ලොරේසියේ කුළයට හා සිනමෝමම් ඝණයට අයත් ශාකයක් වන කුරුඳු වගාව පොල් වගාවේ යටි වගාවක් විදිහට හරි තනිකරම කුරුඳු හරි තමයි වගාකිරිල්ල කරන්නේ සෝදා පාලුව නැති කරනඩ අගල් කැපුවට පස්සේ අඩි හතරයි හතර පරතරයක් හිටින විදිහට අඩියක පමන වලවල් හාරලා තමයි කුරුඳු හිටවන්නේ , එතනදි ඔය උඩ රූපයේ පේන ඇටවලින් ලබාගන්න පැල හරි , ඳඩු සිටවීමෙන් ලබාගන්න පැල හරි යොදාගන්නවා , පැල සිටවීමෙන් පස්සේ වරින් වර භුමිය එලි කිරිමත් මාස හයකට වරක් පොහොර යෙදීමත් කරන්න ඕන , ඒ අතරතුරු අනවශ්‍ය පැල ඉවත් කිරිමත් සමහරක්විට කෙලින් අතුවැඩිමට පුහුනු කිරිමට අතු එකිනෙක බැඳිමත් කරන්න ඕන
මේ වැඩිගන එන කුරුඳු ශාකයක්
මේ අස්වැන්න ලබාගන්න පුලුවන් මට්ටමට වැඩුන ශාකයක් , අළුත් පැල මේ මට්ටමට වර්ධනය වෙන්න අවුරුදු තුනක් විතර යනවා , අක්කරයක් මේ මට්ටමට වසර තුනක් නඩත්තුවට පොහොර සහනාධාර නොගෙන සේවකයන් කුලියට යෙදෙව්වොත් රුපියල් 40000 විතර වැයවෙනවා.
මේ තියෙන්නේ නෙලාගත්ත කුරුඳු දඩු
මේ තියෙන්නේ පදුරේ ඉතිරිකරල තියන නොවැඩුන දඩු , දැං ආයෙත් සම්පුර්ණයෙන් භුමිය එලිපෙහෙලි කරල අතු කෙලින් කර බැදල , පොහොර යෙදීම කරන්න ඕන , තව මාස හයකින් හතකින් ආයෙත් අස්වනු නෙලන් පුලුවන් වෙන්නේ එතකොට
ඔය උඩින් තියෙන්නේ කුරුඳු කෝටු වල පිට පොත්ත සුරල ඉවත් කරන්න යොදාගන්න ආයුධ
මේ තියෙන්නේ සුරල ඉවත් කරන කුරුට්ට සහ අනවශ්‍ය පොතු කැබලි
ඊලගට මෙන්න මේ පිත්තල ආයුධයෙන් කුරුඳු කෝටුව හොදින් අතුලා මදිනවා , එතකොට තමයි පොත්ත කෝටුවෙන් බුරුල් වෙන්නේ
මෙන්න මේ පිහියෙන් තමයි පොත්ත ඉවත් කරගන්නේ
මේ තියෙන්නේ පොත්ත ඉවත්කරපු කුරුඳු පොලු , මේවා ඉතින් දරට තමා , කාට හරි තඩිගහන්ඩත් මරු
මෙන්න කුරුඳු තලන විදිහ , එයාල වැඩකරන්නේ තුන් දෙනෙකුගේ කණ්ඩායමක් විදිහට බොහෝවිට , උදේ ඉර එලිය වැටෙනකොටම එයාල කුරුන්ඳට යනවා , එදා දවසට තමන්ට තලන්ඩ පුලුවන් ප්‍රමාණයට කුරුඳු කපාගන ඇවිත් , එක්කෙනෙක් කෝටු සුද්ද කරල දෙනවා අනිත් කෙනා තලලා පොත්ත ඉවත් කරනවා , අනිත් කෙනා ( ගොඩක් වෙලාවට කණ්ඩායමේ නායකයා ) තමයි පොතු ටික එකලස් කරල ලස්සනට හදන්නේ
එක එක සයිස් එකට තියන කුරුඳු පොතු
ලොකු පොතු අස්සට කුඩා කැබලි එකතු කරල ලස්සනට පැක් කරනවා
මේ තියනවා නේද අමුතු කෝට්ටක් ඕක තමයි මීම්ම , පොතු පුරුද්දලා අඩි තුනහමාරක් උසට සකස් කරගන්නේ ඔය කෝට්ට ආධාරයෙන්
දැං ඉතින් මද පවනේ වේලෙන්ඩ උඩින් ඇද්ද ලණු පොටවල් උඩ පැදුර වගේ හිටින්ඩ අඩුක්කරනවා
සතියක් විතර යනකොට බඩු ගානට වේලිලා එනවා ,
ඊලගට පොඩි මිටි බැදලා ඔක්කොම නෙලලා ඉවර වෙනකං පැත්තකට කරල තියනවා , මේ වේලාගන්න වැඩේ හරියට නොවුනොත් , පාට වෙනස් උනොත් , රස වෙනස් උනොත් , පුස් කෑවොත් එහෙම විකුණන්න ගියහම මිළ අඩු වෙනවා , ඒ නිසා ඒ වැඩේ කරන්නේ බාහොම පරිස්සමින්
සම්පූර්ණයෙන් අස්වනු නෙලලා ඉවර උනයින් පස්සේ අර බැද ගත්ත මිටි ටික ආයෙත් ලෙහනවා
ලස්සන පොතු එලියට හිටින්ඩ අප්සට් කේස් මැද්දට දාල ලොකු මිටි බදිනවා එක මිටියක් කිලෝ හතලිහකට වඩා වැඩිය හිටින විදිහට
කොටයක් ආධාරයෙන් දෙපැත්තට තට්ටු කරල මට්ටං කරගන්නවා . මේවැඩේට එයාල කියන්නේ මනමාලි සරසනවා කියල
දෑං ඉතින් තියෙන්නේ කුරුඳු එකතු කරන තැනකට ගිහින් දීලා සල්ලි ගන්න එක තමයි , හැබැයි ඉතින් එතනිනුත් මේ සකස් කිරීමේ ක්‍රියාවලිය ඉවර වෙන්නේ නැතිලු , එයාලගෙනුත් කුරුඳු මිළදි ගන්න දේශිය වෙළද පොලට සහ අපනයනයට යොමුකර අය ඔය කුරුදු මිටි නැවතත් ලෙහලා , ගෙන්දගං දුම් ඇල්ලිමෙන් හොද පැහැයක් එහෙම ලබාගන ( ජාතී නේ ) , අදාල වෙළද පොලට අවශ්‍ය ලෙස වර්ගීකරනයට ලක්කරල වෙළදපොලට යොමුකරනවලු.
කුරඳු තැලිල්ල හැමෝටම කරන්ඩ පුලුවං රාජකාරියක් නෙමෙයි , ඒ නිසා එයාලට බොහොම ඉල්ලුමක් තියනවා , කුරුඳු තලන්න කෙනෙක් හොයාගන්න එක මහා අමාරු කාරියක් , හරියට නියම කාලයට අස්වනු නෙලිම නොකලොත් ලබන කන්නය වෙනකං අත ඇරලා දාන්න වෙනවා , මොකද මේ වැඩේ වගාවේ අයිතිකාරයට ගෙදර අය එක්කවත් නුපුහුනු ශ්‍රමිකයන් යොදවලාවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි .
ඉතින් ඒ තියන විශේෂ ඉල්ලුම හින්දා එයාල එක්ක වැඩකරන එක ටිකක් කරදර වැඩක් , අස්වැන්න නෙලන්න කලින් වගා භුමිය වෙනත් කම්කරුවන් යොදවලා එලි පෙහෙලි කරල දෙන්න ඕන , කුරුඳු තලන අය වැඩ කරන්නේ කුලියට නෙමෙයි , අවශ්‍ය පහසුකං වගාවේ අයිතිකාරයා ලබාදීමෙන් පසු අස්වැන්නෙන් 50% එයාල අයකරනවා , හරියට ගත්තහම කුරුඳු අයිතිකාරයාට වඩා තලන අයට ලාබයි.
ඒත් ඔවුන් කියන විදිහට වැඩක් හම්බ උනහම කණ්ඩායමක් හදාගන්න එක හරි අමාරුලු , තරුණ අය මේ රස්සාවට යොමු වෙන්නේ නැහැලු ,
දවසට රුපියල් තුන්දහසක් පමණ උපයන්න පුලවන් රස්සාවක් වෙච්ච මේකට අළුතින් ශ්‍රමිකයන් යොමු නොවන කාරනාව හොයලා බලනකොට තමයි දෑනගත්තේ ,
වැඩවසම් සමාජ ක්‍රමයේ පහත්යැයි සම්මත කුලයකට අයත් රැකියාවක් විදිහට තවමත් සමාජයේ තියන පහත් ආකල්පය නිසා යැයි කියල.
නව නිපැයුම් කරන කවුරුහරි අයිඩියානන්ද කෙනෙක් කුරුඳු කෝටුවෙන් පොත්ත ඉවත්කරගන්න ගැජට් එකක් නිර්මාණය නොකලොත් , තව අවුරුදු පහලවක් විස්සක් යනකොට කුරුඳු වගාව පුහුණු ශ්‍රමිකයන් නැතුව නැත්තටම නැතිවෙලා යයි
අන්තිමට මේක දැකලා මට වුණේ අර ටී බෑග් ක්‍රමයට පැකට් කරලා එන කුරුඳු බීම එකක් බොන්න හිතුණු එකයි. මෙලෝ රහක් නෑ, ඒ වුණාට මේක දැක්කම ආයෙත් බොන්න හිතෙනවා. බලන්ඩ අටම්, ඔයාගේ අරමුණ මම වරදවා තේරුම් ගත්තු හැටි!
ReplyDeleteමෙලෝ රහක් නෑ කිව්වේ කුරුඳු බීම එක, ලිපිය නෙමෙයි. ලිපිය මාර රහයි. :D
Deleteතේ කුඩු ටිකට කුරුදු කුඩු ටිකක් කලවම් කරගෙන තමාගෙ රසට අනුව හදාගන්න පුළුවන්. තේ එකේ කහට ගතිය වැඩිනම් රස පොඩ්ඩක් අවුල් වෙනව.
Deleteමාකට් එක අපිව මොට්ට කරලා තියෙන්නේ!
Deleteඅනේ මක්කටෙයි බං අච්චර රස තේ වලට එක එක එව්වා දාන්නේ
Deleteමමනම් ඔය ප්‍රශ්නෙට උත්තර හොයාගෙන තියෙන්නේ.
ReplyDeleteඅපේ ගෙදර ලොකු කුරුඳු ගහක් මම වවලා හියෙනවා
අවුරුද්දකට දෙපාරක් විතර මම නිවාඩු දවසක උදෙන්ම ඒකෙන් ලොකු අතු දෙක තුනක් කපාගෙන තනියම පැත්තකට වෙලා ඒක සුද්ද කරනවා.
නියම ඔරිජිනල් කුරුඳු සත පහක වියදමක් නැතිව අපේ ගේදර කෑම හදන්න තියෙනවා
නරකද වැඩේ?
කුරුඳු උයලා කාපං උබ අපිට පාන්ද ඉතින්?
Deleteදයාබර ඇනෝ මල්ලී වෙත, "හා "
Deleteඒකත් මරු වැඩේ
Deleteලගදි ඉදන් අටං අයියා හැන්ඩියා වෙලා
ReplyDeleteලියන්නෙත් වැදගත් දේවල්
හොද අටං අයියා....
අටං අයියා එක්ක සමලිංගික සේවනයේ නිරත වෙන්න ආසද?
Deleteසිරිකොත පැත්තේ පලයල්ලා
Deleteකුරුඳු ගැන බොහොම අපූරු කරුණු පෙළ ගැස්මක්.
ReplyDeleteකුරුඳු තැලීමටත් වඩා විශේෂ පුහුණුවක් අවශ්‍ය වෙන්නේ පොතු ටික කෝටු ලෙස සැකසීමට, මම හිතන්නේ. එයට හන්දි කිරීම කියල සමහර අය කියනවා. හන්දි කිරීම හැරුනුකොට පොත්ත ගලවා ගැනීම නම් යන්තම් අතහුරුවක් ඇති අයටත් කරන්නට පුළුවන්.
ඔබ කියා ඇති ආකාරයේ නව නිපැයුමක් පැමිණියහොත් එය කුරුඳු තැලීමට පිරිස් නැතිවීමට වගේම, කුරුඳු වගාවෙන් ලැබෙන ආදායමෙන් බාගයකටත් වැඩිය කුරුඳු තැලීමට වෙන්කිරීමට සිදුවීමෙන් ලැබෙන පාඩුව නිසා කුරුඳු වවන්නන් එයින් ඈත් වීමටත් හොඳ විසඳුමක් වේවි.
රුහුණ විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ මහචාර්ය වීරසිංහ මහත්තයා යාන්ත්‍රිකරණය කරන්න යන්ත්‍රයක් හොයා ගත්තා. නුමුත් ජනප්‍රිය වුනේ නම් නැහැ වගේ. ලොකේ හොඳම කුරුඳු ඇත්තේ අපිට වගේම වැඩිම සැපයුමත් අපේ.ලන්දේසි කලේ අවසර නැතිව කුරුඳු /හක් කපා දැමිමත් තද දඬුවම් ලැබිය හැකි වරදක්ලු.දැන් සාමාන්‍ය කිලෝවක් ගැනුම් මිල රු 1500ක් විතර වෙනවා.කරන්න පුළුවන් නම් හෙඳ ජොබක්
Deleteමේ කන්නයේ කිලෝව 1670ක් , හැබැයි ඔය කියුවාට වගාකරන කෙනාට ඒ හැටි ලාබයක් හිටින්නේ නැ , කරන වියදං එක්ක ගත්තහම
Deleteහන්දි කිරිම තමයි කුරුදු කර්මාන්තයේ ආට් එක , පොතු ගැලවිල්ලත් සෙල්ලං නැ , හරියට නොකෙරුවොත් අස්වැන්නේ ගුණාත්මක බව අඩු වෙනවා වාගේම හන්දි කරන එකාට හන්දිපත් රුදාව හැදෙනවා
ඒ යන්ත්‍රය ජනප්‍රිය නොවුනා කියන්නේ අනිවා අවුලක් ඇති , වැ4ඩේ ලේසියට හොදට කරන්න පුලුවන්නං අපේ අයියලා අත අරින්නේ නැ , දැං බලන්ඩ පොල් ලී පලන කට්ටිය දංවැල් කියත් දෙකක් අරං ඇවිත් ගේම ගහනවා , පොරවක් නං වැරදිලාවත් ගේන්නේ නැ , වෑයක් අරං එනවා ගස් අයිතිකාරයට පේන්ඩ , ලගට වෙලා හිටියොත් බොරුවට ඇස්ස රහිනවා , අන්තිමට වහලේ ගහන්ඩ ගියහම බාසුනැහේ මෝලට දාල ඇද රවුං කරල හතරැස් කරල දෙන්ඩ කියනවා
Deleteනෙදකින් චේන්ෂෝ පොල් ලී
okata mama try kara machan upakarnayak hadanna eth wade hari giye na..
ReplyDeleteලේසි නැ තමා බං හැඩයක් නැති උලව්වකට ගැජමැටික් සැට් කරනවා කියන්නේ , හැමෝටම හරියන ඒකම එක සෙක්ස් ටෝයි එකක් හදනවා වාගේ තමා
Deleteමේ ලිපියෙනුත් පෙනෙනෙ විදියට අපේ රටේ මොන ලබ්බ උනත් තවමත් විශාලම ප්‍රමාණයක් විකුණන්නේ මූලික අමු නිෂ්පාදන (raw products) විදියටයි.
ReplyDeleteසාමාන්‍ය තාක්ෂනය යොදල පැකින් කිරීමක්වත් කෙරෙන්නෙ නෑ. වැලියු ඇඩිෂන් එකක් ගැන මෙලෝ දැනුමක් නැති හැටියයි.
ඔය අපනයන සංවර්දන මංඩලයද මොකද්ද මගුලක් තියෙනව නේද ඕකුන්ගෙ රාජකාරිය මොකද්ද.
වැලියු ඇඩිෂන් කොහොම උනත් VAT නම් ගහනව හැම **ත්තටම.
ඒ වගේම දියුණු රටකනම් කුඩා නිෂ්පාදකයෙක් වුනත් ඔය පොතු ඇරීම, තැලීම වගේ ඒවටත් මැශින් භාවිතා කරනවා.ඔය මිනිසුන් පාරම්පරිකව සහ අත් උදව් දීමෙන් ලබන දැනුම ඇර විද්‍යාත්මකව පුහුණුවක් ලබනවද.
අනිත් එක බලන්න, නිකම් බල්ලො, බලල්ලු, මැක්කො පවා ලගින මඩුවක තමයි බඩු තියල තියෙන්නෙ.
"**ත්තටම" කියල කිව්වේ හැම "පොත්තටම" කියන එක නේද?
Deleteඇනෝ ඇවිත් ලිව්වත් මම නම් මේ ලිපියේදැක්ක වැදගත්ම කමෙන්ට් එක මේක තමයි.
Deleteලංකාවේ ඉන්න මොට්ටයන්ට අගය එකතු කිරීම කියන කාරනය තේරෙන්නේම නැහැ. තයිලන්තේ උන් කුරුම්බා ගෙඩිය පිට රැටියන්ට විකුනන විදිය වත් අපේ උන්ට බෑ. අනික ඒ රටවල කුරුම්බ ගෙඩිය හැඩ කපන්නත් මැශින් තියෙනවා. අපේ රටේ ඉන්ජිනේරු පර්යේශන ආයතනය ඉන්න ඉන්ජිනේරුවන්ට අළුත් නිපැයුමක ආකෘතියක් හදන්න සල්ලි ඉල්ලුවොත් ඒක රු 2500 ට වැඩිනම් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ගන්න ඕනේ ඒකට මාස දෙකක් විතර යනවා.
ඒක නිසා වැඩ දන්න අළුත් අදහස් තියෙන උනුත් නිකන් ඉන්නවා.
මූලික අමු නිෂ්පාදන විදිහට නොයා , නිමාකල නිස්පාදනයක් විදිහට එලියට අරින එක තමයි හොද ...ඒත් ඔතන ගැටලුව තියෙන්නේ වගා කරන අයගෙම තමා ....කැපුවා විකුනුවා ....එතනින් එහාට දෙයක් හිතන්නේ නැ .....
Deleteවිද්‍යාත්මකව පුහුණුවක් ....දුන්නට ඒවාගන්න කවුද යන්නේ ...අනේ රෙද්ද කියල නිකං ඉන්නවා ....ඔය පොලිසියෙන් කරනවා ...මාර්ග නීතී ගැන වැඩමුලු ...යන්නේ නැ බල්ලෙක් ....පුකට වැදල වගේ සුළු රථවාහන වැරදි කරන එවුන්ව දක්කනවා දඩයක් නොගහන පොරොන්දුවට ....හැම තැනම කුණුවෙලා ...සැපට බේරීම තමයි පරමාර්ථය ....එහෙම නැතුව ඔය දැනුවත් වීමේ වැඩ සටහන දඩුවමේ කොටසක් කරන්නේ නැනේ
Deleteබල්ලො, බලල්ලු, මැක්කො පවා ලගින මඩුවක කුරුඳු නං තිබ්බොත් බඩු බනිස් වෙනවා ....කුරුඳු වැඩේ පරිස්මට කරන්න ඕන , මීළදි ගන්නේ කාල බලල , පාට බලල , මිටි ලෙහල බලලා එහෙම ....පොඩි හරි අවුලක් තිබුනොත් එකසිය ගානට මිල අඩු කරනවා
Deleteරු 2500 ට අහවල් එක නිර්මාණය කරන්ඩද බං
Deleteනිකං ආසාවට වගේ ගෙදර එක කුරුඳු පැලයක් හදාගෙන තියනවා. දැන් ටිකක් ලොකුයි. මම ඔය කුරුඳු තැලිල්ල ඔය විදිහටම දැක්කා, මාදු ගඟේ තියන මාදූවෙදි.
ReplyDeleteකෝ කුරුඳු පොලු වලින් ගහන හැටි කියලා නැහැනේ.
ඇයි ඔයා 89යෙ කොල්ලොන්ට ගැහුවෙ ඔව්වයෙන් නෙවෙයිද...
Deleteඅපරාදේ උඹලා වගේ එවුන් ඉතුරුවීම ගැන දුකයි.
Deleteමෙන්න මෙහෙම වෙලාවට තමයි කුරුඳු පොලු පාවිච්චි කරන්නේ
Deleteචේතනාව නම් හොඳයි, නිකං පාලුවට ඇරල තියෙන ඉඩමක ඔය වගාවක් පටන් ගන්නවනම්, ලිපියෙන් දුන්නු අදහස ඕන තරම් ඇති.
ReplyDeleteනිකං පාලුවට ඇරල තිබුනට හිටවලා බැ බං හෙන කැපවීමක් ඉවසීමක් ඕන
Deleteආදායමෙන් බාගයක් දෙන්න ඕනෙ හින්ද වෙන්න ඇති වැඩිය කුරුදු වැවිල්ලට කට්ටිය කැමති නැත්තෙ.
ReplyDeleteඑහෙමද දන්නේ නැ නේ
Deleteආදායමෙන් බාගයක් දෙන්න ඕනෙ හින්ද වෙන්න ඇති වැඩිය කුරුදු වැවිල්ලට කට්ටිය කැමති නැත්තෙ.
ReplyDeleteදෙපාරක්ම බාගෙ බාගෙ දෙන්න ගියාම ඉතිං අයිතිකාරයට මොකුත් ඉතුරු වෙයියැ.
Deleteඒකනේ ඒකනේ
Deleteඈ අටමො උඹමද මේක ලිවුවෙ. හැක් හිතාගන්නවත් බෑ.
ReplyDeleteමේ පැත්තෙත් ඔය කුරුඳු වැඩේ කෙරෙනව. බොහෝ විට ගෙදර අයම තමයි වැඩ කැරන්නෙ.
හොඳ ලිපියක්.
මොකැ ඔච්චර සැක
Deleteඔය කුරුඳු කෝටූ වල උඩ පොත්ත සුද්ද කරන එකට කියන්නේ සවුත්තුව කියලා...
ReplyDeleteමේක බද්දේගම තාමත් යසට කරනවා.... ඒ පැත්තෙ නම් තරුණ් උනුත් ඉන්නවා... හේතුව හොඳ ආදයමක් ලැබෙන එක...
නොදකින් කමෙන්ට් වලට බය කුලී ලියන්න අනුන්ගෙ බ්ලොග් වලට කමෙන්ට් දානව
Deleteඊයේ පෙරෙයිදා මෙව්වා දැකල පොර වාගේ ලියල මං සවුත්තු උනාද කියලත් හිතෙනවා මචං
Deleteවටින තොරතුරු ...
ReplyDeleteවටින තොරතුරු ...
ReplyDeleteවටිනාකම දෙපාරක්ම වැඩිකලාට තුති
Deleteඅටං අයියෙ කුරුන්ඳක් දැකලතියෙයි එක පාරක් හරි රූස්ස තව කල් තියෙයි කිව්ව කෝටු කපන්න. මෙහෙ නං තියෙන්නෙ දවුල් කුරුඳු නොවැ. අපිට පුළුවන් පර හොයාගන්න නැති වෙලාවට ආස්මී හදන්ට විතරයි. මං කලිං වැඩ කළ ඔපිසියෙ නං පත කුරුඳු ගහක් තියෙයි. ඕකෙ කලිං වැඩ කරපු අංකලයෙක් නං පොතු ගහගෙන ගොහං කුරුඳු හදල බොසාලට එහෙම දිල තිබ්බ. ඒ යකා වල කජ්ජ ගැහුවට පස්සෙ දැං ඒ ගහ බැද්දට ඇදිල. බ්ල් බ්ලා වෙලාමි ගිහිං...
ReplyDeleteවටින කියන පෝස්ට් එකක්.. අර විශ්‍රාමික වෙදැදුරු සරත් උන්නහේට මේ පෝස්ට් එක පෙන්නුවන් මොකක් හරි හදයි හිහි
දවුල් කුරුඳු ආස්මීවලට ඇරුනහම ගන්නේ ලීං හාරනකොට පුවක් කොට දඹරේ ලිස්සල යන්ඩ දාන්ඩ .....අපි නං එව්වා පාවිච්චි කලේ ටයර් පදිනකොට ලිස්සලා යන්ඩ දාන්ඩ , .... ආයේ ඉතින් කොටල දාන වදමල් පරාදයි
Deleteආ අමතක උනා සෙවල බෝඹුත් කොටල දැම්මහැකි
Deleteමගේ එක ප්‍රොජෙක්ටුවක් උනේ ඔය මැසිමක් ඩිසයින් කරන එක...
ReplyDeleteවිභාගේ ගොඩ යන්න කරපු එකක් නිසා ඒක ප්‍රයෝගිකව හදන්න කිසිම මහන්සියක් ගත්තේ නැහැ...
අනික කුරුඳු කොටුවේ ගැට වැඩිකම සහ ඇදකුද නිසා මැෂිමකින් ඔය වැඩේ කරන එක ඒ තරම් පහසු නැහැ...
එහෙම කරනවානම් පොඩියට කපලා තමයි කරන්න වෙන්නේ...
ඉස්සර අපේ ඉඩමේත් කුරුඳු තිබ්බ නිසා මේ කෝස් එක ගැන හොඳට අත්දැකීම් තියෙනවා...
ඒ මිනිස්සු වැඩ කරද්දී බලාගෙන ඉඳලා විශේෂ ආයුධ මුකුත් නැතුව සාමාන්‍ය පිහියකින් මමත් කුරුඳු පොතු ගහලා මේ විදිහට හදල තියෙනවා...
ඔය කොයි දේත් අමාරු නැහැ ඉවසීමෙන් කරනවානම්...
ආදායමෙන් 50% ක් දෙන එක පාඩු නිසා ගොඩ දෙනෙක් කුරුඳු වලින් ඈත්වෙලා තේ වගේ වගා වලට යොමු උනා...
අපරාදේ උඹට ඒක හදන්න තිබුනේ
Deleteබොස්.. කුරුඳු තෙල් ගැනත් පොඩ්ඩක් කියන්නකො.. ඒකත් පට්ට ගණන් නේද?
ReplyDeleteජයවේවා..!!
කොලවලින් නේද හදන්නේ , ඒ ගැන මම දන්නේ නැ
Deleteකුරුඳු වතු තියෙනවා අපේ උන්දලා ගෙවල් පැත්තෙත් සෑහෙන්න.. මට නිකමටවත් හිතිලා තිබුනේ නෑනේ මුන් මොනවා කරනවද කොහොම කරනවද කියල හොයල බලන්න.. ඒකෙත් හැටියක්.. මෙතන කොම්පීටරේ ඉස්සරහ වාඩිවෙලා උඹේ විස්තරේ කට අරගෙන කියෙව්වේ..
ReplyDeleteආයේ ගියහම බලහං
Deleteඉස්සර අපේ කුරුඳු ඉඩමට යන කුරුඳු තලන අය අපේ අය ලවාම කුරුඳු කපෝනවා. ගෙදර ගෙනත් උං දෙන්නෙක් විතර එකතු වෙලා තලනවා. අන්තිමට ගානකුත් අරං යන්න යනවා. ඔහොම අව්රුදු ගානක් ගිහින් අපේ තාත්ත කුරුඳු තැලිල්ල ඉගෙනගත්තා. දැන් ඔක්කෝම කරන්නේ එයා තනියෙමයි. ඒක සෑහෙන ලාබයි.
ReplyDeleteබොලාගේ තාත්ත තමා තාත්ත
Deleteකුරුඳු තලන්න මැෂින් එකක් අත්හදා බැලුව ටිකකලකට ඉස්සර. රෝලර් එකක් වගේ. හරියටම හරි ගියෙත් නෑ ඒතරම් වැඩක් වුනෙත් නෑ
ReplyDeleteඑහෙනං ආයේ හැදෙන එකකුත් නැ
Deleteනියමයි අටමා නියමයි..
ReplyDeleteඅඩු පාඩුවක් නෑ සුපිරි විස්තරේ..
ඇති යන්තං හොදක් ඇහුවා
Deleteඅටමෝ,
ReplyDeleteහොඳ විතරයක්. නරකද අපේ දොස්තර මහත්තයට කියල මෙ කුරුඳු තැලිල්ල ඉක්මන් කරන්නයි, ගුණාත්මක කරන්නයි ගැජට් එකක් හදා ගත්තොත්?
එයා මේක දකින්ඩ නැතුව ඇති පොර බ්ලොග් කියවන්නේ නැ
Deleteකුරුඳු පොලු වලට හොඳ මිලක් ගෙවමි
ReplyDelete- මංගල සමරවීර
දරට දාන්ඩද
Deleteඅපේ රටේ අභාවයට යන ගොඩක් කර්මාන්තවල තත්වයම තමයි කුරුදු වලටත් තියෙන්නේ....
ReplyDeleteඅපූරු සටහන...
කසුන්ගේ තාත්ත වගේ අය තව ඉන්නවානං එහෙම වෙන එකක් නැ
Deleteඅපේ ගමේ (ගාල්ලෙ බද්දේගම) කුරුදු සුද්ද කරනව....ඒත් මම දැකල නෑ...
ReplyDeleteඅනේ උඹ
Deleteගොඩක් සවිස්තරාත්මක ලියවිල්ලක්.... ජයවේවා !!!
ReplyDeleteස්තුතියි
Deleteමේකනේ අටං ඔය ලබ්බ ඔච්චර අමාරුවෙන් අටෝල අටෝල රට ඇරියට ඔය පොලු පිටින් පාවිච්චි කරන්නේ නෑ නෙ බං..අපි ඉස්සරවෙලා බලන්න ඕනි මුන් මේකෙන් ෆයිනලි හදන නිස්පාදන මොනවද කියලා..
ReplyDeleteඉන් පස්සේ ඒ හදන දේට අවුලක්‍නොවෙන්න මුල් පොසෙස් එක වෙනස් කරගන්න පුලුවනි..කුරුදු පොතු සැරටම කුඩු කරලා හදන වලාතුවකට ඔය සුරුට්ටු කොරලාදගලන්න ඕනි නෑනෙ.. කෙලින්ම කුරුදු පොතු ටික ගැලෙව්ව කුරුදු ටික ඇමරුව ඇරිය ..
මනමාලි ලස්සන කරල දුන්නට කටු ගලවල ඉවර වුනාම කලිං එකීම තමයි ඉතිං..ටිකක් හිතල මතල මනමාලිගෙන් ගන්න වැඩේ ඊටත් වැඩිය හොදට අරගෙන කසාද තියා නාමයක් වත් නොබැද මාරුවෙන ඩෑල් කොච්චර ඉන්නවද බං.. අපි මුලින්ම කුරුදු නං සුරුට්ටුම හැදිය යුතුයි කියන තැනින් එලියට හිතන්න ඕනි..
හැම දෙයක්ම වෙනස් විදිහට දකින උඹ කියන දේ හරියටම හරි මචං
Deleteසමහරක්විට ඔය ඉස් ඉස්සෙල්ලම කුරුඳු රට පටවනකොට මෙන්න මෙහෙම ඕනේ කියල කියාපු විදිහම වෙන්ඩ ඇති තාමත් කරන්නේ
හරිම අපූරු සටහනක් අටම් මලේ...කුරුඳු තලන අයත් එක්ක වැඩ කරන්න තියන අපහසුකම් ගැන මම අහල තියනවා...ඒ කොහොම උනත් හරියට කලොත් හොඳ ආදායමක් ගන්න පුළුවන් වැඩක්...ඒ වගේම කුරුඳු වතු වල වටිනාකමත් කාලයත් එක්ක ඉහල යන දෙයක් තමයි...
ReplyDeleteතමන්ගේ වත්තේ අක්කරයක් හමාරක් වවාගන්න අයටනං ඒ හැටි අමාරුවක් නැති උනාට ටිකක් වැඩිපුර කරන අයටනං ලොකු ගැටලුවක් තියනවා ශ්‍රමිකයන් සපයාගැනිම ගැන
Deleteලංකා කුරුඳු අදත් කෙතරම් වටිනා දැයක් දැයි බලන්න බටහිර රටකට යන්න ඕන. කුරුඳු නිෂ්පාදනය ගැනත් ඒ හැටි සැලකිලිමත් නොවෙන්නෙ රට තියන තැනම තියෙන්න ඕන නිසාද මන්ද. කුරුඳු පොතු විතරක් නෙවෙයි කුරුඳු කොලත් බොහොම වටින දෙයක් විදිහට සැලකෙනවා. අටම්ගෙ ලිපිය ඉතාම වටිනවා. ස්තුතියි
ReplyDeleteකුරුදු කොල අපරාදේ පොල්ල කපාගන ගහමුල අතඅරිනවා
Deleteඅටම් , ගෙන්දගම් දුම් අල්ලන්නේ කුරුඳු පොතු වල වැඩෙන දිලිර මර්ධනය කිරීමටය. දිලිර වර්ධනයෙන් පැහැය මෙන්ම රසද වෙනස් වේ. ගෙන්දගම් දුම් ඇල්ලීම තවත් බොහෝ පලතුරු වර්ග කල්තබා ගැනීමට කරයි. පලිබෝධ නාශක ඉසීම සමග සසඳා බලන කල ගෙන්දගම් දුම් ශරීරයට අහිතකර නොවේ.
ReplyDeleteඉස්සර අපේ වත්තේ කුරුඳූ පඳුරු 25 ක් විතර තිබුණ ගෙදර පාවිච්චියට අම්ම අපිටම කියල තමයි කුරුඳු සුද්ද කර ගත්තේ... කුරුඳු තලන උදවිය කාලෙකට සැරයක් ඇවිත් ඉතිරි පඳුරු ටික කුණු කොල්ලයට අරගෙන යනව ! 😁
ReplyDelete