ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත් කඩේට අල්ලලාමයි , මේ කියන කාලේ vcd සහ vhs කරට කර යන කාලේ ... සොනී ඩෙක් එකක් සහ සොනි වි සී ඩී එකක් තිබුනා උනත් සමහරක් රයිට් කරපු වි සීඩී සොනි එකේ දුහන්නේ නැතිනිසා .. ඔසාකි කියන චයිනීස් ප්ලේයර් එකකුත් ගත්තා. ඒක අර සෝනි එක වාගේ පතරංග ප්ලේයර් එකක් නෙමෙයි දැක්කහම හරි ආසයි.... හුරුබුහුටි භාණ්ඩේ.
ඒක ගෙනාපු මුල් කාලේ දවසක උදේ වරුවේ බුදුපහන තියලා හදුන්කුරු එහෙම ගහලා ,සාම්බ්‍රනි දුම් අල්ලා එහෙම ටිකක් වෙලා හිටියා ..උදේ නමය හමාරට විතර ඇති .. වස කම්මැලියි .... සෙනසුරාදා උදෙන්ම කට්ටිය එනවා අඩුයිනේ ... අලුතින් බැස්ස ෆිල්ම් ඔක්කොම වාගේ බලලා තිබුන නිසා , දාගත්තා ලේස්බියන් ට්‍රීබලක් ......... ඔව් ඔව් එකපාර දෙක තුනක්ම බලාගන්ඩ පුලුවන් හින්දා පොඩි එකෙක් වෙච්චමං ඒ කාලේ වැඩිපුර බැලුවේ එව්වා තමයි.
ටික වෙලාවකින් පෙරලගන දුහගන එනවා කඩේ ගෙදර කොල්ලා
අයියේ අයියේ .. මොනවද ඔය කරන්නේ .. අන්න අපේ තාත්ත tnl බලන්ඩ ටීවි එක ටියුන් කරනකොට ... තමුසේ බලන බ්ලූ එක අහු උනා ... වහනවා ඔයි ඕක.
අප්පටසිරි ඒ කොහොමද බං
මං දන්නේ කොහොමද , අම්මයි අක්කයි අපි ඔක්කොම සාලේ හිටියා
කියලා මට බැන බැණා අරූ යන්ඩ ගියා
පස්සේ ටිකක් හොයලා බලනකොට තමයි දැනගත්තේ osaki ප්ලේයර් එකේ ආපු Radio Frequency අවුට් එක කේබලයක් සම්බන්ද නොකලත් ට්‍රන්ස්මීටර් එකක් වාගේ වැඩකරලා ටීවී වලට කනෙක්ට් වෙනවා කියලා
ඔයාලටත් මෙහෙම අකරතැබ්බ වෙලා තියනවද
කළු සහ සුදු විතරයිනේ, හොස්ටල් කාලෙනේ, ට්‍රාන්ස්මීට් වෙනවා අහුවුනු ගමන් සෝර්ස් එක හොයාගෙන ගිහින් උන්ට වාතවෙනවා. දන්නවුන් දන්නවා ඊයම් කොලෙන් වහගෙන බලනහැටි.
ReplyDeleteමේ තරම් නරක අකරතැබ්බයක් ගැන නම් මං අහලා නැහැ. නමුත් 90 දශකයේ මුල විතර මෙල්බර්න් ගුවන් තොටුපොල අමතන පළමුවන ගුවන් විදුලි ෆ්‍රිකුවන්සි එකට කවුදෝ කෙනෙක් ඩිස්ටර්බ් කරනවා කියා නියමුවන් පැමිණිලි කර තිබෙනවා. මේ චැනල් එකට අමතරව තව චැනල් 200 ක් විතර භාවිතා කර ගුවන් තොටුපොල අමතන්න හැකියාව තිබුනත් පළමුවන චැනල් එක මේක නිසා ඒ ගැන හොයා බලන්න පිරිසක් පත් කරලා. ඔවුන් වාහනයක මේ සංඥාව ග්‍රහණය කරගන්න උපකරණ සවි කරගෙන සෑහෙන කලක් මහන්සි වෙලා තියනවා මේ අනවසර ජෑමර් ව හොයාගන්න. හේතුව මේ සිග්නල් එක පස්සේ ටික දුරක් යනකොට ඒක එක පාරටම නැවතීමයි. සමහර විට ආයිමත් ඒක එන්නේ පැය කිහිපයකින් හෝ දින කිහිපයකින් නිසා සෑහෙන කට්ටක් කාලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ ජෑමර් සිග්නල් එක එන්නේ පරණ VHS ප්ලේයර් එකක වීඩියෝ බලන කොට බවත්, තනියම නිවසක ජීවත්වන වයසක මනුස්සයෙක් මිසක් ත්‍රස්තවාදියෙක් නොවන බවත් ඔවුන් හොයාගෙන තිබුනා. අවසානයේ මෑන්ට අලුත්ම VHS ප්ලේයර් එකක් අරන් දීලා පරණ එක ඉල්ලාගෙන විනාශ කරලා දාලා ප්‍රශ්නය විසඳලා තිබුනා.
ReplyDeleteනැහැනේ , උඹටම තමයි ඕවා වෙන්නේ
ReplyDeleteVCD, ඩෙක් පීස් හිටි ගමන් හිර වීම තමා වෙලා තියෙන භයානකම දේ...
ReplyDelete