ටුව උබට රේප් විදියට වැටුනා, ඒකයි මැකුවේ

      Delete
    3. මේ මේ මොකක්ද කියන්නේ

      Delete
  22. අටමනම් යකෙක්. ෆෝන් එකට ඔය වැඩේ කලා කීවට මං හිතුවෙ නෑ කොම්පීතරේටත් ඕක කරයි කියලා. මොනා උනත් බඩු වැඩනම් එච්චරයි. ගලෙන් හරි මෝලෙන් හරි වී ටික හාල් උනානේ.

    ReplyDelete
    Replies
    1. වි හාල් මතක් කරන්න එපා

      Delete
    2. වි හාල් ගැනනං මතක් කරන්ඩ එපා හොදද

      Delete
  23. // මේ ෆොටෝ කෑලි ටික ගැහුවෙත් ඔය විදිහට සර්ප්එක්සෙල් දාල හෝදල ගත්ත ෆෝන් එකකින්//

    හයියෝ සල්ලි.....!!!!

    ReplyDelete
    Replies
    1. වැටුනට පස්සේ බයිසිකලේ හේදුවේ නැද්ද ? ඊළඟ සර්කස් එකට කලින් හෝදපන්

      Delete
    2. ඒකයැ වැඩේ ඔය ෆොන් එකට වයිබර් දාන්ඩ බැරුව එකෙක් ඒපිකේ පයිල් එකක්ද මොකක්ද දානව කියල , සිග්නල් මදි කියල රාගම ටවුම මැද්දේ එක අතකින් ෆොන් එක උස්සගන හිටියනේ . පාරේ යන උන් හිතුවේ පිස්සෙක් කියල

      Delete
    3. කල හොද පස්සෙන් එලවනවා කියන්නේ මේවටද මංදා...!!! ඔහැක්....!!

      Delete
  24. පල පල ඩෝ යන්න.. ලෙස්ටර්ගෙ ඇඟට කේ පී ගේ මූණ දාපු රටනේ ඩෝ මේක. ආන්ඩුවෙන් දුන්න එක මේසේ යට.. අපි නොදන්න ලයිව් කිව්වලු..

    ReplyDelete
  25. අහ් එහෙමත් පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව කරල බලන්ඩ

      Delete
  26. අටම් මැෂින් රෙපයාර් කරන්නෙත් මෙහෙමද?

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ උඹ මගේ රස්සාවත් නැති කරහං

      Delete
  28. ආදරණීය නැන්දම්මේ.. මහන මැෂිම හදන්න කතාකරන්න කියලා අර මං දීපු නොම්මරේ වැරදියි.. ඒක ගිණි නිවන හමුදාවෙ කොල්ලෙකුගෙ.. ඌ ඇවිත් ගෙටත් ගිණිතියලා නිවන්න හදයි වතුර දාලා. වහාම ඒ නොම්මරේ මකන්න. මීට බෑණා පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. අම්මප හොයාන ගිහින් ගිනි තියනව හරිය

      Delete
    2. සද්ද බද්ද නෑ .තැන හොයාගත්තා අම්මප ගිණි තියනවා

      Delete
  29. වැඩේ නම් හොඳයි. ඒත් පරිස්සමින්. වැඩ කරන වෙලාවටපොඩි උන්ට ඔය කෑලි බෑලි අල්ලන්න දෙන්න එපා . මම නම් වැඩිය දන් නෑ. ඕක අර්ත් වෙන වැඩෙත් පිළිවෙලකට නැති නිසා ආරස්සාව ගැන හිතපන්.

    ReplyDelete
  30. වැඩේ නම් හොඳයි. ඒත් පරිස්සමින්. වැඩ කරන වෙලාවට පොඩි උන්ට ඔය කෑලි බෑලි අල්ලන්න දෙන්න එපා . මම නම් වැඩිය දන් නෑ. ඕක අර්ත් වෙන වැඩෙත් පිළිවෙලකට නැති නිසා ආරස්සාව ගැන හිතපන්.

    ReplyDelete
    Replies
    1. හොදට අර්ත් වෙනව අයියේ , මොනිටරයට පවර් යන්නෙත් මේ පවර් සප්ලයි එක හරහාමයි , පවර් සප්ලයි එක හොදට අර්ත් කරල තියෙන්නේ , කරන්ට් එක වදින්ඩ නං පවර් කේබල් එක ඩැමේජ් වෙන්ඩම ඕන , නැත්තං ගෙදර අර්ත් එක ගැලවෙන්ඩ ඕන

      Delete
  31. දාපන් ඇඩක් මහන මැශින් විතරක් නෙවෙයි ෆෝන් කොම්පියුටර් හෙමත් රෙපෙයාර් කොරනව කියල.. අඩේ මගේ ලැපත් ඔය සොහොන් ලකුණු ඔක්කොම පෙන්නනව ඒත් බොරු කියන්නේ මොකටද උඹට වගේ ගටක් නෑ මට ඕකට වතුර හෝස් එකක් අල්ලන්න..

    ReplyDelete
  32. කරන දෙයක් ලැප මස් කරල කරහං හරිද

    ReplyDelete
  33. දැන් නං ලංකාවේ ගොඩක් වෙලාවට විකුනන්න තියෙන්නේ අලුත් පරිගණකනේ.ඒ නිසා මේ ක්‍රමය භාවිතා වෙන්නේ නෑ. ඒත් දැන් ටික කාලෙකට කලින් ලංකාවේ ගොඩක් විකුනන්න තිබුනේ පිටරට භාවිතා කරපු පරිගණක. එව්වා මෙහෙට ගෙන්වන සමාගම් ඔය වගේ හෝදලා තමයි විකුනන්නේ. ගොඩක් වෙලාවට වතුරෙන් හෝදන්න කලින් විවිද ස්ප්‍රිතු වර්ග වලින් හෝදනවා. එමගින් වෙන්නේ මදර්බෝර්ඩ් වගේ කොටස් වල බැදිලා තිබෙන ඔක්සයිඩ වර්ග ඉවත් කරන එක. මෙහෙම හෙදුවම පස්සේ හොදට වෙලන්න ඕනි. එතකොට කිසිම ගැටලුවක් නෑ.

    හැබැයි මොනිටර් එකට නං මේ වැඩේ හරි යන්නේ නෑ.

    ළමයි නං මේ වැඩේට සහභාගී කර ගත්තේ අපරාදේ. මොකද මේ අත්දැකීම ලබා ගත්තු අටම්පහුරගේ ළමයි,ඔබ ගෙදර නැති වෙලාවක මොනිටර් එක, ටීවී එක එහෙමත් හෝදලා බලන්නත් ඉඩ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා මං තරං මෝඩ නැ බං ......... අම්මගෙන් ආපු සිහි නුවන තියනවා

      Delete
  34. ෆොටෝ ගත්ත ෆෝන් එකත් පාවිච්චිය හෙලුකොට්ටෙං දන්නෙ නැ .. . .

    ReplyDelete
  35. කොම්පියුටර් හෝදනවා ඇහුවමයි නෑ දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. මම එහෙං මෙහෙං අහලා කම් තිබ්බා. හැබැයි මේ දැක්කමයි.

      Delete
    2. අනේ බොරු කියන්ඩ එපා අජිත් අයියේ

      Delete
  36. මේක මම දැනුයි දැක්කේ. Facebook එකේ හෝදන පින්තූරෙ දකිද්දි මම හිතුවේ විසිකරපු cpu එකක් කෙලී හෝදනවා කියලා..... මැසිමක් වැඩ වරපුවාම මම දන්න එකම බේත තමා රැම් එක මක්කෙකින් පිහලා දාන එක. එක ම එක වතාවක් ඔය අන්සෙ යාලුවෙක් කියලා සේරෝම කෑලි සර්ජිකල් ස්පිරිට් වලින් හේදුවා... ඒ මැසිමත් ඔය වගේ. හුනෙක් කෑගැහුවත් නවතිනවා... ඒත් ඒ මැසිම නම් හරි ගියේ නෑ.... ඒ අතින් උබ ලක් කාරයා...! :D

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ල වතුර දාන පින්තුරේ පේජ් කාරයෝ පට්ට ගැහුවා බං ඒ කාලේ

      Delete
  37. මගෙ පරණ ෆෝන් කබල නං අනන්ත හෝදලා හයිකරලා තියනවා... කොම්පියුටරේට කරලා බලල නෑ .. හැබැයි යාලුවෙක් කිව්වා ලැට්ටෝක් මදර් බෝඩ් පැට්‍රෝල් ඔලින් හෙදුවම හරියනවා කියල...

    ReplyDelete
  38. අටමෝ මම නං ඔය වැඩේ කොරල නෑ කවදාවත්.. අම්මප මං ඔය කන්ටැක්ට් ක්ලීනර් දැම්මොත් මිස වතුර දාන්නේ නෑ. දැක්කම බඩ පපුව දාල යනවා..

    ReplyDelete
  39. අනේ අම්මේ ..මෙව්වා සහගහන අපරාධ යකෝ.

    එත් අවුලක් නෑ.

    මැට්ටෙන් හරි කමක් නැහැ බළලා මීයෝ අල්ලනවනන්..
    වතුරෙන් හෝදලා හරි කමක් නැහැ ගොම්පීතරේ වැඩ නම්.

    ReplyDelete
  40. උපරිමයෙන් රසවිඳිය හැකි ඉතා අගනා වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක. මෙහි නිර්මාණකරුවන්ට ගෞරව කිරීමක් ලෙස CARDSLANKA වන අප විසින් ද මේ වෙබ් අඩවිය හරහා ඔබ සියලු දෙනාටම වැදගත් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ තොරතුරු රැසක් ගෙන එමු. මෙවර අපි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලැබෙන දින 51 ක සහන කාලය Grace Period පිලිබඳ සරල පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරමු. දැන්ම පිවිසෙන්න. දැනුවත් වන්න. http://cardslanka.blogspot.com/p/51.html

    ReplyDelete
    Replies
    1. ඔය කාඩ් එක හොදට රෝල් කරලා .... ඉතුරු ටික හිතාගන්න ඩියර්

      Delete
    2. කියපු විදිහට කරගත්තද ඔයා ........දැන් හයියෙන් කෙදිරි ගාන්න

      Delete
  41. දෙයියොම සාක්කි. චූටිදුවත් එක්ක කළ වැඩේ නං පංකාදු පහයි

    ReplyDelete
  42. මට මතකයි සුනාමි කාලේ අපේ පෑත්තේ හෑම ගෙදරකම මේ වෙදකම කරනව....හීක්..හීක්....

    ReplyDelete
  43. අටම් මාමා කොහොමත් ඉතින් අනම් මනම් අටවන මනුස්සයානේ... මහන මැසින් ටිකත් ඔහොමම හෝදලා ගත්තානවම් තාමා හැඩ

    ReplyDelete
  44. මුගේ අලුත් ෂොප් එකට යන්ඩ බයයි මේ වගේ දේවල් දකිද්දි. අපිවත් කණපිට හරවලා හෝස් පයිප්ප අල්ලලා අන්තිමේදි කුට්ටමත් ගලෝගනියි.

    ReplyDelete
  45. හෝදලම බලන්න හිතුණා....මොනවයින් මොනව වෙයිද මංදා...

    ReplyDelete
  46. මගෙත් පරණ මදර්බෝඩ් එකක් තියෙනවා. හෝදලා බලන්න ඕන වැඩක් ගන්න පුළුවන්ද කියලා. හැබෑටම මොනවද මේ වගේ තව හෝද හෝද පාවිච්චි කරන්න පුළුවන් ගැජට් තියෙන්නේ ආයුබෝං? ටීවී එක බැරි වෙයිද?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>