2015-03-23

අස්සට දාන්නේ කොහොමද



කාලෙකට ඉස්සර මං වැඩකරපු තැනක මම යනකොටත් හිටියා අංකල් කෙනෙක් , පොරට සිංහල,  ඉංගිරිසි , දෙමළ ,අරාබී , ජාබාසාව , මාලදිවයිනේ බාසාව , එතනින් ගියහම හින්දි තව ඔය බන්ගලි බාසාවත් පුලුවන්ද කොහෙද , පොර කියන්නේ පොරට භාෂා එකොලහක් කතා කරන්ඩ පුලුවන් කියල ,

  සැහෙන කාලයක් එතන වැඩ කරගන හිටිය බුවා මගේ ආගමනය ගැනනං එච්චර සතුටක් දැක්කුවේ නැ , ලොක්කා පොරට කට් එක දෙන්ඩ මාව ගෙනත් දැම්මා කියන සිතුවිල්ල සහ මමත් පොරට අරී කියන සිතුවිල්ල තදින්ම මිනිහගේ හිතේ වැඩකලා . හැබැයි ලොක්කා මට වැඩට කතා කරනකොටම කියුවේ

‘‘ දැනටත් අපේ ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නව සමහරවිට ඔයා අදුරනවත් ඇතිනේ නිහාල්ව , දැන් මිනිහට වැඩ කරන්ඩ අමාරුයි හැටත් පැනලනේ, ඔයා බලල තියන වැඩටික කරල දාන්ඩ එයත් ඔය මොනවහරි කරගන ඉන්නේ නැතැ කියල‘‘

ඇත්තටම පොර මා එක්කත් සැහෙන කාලයක් වැඩකරකර හිටියා . හැබැයි ඉතින් ටිකෙන් ටික මෙෂින්වලින් ඇත්කරල ඔය කඩේ යන වැඩ වාගේ පක්කලි වැඩ වලට පටලවන්ඩ තරම්  ලොක්කා කපටි උනා, නිහාල් හිටියේ කෙහොමටත් ඒ ගැන සතුටෙන් නෙමෙයි ඒකත් එක්ක පොර ලොක්කට දෙන්ඩ ඕන රිටන් ටිකත් මටම තමා දුන්නේ ,


කස්ටමර් කෙනෙක් ලෙඩක් දැම්මත් , ලොක්කා ලෙඩක් දැම්මත් , කුණු මැසිමක් හදන්ඩ ආවත් ගානට මගේ ඇගට කපල පොර ඇග බේරගත්තා , පොරට සෙල්ස් කරන ළමයෙක් හරි , මැනේජර් ළමය හරි ( කැෂියර් උනාට එයා හිතාගන හිටියේ එහෙම තමා ) මොකක් හරි කියුවහම

‘‘ඇයි අර බොස් ගත්තේ හෙන වැඩ්ඩෙක් ඌට කියන්ඩකො , මෙච්චර කාලයක් මේවා ඔක්කොම කොරගන මං හිටියේ ඔය එකෙක්වත් ඉදලද‘‘

කියල තමයි පොර කියන්නේ , හැබැයි ඉතින් ඩීලර් කෙනෙක්  ( නිකං නමට ඩීලර්ස්ල , උන්ට කිසිම පහසුකමක් දුන්නේ නැ , ඔයා අපේ හොදම ඩීලර් කෙනෙක් කියල අන්දල තිබ්බා මිසක් , නිකංම නිතර බඩු ගන්ඩ එන පොරවල් ) හරි වොරන්ටි තියන මැසිමක් උස්සං එන රීටෙල් කස්ටමර් කෙනෙක් හරි ආපුවහම නං පැනල තමයි මැසිම බදා ගන්නේ.

වැඩ කරන ගමං ..............තාම උදේට කෑවෙත් නැ කියල හරි .............ලොක්ක හරියට පඩි දෙන්නේ නැ කියල හරි ..............හීනියට ටෝක දාල එන එවුන්ගෙන් ගානක් කඩාගන්න එක තමයි පොරගේ වැඩේ හැමදාම. එතන ඉදපු අනිත් හතර පස්දෙනත් දිය යටින් ගින්දර ගෙනියන , ටොනික් මුඩියෙන් බෙල්ල කපන ,
 යක්කුන්ටත් කොක්කු පෙන්නන ඩයල් සෙට් එකක් , කොටින් හිටපු ගෑනු දෙන්නා ලංකට් අදිනකොට අනිත් පිරිමි අදින්නේ ජංගී , කට්ටිය මුලදි මුලදි මොන සෙල්ලං දැම්මත් ටික දවසකින් මගේ පුකේ ඇගිලි ගහන්ඩ එන එක නවත්තල දැම්මා , කාටවත් පෙන්නන්ඩ වරදක් නොකරන මම වැරැද්ද දැක්කහම ලොක්කට උනත් හොදම එකෙන් කියල දානව කියල දැක්කහම මට අරින්ඩ බැරි බව කට්ටිය දැනගත්තා.


ඒත් එක්ක උඩ ඉදන් පල්ලෙහාටම තියන කුණුකමයි , බලුකමයි , කැරිකමයි දැක්ක මමත් කට්ටියට ඕන විදිහට තම තමන්ගේ වැඩ සහ හොර වැඩ කරගන්ඩ දිලා මගේ පාඩුවේ වැඩ කරගන හිටියා , හැබැයි මගේ අතින් කිසිම වරදක් නොවෙන්ඩත් , මගේ යුතුකම හරියට කරන්ඩත් , උඩ ඉන්න එක්කෙනා කක්කි කරන්ඩ දුන්න එක වෙන වැඩ වලට පාවිච්චි නොකරන්ඩත් වග බලාගත්තා.
ඔහොම ටික කාලයක් යන කොට ඉතින් මට පේනවා එක එක්කෙනා ගහන ගේම් , කැෂියර් එකෙන් සල්ලි උස්සන ඒවා , කැෂියර් එකේ සල්ලි රෝල් කරන ඒවා , බඩු ගන්ඩ එන උන්ට වැඩිපුර බඩු දීලා රහසින් වෙන වෙන ද්‍රවය්‍යමය ලාභ ගන්න ඒවා ( ඔය කෑම බීම එහෙම , පොඩි පොඩි තෑගී එහෙම ) , එතනින් ගියහම බඩු මාරුකරල දෙන ඒවා ( වොරන්ටි නැති මෙෂින් එහෙම මරු කරල දුන්නහම කීයක් හරි මිට මොලවනවනේ ) හැමෝගෙම ඉතින් මොනවම හරි අයතා වැඩක් තිබුනා උනත් එකෙකුට එකෙක් නැ , අරිනේ කාටද ඒ කොහොමද කියල තමයි බලාගන උන්නේ ,
මට ඔව්වා පේන්ඩ බැරි උනත් මොකවත් නොකියා නොදැක්කා සේ හිටියෙ අනිත් අතට ගත්තහම ලොක්කත් ඒ ජාතියෙම හන්දා , තමන්ගේ වැඩේ කරගන්නවා විතරක් මිසක් , සේවකයෝ ගැන කිසිම ඇල්මක් බැල්මක් නැති . තිරිසං ගති තියන මිනිහෙක් වෙනුවෙන් මොනවට නහිනවද කියල මට හිතුනා.

සමහරක් වෙලාවට විකුණන්ඩ තියන බඩු ඇවිදිනව , ඔන්න එක දවසක් රාක්කයේ නියමිත තැන තිබුන ෆීඩ් රෙගියුලේටරයක්  තියනව යට තට්ටුවේ එහාට වෙන්ඩ , තව පැයකින් හමාරකින් බිම පෙට්ටි ගෙඩක් අස්සේ දොරට ටිකක් ලං වෙන්ඩ , තව ටිකකින් එලියට බැහැල බැංකුවට යන එකාගේ සාක්කුවේ , ආයේ ඌ එනකොට ඒක වටිනාකමෙන් බාගයකට සල්ලි වෙලා පර්ස් එකේ.

ලොක්ක බඩු හොරපාරේ යනව කියල දන්නව උනත් කවදාවත් ගාණක් මිම්මක් තියාගන්ඩ බැ , හොරු අල්ලන්ඩත් බැ , කෑළි කීයක් තියනවද , කීයක් විකුණලද , කීයක් ඩැමේජ්ද කියල හොයන්නේ කොහොමද , කෑලි පන්දාහක් ගෙන්නල පන්සීයක් කියල කස්ටම් එකට කියල ( එයාලත් බබ්බුනේ ) , සෙල්ස් කරනකොට බිල් දුන්නත් එව්වා මෙෂින් වලින් මකල , පොත් වලින් ඉරල ටැක්ස් වලින් බේරෙනකොට.

ඔන්න දවසක් මගේ වැඩ මේසය අස්සේ මම මෙෂින් වලින් ගලවල  විසික්කරලදාන පරණ කෑලි දාන්න තියන් උන්න පෙට්ටිය අස්සේ තියනව හොදට ෂොපින් බැග් දෙකකටම දාල ගැටගහපු පොදියක්. දිග ඇරල බලපුවහම එකම මෙෂින් මොඩල් එකකට අයිති අළුත්ම කෑලි පහ හයක් , වටිනාකමත් පොඩි නැ රුපියල් දෙදහකටත් එහා.

ඒක දැක්ක ගමං මට ඉතින් සිහියට ආවේ නිහාල් ලොක්කවම තමා , මේකත් ඌ ගෙනියන්ඩ ගහපු පොදියක් තමා කියල  හිතුනත් එකපාරටම මගේ හිතට වෙන අදහසක් ආවා

............මේක මට කෙලවන්ඩ හිතාගන අටවපු උගුලක් වෙන්ඩ බැරිද.............

බාගදා එහෙම නොවුනත් වෙන එකෙක් මේක මෙතන තියනව දැකල ලොක්කට පෙන්නුවොත් නිරපරාදේ මං හොරෙක් වෙනව.

කාටවත් හොයාගන්ඩ බැරිවෙන්ඩ පොට්ටනිය වෙන තැනක හැංගුව මං මොකවත් නොදන්න ගානට පාඩුවේ හිටියා. හවස් වෙනකොට නිහාල්කාරයා පෙරල පෙරලා බඩු හොයනව , මාත් නොදන්න ගානට ඉන්නව. පස්සේ හවස වැඩ ඉවරවෙලා ගෙදර එන්ඩ ගියහම පොර එනව මගේ පස්සෙං 

‘‘ මල්ලිය අපි සෙට් වෙලාම නැනේ මොකද කියන්නේ ගහමුද අඩියක් ‘‘

මටත් ඉතින් හොරෙක් නෙමෙයි මීනීමරුවෙක් එක්ක හරි කමක් නැ අඩියක් ගහන්ඩනේ

‘‘ යං එහෙනං , කොහෙටද යන්නේ ‘‘

‘‘ මරු බ්‍රෑන්ඩ් එකක් තියනව , හැමතැනම නැ මාර රසයි බං ඒ අරක්කු ‘‘

‘‘ සුදුවද ‘‘

‘‘ පිස්සුද බං ..වයිට් හෝස් කියල එකක් බීල ගෙදර ගියාට ගදත් නැ ‘‘

‘‘ එහෙම ගෙදර යන්ඩ අවුලක් නං නැ ආ එහෙනං යමං කෝ‘‘
කියල ගියා . බාර් එකක් නෙමෙයි අස්සක උඩ තට්ටුවක තියන වයින් ස්ටෝස් එකක් , කවුන්ටරේ උඩම තියාගන ගැහිල්ලක් තියෙන්නේ , කජු පැකට් , සෝඩා එහෙමත් තියනව , සිකරැටුත් එතනින්ම ගත්ත හැකි , කට්ටය කිහිප දෙනෙක්ම අපි යනකොටත් හිටගෙන බොනව.

මං පෙරැත්ත කර කර සල්ලි දුන්නට නොගත්ත නිහාල් ඌ ගානේ ගත්තා ‘‘වයිට්හෝස් ‘‘ වයිටිඇරැක් බෝතලයයි , සෝඩා එකයි , ගොල්ලිප් පහයි ,කජු පැකට් දෙකයි  අරු නීට් ගහනව , මං සෝඩා එක්ක ගහනව , බාගයක් විතර ගහනකොට ඔන්න ඉතින් පටන් ගත්තා බුවාගේ අදෝනාව.

 ගෑණියි ළමයි ටිකයි පොරව ගෙදරින් එලෝයි ඉන්නේ , දැන් තනියම කාමරයක් අරගන ඉන්නවයි , අරකයි මේකයි , මං දැන් බලාගන ඉන්නව පොර දැන් අරක ගැන අහයි දැන් අහයි කියල  ,... ම් හු  නැ ...කොහොමහරි බෝතලෙත් ගහල ගෙදර ඇවිත් පහුවදා වැඩට ගියහම පොර හිමිහිට ඇවිත් අහනව.

‘‘ මචං මල්ලියේ ..මම මෙතන  පාට්ස් වාගයක් අරං තිබ්බා උඹ දැක්කද ‘‘
නැගිටල ගිහින් හංගපු තැනින් බඩු ටික ගත්ත මං ඒක පොරගේ අතට දීලා

‘‘ උඹ මෙතන ඕන ගේමක් ගහගනින් හැබැයි ඔව්වා මගේ රෙද්ද අස්සේ ගහල මාවත් චාටර් කරන්ඩ එපා , අනික උඹ හැදුවේ මට කෙලවන්ඩ නං ආයේ එහෙම කරල හු%$#@*% ගන්ඩ එපා‘‘

‘‘පිස්සුද බං ඔන්න ඕකනේ කියන්නේ , එහෙම කැරියෙක්ද මං ‘‘

කියල මග ඇරල ගිය බුවා , හවස් වෙද්දි ආයෙත් මට කිට්ටු කරා ,

‘‘ මචං අර ටික මං සල්ලි කරා ... අදත් යන්ද අර පැත්තේ ‘‘

‘‘ මං උඹට උදෙත් කියුවනේ නිහාල් අයියේ උඹ ඕන හුත්තක් කරහං , හැබැයි මාව ගාවගන්ඩ හදන්ඩ එපා ‘‘

තවත් මාස හයක් විතර යන කං පොර එතන ඉදලා තව තැනකට ගියා , හැබැයි ඒ හිටිය කාලේ මා එක්ක එහෙමට කතාවක් බහක් තිබුනේ නැ , තව දවසක පොර මරු වැඩක් කලා.

ඔන්න එක ගෑනු පරානයක් ආවා සතියකට විතර කලින් ඕලොක් මෙෂින් එකක් හදාගන ගිය , අපෙන් ගත්ත එකකුත් නෙමෙයි , මෙෂිම හදල ඇරගන යන දවසෙත් නිහාල් කාරයට පට්ට වදයක් දුන්නා උන්දැ නුල් දාන හැටි කියල දෙන්ඩ කියල.

හත් අටපාරක් ගලව ගලවා නුල් තුන දාන හැටි පෙන්නුවත් අර මනුස්සයගේ ඔලුවට යන්නේ නැ , 

‘‘ ඔය ඔතන දාපු හැටි ආයෙත් ගලවල දාල පෙන්නන්ඩ ‘‘

‘‘ දැන් මේකම කීපාරක් දැම්මද නෝනා , මුලු දවසම ඔයාට නුල් දාන හැටි පෙන්න පෙන්න ඉන්ඩද , මට තව වැඩ තියනව , එදත් ඔයා මෙතන ඉදගනත් නුල් දාන්ඩ පුරුදු වෙලා නේද ගියේ‘‘

‘‘ ඕගොල්ලෝ මොකොද ඔහොම මිනිස්සුන්ට සැරෙන් කතා කරන්නේ අපි දන්නැති හන්ද තමයි ඔයාල ගාවට මෙව්වා උස්සගන එන්නේ ත්‍රීවිල් වලට සල්ලි ගෙවාගන , දන්නවනං මෙව්වයේ එනව යැ කුනුකතා අහන්ඩ ‘‘
‘‘ වදදෙන එකේ සීමාක් තියෙන්ඩ ඕනනේ නෝනා , පොඩි ළමයෙකුට හරි තේරෙන පොඩි දෙයක්නේ මේක , ඔයාට අල්ලගන්ඩ බැරි එකට අපි පලිද , මං ඒකයි එදත් කියුවේ කොළයක් අරගන පාට දෙකකින් පෑන් දෙකක් අරගන එක පාටකින් පාට්ස් ටික ඇදලා , අනිත් පාටින් නුල් ටික ඇදගන්ඩ කියල ‘‘

‘‘ ඉතින් එදා ඔයා ඇදල දුන්නේ , කෝ ඒකවත් හොයන්ඩ පුලුවන්ද , හරියට තේරෙන්ඩ ඇදල දුන්නද ‘‘

‘‘ ඒක තමයි ඉතින් මම කියුවේ ඔයාට ඇදගන්ඩ කියල , මම අදින්නේ මගේ අයිඩියා එක , ඒක වෙන කෙනෙකුට තේරුං ගන්ඩ පුලුවන් වෙන්ඩත් පුලුවං බැරි වෙන්ඩත් පුලුවන් , මහන කෙනාට කොලයක් අරන් අදින්ඩ කියන්නේ ඒක බලාගන නුල් දාන්ඩ නෙමෙයි , එක පාරක් තමන්ට පේන විදිහට කොලයක ඇන්දහම කවදාවත් අමතක නොවෙන්ඩ මතක හිටින හන්දා ‘‘

‘‘ එහෙං මෙහෙං අස්සෙන් දාන්ඩ තියනවනේ , සමහරක් තැං මට පේන්නෙත් නැ ‘‘

‘‘ ඉතින් ඒකට මං මක්කරන්ඩද , එක්කෝ කාවහරි එක්ක ඇවිත් එයාටවත් හරියට බලාගන්ඩ කියන්ඩ , නැත්තං කන්නාඩි දෙක මාරු කරන්ඩ , එහෙමත් නැත්තං මහන එක නවත්තල දාන්ඩ , ඔන්න මේ අන්තිම පාරට දාන්නේ හොදට බලාගන්ඩ ආයෙනං මට කරදර කරන්ඩ එපා ‘‘

ඔන්න දැන් අනිත්ම පාරට කියල නිහාල් ලොක්ක නුල දානව , අර ගෑණු මනුස්සයත් බලාගන්නවට වඩා කියවනව , කොහොම හරි නුල් ටික ඔක්කොම දාල , පොඩි රෙදි කැල්ලක සාම්පල් පාරකුත් දැම්ම නිහාල් , මෙෂින් එකේ මෝටර් පැඩල් එක ගලවන්ඩ හදනකොටම

‘‘අර ඉස්සරහින් තියන එකේ අස්සට දැම්මේ කොහොමද ‘‘

‘‘ නූල කොනෙං අල්ල යටින් තියල හමන්නවන්ඩ ‘‘

76 comments:

  1. Ha ha haa... Lool.. Patta pata pata :D

    ReplyDelete
    Replies
    1. Koheth ekai ban. Me suddo inna rate asian british ewun ekka weda karanawa. Un horu kapati sakkili ban hema athinma. Kanna denawanam nikan, ona payyak karai..

      Delete
    2. සුද්දො එහෙම නැතෙයි

      Delete
  2. එතන අය දිගටම ඒ හොර වැඩ කරන් ගියාද ?
    පින්තුරේ දැකලා කියෝගෙන ගියේ කොහේ හරි අදාළ කතාව ඇති කියලා කෝ :(

    // කොටින් හිටපු ගෑනු දෙන්නා ලංකට් අදිනකොට අනිත් පිරිමි අදින්නේ ජංගී ,///// මේක කොටින්ම කියලා මයන්න දාන්න ///

    ReplyDelete
    Replies
    1. පින්තූරෙ හරියට දැක්කෙ දැං නෙව.. කලබලේට කතාව කියෙව්වට.. අපෝයි...

      Delete
    2. ඒවා එහෙම පවත්වාගන ගියා , ටික දවසකින් මාත් අයින් උනා

      Delete
    3. මේකි බැන්දට පස්සෙ හෙන වල්වෙලානෙ යකෝ... සිංහල සඟිස්කුරුතිය, සදාචාරෙ, අරක මේක රකින කුළ කාන්තාවො ඔහොම කියනවද මං අහන්නෙ...

      Delete
    4. //කොටින් හිටපු ගෑනු දෙන්නා ලංකට් අදිනකොට අනිත් පිරිමි අදින්නේ ජංගී//
      මෙහෙම උන් තමයි හුඟක් තැන්වල වැඩි!

      Delete
  3. මඩ ගොඩක ඉන්න කොට මඩ ගෑවෙන්න ඉඩ තියෙනවා. ඔබ එලෙස නොවී බේරුණා යැයි සිතමි!

    ReplyDelete
    Replies
    1. මා සොරෙකුයැයි ඔබ නොසිතනවායැයි සිතමි

      Delete
  4. මොන රැකියාවකට ගියත් ඔය දේ නම් අත්විඳින්න වෙනවා. අලුතින් ආපු එකෙක් තමන්ට වඩා ඉහලට යනවා බලන් ඉන්න බැරි නිසා පුලුවන් උන ගමන් ලොක්කට කේලමක් හරි කියල කපලා දාන්න සූදානම් කොටසක් කාර්යාල වල ඉන්නවා. අපි හැමෝටම ඔය වගේ අත්දැකීම් ඇති........

    ReplyDelete
    Replies
    1. උඩ නොගියත් අඩු තරමේ පාඩුවේ ඉන්ඩවත්

      Delete
    2. Yashyantha Srinath +++++++++++++++++++
      සහතික ඇත්ත

      Delete
  5. චැක්... දාලා තියෙන පින්තූරෙ කැත (:-))

    ReplyDelete
  6. රස්සාව කොරන තැන හරියට තමන්ගෙ රාජකාරිය කලත් ලොක්කාගෙන් ගේම ඉල්ලන්න ගියොත් වැඩිකල් එතන රැඳෙන්න බෑ බං. හිටියත් එතන මයි , උඩට එනු නෑ. හරියට තමන්ගෙ රාජකාරිය කලත් මුටිඉය ඇල්ලුවේ නැත්තං , කේලම් කිව්වෙ නැත්තං උඩට එන්න හරි අමාරුයි. හොරකම් කලත් කමක් නෑ කේලම් කියනවා නං, මුට්ටි අල්ලනවා නං.

    ReplyDelete
    Replies
    1. ඕකනේ මට රස්සා හරිගියේ නැත්තේ

      Delete
    2. සජ්ජා, සහම සහතික ඇත්තම ඇත්ත .... ඇරපන් කට ගල්කුඩු කියුබ් එකක් දාන්ඩ ....

      Delete
    3. සජ්ජා සහතික ඇත්ත බං..මටත් ඕකම අනන්තවත් වෙලා තියෙනවා..රස්සා නොකර සිල්ලර කඩයක් දාගත්තා නම් ඊට වඩා සැනසීමයි!

      Delete
  7. ඉතිං ඒ ඉස්සරහ තියන එක අස්සට දැම්මට පස්සේ නූල වැටුනද නැත්තං නූල කැඩුනද?

    ReplyDelete
    Replies
    1. අපි දානකොටනං වැටුනා , ඔයා දානකොට කැඩුනද

      Delete
  8. මම අලුතෙන් කොම්පැණියකට ගිය කාලෙ යකඩ කේස් එකක් ඇදුනා ඔය වගේ කාලකණ්නියෙක් නිසා.ලියන්නම් ඒකත්...
    එතකොට අර 'හමන්නපු' මෙශින් පොර 'නිහාල්' නේද? මේ වෙනකන් මම හිතන් හිටියෙ......
    එල ලියවිල්ල... ජයවේවා අටං අයියා...!

    ReplyDelete
  9. මරු ඈ!
    මේකට මේ පින්තූරෙ දාන්න හිතුනෙ කොහොමද කියපං ඉස්සෙල්ල?

    ReplyDelete
    Replies
    1. දාන්ඩ එකක් ගුගල් දෙයියගෙන් ඉල්ලුවාහම දුන්නේ ඒක

      Delete
  10. කී දෙනෙක්ගේ ඉස්සරහ එකට දාලා තියෙනවද...? මොකෝ ඕක පට්ට ජොබ් එක නේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් ..හේහ් ඉරිසියා කරන්ඩ එපා මල්ලි

      Delete
  11. හවසට අහවල් තැනට එන්න නෝන ඒක දාන හැටි කියල දෙන්නං කිවුවනං ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහං උඹ අර නාකි ගෑනු මරපු ගමේද , යකෝ අවුරුදු හැටක විතර සමයන්ගනාවක්

      Delete
  12. උඹල වගේ උන් ඉදල වැඩකුත් නෑ. අර නෝනගේ නූල දාලා දෙන්න උනත් උඹට ගටක් තියෙන එකක්යැ. මතක නේ අර රට ගියපු මහත්තයගේ නෝනට කරපු පාහර වැඩේ.. හැක්..

    අනේ බං ඔහොම කොම්පැනි ඉතිං අවුරුදු තුන හතරක් වත් දුවනවද??

    ReplyDelete
    Replies
    1. තියනව බං තියනව ,එකට තුන හතරක ලාභ තියාගන බඩු විකුණනකොට , දවසකට ගෝනියක් හොරුගත්තත් පාඩු වෙයිද

      Delete
  13. හැහ්...ඉතින් ඒ නෝනා ඊට පස්සෙ හරියට දාගෙනද?

    ReplyDelete
  14. කාලෙකින් ඇවිල්ල කියවපු කතාව!

    ReplyDelete
  15. //කොනෙං අල්ල යටින් තියල හමන්නවන්ඩ//
    චුට්ටක් පස්සට කරන්ඩ කියලත් කියහන්.නැත්නං අප්සැට්.

    ReplyDelete
    Replies
    1. පුහ්. වල් හැලපකයා..

      Delete
    2. හැල කියන්නෙ සුදු කියන එක නේද.. එතකොට දේසකය් කොහ්මද එක දක්කෙ :-))

      Delete
    3. රට ඉන්න නිසා සුදු ඇති මයේ හිතේ.. හැක්

      Delete
    4. අපිට හොරෙන් දෙන්නා හම්බෙලාද කොහෙද

      Delete
  16. උදේ පාන්දර ලේ පිරිස්දු උනා තොගෙ වළත්ත කතා කියෝල. ඉතින් ඉන් පස්සෙ නෝන මොනාද කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. මොකවත් කියුවේ නැ , මැෂිමත් අරං ගියා

      Delete
  17. මහත් සංයමයකින් ලියා ඇති වගයි

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ

      Delete
  18. අනේ ඉතිං අර අහිංසක ගෑනු කෙනාට නුල දාගන්න හැටි ඔයා වත් කියල දෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. සමහරක්ට කොච්චර සරල දෙයක්වත් කොටල පෙව්වත් තේරුම් කරන්ඩ බැ , හරියට උඹ මට කොම්පියුටර් උගන්නනවා වාගේ

      Delete
  19. මහ එකා හොදනැති තැන්වල වැඩ කරන්න උනාම මල වදයක් ඇති. ගොඩක් උන්ට රස්සාව එපා වෙන්න හේතුව කේලම් කාරයො,

    මැශිමට නූල දාන වැඩේ මම නම් කාගෙන්වත් අහගත්තෙ නෑ, පින්තූර බලලම ඉගෙන ගත්තෙ

    ReplyDelete
    Replies
    1. ඔව් එක මහලොකු වැඩක් යැ

      Delete
  20. අපරාදෙ උඹට අර බඩු ටික තව ටික දවසක් තියාගෙන, සතියක් විතර උගෙන් බොන්න තිබ්බෙ .....

    ReplyDelete
  21. //මං පෙරැත්ත කර කර සල්ලි දුන්නට නොගත්ත නිහාල් ඌ ගානේ ගත්තා ‘‘වයිට්හෝස් ‘‘ වයිටිඇරැක් බෝතලයයි , සෝඩා එකයි , ගොල්ලිප් පහයි ,කජු පැකට් දෙකයි අරු නීට් ගහනව , මං සෝඩා එක්ක ගහනව ,//

    කොහෙගියත් සෝඩා නැතුව බෑ නේ?

    ReplyDelete
    Replies
    1. ඊටත් මනාපයි ඇල්වතුරට . සමහරක් ඒවා නිකම්ම තොලේ ගාන එකත් ගති

      Delete
  22. අනේ මන්දා මේ අටම්ට වෙන දේවල්. කොතනත් ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැන් එහෙම තැන්වලට නොයන්නේ

      Delete
  23. වල් හිත ක්‍රියාත්මක වුන ගමන් සභ්‍ය වචනත් අසභ්‍ය විදිහට තමයි තේරුම් යන්නේ. හික් හික්

    ලෝක අන්ඩපාලයන්ගෙන් බේරිලා ඉන්න එක තම අගට ගුණ.. නැත්නම් අපේ ජෝබත් ගහල යන වැඩ වෙන්නේ..

    ප.ලි : පස්සේ පස්සේ අටෝම්ට බොන්ඩ උන ගමන් අටොම් කරන්නෙ නිහාල් අයියගේ අහවල් පාර්සලේ හංගන එකලු .හික් හික්

    ReplyDelete
  24. මොකෝ බං අර සමහර තැන්වල (විතරක්) &*&%$# ලියලා.. ඒවා ඇඩල්ස් ඔන්ලි ද? හැක් හැක්.. අන්තිම පදේ කලිම්ම කියවල තිබ්බ ගස් ලබ්බේ දාපු කොමෙන්ටෙකක.. එවෙලේම හිතුන හැබැයි මේක අටං ඉස්ටැයිල් කතාවක් වෙයි කියල.. කාලෙකට පස්සේ උනත්.. ඔන්නොහෙ මේ වගේ කතා ටිකක් ලියා කියාගෙන අපිත් ඉමු බං ආතල් එකේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මත්වීමයි ලිවිල්ලයි ගහට පොත්ත වගේ

      Delete
  25. ඔහොම තමයි බං හොර වැඩ,වංචා වැඩ කරන උන් බලන්නේ කොහොම හරි එව්වා නොකරන වුන් එක්ක එකේ කොටසක් බෙදා ගන්නයි.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ ගොඩටම දාගත්ත හැකිනේ

      Delete
  26. නූල දාන හැටි මටත් කියලා දීපන්කෝ බන්.මතක නැතිවෙලා තියෙන්නේ දැන්.

    ReplyDelete
  27. සමහර උන්දලාට අහනවා ඈති නුල සහ ඉන්දිකට්ට පෙන්නලා.
    අය්යා හිලේ මොන පැත්තෙන්ද දාන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. නැ බං ඉස්සරහින්ද පස්සෙන්ද දාන්නෙ කියල

      Delete
  28. නෝනගෙන් ගුටි නොකා බේරුනා පුදුමයි..

    ReplyDelete
    Replies
    1. උන්දැව ගල්ටික් උනා

      Delete
  29. අම්මප ඉල ඇදුන හිනාවෙලා. ඒ අන්තිම ටික කියන වෙලාවෙ නිහාල්ගෙ මූණ මට මැවිල පේනවා.

    ReplyDelete
  30. අතේ තිබුන ටුවිසරෙත් විසික් කරල දත්මිටි කකා කියුවේ

    ReplyDelete
    Replies
    1. මේං ආයෙත් මූණ වෙනස්කරල, මොකද්ද දෙයියනේ මේ කරගෙන තියෙන්නේ?

      Delete
  31. නූල දැමීම - නූල කැඩීම සහ මත්වීම

    ReplyDelete
  32. මගේ රස්සාවත් මේ වගේම එකක් තමයි, මේ කියන තැන වගේ තැනක තමයි මටත් තවම ඉන්න වෙලා තියෙන්නේ , මොනවා උනත් කතාව නම් මාරු

    ReplyDelete
  33. රජයේ රස්සා වල තමා ජංගි කාරයෝ වැඩි

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>