2018-10-16

එහෙම එකක් උනාද අප්පා





ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යලය කියල ඉස්කෝලයක්  තියනවා  නැලිගම ..ඒ කියන්නේ  රාගමයි කඩවතයි අතරේ .... මං ඉස්කෝල තුනකට ගිහින්  අන්තිමට ඔය ඉස්කෝලෙන් තමයි ඕලෙවල් කෙරුවේ , ..  ඔය ඉස්කෝලෙන්  සිස්සත්තේ පාස්වෙලා ,  ඕලෙවල් පාස් වෙලා  ගිහින් වෙන ඉස්කෝල වලින් ඒලෙවල් කරලා , ගොඩ ගිය ඈයෝ  ඉන්නවා  බරට ..... හැම වසරකම එහෙම පිරිසක්  බිහිවෙනවා  ............ හැබැයි ඒ කවුරුත්  ඔය ඉස්කෝලේට ගියා කියල නං කියන්නේ  නැ.

ඉතින්  ඔය ඉස්කෝලේ ඉන්න කාලේ  දවසක්  මට නිතර වෙනවා වාගේ ( අදටත් එහෙමයි ) නොකරපු  වරදකට ගුටි කන්ඩ උනා  .................... අපේ  හිටියා සෝරත කියල හාමුදුරු නමක්  , බොහොම ලස්සන ප්‍රීයමනාප හාමුදුරු නමක්  , ටිකක් වෙනස් විදිහේ  කෙනෙක්  ........... එයා  ගාව තිබුනා  ලොකු  ඇල්බම් එකක් වාගේ  පොතක්  ........ එකේ  තිබුනේ  ලංකාවේ සහ  පිටරටවල් වල මුදල්  නෝට්ටු ....... අපිට ඉතින් ඔව්වත් ගෙනත් පෙන්වනවා ........... සැර පරුෂ කෙනෙකුත් නෙමෙයි  ....... ඒ උනත් අපි  එයාට බයයි  ..... බයක් කියන්නේ  නිකං   ගෛෟරවයක්  වාගේ  දෙයක්  , අනික අනිත් ගුරුවරු වගේ  අපේ  වැඩවලට  එහෙමට ඇගිලි  ගැහුවෙත් නැ  ,  කෙල්ලෙක්  කොල්ලෙක්  පාරේ  කතා කරකර හිටියත්  ......... උන්  දෙන්නා ලව් කියල දන්නවා උනත්  නොදැක්කා වාගේ  යනවා. සිංහල , සාහිත්‍ය , බුද්ධ ධර්මය වාගේ  විෂයන්  තමයි ඉගැන්නුවේ. සමහරක්  වෙලාවකට තරමක්  සයිස්  කෝටුවක්  , පොල්ලක් , වේවැලක් එහෙමත් ඇරං එනවා  ......... ඒත් කාටවත් ගහපු දවසක් නං මතකයේ නැ. ඇත්තටම මගේ  හිතේ  ලොකු  ගෛෟරවයක්  ආදරයක්  ඒ හාමුදුරුවන්ට තිබුනා.

ඔන්න එක දවසක්  හාමුදුරුවෝ  පන්තියට එන්න පරක්කු උනා  ... මයේ හිතේ  දානේ වෙලාව සෙට් උනාද  කොහෙද , සමහර කෙල්ලෝ  පාඩං කරනවා  , තවත් එවුං ටිකක්  ඕපා දුප කියවනවා , කොල්ලෝ  ටිකක්  පෑන්  ගහනවා  , තව එවුන් ටිකක්  කයිය ගහනවා  .........  මම ඉදගන හිටපු තැනින්  නැගිටලා පන්තිය ඉස්සරහට ගියා මොකකට හරි ....

‘‘ ඔය හුනු කොට්ටේ  දාපං ‘‘

තුෂාර මට කියුවා , මමත් ඉතින්  මාස ගානකින් ගසලාවත් නැති හුනු කොට්ටය ඌට පාස් කරන ගමන්  පන්තිය මැද්දෙං ඇවිදගන ආවා , මගේ  වම් අත පැත්තේ  ඒ කියන්නේ  කෙල්ලෝ  ඉදගන ඉන්න පැත්තේ  අයිනකට වෙන්ඩ ඉදගන හිටපු  සුජාතා මම හුනු කොට්ටය ගන්නවා දැක්කා .... මගෙම කරුමෙට ඒකිව පාස්  වෙනවත් එක්කම තුෂාරයා හුනු කොට්ටෙං ඒකිට  කෙලලා ඇරියා ........ අපේ  උන්දැ වාගේ  කළු කෙල්ල .......... වම් පැත්තේ  ඇහැත්  එක්ක මුලු මූනම සුදු වෙලායන්ඩ හුනු කොට්ට පාර  වැදුනා ............ එක අතකින් ඇහැ වහගත්ත කෙල්ල අනිත් ඇහෙං  මාදිහා බැලුවා.  මම ඉදගන හිටපු  තැනින්  ඉදගන්ඩ හදනවත්  එක්කම සෝරත හාමුදුරුවොත්  පන්තියට ආවා.

ආපු ගමං සුජාතා  හාමුදුරුවන්ට  සිද්ධවෙච්ච අවනඩුව කියුවා ........ නොකියුවත්  යමක්  සිද්ධ උන බව ...පැහැදිලිව නොදැක්කා උනත්  හාමුදුරුවෝ   දැක්කා.  අනික කේස්  එක බරපතලයි  කෙල්ලගේ  ඇහැට හුනු ගිහින්  , ඒ  මදිවට ඒ  බර කොට්ට  වැදුන පාර ඇහැත්  ඉදිමිලා .... ,       ඒත්  එක්කම තුෂාරයා

‘‘ මචං  මාව මාට්ටු  කරන්ඩ නං එපා ‘‘

කියුවා  ............ දැං මොකද කරන්නේ.

‘‘ මංජුල  මෙහේ එනවා , මොකද මේ ළමයට හුනු කොට්ටෙන්  ගැහුවේ ‘‘

‘‘ මම ගැහුවේ නැ  හාමුදුරුවනේ ‘‘

‘‘ මෙයා  ඉස්සරහට ඇවිත්  හුනුකොට්ටය  ගන්නවා  මම දැක්කා ‘‘

‘‘ මම ඒක  ගත්තා  ඒත්  මෙයාට ගැහුවේ නැ  හාමුදුරුවනේ ‘‘

‘‘ ගත්තලු ගැහුවේ නැලු  .... දික්කරනවා අත ‘‘

යකෝ  කවදාවත් මේ සයිස්  පොල්ලක් ඇරං එනවා මම දැකලම නැ  ....... ඒකත්  මගේ  කරුමෙටම සෙට් උන හැටි .... අනික මම වරදක් නොකර මොකටද  ගුටි කන්නේ  .......

‘‘ මම නොකරපු දේකට මට ගුටිකන්ඩ බෑ , අත දික්කරන්නේ නැ ‘‘

ඒ කතාවට  හාමුදුරුවන්ට  අසුහාරදාහට කේන්ති ගියා .......... අනික  පන්තියේ  ඉන්න  අහිංසකම කෙල්ලක් ......... ඇහැට වෙලා තියන හරිය දැක්කහම ඉස්පිරිතාලේ  යන්ඩ වෙයිද දන්නෙත් නැ

දැං හාමුදුරුවෝ  අහු උන අහු උන අතට දිගට හරහට මට නෙලනවා.... රිදෙනවට නෙමෙයි දුකට තරහට මට ඇඩෙනවා   වැඩියක්ම  මං ආදරේ  මනුස්සයා  මට නොකරපු වරදකට ගහන්නේ ......  ඒක දැක්ක හාමුදුරුවෝ  මට ගහන එක නැවැත්තුවා

‘‘ වරදක් නොකෙරුවනං මොකද අඩන්නේ ‘‘

‘‘ මම හුනු කොට්ටෙං  ගහපු  නැති නිසා ‘‘

ටිකක් වෙලා මූන දිහා බලං හිටපු හාමුදුරුවෝ  ගිහිල්ලා  ඉදගත්තා  .... පොල්ල මේසය උඩට විසික් කරන ගමං  ........ පීරියඩ්  එකේ  උගන්වන්ඩ තරං වෙලාවක් ඉතුරු වෙලා තිබුනෙත් නැ  .......... එහෙම්ම බෙල් එක ගහනකං ඉදලා  ...... ආයුබොවං තෙරුවන්සරනයි  නොකියම එදා යන්න ගියා , හාමුදුරුවෝ  ගියාට පස්සේ  එලියේ  ඉදන් මූන හෝදාගන  එන සුජාතට

‘‘ මම නෙමෙයි  බං උඹට ගැහුවේ ‘‘

‘‘ එහෙනං මොකටද ගුටි කෑවේ  , ගහපු කෙනා කියන්ඩ එපෑය ‘‘

.............................................................................................................

අවුරුදු  විසිපහකට විතර පස්සේ  මට සුජාතව මුහුනු පොතෙන්  හම්බුනා ......... මං ඔය කතාව  මතක් කරා ......මේකී  කියපි

‘‘ අනේ  එහෙම එකක්  උනාද........ අප්පා  ....  මට මතක නැනේ

14 comments:

  1. අපොයි මමත් ගුටි කාලා තියෙනවා ඉස්කෝලෙදි නොකරපු මගුල් වලට ඕන තරම්

    ReplyDelete
  2. සුජාතට ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් තියෙනව.

    ReplyDelete
  3. යස වැඩේ අනුන්ගෙ සීනි කිරුවාට

    ReplyDelete
  4. අපොයි දෙයියනේ....

    ReplyDelete
  5. අරූ හරි හමන් කොන්දක් තියන එකෙක්නම් ඉස්සරහට ඇවිත් කියන්න එපෑයෑ, "හාමුදුරුවනේ මූ නෙමේ මමයි ගැහුවේ කියලා."

    මට අවුරුදු 25කට පස්සේ මගේ පන්තියේ හිටපු යාලුවෙක් ඊයේ හම්බුනා. මූණු පොතෙන් නෙමේ, ඇත්තටම.

    ReplyDelete
  6. ආපහු නවයෙ පන්තියට ගියා .........

    ReplyDelete
  7. තවමත් ගුටි කනවද

    ReplyDelete
  8. ////‘‘ මම නොකරපු දේකට මට ගුටිකන්ඩ බෑ , අත දික්කරන්නේ///

    //‘‘ මචං මාව මාට්ටු කරන්ඩ නං එපා ‘‘/////

    /////////‘‘ වරදක් නොකෙරුවනං මොකද අඩන්නේ ‘‘


    ‘‘ මම හුනු කොට්ටෙං ගහපු නැති නිසා ‘‘////////////

    මට මාව මතක්වුනා. මරු බං.....අපි කරපු දේවලටවත් ගුටි නොකාපු හාදයෝ අටමෝ. ඒත් අපි ඕන එකෙක් වෙනුවෙන් පෙනී සිටියා, ලඟින් හිටියා. අපිට එදා කවුරු හරි ගයිඩන්ස් දුන්නා නම් අපිත් අද මාර පොරවල්. මට කියලා දෙන්න කෙනෙක් හිටියෙ නැහැ. මම සමාජය ස්පර්ශ කරලා හැදිච්ච එකෙක්. මට මාව පොරක්. ඒත් මම කොහෙවත් "පොර" වෙන්න කැමති නැහැ.
    මේ පෝස්ට් එක පෙරපු රත්තරන්!!!! මම මේ දවස්වල හරි වැඩ. ඒත් මගේ බිරින්දෑ, උඹේ පෝස්ට් එක කියවන්න කියලා පෙන්නුවා. මේක මරු අටමෝ.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඉස්කෝලේ කාලේ විතරක් නෙමේ, තාමත් ඔය ගොන් මොඩ්ල් එකේම තමයි තාමත් මම. ඕවා ජාන වලින් එන්නේ.. ඒ එක එකගේ හැටි මල්ලි. ඕවා ඔහොම තමයි.

      Delete
  9. ug lsõjd uq¨ m,d;u ÿfuka jeys, .shd’’ lsh,d b;sx WUj fmakav ke;sj we;s’’

    ReplyDelete
  10. ඇත්තමයි, පවූඌඌඌඌඌඋ කියලා හිතුණා!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to adjust the timing on singer zigzag machines
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
  • ඉතිං ඔය තමා යහපාලනේ දැං රහ බලහං
    අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා වාහන ගාන වැඩිකලාටත් බනිනවා වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා අදායම් බදු…
  • හරක්මස්
    ‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘ ‘‘ මොන ජයසිංහද ‘‘ ‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘ ‘‘…
  • මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද
    ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘ ‘‘ඔව් ඇයි ..මොකද ‘‘ ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු…
  • pace maker
  • Download අටම්පහුර and අටම්පහිය  new Android App
    ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග්…
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • මහන මෙෂින් අළුත්වැඩියාව
    මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 
  • සිකරට් බීලා අහුවෙලා තියනවද
    දවසක් මම මගේ මිතූරෙක් සමග ගමනක් යනකොට හම්බඋනා මිනිහගේ ඉස්කෝලේ යාළුවෙක්.ලස්සන ,රතූ ,පීන් පාට ,උසේ තරමට මහත,වටින ඇදුම් ඇදපු,කැරට් 18ටෙ මාල දාලා,…
  • සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද
    ''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද'' ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න…
1,646,134

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>