2015-08-04

Download අටම්පහුර and අටම්පහිය new Android App

ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග් රෝල පාවිච්චි කරල බ්ලොග් කියවන අය ඔය දකුනු පැත්තේ තියන අටම්පහිය බ්ලොග් සින්ඩිකේටර් පින්තුරේට කොටල එතනට ගිහින් කියවන්න , බ්ලොග්වර්ගීකරනය කරල කියවන්ඩ ලේසියට වෙන වෙනම ගොඩවල් ගහලයි තියෙන්නේ .

අන්දිරිස් ෆොන් වලින් කියවන කට්ටියට ලේසිවෙන්ඩ මං අන්දිරිස් ඇප් දෙකකුත් හදාගත්තා . අටම්පහුරෙත් අටම්පහියෙත් දකුනු පැත්තේ ඒවා බාගන්ඩ යන්ඩ ඕන තැං දාල තියනව .


එව්වා බාගන්ඩ ගියහම ඔයාලට මෙන්න මෙහෙම පිටුවක් එයි .


ඒකේ ඩවුන්ලොඩ් ඇප් කියන එක ක්ලික් කරන්ඩ 



එතකොට ඔන්න ඔහොම එකක් ඇවිත් apk පයිල් එක බාගතවෙයි , ඕක අන්දිරිස් ෆෝන් එකට ස්ථාපනේ කරන්ඩ ගියහම අන්දිරිස් නිකං බැ බැ වගේ කියුවොත් සෙටින්ග් වලට ගිහින් ඔය පහල රූපේ තියන විදිහට කොරන්ඩ,





එතකොට සියලු රෝග නිවාරනයි.

අනික ඉතින් මේක දැම්ම කියල අන්දිරිස් ෆෝන් එකට කෙලවෙන්නෙත් නැ.

61 comments:

  1. පොහ්........................අලුත් හෙඩර් එක මල් හතයි ඈ. ඕකනේ මම කිව්වේ දන්න කියන කෙනෙකුට කියන්න කියලා. අපි කොහෙද ඔච්චර වැඩ දන්නේ.

    අනේ ඔය ඇප්පුව දාන්න අන්දෝරිස් පෝන් එකක් නෑ මගේ ළඟ.

    ReplyDelete
    Replies
    1. මේ සැරේ පැන්සොන් ඒකෙන් එකක් ගන්න. දැන් පැන්සොන් එක වැඩි කරලනේ තියෙන්නේ.
      සමරසේකර

      Delete
    2. සමරෙ අයියා අන්දිරිස් දුරබනුවක් ගත්තද

      Delete
    3. අනේ වැඩක් නැ. මාව මේසයක් උඩ කොම්පියුටරයක් තියාගන මැසිමක් හදනව චිත්තරයක් ඇදගන්ඩ එකෙක් නැනේ ,.......මං පව් යකෝ;

      Delete
    4. ඔය තියෙන්නෙ හොඳට.... අර හැට හුටාමාරක් ජාති දාන්නෙ නැතුව මේ විදියට හොදයි...

      Delete
  2. අටමා........... අර හෙඩර් ඒකේ ඉන්න තට්ටයා කවුද බොල..... ??? හෙඩර් ඒක නිසා ලස්සන කොල්ලෙක්ග් රූපයක් දාන්න ඒපැයි.... ඒවන්නද මගේ රූපයක්??????

    ReplyDelete
    Replies
    1. එපා බං ඔය අපේ තාත්ත , මං අපේ මල්ලිගේ එකක් දාන්න , උඹව දාල පෝස්ට් එකකට එන විසිටස්ල දාහ හමාර සියට දේසියට බස්ස ගන්ඩ බැ

      Delete
  3. මොකද්ද බං බල්ලට ලෙලි පොල් දෙන්න වගේ නැතුව පොඩි විස්තරයක් එක්ක දාපංකො.

    ReplyDelete
    Replies
    1. මචං මේක දැං මටත් ලෙලිපොල් වගේ මේක මෙහෙම පබිලිස් කරපු %රියව මං මේ හොයන්නේ , මං දන්නඇ බං , දවස් තුනකට පස්සේ ගෙදර ආවේ , ඇප් එකනං මං ලොග් වෙලා හැදුවා .....කවුද බං මේක දැම්මේ , නැත්තං කොහොමද වැටුනෙ

      Delete
  4. අටමෝ,
    සිංහල බ්ලොග් කියවනය නැති උනාට පස්සේ මම හැමදාම අනෙක් බ්ලොග් බලන්නේ ඔබේ blog ඒක ආධාරයෙන්. දැන් දවස් දෙකක් තිස්සෙ ඒක මකල දාල තියෙන්නෙ මොකද?

    සමරසේකර
    සමරසේකර.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අයියේ

      බ්ලොග් රෝලට බ්ලොග් දාහකසෙන්න ගානක් එල්ලල හන්දා පට්ට ස්ලෝ කියල කම්ප්ලෙන් ගොඩයි . පස්සේ මං එක ගලවල , සින්ඩියක් වගේ එකක් හැදුවා , ඒකේ ලින්ක් එක තමා ඔය තියෙන්නේ ‘‘ අටම්පහිය ‘‘ කියල ,, අන්දිරිස් එකට ඔය ඇප්එක දැම්මනං කෙලින්ම ඔයාට ඒකෙන් මං දැක්ක ඔක්කොම බ්ලොග් ඔයාට කියවතහැකි

      කොම්පියුටරෙන් ‘‘අටම්පහිය ‘‘ හොයාගන ඒකෙන් ආවත් හරි

      සමාවෙන්ඩ ඇ

      Delete
  5. පට්ට පෝස්ට් එක ඈ... ;)
    ඔය එක්කම දාපිය Android එකක් ගන්න පුළුවන් ලාභදැයි ක්‍රමයකුත්...

    ReplyDelete
  6. හෙඩර් එකක් හදලා දීලා නියමයි..

    ReplyDelete
    Replies
    1. මට පුලුවං විදිහට බං හැදුවේ , ඒත් ඔය මට ඕන විදිහ නෙමෙයි

      Delete
  7. ෂා... ලස්සන හෙඩර් එක මෙයා ....
    කව්ද හැදුවෙ .. ඔයාද ... හැක හැක හැක ....

    ReplyDelete
    Replies
    1. මං දන්න
      ජිරාප් ඇන්ටි කෙනෙකුයි
      බැබුං අංකල් කෙනෙකුයි

      ඒ ත් මට ඒන විදිහට නැ මෙ8්ත

      Delete
    2. හෙඩ් මෙහෙමනම් ටේල් කොහොම වෙයිද?

      Delete
    3. මට මැවිල පේනව පෙන්නන විදිය...

      Delete
  8. මැෂින් බිජ්ජ පැල වෙනා....
    මැෂින් බිජ්ජ ගස වෙනා...
    මැෂින් ගොඩක් හදමිනා..
    මැෂින් බිජ්ජා පඬි වෙනා..

    ReplyDelete
  9. අනේ ඔය ඇප් අපි දන්නෙ නෑ බං

    ReplyDelete
    Replies
    1. එහෙම බැ නුතනවාදි වෙන්ඩ ඒන අඩු තරමේ ෆෝන් එකෙන්වත්

      Delete
  10. දැන් මොකක්ද ඔය අටංපයිය කියන්නේ.. මටනම් ඔක්කොම අන්දොස් වගේ.. සැක්.

    ReplyDelete
  11. අවාරෙට පොල්වැටෙන්නා වගේ එන්කොටනෙ මේ පහිය දැක්කෙ. ඔහොම හරියන්නෑ කතා කොරන්ඩම වෙනා

    ReplyDelete
  12. අඩේ මේ ඇප් දෙක හදාගත්ත විදිය කියල දියන්කෝ..

    මගෙ බොගටත් අන්දිරිස් ඇප් එකක් හදල දියන්කෝ..

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය බාන තැනින් ලේසියෙං පුලුවන්නේ , ගුගල් ප්ලේ ස්ටෝරුවටත් දාන්ඩ පුලුවන්ද කොහෙද එතනිනිම , කියවල තේරුම් ගන්ඩ බැරි හන්දා ඒක නං කොරගන්ඩ බැරි උනා

      Delete
  13. අනේ අටම් අ‍යියේ..අන්දිරිස් එකට ඔක දානකොට හිර උනාම හදන තැන ඇඩ්ඩ්‍රොස් කෑල්ලයි, සුපියල් 250ක මනි ඕඩර් එකකුයි එවපන්....

    ReplyDelete
    Replies
    1. අපරාදේ අර යකාගේ දෙසීය පනහා.... ගල් බලකාය කොක්ටේල් එකක ගාන...

      Delete
    2. @chef-architect

      මගේ දෙක හදල ඉස්සෙල්ලම පෙන්නුවහම අරහෙමයි මෙහෙමයි කියල , හෙන අඩුපාඩු ගොඩක් කියල , හරියන්නේම නැමයි කියල , ඊටපස්සේ ...අරූටත් එකක් හදහන්කෝ කියල වද දීල ඒක හැදුවට පස්සේ , අනේ මගේ එක ෆෝන් එකට දාගනින් කියල මං අඩනකොට මගේ එක නොදා මට කියලම සුදුළුණු බිකාගේ එක දාගත්තනේ .....( මං ඕක මැරෙනකං අමතක කරන්නැ ) ........ඒක පැත්තකින් තියමුකෝ අර කෝල් කරනකොට උස්සන්ඩත් බැරි කෝල් එකක් ගන්ඩත් බැරි ෆෝන් එක දැං අපුරුවට වැඩ කරන්නේ ..එව්වා ගැන කතා නැනේ ......

      Delete
    3. @ Maathalan - Priyantha Hewage

      ඒක තමා සුදුළුණු බිකෝ ගල් සීයක් ගහන්ඩ ඒ දෙසීය පනහා තියාගන්ඩ කියල මං සල්ලි දෙන්ඩ හැදුවේ

      මීට පස්සෙනං බොලාගේ පෑනක් පැන්සලක් උල්කරල දෙන්ඩවත් මේ අටම අල්ලයිද කියල බලමුකෝ ( මෙව්වා මටත් හොද පාඩං )

      Delete
    4. මමයැ ඒක දැම්මෙ...එපා කියද්දි...තිබිච්ච ඒවාත් අයින් කොලාට පස්සෙ බලෙන් වගෙ දාලා ගතු කියන්නත් එනෝ..අද දවල් මොනාද පාත් වෙනකොට ඒක මම uninstall කලා අනේ...මට ඔය ඇප් ඕනි නැහැ....

      Delete
    5. මම තමයි ඉස්සෙල්ලම ඔය මගුල දාගත්තෙ...බොට මතක නැති උනාට මට නම් මතකයි රෑ එලිවෙනකන් ඕක සුද්ද කරා මගේ කරදරේට....බොලාට ඉතින් නිකන් උඩ තියෙන ඈයො ලොකුයි ඇත්තටම වැරැද්දක් පෙන්නන එකාට වඩා...අනේ හුකේ නන්නානේ කිව්වලු...

      Delete
  14. අයිෆොන් වලට හදන් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හදන්න තැනක් තියද කියල බලන්නං , මේක මට හම්බුනේ අහම්බෙන්

      Delete
  15. මම නම් ඇන්ඩ්‍රොයිඩ ඉස්පැසොලිස්ට් කෙනෙක්ට කියලා එල්ලන්න තියෙන ඔක්කෝම එල්ල ගත්තා....

    ReplyDelete
    Replies
    1. අනේ කාට කියලද . ....මටත් කරල දෙන්ඩකො .... ගුගල් දෙයියගේ දෙයියගේ සෙල්ලං ස්ටෝරුවටත් දාගත්තද

      Delete
    2. පල පල යන්ඩ සුදුළුනුබිකා

      Delete
    3. වෙනින් කවුරුවත් නෙවී...රාගම මොරායස්...

      Delete
  16. දැන් ඕක දාන්න ෆෝන් එකක් ??

    ReplyDelete
    Replies
    1. අර ඇන්ඩෝයිඩ් එකට කෙලවෙලා බං

      Delete
  17. ඉකේයියා අනේ... ඔය පයි අස්සෙ දාන්න හිරිකිතයි

    ReplyDelete
    Replies
    1. මේක දැක්කහම මටත් හිරිකිත හිතෙනව

      Delete
  18. බ්ලොග් ලෝකේ හරි කුරිරුයි අම්මේ

    ReplyDelete
    Replies
    1. ඇති දැන්වත් තේරුනා...

      Delete
    2. හැම එකාටම ලස්සන හෙඩර් පිකචර් තියනව , එකෙක්වත් මට ඒන විදිහට හදල දෙන්නැ

      Delete
  19. මේල් බලාපං... උඹට තෑග්ගක් ඇති

    ReplyDelete
  20. ඉඳපන්කො හෙඩර් එකක් හදලා එවන්න... අර තට්ට ගෙඩියෙ ෆොටෝ එක හරියන්නෙ නෑ බං...

    ReplyDelete
    Replies
    1. [im#]https://lh3.googleusercontent.com/-y5Lk7vA2wZk/AAAAAAAAAAI/AAAAAAAABYw/8B_eYycpyl0/s120-c/photo.jpg[/im]

      මට ඕන මෙන්න මේවාගේ අතන් ඇන්ද වගේ එකක් , මෙෂිසක් හදන ගමං මේසය උඩ කොම්පියුටරයකුත් තියෙන්න ඒන

      Delete
  21. අටමා බිස්නස් කාරයෙක් උනාට පස්සෙ බ්ලොග් එක ලියන්නෙ නැතුව වෙන පඩි වැඩ දානවා....

    ReplyDelete
  22. එළ එළ.... මම එකක් කුරුටුගාල දෙන්න බලන්නම් ඉස්පාසු ඇති වෙලාවක.... උඹ කැමති වෙයිද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. අන්න හොදයි හදහං මට ඒන මෙන්න මේ වගේ චිත්තරයක්

      [im#]https://lh3.googleusercontent.com/-y5Lk7vA2wZk/AAAAAAAAAAI/AAAAAAAABYw/8B_eYycpyl0/s120-c/photo.jpg[/im]

      Delete
    2. ඉතිං මේකම දාගන් පකෝ

      Delete
    3. කමක් නැද්ද පකෝ

      Delete
  23. මට දවස් කීපයක් දියන් ...

    ReplyDelete
  24. අඩෝ උඹ මාව අයින් කොළායෙකෝ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ජනරංජනී
    ‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘ ‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘ ‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු…
  • How to use Singer 974 Contessa Sewing Machine
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • තෑගී ටොෆී ....බොන්සන් සහ බොන්බොන් ටොෆී සමග මිනී මැරුමක් සහ ඌරු මස්
    අක්කේ     අක්කේ ඒ ... ඉන්නවදෝ ...... ‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘ ඉන්නවෝ ....මේ එනවෝ .... ‘‘ ආ…
  • What is the correct needle to be used according to the machine type, නිවැරදි ඉදිකටු වර්ගය කුමක්ද
  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • නිතීය මක්කෙටෙයි
    බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිද හැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිද චුම්බන පිරිමැදුම් පමනක් සුව…
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
  • ගොත බොන්චි
    පහුගිය  දවස්වල ප්‍රසාද්ලෑ මයිනලෑ කිචි  කතා  ගොලු කතා  කියවනකොට තමයි මට මේක  මතක් උනේ ... මේක කිචි කතාවක්  ගොලු…
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • සර්ලට මොකටද කසිප්පු
    අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත්…
  • Download අටම්පහුර and අටම්පහිය  new Android App
    ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග්…
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • How to adjust the timing on singer zigzag machines
  • සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ
    මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු  කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු…
  • අටමට පුරස්න දෙකක් , (1) ගූ ගල් කරන සිතියං අක්කට  අපිට පාරවල් කියලා දුන්න හැක්ද , (2) නොපෙනෙන කෙනෙක් ලග ඉන්නවා කියලා කවදහරි දැනිලා තියනවද.
    (1) අද මං ජීවිතේ පලවෙනි වතාවට google map පාවිච්චිකරලා  ගමනක් ගියා , ගෙදරින් පිටවෙනකොට යන්ඩ ඒන තැන දුන්නහම මට යන්ඩ ඕන තැනට යන්ඩ , පාරවල්…
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
1,644,386

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>