2022-06-13

ඉස්සෙල්ලම ගහපු එකා

                                      

" ඕක දීපං යකෝ .. ⁣ලොන්තේ දාලා ගත්ත කේජී කෑල්ල ඔලුවම කන්ඩ ඕනවට ... ඔතන්ඩ ගන්නවා, පරයෝ  තව අපි තුන් දෙනෙක් ඉන්නවා,  තෝ සිකරට් එකක් පත්තු කළත් ඔහොමයි, ආර් අකුරත් පහුකරලා තමයි අනිකට  දෙන්නේ ...... බලපිය භල්ලෝ  මෝල්කෙන්  බාගයක්ම තෝ ගහලා "


" සිරාවටම  බොක්ක .... මාත්  ඕක කියන්ඩමයි  හිටියේ "


" හරි හරි  බං ආ , කෝ ගැජට් කෑල්ලක් දීපං "


" ආ ඉදා .... කිරි ටොපී කෑලිටික  ඔක්කොම කන්ඩ එපා හොදද... අපිටත් දියං "


" කෝ බං කලවං කරපු සිකරට් එකේ ඉතුරු බාගේ "


" තෝනේ  එතුවේ ..... තෝ ගාවම ඇති .... ඒකත් පැලිය තනියම "


" ඈ බං සුසන්තයෝ ..  කවුද අර පල්ලෙහා පාරේ නලව නලව එන  ඇන්ටිපා එක ........ පට්ටයි යකෝ "


" ආ ඔය අර ..... සරත් අයියගේ පවුල  කාන්ති අක්කනේ "


" මොන "


" ඇයි බං අර ... මහ ඉස්පිරිතාලේ වැඩකරන්නේ ...... බෙහෙත් දාන ගෙදර "


" අඩේ  ඒකීද  ...... කොන්ඩේ  ස්ටේට්  කරලා ....... ඩෙනිමක් ගහලා කොහේ අදුරන්ඩද  යකෝ "


" හම්මෝ මේ ...... මං  අර  බ්රේක්  ගහන්ඩ පස්ස රෝදෙට කකුල  තියලා ...... කකුල ඇබරිලා ගිහින් හිරවෙලා වැටිලා..  දනිස්ස බරුගැහුන වෙලාවේ  ..... ගියානේ  බං  බෙහෙත්  දාන්ඩ ..... දවල්නේ .... සරත නෑනේ ...... ගෑණිනේ ඉන්නේ ..... ඔය හුයන්නි  තුවාලේ  වැලි පිරිලා  කියලා ..... කතුරට ගෝස් කෑල්ලක් දවටලා ඇරං සර්ජිකල්  ස්ප්‍රීට් පොගවලා ..... ඇතිල්ලුවා  බොල ....... මට ගූ හුජ්ජ ගියේ  නැති ටික විතරයි "


හේහේ  හ්  හේ 


" හිනාවෙන්ඩ එපා වේසාවනේ  ...... ඉහලුම් නැතිකමට මට පඩයකුත්  ගියා  ....... ඕකී ..... කිසි අනුකම්පාවක්  නැතුව බං තුවාලේ  ඇතිල්ලුවේ .....  ඒ කරලා කහපාට බෙහෙතක් ගාලා  ගෝස් කෑල්ලක්  තියලා ..ප්ලාස්ටර්  කෑළී තුනක්  ගහලා  ⁣එකසිය පනහක්  ගත්ත බොල "


" මේ  ඕක  හෙන සීන්  එක හරිද ...... දැන් පදින්නේ ....  815 බස් එකේ කොන්දා "



" එකෙක්  කියලද යකෝ ...... කඩේ සිසිරයා...... අර ටැපික් එකේ ඉන්න කොන්ඩෙ බොකුටු පොලිස්කාරයා.... ග්‍රමසේවක රාළහාමිත්  කොටුව පනිනවලු   බං " 


" ඇයි යකෝ සමනා , මාළු ප්‍රීයන්තයා, එතකොට ගුණේ මාමා "


" අඩෝ  උඹලැ  ගුණේ මාමද "


" ඔව්  බං  බැදලත් නැති එකේ  ඌත් වතුර  මාරු කරගන්න එපෑය ..... අපි නොදන්නව  වගේ  ඉන්නව ඉතින් ...... හැබැයි ඕකී ...... ඌගෙන්  තදේට දත ගලවනවා "


" හම්මට සිරි එහෙමද "


" ඉතින් බං සරත් ලොක්කා දන්නැද්ද බං ඔව්වා "


" සමහර විට දන්නවත් ඇති බං ..... කරගන්ඩ දෙයක් නැතුවහරි කපටිකමට හරි ...සද්ද නැතුව ඉන්නව ඇති "


" ඒ  මේ මචංලා ...... අර කාන්ති අක්කගේ  ලොකු  කොල්ල ඉන්නව නේ ..... මම දවසක් උඹලා එක්ක  සෙට්වෙලා  ඉදල  ගෙදර යනකොට ..... ඔය වත්තේ  ඉදන්  පාරට ගොඩ උනා බං "


" අඩෝ .....නෑ ..... ඌ  හෙන පොඩි   එකෙක්  නේ  බං "


" මෝල් අමාරුව තද උනහම .... ඔව්වා අදාල නෑ බොල ...... අහලා   නැද්ද බුරියෙන්  පල්ලෙහාට ...නෑදෑකං  නෑ  කියලා "


" මචං  මේ  අහපල්ලා හරියට  ඇත්ත නැත්ත නොදැන ඔය වගේ    දේවල්  කියන්ඩ එපල්ලා බං ...... උඹලා හරියට කතා කරන්නේ  එකීගේ  අහවල් එකට අත තියං හිටියා වගේනේ "


" අනේ  මේ  සුසන්ත .... බෝකාපං ... තෝ  ඒ ඒසිව සුද්ද කරන්ඩ එන්ඩ එපා ..... අපි දන්නවා තෝත්  සරත් ලොක්කට අයියේපයියේ ගාගන එහේ රිංගනවා කියල "


" අනේ  යකෝ තොපේ කටේ මහගෙඩි දාන්ඩ ඕන ..... මට එහෙම මෝල් අමාරුවක්  නෑ ..... මම කියුවේ  ...... ඔහොම කථාකරන  එක  හරි නෑ  කියලා ..... තොපි ඕන වේසාපාරක්  ගහගනියව් "


"  අනේ  මේ පල  පල යන්ඩ ..... අපි නොදන්න සුද්දවන්තයා .... තෝ බුදුවෙලානේ "


" ඕකට ඔය සෙට් එකටම කලින්  ගැහුවේ ...... අර එස් එප් එකේ  ඉන්න අරවින්දයා "


" නෑ බං ..... ඊට කලින්  ...... ඉහලගම චන්දනයත්  එක්ක සීන් එකක්  තිබ්බා "


" ඇයි බං ..... ඔය ළමයි එහෙම පොඩිකාලේ සාන්තයත්  ඇද්දා ඕක "


" හරි හරි .... දැන්  උඹලා .  බලාගන හිටියා වාගේ කියනවනේ  අරූ ගැහුවා මූ ගැහුවා කියලා ...... එහෙනං  ..... කියහල්ලා බලන්ඩ ....... කවුද  ඕකට ඉස්සෙල්ලාම ගැහුවේ  කියලා " 


" වෙන කවුද සුසන්තයෝ  ..... තෝම වෙන්ඩ ඇති ...... දැන් ටිකකට  කලින්  ඒකිට පත්තිනි වරම දෙන්ඩ හැදුවෙත් උඹනේ ..... එහේ රිංගන්නෙත්  අපිද  .....නැනේ  නෑනේ ... උඹනේ  ....... ඒ     නිසා  ඉස්සෙල්ලම  පට්ටලේ  දාන්ඩ  ඇත්තේ  උඹ "


" මගුලක් කියනවා ....නැ  යකෝ ....... පුලුවන්   නං  කියහල්ලා ..... උඹලා  හොඳට  දන්න  එකෙක් "


" අබේපාල මාමද "


" නෑ "


" එහෙන් හාඩ්වෙයාර්  එකේ  බර්ටියා "


" නෑ  "


" තැපැල් පියුං "


" නෑ "


" ලයිට් බිල් කාරයා "


" පිස්සුද ඕයි "


" එහෙනං "


" දැන් තොපි හෙන නං ලිස්ට් එකක් කියුවනේ ..... ඒ උනාට ඉස්සෙල්ලම ගහපු එකා දන්නෑ ..... උඹල හොඳට දන්න එකෙක් ..... පුලුවන්  නං කියහල්ලා "


" ලොකු හාමුදුරුවෝද "


" පිස්සුද යකෝ  ...තෝව අපායේ  යයි "


" එහෙනං  ඉස්කෝලේ මහත්තය "


" නෑ "


" ගුනේරිස් ආතා "


" පිස්සුද  බං  ...ඒ වයසක මනුස්සයා නෙමෙයි "


" අඩෝ  නාකියා උනාට ගුනේරිස්  පට්ට කොබා "


" නෑ  නෑ බොලව් ඔය එකෙක්වත්   නෙමෙයි " 


" අඩෝ කියහංකෝ  කවුද කියලා අගය නොකර "


" බෑ "


" එහෙනං තොපේ මහ එකාද "


" හේහ්  .. හේහ් ... යකෝ කාන්ති අක්කට ඉස්සෙල්ලාම ගැහුවේ ....  මිනුවන්ගොඩ ඉදන් කසාද බැදලා කැන්දං ආපු සරත් අයියා "


3 comments:

  1. වෙල් කම් බැක්.🙏👌😂

    ReplyDelete
  2. ඔය තියෙන්නේ පණ ඇවිල්ලා
    ලියන එක ලෙසටමත් ලියලා
    දුරු- මිරිස්- ලුණු මෙහෙම දාලා
    ලියමු තව තව කතා මාලා!

    ReplyDelete
  3. හැක්..

    මේක මම ටිකකට කලින් බුකියෙන් කියෙව්වනෙ. ලියපු එකා කවුද කියල බැලුවෙ නෑ.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මං අදි මදි කරනවා
    ‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘ කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ... ‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො…
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • සදේ නුඹ කොතැනා ( මනා කියන මගේ කවිය 1 )
    සිතේ රැදුනා හදේ ඇඳුනා ඔබේ රුව මා දුරක ඇදුනා තනිය දැනුනා අදුරු ලොව මා අදුර බිදිනා රැයේ නැගෙනා සදේ නුඹ කොතැනා සදේ නුඹ කොතැනා ශිල්ප කරනා කලකපෙරදා…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • අනන්තයක්  වෙනකං
    වෙන ළමයි සැර කෙරුවහම දුහලා මාරු වෙනවා කොහේ හරි හැංගෙනවා එක්කෝ තරහ වෙනවා නැත්තං අඩනවා ඒකටත් එක්ක උඹ කපටි හිනාවක් දානවා තාත්තේ මේ දන්නවද චුට්ටක්…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • ඔයා එනකං ඇහැරගන ඉන්නේ වෙන මොකටද
    මේ ඉන්නේ චමෝදී බබා, එයාට නම් හෙන ගොඩාක් තියනවා , චම්මා, අත්තී, චම්මිණිබෝලේ , දද්දී, අම්මෝ තව ගොඩක් තියනවා, මෙයා ඉස්සරනං තාත්තා එක්ක හරි…
  • මහන මෙෂින් අළුත්වැඩියාව
    මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 
  • ගමේ ඇමති සහ සීනි
    ඔන්න පහුනු දවසක අදේ වරුවක අපේ අහල පහල ගෙදරක අංකල් කෙනෙක් විකියලගේ තාත්තයි , තව එයාලගේ ගජටෙකුයි එක්ක ඇවිත් කියුවා මයිත්තිරිපාල මහත්තයලට සහයෝගේ…
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • අම්මට දෙන්ඩ
    ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු…
  • හැකිනං පොලව හාරාගන වැලලෙනවා
    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත් චේන් එකට…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  • මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං
    ‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘ ‘‘ නැ .....එපා ‘‘ ‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘ ‘‘…
  • මහත්තයට කියන්නැ
    අද කතාව මම දන්න ( තරමක් මිතුරු ) කමල් කියලා මේසන් බාසුන්නැහේ  කෙනෙක් තමයි කියුවේ . මිනිහට ඉතින් නිකම්ම බාස් කියලා කියන්නත් බැ, බාස්…
1,646,600

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>