2015-03-25

අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට



නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට
අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට
මගේ මල්ලිව තුරුල් කරන් එයාගේ         පපුවට
අපි දෙන්නව නොදුන්න හැටි මතකද       අම්මට

සුදු අම්මේ යන්න එපා කියල            අඩනකොට
මල්ලි කොල්ල අඩල අඩල සද්දෙත් නැති කොට
යන්න එපා ඉන්නට බැ ඔයා නැතුව              මට
තාත්තාගේ  කදුළු බින්දු වැටුනා              ඔලුවට

සරත් මාම ගෙට ඇවිදින් බෑග්              ගන්නකොට
තාත්තාට තරහගිහින් ගහන්ඩ                     පැන්නට
ඇවිත් උන්න අය ගහද්දි මගේ                    තාත්තට
එපා කියන්නට මොකදෝ ඇරුනෙ නැත්තෙ      කට


තාත්ත හදනා කුක්කුව නැනේ කිසිම        රස
ඉස්කෝලෙදි අපි කන්නේ කැන්ටිමේ අර වස
උදේට උයලා යනවා තාත්තගේ              රස
අපිට ඒවා කන්නට බැ දයියා මිරිස්           රස

තාත්ත එන්නට රැවෙන  දවසටනං              මට
ඉන්නට බැ ඉවසාගන පනුවෝ නටන     කොට
මල්ලි පුතා කනුකුනු ගා නිදාගන්න         කොට
මං තනියෙන් දොර අරින්නේ තාත්ත එනකොට

දවසක පාං තව දවසක                 ආප්ප
ගෙන එන ඉදිආප්ප අම්මේ           පාප්ප
කොත්තුවෙ මස්කට්ට මල්ලිය       සුප්ප
මට හොද රයිස් උයන්නේ     අෂ්රෝප්ප

කාමරේ ඇදත් ඇරගනවිත්  එකටදා
මදුරු දැලත් ඉදිකට්ටෙන්    පුරුද්දා
අපි තුන්දෙනා කාමරයේ     ලයිට්දා
අම්මව මතක් වෙනවා මට  සියලුදා

මල්ලිය බිත්ති පැත්තට හැමදා        යන්නේ
තාත්ත මැද්දෙනුයි හැමදා      දොයියන්නේ
නරක හීන දැකල මම          ඇහැරෙන්නේ
භය නැති වෙන්න කාවද මම    සිපගන්නේ

ඉස්සර වගේ නැ තාත්ත            ඇදගන්නේ
කොන්ඩය කපන්නැ රැවුලත් කෙදි වැන්නේ
ඔයා ගැනයි හැමදාමත්              කියවන්නේ
හවසට කටින් සැර ගදකුයි          පිටවන්නේ

ගස් ගල් නැගල හැමදාමත් කුනු       වෙනවා
මල්ලිගේ ඇදුම් හෝදන එක පන       යනවා
අත පය ලෙලි ගහන් හැමදා ගෙට       එනවා
මොනවා උනත් ඉස්කෝලෙත් එක   වෙනවා

අම්මට මතකයිද දිල්රුක්                 දියකාවා
තැන තැන කොන්ඩෙ නැ කාල    උදුගොව්වා
අම්මා පැනල ගිය බව පන්තියේ           කිව්වා
සුමනා ටීචගෙන් හොදටම ගුටි              කෑවා

අම්මේ බයයි අදනං හොදටම             හිතට
තමරා ඇන්ටි එලෙව්වනේ මාව          ගෙට
කලිසම එක්ක ගවුමත් තෙමිලා          රතට
අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට

103 comments:

  1. කවිය කියවන කොට අැසට කඳුලකුත් ආවා

    ReplyDelete
  2. ජම්බු ගහෙන් වැටිලද

    ReplyDelete
  3. උදෙන්ම අඬවන්න එකක් ලියලා. අර පින්තූරය නම් ගැලපෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න අයින්කලා සරත් අයියේ

      Delete
    2. හොඳයි දුවලා දෙන්නෙක්ගෙ තාත්තේ.. ඒක අමතක කරන්න දෙන්න බෑ.

      Delete
  4. Replies
    1. කයියද ෆොටෝ එකද

      Delete
    2. කයිය...පින්තුරේ අයින්කරලනේ...
      මේවා උදේට නොදා හිටියනං මොකෝ...?

      Delete
  5. පුදුමාකාර දුකක් හිතුනා.

    ReplyDelete
  6. පින්තූරෙ නං ගැලපෙන්නෙ නෑ තමා...

    හැබැයි කයිය නං එළ.. නොදන්න කමට ඔයවෙලාවට හිතෙන්නෙ මැරෙන්න යනව වගේ බයක් තමයි....

    ReplyDelete
    Replies
    1. හැබැයි කයිය නං එළ සමහරක් උන් මම ලියන කයි වලට කැමති නැනේ බං ............ලාමකයි වගේලු

      Delete
  7. උදේම අඬවන්නද හදන්නෙ....? මේ වගේ අසරණ උනු දරු පැටව් මොන තරම දුකක් විඳිනව ඇද්ද....

    ReplyDelete
    Replies
    1. හිතාගන්ඩත් බැ , තාත්තල ගියහම ළමයින්ට එහෙම දැනෙන්ඩ දෙන්නේ නැ අම්මල

      Delete
    2. නෑ අටමා තාත්තලා නැති දුකත් ළමයින්ට දැනෙනවා.

      Delete
    3. තාත්ත නැති අඩුව අම්මල පුරවන තරමෙන් අලුක්කාලක් පුරවන්ඩ බැ තාත්තලට අම්මා නැති අඩුව එිකයි මං කියන්නෙ හිටං

      Delete
    4. එකගයි මස්සිනා..ළමයෙකුගේ අයිතිය අම්මට. මම ගෑනිගෙන් ඩිවෝස් වුනත් පොඩි මෙන්ඩියා මම ලගට ගන්නෙ නෑ..ඒත් මචං අපේ ආදරේ අවතක්සේරැ කරන්න බෑ..අම්මලා කරන තරම් පිලිවෙලට ළමයාගේ වැඩටික අපිට කරලා දෙන්න බැරි වුනාට අපි උත්සහයක් ගන්නවා. බලපන් උඔ ඒක කවි වලත් කියලා තියනවා.

      Delete
    5. පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
      දූ දරුවන් හිනැහී ඇතිදෝ
      උන්ගේ සිත රැඳි තනිය මකන්නට
      මවුනට කවදා හැකි වේදෝ…

      හිරු මඬලක් සේ කිරණ බෙදාදී
      නුග සෙවණක් සේ සිසිල සදා දී
      ජිවිතයේ බර උරින් දරා
      පියවරුමයි ලොව මහ සයුරක් වී
      ලොවම නිවා ලන්නේ

      මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
      පෙරුම් පුරා එන සසර පුරා
      අම්මාවරු මතු බුදු වන්නේ
      පියවරුමයි ලොව බුදු වන මවුනට
      ඒ විවරණ දෙන්නේ……

      ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
      සංගීතය: රෝහණ වීරසිංහ
      ගායනය: දීපිකා ප්‍රියදර්ශණී

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. පත්තරේ දා ගනින් තව ගල් ෂෝට් එකක්

      Delete
    8. AnonymousMarch 25, 2015 at 2:23 PM ඇනෝ

      අළුතෙන් එකෙක් ආපු ගමං අරින උඹලව හිරිකිතයි බං මටනං . ස්පෙඩ් වෙලා ඩිපෝෂීට් වෙන කං වත් හිටහං , ඔහොම කරහම අලුතේන් ලියන්ඩ එන උන් අවුල් වෙනව , අරටුව මෝරපු පොල්මක්කාර උරුමක්කාර අඹලත් මේකේ ඉඩන්ඩ ඕන , මං වගේ අටපාස් බාස් ලත් ඉන්ඩ ඕන . ඒ වගේම අලුතෙන් එකෙක් දෙන්නෙක් එකතු වෙන්ඩත් ඕන . එහෙම නැති උනොත් උඹගේ මානසික කක්කා බර සැහැල්ලු කරගන්නේ අහවල් එකක ඇනෝ කෙලලද

      Delete
  8. ප්‍රස්තුතය නම් හොඳයි.. කවි නම් මෙළෝ රහක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මගේ කවි අවුල්ද බං , ආයේ ලියන්ඩ එපාද , තව එකෙක් කියුවා ඔහොම , බැරි මගුල් නොකර හිටහං කියල

      Delete
    2. පිස්සුද අටමෝ උබ දිගටම ලියපන් කවි...... සිනි උනත් සමහරුන්ට හැන්දක්දැම්මාම රසයි සමහරුන්ට හැඳි පහක් හයක් දාන්න ඕනා ..........

      Delete
    3. අපි කවුරුත් පට්ෆෙක්ට් නෑ නේ බං... උඹට මතකද මංදා මං දවසක් කිව්වා කවි ලියන එක පෝස්ට් ලියනවා වගේ කලබලේ කරන්න බෑ කියලා.. උඹට අමතක වෙන්න විදියක් නෑ.. මොකෝ උඹම තමයි කිව්වේ බම්බුව කියලා..

      කවියක කළබලේ ලියන්න බෑ බං.. මම නම් කවියක් දාන්නේ 20 - 30 ස් සැරයක් මමම කියවලා එඩිට් කරලා කපලා කොටලා.. ඒත් ස්මහර වෙලාවට අවුල් බං..

      සම්ප්‍රදායට කවි ලියන්න ඕන නෑ.. ඒත් නිසදැසක් උනත් කියවන්න තාලයක් තියෙන්නේ ඕන..

      උඹගේ ඕන තරම් පට්ට කවි තිබුනා.. මේක නම් මේ මැෂිමක් හදන්න කළබලේ ලියපු එකක්ද කොහෙද...

      Delete
    4. මහ පාන්දර මොන මෙසින්ද බං ,

      රහ මෙර නැති කවි

      Delete
    5. සුද්ද නෙමෙයි කෙන්ජා මු රත්ත

      ආදරේට ..රකපුත්තා...

      Delete
    6. මේක කියවන්න ඕනේ බයිලා ස්වරයෙන් එතකොට එන්නේ නියම රස.

      Delete
    7. මටනම් කියල තියනදේ තේරෙන කවි රසයි.
      හුඟක් කවි මට තේරෙන්නෙ නෑ ඉතින් මොන රසද, රස නැද්ද කියලවත් දන්නෙ නෑනෙ.
      මේ කවි තේරුනා.

      Delete
  9. පින්තූරයක් ගැන කට්ටිය කිව්වට දැන් පින්තූරයක් නැති නිසා ඒ ගැන මුකුත් කියන්න විදිහක නෑ..
    කවි පද ටිකට නම් ඇහැට කඳුලක් ආවා.

    ReplyDelete
  10. මම දුවෙක් නෑ ඒත් මේ ලෝකේ හැම ගෑනු දරැවෙක්ම මට දුවෙක්..මාවයි පොඩි මෙන්ඩියාවයි දාලා සදු ගියොත් කියලා හිතාගෙන මේ කවි ටික කියෙව්වා..මම තවම ගල් ගැහිලා..මට ඉක්මනට නැගිටලා යන්න ඔිනේ සිගරට් එකක් බොන්න..
    හොද නිර්මානයක් මම දෙපාරක් කියවනවා ඒත් මේක ආය කවදාවත් කියවන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. සිකරට් බොන්ඩ එපා මනුස්සයෝ පපුවට හොද නැ

      Delete
    2. මට $ මිලියන් එකක Shipment එකක් එක්ක හැප්පෙන්න පුලුවන් ඒත් සදුයි පොඩි මෙන්ඩයි එක්ක බෑ..සිගරට් එකක් බිව්වාම පපුව සැහැල්ලු වෙනවා.

      Delete
    3. අනේ මන්ද බං මටත් එහෙමයි , මේක මහ කරුමයක්ද මන්දා , ( ලෙඩ උනාට එහෙම නෑද මන්දා )

      අපි හොදයි බං එක්කෙනෙක් ඉන්නව අපි ඔලුව කහනව වගේ සිකරට් බොන ,

      Delete
  11. සුපිරි කවිය අටමා.... හිතටම දනෙනවා. මම හිතන්නේ තාත්තෙක් උනාම මේ වගෙ එව්වා බොක්කටම වදිනවා.....

    අර අවලම් පින්තුරේ අයින් කරපු එක හොඳයි. ඒකෙන් කවියෙ කොලිටි එක බාල වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඇ උඹට හිතුනේ එක අවලං කියල

      Delete
    2. කවියට සහ ඒකේ අරුතට ගැලපෙන්නේ නෑ වගෙ නිසා

      Delete
  12. අපූරුයි අටං අය්යෙ ඇත්තටම හිතුට දැනුන කවි වල අඩු පාඩු රහ ගුණ හොයන්න ඕන නෑ
    කවිය අපූරුයි.... එ් ඇති....
    ජයවේවා

    ReplyDelete
  13. මේ අන්දමේ ඛේදවාචකයට මුහුණ දුන් සොයුරියක් කලකට පෙර මට දකින්න ලැබුණා. එදා ඇයට හා පවුලට පිහිටවීමට මුළු වගකීම දැරුවේ පාසලේ ගුරු උත්තමාවියක්. මගේ මෑණයින් ද සහාය වුනා. මේ නිසා අටම්ගේ නිර්මාණයේ අගය සියදහස් ගුණයකින් වැඩි වෙලා මට දැනෙනවා

    ReplyDelete
    Replies
    1. //ගුරු උත්තමාවියෝ //

      ඉන්නවද හැබැටම අහන්ඩත් සතුටක්

      Delete
    2. මෑතක් වෙන තුරුම කලාතුරකින් හරි හිටියා අටම්. දැන් ඉන්නේ ගුරු නම ලබාගත්තු වෙළෙන්දො වෙළනේදියො විතරයි. මෙහම දරුවෙක් හමුවුනොත් අධ්‍යාපනේ විතරක් නෙවෙයි විකුණ ගන්නවා ඇත්තෙ.

      Delete
    3. තාම ඉන්නවා... කලාතුරකින්... ඒත් ඉන්නවා.නෑ කිව්වොතින් එයාලට කරන අපහාසයක්..

      Delete
    4. අනේ තරහ වෙන්න එපා , ගුරුවරු කියුවහම ( විශේ්ෂයෙන් වරියෝ ) ගොඩ දෙනෙකුට පොලිස් කාරයෝ වාගෙම තමයි .

      දන්නවද ටීචර් කෙනෙක් කියුවොත් මං යන්නේ නැ මෙෂිම හදල දෙන්න
      හරිම තිරිසං බං

      හලන ලිස්ට් එකේ ඊට පස්සේ ඉන්නව
      ලෝයස්ල
      සෙල්ස්රෙප්ල
      ඩොක්ටස්ල
      පොලිස්ලා
      තව ලිස්ට් එකක්ම ඉන්නව

      හොදම නැත්තේ

      t o ලා

      ඊට පස්සේ ඔක්කොම බාස්ල

      කිසිම දෙයක් කියල තේරුම් කරන්ඩ බැරි උන් තමයි
      ගෑණු ඇදුම් මහන උන් ( ඔව් බං මගේ ගෑණිත් එහෙමයි )

      පිරිමි ඇදුම් මහන ටේලර්ල පන්ඩිතයි

      හරි හරි මං මහ උද්දච්චයි තමා

      Delete
  14. නූගත්කම, දුප්පත්කම, මේ වගේ ජීවිත එක පැත්තකින් ඇදගෙන අනික් පැත්තෙන් තල්ලු කරගෙන යනවා. මගපෙන්වීම තුලින් ඔවුන්ව මේ අපායෙන් ගොඩගැනීම තමයි අපිට කළහැකි එකම දේ. නුවරකලාවියේ මෙවැනි පවුල් සමග මා ඇසුරුකර තිබෙන අතර ඔවුන්ට සෑහෙන මගපෙන්වීමක් කරන්න පුළුවන් වුණා රාජ්‍ය නොවන සංවිධාන මගින්.

    ReplyDelete
    Replies
    1. //රාජ්‍ය නොවන සංවිධාන//

      අම්මෝ භයේ බැ

      Delete
  15. කවියක හොඳ නරක තීරනය කරන්නේ නොතේරෙන බර බර වචන වැඩිවෙන තරමටනම් උඹේ කවිය චා.කවියක හොඳ නරක තීරනය කරන්නේ හිතට දැනෙන හැඟීමේ තරමටනම් උඹේ කවිය සුපිරි.
    ජය වේවා.....
    (හැබැයි උඹ මෙඋ කවිය කොටල තියෙන්නේ අමුවෙන්නම් නෙමේයි )

    ReplyDelete
  16. වස්තු බීජය හොඳයි.කවිවල නං තියෙන්නෙ වාර්තාමය ස්වරූපයකුයි.කියෙව්වට හිතේ කම්පනයක් ඇති වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක වාර්තාමය කවියක් තමා . මම ලියන කොට ලියුවෙත් එහෙම හිතාගන

      Delete
  17. වැදෙන්න ලියල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. රිදුනද නැනේද...හෙ..හෙහ්

      Delete
  18. හිතට අමුතුම කම්පනයක් දැනුන බං.. පිස්සු හැදෙනවා...

    ReplyDelete
    Replies
    1. ගල් වෙඩි ගොඩේ ඉන්න උඹවත් කම්පනේ උනාද. පිස්සුවෙං හරි කමක් නැ හෙට එනව නේද . යන්නේ කීයටද . කොහොමද

      Delete
  19. මගේ යාලුවෙක් හිටියා උන්ගේ පව්ලෙත් මේ සිද්දියම උනා... එකම වෙනස උට අක්කලා දෙන්නෙක් හිටියා අම්මා දාලා යනකොට යාළුවට 4යි පොඩි අක්කට 6යි ලොකු අක්කට 7යි.........

    ReplyDelete
    Replies
    1. 6යි 7යි වයසක්ද අප්පච්චියේ

      Delete
  20. අටමෝ.. අන්තිම කවියට එනකම් තිබ්බේ අම්ම නැතුව හැදෙන එකේ සෝකෙ විතරයි.. ඒත් දැන්නම් කන් අස්සේ බෝම්බයක් පිපිරුවා වගේ කම්පනයක් දැනෙන්නේ.. මට මගෙ කෙල්ලවත් මතක් උනා.. මං ගියත් අපේ උන්දැනම් අපිව දාල යන්නේ නෑ ඒත් අම්මගෙ හෙවනෙම ඉඳලත් අපි මෙහෙම දෙයක් ගැන මෙච්චර තැවෙනවනම්... හ්ම්ම්.. මෙහෙව් කෙල්ලක්ගෙ හැඟීම් ගැන කවර කතාද?

    කවි ගැන කියනවනම් උඹට මීට වඩා ලස්සනට ලියන්න පුළුවන්.. උඹ කම්මැලිකමට දිව අග තියෙන වචන ටිකෙම්ම කෙළල අරිනවා.. හෙට හම්බෙමු.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මට එහෙම වචන ගොඩක් නැ බං , දැනුමෙන් බොහොම දුප්පත් අනිත් දේවල් වගේම

      Delete
    2. මට හිතාගන්න බැරි ගොඩක් දේවල් තේරුම් ගන්න අටම දේශපාලනේදී විතරක් ඔය තරම් මෝඩයෙක් වුනේ මොකද කියල ? එක අතකට උබල මෝඩයෝ කරන්න හදපු ක්‍රමය නිසාද මන්ද ? නැති නම් මේ රටේ දුවලයෝ කොටසකට අර වශී බොලේ වැඩ කොරනවා වේට ඇති!!! කොහොමත් වශී ගුරුකම් වදින්නේ හිත දුර්වල එවුන්ටනේ!

      Delete
    3. දුවලයෝ කියන්නේ කාටද බං

      Delete
    4. //දුර්වලයෝ// Sorry!!

      Delete
  21. උඹෙ මේ සෙද්දෙ බ්ලොග් රෝල ආයි කාල. ගොසිප් සයිට් ටිකත් නෑ. අමාවක වගේ සමහර ඒව දෙක තුන වැටිල. අනේ මන්ද, බොලාගෙ ජීවිතත් අවුල් වෙන්නෙ ඔහොම එක විදිහකට පිළිවෙලකට ඉවසගෙන ඉන්න බැරි කම හින්දද කියල!

    ReplyDelete
    Replies
    1. හැමවෙලේම මට බනින්ඩ එපා බං

      Delete
    2. කලින් තිබ්බා වගේ පිලිවෙලට බ්ලොග් රෝල හදපන්කො බන්. ඕක තමයි මම් සින්ඩිය වගේ තියන් හිටියේ.

      Delete
  22. කවියක් උනාම ඒක එළිසමය ඇතිව ලියලද, පද වැල් හොඳට තියෙනවද කියල බලන්න තරම් හොඳ දැනුමක් මට නැහැ...
    ඒ වගේම ගොඩ දෙනෙක් ඇවිත් “එල කවි ටික”, “පට්ට” කියල කමෙන්ට් කොටලා යන අවලං පජාත කවි වලට වඩා මේ වචන ටිකෙන් කියවෙන අර්ථය මට හරි සංවේදියි අටමෝ...
    ඔෆිස් එකේ හරි මැද්දේ ඉන්න මගේ ඇස්දෙකට කඳුළු ටිකක් ආවත් ඒවා පිහිදාන්න තියෙන අමාරුවත් එක්ක මේ කවිය දාපු උඹත් එක්ක පොඩ්ඩක් මළ පැන්නට මේක මටනම් සිරා...
    පෝස්ට් එක කියවල ඉවරවෙලා කමෙන්ට් එක කොටන්න කලින් ගෙදරට කෝල් එකක් ගත්තා... ගෑණියි පොඩි එකා ගැනයි අහලා බලන්න
    ඒ තරමට හිතට දැනුනා...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියවල ඉවරවෙලා කමෙන්ට් එක කොටන්න කලින් ගෙදරට කෝල් එකක් ගත්තා... ගෑණියි පොඩි එකා ගැනයි අහලා බලන්න
      ඒ තරමට හිතට දැනුනා...

      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. උඹ මෙච්චර කියන නිසාම වෙලාවක ගල් බෝතලේකුත් අරගෙන එන්න හිතෙනවා උඹව බලන්න...
      තැනක් වෙලාවක් කියපන්...

      Delete
    3. කියනව විතරයි ලොකු පුතා, ඕක බොන්න ගියාම ගල් දිහා බලන්නෙවත් නෑ කියල තමයි ලෝකය කියන්නෙ.

      Delete
    4. ඒ හින්දද කොහෙද උගෙන් සද්දයක් නැත්තේ... හෙක්

      Delete
    5. වරෙන් ලොකූ පුතේ අපේ ගෙදර ඔන වේලාවක දොර ඇරලා..හැබැයි සදුට ටිපිටිප් එකකුයි පොඩි මෙන්ඩාට කින්ඩර්ඡොයි එකුයි අරගෙන වර.

      ලෝකයා ඉන්නවානේද පට්ට බොරැකාරයා..ලෝකයා දවසක් විස්කි බෝතලයක් ගෙනත් මම බොන්න බෑ කිවවා කියලානේ ඔය බොරැ කියන්නෙ.

      Delete
    6. මුන් ගල් බොන්නේ නැ බං . මම නං ඉතින් හැනපියර් පිස්සා. අනික තමයි මෙන්ඩා ඔය පෙර ටෝක් දුන්නට

      පට්ට

      g g b

      Delete
  23. හිතට වදින කවි පෙළක්.

    ReplyDelete
  24. කවියෙ අන්තිම කොටස බොහෝම සංවේදියි. කොහෙන්ද මේ ප්‍රස්තුතය හොයාගත්තේ?

    ReplyDelete
    Replies
    1. එහෙම හම්බුන්නැ බං හිතුනා ලියුවා

      Delete
  25. ‍දුක්බර ඒත් සාමාන්‍ය, හැමෝටම අමතක වෙන කතාවක්...

    ReplyDelete
    Replies
    1. මට පුලුවන් හරිය මං කියුවා . අනේ මන්දා බං

      Delete
  26. අටමෝ,
    ලස්සන කතාවක් කවියෙන් ලියල තියෙනවා .ඒත් අන්තිම කොටස නම් හිත කමපා කරන එකක්.

    ReplyDelete
  27. දුක හිතුන මචො සැරටම

    ReplyDelete
    Replies
    1. සම්මානේ ගන්ඩ සූට් එකක් එහෙම මැහුවද

      Delete
  28. අන්තිම එක නං වැදුණා බං රිදෙන්න... පව් ‍යකෝ පොඩි එකී...

    ReplyDelete
    Replies
    1. ලිවිල්ල දැං මොට වෙලා

      Delete
  29. මෙහෙම කතාවල් ඇත්තටම වෙනව අයියෙ.සමහරු හිතන්නෙ මේව නිකන් ප්‍රභන්ධ කියලා.ඔයා නම් අවුස්සල ගන්නෙ හරි රිදෙන ඇත්තවල්...
    ජයවේවා ...!!!!

    ReplyDelete
  30. රිදෙන තැන් වලට රිදෙන්න වදින්න හොඳට ගහලා! වෙන්නේ මේවා සමාජයෙන් හංගගෙන ඉන්න එකනේ...

    ReplyDelete
  31. ඇත්තටම හොඳයි ලොක්කා

    ReplyDelete
  32. සමහර කවි තියනවා කොච්චර අඩුපාඩු තිබ්බත් ඒකෙන් මතු කරන තේරුම අර අඩුපාඩු වහගෙන උඩට මතුවෙන. මට මේක ඒ වගේ කවියක්. කියවලා ඉවර වෙනකොට කවියේ අඩුපාඩු නෙමෙයි මගේ හිතේ රැඳුනේ, අම්ම ගෙදරින් ගිය, තාත්ත හවසට බීගෙන ගෙදර එන, දුප්පත් පවුලක දුවෙකුගේ දුක.

    උඹේ කවි වල හැමදාම අඩුපාඩු වගේම බොහොම අවංක කමකුත් තියනවා. මතු කරන සිද්ධි වල, කතාබහේ බොහොම සැබෑ ගතියක් තියනවා. මේ කවියේ මාත්‍රා, පද බෙදීම් ආදියට උඹ දක්වලා තියන නොසැලකිල්ල එක පැත්තකින් මේ කවියේ කතානායිකාවගේ පසුබිම උඩ ගැලපෙනවා.. සමහර විට ඒක අහම්බයක් වෙන්න ඇති :).... කොහොම උණත් කියෙව්වහම බොහොම සංවේදීව දැනෙන කවි පන්තියක්.

    ReplyDelete
  33. උඹ මගේ හෘද්ධය වස්තුව හිරමනයකින් ගාලා, ඔලුව මිරිකලා ඇස් දෙකෙන් ලේ ටික එලියට ගත්තා වගේ හැඟීමක් මට දැනෙන්නේ. ඒ මදිවට මේකේ මගේ නමත් තියෙනවා.

    ReplyDelete
  34. ඔයා ගැනයි හැමදාමත් කියවන්නේ
    හවසට කටින් සැර ගදකුයි පිටවන්නේ

    ReplyDelete
  35. මේ වගේ දෙමව්පියන්ගෙ වැරදි වලට විඳවන ලමයි කොච්චර නම් ඇතිද!

    ReplyDelete
  36. අප්පේ අටම්, අපිටත් කෙල්ලක් නැතුවාට ඇස්වලට කඳුළු ආවා කවිය කියවලා. සංවේදී සටහනක් මලයා.

    ReplyDelete

  37. [im#]http://wonderingfair.files.wordpress.com/2011/08/little-girl.jpgim]

    ReplyDelete
  38. [im#]http://wonderingfair.files.wordpress.com/2011/08/little-girl.jpg[im]

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>