ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම .... අවුරුදු ගානකට කලින් අපේ උන්දැ දවසක් ඔව්වා ගෙනත් මං දෝස් මුරේ දැම්මාය .. දැං .. මමම ඒවා අමතක කරලා ලේසියට ගේනවය අරකය මේකය කියලා උන්දැ ත් දැං කනු කුනු ගානවා ...
ඒ උනාට මට නං පොල් කුක්කු පිටි වැඩේ අත අරින්ඩම හිතෙන්නේ නැ ....මැල්ලුමකට පොල් ගෙඩියක් ගාන එකත් දැං නිකං බැ බැ වගේ .... ඔන්න ලොකු එකී ගෙදර ඉන්න වෙලාවට නං පොල් ගාල දෙනවා ... අපරාදේ කියන්ඩ බැ චුටි අතින් ලස්සනට ගාල දෙනව .... එක පොල් බැයකට පැයකට වඩා ගියත් මොකැ ... ගෑනු ළමයි ඔව්වා පුරුදු වෙන්ඩ එපැය ...
ගැණු ළමයි විතරක් මොකැ පිරිමි ළමයි උනත් ... ගේදොර වැඩ පුරුදු වෙන්ඩ ඕන .....මොකැ අහක යනව යැ ... අපි දැං වැඩ ගන්නේ ............මේ........... ඉවුං පිහුං පුරුදු උන හන්දනේ.......මට වෙලාවකට හිතෙනවා .. මං මේ උයන පිහන වැඩ කොහොම පුරුදු උනාද කියලා .... උයන්ඩ හිතුනා ඉව්වා .... කවුරුත් උගන්නලා .. කියලා දීලා ... අහගන ඉගනගන නෙමෙයි.
අපේ උන්දැ නං පොල් ගෙනත් ගාලමයි ගන්නේ .... මම නං ගේනෙම නැ ... මැල්ලුමක් හදන්නෙත් උන්දැ ගෙනාපු පොල් තිබුනොත් විතරයි .... ඇයි යකෝ හැත්තැවක් අසුවක් දීලා ..ගෙනත් තව දසවද විදින්ඩත් එපැය ... ඒ හුංජං පොල් හිරමනේට රිංගවන්ඩත් බැ .. ඔය මැල්ලුමට වඩා රසයි මුකුනුවැන්න ...පොල් කුක්කු පිටි කිරි හොදි ජුනුඩක් ලිපේ තියලා හොද්ද හරියාගන එනකොට ලිපෙන් බාල ... ලුණු දාපු කහ වතුරෙන් හෝදලා කපාගත්ත මුකුනු වැන්න ටික දාල වහල තිබ්බහම.
පොල් ගණන් කේස් එකනං දැං යන්නේ රැල්ලට කියලයි මට හිතෙන්නේ .... පහුගිය කාලේ පොල් හිගයක් තිබුනට දැං නං ඒක යම්තරමක් දුරට සමනය වෙලා තියෙන්නේ ... නමුත් ගාන බස්සන්නේ නැ .... අතරමැදියොයි ..කඩකාරයොයි ...තමන්ගේ කට්ටේ වෙනස් නොකර තියාන ඉන්නවා .... අනික ඔය වතු වලින් පොල් එකතු කොරන පොරවල් ... පොල් ඔසේට හැදුනත් ... ගස්වල පොල් නැතුව .... අහේනියක් ආවත් පොල් ගණන් නැග්ගත් හොදටෝම බැස්සත් ... වතුකාරයන්ට දෙන ගාන එහෙමකට අඩු වැඩි කොරන්නේ නැ .
ඔන්න මේ වාගේ පට්ටෙට නෙමෙයි තරමක් පොල් ගණන් කාලෙක පොල් විකුනන්ඩ ගිහින් මරු සීන් එකක් උනා අපිට , අපිට කියුවේ මටයි මගේ යාලුයෝ දෙන්නෙකුටයි ....
ඒ කාලේ මං පොඩි එකා ... ඔය ඉදලා හිටලා සිකරට් එකක් මලක් එහෙම ගැහුවට අරක්කු බොන එවුන් එහෙම පේන්ඩ බැ... ඔය වයස පහලවක් දාසයක් ඇති .... මගේ යාළුවෝ දෙන්නට පිලිවලින් දාහතක් දහ නමයක් ඇති ....වැඩිමාල්ම එකා ඉස්කෝලේ හතටද කොහෙද ගියේ ..තාත්තලගේ අයියලාගේ කසිප්පු බිස්නස් එකට සපෝට් එකක් දීගන ඉන්නවා..
ඌ චන්ඩියා කාටද දෙකක් නෙලන්නේ කියලා බලාගන ඉන්නේ .... උල් පිහියක් ඉනේ ....හැබැයි හිත හොද එකා .... අනිකා උගේ නැන්දගේ පුතා .... ඒ ලෙවල් කරනවා .... දක්ෂයා උනාට ... මට වගේමයි කැලේ පයින්ඩමයි හිත .... ඌටත් වඩු වැඩ එහෙම හොදට පුලුවන් ... කොහෙද දැං වගේ පාර පෙන්වන්ඩ යාලුවෝ අපිට හිටියේ නැනේ .. එහෙනං අපිත් .. මෙලහට ලස්සෙට කොඩිය දාල.
ඒදා ඉතින් අපිට අතේ පිචිචිය නැති පට්ට කෝඩ දවසක් .. ගතම් එකක් ලැබෙන ක්‍රමයක් නැ .... මං පොඩි එකා උනාට ඒ කාලේ ඔය පොඩි පොඩි වයිරින්ග් වැඩ .... අයන් රෙපයාර් ... හොට් ප්ලේට් කොයිල් මාරුකිරිලි එහෙම කරනවා.... ඒ ලග තිබුනා කඩයක් ... කඩේ කරන්නේ ඇන්ටි කෙනෙක් .... කිහිප දවසක් මට කියුවා ... කුස්සියේ ... පෝරනේ අස්සේ ලයිට් එක වැඩ කරන්නේ නැ බලන්ඩ කියලා .... මං ඕකට මග ඇර ඇර උන්නේ .... පට්ට පජාත පොබ් එකක් හන්දා .... ඇයි යකෝ දැලියි ...දුබුලුයි නාන්ඩ එපැය....
අපේ ලොකු එකා චන්ඩියා .... හිටහංකෝ බලන්ඩ අපේ ලොක්කගෙන් වත් දඩයක් දාගන්ඩ පුලුවන්ද බලන්ඩ කියලා .... තාත්තගෙන් කීයක් හරි ඇරං එන්ඩ කියලා පිටත් උනත් අපි දෙන්නා දන්නවා ඒකට සත පහක් නොදෙන බව ... මොකැ උන්ගේ තාත්තයි අයියයි ... කසිප්පු අදිනවට ඔත්තු බලනවටත් ඕකට හරියට ගෙවන එකක් යැ.
‘‘ දම්මිකයා යමං ........අනුරයා එනකං මාගරට් කඩේ පැත්තේ .........ලයිට් එකක් හදන්ඩ තියනවා කියුවා ‘‘
‘‘ උඹ පලයං මම ජයතිස්සලැ දිහාට ගිහින් එන්නං ... ජනෙල් පියං අල්ලපු සල්ලි වාගයක් එන්ඩ තියනවා .... දෙන්නැ බං ... හැම දාම ගියහම ගෑණි ...............අයියා ...ඥඤ ගානවා ‘‘
‘‘ එහේ පස්සේ යමං ... මේක බලලා එමු ‘‘
කියලා මං ඌවත් ඇදං කඩේට ගොඩ උනා , ඇන්ටි නැ ඇන්ටිගේ සක්කරවට්ටං දුව ඉන්නවා
‘‘ ප්‍රියංගාක්කේ කෝ අම්මා ‘‘
‘‘ ඇයි මොකෝ ‘‘
‘‘ තමුසෙට එකෙන් වැඩක් නැනේ .. අම්මට කතා කරනවකෝ ‘‘
‘‘ ආ එහෙමද..... වරෙන්කෝ ආයේ ණයට සිකරට් ඉල්ලගන ‘‘
‘‘ මේ ඇත්තටම ඒකට තමා ආවේ ... ණයට ගොල්ලිප් දෙකක් දෙනවකෝ ‘‘
‘‘ හැක හැක හක් ක්කක්හැක ‘‘
දම්මිකයා ලොබු ඇන්ද බඩට අරින්ඩ හිතෙන හිනාව දානවා මගේ පස්සට වෙලා .... අම්මපා ඕකගේ ඔය හිනාව තමා මට අල්ලන්නේම නැත්තේ ... නයට තියා සල්ලි වලටවත් සිකරටි විකුනන්නේ නැ .... ඔය පජාත හිනාවට ... ඒ තරං අප්පරසන්නයි ඒක
‘‘ ආ ඇත්තද එහෙනං නාල වරෙන් ‘‘
‘‘ නාල තමා ආවේ හැක හැක හක් ‘‘
මූ ආයෙත් හැකර කට අරිනවා
‘‘ නැවට යනව යැ උඹලගේ හඩු ගද ‘‘
‘‘ කාකි සූට් නැති කාලේ ඔව්වා කියුවේ නැනේ ‘‘
ධම්මිකයා වෙන වෙන පරන කරුමාන්තත් එතන අදිනවා
‘‘ ෂ්... ෂ්... අම්මා එනවා ‘‘
‘‘ ඇන්ටි අර ලයිට් එක හදාගත්තද ‘‘
‘‘ කොහෙද කියුවට ආව යැ .. මං අර මනුස්සයෙක් ගෙන්නගෙන හදාගත්තා ‘‘
‘‘ ආ එහෙනං අපි යනවා ‘‘
‘‘දම්මික ගස්වල තැබිලි නැද්ද ‘‘
‘‘ අපේ ගස්වල නං නැ නැන්දේ ... සීයලැ තියනවද බලන්ඩ ඕන ‘‘
අපිට ඇන්ටිලා අංකල්ලා උනාට ගංකාරයෝ වෙච්ච උන්ට ගමම නැන්දලා ...මාමලා ...පුචිල බාප්පලා
‘‘ සීයලැ තැඹිලි තියනවද ..බං ‘‘
‘‘ තිබ්බත් ආච්චි අමමා එක්ක කොහේ කඩන්ඩද බං .... ‘‘
අපි දෙන්නා ඉතින් ආයෙත් මෝඩගල් ගොඩට හෙවනට ගහපු මඩුව යටට එනවා .... ටිකකින් අනුරත් බැල්ලියෙක් නැති හමනේරියන් බල්ලෙක් ගානට අකුලගන පද්ද පද්දා එනව.
‘‘ දුන්නැ නැ බං සත පහක් ... අම්මට හැමනෙන්ඩ ආයේ ඕකුන්ගේ පරවැඩ කරන්නැ නැ මං ... ‘‘
‘‘ මාගරට් නැන්දා තැබිලි තියද ඇහුවා .. නැද්ද බං උඹලගේ වත්තේ ‘‘
‘‘ ඔහේ නැ බං ‘‘
‘‘ එහෙනං ඒකත් හරියන් නැ ‘‘
‘‘ හැබැයි කරනවනං වැඩක් තියනවා දයාරත්නයගේ වත්තෙ නං හොද වලු දෙක තුනක් තිබුනා ‘‘
‘‘ අඩේ කලු බාප්පලැ ... පොර දැනගත්තොත් ඔලුව කයි ‘‘
‘‘ අනේ උෟට හුකාගන්ඩ කියහං .... ලෙඩ ඇදේ හිටිය මිනිහව රවට්ටලා .. ලියාගත්තුවනේ ....හරිනං ඔව්වා අපේ අම්මටත් අයිතියි .... ඒ විතරක්යැ උඹලගේ තාත්තටත් ‘‘
‘‘ ඒ උනාට බං ... මොකදෝ මොකදෝ වගේනේ ‘‘
‘‘ තොට බැරිනං නිකාහිටපිය .... මංජුවෝ උඹ යමං .... හවසට සංගීතේ බලන්ඩ යන්ඩත් කයිබාන් එකක් එපැ ‘‘
‘‘ කොහෙද බං අද සංගීතයක් තියෙන්නේ ‘‘
‘‘ ඇයි බොල මහර නුගේගොඩ ඉස්කෝලේ ....බ්ලු සෑඩෝස් ගහන්නේ ‘‘
‘‘ දම්මිකයා උඹ එන්නැ ‘‘
‘‘ තෝ ත් එනවනං වර ...නැත්තං ඌත් එක්කම ගිහින් දයාරත්නයට පුක දීපිය ‘‘
කෝට්ටක් අහුලං කෑලිකඩ කඩා බුලත් පංදලමට උඩින් හාරපු උල් දිය පිරුන අගලට විසිකරකර මෝඩගල් ගොඩ උඩ උන්න දම්මිකයව එහෙම්ම දාල ...මං අනුරයා පස්සේ වැටෙනවා .... මොනවා උනත් ඌ මගේ යාලුවා අනුරයට වැඩිය ... ටිකක් දුර ඇවිදං ගිහින් .... අනිත් පැත්ත හැරිලා ... මම දම්මිකයට අත වනනවා .... ඌ නොදැක්කා වාගේ ඉන්නවා
ඔය දයාරත්නගේ ඉඩං කෑල්ල අක්කරයක එක හමාරක් සයිස් සරු ඉඩමක් .... අනුරලගේ .. දම්මිකලගේ ඉඩං වලට මායිං වෙලා තියෙන්නේ ... අනිත් පැත්තේ කැලේ වැවිච්ච ආන්ඩුවේ ඉඩං .... ලේසියකට ඒ පැත්තට පිට එකෙක් එන්නේ නැ. දයාරත්න කියන ඔය අනුරලගේ ධම්මිකලගේ නැදෑයා ගමේ හිටිය පොරක් නෙමෙයි.
.... යහමින් සල්ලිය බාගේ තිබුන පොර පදිංචිය ..ගෑනිගේ .. ගමේ ...මතක හැටියට ඔය පස්යාල පැත්තෙද කොහෙද .... ඔය ඉඩං වලට පොඩි හුට පටයක් තිබුනා .... උන්ගේ සීයා කෙනෙකුට අයිතිවෙලා තිබුන ඉඩමක් ඕක .... අනුරලා දම්මිකලා කියන හැටියට ... නිරවුල් අයිතියක් නොතිබුන ඒ ඉඩම ... අත ඇරලා දාල වගේ තිබිලා තියෙන්නේ ඔය කියන සීයා .... උන්දැ ඔය කොල්ලා කාලේ ඉදන් .. ගමෙන් පිට ඉදලා .... දේපල තියන ළමයි ඉන්න ගෑණියෙක් එක්ක පවුල් කාල .... බොහොම කාලයක් ගමෙන් පිට ඉදලා මැරෙන්ඩ වැටිලා ... සලකන්ඩ කෙනෙක් නැතුව ... ආයෙත් උපං ගමට ඇවිත් ... වැටිලා ඉදලා ...
අනුරලගේ .. දම්මිකලාගේ අම්මලා තමයි මැරෙනකං බලලා තියෙන්නේ ..... ඒ ඇරුනහම ... හරියට ගත්තහම ..නීතියෙන් කසාද නොබැදපු ඔය මාමගේ ඔය ඉඩමට පරවේනි උරුමයකුත් උන්ට තියනවලු .... එහෙම තියැද්දි ගමෙන් පිට හිටපු ඔය දයාරත්න කියන පොර .... මැරෙන්ඩ ඔන්න මෙන්න වැලිසර ඉස්පිරිතාලේ හිටපු සීයා ලගට හොර ඔප්පුවක් හදාගන ඇවිත් කන අත්සන ගහගත්තය කියලා තමයි ඔය කෝන්තරය , .... මට ඔව්වයෙන් වැඩක් ඇතැ .... නාහෙට නාහන කාලේ .... මගේ ඔලුවේ තියෙන්නේ ... මලක් ගහලා ... සංගීතේ බලන එක.
ඔය ඉඩමටම තියෙන්නේ තැඹිලි ගස් පහයි ... ඔක්කොම මිටි බට් ගස් .... අඩි පහලවක් විස්සක් නැ වල්ලට .....එක ගහක තැබිලි කහපාටයි ... ගෙඩි ගොඩක් තිබුනට පොඩි ගෙඩි ... හැබැයි වතුර රසයි .... කහකඩත් පැනි රසයි .... අනුරයා සට සට ගාල .... වලු හතරක් බෑවා ... එකක් කහපාට ගහේ ... ... කොටම ගහ වෙච්ච පස්වෙනි ගහේ තැබිලි වල්ල තියෙද්දි කවුරු හරි ගෙඩිය ගෙඩිය කඩාගන බීලා.
හතරවෙනි වල්ලත් අතේ අරං බැස්ස අනුරයා ... ගෙඩි නැති නටු ටික කපනකොට .... ලගම ගෙදර උන්න උන්ගේ නෑදෑයෝ වෙන පොඩි එකෙක් අපි තැඹිලි කඩනවා දැකලා එතනට ආවා ... මට දැං හෙන අවුල් අපිව තැඹිලි හොරෙන් කැඩුවට මාට්ටු උනානේ ..... අනුරයට වගේ වගක් නැ
‘‘ උඔ නේද අර ගහේ තැඹිලි හොරෙන් කඩාගන බිව්වේ ‘‘
‘‘ අනේ නැ අනුරයියේ මම නෙමෙයි ... මට ගස් නගින්ඩත් බැ ‘‘
ඒ අව් අස්සේ අනුරයා කහපාට වල්ලෙන් තැඹිලි ගෙඩියක් අරං අල්ලේ තියාගන උල් පිහියෙන් කපනවා
‘‘ බොට බැරි උනාට බොලාගේ තාත්තට පුලුවන්නේ ‘‘
‘‘ අනේ නැ අපේ තාත්ත තැඹිලි කැඩුවේ නැ ‘‘
‘‘ ඉදා බීපිය මේක .... කළු මාම අපිට මේ වත්ත බලාගන්ඩ කියලා තියෙන්නේ ..... ඔන්න අද උදෙත් මාගරට් නැන්දට කියලා .. අපිට කියලා තැඹිලි ටික බාගන්ඩ කියලා ... එතකොට මේ වත්තේ වැටෙන පොල් කෝ ... ඒවත් අහුලන්නේ උඹලද ‘‘
‘‘ අනේ නැ ... මං පොල් අහුලන්නේ නැ ... මේ වත්තට එන්නෙත් නැ ... අයියා එනවා දැකලා ආවේ ‘‘
‘‘ උඔට තව ගෙඩියක් දෙන්ඩද ‘‘
‘‘ නැ ... එපා .. එපා ‘‘
‘‘ නැ නැ බීපිය ‘‘
අනුරයා තව ගෙඩියක් කපලා කොල්ලට දෙනවා ‘‘
‘‘ උඹලා තැඹිලි කඩනවද ... පොල් අහුලනවද කියලා මං ඇහුවා කියල ... එහෙම ගෙදර ගිහින් කියන්ඩ ඕන නැ ‘‘
‘‘ නැ නැ අනුරයියේ ... මං මොකවත් කියන්නේ නැ ‘‘
ඔන්න එතකොටම ධම්මිකයත් එනවා ... අනුරයා ඌව නොදැක්කා වාගේ ... පොල් ගස් කරටිය දිහා බලනවා .... කහ තැඹිලි හනස්සේ ගහල තියන උල් පිහිය ගන්න ධම්මිකයා .... වෙන වල්ලකින් තැඹිලි ගෙඩියක් කපාගන බිමින් ඉදගන්නවා
‘‘ තැඹිලි ගෙඩියට ඕන නං රුපියල් දෙකක් දෙයි .... කඩමු බං පොල් ‘‘
මම මාරුවෙන් මාරුවට අනුර දිහාත් දම්මික දිහාත් බලනවා.... උන් දෙන්නට දෙන්නා මූන බලන්නේ නැ ...
‘‘ කොල්ලෝ පරන රෙදි කෑල්ලක් අරං වරෙන් ... වළල්ලක් හදාගන්ඩ ...... ආ පෝර උර දෙක තුනකුත් අරං වරෙං ‘‘
‘‘ අපේ පොල් වළල්ල තියනවා අනුරයියේ ‘‘
කියලා ගෙදර දුහන කොල්ලා .... පෝර බෑග් තුනක් එක්ක ...රෙද්දක් හොදට අඹරලා හදපු පොල් වළලක් අරං එනවා , අනුරයා උස ගහකට නගින කොට වළලක් නැතුව මිටි ගහකට නගින දම්මිකයා ... ඒ ගහේ පැහුන ගෙඩි බිමට දානවා..... පොඩි එකයි මායි .. ඒවා එක ගොඩකට ගොඩ ගහනවා. .... ඔක්කොම කඩලා එකතු කරායින් පස්සේ පොඩි එකාටම කියලා උදැල්ල ගෙන්නගෙන පොල් ටික ලෙලි ගහනවා .... තන්නාසෙටයි ... කලබලේටයි කඩාපු ගෙඩිවලින් සමහරක් බාගෙට කලටි ... යාන්තමට පැහුනට .. වතුර ටිකක් නැටුවට ගෙඩිවල තියෙන්නේ සෝමාරි සුදු පාටක්.
‘‘ මෙව්වා ඔක්කොම එකට ගෙනිච්චොත් හොද එව්වත් දෙක පහට ගන්නේ............. ඉස්සෙල්ලා ... පැහුන ඒවා වෙනම දාපල්ලා ..‘‘
කියපු අනුරයා ගෙදර ගිහින් විල් බැරැක්කයක් අරං එනවා , තැඹිලි වලු ටික ඉස්සෙල්ලම ධම්මිකලැ වැට මායිමෙන් ගෙනත් තියන අපි පැහුන පොල් ගෝනි දෙකක් පුරවලා ... මෝඩගල් මඩුවේ හංගලා ... ආයෙත් කලින් හිටපු තැනට යනවා .... තාමත් පොඩි එකා එතන , ඔය වත්තේ තියනවා ගල් තලාවක් ... පට්ටෙට අව්ව වැටෙනවා .... කලටි ටික ඒ ගල් තලාවේ හලලා දානවා.... අනුරයා බාරදූර වැඩේ පොඩි එකාට පවරනවා.
‘‘ උඹ ගෙදරට හොරෙන් සැරින් සැරේ ඇවිත් මේ ගෙඩි ටික ඒ පැත්ත මේ පැත්ත පෙරලහං ... හවසට මේවා විකුනලා උඹත් දෙනවා රුපියල් විස්සක් ‘‘
කොල්ලත් ඔලුව වනනවා සන්තෝසෙන් .... විල් බැරැක්කේ අරං මෝඩ ගල් මඩුවට ඇවිත් තැඹිලි වලු දෙකක් ඒකට දාල ඉතුරු ලොකු වල්ල දම්මිකයත් පොඩි වල්ල මාත් කරගහගන ඇවිත් මාගරට් කඩේට දෙනවා .... රුපියල් දේසියක් ලැබුනේ නැ කියල මතකයි ... එකසිය ගානක් ලැබුනේ .... ඒත් ඒ කාලේ ඉහටත් උඩින් .... මලක් දොලහයි පනහයි ... පඩයක් හයයි පනහයි .... ගොල් ලිප් එකක් තුනයි විසිපහයි ... රුපියල් පහලවට පත චොක්ලට් එකක් ගතහැකි.
මල් දෙකක් ගෙනත් ගහලා සතුටින් විසිර ගිහින් ... ගෙදර බත් හැලියේ දංකුඩත් කාල ... එදා කෝකටත් තිබුන රුපවාහිනියේ සහ අයිටිඑන් එකේ දිවා විකාශනයත් බලලා. නාගන කරගන සංගීතේ බලන්ඩ යන්ඩම ... ඇදුමක් එහෙම දාගන ... බයිසිකල් චෙන් එක කම්බි ගාංචුවෙන් ඉනට අමුනගන , ගෙවල් වලට ගිහින් අරුන් දෙන්නත් සෙට් කරගන ගල් පොත්තට එනකොට කොල්ලා අපුරුවට වැඩේ කරලා.
.... කලටි ටික ගානට ලාදුඹුරු පාටට හැරිලා ... ඒ ටික අනිත් ගෝනියට දාගන ... පොල් ගෝනි දෙකක් විල් බැරුක්කෙට පටවලා අනික දෙපැත්තං අල්ලං මාරගරට් කඩේ පැත්තට එන්ඩ එනකොට කොල්ලත් පස්සෙං එනවා ..... කොච්චර එලෙව්වත් යන්නේ නැ .... ඌගේ හිතේ ඌට රුපියල් විස්ස නොදි මාරුවෙයි කියලා .... ගෙදරටම ඇවිත්ම විස්ස දෙන්නං කඩේට යන්ඩ එන්ඩ එපා කියලා කොතෙක් කියුවත් ... එලවනකොට නවතින ඌ ආයෙත් අපේ පස්සෙං එනවා .... පස්සේ ඉතින් ඕන මගුලක් කියලා .. කරබාගන මාගරට් කඩේට ආවා ....
දැං මාගරට් ඇන්ටි පොල් තෝරනවා ... ගෝනි තුනම බිමට හලලා ... මෙවා පොඩියි ... මේවා පැහිලා නැ .... අරක මේක .... පොල් ගොඩවල් තුනයි දැං ....
‘‘ මේ ටිකනං හොදයි කොල්ලෝ ... ඒවට හතර ගානේ දෙන්නං .... පොඩි පොල් තුනට ... මේ කලටි මොකට කැඩුවද ..... කවුරුවත් ගන්නැ .... ඒක දාහල්ලකෝ එකයි පණහ ගානේ ‘‘
පොඩි එකාට දැං ඉහලුං නැ .... දත් මිටි කකා වේව්ලනවා
‘‘ මෙව්වා කොහෙද නැන්දේ කලටි වෙන්නේ ... අපි ගල් පොත්ත උඩ දාල හොදට වේලලා පස්සෝලනේ ගෙනාවේ ‘‘
මල්ලී චෙෆාගෙන් පොල්ටිකක් ඉල්ලගෙන...ඒකවත් විකුණලා බලමු
ReplyDeleteඉල්ලගෙන....?
Delete;(
ඇයි අප්පා කීයක් හරි හොයාගෙන ජීවත්වෙන එකටත් කෙලින්න හදන්නේ...?
ඕනිමනං ඕං ගෙඩිය හැටගානේ දෙන්නං...ගල් උඩ වේලපුවා නෙවෙයි, ගහෙන්ම බාගතෑකි...!
පොල් කිරි පැකට් එකක් හතලිහයි
Delete😁😁😁😁
ReplyDelete:)))
ReplyDeleteමරු පොඩි එකා.😁😁
ReplyDeleteපොල් කුක්කු කෙසේ වෙතත් පොල් නැතුව කොහොමද බං පොල් සම්බෝල පොල් රොටී කන්නෙ ? පොල් සම්බෝල පොල් රොටී නැති ජීවිතෙන් ඇති පලේ මොකක්ද ?
ReplyDeleteපොල් සම්බෝල පොල් රොටි කාපු කාලයක් මතක නැ
Deleteහෙක් හෙක් මාරු කතාව. ප.ලි. විදිහට හරි ඉතුරු ටිකත් දැම්මනං තමා හොඳ අටමෝ. කොල්ලාගේ කතාව ඇහුන මාගරට් ඇන්ටිගේ මුහුණේ හැඩේ, කොල්ලාට ඊට පස්සේ උඹලා සලකපු විදිහ එහෙම.
ReplyDeleteඑව්වා රහස්
Deleteකලටි තමයි හොද ... ....
ReplyDeleteගෝල් ලිප් එකක් තුනයි පනහයි කියන්නෙ , උඹ අපේ ලොකු බාප්පලෑ වයසෙ ඩෑල් එකක් කියල මට හිතෙන්නෙ.
මම ඉස්සල්ලම ගහන කොට හතයි . මූ මටවඩා දෙගුනයක්ම වයස වැඩියිද කොහේද
Deleteඅනේ පල කම්මලෝ යන්ඩ මං බොට වඩා බාලයි
Deleteපොඩි එකා උඹලැයි රෙදි ගලෝලම දාල නේද. හැක්..
ReplyDeleteඅන්න චෙෆාගෙ වත්තෙ කලටි කැඩුවෙ කවුද කියල මේ දවස්වල හොය හොයලු ඉන්නෙ.
ඒකේ කලටි කඩන්ඩ දෙන්නේ නැ .... උෟ කඩන්නේ ලපටි
Delete+++++++++++++++
ReplyDeleteඑලෝ පොල් කතාවක්නෙ අටමා!
ReplyDeleteකාලෙකට පස්සෙ නියම කථාවක්.
ReplyDeleteහෙහ් හෙහ් එල.
ReplyDeleteහප්පේ එච්චර ගණන්ද දැන් පොල් ගෙඩියක්?
ReplyDeleteනැතුව............ එන්ඩ එපා මෙහේ
Deleteසකරේ... එල එල
ReplyDeleteඑක්කෝ උඹල අර පොඩි එකාට කලින් විකුණපු පොල් සල්ලි වලින් රු.20/-ක් දීල ඌව හරවල යවන්න ඕනේ...
ReplyDeleteබලහං, දැන් ඉතින් ඌ උඹලගේ ඇඳුම් කැඩුම් ඔක්කොම සුටුස් ගාල ගලවල දාලනේ...
කොයි වෙලාවකවත් ඔය වගේ වැඩ වලට "අදාළ නොවන" පුද්ගලයින්ව ගෙනියන්න නරකයි කියල කියන්නේ ඒ නිසා වෙන්න ඕනේ...
අන්තිමට උගේ කන්අඩි දෙකම පැලුවද නැත්තං එකද පැලුවේ...
සල්ලි දුන්නේ නැ ගහල පැන්නුවා
Deleteහයියෝ, කොල්ල වැඩේ කෑව නේ !!!
ReplyDeleteකාලෙකට පස්සේ අටන් කතාවක්... හි හී නියමයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑල පොල් කථාව අටමෝ උබේ ස්ටයිල් එකෙන්ම කාලෙකට පස්සෙ. අපිත් O/L කරනකොට රෑට පාඩම් කරන්න යනව. ඔය දවස්වල පවර් කට්. අපේ යාළුවන්ගේ ගැන්සි හතරක් රෑට රෑට කෙහෙල් කැන් කපල විකුණන සීන් එකක් කළා. මුලින් ආතල් එකට කලත් පස්සේ තණ්හාව වැඩි උන කමට එක ගැන්සියක් වක්වැල්ල හරියෙදි මාට්ටු වෙලා ගමකින් බඩ පුරා ගුටි පුජාවකුත් හම්බවෙලා ගාල්ල වක්වැල්ල බස් යන පාරෙ ගස් බැඳල තමයි පුජාව ඉවර කලේ.
ReplyDeleteඅඩේ උඹවවත් ගස් බැන්දද
DeleteYou put beutifull post again. I like read you write posts.
ReplyDeleteI only can cook coconut milk hodi. I this time praktise how cook dal. My wife no use pakat coconut milk. I my wife ask to put coconut milk powder also. I also coconut pluk theef do durin school go time. That time it funy. But I no tell it coret. This periad coconut so hight expansive. Some fool people blam garment. But garment cant do any things to coconut price.
ඔබ ආයතනික පශ්චාත් මම ලියන ලිපි කියවීමට කැමතියි.
Deleteපොල් කිරි හොඩි පිසීමට මට පුලුවන්. මේ කාලේ මම ඩෙල් කුක් කොහොමද පුරුදු කරන්නේ. මගේ බිරිඳ පැකට් පොල් කිරි භාවිතා නොකරයි. මගේ බිරිඳත් පොල් කිරි පැටවා දෙන්න ඕන. මම පොල් ප්ලුක් ටෙෆ් දූරින් පාසලට යනවා. ඒ වෙලාවේ එය විනෝදජනකයි. ඒත් මම ඒක කියන්නෙ නෑ. මෙම පෙහෙළි පොල් විශාලයි. සමහර මෝඩයෝ මිනිස්සුන්ට ඇඟිලි ගහනවා. නමුත් ඇඟලුම් පොල් පොල් මිලට යම් දේවල් කරන්න.
"RATHTHOTA" If you have an English Blog. I would be the best reader.
Deleteමුලින්ම රටතොටට කියලා ඉංග්‍රීසියෙන් ලියලා, ඉන් පස්සේ උඹට කියලා සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. මල් හතයි.
Delete++++++++
ReplyDeleteපොලුයි සිගරටුයි එක ලඟ මිළ යන්නෙ බලාගෙන යනකොට.මලුත් එහෙම වෙනව නං කොච්චර ශෝයි ද..?
ReplyDeleteහෙහ් හෙහ්
ජයවේවා..!!
දස කතාව අටමෝ ... පොඩි එකාගේ අම්මල තාත්තල , සීයලා-ආච්චිලා, නැන්දලා-මාමල හතර වරිගෙම නිවන් දකින්නැති උඹල උන්ව මතක් කරලා දුන්නු පිනෙන් !
ReplyDeleteඅම්මප උඹල තමයි දවසකටවත් පොරවල් :-D
අර පොඩි එකා වගේ එවුන් කීප දෙනෙක්ම මටත් හමු වෙලා තියෙනවා.
ReplyDeleteඉවර ද කතාව... මං මේකට ආවේ කතාවේ ඉතිරි ටික කියවන්න...
ReplyDeleteබොහොම රසවත්ව ලියලා තිබුනා..
ජය වේවා